Sunday 6 December 2015

පාසල් නිළ ඇඳුම, සමානාත්මතාවය සහ යුක්තිය - Feeling disgusted


(ගීතක ජයසූරිය ලියූ සටහනකි)

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබාදෙන නිළ ඇඳුම් වවුචරයේ වටිනාකම දෙස සිංහල, දෙමළ, මුස්ලිම් කෝණයෙන් බලමින් කෙරෙන විවේචන මේ දිනවල බහුලව දක්නට ලැබේ.

මා සිතන ආකාරයට කණගා‍ටුදායක කරුණ නම්, දුර නොබලා ප‍ටු දේශපාලන පරමාර්ථ වෙනුවෙන් කෙරෙන මෙවැනි වෛරී ප්‍රචාරයන් නිසා, මේ නිළ ඇඳුම් ලබන නොදරුවන්ගේ සිත්ද දූෂණය වීමයි.

ලංකාවේ පාසල් නිළ ඇඳුම් පාසල අනුව වෙනස්වන බව අපි කවුරුත් දනිමු.

උදාහරණයක් ලෙස සමහර පාසල්වල බාලකයන් සුදු කොට කලිසම අඳිත්දී, සමහර පාසල්වල එය නිල් පැහැති ය. බාලිකාවන් ගත්කල බොහෝ පාසල්වල නිළ ඇඳුම සුදු ගවුම නමුත්, මා දන්නා පරිදි කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ පමණක් බාලිකාවෝ ළමා සාරි අඳිති. සමහර පාසල්වල දෙමළ බාලිකාවෝ සාය සහ හැට්ට අඳින අතර මුස්ලිම් බාලිකාවෝ බොහෝ විට හිස වසා අඳිති.

ඉතින් මේ වවුචර වල වටිනාකම් නියම කර ඇත්තේ ඒ ඒ වෙනස්කම් අනුව අවශ්‍යතා සැපිරෙන පරිදි ය.

බහුතරයකගේ නිළ ඇඳුම වන ගවුම මෙන්ම දෙමළ බාලිකාවන්ට සාය හැට්ට සඳහා ද මුස්ලිම් බාලිකාවන්ට හිස වැසීම සඳහා ද අවශ්‍ය රෙදි ප්‍රමාණය වෙනුවෙන් වටිනාකම් නියමකර තිබීමේ වැ‍රැද්ද කුමක්ද?

ළමා සාරිය අඳින බාලිකාවන් වෙනුවෙන් ගවුමට වඩා වැඩි වටිනාකමක් නියමකර ඇති බව මේ විවේචකයන් නොකියන්නේ ඇයි??

පැවිදි ශිෂ්‍යයන්ගේ සිවුරු පිරිකර වෙනුවෙන් වැඩිම වටිනාකම නියමකර ඇති බව සඟවන්නේ කුමන පරමාර්ථයකින්ද???

අපි හැමවිට ම සමානාත්මතාවය වෙනුවෙන් පෙනී සිටිමු.

නමුත් සමානාත්මතාවය සෑම විටම යුක්තිය ඉ‍ටු නොකරයි!

මේ සම්බන්ධ අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛය:
http://www.moe.gov.lk/sinhala/images/stories/circulars/2015-26s.pdf



-ගීතක ජයසූරිය


මේ කාරණය ගැන ලියන්නට සිතා සිටි නමුත් කාලය මදකම නිසා එය අතපසු වී ගියේ ය.

අද උදෑසන පරණ බ්ලොග් සගයෙකු වූ ගීතක ජයසූරිය විසින් ෆේස්බුක් අවකාශයේ පළකර තිබුණු මේ සටහන දුටු විට එය මා ලියන්නට සිටි දේ ම බව පසක් වූ නිසා, ඒ සටහන එලෙනින් ම රසිකොලොජියේ බෙදා ගැනීමට සිතුවෙමි.

ඔබට ස්තුතියි ගීතක. Thanks Mate.

ප/ලි (07/12/2015):
වත්පොතෙන් උපුටාගෙන ඊයේ මා රසිකොලොජි බ්ලොගයේ පළ කළ ගීතක ජයසූරිය ගේ ලිපියේ මූලික අරමුණ වී ඇත්තේ පාසල් ළමුන්ට ඇඳුම් රෙදි සඳහා රජය ලබාදෙන වවුචර් පිළිබඳව සමාජ ජාලවල ගොඩ නැගුණු ජාතිවාදී කතාබහ පිළිබඳව තම පිළිකුල පළ කිරීමයි.

එකී ජාතිවාදී ප්‍රකාශවලින් පැවසුණේ විශේෂයෙන් ම මුස්ලිම් ශිෂ්‍යාවන්ට සහ එසේම දෙමළ ශිෂ්‍යාවන්ට අනෙකුත් (එනම් සිංහල) ශිෂ්‍යාවන්ට වඩා වැඩි මුදලක වවුචරයක් දීම මගින් රජය මහ ජාතියට අසාධාරණයක් කර ඇති බවයි. පොදුවේ ශිෂ්‍යාවන් සැමට සම වයසේ ශිෂ්‍යයින්ට වඩා වැඩි මුදලක් හිමිවෙන බවත්, පැවිදි ශිෂ්‍යයින්ට ලැබෙන මුදල අන් සැමටම වඩා වැඩි බවත්, ජාතිවාදය අවුස්සන්නට මේ ගැන විවිධ ප්‍රචාර කළ අය ඉතා පහසුවෙන් වාගේ අමතක කර දමා තිබුණි.

ගීතක ජයසූරිය තම ලිපියෙන් කරන්නේ පෙර කී ජාතිවාදී ප්‍රචාරවල ඇති පදනම් විරහිත බව පෙන්වා දීමයි.

