Thursday 27 July 2017

ෆේස්බුක් අවකාශය, බ්ලොග් ලෝකය සහ මගේ ලෝකය - Facebook, blogging and I


ටෙලිවිෂනය සිනමා ශාලාවේ මාරයා වූයේ යම් සේ ද, ෆේස්බුක් අවකාශය වනාහී බ්ලොග් ලෝකයේ මාරයා බව අපට වැටහෙන්නට පටන් ගත්තේ මීට කලකට පෙර ය. ඒ, බ්ලොග් ලෝකයේ එකල වැඩ පෙන්නමින් සිටි කිහිප දෙනෙකු, මුලින් ෆේස්බුක් අවකාශයට පොඩ්ඩක් හොම්බ දමා, එය රස විඳ, තලුමරමින් රස විඳ, ඉන්පසු ක්‍රම-ක්‍රමයෙන් එයට ඇබ්බැහී වී, අවසානයේ බ්ලොග් ලෝකයට බූට් එක තබා ෆේස්බුක් අවකාශයේ බින්න බැසීම ඇරඹූ අවදියේ ය.

මේ සඳහා හොඳම උදාහරණය නම් "රියර්-ගේට්" නමින් බ්ලොගයක් ලියූ චාර්මි සෑම් ය.

ඒ කාලයේ මා ලියූ බ්ලොගයේ, මේ බ්ලොග්කරුවන් ෆේස්බුක් පැණි හැලියට වහ වැටී බ්ලොග් ලොවට පිටුපෑම සම්බන්ධව සටහනක් තැබූ බව ද, එකී බ්ලොග් සහෘදයින්ට නැවතත් බ්ලොග් ලෝකය පිළිබඳ සිතා බලන මෙන් එහි දී ඉල්ලීමක් කළ බව ද මගේ මතකයේ ඇත.

නමුත් චාර්මි සෑම්ලා ආපසු පැමිණියේ ම නැත.

මහ මාරයා පමණක් නොව දස බිම්බර මාර සෙනග සහ තණ්හා, රතී, රඟා ද පරදා ජයගත් අය මෙලොව සිට ඇතැයි පැවසෙන නමුදු, අප වැනි පෘථග්ජනයින් ඒ ලොකු හපන්කම් කළ හැකි ද?

අන් බොහෝ දෙනෙකු මෙන් ම, ඒ දිනවල සිට ම මා ඇරඹුවේ ද ෆේස්බුක් මාරයා සමග ගේම ඉල්ලීම නොව, උගෙන් වැඩ ගැනීමයි.

එනම්, ෆේස්බුක් හරහා බ්ලොග් ප්‍රචාරය සහ ප්‍රවර්ධනය යි.

සිංහල නවකතා මිලට ගෙන කියවන පිරිස, නවකතා ලියන පිරිසට වඩා ඉතා විශාල නමුත්, සිංහල කවි පොතක් මිල දී ගන්නා පිරිස සංඛ්‍යාවෙන් නිරතුරු කවි ලියන පිරිසට වඩා ඉතා අඩු බව අප දනිමු.

සිංහල බ්ලොග් පිළිබඳව ද, මේ ආකාරයේ සංසන්දනයක් කළහොත්, සිංහල බ්ලොග් සටහනක් කියවන පිරිස, සාමාන්‍යයක් ලෙස, සිංහල බ්ලොග් ලියන පිරිසට වඩා වැඩි නමුත්, ඒ අති විශාල ලෙස නොවේ යැයි මම සිතමි.

නමුත්, ෆේස්බුක් පාවිච්චි කරන සිංහල දන්නා පිරිස පිළිබඳව සංඛ්‍යාත්මකව පැවසිය යුත්තේ ඔළු ගෙඩි මිලියන්වලිනි.

ඒ ඔළු ගෙඩි මිලියන් කිහිපයෙන් අංශු මාත්‍රයක ප්‍රතිශතයක් හෝ බ්ලොග් කියවීමට ගෙන්වා ගැනීමට ඇති නම්, එය සංඛ්‍යාවෙන් විශාල පාඨක පිරිසක් බව නිසැක ය.

රසිකොලොජි බ්ලොගය ආරම්භයේ සිට ම, මම මගේ ෆේස්බුක් ගිණුම හරහා ඒ බ්ලොග් ලිපි සඳහා සම්බන්ධතා බෙදා හැරීමට පටන් ගත්තෙමි. බ්ලොග් ලිපි ගැන සම්බන්ධතා බෙදා හැරීමට ම වෙන් වූ ෆේස්බුක් කණ්ඩායම් ද රාශියක් ඇත. මම පුරුද්දක් ලෙස ඒ අවකාශයන් ද රසිකොලොජිය ප්‍රවර්ධනය සඳහා භාවිතා කරමි. ඒත් ඒ කණ්ඩායම්වල සිටින බහුතරයක් දෙනා ද බ්ලොග් ලියන්නන් ම නිසා, ඒ මහන්සියෙන් එතරම් ප්‍රතිඵලයක් ඇති ද යන්න සැක සහිත බව කිව යුතු ය.

