Saturday 19 December 2015

පොත් එළිදැක්වීමේ උත්සවයේ සිට ආපසු එද්දී ඩයස්පෝරිකයෙකු ලියූ නොස්ටැල්ජියානු බයිනරි කවිය - A poem dedicated to Hashitha Abeywardana


සතියක් ඇතුළත පොත් එළිදැක්වීම් උත්සව දෙකකට ම සහභාගී වීමට මට අවස්තාව ලැබුණි.

මෙයින් මුල් උත්සවය වූයේ යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ "ඉතා කෙටි කලබල සිහින" පොත එළිදැක්වීමයි. දෙවැන්න, නිරාෂ ගුණසේකර ගේ "මැරිලින් මොන්රෝ ඔබ සහ මම" පොත එළිදැක්වීමේ උත්සවයයි.

මේ උත්සව දෙකේ පොදු සාධක කිහිපයක් විය.

ඉන් එකක් නම් මේ ග්‍රන්ථ ද්වයම කාව්‍ය සංග්‍රහ වීමයි.

දෙවන්න නම්, උත්සව සභා දෙකේම ආරාධිත දේශකයෙකු ලෙස මා මිත්‍ර හෂිත අබේවර්ධන සහභාගී වීමයි.

හෂිත අබේවර්ධන මගේ මිතුරෙකු වූයේ වසර 2010 දී පැවැති ජගත් ජේ එදිරිසිංහ ගේ "රාජාලි පියාපත කාව්‍ය සංග්‍රහය" එළිදැක්වීමේ උත්සවයේ දී මුණ ගැසීමෙන් වීම ද සුවිශේෂී කාරණයකි.

යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ පොත එළිදැක්වීමේ උත්සවය ගැන මගේ අදහස් මා පෙර දිනයක රසිකොලොජියේ ලියූවෙමි.

මේ පහත බයිනරි කවිය ලියවුණේ දෙවෙනි උත්සවයේ දී, හෂිත අබේවර්ධන කළ කතාව සිහිකරමින් නිවසට පැමිණෙත් දී ය.

පොත් එළිදැක්වීමේ උත්සවයේ සිට ආපසු එද්දී ඩයස්පෝරිකයෙකු ලියූ නොස්ටැල්ජියානු බයිනරි කවිය

ගැට පොලොස් හොද්දක
ඇඹුල් තියල් පෙත්තක
කිරිබත් කැබැල්ලක
බතික් සරම් කබලක
නැතිය මට
නොස්ටැල්ජියානු අහවල් එක!

තෙසක් රිය සර්කසයක
දාඩිය දමන බසයක
සින්දු ඩෙසිබෙල් සහසක
විචාරක පඬි වදනක
ඇතිය මට
නොස්ටැල්ජියානු අහවල් එක!


-රසිකොලොජිස්ට්

(Photos: https://www.facebook.com/Nirasha.Gunasekera/photos)

51 comments:

  1. අද මම එක.

    රසිකලොජිස්ට් හොඳ කවිකාරයෙක්නෙ.

    ReplyDelete
    Replies
    1. අහසෙන් ආවම එක තමයි. අනෙක් අය එන්නෙ පොළොවෙ ඇවිදගෙනනෙ.

      Delete
  2. පොර හොඳ කයි කරයෙක් තමයි..

    හැබයි එදා නම් ඔහේ ඇර අනික් ඔක්කෝම මුන්නැහේගේ අම්මත් මතක් කොලා..

    සම්බාව්‍ය නිර්මාණ, සාහිත්තේ එපා කොරන්නේ මේ වගේ අය තමයි.. ඔහුට විශාල දැණුමක් ඇති.. එහෙත් ඔහු හොඳ ඉදිරිපත් කරන්නෙක් නම් නෙමෙයි. සුනිල් ආරියරත්න වගේ කෙනෙක් ගෙන් ඉගෙන ගත්තා නම් හොඳයි. එතන වැඩි පුර උන්නේ තරුණ පරපුර. එයාලා ආවේ බස්සි එක්ක තියෙන හිතවත් කමට. උන් කියපු ඇහුනා නම් මුන්නැහේ කලිසම ගලවලා ගෙදර යන්නේ.