නමුත්, ගීතක ජයසූරිය ගේ ලිපියේ මෙහි නැවත පළ කළ පසු තම අදහස් දක්වන අය මූලිකවම ලියන්නේ මේ වැඩ පිළිවෙළ ඇරඹූ දින සිටම කළ පරිදි රෙදි කැබලි දීම වෙනුවට රෙදි මිලට ගත හැකි වවුචරයක් දීමේ වෙනස්කමේ ඇති හොඳ නොහොඳ පිළිබඳව බව පෙනේ.

මෙය සතුටට කරුණකි.

එසේ වෙන්නේ රසිකොලොජිය කියවන අති බහුතරයක් දෙනා පෙර කී ජාතිවාදී කතාබහ ප්‍රතික්‍ෂේප කරන බව එයින් තේරුම් යන නිසා ය. ගීතක ගේ ලිපියට ප්‍රතිවිරුද්ධ අදහසක් පළ කරන අඩු වශයෙන් එක් ඇනෝනිමස් කමෙන්ට්කරුවෙකු හෝ ඉරිදා දවස පුරා මෙහි පැමිණ නැත!

ඇත්තටම කියනවා නම්, පොදුවේ ශිෂ්‍යාවන් සැමට සම වයසේ ශිෂ්‍යයින්ට වඩා වැඩි මුදලක් හිමිවෙන බවත්, පැවිදි ශිෂ්‍යයින්ට ලැබෙන මුදල අන් සැමටම වඩා වැඩි බවත්, සඟවමින් මුස්ලිම් සහ දෙමළ සිසුවියන් මූලික කරගනිමින් ඒ ගෙන ගිය ප්‍රචාර ඉතා ඉහළ මට්මමේ (එනම් බොහෝ දෙනා බැලු බැල්මට පහසුවෙන් ම රැවටෙන!) පැරඩි ප්‍රහාරයක් දෝ යි මට පසුව සිතුණි.

-රසිකොලොජිස්ට්


(Original published at: https://www.facebook.com/photo.php?fbid=10153597228025862 by Geethaka Jayasuriya)

39 comments:

  1. ගීතක ජයසූරියට නැවත බ්ලොග්කරණයට ඒමට මේ කාලයයි!

    ReplyDelete
  2. ගීතක ජයසූරියට නැවත බ්ලොග්කරණයට ඒමට මේ කාලයයි! x 2

    මෙතැනදී තව විදියකට ජස්ටිස් වෙන්න ඕනි නැද්ද? ලොකු කොලීජ වල ළමුන් vs. අන්ත අමාරුවෙන් ඉස්කෝලෙට 'තියෙන ඇඳුමක්' ඇඳන් එන ළමුන් වශයෙන්.. අද බොහෝ දෙනෙකුට ඔය 400 වවුචරේ ගන්න ඉස්කෝලෙට යන්න ඊට වඩා ගානක් පෙට්‍රල්/ ඩිසල් වලට යනවා.. අම්මයි තාත්තයි දෙන්නාම රස්සාවල් කරනවානම් 'හාල්ෆ් ඩේ' එකකුත් දාන්න උනාම? ඉතින් ඊට නරකද ශිෂ්‍යාධාර වගේ ඕනි එකාට විතරක් ටිකක් වැඩිපුර හරි දුන්නනම්..

    ReplyDelete
    Replies
    1. ඒ කාරණය මං ප්‍රේමදාස ළමයින්ට රෙදි දෙන්න පටන් ගත් කාලේම හිතපු දෙයක්. නමුත් එහෙම කිරීමේ ප්‍රශ්ණය තමයි, එතකොට මේ දරුවන් අතර නිකං රෙදි ගන්නා සහ රෙදි නොගන්නා වශයෙන් පන්ති දෙකක් ඇති වීමයි.

      Delete
    2. දරුවන්ගෙ ආත්මාභිමානයට අවුලක් වෙනවා වගේම ඇතැම් විට අසරණයා තලාපෙලා දැමීමක් සිද්ධ වෙන්නත් පුළුවන්.'පිං රෙදි කොලේට නම දාන්න නම් තාත්තට කියපං ඉස්කෝලෙ කාණු ටික කපන්න' කියන තැන ඉඳන් ඉදිරියට විකාශනය වෙන්න 'ඉඩ තියෙනවා.'

      Delete
    3. වවුචරයෙන් රෙද්ද නොගත්තාම ඒ සල්ලි ආයිත් ආන්ඩුවට යනවා..කොළම ලොකු පාසැල් වල අය ස්කූල් යුනිපෝම් ගන්න වෙනම කඩ පවා තියෙනවා..ඉතිං මම හිතන්නෙ එහෙම අයගේ වවුචරය මාරු කරගත්තෙ නැතිවුනා කියලා ආන්ඩුවට සල්ලි ඉතුරු වෙනවා මිසක වැඩි විමක්ෙ වන්නෙ නෑ..

      Delete
    4. සල්ලි තියන අයට එක්කෝ වවුචරය නොගෙන ඉන්න පුළුවනි, නැතිනම් වවුචරය අරගෙන මාරු නොකර ඉන්න පුළුවනි. තෝර තෝර දෙන්න ගියොත් වෙන්නෙ මහපොළ / ශීෂ්‍යාධාර දෙනකොට වගේ හොර ක්‍රම වලට වවුචර ගන්න ළමයින්ගෙ දෙමව්පියො උත්සාහ ගන්න එකයි. ඒ වගේම රසිකොලොජිස්ට්, ගස්ලබ්බ සහ අමිල චතුරංග කියන දේත් වෙනවා.

      Delete
  3. "............නොදරුවන්ගේ සිත්ද දූෂණය වීමයි." මේක තරම් බරපතල් කාරණයක්ද රසික. මොන රටේ පාලකයන්ටද මේ කාරණය වැදගත් වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. පාලකයින් නොවෙයි ඔය රෙදිවලට දෙන රුපියල් ගාන අල්ලාගෙන ජාතිවාදේ අවුස්සන්න තැත් කළේ, සමාජ ජාලාවල ඉන්නා අපේ ම අයයි!