බ්ලොග් ලිපිවලට පාර කියා දෙන සටහන් ෆේස්බුක්හි යෙදීමේ දී මා කරන්නේ අදාළ වෙබ් ලිපිනය කෙටි කර සාදා ගැනීමයි. මේ සදහා bitly වැනි සේවා කිහිපයක් ම ඇත. එවැන්නට ගිණුමක් සාදා ගැනීමෙන් පසු, අප බෙදා හරින සටහන ඔස්සේ කී දෙනෙකු බ්ලොගය පැමිණියේ ද යන්න සහ ඔවුන් ආවේ කවර රටේ සිට ද යන්න ද සොයා ගත හැක.

ෆේස්බුක් හරහා බ්ලොග් ප්‍රචාරය සහ ප්‍රවර්ධනය සෑහෙන්න සාර්ථක කටයුත්තක් යැයි යන්න මගේ ද අත්දැකීමයි. ඇත්තටම කියනවා නම්, මගේ බ්ලොගයට පිවිසෙන අයගෙන් වැඩි ප්‍රතිශතයක් දැන් එන්නේ ෆේස්බුක් හරහා ය.



එකම ප්‍රශ්නය නම්, මෙලෙස බ්ලොග් ප්‍රචාරය සහ ප්‍රවර්ධනය සඳහා වැඩි කාලයක් ෆේස්බුක්හි ගත කරන විට, බ්ලොගය සඳහා වැය කරන්නට ඇති කාලය අඩු වෙනවාට අමතරව, අප ද, ෆේස්බුක් පැණි හැලියට වැටීමට ඇති සම්භාවිතාව ද වැඩි වීමයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පිට පිටම ෆේස්බුක් කචල් පිළිබඳව ලිපි දෙයක් ලියූ පසු නිරායාසයෙන් ලියවුණු සටහනකි මේ. මුල් ලිපි දෙක කියවීම සඳහා පහත සබැඳි භාවිතා කරන්න.

1. ෆේස්බුක් ගෘප් ඇඩ්මිනියගෙන් නොසෑහෙන්න කෑවෙමි! - Oh, these Facebook group administrators
http://rasikalogy.blogspot.com/2017/07/oh-these-facebook-group-administrators.html


2. තවත් ෆේස්බුක් කචල් කතාවක් - Facebook fun
http://rasikalogy.blogspot.com/2017/07/facebook-fun.html


(image:http://blogs.sch.gr/tgiakoum/files/2011/02/blog-or-facebook.jpg)

23 comments:

  1. බුකියේ ඔය තියෙන සමහර ගෘප් වල (දිනියස් වගේ) බ්ලොග් පෝස්ට් ෂෙයා කරාම ඒක කියවන බ්ලොගර් නොවන පාඨක ප්‍රමාණයක් බිහි වෙනවා. හැබැයි ඒ ලිපියට පමණයි. බ්ලොගින් කියන සංකල්පය ගැන තේරුමක් නැහැ. ඒ කියන්නේ මේ බ්ලොගයේ ලිපි කවදා කෙසේ කොපමණ පල වී දැයි සොයන්නට වත් බ්ලොගින් නොකරන අයට අවබෝධයක් නැහැ. අදාළ ලිපිය කියෙව්වා ටැබ් එක වැහුවා ආවා. ඒමයි..

    රසික මහත්තයට කියන්න, මගෙත් දැං අවුරුදු දෙකක විතර කාලේ ඉදල සියල්ල විපරීත වෙලා. බුකි රිෆරන්ස් වැඩියි. මොබයිල් විව්ස් වැඩියි...

    ආ මේ.. සතියකට බුකියට තිත තිබ්බය කියල මං එදා කිව්ව නේ. වැඩක් නෑ දවස් හතරෙන් ආයි ගියා.. හැක්

    ReplyDelete
    Replies
    1. ආං අර ඩූඩ් හෙන්රි කාරය ඔහේව හොයනව එයැයිගෙ බොඩියට ඔහේ ඉරිසියා කළාය කියල.

