Saturday, 7 March 2015

නහයට උඩින් යන තෑන්ක් යූ කීම - Overflowing courtesy


කිසිම ගෞරව කිරීමක් තුන් සිතකවත් නැතිව, සිංහල අප විවිධ පුද්ගලයින්ට ලිපි ලිවීමේදී සහ මෑතක සිට ආමන්ත්‍රණයේ දී පවා "තුමා" යන පසුවදන යොදා ගැනීම සිංහල භාෂාවේ ඇති අති සදාචාර සම්පන්න බවකට වඩා යටින් එකක් තියාගෙන උඩින් වෙනකක් පෙන්නීමේ දීන කමක් බව කියා මා මින් පෙර "උතුමාණෝ සහ බලු ගැත්තරයෝ - Lords and Peasants" දී ලිපියේ සඳහන් කළෙමි.

අද මේ වෑයම අපරදිග රටවල ඇති Please සහ Thank you යන වචන භාවිතය අත්දැකීම් සහ අදහස් දැක්වීමයි.

මේ සති අන්තයේ නිවසට අවශ්‍ය කෑම බීම ඇතුළු පාරිභෝගික භාණ්ඩ මිළට ගැනීම සඳහා මා වාසය කරන නියම් ගමේ පිහිටි "ගෙදර යන ගමන්" වර්ගයේ කඩයට ගොස් බඩු මුට්ටු ට්‍රොලියකට පටවා ගෙන කවුන්ටරයට ගිය විට ඇතිවුණු දෙබස මෙන්න මේ ආකාරයේ විය.

සේවකයා: හව් ආ යූ?
මම: ගුඩ්. තෑන්ක්ස්. හව් ආ යූ?
සේවකයා: ගුඩ්. තෑන්ක්ස්.

ඉනික්බිති සේවකයා මගේ බඩු භාණ්ඩ එකිනෙක ස්කෑන් කරමින් ඒවායේ මිල පරිගනකයට ඇතුලත් කර අවසානයේ එකතුව මට දැන්වූයේ ය.

මම ක්‍රෙඩිට් කාඩ් එක (ණයවර පත) එහි වූ යන්ත්‍රයේ ස්කෑන් කළෙමි.

සේවකයා: එනි කෑෂ් අවුට්?
මම: නෝ තෑන්ක්ස්.
සේවකයා: එන්ටර් යුවර් පින් ප්ලීස්

මම එය ඉටු කළෙමි.

සේවකයා: තෑන්ක්ස්.
මම: තෑන්ක්ස්.
සේවකයා: හියර්ස් යුවර් බිල්.
මම: තෑන්ක්ස්.
සේවකයා: හෑව් එ නයිස් ඩේ.
මම: තෑන්ක්ස්. යූ ටූ හෑව් එ නයිස් ඩේ.
සේවකයා: බායි!
මම: බයි බායි!

කොයි කඩයට ගියත් පෙර සඳහන් චර්යානුගත සංවාදයේ නිරත වීමට මේ නොරටේ දී අපට සිදුවේ. ඇතැම් විට සංක්‍රමණිකයෙකු විසින් පවත්වාගෙන යනු ලබන වෙළඳහලක දී නම් තත්වය මදක් වෙනස් විය හැක.

මේ ලංකාවේ සිටියදී අප සහභාගී නොවූ ක්‍රියාවලියකි. එදා අවුරුදු පහළොවකට පෙර "ගෙදර යන ගමං" යන්නට මට තිබුනේ නුගේගොඩ සතොස, බොරුල්ල මාරකැට්ටුව වැනි තැන් ය. නිතර ගොස් හොඳට අඳුණන එළවළු වෙළෙන්දෙකු සමග හැර "ගිහින් එන්නම්!" යන වචන දෙක පවා භාවිතා නොවිනි.

අද මා වෙසෙන රටේ දී අත්විඳින ආකාරයේ Please සහ Thank you භාවිතයක් නම් "ආයිබෝවන්" කියා අප පිළිගන්නා "ගෙදර යන ගමං" කඩ වල වුවද අද පවා නැති යැයි සිතමි.