      Delete
  4. කුහක බයියන්ට highlight වන්නේ අංක 3 සහ 8 පමණි. අනිකවා දැක්කත් නොදැක්කා සේ සිටියි. මේ "දියුණු වන රටක" ලක්ෂණ නොවේද ?

    ReplyDelete
    Replies
    1. කුහක බයියන්ගෙ සියොළඟෙහිම විසය!

      Delete
  5. මේ වවුචරේ නිසා විදුහල්පති ගේ සිට පාසලේ මුරකරු දක්වා,දරුවන් සහ දෙමාපියන් දැඩි පීඩාවකට පත් උනා.මම බලාගෙන අකිල ළමය කියනවා වාරාවසාන දිනට සෑම දෙමවුපියෙක්ම පාසලට අනිවාර්යෙන් එනවලු.ගුරු දෙගුරු සමිතිය දවසටවත් ගස්ලබ්බ නම් දැකල නෑ එහෙම පැමිණීමක්.
    වවුචරයට වඩා වැඩි පිරිවැයක් සහ මහන්සියක් දරන්නට සලසවා මේ දීමනාව ලබාදීම ස්වයංක්‍රීයවම අඩපණ වන මඟකට යොමු කරලා තියෙන බව නම් පැහැදිලියි.
    අපේ පාසල් කාලය තුල ඇති හැකි කෙනාට ලැබෙන රෙදි කැබැල්ල නැති බැරි කෙනා වෙත දෙමාපියන් හා ගුරුවරුන් හරහා නිශ්ෂ්බ්දව ගමන් කළා.
    (හරි හරි... ඒලෙවල් කාලෙ රෙද්ද කැන්ටිමට විකුණන අයත් ඉන්නවා තමයි.)
    පාලකයන් නොදන්නා නමුත් බහුතර වශයෙන් ඉන්නා සිසුන් වසර 13 පුරාවටම මේ නොමිලේ ලැබෙන රෙදි කැබැල්ලෙන් පමණක් තම අවශ්‍යතා පිරිමසාගන්නා බව රහසක් නම් නෙමෙයි.
    ජයවේවා..!!

    ReplyDelete
  6. වවුචරය ගන්න යන්න යන පිරිවැය? මේවා කියන්න වෙන දෙයක් නැති අයගේ කතා, අපි කවුරුත් වවුචර ගන්න ඉස්කෝලේ ගියේ නෑ, පුතා එයාගේ එකත් එදා පාසල් නොගිය පංතියේ යාළුවකුගේ එකත් අරගෙන ආවා.

    ඒහෙම වුනේ අපි කවුරුත් පංතිබාර ගුරුවරිය සමඟ හොඳ සබදතාවක් පවත්වන නිසා වෙන්න ඇති. ඒක එහෙම වෙන්න ඕන නේද?

    ReplyDelete
    Replies
    1. පාසල් වාරයේ අවසාන දවසේ ළමයා අතට වවුචරය දුන්නාම ඒක නැති වෙන්න තියන අවදානමනං වැඩියි, එදාට ගෙදර එන්නේ බතික් වෙලා, පොත්ලත් ඉරාගෙන නේ.

      Delete
    2. පිරිවැය කතාව කිව්වෙ ගස්ලබ්බ හොඳටම දන්න දෙයක් හිංදා.ඇණයට ඔය කියන විදිහේ සම්බන්ධයක් ගුරුවරුන් සමඟ ගොඩනඟාගැනීමේ අවබෝධයක් තිබුනා උනාට එදාවේල හොයන් කන පිරිසට ඒක කරන්න බෑ.ඒ වගේම ගොඩක් වෙලාවට 'වරම්' නෑ.ඈත දුශ්කර ප්‍රාථමික,කනිශ්ඨ පාසල්,නගරයේ පාසල් වල කැපී නොපෙනෙන සිසුන්.. පොඩ්ඩක් හොයල බලන්න වෙලාවක් තියෙනවා නම්.බාස් කෙනෙකුට අත්වැඩ දෙන මනුස්සයාගෙ ළමයගෙ වවුචරේ ගන්න වරුවක් නිවාඩු ඉල්ලගෙන ඉස්කෝලෙට ගිහිං දවසම රස්තියාදු වෙලා එනකොට පහුවදාට බාස්ටයි ගෝලයාටයි දෙන්නටම රස්සාව නැතිවෙන යතාර්තයක අපි ජීවත් වෙන්නෙ.
      අනික රෙදි බෙදාදීමේ අක්‍රමිකතාවය පාසල් මට්ටමින් උනේ නෑ.පරිපාලන මට්ටමේ ප්‍රශ්න විසඳගන්න කොන්දක් නැති කමට තැලෙන යකඩෙටම ආයෙ උඩ පැන පැන තලන තත්වය කොහොමද සාධාරණ වෙන්නෙ?
      (දේශපාලනයෙන් කණ්නාඩි වලින් තොරව බැලුවොත් හරිම පැහැදිලියි.)
      ජයවේවා..!!

