මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Sunday, 1 March 2015
ඇයි ඉලෙක්ෂන් එකට අපි සියඹලා ගේන්න ම එපාද? - Our politicians and their foolishness
Aren't we all getting fat?
පෙරේදා ලියා පළ කළ මී හරකයි, එළ හරකයි? - Thirupathi worshiping, yuk! යන සටහනෙන් කීමට මා අදහස් කළේ, එදත් අදත් අපේ බුද්ධාගංකාර දේශපාලුවන්, අපේ ඡන්දයෙන් තනතුරුවලට පත්වෙන්න කලින්, ඒ සඳහා නොපෙනෙන අන්‍යාගමික දෙවිවරුන්ට බාර හාර වෙන්නටත්, ඉන්පසු ඒ බාර ඔප්පු කිරීමටත් අපේ ම සල්ලිවලින් කෝවිල් ගානේ රස්තියාදුවීමේ තියෙන අශික්ඛිතබවයි.
අද මේ මා කියන්නට යන්නේත් ඒ ආකාරයේ ම කතාවකි.
මේ වසර 1982 ඔක්තෝම්බරයේ පැවති ලංකාවේ පළමුවෙනි ජනාධිපති ඡන්දයේ මුල් දින කිහිපයයි. මේ ජනාධිපති ඡන්දය සඳහා, යුඇම්පීයෙන් එවකට බලයේ සිටි ජනාධිපති ජේ.ආර්. ජයවර්දෙනත්, සිරිලංකා එකෙන්, එහි පාරම්පරික නායිකාව වූ සිරිමා රත්වත්තේ බණ්ඩාරනායක ගේ ප්‍රජා අයිතිය ඇය කලින් අගමැතිව සිටි සමයේ බලය අයුතු ලෙස භාවිතා කිරීමේ වරදට දඬුවම් ලෙස තහනම් වී තිබුණු නිසා, හෙක්ටර් කොබ්බෑකඩුව නම් හිටපු ඇමතියෙකුත් ප්‍රධාන අපේක්‍ෂකයින් වශයෙනුත්, ඔවුන් සමග නොව එකිනෙකා හා තරග වදින්නට තවත් අපේක්‍ෂකයින් පස් හය දෙනෙකුත් ඉදිරිපත් වී සිටියහ.
පොඩි කාලයේ සිටම යූඇම්පීකාරයෙකු වුණත්, මේ වන විට මම ඒ මෝඩකම් අතහැර දමා සිටියෙමි. එයට ආසන්න ම හේතුව වූයේ 1980 ජූලි වැඩ වර්ජනය හා ඒ කාලයේ සිදුවෙමින් පැවතුණු තවත් විවිධ දේ පිළිබඳව මට ඇතිවී තිබුණු ප්‍රශ්න රාශියකි. ඒ කතා පසුවට තබමි.
ඡන්දය සඳහා නාමයෝජනා පත්‍ර භාර දී දින කිහිපයකට පසු ගම්පහ පැවති සිරිලංකා එකේ ඡන්ද රැස්වීමක් බලන්නට මා ගියේ, ඔවුන් බලයේ සිටි සමයේ නොදකින් යන ධනාත්මක චින්තන ප්‍රාර්ථනයෙන් නිරතුරු පිදුම් ලබමින් සිටි පක්‍ෂයක් වුණත්, පසුගිය වසර තුන හතරක කාලය තුළ ඔවුන් ගේ කිසියම් හෝ වෙනසක් හොඳ අතට වී ඇතිදැයි දැන ගැනීම පිණිසය.
රැස්වීම පැවැත්වුණේ ගම්පහ නගර සභා පිටියේ ය. වේදිකාව සාදා තිබුණේ නගරය සහ දුම්රිය මාර්ගය පැත්තේ කොනට වෙන්නට බව හොඳින් මගේ මතකයේ ඇත. මේ පිටියේ ම මා නරඹා ඇති වෙනත් සිරිලංකා රැස්වීමක වේදිකාව සාදා තිබුණේ නගරයෙන් විරුද්ධ කොනේ චිත්තානන්ද ලා පදිංචිව සිටි නිවස පැත්තට වෙන්නටයි. ඒ රැස්වීමේ දී සූරියප්පෙරුම කළ කතාව ගැන ද මට හොඳ මතකයක් ඇත. එය ද පසුවට තබමි.
