Saturday 7 February 2015

හාෆ් ෂීට් කඩෙන් ගැනීම නම් වූ විශ්මයජනක කාරණය - Unbelievable (for some)


ඕස්ට්‍රේලියාවේ මාස් පතා පළවෙන සිංහල සඟරාමය ප්‍රකාශන කිහිපයක් ඇත. මේවා සාමාන්‍යයෙන් අප හඳුන්වන්නේ පත්තර නමිනි. මෙයින් ප්‍රමුඛතම ප්‍රකාශනය වන්නේ "සන්නස" පත්තරයයි.

සන්නස අරඹා මෙම වසරේ අප්‍රියෙල් මාසයට වසර දහයක් පිරේ. සන්නස සඟරාවට සමාන්තරව නමින් සිංහල සහ ඉංගිරිසි පුවත් අඩවි දෙකක් පවත්වාගෙන යනු ලබන අතර පසුගිය වසර දහය තුල ප්‍රකාශිත සියළු සන්නස සඟරා http://sannasa.sinhalajukebox.org/ අඩවියේ ලේඛනාගාර කර ඇත.

මම කලක සිට සන්නසට සඟරාවට ලිපි රචනා සපයන්නෙක්මි. මේ දිනවල මා ලියන්නේ "අපේ කාලේ කතන්දර" නම් තිරු ලිපියයි.

සන්නස 2015 පෙබරවාරි සඟරාවේ පළවුණු අපේ කාලේ කතන්දරය පහත උපුටා දක්වමි.


පාසල් යෑම ඇරඹුණු හෝඩියේ පන්තියේ දී භාවිතා කරන්නට පටන් ගත් ගල්ලෑල්ලෙන් සහ ගල්කූරෙන්, තුනේ පන්තියේ දී ඇක්සයිස් පොතට සහ පැන්සලට උසස් වීමක් ලද අපි, පහේ පන්තියේ දී ඒ මිනිරන් පැන්සලෙන් තීන්ත පෑනට උසස් වීමු.

එතෙක් භාවිතා කළ පිටු හතලිහේ සාමාන්‍ය ප්‍රමාණයේ ඇක්සයිස් පොත් වෙනුවට අප හයේ පන්තියේ සිට ලිවීම සඳහා, සාපේක්ෂව කොළ විශාල සංඛ්‍යාවක් ඇති, මොනිටර් පොත් භාවිතා කරන්නට පටන් ගත්ත ද, තීන්ත පෑන් වෙනුවට හුරුබුහුටි බෝල්පොයින්ට් කාබන් පෑන් භාවිතා කරන්නට පටන් ගත්ත ද, මට නම් ඊළඟට ලැබුණු සැබෑ ම උසස් වීම වූයේ උසස් පෙළ හදාරන්නට ගිය පසු සිදු වූ මොනිටර් පොතෙන් හාෆ් ෂීට්වලට ලද උසස් වීමයි.

එය, ඒ කාලයේ දී ම සිදුවුණු, කොට කළිසමෙන් දිග කළිසමට මාරුවීම හා සමාන පිම්මක් විය.

අප සැම දන්නා පරිදි හාෆ් ෂීට් යනුවෙන් අදහස් කෙරෙනුයේ, විශේෂයෙන් ම ඒ දිනවල කාර්යාලවල ලිපි යතුරු ලිවීම සඳහා භාවිතා කරන ලද, ඒ-4 ප්‍රමාණයේ සුදු පැහැති කඩදාසි වේ. ඒ දිනවල මේවා වාලච්චේනේ පිහිටි කඩදාසි සංස්ථා කම්හලේ නිෂ්පාදනය කෙරුණු බව හාෆ් ෂීට් වෙළඳ පොළට නිකුත් කරන බණ්ඩලවල මුද්‍රණය කර තිබුණි.

