Sunday 30 July 2017

ෆේස්බුකයියා - Who is he?


ලොකු දෙයක් නොවුණත්, ෆේස්බුකයියා යනු මා විසින් සයිබරාවකාශයට අද අලුතෙන් හඳුන්වා දෙන සිංහල වචනයකි. මේ ලියන මොහොත වන විට ෆේස්බුකයියා යන්න කිසිදු වෙබ් පිටුවක ඇතුළත්ව නොමැති බව ගූගල් දෙයියා පවසයි.



ෆේස්බුකයියා යන වචනය සෑදෙන්නේ ෆේස්බුක් සහ අයියා යන වචන ද්වය සන්ධි වීමෙන් බව සලකන්න. එනම්, ෆේස්බුක් + අයියා = ෆේස්බුකයියා.

මෙය සිංහල භාෂාවේ එන ස්වර සන්ධියකි.

සන්ධි යනු වචන ද්වයක් එකිනෙක ඇඳී, උච්චාරණය පහසු වෙනත් වචනයක් සෑදෙන ආකාරය විස්තර කෙරෙන පර්යාය පදයයි.

වචන ද්වයක් එකිනෙක සන්ධි විය හැකි ආකාර දහයක් පිළිබඳව සිංහල භාෂා පාඩම්ල දී ඉගැන්වේ. මා සඳහන් කළ ස්වර සන්ධිය යනු ඉන් එකකි.

ස්වර සන්ධිය යනු මුල් වචනයේ අවසානයේ ඇති ව්‍යංජනාක්‍ෂරය දෙවන වචනයේ මුලින් ඇති ස්වරය හා එක් වී වචන ද්වය එකිනෙක හා බැඳීම නොහොත් සන්ධි වීමයි.

එනම්,

ෆේස්බු + ක් + අ + යියා
ෆේස්බු + ක + යියා
ෆේස්බුකයියා

වීමයි.

සන්ධිවූ වෙනත් පද තුනක් ද මේ ලිපියේ මේ වාක්‍යයට පෙර මා භාවිතා කර ඇත. ඒවා නම්, සයිබරාවකාශය, එකිනෙක සහ ව්‍යංජනාක්‍ෂරය යන වචන ද්වයයි.

එයින් එකිනෙක යන වචනය සෑදී ඇත්තේ ද, එකින් සහ එක යන වචන ද්වය ස්වර සන්ධි වීමෙන් බව පෙනේ.

එනම්,

එකි + න් + එ + ක
එකි + නෙ + ක
එකිනෙක

වීමයි.

නමුත් සයිබරාවකාශය සහ ව්‍යංජනාක්‍ෂරය යන වචන සෑදෙන්නේ තරමක වෙනස් ආකාරයකින් බව පෙනේ.

එනම්,

සයිබ + ර් + අ + වකාශය
සයිබ + ර + ආ + වකාශය
සයිබරාවකාශය.

එසේම,

ව්‍යංජන + අක්‍ෂරය
ව්‍යංජන + ආ + ක්‍ෂරය
ව්‍යංජනාක්‍ෂරය

මේ ආකරයේ සන්ධිවීම් හැඳින්වෙන්නේ ස්වරාදේශ සන්ධි වශයෙන් යැයි හඟිමි.

මීට අමතරව සිංහල භාෂාවේ, පූර්වස්වර ලෝප සන්ධිය, පරස්වර ලෝප සන්ධිය, ගාත්‍රාක්ෂර ලෝප සන්ධිය යනාදී වශයෙන් තවත් සන්ධි වර්ග අටක් ඇති බව කියවේ.

https://si.wikipedia.org/wiki/සිංහල_සන්ධි

එලෙස, විවිධාකාර සන්ධි තිබුණ ද, ඒ දක්වා ඇති ලයිස්තුවේ අපර ව්‍යංජන ලෝප සන්ධියක්, එනම්, එකිනෙක එක්වෙන පද දෙකෙන් පසු පදයේ ඇති ව්‍යංජනාක්‍ෂරය ලොප් වී යාමෙන් සෑදෙන සන්ධියක්, ගැන සඳහන් නොවේ.