මා 1982 සැප්තැම්බර යේ ගම්පහ නගර සභා පිටියේ පැවති ඒ ඡන්ද රැස්වීම නැරඹීමට ගොස් මද වේලාවක් යන විට ප්‍රධාන කථිකයා, එනම් හෙක්ටර් කොබ්බෑකඩුව, එහි පැමිණි අතර තවත් මද වේලාවකට පසු ඔහු ගේ වාරය පැමිණියේ ය.
"ගම්පහ ආසනයේ වෙසෙන නෝනාවරුනි මහත්වරුනි", කොබ්බෑකඩුව සුපුරුදු අවසර ගැනීම් යනාදියෙන් අනතුරුව තම කතාව ඇරඹීය.
"මා පසුගිය දාහත්වෙනිදා ජනාධිපති ඡන්දය සඳහා නාම යෝජනා පත්‍ර භාර දීමෙන් පසු කෙළින්ම ගියේ කතරගමටයි. ඒ යන අතරතුර දී මට හමුවුණා විශාල පිරිසක්. කතරගම දී මා, කතරගම දෙවියන් ගේ ආශිර්වාදය ලබා ගත්තා. ඒ කටයුත්තෙන් පසු මට ස්ථිරව වැටහුණා ලබන මස විසිවෙනිදා පැවැත්වෙන ජනාධිපති ඡන්දයෙන් මට ජයග්‍රණය ලැබෙන බව."
"ආ, ඇත්තද, එහෙනං ඉතිං අපේ ඡන්දේ ඕනෑ නෑනේ, ඔහේ දෙයියං ගේ පිහිටෙන් දිනන්නකෝ!" මට සිතුණි.
ගම්පහ ආසනයේ කෙසේ වෙතත්, රට පුරාම බහුතරයක් ඡන්දදායකයින් එලෙස සිතන්නට ඇත. කොබ්බෑකඩුවට ලබාගන්නට හැකි වූයේ ප්‍රකාශිත වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 40%කටත් වඩා අඩුවෙනි.
සමහර විට දෙවියන් ගේ පිහිටෙන් හෝ බොහෝ විට එසේ අමනුෂ්‍ය පිහිටාධාරයක් නැතුව, ජේආර් ජයවර්දෙන පහසුවෙන් ජනාධිපති ඡන්දය ජය ගත්තේ ය.
ඒ අතර, සුළු අපේක්‍ෂකයින් එකිනෙකා හා කළ තරගයෙන්, ජේආර් ජයවර්දෙන ගේ වචනවලින් කියනවා නම් "ජාතික විමුක්ති පෙරමුණේ" අපේක්‍ෂක "රොහාන් විජේවීර" ජයගත්තේ ය.
මනුෂ්‍යයින් නියෝජනය කිරීම පිණිස ජනාධිපතියෙක් හෝ මන්තිරිලා හෝ තෝරාගන්නට පැවැත්වන ඡන්දවලින් තමන්ට ජය ලැබේවායි පතමින්, මනුෂ්‍යයින් නොවන, දෙවියන් වැනි අමනුෂ්‍යයින් ගේ පිහිට පතන දේශපාලුවන්ට පාඩමක් උගන්නවන්නට අපේ බහුතරයට කවදා හැකිවේද?
-රසිකොලොජිස්ට්
(image: http://en.wikipedia.org/wiki/Sri_Lankan_presidential_election,_1982#mediaviewer/File:Sri_Lankan_presidential_election_1982.png)
Labels:
අතීතකාමය,
දෙවියෝ,
දේශපාලනය,
පුහු විස්වාස,
මතිමතාන්තර
Subscribe to:
Post Comments (Atom)
තම අතීත කියුම් කෙරුම් නිසා ජනතාව ඉතිරියට යන්නට ඇතිවන බැරි බැරියාව සුවකර ගන්නට ගන්නා උත්සාහයන් නේද මේ?කතරගම ගිය කතාවක් නම් ඊයෙ පෙරේදත් එක්කෙනෙක් කිව්ව නෙව...