සංක්‍රමණික ජීවිතයේ මුල් කාලයේ දී මේ ආචාරශීලී චර්යාව සහ අති බහුල Please සහ Thank you වදන් භාවිතය අපට එක්තරා ආකාරයට හිසරදයක් විය. මේ ආචාර්යශීලීත්වය හුදෙක් කරනවාට කරනවා විනා How are you? කියා අසන්නේ ඇත්තටම දුක සැප දැන ගැනීමට නොවන බව සත්‍යයකි. එලෙස සලකා බලන කල, අප ආයිබෝං කියා කියන්නේ ද ඇත්තටම දීර්ඝායුෂ පතා නොවේ!

මුල් කාලයේ එසේ වුවත් දැන් නම් මා වසර ගණනාවක්ම නොරට දිවිය ගත කර ඇති නිසා, එලෙස Please සහ Thank you නැත්තං එය අඩුවක් හෝ නොසැලකීමක් ලෙසද හැඟේ.

Please සහ Thank you යන වචන දෙක සඳහා සිංහලෙන් අපි පාවිච්චි කරන "කරුණාකර" සහ "ස්තුතියි" යන වචන දෙක මට හැඟෙන පරිදි ස්වාභාවික සිංහල වචන නොව, ඉංගිරිසි භාෂාවේ Please සහ Thank you භාවිතය ගැන සිතා වාත්තුකර සාදාගත් වචන වේ.

ලිඛිත ලේඛණ වලදී හෝ මහජනයා ඇමතීමේදී හැර මේ "ස්තුතියි" සහ "කරුණාකර" වචන භාවිතයේ නුහුරු නුපුරුදු කමක් අපි බොහෝ දෙනෙකුට දැනෙන්නේ ඒ නිසාය.

"කරුණාකර" සහ "ස්තුතියි" වචන වලට වඩා "ප්ලීස්" සහ "තෑන්ක් යූ" යැයි පැවසීම අපට ලේසියෙන්ම කළ හැකිව ඇත්තේ ද එනිසාම ය.

"තුමා" යන විශේෂණ පදය යෙදීම ගැන මා ලියූ අදහස් ගැන කෙසේ වෙතත් ස්තුතියි සහ කරුණාකර වදන් පිළිබඳව මගේ අදහස් සමග වැඩි දෙනෙක් එකඟ වෙනු ඇතැයි සිතමි.

-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)

(image: http://i107.photobucket.com/albums/m282/pure100/com2/how-are-you/009.gif)

25 comments:

  1. මා අද ගොඩක් කාලයට පස්සේ අපේ ලාංකික කඩේට ගියා. සල්ලි ගෙවුවහම බඩු ටික දීලා, තෑන්ක් යූ කියල, සී යූ සූන් කියුවා! (කොලා නේද?)

    ReplyDelete
  2. Oh, what an absolutely lovely post ! I thoroughly enjoyed it. Thank you so much. :-DDD

    ReplyDelete
    Replies
    1. I will be eternally grateful if you would be kind enough to let me know the type of proof required Mr. Upashantha. Thank you.

      Delete
    2. //Please prove you're not a robot...!// +++++++++++++++++++

      Delete
  3. මට මතක් වුනේ අබර සිල් ගත්ත කතාව

    ReplyDelete
  4. මම හිතන්නෙ දැන් තත්වෙ ටිකක් වෙනස්. ඔය ගෙදර යන කඩවල කවුන්ටරේට ආ ගමන් "ආයුබෝවන්" කියල යනකොට "ස්තූතියි" කියනව මම අත්දැකල තියෙනව හැමවිටම වගේ.

    මට ඇත්තටම පුදුම හිතුනෙ මේ බහරේන් රටට ආ මුල් කාලෙ රියදුරන් ස්තූති කරන විදිහ දැක්කම. අපි ඉඩ දුන්නොත් ඔවුන් අනිව අතක් උස්සල හරි ලයිට් දාල හරි ස්තූති කරනවමයි. වැරැද්දක් උනත් එහෙම සමාව ඉල්ලනව. ලංකාවෙ විතරක් නෙමේ ඊට කලින් කටාර් වලත් ඉඳල පුරුදු මට ඒක ටිකක් අමුතු අත්දැකීමක් උනා!

