Thursday 11 December 2014

අහෝසි කම්මය අහෝසි කරනු හෙවත් ජම්පිං ෆිෂ් ලා පුවත් මවන අද යුගයේ අපේ සටන් පාඨ විය යුත්තේ මොනවාද? - Change is the only permanent thing!


ලංකාවේ ජනාධිපති ඡන්දයට අදාල ආරංචිවලින් බේරෙන්නට කිලෝමීටර් අට දාහක් ඈතින් සිටියත් අපට බැරිය.

ලංකාවේ යහපාලනය සඳහා වූ ඕස්ට්‍රේලියානු උපදෙස් මාලාවක් සති දෙකකට පමණ ඉහත දී මා මේ බ්ලොගයේ පළ කළෙමි.

වික්ටෝරියානු ප්‍රාත්තයේ මැතිවරණය අළලා ඕස්ට්‍රේලියාවේ ඡන්ද කෙරෙන හැටි ගැන කෙටි සටහනක් ද ලියූවෙමි.

ඊලඟට පලවූයේ ලංකාවේ ජනාධිපති ඡන්දය ගැන ඕස්ට්‍රේලියාවේ වසන ශ්‍රී ලාංකිකයින්ගෙන් කෙරුණු ඉල්ලීමකි.

ඉතින් පෙර කීවා සේ "ලංකාවේ ජනාධිපති ඡන්දයට අදාල ආරංචිවලින් බේරෙන්නට කිලෝමීටර් අට දාහක් ඈතින් සිටියත් අපට බැරි" බව අමුතුවෙන් කිව යුතු නැත.

ඡන්දය ගැන මුල් ආරංචිය ආ දා සිට අද දක්වා විවිධ මාධ්‍ය මගින් පළවූ දේ අතර වැඩි වශයෙන් සාකච්ඡාවට ලක්වෙන්නේ ඒ පැත්තෙන් මේ පැත්තට පනින අය ගැන පිළිබඳ පුවත් ය.

මේ සම්බන්ධයෙන් ලැබුණු එක් අළුත් පුවතක් වූයේ සිඩ්නි නගරයේ කලක් විසූවෙක් මෙන්ම අද ද විටින් විට මෙහි පැමිණෙන, ඒ සමගම සිඩ්නි නගරය අවට වෙසෙන සිංහල ජනකොටසේ සංස්කෘතිකමය අවශ්‍යතාවයන් සඳහා පුරෝගාමී මෙහෙයක් කළ සිනමාවේදී සෝමරත්න දිසානායක ගේ පිල් මාරුවයි.

කුප්‍රකට මැර දේශපාලකයෙකු වෙන මර්වින් සිල්වා ද පිල් මාරු කරන්නට යන්නේ යැයිද ආරංචියක් ඊයේ පෙරේදා පැතිරිණි. පොදු අපේක්‍ෂක දේශපාලනයේ යහපත උදෙසා එය වැලැක්විය යුතුය යනුවෙන් මතයක්ද ඒ සමගම පැන නැගී ඇත.

මගේ අදහස මෙයයි.

දේශපාලන අදහස් දැරීම යනු මානව හිමිකමකි. එසේම තම දේශපාලන අදහස් වෙනස් කිරීමද ඒ හා සමාන අයිතිවාසිකමකි.

මේ ඡන්දය පොදු අපේක්‍ෂකයා දිනන්නට නම් ලංකාව පුරා ලක්‍ෂ ගණනක් ඡන්දදායකයින් තම දේශපාලන මතය වෙනස් කළ යුතුමය. සත්‍යය එයයි.

ප්‍රශ්ණය වන්නේ ඊයේ ආණ්ඩුවේ දුෂණයට කරදුන් දේශපාලකයින්, ආණ්ඩුවට කත් ඇදි යම්කිසි මට්ටමක සිවිල් බලයක් හිමි අය, අද අදහස් වෙනස් කිරීමෙන් නොනැවතී කරන පිල් මාරුවලින් පසු ඔවුන්ට තමන් මේ දක්වා කර ඇති, දායක වී ඇති, හොරමැරකම් යටපත් කරගැනීමට හැකිවේද යන්නයි.

පසුගිය සමයේ දෑත් ශක්තිමත් කරන්නට ගිය සෑම අයෙකුම වාගේ මේ ආකාරයේ "ඩීල්" කාරයෝ බව කියවිණි.

මේ සම්බන්දයෙන් අපේ ස්ථාවරය පහත සටන් පාඨ දෙකෙන් කැටිකර දක්වමි.
  1. අහෝසි කම්ම අහෝසි කරනු!
  2. අංගුලිමාලලා නිවන් යන්නට පෙර මුලින් නඩු අසා හිරේ යවනු!
පැහැදිලියි නේද?