ReplyDeleteමේ උන්නැහැලා හිතන්නේ දෙයියෝ තමයි ඒ ගොල්ලන්ව දිනවන්නේ කියලා.
Deleteමේ කතාව අහලා තියෙනවාද?
ඔන්න එක මනුස්සයෙකු ගේ පඩි පැකට් එක පඩිදාම නැතිවෙලා, මිනිහා වැලපි වැලපී ඉන් කොට කවුදෝ ඒක ඇහිඳලා ගෙනත් දුන්නලු.
මිනිහා කිව්වලු "අනේ දෙයියො මගේ මූණ බැලුවා, මං මෙව්චර වෙලා දෙවියන්ට කන්නලවු කර කරයි හිටියේ. දෙවියන්ට ස්තුතිවේවා!" කියලා.
දැන් බලද්දී දේශපාලනේට එදා ඉදන්ම දෙවිවරුත් සම්මාදම් වෙලා තියෙනවා.. අපි ඉපදෙන්නත් පෙර වෙච්ච දේවල් ගැන ඔබේ මතකයන් ලියා දැක්වීම ගැන ස්තුති
ReplyDeleteඒ විතරක් නොවෙයි, දිනපු අය දෙයින්ට බාර ඔප්පු කරනවා, රත්තරන්වලින්. චන්දේ දීපු උන්ට තබක්ක!
Deleteමේ රැස්වීම බලන්න මමත් ගියා මතකයි.වැඩ ඇරිල ගෙදර යන ගමන් ගමපහින් කෝච්චියෙන් බැහැල රැස්වීම බලල ආපහු කෝච්චියෙ නැගල ගෙදර ගියා.
ReplyDeleteඅපිත් ඒ දවස්වල කෝච්චියේ තමයි ගම්පහ යන්නේ!
Deleteඔන්න ඇත්ත.
ReplyDeleteරසික බොහොම වටිනවා මේ මතක් කිරීම.
ඔව්ව දෙයියෝ දීපු පට්ටම් නිසාවට දෙය්යොන්ට කොරනවා මිසක් චන්දෙ දීපු එවුන්ට මොකට කොරනවද.
ReplyDeleteඔය අන්තිමට අහලා තියෙන ප්‍රශ්ණේට නම් ඉතින් කවදාවත් උත්තරයක් දෙන්න වෙන්නේ නෑ.. මොකද ඉතින් ඒවා තව කාලෙකට වෙනස් වෙන එකක් නෑ..
ReplyDeleteමේව ඇහුවම මතක් වෙන්නෙ "දෙය්යො දුන්න බබා - බබා දුන්න දෙය්ය" කතාව.
ReplyDeleteමාමෙ මාමෙ, අපිටත් කියල දෙන්නකෝ ඒ කතාව...
Deleteඔන්න යුවලක් ඉන්නවලු විවාහ වෙලා අවුරුදු 4ක් 5ක් විතර වෙන, ඒත් තාම දරු සම්පතක් නහැ. බැන්දපු දවසෙ ඉඳන් මාර ට්‍රයි එකක් දෙනව ඒත් තාම බබෙක් නෑ.දොස්තරල කිහිපදෙනෙක් ගාවට ගිහින් රටේ නැති පරීක්ශන කොලාලු. දොස්තරල කවුරුත් කියන්නෙ දෙන්නටම කිසිම කිසි අවුලක් නෑ, අවයව සහ පද්දති යස අගේට වැඩ කියල. දොස්තරල මහත්තුරු ගාවට විතරක් නෙමේ, රට වටේ තියන දේවාල වල ඉන්න කපු මහත්තුරුත් හම්බ වෙලා බාර හාර උනා, ඒත් තාම වැඩේ හරි ගියෙ නෑ.