      Delete
    3. /.'පිං රෙදි කොලේට නම දාන්න නම් තාත්තට කියපං ඉස්කෝලෙ කාණු ටික කපන්න' කියන තැන ඉඳන් ඉදිරියට විකාශනය වෙන්න 'ඉඩ තියෙනවා.'/

      උඩ ලියල තිබ්බ කෑල්ල එහෙම පිටින්ම අනුමත කරනවා, පහල ඒවත් අනුමත කරනවා, ඒත් දෙය්යනේ මේ දෙමාපියන්ට ළමයගේ ඉස්කොලේ වැඩට සපෝට් එකක් දෙන්න ක්‍රමයක් / වෙලාවක් හොයාගන්න විදිහක් නෑමද? එහෙම දෙමාපියෝ තද නීතියක් දාලා හරි පාසලට ගෙන්විය යුතුයි කියලා මම හිතනවා, මොකද ඔය දෙමාපිය බොහොමයක් ළමයා ගේ ඉස්කොලේ වැඩ ගැනත් කිසිම අවධානයක් නෑ, ඒ ළමයින්ගේ හැසිරීම නිසා අනෙක් ළමුන් (සහ ගුරුවරුන් /දෙමාපියන් ) බොහෝ පීඩා විඳිනවා, මමත් එක වින්දිතයෙක්. අනුකම්පාවේ සිමාව පැහැදිලිව සටහන් විය යුතුයි.

      වවුචර ක්‍රමය ගැන මම මනාපයි, හේතු ගොඩයි: 1. මගේ දරුවට ලස්සන කොලිටි ඇඳුමක් අඳිනවට මම කැමතියි, නුවර පහසුවෙන් ගන්න තියනවා හොඳ කොලිටි කොට කලිසම්, එත් අළුත් ඉස්කොලෙට බාල රෙද්දෙන් මස්සන්න වුනා එහේ නීතිය ආන්ඩුවේ බාල රෙද්දේ පාට නිසා. ටේලර්ලා ලඟ පැය ගණන් රස්තියාදු වෙන්න වුනා. 2. නොමිලයේ බෙදන දෙයක් ලබා දීම මගේ රස්සාවේ කොටසක් වූ කාලයක් තිබුනා, සැපයුම්කරුවන් සමඟ කටයුතු කිරීම, ගබඩා නඩත්තුව, ප්‍රවාහනය,බෙඳාදිම ගැන එහි අකාර්යක්ෂම සම්පත් හානිය ගැන අත්දැකීම් උපරිමයි, අධ්‍යාපන කාර්ය මණ්ඩල එවැනි අනවශ්‍ය කාරයන්ට යොමුකරන්න අවශ්‍ය නෑ. 3. මම රනිල් ගේ අනුගාමිකයෙක්ලූ, ඒ නිසා අකාර්යක්ෂමතාවට සහ කොමිස් කාක්කන්ට ගෙවන අපේ බදු මුදල අර ව්‍යාපාරිකයකුගේ අතිරික්තය වෙනවාට කැමතියි.

      Delete
  7. පින්තූරය අපූරුයි, ඒකේ නියම මොඩිෆිකේෂන් වගයකුත් තියනවනේ. මම නං වඩා කැමති ළමයින්ටත් ඇතුලට යන්න ටිකට් ගන්න විදිහක් තිබුන නම්.

    ReplyDelete
  8. මම දැනගත්ත විදිහට මේ වවුචර බෙදිල්ලට රෙද්දට වඩා මුදලක් වැය වෙනව. මුල්‍යමය වටිනාකමින් හා පුද්ගල ශ්‍රමයෙන්.
    පංති භාර ගුරුතුමා සෑම වවුචරයක්ම ලේඛන ගත කරන්න ඕනෙ. හැම වවුචරයක්ම විදුහල්පති හා නියෝජ්‍ය විදුහල්පති අත්සන් කරන්න ඕනෙ.
    සියලු වාර්තා දෙපාර්තමේන්තුවට යවන්න ඕනෙ. එතනින් මේවා නිවරැදිව බෙදා ඇත්දැයි විගණනය කරන්න ඕනෙ.
    අක්‍රමිකතා ඇත්නම් පරීක්ෂණ පවත්වන්න ඕනෙ. වැරැදි ඇත්නම් විදුහල්පතිටයි, පංති භාර ගුරුවරයටයි දඬුවම් කරන්න ඕනෙ. මේවට කී දෙනෙකුට පඩි නඩි ගෙවන්නද.
    අනෙක ඔය වවුචර් මුද්‍රණය කොට ලේඛන ගත කරල පාසල් වලට බෙදා හරින්න යන වියදම.

    අන්තිමේට ඔය දෙන සොච්චමෙන් ළමයෙකුට ඇඳුමක් ගන්න පුළුවන්ද...
    මේව ගොන් තීරණ. අධ්‍යාපන ඇමති ළමයෙක් වගේ පෙනුනට මේ තරම් ළමා වැඩ කරයි කියල හිතුවෙ නෑ. තව කටපත්තත් අදිනව ලබන අවුරුද්දෙත් ඕකම කරනව කියල.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. ඔය එකක්වත් නෙවෙයි වෙන්න ඕන.. ඕන ඇඳුමක් ඇඳගෙන දරුවන්ට ඉස්කෝලේ එන්න දෙන එක.. නැති බැරි උදවිය නගා හිටුවන එක.. දන් දෙන එක නෙමෙයි.. මේ නොමිලේ දීම හරි කූපන් දීමෙන්ම කරන්නේ පොඩි කාළේ පටන් දරුවන් යැපීම් මානසිකත්වයට යොමු කරන එක...

    ඒ නිසා මම නම් දන්න කාලේ ඉඳලා පොඩි මෑන් ලව්වම රෙදි ටික දුප්පත් කෙනෙක්ට දෙනවා...

    ReplyDelete
    Replies
    1. ++++++++++++

      ස්කොල වල ළමුන්ගේ අධ්‍යාපනේට හැර අනෙක් හැමදේටම ස්ටෑන්ඩඩ් තියනවා.

      Delete
    2. //මම නම් දන්න කාලේ ඉඳලා පොඩි මෑන් ලව්වම රෙදි ටික දුප්පත් කෙනෙක්ට දෙනවා// ඒක ගන්න කෙනා යැපීම් මානසිකත්වයට වැඩියෙන් හුරුවෙන්නේ නැද්ද?