-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)

(http://movies.sulekha.com/kannada/angulimala/pictures/4.htm)

45 comments:

  1. "පැහැදිලියි නේද?" ඉතාමත්...:D

    කුප්‍රකට යන්නෙහි තේරුම කුමක්ද?

    ReplyDelete
    Replies
    1. කුප්‍රකට කියන්නේ නොටෝරියස් කියන එකයි. නැතිනම් නරකට ප්‍රසිද්ධ!

      Delete
    2. අපකීර්තිමත්.

      Delete
    3. කුප්‍රකට infamous

      Delete
  2. සිරාවට අංගුලිමාල ඒ දවස්වල කරල තියෙන්නෙත් දෑත ශක්තිමත් කිරිල්ලක් නේද? ඔය පැත්ත මාරු කරල හොරමැරකම් යටපත් කරගැනීම වෙන්නෙ හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැතිනිසානෙ. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවනම් ඔය මහත්වරු කොයි පැත්තෙ හිටියත් හොර මැරකම් වලට දඬුවම් ලැබෙන්න එපෑයැ.

    ReplyDelete
    Replies
    1. පොර ආවේ අපේ බුදු සාඳුගෙත් ඇඟිල්ලට වැඩේ දෙන්න නේද?
      දෑත ශක්තිමත් කරන්නේ කොහොමද ඇඟිලි කපලා?

      Delete
    2. නීතිය හරියට අනුකලනය වගෙයි කියලා අහලා නැද්ද?

      Delete
  3. තේරුණා හොඳටම. ඒත් ...
    චන්ද්‍රිකාත් කිව්වෙ කාවද එල්ලනවා කියලා ගෝල්පේස් ගෙනත්. අහෝසි කම්ම අහෝසිම තමා.

    ReplyDelete
    Replies
    1. හානේ, ජී අයියා..

      Delete
    2. අහෝසි කම්ම අහෝසි කර ඒවා සියල්ල දිට්ඨ ධම්ම වේදනීයකම්ම සහ අපරාපරිය වේදනීයකම්ම කරනු!

      Delete
  4. එතකොට පොදු සිරි ගෙ කම්ම වලට මොකද වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ව්‍යවස්ථා සංශෝදනයේ දී අල්ලස් සහ දුෂණ කොමිසම නැවත ස්ථාපනයට අමතරව ජනාධිපතිලාට විරුද්ධව නඩු දාන්න බැරි නීතිය අතීතයටත් බලාපාන විදියට අයින් කළ යුතුයි.

      මහා පරිමාන ගොඩනැගීම් ව්‍යාපෘති සඳහා තාක්‍ෂණික විගණන කොමිසමකුත් අරඹනවා කියා මැවිසුරු චම්පික රණවක කියනවා නේද?

      Delete
  5. ඉතාමත්ම පැහැදිලියි.
    ඔය ගමන්ම බැරිද දෙව්දත්ටත් ජනාධිපති සමාවක් සලකා බලන්න ලබන වෙසක් එකට වත්.
    ඒ ගමන්ම අනේපිඬුසිටු ගේ වත්කම් ගැන පරික්ශා කරන්න කමිටුවක් පත් කරන්න

    ReplyDelete
    Replies
    1. වෙස්සන්තරටත් නඩු දාන්න ඕනෑ ළමා අපචාරයට අනුග්‍රහ දක්වීම සම්බන්දව

      Delete
    2. ඇයි නල් වබිය . ඌට අවුරුදු 55 නේ අවුරුදු 8 අයිෂ කෙලී දුෂණය කරනකොට.

      Delete
    3. ලංකාවේ නීති බලපාන්නේ ලංකාවේ ජුරිස්ඩික්ෂන් එකට විතරයි. ඉන්දියාවට අරාබියට අබසරණ නැත!

      Delete
  6. ආන්ඩුවට කඩේ යන එච් එල් ඩී මහින්දපාලත් ඉන්නෙ සිඩ්නි වල නේද

    ReplyDelete
    Replies
    1. මහින්දපාල ඉන්නේ මෙල්බර්න්වල.

      Delete
  7. පොද්දෙක් සෙවීමේ මූලික අභිලාශයන් සම්පූර්නයෙන්ම අමතක කළ වෙසක් නාඩගමක් මේක දැන්.. වෙසක් එකට පෙන්නුවත්, නාඩගම්, නාඩගම්මයි...