සාමාන්‍යයෙන් නිවෙස්වල ලිපි කටයුතු සඳහා භාවිතා වූයේ එක්කෝ ඇක්සයිස් පොතක මැදින් කඩා ගත් කොළ ය. නැති නම් හාෆ් ෂීට්වලටත් විශාල වූ ප්‍රමාණයේ ෆූල්ස් කැප් නමින් හැඳින් වුණු රූල් සහිත කොළ ය.

අප කුඩා කාලයේ පෞද්ගලික අංශයේ ලිපිකරු රැකියාවක් කළ අපේ බාප්පාගෙන් අපේ ගමේ සිටි අපට වඩා වැඩිමහල් සමහර ළමයින් ”මාමේ අපට හාෆ් ෂීට් ගෙනත් දෙන්න!” යැයි ඉල්ලනවා මට ඇසී තිබේ.

මොනිටර් පොත්වල ලියනවාට වඩා මා හාෆ් ෂීට්වල සටහන් ලිවීම ප්‍රිය කරන්නට හේතු කිහිපයක්ම තිබුණි.

පොත් නිපදවන්නා සළකුණු කර ඇති තනිරූල්, කොටුරූල් ඉරි අතරේ ම අපට හිරවන්නට අවශ්‍ය නැත. එක් දිනක් පාසල් යන්නට නොහැකි වූ විට, ඒ සඳහා පිටු කීයක් ඉඩ හරින්නද යන ප්‍රශ්ණය මෙහි දී පැන නොනගී. හාෆ් ෂීට් භාවිතා කරන මිතුරන් අතර ණයට දෙන්නටත්, ණයට ගන්නටත් හැකි නිසා, මොනිටර් පොතක් ගෙදර අමතක වූ විට ඇතිවන ලොකු ප්‍රශ්ණය ද නැත. ඒ සේරමටත් වඩා, වෙනදා මෙන් මොනිටර් පොත් ගොන්නක් වෙනුවට, සටහන් ලියන හාෆ් ෂීට් බහාලූ කාඩ්බෝඩ් ෆයිල් කවරයක් පමණක් රැගෙන සරසවි සිසුන් සේ සිංහ සෙයියාවෙන් අපට පාසල් යා හැක.

අනිත් වැදගත් කාරණය වූයේ මොනිටර් පොත්වල මිළ හා සසඳන විට, හාෆ් ෂීට්වල මිළ සැලකිය යුතු තරම් වැඩි නොවීමයි.

පාසල් දිවියේ උසස් පෙළ සමය ද, විශ්ව විද්‍යාලවල ගත කළ කාලය ද හාෆ් ෂීට් අතරම ගෙවී ගියේය. ඉන් පසුව එළැඹි සමයේ දී මා අතින් සිදුවුණු එකම ලිවීම වූයේ ඉඳහිට ලියවෙන කවියක් පමණි. පුදුමයකට මෙන් ඒ සඳහා මා භාවිතා කිරීමට පෙළඹී තිබුණේ මොනිටර් පොතකි. එයට හේතුව වූයේ කොල කැබලිවල ලියවෙන දේ එකට එක් කර තබා ගැනීමේ තිබුණු ප්‍රායෝගික අපහසුවයි.

මේ කාලයේ එක් සති අන්තයේ දිනක මට මගේ ඥාති නිවසකට යාමට සිදුවිය. මේ නිවසේ සිටි මගේ ඥාති සොහොයුරා ඒ දිනවල සාමාන්‍ය පෙළ විභාගය සමත්ව, උසස් පෙළ හැදෑරීම අරඹන්ට නියමිතව තිබුණි. ඥාති නිවසට ගෙන යන බිස්කට් කෙසෙල්වලට අමතරව ඥාති සොහොයුරාට තෑගි දීම සඳහා යමක් මිළදී ගැනීමට මට අවශ්‍ය විය. මට එක්වරම සිහියට ආවේ ඔහුට දිය හැකි හොඳම ත්‍යාගය හාෆ් ෂීට් බවයි.

