මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Wednesday, 27 May 2026
නූතන ගඳකිලි පූජාව - New business venture introduced
ශ්‍රමණ වේශධාරීන් පිරිසක් සහ ඔවුනට රැවටුණු දායකයින් පිරිසක් පෙනී සිටින මෙම වීඩියෝව මුලින්ම දුටු වෙලේ මට එහි අන්තර්ගතය නිවැරදිව වැටහුණේ නැහැ.
මං හිතුවේ පන්සලක ආවාසයක කාමරයක් විවෘත කරන දර්ශනයක් කියලායි. පස්සේ තමයි තේරුනේ මිනිසුන් පිරිසක් කරන්නේ බුදුහාමුදුරුවන් වෙනුවෙන් කාමරයක් සාදා එය ගෘහ භාණ්ඩ ඇඳ ඇතිරිලි පුරවා සකස් වෙනවා කරන ආකාරය බව.
මේ කාමරයට යාබද නාන කාමරයක්ද තියෙන බව ඡායාරූපවලින් පෙනුනා.
මෙවැනි කෝලම් නාට්‍යයක් නම් මම මීට පෙර ජීවිතේටම දැකලා නැහැ.
හිමාල කඳුවැටියේ ජීවත් වෙනවා යැයි සැලකෙන යෙටී නම් හිම මිනිසාට පවා විශාල වෙනු ඇතැයි සිතිය හැකි මෙහි දැක්වෙන ආකාරයේ සෙරෙප්පු කුට්ටමක් නම් මං මීට පෙර දැකලා තියෙනවා කවුදෝ පෘථග්ජන මිනිසෙකු චෛත්‍යයකට පූජා කරනවා.
අප බුද්ධාගම පාඩමට ඉගෙන ගත් බුදු හාමුදුරුවන් ජීවත්වුනු ගඳ කිළිය යන නමත් මොවුන් වෙනස් කරලා සුගන්ධ කුටිය කියා.
මෙහි සිටින කහකඩ පොරවා ගත් කිහිපදෙනාට මම ශ්‍රමණ වේශධාරීන් යැයි කිව්වේ ඔවුන් ඇත්තටම ශ්රමණයින්දැයි මේ ක්‍රියාව නිසා හඳුනාගත නොහැකි නිසායි.
අහේතු කාලේන කජ්ජේන පුහුළං!
- රසික සූරියආරච්චි
Subscribe to:
Post Comments (Atom)
ගඳකිලි පුජා වගේ ගොන් පාට් දාන එක වෙනයි ඒත් ලංකාවේ සිංහලයත් මෙල්ල කරන්න බැරි මරුම ඩයල් ටිකක්! 😂🤌🏻
ReplyDeleteමම නිකමට search කරලා බැලුවා සිංහල සහ දෙමළ යුද්ධ ඉතිහාසයේ කෙතරම් ප්‍රමණයක් තිබ්බද කියලා කොහොම හරි 15කට අධික ප්‍රමණයක් යුද්ධ තිබිලා තියෙනවා ඒ හැම යුද්ධෙන්ම දෙමළට රෙදි නැතුව දුවන්න දීල තියෙනවා!!
සිංහලයත් අමුතුම character එකක් ❤️
1. සේන සහ ගුත්තික ආක්‍රමණය (ක්‍රි.පූ. 237) – අසේල රජු විසින් ඔවුන් පරදවා නැවත බලය ලබා ගැනීම.
2. එළාර - දුටුගැමුණු යුද්ධය (ක්‍රි.පූ. 161) – දුටුගැමුණු රජු විසින් එළාර රජු පරදවා රට එක්සේසත් කිරීම.
3. සත් ද්‍රවිඩ ආක්‍රමණය (ක්‍රි.පූ. 103) – වළගම්බා රජු සැඟව සිට සේනා සංවිධානය කර සත් ද්‍රවිඩයන් පරාජය කිරීම.
4. පංච ද්‍රවිඩ ආක්‍රමණය (ක්‍රි.ව. 433) – ධාතුසේන රජු විසින් ද්‍රවිඩ පාලකයන් පස්දෙනා පරදවා අනුරාධපුරය නිදහස් කරගැනීම.