      Delete
  11. පිනට කන්ට අඳින්ට පුරුදුකරන එක නම් පවක්
    ඉතාම නොහැකියාවන් තිබෙන අයට උදව්වක් දීම නම් කෙරෙන්න ඕන දෙයක්

    ReplyDelete
  12. ප්‍රේමදාස මහත්තයාගේ කාලේ තමයි මුලින්ම මේ වැඩේ පටන්ගත්තෙ.. එතුමාගේ මගපෙන්වීම යටතේ... ඒ වැඩේ දුප්පත් ළමයින්ට ලොකු හයියක් උනා... ඒ ල්කාලේ දුන්නු රෙදි ඉතා හොඳ කොලිටි රෙදි... පට්ට ගහන්න පුළුවන්.. එන්න එන්නම ඉස්කෝලෙන් දෙන රෙද්ද බාල උනා... අන්තිම කාලේ ඒ රෙදි වලින් ඉස්කෝලෙ ඇඳුම් මැහුවේ නෑ... ඒ නමුත් අන්ත අසරණ ළමයින්ට ඒ රෙද්දත් ලොකු පිළිසරණක් උනා... මුන් මේ කරන වැඩෙන් වෙන්නෙ අන්තිමට රෙද්දට වෙච්ච දෙයක් නැතුව ගිහින් දෙන සල්ලි ටිකත් වාෂ්ප වෙන එක... රෙදි බෙදන්න බාරගන්න ව්‍යාපාරිකය ඒකෙන් ගසාකනව නම් වෙන මනුස්සයෙක් අධීක්ෂණයක් යටතේ දාන්නේ නැතුව මේ කරපු වැඩේට නං පුද්ගලිකව විරුද්ධයි...

    ReplyDelete
  13. එහෙම කියන කට්ටියට ලේසියෙන්ම සිවුරු රෙදි වල ගණන් පෙන්නුවහම හරි... ඒක නෙමේ, Equality කියන එක ඔය පින්තූරයේ දක්වලා තියන තේරුමම කියල මම හිතන්නේ නෑ.

    ReplyDelete
  14. ඔය කියන විදිහටෙවන ළමයෙකුගෙ එකක් තව කෙනෙක් ග‍ේන්න විදිහක් නෑ. අනිවාර්යයෙන් දෙමාපියන් යන්න ඔනෑ. අනික වාර විභාග අස්සේ මේ වැඩේ කරන්න ගිහින් ගුරුවරුත් අපහසුතාවට ලක්වුනා.

    ReplyDelete
  15. සමහර දියුණු රටවල ලමුන්ගේ ඇඳුම්, සපත්තු, පාසැල් උපකරණ, ආහාර, ආදිය වැට් වලින් නිදහස්. ඒවගේම ආනයන බදුත් සමහර ඒවට අඩුවෙන් අය කරන්නේ.

    ReplyDelete
  16. මේක ටිකක් සංකීර්ණ පස්නයක්. අද පොඩි ගමක වුනත් පොඩියට හරි ගණිත පංතියක් විද්‍යාව පංතියක් ටියුෂන් විදියට පවතිනවා..දෙමාපියො ඒවාට ලමයි කොහොම හරි සල්ලි දීල යවනවා..ඒ ලෙවල් නම් ටියුසන් කාරයො අතේම තමයි..

    එහෙම අධ්‍යාපනය වෙනුවෙන් රජය අපෙන් බදු අරං අපිට නිකං දෙන්න ලොකු උත්සාහයක් ගන්නවා..ඒ අතර ආයෙත් ලොකු සල්ලියක් මිනිස්සු අද්‍යාපනය වෙනුවෙන් වියදම් කරනවා..ටියුෂන් දෙන්නෙ වෙන විශයක් නම් කමක් නෑ..ඒකම නෙව හවස ගිහින් ඉගෙන ගන්නෙත්..

    මම හිතන්නෙ රටේ සමස්ථ දරුවන්ගෙන් සියයට 70ක් විතර ලොකු ගානක් දීල ටියුෂන් සරණ යනවා.. ඒ වගේ ලමයිට මෙ ්විදියට රෙදි පොත් දීල හොද ඩෙස් පුටු දීල ඉස්කෝල බිල්ඩින් හදලා උගන්වන එක තේරුමක් තියෙනවද?

    බදු නිදහස් කරලා ප්‍රමිතිය දැඩිව අධ්‍යනය කරලා අතේ ඇති ගාන්ට ඔය අධ්‍යාපනයත් පුද්ගලික අංශයට ම දීල දැම්ම නම් ඉවරයි.. මේ යන විදියෙන් එකම සබ්ජෙක්ට් එකට දෙපාරක් ගෙවනවා..දෙපාරක් ඉගෙනගන්න දරුවට සිද්ද වෙනවා..මේක මහ කෝලමක්..