නගරයේ පොත් කඩයකට ගොඩ වැදුණු මා හාෆ් ෂීට් බණ්ඩලයකුත්, සටහන් බහාලීමට මෙන් ම, හාෆ් ෂීට්වල ලිවීමේ දී ආධාරකයක් ලෙස භාවිතා කිරීමට ද හැකි ඝණ ප්ලාස්ටික් ෆයිල් කවරයකුත්, විවිධ වර්ණයේ පෑන් කිහිපයකුත් මිළට ගත්තෙමි.

ඒ සඳහා මා මුදල් ගෙවන කවුන්ටරය අසලට ගිය විට, එහි දී මා දුටුවේ මා එවකට සේවය කළ ආයතනයේ ම සේවයේ නියුතුව සිටි ලිපිකරු මහතෙකි. ඔහු එහි කවුන්ටරයේ සිටි පුද්ගලයා ගේ මිතුරෙක් සේ හැඟිණි.

"හලෝ කොහොමද?" කියා ඔහු මා සමග සිනාසී කතා කළේ ය.

එකෙනෙහිම ඔහු ගේ නෙත ගැටුණේ මා අත තිබු හාෆ් ෂීට් බණ්ඩලය ඇතුලූ භාණ්ඩ කිහිපයයි. ඒ දුටු විගස ඔහුගේ දෙනෙත් විශ්මයාර්ථයක් දක්වමින් විසල් වෙනවා පෙනුණි.

"ආ! හාෆ් ෂීට් කඩෙනුත් ගන්නවා ද?" ඔහුගේ මුවට ක්ෂණයකින් නැගුණු වදන් පෙළ එය විය.

ඒ ගැන ඊට වඩා වැඩි විස්තර කිරීමක් අවශ්‍ය නොවේ යැයි සිතමි.


-රසිකොලොජිස්ට්

ප/ලි
මා කලින් ලිපි දෙකක් පුරා ලියු පරිදි - මෙල්බර්න් නගරයේ පිහිටවූ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය ගැන ඩීබී කුරුප්පු ලියූ ලිපියක් නිසා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තිසර සමරසිංග ගේ තර්ජනයට ලක් වූයේ ද මේ සන්නස පත්තරයයි.

(image: http://kitairu.net/office-and-school-supplies/104309.html)

23 comments:

  1. පළවෙනිම ඡේදෙ "සිංහල" කියන වචනය අඩුයි!

    අපේ ගෙදරත් පෑන් එහෙම කඩෙන් ගන්නෙ නෑ කාලෙක ඉඳල. මොකද අපි යන එන පන්තිවල, වැඩමුළුවල ඇති තරම් පෑන් තියල යනව. හැම කෙනෙක්ම ඒ පෑනටත් එක්කම සල්ලි දීල නිසා තමන්ගෙ එකත්, තව හල පහල දාල ගිහින් තියෙන දෙක තුනකුත් ගෙනාවම කාට පාඩුවෙයිද!

    ඒත් ඉතින් ආන්ඩුවෙ ඉස්පිරිතාලෙ බිත්තර, කන්තෝරුවෙ කඩදාසි, වාහනේ පෙට්‍රල් උස්සනව කියන්නෙ එහෙමද, මොනතරන් ආඩම්භර වෙන්න ඕන දේවල්ද?