5. පළමුවන සේන රජු සහ පාණ්ඩ්‍ය ආක්‍රමණය (ක්‍රි.ව. 846) – ශ්‍රීමාර ශ්‍රී වල්ලභ නම් පාණ්ඩ්‍ය රජු අනුරාධපුරය කොල්ලකෑම.
6. දෙවන සේන රජුගේ පාණ්ඩ්‍ය දේශය ආක්‍රමණය (ක්‍රි.ව. 862) – සිංහල සේනාවක් ඉන්දියාවට ගොස් මදුරෙයි නුවර අල්ලාගෙන පෙර පලිය ගැනීම.
7. පස්වන මහින්ද රජු සහ චෝල ආක්‍රමණය (ක්‍රි.ව. 993 - 1017) – රාජ රාජ චෝල විසින් අනුරාධපුරය සම්පූර්ණයෙන්ම යටත් කරගැනීම.
8. මහා විජයබාහු - චෝල නිදහස් සටන (ක්‍රි.ව. 1070) – 1 වන විජයබාහු රජු චෝලයන් පරදවා වසර 52ක පාලනය අවසන් කිරීම.
9. පරාක්‍රමබාහු රජුගේ පාණ්ඩ්‍ය යුද්ධය (ක්‍රි.ව. 1167) – මහා පරාක්‍රමබාහු රජු ලංකාවෙන් සේනාවක් යවා දකුණු ඉන්දියාවේ යුද්ධ කිරීම.
10. කාලිංග මාඝ ආක්‍රමණය (ක්‍රි.ව. 1215) – මාඝගේ දරුණු ආක්‍රමණය නිසා පොළොන්නරු රාජධානිය බිඳ වැටීම.
11. චන්ද්‍රභානු ආක්‍රමණ (ක්‍රි.ව. 1247 සහ 1261) – දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු රජු ජාවක (මැලේ/ද්‍රවිඩ මිශ්‍ර) ආක්රමණික චන්ද්‍රභානු පරාජය කිරීම.
12. ආර්ය චක්‍රවර්තී - අලකේශ්වර සටන (ක්‍රි.ව. 1369-1374) – යාපනය රාජධානියේ ආර්ය චක්රවර්තීගේ බදු එකතු කරන්නන් බෝතලේ අලකේශ්වර ඇමති විසින් පරාජය කිරීම.
13. සවන පරාක්‍රමබාහු රජුගේ යාපනය ජයගැනීම (ක්‍රි.ව. 1450) – සපුමල් කුමාරයා (පසුව 6 වන පරාක්‍රමබාහු ලෙස) යාපනය ආක්‍රමණය කර කෝට්ටේ රාජධානියට යටත් කරගැනීම.
14. ශ්‍රී ලංකා රජය සහ එල්.ටී.ටී.ඊ. (LTTE) ත්‍රස්තවාදී යුද්ධය (ක්‍රි.ව. 1976 - 2009) – වසර 30ක් පුරා පැවති බෙදුම්වාදී යුද්ධය 2009 මැයි මස සේනාධිනායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් විසින් ජයගැනීම.
මේක මේ අදක ඊයෙක ඉඳන් කාපු කෑමක් නෙමේ කොච්චර කෑවත් දෙමළට සාම්බාරු හොදි මදියි කියනවානෙ අනේ ඉතින් කනවා ආයෙත් බල්ලා නැට්ට Puce ගහගත් වගේ ගිහින් හැඟිලා We want justice කියලා කෑ ගහනවා පව් බං ඒ අතින් උඹලා You are very sinful 😂🤌🏻
#பிரபாகரன்முடிந்தார் !
මේ රිලිජන් එකට සංස්ථවක් නැහැ. ඉස්සර තිබුණා. අධිකරණ සංඝ නායක ලා හැම තැනම. පෝය කරපු කාළයක් මතක නැහැ. ඔය මහනායක, අනුනායක, කාරක සභික කිය කියා ඉන්න අයට ගතමනවා ලැබෙනවා දේශීය හා විදේශීය. ජපන් අය තමා මෝඩම විදේශික අනුගාමිකයින්. සල්ලි තියෙන පන්සල් හරිම පලවත්. මේ පන්සල් දේශපාලනය හදුන්වා දුන්නේ ප්‍රේමදාස පියාණෝ 88-89 ගම්වල ඝාතනයෙන් පසුව, පුදේශ පොලිස් මගින් බෝධි පූජා පැවැත්වීම සමඟ දේශපාලුවන් පන්සල් වල කල ආයෝජන නිසා. නාකි මයිනා මේක ඉතා කාර්යක්ෂම ලෙස ප්‍රවර්ධනය කළා. මේ අනුගාමිකයින් මේ ගැන දක්වන නිශ්සබ්ධ තාවය හා ඉදහිට මේ පුජකයින් ගේ ක්‍රියා කළාප සාධරණීය කරන කියමන් දෙස බලන්න.