උදාහරණයක් ලෙස රජය විසින් ෆේස්බුක් පිළිබඳව යම් පනතක් ගෙන ආවායි සිතමු. ෆේස්බුක් + පනත යන්න ෆේස්බුකනත යනුවෙන් ප යන්න ලොප් වී සන්ධි නොවේ!

එනිසා, ෆේස්බුකයියා යන වචනය නිර්මාණයේ දී ඒ ලොවෙත් නැති ව්‍යංජන ලෝප සන්ධියක්, ප-යන්නක් ලොප්වීමක් සිදු වී නැති බව අමුතුවෙන් කිව යුතු නැත.

මේ සටහන පළ වී ඔබ කියවන මොහොත වන විට ෆේස්බුකයියා යන අලුත් වචනය සයිබරාවකාශයට එකතු වී ඇත.

දැන් ඉතිං කවර නම් බාධාවක් ද?

මා දන්නා හඳුනන එක්තරා ෆේස්බුකයියෙකු සම්බන්ධ අපූරු සිදුවීමක් තවත් කල් නොඇර වහා අකුරු කර, ඊළඟ රසිකොලොජි සටහනෙන් ම ඉදිරිපත් කරන්නට අදහස් කරමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න මේ වන විට ෆේස්බුකයියා යන වචනය පළ වී ඇති තැන්.
Google ෆේස්බුකයියා

ප/ප/ලි:
මේ දිනවල ලියවෙන්නේ ෆේස්බුක් පිළිබඳ සටහන් ය. මෙන්න පසුගිය දිනවල පළ වූ සටහන් කිහිපය.
1. ෆේස්බුක් ගෘප් ඇඩ්මිනියගෙන් නොසෑහෙන්න කෑවෙමි! - Oh, these Facebook group administrators
http://rasikalogy.blogspot.com/2017/07/oh-these-facebook-group-administrators.html


2. තවත් ෆේස්බුක් කචල් කතාවක් - Facebook fun
http://rasikalogy.blogspot.com/2017/07/facebook-fun.html


3. ෆේස්බුක් අවකාශය, බ්ලොග් ලෝකය සහ මගේ ලෝකය - Facebook, blogging and I
rasikalogy.blogspot.com/2017/07/facebook-blogging-and-i.html


(image: https://www.dailydot.com/news/montana-facebook-stalking-joshua-james-allen/)

35 comments:

  1. විශේෂ නිවේදනයයි..........

    බ්ලොග් පොළීසියෙ “වෙන්න කොස්සා” වන

    “වික්‍රමසිංහ වලව්වේ හපුඅපුල්ලන ලිංතොට රදාගේ නැපෝසි‌‍ඤ්ඤෝ” නොහොත්

    “ලිංතොට රදාගේ නැපයියා” වන මම

    අටෝරාසියක් ඇනෝ හන්දුරුවන් රෙද්ද ගැලවෙන ලෙස මට අපුල්ලන නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි ඇනෝ වැසූ බව

    “සිරි - රනිලංකා පචාතාන්ත්‍රික සමරිසිවාදී ජනරජයේ”

    ජහපාලන ලැදි ජහමනතාව වෙත මෙයින් සැලකර සිටිමි.

    - වික්‍රමසිංහ වලව්වේ හපුඅපුල්ලන ලිංතොට රදාගේ නැපෝසි‌‍ඤ්ඤෝ (ලිංතොට රදාගේ නැපයියා)

    ReplyDelete
    Replies
    1. රසික සමග එකඟ වෙමි. “ෆේස්බුකයියා” යනු කදිම යෙදුමකි. එලෙසම “බ්ලොගයියා” ලෙස නව යෙදුමක්ද යෙදිය හැකිය.

      නැපෝසි‌‍ඤ්ඤෝ යනු සැලකිය යුතු පුද්ගලයකු වන අතර එවැනි පුද්ගලයන්ගේ නම අගට “අයියා” යනුවෙන් යෙදීමේ සම්ප්‍රදායක් ඇත. උදාහරණ ලෙස “අමාරිස් අයියා” දැක්විය හැකිය.

      එනිසා නැපෝසි‌‍ඤ්ඤෝ කෙරෙහි ව්‍යවහාර වියයුත්තේ “නැපෝසි‌‍ඤ්ඤෝ අයියා” ලෙසය. නමුත් පහසුව සඳහා ඇතමෙකු යොදනුයේ “නැපෝසි‌‍ඤ්ඤයියා” යනුවෙනි.