    ReplyDelete
  2. හාෆ් ෂිට් වල ආතල් එක සම්පූර්ණ වෙන්න නං ඒකෙ එක පැත්තක් ප්‍රින්ට් කරල තියෙන්නත් ඕනෙ මට නං... හි හි... මං ඒ ලෙවල් කරන කාලෙ මං හිතන්නෙ අපේ තාත්තද කොහෙද ගෙනල්ල තිබ්බ එක පැත්තක් විතරක් ප්‍රින්ට් කරල තිබ්බ 100gsm කොළ හෙන තොගයක්... මං ලියපු තරමක් නෝට්, විචාර, ඇගයීම්, ප්‍රශ්න පත්තර ඇරවා මේවා ලිව්වෙ ඕවයෙ.. පස්සෙ රස්සාවට ගියාමයි දන්නෙ අරවට කියන්නෙ B/L කියල... හි හි.... ( ෂිපිං වලට ටිකක් වටින ලියවිල්ලක්.. පැති දෙකම ප්‍රින්ට් කරල නැත්තං වටිනාකමක් නෑ.. හි හි )

    ඒ උනාට අපි ඒලෙවල් කාලෙදි හාෆ් ෂීට් පාවිච්චි කළේ අඩුවෙන්.. ගොඩක් වෙලාවට පිටු 80 පොත් තමයි... අනිත් එක ඒ කාලෙ නෝට් ලිව්වෙත් නෑ නේ ඉස්කෝලෙදි.. ක්ලාස් වල නං හාෆ්ෂීට් තමයි...

    අනිත් අතට කවි, කතන්දර, ලව් ලෙටර් වලට හොඳම කොළ ජාතිය තමයි ඩිමයි කොල... ( ඒ කිව්වෙ තත්වයෙන් බාල කොළ ජාති.. හිතේ හැටියට ලිව්වෑකි... හි හි)

    මට ඔය කඩදාසි කොළ ජාති වලින් කිසිම අඩුවක් තාමත් නෑ.. මාමට ප්‍රෙස් එකක් තියෙනවනෙ... හි හි

    ReplyDelete
    Replies
    1. අපි සේවය කරන හමුදාවෙ ඔරිජිනල් ගන්න කලින් ඩ්‍රාෆ්ට් එහෙම් ගන්නෙ ඔය කොලවල. මොකද කොල හරිම් සීමිතයි. සමහර කාලවල ඔපීසියල් වැඩවලටත් ඒව ගන්නවා. ඒ4ත් වයිෆ්ලගෙ ස්කෝලෙන් තමා මමනම් ඔපිස් එකට ගෙනියන්නෙ. මොකද ඉස්කෝලෙ ඒව ගන්නෙ ගුණත්මක යෙදවුම් කියලා ලෝකල් පර්චස්වලින්ලු.
      ඒ වුනාට වයිෆ්ගෙ නංගිට වැඩකුත් නැතුව මම දැක්කා ඩියුටි ගියපු වෙලාවක ගෙනාපු විභාගකොල බන්ඩල් 15ක් විතර කාමරේක මීයො කනවා.

      Delete
    2. ඔය ඔෆිස් වල ඕනෙ තරං අයින් කරන කඩදාසි ජාති තියෙනව.. අර අපේ තාත්ත ගෙනත් තිබ්බ කොල ඔක්කොම අයින් කරපුව.. මොකද ඒ ප්‍රින්ට් කරල තියෙන්නෙ පොලිසීස් වගයක්.. ඒවා වෙනස් උනාම ප්‍රින්ට් කරල තියන් ඉන්න කොළ බණ්ඩ්ල් ගනං අයින් කරන්න වෙනව... ගොඩක් වැදගත් ඒවා නං විනාශ කරන්න ඕනෙ.. ඒත් මේව එච්චරම අවුලක් නෑ..

      සාමාන්‍යයෙන් එක පැත්තක් ප්‍රින්ට් කරපු කොළ ප්‍රින්ටර් වලට දාන එක එච්චරම හොඳ නෑ... දැං කොහොමද දන්නෙ නෑ.. ඒත් ඉස්සර නං ලේසර් ප්‍රින්ටර් වල ඩ්‍රම් එක ගොඩක් ඉක්මණට අප්සට් වෙනව...