    ප/ලි

    ඔබ දැකල/ අත්විඳල ඇති නෝලිමිට් ආයතනයෙ සේවකයන් වඩා ආචාරශීලියි සහ සුහදයි වෙන රෙදි කඩවලට වඩා.

    මේකට එක හේතුවක් තමයි ඒ හිමිකටුවන් තමැන්ගෙ සේවකයන්ට බොහොම ලොකු මුදලක් වියදම් කරල රටේ නමගිය සම්පත් දායකයො ලව්ව සේවකය්න්ට ඒ ගැන පුහුණු පාඨමාල තිබ්බ එක.

    ReplyDelete
    Replies
    1. //ඉංදික අයියේ 'නෝලිමිට්' ආචාරශීලී බව තියෙන්නෙ උන්ගෙ ලොක්කෙක් ළඟ ඉන්නකන් සහ මුස්ලිම් ගනු දෙණු කරුවෙක් ළඟ නැත්තං පමණයි.හෙන ගනකම..//

      හිකිස් .. මං කියන්න හදපු එක මෙන්න වෙන එකෙක කියල. එතන කෙල්ලෝ සාමාන්‍යයෙන් හොඳයි. (උන් සිංහල හින්ද ). හම්බ කොල්ලෝ එකෙක් වත් සිංහල කස්ටමර්ස් ල පඩේකට ගනං ගන්නේ නැහැ. නිකං අතපල්ලෙන් වැටිච්ච ගානට තමයි සැලකිල්ල. අනේ මන්ද උඹල ලෝකේ දකින්නේ ඔලුවෙන් හිටගෙනද කියල. අපි අත්දකින ලෝකේ නෙවෙයි උඹල ඉන්නේ...

      ඔන්න අලුතෙන් හදපු ෆැෂන් හවුස් එකේ නං එලම සෙට් එකක් වැඩ. එත් අපේ කරුමක්කරයන්ට ඒවා පේන්නේ නෑ නේ. නෝලිමිට් නං හොඳායි....

      Delete
    2. අවුරුද්දකට විතර කලින් නෝලිමිට් ගියෙ අන්තිමට.. ඒ‌ෙක කට්ටියගෙ අමුතු හොඳ කමක් නෑ මට නං පේන විදියට.... අනිත් ලොකු කඩ වගේම තමයි... මෑතකදි ගියෙ CIB එකට... ඒකත් එසේම තමයි... නරක නෑ.. කියන්න තරං අමුතු හොඳකුත් නෑ.... ඒත් මං සාමාන්‍යයෙන් ඇඳුම් ගන්න යන්නෙ පොඩි කඩ වලට... ගොඩක් වෙලාවට ඒවයෙ සේවකයො කීපදෙනෙක් එක්ක කඩේ අයිති කෙනෙක්ම ඉන්නව... අපි ඒ අයට හොඳට කතා කරනවනං ඒ අයත් ඒ විදියට අපිට උදවු කරනව... ( ඒ උනාට අපේ අය ඉතිං බඩේ බත් උලක් නැති උනාට කතාවෙනුයි වැඩනුයි පෙන්නන්නෙ හැමදාම උදේට කැපචිනෝ බොන ගානටනෙ... )

      Delete
  5. ඔයාකාර වචන භාවිතය නිසා 'මළ පැනීම' අඩුකරගෙන සමාජ ගනුදෙණු කරගත හැකි බව නම් ඇත්තකි.අපේ ගෙදරට එන මාළුකාරයාට තැන්කියු කීම නිසා ඔහු සතුව ඇති ඉස්තරම් මාළු අපට ලබාදීමට ඔහු තීරණය කර ඇත.ඒ එය ඔහුගේ හදවතට එය දැනීම නිසාවෙනි.කටට දිවට හුරුකර ගැනීමෙන් හදවතට සැහැල්ලුවක් ලැබෙයි.
    ඉංදික අයියේ 'නෝලිමිට්' ආචාරශීලී බව තියෙන්නෙ උන්ගෙ ලොක්කෙක් ළඟ ඉන්නකන් සහ මුස්ලිම් ගනු දෙණු කරුවෙක් ළඟ නැත්තං පමණයි.හෙන ගනකම..
    ස්තූතියි.(?)