      Delete
    2. මෙහි තේරුම නම්, සිංහල අන්තර්ජාලය වර්ධනය වෙන්නේ ස්මාරට් ෆෝන් හරහා සරල වින්දනය සොයන්නන් එකතු වීඟ නිසා බවයි. අප කළ යුත්තේ, ඒ යතාර්ථය වටහා ගෙන ඒ දිය පාරෙන් දෝතක් ගැනීමයි!

      පරම්පරාවකින් තත්වය වෙනස් වෙනවා.

      Delete
  2. රසික අයියා කියන කතාවට මාත් එකඟයි. මොකද මගේ බ්ලොග් එකේ ස්ටැට්ස් බලද්දිත් වැඩිම පිරිසක් එන්නේ ෆේස්බුක් ඔස්සේ බව පේනවා. ඒක එක පැත්තකින් අපි වැනි බ්ලොග්කරුවන්ට වාසියක්. ඒ වගේම එහෙම එන පිරිස ආයෙත් අපේ බ්ලොග් එකට ගෙන්වා ගන්නත් ඔවුන් දිගමට අපේ බ්ලොග් එක කියවන්නන් බවට පත්කර ගැනීමත් අපිට තියෙන අභියෝගයක්. ඒ අභියෝගෙත් ජය ගන්න පුළුවන් නම් තමා එහෙම එන පාඨකයින්ගෙන් ගොඩක් වැදගත් වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අන්න හරි ඒ අභියෝගය බාර අරගෙන ජය ගන්න එක තමයි අපේ උත්සාහය විය යුත්තේ!

      Delete
  3. මට නම් උනේ ඕකේ අනික් පැත්ත. වසර කිහිපයකට කලින් සිංහල බ්ලොග් කියවන්න පටන් ගත්තාට පස්සේ ෆේස්බුක් එපා වුණා. දැන් නම් එකවුන්ට් එකත් වහලා තියෙන්නේ. ඉඳල හිටලා හාමිනේගේ ෆේස්බුක් එකවුන්ට් එකට ඔලුව දැම්මාම හිතෙනවා වහපු එක හොඳයි කියලා එකේ ඉන්න සෙට් එක ගන්න සිඟිති ආතල් දැක්කම.

    ටැබූ සබ්ජෙක්ට්ස්, බියොන්ඩ් ෆ්‍රේම් වගේ බ්ලොග් දැන් නැති එක හරි අපරාදේ. තව හිටියා කතන්දරකාරයා කියලා මරු පොරක්. කොහෙද ඉතිං ඒ යකාත් අකාලයේ මියැදුනානේ. දැන් ඉතින් ඩේටා වියදම් කරගෙන වයසක ඩයල් ලියන මෙලෝ රහක් නැති පල් හෑලි කියවනවා සහ තියෙන අමාරුවට කොමෙන්ටුත් දමනවා හිටං!

    ReplyDelete
    Replies
    1. //තව හිටියා කතන්දරකාරයා කියලා මරු පොරක්.//

      ඇත්තම රසික කතන්දරකාරයාට මොකද වුණේ? :)

      Delete
    2. //තව හිටියා කතන්දරකාරයා කියලා මරු පොරක්.//

      කකා නම් එකෙක් සිනුවර බ්ලොග් ලියපී
      ජොකා ගැන ලියා උගේ පටි හිට් ගැනපී
      නිකා නොහිට තව වෙන බ්ලොග් අල කරපී
      කකා දුටු එකෙක් ගඩොලක් ගෙන කෙලපී

      - සි.ත.ක.ස. (සිනුවර තට්ට කවි සමාජය)

      Delete
    3. ස්තුතියි උදය ඔබේ අදහස් වැදගත් වුනත්, මං නං ඔය පෙර රජ දරුවන් සිටි රට සහලින් ස්වයංපෝෂිත වුණු, එක දිය බිඳුවක්වත් නිකරුණේ මුහුදට නොගිය අතීතය ගැන තැවෙන්නේ නෑ.

      එහෙම නම්, අපිට තවමත් පුස්කොලවල ලියමින් ඉන්න තිබුණා නේ!

      Delete
    4. ඉයන්,
      මට මතක විදියට කතන්දරකාරයා වසර පහක් ප්‍රාථමික පාසලේ ගත කරලා ඉන් පස්සේ ලොකු ඉස්කෝලෙට ගියා!
      http://kathandara.blogspot.com/2014/07/end-of-era.html

      Delete
  4. MR.KAKKA,

    COULD YOU PLEASE GIVE ME THAT ADMIN'S FB LINK? I HOPE THAT SHE WILL BE THE PERFECT LIFE PARTNER FOR ME.......!!!

    HELP ME PLEASE!!!