Deleteමේ අතරෙ පවුලෙ මිත්තරයෙක් ඇවිල්ල ඈත පලාතක තියන දේවාලයක් ගැන කිව්ව.ඉතින් මේ ඩබලත් ඒ දේවාලෙට ගිහින් බාරයක් උනා. ගෙදර ආව දවසෙ ඉඳන් දෙයියො සිහි කරගනම ගේමට එන්ටර් උනා. ඔන්න මේ පාර නම් ටිකදවසකින් වැඩේ හරියන බවට ලකුනු පහල උනා. බලාපොරොත්තු උන විදියටම ලස්සන දරු පැටියෙක් ලැබුන. මේ දෙන්නටයි, නෑයන්ටයි හරිම සතුටුයි.
කාලයක් ගියාට පස්සෙ මේ කට්ටිය තමන්ගෙ බාරෙ ඔප්පු කරන්න අර දේවාලෙට යන්න පිටත් උනා. මේ මනුස්සයගෙ නැන්දම්මත් ගමනට සෙට් උනා. ඔන්න දේවාලෙට යනකොට එදා දේවලෙ පෙරහැර. ඉතින් මේ කස්ටියත් බොහෝම සර්දාවෙන් මේ පෙරහැරට එකතු වෙලා පෙරහැරේ යනව.
බාරියාව තමයි දරුව වඩාගන හිටියෙ.ගෑනිගෙ සර්දාව වැඩිකමට පෙරහැර බලාගන ඉන්න සෙනගට පේන විදියට දරුවව උඩට උස්සල "දෙයියො දීපු බබා මේ..දෙයියො දීපු බබා මේ...දෙයියො දීපු බබා මේ...." කියල කෑ ගගහ නටන්න ගත්ත.නැන්දම්මත් සීන් එකට එන්ටර් වෙල ඒ විදියට කෑ ගගහ නටන්න තියාගත්ත.
ඔන්න දැන් බාරියාවයි නැන්දම්මයි "දෙයියො දීපු බබා මේ..දෙයියො දීපු බබා මේ...දෙයියො දීපු බබා මේ...." කියල කෑ ගගහ දරුව උස්සගෙන නටනව. අපේ බුවත් ඒ පස්සෙන් පෙරහැරේ යනව. මෑන්ට ටිකක් අප්සෙට් මේ වැඩේට. මිනිහ ටිකක් බලා ඉඳල ගෑනිට කිව්ව ඔය නැටිල්ල නවත්තන්න කියල.ගෑනිට ඇහුනෙ වත් නෑ.ආපහු ටිකකින් මිනිහ ටිකක් සැරෙන් කිව්ව ඔය නැටිල්ල නවත්තන්න කියල.ගෑනි කලෙ නෝන්ඩි බැල්මකින් මිනිහට සන්ග්‍රහ කරපු එක විතරයි. මෑන්ට දැන් මල පැනල ඉන්නෙ හොඳටම. මෑන්ස් ටිකක් සද්දෙ දාල කිව්ව "මම දැන් කිව්ව නේද තොට, නවත්තපිය ඔය ලැජ්ජ නැති වැඩේ " කියල. ඒ වෙලාවෙත් නැන්දම්මයි ලේලියි කලේ අපේ අසරනය දිහා රවල බලපු එක විතරයි, හරියට තමුසෙගෙද ලමය කියල අහන්න වගේ.
අපේ බුවත් හිතුව හොඳ වැඩක් කරන්න ඕනෙ කියල. පොර තමන් ඇඳල හිටපු සුදු සරම උඩටම උස්සල ගත්ත, උඩට කිව්වෙ උඩටම උස්සල ගත්තා. යටට මුකුත් ඇඳල හිටියෙ නෑ ඔක්කොම එලියේ.
දැන් මිනිහ තමන්ගෙ බාරියාව පිටි පස්සෙන්ම නටනටා යනව මේ විදියට කිය කියා...