    ReplyDelete
    Replies
    1. ගිහිං එන්නං/බුදුසරණයි/පරිස්සමෙන් ගිහිං එමු වගේ දේවල් ගමේ කඩේදි නං ඇහෙනවා

      Delete
  6. ඔබේ අදහස් සමග එකඟයි. වරක් මා ලංකාවේ කාගිල්ස් ආයතනයේ සේවය කරද්දී මතකයි කැෂියර් හැම කෙනාටම දෙන උපදෙසක් තමයි හොදට කට ඇරලා ආයුබෝවන් කියන්න සහ අන්තිමට බිල් එක දීලා තැන්ක්ස් කියන්න කියන එක, ඒකට හේතුව ඒ ගැනුම් කාරයව ආපහු ගෙන්න ගන්න .

    ReplyDelete
  7. රසික මුලින් සදහන් කල දෙබස්, බසාව වෙනස් වුනත් මේ රටෙත් හෑමවෙලේම වගෙ භාවිතා වෙනවා සුපර් මාර්කට් වල වගේම වෙනත් බොහෝ ආයතන වලත්,බස් රත වල රියදුරු සහා මගීන් අතරත් සුබ "උදෑසනක්""සුබ දවසක්" වගේ වචන හුවමාරු වෙනවා.මුදලක් වෑය නොවන මෙවෑනි දේ කොයි තරම් වටිනවද?පසුගිය වසරක් පුරාවට රෝහලේ දීත් මෙය හොදින් අත් විදල තියෙනව.(ඔබට ස්තුතියි.සින්හලෙන් ලියන්න උනන්දු කලාට. මාතලන් උන්නෑහෙ තමයි මුලින් වසරකට විතර කලින් ඔය අදහස කියල තිබුනෙ.)(රන්ජන්)

    ReplyDelete
  8. ඔය කතන්දරේම, එදා ලිපියට මං දාපු කමෙන්ට් එකේදිත් කියවුනා නේද?

    මම අදත් කියන්නෙ එක එක භාෂා සහ සංස්කෘතීන් අතර “එකට එක“ (one to one) ආකාරයේ සම්බන්ධතාවක් නැති බව. ඉංගිරිසියෙන් “යූ ගෝ“ කිව්වොත් ඒකෙ තේරුම “තෝ පල“ වගේ එකක්. “ප්ලීස් ගෝ“ කියන්නෙ “යන්න“ කියල කියන එකයි. සිංහල භාෂාවෙ වචන වල “ප්ලීස්“ කියන කෑල්ල එම්බෙඩ් වෙලා තියෙන්නෙ. ආයෙ අමුතුවෙන් ප්ලීස් කියන්න අවශ්‍ය නෑ. තවත් යාප්පු වෙන්න අවශ්‍යනම් “අනේ යන්නකො“ කියන්නත් පුළුවනි. ඉංගිරිසියෙන් එච්චර ලස්සනට භාෂාව හසුරුවන්න බැහැ.
    මම එදා “තුමා“ කතාවට කිව්වෙත් ඒ වගේ දෙයක්. අනිත් එක, අපේ නම් වලදි අග අකුර ඇදෙන්න ඕනැ. ඒකනෙ අපිට රසිකයා, ශණියා, මහින්දයා කියල කියවෙන්නෙ. ඉතින් එක්කො ජනාධිපතියා කියන්න ඕනැ. ඒක හරි නෑ වගේ නිසා තමයි තුමා කෑල්ලක් දාන්නෙ. (ප්‍රින්සිපල්ට පිනා කියන්නෙත් පොලිස් කාරයට කොස්සා කියල කියන්නෙත් ග්‍රාම නිලධාරී ට ග්‍රාමයා කියන්නෙත් අගෞරව කරන්න නෙවෙයි.)
    මගෙ එදා කමෙන්ට් එක බලන්නකො (ප්ලීස්)