      නමුත් කාලයාගේ ඇවෑමෙන් කටවහරේ වඩාත් පහසුව සඳහා “නැපයියා” ලෙස ව්‍යවහාර වීම ස්වාභාවිකය. මේ සඳහා හොඳම උදාහරණයක් ලෙස පතිරාජයන්ගේ ටෙලි නළුවක් වන “කඩුල්ලේ” වන “ලූකයියා” දැක්විය හැකිය.

      Delete
    2. ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් 2016 වසර තුළ දී එක් වරක්වත් ලිංගික හිංසනයට ගොදුරු වී ඇති බව ජාතික මට්ටමේ සමීක්ෂණයකින් හෙළි වේ.

      එරට මානව හිමිකම් කොමිසමේ වාර්තාවකට අනුව 2015 හෝ 2016 යන වසරවල දී සරසවි සිසු සිසුවියන්ගෙන් 7% ලිංගික වශයෙන් පහරදීම්වලට ලක්ව ඇත.

      සරසවි සිසුන්ට වඩා සිසුවියන් එවැනි පහරදීම් හෝ හිංසනයන්ට වැඩි වශයෙන් ගොදුරු වී ඇති බව ද කොමිෂන් වාර්තාව පෙන්වා දෙයි.

      විශ්ව විද්‍යාල හා සම්බන්ධ ලිංගික හිංසනය පිළිබඳ ඕස්ට්‍රේලියාව තුළ කෙරුණු විශාලතම සමීක්ෂණය මෙය බව පැවසේ.

      -BBC

      http://www.bbc.com/sinhala/world-40788397

      Delete
  2. ෆේස්බුක් + පනත = ෆේස්බුප්පනත?

    ReplyDelete
    Replies
    1. ඔව්, ප-යන්න ලොප් නොවේ!

      මා කියා ඇත්තේ ද එයයි, එනම් ෆේස්බුකයියා යන්න සෑදෙන්නේ අ-යන්න සන්ධිවීඟෙන් මිස ප-යන්නක් ලොප්වීමෙන් නොවන බවයි.

      Delete
  3. ෆේස්බුකයියා වචනයේ තේරුමත් දෙන්න. ෆේස්බුක් එකට තව වචනයක්ද එය පරිහරණය කරන අය හැඳින්වීමට වචනයක්ද?

    ReplyDelete
    Replies
    1. ෆේස්බුකයියා යන වචනය සෑදෙන්නේ ෆේස්බුක් සහ අයියා යන වචන ද්වය සන්ධි වීමෙන් බව සලකන්න. එනම්, ෆේස්බුක් + අයියා = ෆේස්බුකයියා.

      මෙය සිංහල භාෂාවේ එන ස්වර සන්ධියකි.

      ස්වර සන්ධිය යනු මුල් වචනයේ අවසානයේ ඇති ව්‍යංජනාක්‍ෂරය දෙවන වචනයේ මුලින් ඇති ස්වරය හා එක් වී වචන ද්වය එකිනෙක හා බැඳීම නොහොත් සන්ධි වීමයි.

      එනම්,

      ෆේස්බු + ක් + අ + යියා
      ෆේස්බු + ක + යියා
      ෆේස්බුකයියා

      වීමයි.

      Delete
  4. ඕක වැරද; හරි එක ඇවිල්ලා; පෙස්බුකයියා.

    පෙස්බුක් + නංගි = ?

    ReplyDelete
    Replies
    1. ෆේස්බුකංගි?

      Delete
    2. හැලපේ+අයියා නම් ලියා තිබුණේ පෙස්බුක් කියා තමයි!

      Delete
    3. පෙස්බුක් + නංගි = ෆේස්බුකංගි

      එය පූර්වරූප (පූර්ව රූප) සන්ධියක් වගේ නේද?

