Tuesday, 26 May 2026

ශෝක ප්‍රකාශයක් - Condolences


අපේ චූටි බාප්පා අකාලයේ මිය ගොස් අවමංගල්‍යය පැවැත්වුණු දා ඔහුගේ මිතුරන් විසින් ලියා මුද්‍රණය කළ ශෝකප්‍රකාශ දෙකක් ඔවුන්, බාප්පාට අවසාන ගෞරව දක්වන්නට එහි පැමිණි ඥාතී හිතමිතුරන් අතරේ බෙදා හැරියා.

මේ ඉන් එකක්.


සෝ කඳුළු බිඳෙකි මේ.

පරකන්දෙනියේ විසූ සත්ගුණවත්
සරත් කුමාර චන්ද්‍රසිරි සූරියආරච්චි

මිතුරාගේ අභාවය ගැන මගේ හදපතුලෙන් නැගෙන

කණගාටුවයි මේ.

ලෝනා පහන් ගම් පියසම එළිය කෙරූ
පාළුව රජවෙමින් අප නෙත් කඳුළු පිරූ
හිතවත්කමෙන් ආදරයෙන් සෙනෙහේ දැරූ
අවසන් මොහොත ළංවිය අප නොසිතූ විරූ

මුමුණන විටදි පවනින් කෙඳිරිලි ගීත
දොම්නස නැගෙයි හදවත් කරමින් භීත
නොදනිමි ඔබෙ ගමන සිදුවන බව මෑත
පතනෙමු නිවන් සුව එක්කරමින් දෝත

මිතුරෙකු නොවේ ඔබ මාගේ සොයුරෙක් ය
ඒ ගුණ සුවඳ මුසුකල ගම අඳුරේ ය
ඉපදුන සැමට නියතය යන ගමනක් ය
හිතවත නොමැති මේ ගම මට සොහොනක් ය

බුදු බණ වෙතට මොහොතක් යාකරමි සවන්
සිසිලක් දැනේ එතුළින් දුක කරමි තුරන්
මින්මතු අතනොවී බාධක මරණ මෙවන්
අත්වේවා ඔබට දුක නැති අමර නිවන්

මේ ඔබේ කලණ මිතුරු,

චන්ද්‍රසේන රණසිංහ




දැනුත් සමහරවිට මේ ශෝකය ප්‍රකාශකිරීමේ සම්ප්‍රදාය ලංකාවේ අනුගමනය වෙනවා විය යුතුයි.

දෙවෙනි ශෝක ප්‍රකාශය හෙට හෝ අනිද්දා පළ කරන්නම්.

- රසික සූරියආරච්චි

3 comments:

  1. අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා තමාව හමුවූ බවත්, ඒ අනුව තමා අද සිට නිකාය වෙනස්කළ බවත් අතිපූජ්‍ය
    අම්පිටියේ සුමනරතන හිමියෝ පවසති.

    සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද සඳහන් කළහ.

    “ඉතාම මෝඩ පිරිසක් තවමත් කියනවා මම රාජපක්ෂ නිකායේ කියලා. හැබැයි අද මම නිකාය මාරුකළා. අතිගරු ජනාධිපතිතුමා(අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා) බලයේ ඉන්නකල් එතුමාට සවියක් වෙනවා, ශක්තියක් වෙනවා, සහ එතුමා මේ රට ගෙනියන්න හදන සුබවාදී පැත්තට ගෙනියන්න, කවුරු මොනවා කිව්වත් උපරිම සහයෝගය දෙනවා. බයත් නෑ, ලැජ්ජාවකුත් නෑ, දුකකුත් නෑ. මොකද මේක තමයි ජනාධිපතිවරයෙක්ගෙන් වෙන්න ඕනේ කියන එක මම විශ්වාස කරනවා

    Refer below link

    https://www.ceylonwire.lk/i-am-no-longer-in-the-rajapaksa-sect/

    ReplyDelete
  2. 'සිහිනක් දුතේ', සිසිලක් දැනේ විය යුතුයි නේ ද?
    දේශපාලන රැස්වීම් වලත් කවි කියන එක විරිදු කියන එක තවම කෙරෙනවා නේ ද?
    මේ සන්නිවේදන සංස්කෘතිය තවමත් පණැතියි.
    රත්න ශ්‍රී කිවිඳුන්ගේ බිරිඳගේ අවමගුල වෙනුවෙන් මාලතී ලියාපු කවි පංතියත් මතක් වුනා. එවැනි කවි කොල ඉන් පසුවත් දකින්නට ලැබුණායි මතකයි.
    කතන්දර කාරයා, කවි කොලයක් ලිව්වේ නැද්ද?

    බාප්පාට නිවන් සුව. එයාලා යනවා කියන්නේ, අපට පෝලිමේ ඉස්සරහට යන්න ලැබෙනවා කියන එක නේද ඉතින්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඒ වරද හැදුවා.

      බාප්පා මියගියේ ඔහුගේ වයස අවුරුදු තිහේ දී. මං හිතන්නේ අපිට ඒ වගේ තුන් ගුණයක් විතර ජීවත් වෙන්න පුළුවන් වේවි. දෙගුණයක් ඉන්න පුළුවන් බව නම් ෂුවර්.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.