ReplyDelete1. සංඝ සංස්ථාව සහ පදවි නාම පිළිබඳ විවේචන
ReplyDeleteපදවි බහුලත්වය: අතීතයට සාපේක්ෂව වර්තමානයේ අධිකරණ සංඝනායක, මහෝපාධ්‍යාය වැනි විවිධ තනතුරු සහ පදවි නාම බහුල වී ඇති බවත්, එමඟින් ශාසනයේ සැබෑ අධ්‍යාත්මික හරයට වඩා බාහිර ආයතනික ව්‍යුහයන් ඉස්මතු වන බවත් සමාජයේ පිරිසක් පෙන්වා දෙති.
මූල්‍ය දායකත්වයන්: දේශීය හා විදේශීය වශයෙන් ලැබෙන ආධාර මෙන්ම විදේශීය බෞද්ධයන්ගෙන් (උදාහරණයක් ලෙස ජපානය වැනි රටවලින්) ලැබෙන ප්‍රදාන සමහර අවස්ථාවලදී ආගමික පරමාර්ථයන්ගෙන් බැහැරව භාවිත වන බවට විවේචන එල්ල වේ.
2. දේශපාලනය සහ පන්සල අතර සබඳතාව
ඓතිහාසික පසුබිම: 1988-1989 භීෂණ සමයෙන් පසු සමාජය සංසුන් කිරීමේ අරමුණින් පොලිසිය හා රාජ්‍ය අනුග්‍රහයෙන් බෝධි පූජා වැනි ආගමික වැඩසටහන් ආරම්භ වූ බව සැබෑවකි. කෙසේ වෙතත්, කාලයත් සමඟ මෙය දේශපාලනඥයන් පන්සල තම බලය තහවුරු කරගැනීමේ කේන්ද්‍රස්ථානයක් කරගැනීමට හේතු වූ බව බොහෝ දෙනා පිළිගනිති.
දේශපාලන ප්‍රවර්ධනය: පසුකාලීන දේශපාලන නායකයන් ද පන්සල, සංඝරත්නය සහ ආගමික සංකේත තමන්ගේ ඡන්ද පදනම ශක්තිමත් කරගැනීම සඳහා ඉතා උපක්රමශීලීව භාවිත කළ ආකාරය ලාංකීය දේශපාලන ඉතිහාසය දෙස බැලීමේදී පැහැදිලි වේ.
3. අනුගාමිකයන්ගේ හැසිරීම (ගිහි සමාජයේ වගකීම)
නිශ්ශබ්දතාව සහ සාධාරණීකරණය: ආගමික නායකයන් හෝ ආයතන වැරදි මඟක යන විට, අනුගාමිකයන් ඊට එරෙහිව හඬක් නොනඟා නිශ්ශබ්දව සිටීම හෝ සමහර වැරදි ක්‍රියාවන් සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීම ආගමික සංස්ථාවේ පිරිහීමට තවත් හේතුවකි.
ඕනෑම ආගමික සංස්ථාවක කාලීනව ඇති වන මෙවැනි ගැටලු පිළිබඳව විවෘතව සාකච්ඡා කිරීම සහ විවේචනය කිරීම එම ආයතනවල පිරිසිදු කිරීමට මෙන්ම සැබෑ දර්ශනය ආරක්ෂා කරගැනීමට අත්‍යවශ්‍ය වේ. පන්සල සහ දේශපාලනය වෙන් කිරීම මෙන්ම, ආගමික අරමුදල් විනිවිදභාවයකින් යුතුව භාවිත කිරීම වර්තමාන සමාජයේ ප්‍රධාන ඉල්ලීමක් විය යුතුව ඇත.