    IF YOU COULD FIND THAT ANGEL'S FB LINK. WILL YOU PLEASE SEND ME IT....?
    I WANNA MARRY HER! THEN ME AND MY WIFE CAN KEEP TROLLING YOU.

    I CAN'T LIVE WITHOUT MY SWEET-HEART ANYMORE...! HELP ME PLEASE!.....!!

    P:S:- IF YOU DO THIS one FAVOR FOR ME, WE WILL NAME OUR SON "RASIKA"!!!

    YOUR EVER LOVING,
    -CAPITAL UNCLE.

    ReplyDelete
  5. ෆේස් බුක් එකේ ලින්ක් ශෙයා කරන නිසා ඒවට විවුස් වැඩි වුනාට වැඩක් නැහැ. හොඳ ලිපියක් දාන්න බ්ලොග් එකේ එෆ් බී එකේ ලින්ක් නොදා.. ඒක කියවන්නේ අඩුම පිරිසක්... එෆ් බී එකේ ලින්ක් එක දානවා කියන්නේ ඒ වෙලාවට දාන පැලැස්තරය වගේ.. බ්ලොගින් කරන අය වැඩිවෙන් නෑ බුකියෙන්...

    ReplyDelete
  6. මම බ්ලොග්ස් කියවන්න අරන් දැන් අවුරුදු දහයකටත් වැඩියි.බ්ලොග්ස් ලියන්නෙක් නොවන නිසාම මට හිතුන මගේ ප්‍රතිචාරයත් වැදගත් වෙයි කියලා. මෙහෙමයි,ඇත්තටම මේ තාක් කාලෙකට මට සිංහල බ්ලොග් කියවන තවත් කෙනෙක් මුණගැහිලා නැහැ. පොත්කියවන, fb එකේ එබීගෙන ඉන්න, බොහෝ අයගෙන් මම අහලා තියෙනවා බ්ලොග්ස් කියවනවද කියලා. එයාල උඩ බිම බලනවා. කෙනෙක්ට වැදගත් ලිපියක් පෙන්නුවත් ඒක එතනින් ඉවරයි. මම නම් එන්නේ fb එකෙන් නෙමයි. මගේ ෆේවරිට් ලිස්ට් එකෙන් සහ ඒ ඒ අයගේ බ්ලොග් රෝල් වලින්.බ්ලොග් වල මරා ගන්නකොට නම් එපා වෙනවා. fb ත් ඒ වගේ. ඒ නිසයි වැඩියෙන් අහලා අඩුවෙන් කතා කරන්නේ.

    ReplyDelete
  7. දැන් දැන් අපේ අතින් අඩුවෙන් බ්ලොග් ලියවෙන්නේ ඇයිදැයි මමත් තාම හිතනවා. බුකිය එකම සාධකය නෙවෙයි වගේ...

    ReplyDelete
  8. මගේ බ්ලොගයේ විකාශයට ගොඩක් බලපෑාව් ජනප්‍රිය ‍ෆේස්බුක් සමූහ 3 ක්

    ReplyDelete
  9. ෆේස් බුක් එකෙන් ලොකු Traffic එකක් ගන්න පුළුවන් එක ඇත්ත මම පසු ගිය මාස වල වීඩියෝ සයිට් එකක් කරලා සතියට ඩොලර් 10 වගේ හෙව්වා. හැබැයි ෆේස් බුක් එකේ බාගයක් ම එන්නේ Phone වලින්. ඒක නිසා Blog Tempalate එක Responsive එකක් දාගන්න එකත් වැදගත්. Responsive Tempalate තමයි ඕනම Device එකකට හොදට පෙන්නේ.


    //එකම ප්‍රශ්නය නම්, මෙලෙස බ්ලොග් ප්‍රචාරය සහ ප්‍රවර්ධනය සඳහා වැඩි කාලයක් ෆේස්බුක්හි ගත කරන විට, බ්ලොගය සඳහා වැය කරන්නට ඇති කාලය අඩු වෙනවා

    ඒක ඇත්ත. ෆේස් බුක් එකේ ස්වන්ක්‍රියව ලිපි Share වෙන්න හදන්න පුලුවන්. Google වලින් ම Twitter ගිණුමක් අවශයි.

    feedburner.com සේවාව භාවිතා කරලා Twitter Account Auto Tweet වෙන්න හදන්න බ්ලොග් එකේ පොස්ට්. Feedburner එකේ Publicize > Socialize වලින් පුලුවන් සේවාව සක්‍රිය කරගන්න. (Goo.gl ෂොට් වෙලා යන නිසා Goo.gl ලොග් වෙලා ඕනේ වෙලාවක බලන්න පුලුවන්)

    ඊට පස්සේ Twitter Account එකේ Seetings > Apps වල තියෙනවා Facebook App එකක් ඒක ෆේස් බුක් එකේ Profile එක්ක හරි Page එක්ක හරි Connect කරා නම් Twitter වලට එන බ්ලොග් ලිපිය Auto ම Profile එකේ හරි Page එකේ හරි Auto වැටෙනවා.