    ReplyDelete
  17. මා උදේ වරුවේ පළ කළ අදහස් තාක්ෂණික දෝශයක් නිසා එල්ලෙන්නට නැතැයි සිතමින් යළි ලියමි.
    නිළ ඇඳුම් බෙදා දීමට අදාළව ඊට අදාළ පාර්ශවයකින් මා දැන ගත් තොරතුරු මෙසේය.
    නිළ ඇඳුම් ලබා ගැනීම සඳහා පිරිමි ළමුන්ට වවුචර දෙකක්ද, ගැහැනු ළමුන්ට වවුචරයක්ද හිමි වේ. මේවා බෙදා හැරීමේ ක්‍රමවේදයේදී සෘජු ලෙස වැයවෙන මුදල හා නිළධාරීන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ ශ්‍රමය සඳහා මිල ගණනය කළ විට නිළ ඇඳුම් සඳහා දෙන සොච්චම් මුදල මෙන් කීප ගුණයක් බව පැහැදිලිය.
    ඒ මෙසේය:
    * වවුචර් මුද්‍රණය හා අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා දිවයින පුරා පාසල් වලට බෙදා දීම.
    * පංති භාර ගුරුවරුන් වෙත වවුචර් බෙදා දීම.
    * පංති භාර ගුරුවරුන් සියලුම වවුචර් අංක ලේඛන ගත කිරීම.
    * සෑම වවුචරයකටම විදුහල්පති හා උප විදුහල්පතිගේ අත්සන යෙදීම හා මුද්‍රා දෙකක් යෙදීම. (ළමුන් දාස් ගණනක් සිටින පාසලක මේ සඳහා ගතවන කාලය සිතා ගැනීම ඔබට බාරය.)
    * එකිනෙක වවුචර් පංති භාර ගුරුවරයා මගින් දෙමාපියන්ට ලබා දීම. ( මේ සඳහා දෙමපියෙකු පැමිණිය යුතු අතර නොපැමිණි අය දුරකථන ඇමතුම් දී ගෙන්වා ගත් අවස්ථාද ඇත)
    * මීළඟ වාරය පටන් ගත් පසු මිලදී ගත් බව සහතික කොට වවුචර් කොටස් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට යැවීම.
    * බෙදා දුන් වවුචර් නිසි පරිදි, අක්‍රමිකතාවකින් තොරව ප්‍රයෝජනයට ගෙන ඇත්දැයි විගණනය කිරීම. (දෙපාර්තමේන්තුවට මේ සඳහා කොපමණ කාලයක් හා ශ්‍රමයක් වැය වෙනු ඇත්ද?)
    * කිසියම් දොසක් සිදු වී නම් විදුහල්පතිවරයාටත්, පංති භාර ගුරුවරයාටත් චෝදනා පත්‍ර ගොනු කිරීම හා නිසි පරීක්ෂණ මැවැත්වීම.
    * වරදකරුවන් වෙතොත් දඬුවම් ක්‍රියාමාර්ග ගැනීම හා අදාළ මුදල් අය කොට ගැනීම.
    මීට අමතරව දැන ගන්නට ලැබුණේ ග්‍රාමීය පෙදෙස් වල සමහර නූගත් පියවරුන් එදිනම සුළු ගණනකට වවුචර් උගස් කොට කසිප්පු පානය කොට ඇති බවය. මට එකවරම අදහා ගත නොහැකි වුවත් ඇත්ත තත්ත්වය මේ ආකාරය.

    මේ වවුචර් බෙදා හැරීම එහැම පිටින්ම අසාර්ථක ගොං වැඩකි. මොන්ටිසෝරි තීරණයකි.
    බබා මාර්ක් ඇමති හුරතලෙකුගෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද...
    "අපි ලබන පාරෙත් මේ විදිහටම වවුචර් දෙනවාය" කියා මේ ඇමැත්තා පාර්ලිමේන්තුවේදී බිරුසන් දෙන විට පුකෙනුත් හිනා යන්නේය.

    ReplyDelete
    Replies
    1. ඔය කියා ඇති සියල්ල කෙරෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිළධාරීන් හා ගුරුවරුන් අතින්. ඔවුන්ට මේ වෙනුවෙන් වෙනම පඩි ගෙවන්නේ නෑනේ, ඒ නිසා ඔය වියදම වැඩි කතාව පල් මෝඩ කතාවක්.

      රෙදි විදියට දෙනකොට රෙද්දේ වටිනාකමට අමතරව;

      1. රෙදි නියමිත දිග ප්‍රමාණවලට සැකසීම
      2. ඒවා පැකට් කිරීම
      3. ඒ පැකට් වලට ඇතුලත් කල මුද්‍රිත කඩදාසි
      4. තත්ව පරීක්ෂාව (අතරින් පතර සාම්පල් ගනිමින් තත්ව පරීක්ෂාවක් කෙරුනා)
      5. රෙදි රට පුරා ප්‍රවාහනය (වවුචර් ප්‍රවාහනයට සාපේක්ෂව දස දහස් ගුණයක්)

      කියන දේවල් වලටත් වැයකරන්න සිදුවුනා. එහෙම කරලත් අන්තිම කාලෙ වෙනකොට ලැබුනෙ බාල රෙද්දක්. වවුචර් ක්‍රමයෙන් ඔය වියදමත් ඉතිරියි, ලොකු මුදලාලිලා හතර දෙනෙකුට විතරක් ගිය සල්ලි ටික ඒ වෙනුවට රට වටේම පොඩි මුදලාලිලා දහස් ගානකට ලැබීමෙන් ඒ මිනිස්සුන්ගේ බිස්නසුත් හොඳයි.

      රෙද්ද ලැබුනත් ඒක මහගන්න කොහොමත් ටේලර් සාප්පුවකට යන්න වෙන නිසා, දැං මේ වැඩේට වියදම් කරගෙන කඩ ගානෙ ඇවිදින්න වෙනවා වගේ කතා නම් මහ කුහක කතා. නිකං හම්බෙන එක කටටම දාන්නැතුව ඇයි අතට දෙන්නෙ වගේ කතාවක්නෙ ඔය.