    දැන් එකෙකුටවත් යහපාළණයක්වත්, විධායකේ අහෝසිකිරීම්වත් ඕන නෑ.. දැන් ඕන සර්කස් බලන්න..

    ReplyDelete
    Replies
    1. සර්කස් නාඩගම් රස විඳින්නේ ඔහෙලා අපි වගේ "සම හරක්" "ජහමනයා" නේද? කොහොමටත් නාඩගම් හොඳයි ඔළුබක්කන් නටවනවාට වැඩිය!

      ඔය කියන යහපාලනය සහ අනෙක් කරුණු නම් අදාල ගිවිසුමේ තියෙනවා කියායි කියවෙන්නේ.

      Delete
    2. කරුමේ කියන්නේ.. තුන් කල් දැක්මෙත් ඒ ඔක්කෝම තියෙනවලු නේ.. මට හිතුනොත් අර ටැට්ටර් සාධුට දෙනවා.. උන්වහන්සේ වැඩ්ඩොත්, ඔක්කෝටම ටැට්ටරයක් දෙනවලු..

      Delete
    3. කවුද මේ කියන ටැට්ටර් සාදු?

      ප්‍රධාන මට්ටමේ මරා-සිරා ජෝක් මිසක් ඔය අවශේෂ අයගේ කොමිට් කෑලි මේ පලාතට සම්ප්‍රේශනය වෙනවා හොරයි.

      Delete
  8. සටන් පාට මොනවද දන්නෙ නෑ ඒත් කවුරු දිනුවත් මගේ බලාපොරොත්තු ( මෙය අධික බුද්ධිය ඉහවහා ගිය ජනතාවක් සිටින සිරිලන්කාව බව සලකා) නම් කවදහරි -

    1. ඡන්ද ක්‍රමය ටිකක් වෙනස් වීම
    2. නිදහස් යයි පිටට පෙනෙන කොමිෂන් කීපයක් ඇතිවීම
    3. විධායක බලතල චූට්ටක් අඩුකිරීම

    වෙලා තියනවනම් රිලව් කෑගහන එක ටිකක් සීමා කරන එකත් හොඳයි ඒත් එතකොට කවුද ජනතාවගේ බුද්ධියට අමතන්න ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. රිලවා යනු ජාතික අනන්‍යතාවය පිළිබිඹු කරන කකුල් දෙකේ සත්වයෙකි!

      Delete
  9. සටන් පාඨ කිව්ව හින්ද මතක්වුනේ අහන්න.සටනේ ප්‍රතිවිරුද්ධ ප්‍රධාන බලවේග දෙකේ පාට (කලර්ස්) මොනවද?

    ReplyDelete
    Replies
    1. ඔය පාට සහ ලකුණු අවශ්‍ය වුනේ සාක්‍ෂරතාවය අඩු කාලේ නේද?

      Delete
    2. සොරි. ජනතාවට නාත දෙයියො දීපු අධි බුද්දිය තියන බව මට අමතකවුනා.

      Delete
    3. පේන හැටියට කපටි පාට, මෝඩ පාට සහ මඩ පාට තමයි.

      Delete
    4. coming colours ...................?

      Delete
  10. මීට වැඩිය මොනව පැහැදිලි වෙන්නද!

    ReplyDelete
    Replies
    1. විපක්‍ෂයේ ඉඳ සිල් අරගෙන වාගේ
      රටේ ප්‍රශ්ණ විසදිය හැක කජු වාගේ
      එරට මෙරට කොයි දේසෙත් එක වාගේ
      බලමු හෙට කෙරුම් නව ජනපතියා ගේ

      Delete
  11. මොකෑ මේක "රසිකලොජි" කියල බ්ලොග් රෝලෙ පේන්නෙත්, "රසිකොලොජි" කියල ටයිටලේ පේන්නෙත්?

    ReplyDelete
    Replies
    1. පූර්වස්වරලෝප සන්ධිය!

      රසික+ලොජි=රසිකොලොජි

      Delete
  12. http://lmd.lk/2014/12/01/sri-lankans-overseas-16/

    ReplyDelete
  13. දැන් හැම තැනම ඇහෙන්නේ මේ සින්දුව ....

    එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ ‍ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ
    ‍එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ ‍මෙ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ
    ‍ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ

    ‍ප‍මා ‍නො‍වන්‍‍නේ ‍අ‍ඳු‍ර ‍වැ‍ටෙන්‍‍නේ
    ‍ය‍න‍වා ‍නම්‍ ‍එන්‍‍නේ
    ‍ම‍ම ‍මේ ‍ගඟු‍‍ලේ ‍අඟු‍‍ලේ ‍නැ‍ග‍ලා
    ‍එ‍ගො‍ඩ ‍මෙ‍ගො‍ඩ ‍ය‍න‍වා

    ‍එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ මෙ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ
    ‍ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ

    ‍ගඟු‍‍ල ‍අ‍නෝ‍ම‍යි ‍අ‍ද ‍ම‍ට ‍වෙ‍හෙ‍ස‍යි
    ‍ය‍න‍වා ‍නම්‍ ‍එන්‍‍නේ
    ‍ම‍ම ‍මේ ‍ගඟු‍‍ලේ ‍අඟු‍‍ලේ ‍නැ‍ග‍ලා
    ‍එ‍ගො‍ඩ ‍මෙ‍ගො‍ඩ ‍ය‍න‍වා

    ‍එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ මෙ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ
    ‍ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ

    ගායනය -ෂෙ‍ල්‍‍ටන්‍ ‍පෙ‍රේ‍රා
    ගී පද - ඩෝල්‍‍ටන්‍ ‍දි ‍අල්‍‍විස්‍

    ReplyDelete
    Replies
    1. ඇයි අර මේ රටේ මිනිස්සු කෙලින්නේ පිස්සූ කියන සින්දුව දැන් ඇහෙන්නේ ම නැද්ද?

      Delete
  14. මොකක්ද මේ සෝමරතන සිඩ්නිවල අයට කලා කියන සගිස්කුරුතේ?
    ඈ කකා ඔය රටකට වෙලා ඉද්දිත් තාම මේ පොඩි රටක සගිස්කුරිතියක් ඔහේට වෙලා රකින්න දගලන්නේ තාමත් ගෝත්‍රික ගති අහක් උනේ නැති හින්දද?
    ආනන්දේ අතඅරින්න පුළුවන් උනාට ගෝත්‍රික නැටි තාම කරේ

    ReplyDelete
    Replies
    1. සංස්කෘතිය යනු ට්‍රයිබලිසම් නොවේ.

      තමන්ගේ මව් භාෂාව සහ සංස්කෘතිය අතහැරිය හැකිද? ඒ කෙසේ වෙතත් ඕස්ටේ‍ර්ලියාව යනු බහු සංස්කෘතික රටකි.

      මීට වසර විසි පහකට පෙර කාලයේ සිඩ්නි නගරයේ සිංහල සංස්කෘතික හමුව පිහිටුවා, සිංහල කලා කටයුතු අරඹා, සංක්‍රමණික දරුවන්ට දෙවන භාෂාවක් ලෙස සිංහල ඉගැන්වීම යනාදී වැඩවලට සෝමරත්න පුරෝගාමීව කටයුතු කර ඇත. එය අවස්ථාවාදී දේශපාලන කටයුත්තක් නොවේ.

      Delete
  15. Somarathnala wage bade biju thiyena minissu,(lankikayan)Australiyawe Thawath ethi,loke hemathenama wage.Somarathna lankawata awilla MR ta ekathuwunata Passe Lakawe Kalawe(Sinamawa ethulu) ekadipathi charithaya gena.Wandi battakam gena,Australiyawata News enne nethda? Lankawe Apita nam Marvingei,Somarathnagei wenasak penennene,

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ඔහු කළ දේ ගැන මගේ පැහැදීමක් ඇති නම්, ඒ අවසඳ ටෙලි නාට්‍යය ගැන සහ සරෝජා චිත්‍රපටය ගැන පමණි.

      Delete
  16. හරියට හරි. අත්දෙක උස්සල එකඟයි.

    ReplyDelete
    Replies
    1. අත් දෙකම ඉස්සුවත් වැටෙන්නේ එක ඡන්දයයි!

      Delete
  17. ඉතාම පැහැදිලියි,විය යුත්තේද එයයි.ප්‍රතිපත්ති මත දේශපලනය වෙනස් වෙන එකයි.තමන්ගේ හුදු වාසිය තකා පැත්ත මාරු කරන එකයි දෙකක්.වැරදි කරන කාට වුණත් අධිකරණය ඉදිරියේ වැරදි කරුවුවහොත් දඩුවම් හිමිවිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔව්, මා කියා ඇති පරිදි, අහෝසි කම්ම අහෝසි කර, අංගුලිමාල ලා උසාවියට දැක්කිය යුතුයි!

      Delete
  18. Anonymous 11 December 2014at 20.32 comment eka mage.eyata obe prathicharayata ekagai.Ma adahas kaleth eyai. Sthuthi.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.