    ReplyDelete
  9. බොහෝ වෙළඳ සැල් වල සංවාදයන් මෙහෙත් වෙන්නේ ඔය විදිහටම තමයි.. ලංකාව ගැන හිතුවම ආයුබෝවන් කියලා කෙනෙක් පිලිගත්තත් මම හිතන්නේ නෑ හුඟක් දෙනෙක් ස්තූතියි කියලා කියනවා කියලා.. ඒ වෙනුවට ඉතින් ඕනම කෙනෙක් තැන්ක්යූ කියන එක ලේසියෙන්ම පාවිච්චි කරනවා.

    ReplyDelete
  10. Rasika-this is a nice post. But have you had the same experience when a South Asian, especially Indian guy/girl is manning the counter. My experience is that they say hi and thank you only to westerners and not to Sri Lankans or dark skinned people. Last night I was at Safeway and the Indian guy only said thank you after I have said thank you at the end of the transaction. I find it appalling. But as we all know, most Indians do not have good manners.

    ReplyDelete
  11. අපිටත් දැං හොද සිංහල වචන දෙකක් තියෙනවා නේ.. එකක් තැන්ක්ස්.. අනික ප්ලීස්..

    ReplyDelete
  12. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මා කලින් පිළිතුරු දී ඇති අසත්‍ය ප්‍රචාර වලට නැවත ඉඩ දීම තේරුමක් නැති වැඩකි.

      Delete
  13. ආයුබෝවන්....අපේ එවුන්ගෙ කොහොමටත් අමුතු මහන්තත්වයක් තියනවනෙ.. දිව නැමෙන්නේ නැති ගතියක් තියනවා ඔව්ව කියවෙන්න. ස්තුතියි ... නැවත එන්නම්..

    ReplyDelete
  14. ආයුබෝවන්..

    ReplyDelete
  15. ගෙදර යන ගමන් කඩ වල ඔය සිරිත ඇත.. වැඩේ කියන්නෙ උන් කිව්වට අපේ අයට කියවෙන්නෙ නැති එකනෙ.... හි හි... මටත් ඔය කඩේකදි බඩු අරන් තැන්ක්යු කියන පුරුද්ද හින්ද මුලදි මාර අප්සට් එකක් තිබ්බ... කට්ටිය මට බැන්නත් එක්ක.... ඒත් ඉතිං ඒක මගේ පුරුද්ද... දැං නං කට්ටිය ගෙදර යන ගමන් කඩවලට යන නිසා ඒකෙ අමුත්ත මැකිල ගිහින්...

    කඩේට එන අය ගොඩක් වෙලාවට අපි දන්න අය.. නොදන්න කෙනෙක් උනත් දන්න කෙනෙක් වෙනව ඉක්මණට... ඉතිං නම කියලම කතා කරන්න පුළුවන්... ඒ නැතත් ආයුබොවන් ඕනෙ නෑ... හොඳට කට පුරා හිත පුරා හිනාවක් උනත් හොඳටම ඇති මං හිතන්නෙ... ( අර පරණ උන්දැලගෙ ආයිබෝං වගේ හිතට වදින ගතියක් නෑ මේ ආයුබෝවන් එකේ මට නං..)

    ReplyDelete
  16. ආයුබෝවන්,රසික ඔය වචන සමහර විට අපි නිකම්ම කිව්වත් අපේ "ආචාරශීලිත්වය"පෙන්වන්න පුළුවන් හොඳ වචන දෙකක්නේ ඔය.ස්තූතියි ඔබට මේ ලිපිය ගැන.

    ReplyDelete
  17. බුදු සරණයි බායි ටටා බුදු සරණයි බුදු සරණයි එහෙනම් එන්නං ඈ

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.