      Delete
  3. අපිනං ඒ ලෙවල් වලදිවත් හාෆ්ෂීට් පාවිච්චි කළේ නෑ. CR පොත්වල තමයි ලිවුවෙ. ක්ලාස් වලදිනං ඉඳල හිටල පාවිච්චි කළා.
    ඉස්කෝලෙන් අයින් වෙලා දැං කරන රස්සාව කරන්න ගත්තට පස්සෙ තමයි කොච්චර කොළ වර්ග තියෙනවද කියල දැනගත්තෙ.

    ReplyDelete
  4. හාෆ්ෂිට් පාවිච්චියනම් කලේ අඩුවෙන්.. ලියන තරමක් ඒවා ලිවුවේ ඉතින් CR පොත් වල තමයි..

    ReplyDelete
  5. මේක දැක්කම මටත් කතාවක් මතක් උනා........ මම ඉස්කෝලේ අටේ නමේ කාලේ අපේ ලොකු අක්ක කැම්පස්..... හැම තිස්සෙම කතාව එයාල ගහන ෂොට් නොට් ගැන ....... මම හොයලා බැලුවා මොනාද මේ ෂොට් නොට් කියලා ..... ඊට පස්සේ මමත් පටන් ගත්තා වැඩේ ........ ලොකු හල්ෆ් ෂිට් එකක චුටි කුරුමින් අකුරු වලින් මුළු නොට් එකක්ම ලියනවා ......... ඔන්න ඒ කාලේ අපි දන්නා ෂොට් නොට්

    ReplyDelete
    Replies
    1. අපෙ එවුනුත් ඔහොම ලියනවා ඒවට කිව්වෙ මයිනො කියලා. සිලබස් එකම ඔකෙ ලියනව. විබාගෙදි පේපර් එක අස්සට දාගත්තාම ඕපන් බුක් එක්සෑම් එකක් වගෙ. මට කමපනාවුනෙ ඒලෙවල් වලට ඔය එක මය්නෙක් ගෙනිච්චනම් අයිලන්ඩ් බෙස්ට් වෙන්න තිබ්බ කියලා

      Delete
    2. පස්සෙ මතක්වුනේ පසු කාලීනව මයිනන්ව ප්‍රින්ටොඋට් ගත්තෙ ෆොන්ට් සයිස් එක 5 විතර වගේ.

      Delete
  6. ඒකාලෙ නෝට්ස් ලිව්වෙ හාෆ් ෂීට් එක දික් අතට දෙකට නවල තීරු විධියට.
    ඒ දවස්වල විභාග දෙපාර්ථමේන්තුවේ උත්තර ලියන ෂීට්සුත් ඉස්කෝලෙ නෝට්ස් ලියන්ට ගත්තා.

    ReplyDelete
  7. //ඉන් පසුව එළැඹි සමයේ දී මා අතින් සිදුවුණු එකම ලිවීම වූයේ ඉඳහිට ලියවෙන කවියක් පමණි. පුදුමයකට මෙන් ඒ සඳහා මා භාවිතා කිරීමට පෙළඹී තිබුණේ මොනිටර් පොතකි. //

    ඉඳහිට කීවට කවි ගොඩක් ලියන්ට ඇතිනේ? :P

    ReplyDelete
  8. මා නම් උසස් පෙලටත් ලියුවේ මොනිටර් පොත් වල. ඒ කාලේ එක්තරා පාලු කඩයක SPC එකෙන් හදපු ලොකු මොනිටර් පොත් වගයක් ඉතුරු වෙලා තිබුනා. මේ කඩය හැමෝම දන්නේ නැති නිසා අපොස උපේ ඉවර වෙනකම් එතනින් පොත් ගත්තා. කොළ වල ලිවිම ටිකක් මෙසී දෙයක් කියලයි මගේ සිතේ තිබුණේ. එහෙම සමහරුන් ඉන්නවනේ.