    මම Group එකක් කරනවා සිංහල බ්ලොග් ලියන අය වෙනුවෙන් ම මේක හදලා අවුරුදක් විතර වෙනවා 52000 වගේ ඉන්නවා Members ලා කැමති ඕනෙම කෙනක් Join වෙන්න https://www.facebook.com/groups/SinhalaBlogLiyanno/

    මම බ්ලොග් කියවනයක් හැදුවා ලගදි එකට බ්ලොග් එකතු කරන්න කැමති ඕනම කෙනක් http://sithuwilisatahan.com

    ReplyDelete
  10. පළමුව බ්ලොගද දෙවනුව බුකියද තෙවැනුව ගූගලයද සිව්වැනිව යූබටයද භාවිතයට ගතිමි. මේ හැම එකකටම වැඩිම පිරිස එන්නේ බුකිය හරහාය. මේ දිනවල යු බටයට ප්‍රේක්ෂකයන් අද්දවා ගන්නට විවිද දේ අත්හදාබලමින් සිටිමි. එයටද වැඩිම පිරිස එන්නේ බුකියෙන්ම වීම තමා තාමත් අත්දකිමින් ඉන්නේ.

    ReplyDelete
  11. Anonymous @ Transylvania July 27, 2017 at 2:23 PM

    // Anonymous July 27, 2017 at 12:40 AM

    අඩු කුලයේ අයට වෙනම කෝප්පයකට වතුර දෙන පුරුද්ද සිංහල සමාජයේද තිබුණි. විශේෂයෙන්ම පිටිසරබදව තවමත් ඇත.\\

    අම්මප හොඳ වෙලාවට ඔය සිරිත ඔසී - සිනුවර පැත්තෙ නොතිබුනේ.

    එහෙම වුනා නම් වෙනම කොප්පෙක බොන්න වීම නිසා රසික මාර අමාරුවක වැටෙනවා.

    ReplyDelete
  12. බ්ලොග් එකක් තුලට ප්‍රවිෂ්ඨ වුනානම එතැනින් ලැබෙන ලින්ක් තියෙන්නේ බ්ලොග් රෝලක් විතරයි.හරියට ටයර් කඩයකට ගියා වගේ, ටයර් විතරයි. නමුත් ෆේස්බුක් එකට ගියාම ප්‍රවෘත්ති, වල්පල්, ගොසිප්, ඡායාරුප, මිතුරන්ගේ ඕපාදුප, හතුරන්ගේ ඕපාදූප, දේශපාලන විප්‍රකාර, ක්‍රීඩා හා ඒ ආශ්‍රිත විප්‍රකාර, නිල් දර්ශන, වෙළඳ දැන්වීම්, මිතුරු හමු සහ එතැනින් ඔබ්බට ඇඟට පතට ලැබෙන දේ. මේ සියල්ලම අඩංගු සුපර්මාර්කට් එකක් ෆේස්බුක් කියන්නේ. ඉතිං කවුද කැමති එක වැඩේකට එක ගන්න බ්ලොග්/සයිට් වලට යන්න?

    ReplyDelete
  13. විශේෂ නිවේදනයයි..........

    බ්ලොග් පොළීසියෙ “වෙන්න කොස්සා” වන

    “වික්‍රමසිංහ වලව්වේ හපුඅපුල්ලන ලිංතොට රදාගේ නැපෝසි‌‍ඤ්ඤෝ” නොහොත්

    “ලිංතොට රදාගේ නැපයියා” වන මම

    අටෝරාසියක් ඇනෝ හන්දුරුවන් රෙද්ද ගැලවෙන ලෙස මට අපුල්ලන නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි ඇනෝ වැසූ බව

    “සිරි - රනිලංකා පචාතාන්ත්‍රික සමරිසිවාදී ජනරජයේ”

    ජහපාලන ලැදි ජහමනතාව වෙත මෙයින් සැලකර සිටිමි.

    - වික්‍රමසිංහ වලව්වේ හපුඅපුල්ලන ලිංතොට රදාගේ නැපෝසි‌‍ඤ්ඤෝ (ලිංතොට රදාගේ නැපයියා)

    ReplyDelete
  14. I came through Facebook today because I am on holiday . Otherwise i normally use the blog roll .

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.