      Delete
  5. අයියා කියන එක අපේ භාෂාවට එන්න ඇත්තේ දෙමළ භාෂාව හරහා වෙන්න ඕන. දෙමලෙන් ஐயா කියන එක google translate වල ගහල බැලුවාම එන්නේ 'sir' වගේ එකක්. ඔය අයියනායක දෙවියොත් දෙමල සංස්කෘතිය හරහා ලැබිච්ච දෙවි කෙනෙක් වෙන්න ඕන. ஐயா( sir) + நாயகம்(supirior).

    නලින්ද සිල්වාගේ සම්‍යයක් දෘෂ්ටික ලිස්ට් එකේ දෙමලුන්ගේ අයියනායකත් ඉන්නවද දන් නෑ.

    ReplyDelete
    Replies
    1. අයියනායක දෙයියා දෙමළ තමයි. කොහොමත් එයා ඉන්නේ වන්නියේ නේ-
      https://1.bp.blogspot.com/-QQCDCagNATY/U_cHt0UT3xI/AAAAAAAAAmo/aOoAAyu7eeo/w1200-h630-p-k-no-nu/16934.jpg

      Delete
    2. නලින්ද කියපු ගමන් දැන් සිහිවෙන්නේ ගණිතය නොවෙයි දෙයියලා වීම නම් දුකක්!

      Delete
  6. Replies
    1. මාත් කාලයක් තිස්සේ ෆේස්බුක් එකට වත්පොත කියා කිව්වා, පසුව එය වෙනස් කර දැන් කියන්නේ මුල්නමෙන් ම යි. මොකද ෆේස්බුක් කියන්නේ සන්ලයිට්, රින්සෝ, ගූගල්, වින්ඩෝස් වගේ වෙළඳ නාමයක්.

      Delete
  7. අපේ හිටිය යාලුවෙක්
    දිලීප් + අයියා = දිලී පයියා

    ReplyDelete
    Replies
    1. ඒ වගේ ම තමයි දුලීපයියා සහ හැලපයියා.

      දෙන්නම බ්ලොගයියලා.

      Delete
  8. IS "RASIKAIYAA" A "FACEBOOKAIYAA"?

    ReplyDelete
  9. ආනේ රසිකයියගේ කයිය උදේ බැලුවා.. මංඅයියා හිතුවේ කමෙන්ට් එකක් දැම්මය කියලයි. දාල නෑනේ.. හැලපයියා එක්ක එන්නං..

    ReplyDelete
  10. Rasikalojayiya, iyanayiya, deshakayiya, anoyiya and prayiya etc etc

    ReplyDelete
    Replies
    1. Dear Ajith,

      Why don't you respond this stupid bugger?

      Just FYI

      // Sa rasa July 28, 2017 at 10:44 PM

      කුලියට හොර ඔප්පු ලියනප්පු වන චන්දිමට අපහාස නොකරනු.... අවශ්ය නම් කම්බා හොරෙකු වන ලෝටස් අජ්ජාට අපහාස කරනු!


      Sa rasa July 28, 2017 at 11:07 PM

      අලුත්ම එකා ලන්ඩන්වල ඇල්බට් ශට්ටම්බි.

      Sa rasa July 30, 2017 at 7:54 AM

      විහිලුකාර UNP නෙලුම්යායේ
      සිරිකොත කක්කා සෝදන
      "ලිඳ" ලඟ සන්ගමේ ගොන් පොර!//

      Please respond & otherwise most of the blog viewers accept these facts are true since your silence will prove those allegations are 100% correct. Even I doubt that there are some truth behind these allegations since you are not responding.

      Delete
    2. Ano

      It seems this is the reason for the hatred, as they have explained;

      ///බ්ලොග් සම්මාන දෙන එක නතර කරන්න කාටවත් අවශ්‍යතාවයක් නෑ. දෙන එකෙක් දී ගත්තාවෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒක බිස්නස් එකක් කියන එක හංගලා කරන එක. එයින් හැදෙන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට හැදෙන්න බ්ලොග්කරුවන් විකුණන එක තමයි කුජීත.

      ඒවට සල්ලි ගෙවලා ගන්න වන්දි භට්ටයො කඩේ යන හැටි ඊටත් කුජීතයි.///

      Quoted from another blog. FYI

      Delete
    3. For both anos. To be honest i don't give a shit. I replied in that rubbish blog many times and they are not interested of truth . They are pro Mahinda and it all coming down to politics . I will give you better reply but I am on holiday . I enjoy my life . Sarasa the idiot can rot in own shit and mud. Do I care ?