"බබා දීපු දෙයියොමේ...බබා දීපු දෙයියො මේ...."
http://www.thelastrow.lk/page/articles.html/_/%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F/%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9C-%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%94-%E0%B6%B6%E0%B6%B6%E0%B7%8F-r1231?st=0&_rcid%5B%5D=4813&_rcid%5B%5D=4813
:)
Deleteහි හි මං හිතුවේ වෙන විදියක අවසානයක්.. තෑන්ක්ස් ඉන්දිකයියේ කතන්දරේට
Deleteදෙයියන්ටම ඔප්පු වෙච්චාවේ.
ReplyDeleteදවසින් දවස මිථ්‍යාවේ අඳුරටම බහුතරයක් යන ගමන ගැන මැනගන්න ලංකාවෙ මාධ්‍යවල පලවෙන යනතර මන්තර ගුරුකම් දැන්වීම් ප්‍රමානයම ඇති.. අර අන්තිම පැතුම නම් ඉතින් බොහෝ කාලෙකට සිහිනයක්ම තමයි
ReplyDeleteගම්පහ නගරසබා පිට්ටනියෙ තිබ්බ රැස්වීමට බෝම්බ ගැහුව නේද ? ඔය රැස්වීම බලන්ඩ ගිය අපේ මාම කකුල කපාගෙන ගෙදර ආවා ( බෝතල් කට්ටකට ) , දෙකේ පන්තියේ හිටිය උනත් හොද UNP කාරයෙක් උන මට නම් හිතුනෙ හොද වැඩේ මාමට උනේ කියල.
ReplyDeleteතෝ ඉපදෙනකොටම දේශපාලනය කරපින්නගෙනමද බොල ආවේ...
Deleteඅපේ තාත්ත UNP සංවිදයායක , ඉතිං ඇති පදං පෝස්ටර් පෝස්ටර් කඩදහි තිබුන මට බෝට්ටු ,රොකට් හදන්න ඉතින් UNP නොවී පුලුවන්ද ?
Deleteමුං ඔක්කෝටම දෙයියන්ගේ හාල් කැවිලා.. නොදකින්..
ReplyDeleteඉස්කෝලේ, විශ්ව විද්‍යාලයේ උගන්නන දේවල් කටපාඩම් කරගෙන දොස්තර කෙනෙක් වුනත්, ඉංජිනේරුවෙක් වුනත්, ගුරුවරයෙක් වුනත්.. කරන්න තියෙන පට්ට පජාත, කුජීතම වැඩ කරලා දේශපාලකයෙක් වෙලා ඒ මාර්ගයේ ඉහළම තැන වෙච්ච ජනාධිපති වුනත් තමාගේ සමාජයෙන්, සංස්කෘතියෙන් උරුම වුන අං තට්ටු හෙවත් මිත්‍යාමත මොළේ කල්පනා කරලා හිතලා පැත්තකින් තිබ්බේ නැත්තන් ඌ සම්පූර්ණ මනුස්සයෙක් නෙමේ. ඌ නිකන්ම නිකන් යම් 'පද්ධතියක්' තුළ පොරක් වුන කෙනෙක් විතරයි. සාර්ථක මිනිසුන් මනින සමාජයේ නිර්ණායක වලට අනුව ඌ පාස් වුනාට ඌ පද්ධතිය රකින ඉත්තෙක් පමණයි. පද්ධතිය වෙනස් කරන්න, දියුණු කරන්න, තවත් යහපත් කරන්න නම් තමාට අනුන් විසින් දාපු අං තට්ටු පැත්තකින් තියල නිදහස්ව හිතන, කතා කරන, වැඩ කරන මිනිහෙක් වෙන්න ඕන.
ReplyDeleteතාක්ෂණික දියුණුව අධිවේගයෙන් සිද්ද වුනත් සදාචාරාත්මක දියුණුවක් වෙනවා නම් වෙන්නේ ඉතාම සෙමින්. රොකට් හදාගෙන හඳට යන්න පුලුවන් වුනත්, රොබෝලා හදලා අඟහරු ලෝකෙට යවන්න පුලුවන් වුනත් තවම සමලිංගික විවාහය වගේ සරල සදාචාරාත්මක ප්‍රශ්නයකට මුන්ට නිවැරදි පොදු එකඟතාවයකට එන්න බැයි ඒකයි.