      Delete
  18. හැබෑටම අකිලයට මේ අජ්ජහපන ඇමතිකම ලමයෙකුට දෙන්න කියා කියන්නට හිතෙන්නේ මේවගේ මී ගොං වැඩ නිසාය. මට මේ පාසැල් වාරයේ අවසන් දින දෙක ජාතික පාසලක ගත කිරීමට හැකි විය. එහිදී මට අද්දකින්නට ලැබුනු ආකාරයට මේ වව්චර් ක්‍රමය ඉතාම අසාර්තක ක්‍රමයකි. ඒ මෙසේය. මා කතා කල එක් මවකගේ දියනිය මේ පාසලේය. ඇයට රු.400ක වව්චරයක් ලැබී ඇත. නමුත් වෙලඳපලේ ඇති අවම නිල ඇඳුම් රෙද්දේ වටිනාකම රු. 650ට හෝ ඊට ආසන්න මුදලකි. එතැනින් රු.200ට වැඩි මුදලක්ද, දිනයම මේ වෙනුවෙන් රස්තියාදු වීමට සිදුවූ නිසා රු.500ට ආසන්න මුදලක් ද අහිමි විය. ඒ සියල්ලේ එකතුව ලෙස රු 700 හෝ ඊට වැඩි මුදලකි. මෙයට ගමන් ගාස්තු ලෙස රු.200 පමන එක් වන විට ඒ මවට රු. 900 හෝ ඊට වැඩි මුදලක් අහිමි විය. දුප්පත් පව්ලක් මේ පාඩුව කෙලෙස දරාගනීවිද. පුරුදු රෙදි සලාකයම ලැබුනානම් මේ මුදල පව්ලේ වෙනත් කාර්යක් සඳහා ඉතිරි වනවා නොවේද? මේ වව්චර් ගනුදෙනුව සඳහා දෙමාපියන් දින දෙකක්ම පාසලට යා යුතුය. එබැවින් ජාතිවාදී ආගම්වාදී අදහසින් බැහැර වුවත් මෙය අසාර්තක සහ පීඩාකාරී ක්‍රමයකි.

    (නැත්නම් මේ ඇමති ගොනාට නිල ඇඳුම් ලබාදීමට ටෙන්ඩර් කැඳවීමට අමතක වීම නිසා ගැසූ ගැටයක් ද විය හැකිය.)

    ReplyDelete
    Replies
    1. මේ 900/- ක මිළ හැදී ඇත්තේ වවුචරයේ වටිනාකම වන 400/- ට වහල් මානසිකත්වය හා කුහකත්වය එකතුවීමෙක් බව පෙනේ. නැතිනම් 400/- ක වවුචරයක් ලබන 1-5 වසර දැරියකට සුදු ගවොම් රෙදි වලට පමණක් 650/- ක් වැයවන්නේ කොහොමද? 1-5 වසර දරුවන් ගැනීමට දෙමාපියන් කොහොමත් පාසලට යති.

      වාරයේ අන්තිම දවසේ මේක කරපු එකෙන් නම් ගුරුවරුන්ටත්, දෙමාපියන්ටත් අපහසුවක් වුනා තමයි. ඒ වගේ දේවල් ඊලඟ වතාවේ හදාගත්තොත් මේ ක්‍රමේ ඉතා හොඳයි.

      Delete
    2. උඹලට හැම දේම නිකන් පුදන කොට අගයක් නැත. උඹට ඔයතරම් අමාරුනම් ඔයා රෙද්ද ලබන පාර ඉඳල නොගෙන හිටු !!! එතකොට උඹට වැඩිපුර සල්ලි වියදම් කරන්න ඕනෙත් නැ, අකිලයට බනින්න ඕනෙත් නැ, දිග කොමෙන්ටු දාලා කාලේ නාස්ති කරගන්න ඕනෙත් නැ.
      අනේ මුන් වගේ අපතයෝ !!!

      Delete
  19. රෙදි බෙදීම ගැන විවිධ විවේචන එල්ල වුනා. විදුහල්පතිවරු, ගුරුවරු, ගොඩක් අවලාද නැගුවා. එයාලට වැඩ වැඩියි. මේකෙ ගැටළුව වුනේ මට හිතෙන්නෙ කලබලයෙන් නිවාඩු දෙන දවසටම දෙන්න සූදානම් කරපු එක. ඕක තව ටිකක් කල් වේලා ඇතුව සූදානම් කරගත්තනම් ඔය වගේ අවුලක් වෙන එකක් නෑ. රෙදි හරි මහපු ඇඳුම් හරි දෙනකොට වංචා දූෂණ වෙන්න තියන ඉඩකඩ වැඩියි. ඒක මෙතනදි නැති වෙනවා. ඔය කලබැගෑනිය ඇති කළේ එහෙම වාසි ලබාගත් උදවිය වෙන්නත් බැරි නෑ.

    දැන් මේ පෝස්ට් එකේ කියවෙන්නෙ ඒක නෙවෙයි. සමහර නිල ඇඳුම් වලට වැඩි මුදලක් වෙන් කිරීම ගැන අපේ උසස් ජනතාවගේ ප්‍රතිචාරය ගැන.

    ඒ ගැන දුක් වෙන එක තමයි කරන්න තියෙන්නෙ.

    ReplyDelete
  20. ප/ලි (07/12/2015):
    වත්පොතෙන් උපුටාගෙන ඊයේ මා රසිකොලොජි බ්ලොගයේ පළ කළ ගීතක ජයසූරිය ගේ ලිපියේ මූලික අරමුණ වී ඇත්තේ පාසල් ළමුන්ට ඇඳුම් රෙදි සඳහා රජය ලබාදෙන වවුචර් පිළිබඳව සමාජ ජාලවල ගොඩ නැගුණු ජාතිවාදී කතාබහ පිළිබඳව තම පිළිකුල පළ කිරීමයි.

    එකී ජාතිවාදී ප්‍රකාශවලින් පැවසුණේ විශේෂයෙන් ම මුස්ලිම් ශිෂ්‍යාවන්ට සහ එසේම දෙමළ ශිෂ්‍යාවන්ට අනෙකුත් (එනම් සිංහල) ශිෂ්‍යාවන්ට වඩා වැඩි මුදලක වවුචරයක් දීම මගින් රජය මහ ජාතියට අසාධාරණයක් කර ඇති බවයි. පොදුවේ ශිෂ්‍යාවන් සැමට සම වයසේ ශිෂ්‍යයින්ට වඩා වැඩි මුදලක් හිමිවෙන බවත්, පැවිදි ශිෂ්‍යයින්ට ලැබෙන මුදල අන් සැමටම වඩා වැඩි බවත්, ජාතිවාදය අවුස්සන්නට මේ ගැන විවිධ ප්‍රචාර කළ අය ඉතා පහසුවෙන් වාගේ අමතක කර දමා තිබුණි.