    "මහජන දේපොළ" කියන දේවල් "තමන්ගේ" වුවත්, ඒවාට අපේ ඇති ආකල්පය එක පාරටම වෙන වන්නේ හරි පුදුම විදිහට නේද? අපේ වැඩ කරන තැන මුද්‍රණ යත්ත්‍ර ගාව ගොඩ ගැසෙන මුද්‍රිත කොළ ගොඩ, ලඟදි හඳුන්වා දුන් ක්‍රමය නිසා එක පාරට නැතිව ගියා. දැන් කොම්පියුටරයෙන් 'මුද්‍රණය කරණු' බොත්තම ඔබාපු ගමන් මුද්‍රණය වෙන්නේ නැහැ. එය තමන්ගේ ගිණුමට මුද්‍රණ යන්ත්‍රයේ පෝලිමට එකතු වෙනවා. අපේ අතට දීල තියන පොඩි බොත්තම අරන් තමන් මුද්‍රණ යන්ත්‍ර ගාවට භෞතිකව යා යුතුයි. පුදුම වෙනසක් ඇති වුණේ.

    ඔන්න ඕකයි කියන්නේ සැබෑ සමාජවාදයක් ගොඩ නගන්න පුළුවන් ටික දෙනක් විසින් තුවක්කු පෙන්වා බලෙන් නොවේ. නියම සමාජවාදී මිනිසුන් මේ ධනවාදී ලොවේ මට හමුවී තියනවා.

    ReplyDelete
  9. මොනිටර් පොත් කියන්නෙ වෙළඳ නමක් වෙන්න ඇති නේද?

    හාෆ්ශීට් වල ලිව්වම තියෙන ලොකුම අමාරුව තමයි සෙමෙස්ටරේ මුල ලියපු හාෆ්ශීට් අග වෙද්දි හොයාගන්න නැතිවීම. ඊළඟට මුල මැද අග හොයාගන්න නැතිවීම.

    මම උ.පෙ. කරන කාලෙ හාෆ්ශීට් වලට වඩා ලාභදායක ක්‍රමයක් හොයාගත්තා ගණන් හදන්න. කඩවල කෑම පාර්සල් කරන්න තියෙන කොළ කිලෝ ගානට ගෙනල්ලා ඉරලා ගත්තා.

    ReplyDelete
  10. ගෑල් ලමයි ගැන මහලොකුවට ලියන කියන අයගේ කෙරුවාව බලන්න .මාතලන් ගෙ බ්ලොග් එකේ මෙහෙම තිබුනෙ.

    //AnonymousFebruary 4, 2015 at 10:09 PM
    ඔය දින 100 යෙ මගුලෙන් කාරි නෑ
    අනේ අර දිල්කා කෙල්ල 360 ටේ පෙනෙන්න නැත්තෙ ඇයි කියල කවුරු හරි කියනවද.
    මට ඒකිව දකින්න නැතුව තොන්තුවාව වගේ.
    අර ගොරිල්ලෙක් වගේ එකෙක් දැන් ඒක කරගෙන යනව කිසි ගතියක් නෑ

    Replies

    දේශක යාFebruary 4, 2015 at 10:29 PM
    හැක් හැක්.. මටත් ඕකම හිතුනා බොල.. මොනා උනත් ඒ කෙල්ල හරි සිරියාවයි.

    Maathalan - Priyantha HewageFebruary 4, 2015 at 11:06 PM
    ඊට වඩා පට්ට කෑල්ලක් ඉන්නවා සෝමවාහිනියේ අඟහරුවාදා හරි බදාදා හරි රෑට .. අරයා කැළේ...