      Delete
  11. රසවත් ලිපියක්. ස්තුතියි රසික. එකතු කිරීමක් වශයෙන් මෑතකාලීනව සයිබරාවකාශයට එකතු වෙච්ච තවත් නම් කීපයක් මෙන්න.

    1. සිනුවර තට්ටයා
    2. සිපිපියා
    3. රසිකෝලොජ්ජා

    තවත් තියනවනම් එකතු කරන්න.

    ReplyDelete
    Replies
    1. ඇයි "ලපිපියා".

      Delete
    2. Dear guys,

      Could you please further explain these facts? I don't understand the scientific basis for this kind of allegations;

      ///AnonymousMay 17, 2017 at 12:42 AM

      පිස්සුද ඔයි!!

      ඒ වෙනින් කවුරුත් නොවෙයි සිනුවර හොල්මන් තට්ටයා නැතහොත් සිංහල බ්ලොග් ලොවේ කබරගොයා,,,, ඌ කන ඔසී ජාතිවාදී පරිප්පුව ලංකාව් උන්ට හොල්සෙල් ගානට බෙදනවා .///

      ///සිනුවර තට්ටයා හෙවත් සිපිපියා නම් නොම්මර එකේ ලොන්ත පෝල් කෙනෙක් තමා... ඒත් මේ කතාවෙ සඳහන් වෙන වෘශභරාජ එයා නෙවෙයි...///

      Who the hell is this guy?

      Delete
    3. ///ලපිපියා නොහොත් නෙලුං යායෙ දවල් තාරකා විද්‍යාඥයා///

      Who is That? Any blogger or scientist or politician?

      Delete
    4. සිපිපියා = සිනුවර පිංකරන පියා

      Delete
  12. ෂෝං පෝල් බෙල්මොන්ඩෝ1 August 2017 at 13:16

    වෛද්‍ය රුවන් එම් ජයතුංග මනෝ උපදේශනය ගැන විශාරදයෙකු යැයි පැවසුවද යම් හීනමානයකින් පෙළෙන අයෙකු බව මගේ නිරීක්ෂණයයි. ඔහුගේ ෆේස්බුක් එකේ වෝල් එක අනුව මෙය නිශ්චිතව පැවසිය හැක. තොරතෝංචියක් නැතුව සිය බල්ලාගේද වාහනයේද '(කැනඩාවේ) අවන්හල්වල ආහාර ගන්නා ඒවාද දමමින් තමන්‍ ගැනම නාසිස්මය ආශ්වාදයක් ඇති කැර ගනී.
    තවද වරක් තමා විචේචනය කළ අයෙකු මේ මනෝ උපදේශකයා කෝපයෙන් බැන වදින්නේ තුන්වන ලෝකයේ හිඟන වෛද්‍ය විද්‍යාලවල අධ්‍යාපනය ලිං මැඩියන් ලෙසය. මනෝ උපදේශකයෙකු සතු ස්වයං විනය මොහුට නැති බව මෙන්ම උග්‍ර හීන මානය ද මේ තුළින් මතුවේ. මෙරට වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු විය නොහැතිව අර උඩින් කියා තිබෙන පරිදි 8000 ගනනේ රෑන්ක් ඇති විශ්වවිද්‍යාලයක උපාධිය හදාරා පෙරිෆරි ඉස්පිරිතාලවල සේවය කොට ලබාගත් වෘත්තීය ඊර්ෂ්‍යාව මේ පුද්ගලයාගේ හීන මානයේ මුලයි.
    මගේ අදහස නම් මොහුට අනුකම්පා කළ යුතු බවයි

    ReplyDelete
  13. අස්සලාම් අලීකුම් රාසික් බයියා,

    රාසික් බයියා දන්නවද මෙදා පොටේ ලන්ඩොන් ඇල්බොට් ලපිපියා මාමට නත්තල්ලූ. මොකද මෙදා සැරේ සයිබර් ලෝටස් යායද මොකද්ද බඩකඩිත්තුවක් කොරල ලැබුණු ප්‍රොෆිට් එකෙන් XXX රිසෝට් වෙතින් 50% ක වට්ටමක් සහිතව ලැබුනු ටුවර් එකක් ගොහින් කියලා උග්‍ර මරාවාදී ඒකාබද්ද මලබද්දෙට සට්ටැඹිකම් කොරන දන්ගොතා අන්කල් හොයාගෙන.