    ගීතක ජයසූරිය තම ලිපියෙන් කරන්නේ පෙර කී ජාතිවාදී ප්‍රචාරවල ඇති පදනම් විරහිත බව පෙන්වා දීමයි.

    නමුත්, ගීතක ජයසූරිය ගේ ලිපියේ මෙහි නැවත පළ කළ පසු තම අදහස් දක්වන අය මූලිකවම ලියන්නේ මේ වැඩ පිළිවෙළ ඇරඹූ දින සිටම කළ පරිදි රෙදි කැබලි දීම වෙනුවට රෙදි මිලට ගත හැකි වවුචරයක් දීමේ වෙනස්කමේ ඇති හොඳ නොහොඳ පිළිබඳව බව පෙනේ.

    මෙය සතුටට කරුණකි.

    එසේ වෙන්නේ රසිකොලොජිය කියවන අති බහුතරයක් දෙනා පෙර කී ජාතිවාදී කතාබහ ප්‍රතික්‍ෂේප කරන බව එයින් තේරුම් යන නිසා ය. ගීතක ගේ ලිපියට ප්‍රතිවිරුද්ධ අදහසක් පළ කරන අඩු වශයෙන් එක් ඇනෝනිමස් කමෙන්ට්කරුවෙකු හෝ ඉරිදා දවස පුරා මෙහි පැමිණ නැත!

    ඇත්තටම කියනවා නම්, පොදුවේ ශිෂ්‍යාවන් සැමට සම වයසේ ශිෂ්‍යයින්ට වඩා වැඩි මුදලක් හිමිවෙන බවත්, පැවිදි ශිෂ්‍යයින්ට ලැබෙන මුදල අන් සැමටම වඩා වැඩි බවත්, සඟවමින් මුස්ලිම් සහ දෙමළ සිසුවියන් මූලික කරගනිමින් ඒ ගෙන ගිය ප්‍රචාර ඉතා ඉහළ මට්මමේ (එනම් බොහෝ දෙනා බැලු බැල්මට පහසුවෙන් ම රැවටෙන!) පැරඩි ප්‍රහාරයක් දෝ යි මට පසුව සිතුණි.

    -රසිකොලොජිස්ට්

    ReplyDelete
  21. සුපතල මෙලක සිටි ඇඳුරිඳු දේවසිරි...
    නිර්මල නමට විය කැලලක් උගෙ නමිනි..
    සීයට හයක් ඉල්ලූවේ පෙර වැරෙනී..
    අද කෝ ඒ අමන තකතිරු දේවසිරි...

    වෙනසක් උවමනා බව කී දැඩිව නිතී..
    එන් ජී ඕ නඩේ පෙරමුණ ගත් නිතිනි...
    අවසන වෙනස ලැබ අඩුවක් නැතිව පිරී...
    අද කෝ එකල බිරු නිර්මල දේවසිරි...

    එදා පටන් අද වෙන තෙක් තිබි සුරැකී...
    සුද්දා හැදූ බිල්ඩිමටත් බිල දැමිණි...
    ඒ අයුරෙන් සීයයට හය මවා දුනී...
    අයියෝ රැවටුනා නේදෝ දේවසිරි...

    උගත් බුද්දීමත් කී මුත් පොළවෙ හෑපි...
    කලතොත් කරන්නේ මේ වන් ගොන් වැඩකී...
    තොපි වැනි හරක් තව මොකටද මෙරට රැදී...
    දැන්වත් පිට වෙයවු මෙරටට දුක් නොමදී...

    චතුෂ තුෂර කුමාර

    ReplyDelete
  22. සියලුම ළමුන්ට වෙන් කරලා තියන එක් එක් මුදල් ප්‍රමාණයන් තියන වගුව පලකරාට ස්තුතියි. ළමයින්ට ගෙවන ගණන් වලින් ඇඳුම් මහන්න පුලුවනිද බැරිද කියන එක වෙනම කතාවක්. එත් මේ දෙගොල්ලම පාසල් නිල ඇඳුම් ඇදගෙන කරන්නෙත් චන්ද ගොඩ වැඩි කරගැනීමේ ප්‍රොජෙක්ට් එකේම තවත් එක් විශේෂාංගයක් පමණයි කියන එක විතරක් පැහැදිලියි.

    ReplyDelete
  23. ජන මනසේ අවස්ථිතිය මෙහි කමෙන්ට් වලින් හොඳට පෙනේ.
    වවුචර් බෙදීම කාර්යක්ෂම හොඳ ක්‍රමයකි. සමහරක් ජාතිවාදයෙන් කෑගසයි. තමන්ට වැඩ වැඩි වන නිසා ගුරුවරු කෑගසයි. මව පියා දෙදෙනාම සේවය කරන අයට(මොවුන්ට නොමෙලේ නොදුන්නත් නිල ඇඳුම් ගැනීම ගැටළුවක් විය නොහැක) ජොබ් නිවාඩු දමා යන්න වෙන නිසා සමහරෙක් බනියි. ඔය ගමන් වියදම් රුපියල් 200-300 යන දුරින් පාසල්වලට ළමයි දැම්මේ ඇයි ඒ වියදමට ලොබ නම්. මෙම ක්‍රමය නියමිත පරිදි තමන්ට ආසන්න පාසලට යන දුප්පත් ළමයින්ට නම් කිසිම ගැටළුවක් නැත.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.