    ඉවාන් පවුලූශාFebruary 5, 2015 at 2:01 AM
    පොඩ්ඩක් ඉවසලා ඉඳිල්ලා ඒකි අඩු ගානේ හම්බවෙච්ච් ළමයට කිරිටිකක් වත් දෙනකං

    Helapa kadeFebruary 5, 2015 at 2:27 AM
    ඔව් බං ඔය කොල්ල කියනවා වගේ තුවාල වේලෙනකල් වත් ඉවසපල්ලකො.අනික උඹල ළමය බලන්නවත් ගියාද?//


    බබා හම්බෙවෙන්න ගිය ටිකට වත්
    කතා නාහ ඉන්න පිනක්
    නැති අසරන ගෑල්ලමයා මං.
    බබා හම්බ වෙද්දි හැදුනු
    මගෙ තුවාල වේලෙනකන් බලන් ඉන්න
    මාමලා වගෙ මිනිස්සුන්ගෙ
    කතා අහන්න වෙච්ච ගැල්ලමය මං.

    තමන්ගෙ ගෙදර ඉන්න හඩු ගඳ ගහන, බඩ තඩි, කිහිල්ලෙ මයිල් පුරෝගෙන වයසක මාමලාගෙ නාකි නෝනලා, දූල ගෙදර පරිස්සමට තියල, රටේ ඉන්න අනිත් ගෑනුන්ට, තමන්ගෙ දුවලා වගෙ උනත්,කෙල පෙරන මහා මානව හිතවාදියන්ගෙ සබෑ අදහස් තමයි ඔය උඩින්ම තියෙන්නෙ.
    ඒ කියන්නෙ,
    මාතලන් ට ඉවාන් ගෙ දුව උනත් කෑල්ලක්
    හැලපෙට ට මාතලන් ගෙ දුව උනත් ලමයා හම්බෙලා තුවාල වේලෙනකන් ඉස්පාසුවක් නැහැ.
    මේක කමෙන්ට් කරාම,
    ඉවන් පව්ලූශ යි, මාතලනුයි,
    ඉක්මනට එම කමෙන්ට් මකලා දැම්මා.
    හැබැයි දකින්න ඕනැ අය දැක්කා.බස්සි මේකට මොකද්ද කියන්නෙ කියල අහන්න මම කැමතියි. මේක මකන්නෙ නැතුව උත්තර දෙන්න.

    ReplyDelete
    Replies
    1. පොකට් කාරයා පොකට් එකට ගසා දුව යන ගමන් අන්න පොකට් කාරයෙක් අල්ලපියව් , අල්ලපියව් යයි කෑ ගසයි
      අනුන්ට කොඩිවින කරන මිනිහා , තමන්ගේ ගෙවල් වටේම ඉන්න උන් තමන්ට කොඩිවින කරනවා යයි දෙස් තියයි
      වැඩපොළේ හොරකං කරන මිනිහා බොස් හමුවී , සර් .. එකෙක්වත් විශ්වාසකරන්න එපා මෙතන ඔක්කොම හොරු කියයි

      එලෙසින්ම ...

      ඇතැමුන් අනුන්ට ගෝත්‍රිකයන් , හරකුන් යයි නිතර දෙවේලේ කියන්නේද මේ හේතුව නිසා බව තේරුම් ගත යුතුය. එය තමන්ගේ අශිලාචාර ගෝත්‍රික පහත් මනස ආවරණය කර ගැනීමටත් තමන්ගේ හර්දයසාක්ශියෙන් නැගෙන චෝදනා නිශේද කර ගැනීමටත් කරන ප්‍රයෝගයකි....

      නමුත් ඒ ගෝත්‍රික ලක්ෂණ අවස්තාව පැමිණි විට තමන්ගේ නිරුවත් පුක (©2015 කකා ) සමාජයට පෙන්වයි

      Delete
  11. රසික මම නං අවංකව ම මොනවා හරි පෞද්ගලික පොඩි (1-5 පිටු ) ප්‍රින්ට් අවුට් එකක් ඕන නං ඔෆිස් එකේ තියෙන Fuji Xerox එකෙන් ගහගන්නවා. ඒකට හරියන්න පැය බාගයක් විතර වැඩිය වැඩ කරලා OT නොදා ඉන්නවා . රසික එහෙම කරන්නේ වත් නැද්ද ?? ;)

    ReplyDelete
    Replies
    1. හයියෝ ඕකත් මොකක්ද මහසෝන්? අපේ මුද්‍රණ යන්ත්‍ර ගාව ඉස්සර වර්ණයෙන් මුද්‍රිත කොළ ඕනෙ තරම් ගොඩ ගැහිලා තිබුණා. මේවායින් සමහරක් ඇත්තටම කාර්යාලීය ලියවිලි. නමුත් "අයිතිකාරයෙකු" නැහැ.