    රාසික් බයියා කැමති නැද්ද ලබන සැරේ ලංකාවට ටුවර් එකක් එන්න?

    (අපි දන්නවා රාසික් බයියා ටැබ් එකකින් හරි ඇවිත් මේකේ කොමෙන්ට් බලනවා කියලා. ඒ හින්දා මෙ කොමෙන්ට් එක දැක්කේ නෑ වගේ බොරුවට ඉන්නේ නැතිව රිප්ලයි එකක් දාන්න.)

    ඔබේ පිළිතුර "රාසික්-බයියා@ගුමේල්.කොම්" වෙත ඒවා වටිනා සුරුට්ටු, කැමරා, ලැප්ටොප් සහ තෙල් බේත් දිනා ගන්න. සැනසිලි තෑගී ලෙස ගයිඩ් මෝඩයා ලවා කේන්දරය පරික්ෂා කර දෙනු ලැබේ.

    හැබැයි රාසික් බයියා සහ පවුලේ කට්ටිය ලංකාවට ආවොත් තමුන්ලා මෙහෙ ගතකරන අතරතුරේ ලංඩොන් ඇල්බොට් ලපිපියා මාමිගේ සෙට් එක සිනුවර ඇවිත් රාසික් බයියාගේ ගෙට වැඩේ දෙයි. (මූලාශ්‍ර - ලපිපියා යනු කම්බා හොර දෙටුවෙකි - මරාගේ හේනෙ මාමා දන්ගොතා අන්කල්). ඒ විතරක් යැ රාසික් බයියාගේ කබල් කොම්පීතරේත් උස්සන් යයි. ආයේ අපිට බලන්න බ්ලොග් ලියන්න වෙන එකකුත් නෑ. හපොයි.

    ඒ විතරක් යෑ, ලන්කාවේ කොලුකාරයො නිසා සුදට සුදේ දිලිසෙන තට්ටෙ තියෙන රාසික් බයියාට පුකත් (සැ.යු. පුක යනු කුණුහරුපයක් නොවේ - කතන්දරකාරයා) නැතිව තමයි ලංකාවේ ගතකරලා අපහු සිනුවර එන්න වෙන්නේ. (යනව නම් ගෑනු උදවිය ගෙදර තියලා පුකට ඉන්ෂුවරන්ස් එකකුත් අරගෙන යන්න රාසික් බයියා)

    රාසික් බයියාට අල්ලාහ් දෙවි පිහිටයි. අල්ලා හුවක්බර් !

    .....

    ඉහත පණිවිඩය ඔබ වෙත ගෙන ආවේ ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහයෙනි.

    ඔස්ට්‍රේලියාවේ රස්සා නෑ, ඔස්ට්‍රේලියාවේ එන්න එපා. ඔසී ඉන්න අපිටත් දැන් වැලේ වැල් නෑ _කෝ, මෙහෙ ආවොත් තලනවා ඇට !!!

    ප.ලි. - ඇට කිව්වේ මී ඇට. බෙහෙතට ගන්නවනේ

    ReplyDelete
  14. What an idiot ? Are you also from that idiot gang? I do go holidays every year you idiot . I live and work in England. I don't need anybody's charity or profit to go holidays . Kunu padanguvas think we are like them. Wait until I come back. For your stupid brain to consider this is our third holiday after Malaga Spain, Wales and now Ireland . Go and figure that

    ReplyDelete
  15. ///ඔස්ට්‍රේලියාවේ රස්සා නෑ, ඔස්ට්‍රේලියාවේ එන්න එපා... එපා... එපා. .....///

    ටෞකන්න.. කවුද ඩො එහෙම කියන්නේ. තට්ටෙයි පුකයි තියනවනම් ඕනෑතරම් {බ්ලෝ} ජොබ් තියනවා පැරමටාවල.
    අපි නොදන්නා ජොබ් අපිට නොදෙන ජොබ්

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.