      Delete
  12. //"ආ! හාෆ් ෂීට් කඩෙනුත් ගන්නවා ද?" ඔහුගේ මුවට ක්ෂණයකින් නැගුණු වදන් පෙළ එය විය.//

    එතනින් එහාට කතා කරන්න දෙයක් නැත. බහුතරය ඔහොම ප්‍රශ්න අහන්න පුළුවන් කම තියෙන විදියට වද කරපු කට්ටිය තමයි.

    ReplyDelete
  13. ඉස්කෝලේ යන කාලේ මටත් හම්බවෙලා තිබුනා එක පැත්තක් මුද්‍රණය කරපු හාෆ් ෂීට් බන්ඩල් කීපයක්. ඒ නිසා කෙටි සටහන් වලට ගණන් හදන්න පාවිච්චි කලේ ඒවා. හාෆ් ෂීට් කඩෙන් අරගෙන ඒ දේවල් වලට යොදා ගන්න ඒ කාලේ හැකියාවක් නොතිබ්බ හින්දා හුඟක් අරපිරිමැස්මෙන් අර කොල ටික පාවිච්චි කල හැටි මට හොඳට මතකයි. සමහරදාට ප්‍රින්ට් එක තියෙන පැත්තේ අයිනේ තීරු වලත් ගණන් හැදුවා. ඒ මතකයන් ගොඩක් මේ පොස්ට් එක එක්ක හිතට ආවා.

    ReplyDelete
  14. අපේ ඔෆිස් එකෙත් ඔක්කොම අය වගේ හාෆ් ෂීට් කඩෙන් ගන්නේ නැහැ වැරදිලාවත්.අනිත් එක අපේ අය හාෆ් ෂීට් කියලා පාවිච්චි කරන්නේ A4 80gsm කොළ.එක හාෆ් ෂීට් වලට වඩා මිලෙන් වැඩියි.කොහොම වෙතත් මගේ පුද්ගලික වැඩවලට හාෆ් ෂීට්,A4 පේපර්ස් ඕනේ නැති නිසා මම නම් කඩෙන්වත්,ඔෆිස් එකෙන්වත් එව්වා ගන්නේ නැහැ.
    හැබැයි සමහර විට මට ඕනේ කරන ප්‍රින්ට් අවුට් නම් මම ඔෆිස් එකෙන් ගන්න වෙලාවල් තියෙනවා.එකත් ගොඩක් වෙලාවට ගන්නේ එක පැත්තක් මුද්‍රණය කරපු කොළ වලයි.

    ReplyDelete
  15. කෝ මේ රාජ්.
    මොකද ඔබ කමෙන්ට් කරන්නේ නැත්තේ.

    ReplyDelete
  16. එක රාජ්‍ය ආයතනයක මෙසේ ලියා තිබුනාලු. "මෙය ඔබේය එය රැකගැනීම ඔබේ යුතුකමකි" කියා . එය දැක්ක අයෙක් " හා ං මෙය මගේද? එසේනම් මා මෙය රැගෙන යමි" කියා එය ගෙදර ගෙන ගියාලු.!

    ReplyDelete
  17. කාලය පිළිබඳ ප්‍රශ්ණය නිසා මේ ලිපියට ලැබුණු තක ප්‍රතිචාරයකටවත් පිළිතුරු සපයන්නට බැරි වීම ගැන සමාවෙන්න.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.