    ReplyDelete
    Replies
    1. ෆේක් ද? ඔරිජිනල් ද?

      Delete
    2. මොකද බං මාතයෝ මේකෙ තේරුම? ඊයෙ එකෙක් එක්ක ගේම ඉල්ලලා පස්සෙ අඬා වැටිලා ෂේප් කර ගත්තා. අද තව එකෙක් ගෙන් ගේම ඉල්ලනවා. Have a life man!

      Delete
    3. මචං,
      තටහා වෙන්නෙපා මෙහෙම කීවට. හසිතගේ දැණුම ගැන අලගු තියන එකට පොඩ්ඩක් හිනහයි මචං. ඉස්සෙල්ලම ඒ මනුස්සයා කියන්න හදන කතාව ඒ මනුස්සයාගේ දැණුම ගැන කම්පෙයා කරන්න කලින් තමන්ගේ දැණුම ගැන අවුලක් තියෙනවා කියලා මතක් කරගන්න පුළුවන් නම් හොඳයි. හසිත ඒ පොත් එලිදැක්වීමේ කරපු කතාව ගැන අවබෝධයක් මට නැ. ඒත් ඔහු සාහිත්ය සංවාදයක් කරන්න සුදුසු මිණිහෙක් කියන එක මම දන්නවා. උභලාගේ ඔළුවේ බෝතල් හීන විතරක් තිබ්බට ඒක පොත් එලි දැක්වීමක් නේ මචං නේද?
      හසිත කියන්නේ අපිට නම් ඇවිදින විශ්වකෝශයක්.
      කෙනෙක් ගැන මෙහෙම කතා කරන්න ඉස්සෙල්ල පොඩ්ඩක් ඒ කතාව ස්ටඩි කරපන්.
      ඔක්කොමලා මාතලන් වගේ පොරවල් නෙමෙයි. අපිට නම් හසිතලාගේ දැනුම මෙහෙම නාස්ති වෙන එක ගැනයි දුක.... !
      this is not offensive comment to mathalan. but u should be seriously think on what u say... Amen....

      Delete
    4. බුදුවරු වගේම පසේ බුදුවරු කියලා පිරිසකුත් ඉන්නවා..

      හැම දේටම දස්ස පස්ස අය බොහොම අඩුයි...

      මට ඒ මනුස්සයගෙ දැණුම ගැන ප්‍රශ්ණයක් නෑ...

      නමුත් අවස්ථානෝචිතව තම කතාව කිරීමට ඔහු දන්නේ නෑ...

      අපි බොන එක කොහොමත් කවදත් බොනවා මචෝ.. ඒ කතා මීට වඩා වටිනවා.. ජිවිතයට..

      කොහොමත් මට ඔය වගේ ඒවා අරහං

      Delete
    5. මහාචාර්‍ය ජී.ඇල්. පීරිස්.... එපමණයි...

      Delete
    6. මේ බයිනරි කවිය ලියවුණේ නිරාෂ ගුණසේකර ගේ "මැරිලින් මොන්රෝ ඔබ සහ මම" පොත එළිදැක්වීමේ උත්සවයේ දී, හෂිත අබේවර්ධන කළ කතාව සිහිකරමින් නිවසට පැමිණෙත් දී ය.

      Delete
    7. මට පසුව හිතුනා අදාල බ්ලොග්කාරිණිය ඇගේ කවි ගැන සහ කවි ලිවීම ගැන දේශනයක් කලානම් එතන සිටි බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වීමටත් තවත් කවියන් දෙතුන් දෙනෙක්වත් බිහිවීමට ඉඩ තිබුණා කියලා.

      Delete
    8. කතාව කොටස් දෙකකටවත් කලා නම්.... !

      Delete
    9. කාලය වැඩියෙන් ගතවීම හැර කතාවේ අන්තර්ගතයටනම් මං කැමතියි.
      කිව්වට තරහ වෙන්න එපා..... මටත් රුස්සන්නෙ නෑ කතාවක් අතරදි ටෙලිෆොන් වදිනවට. ඒත් ඒ නොරිස්සීම හිනාවකින් හෝ ජෝක් එකකින් පෙන්නීම වඩා හොඳයි කියල හිතෙනවා කෙලින්ම රෙස්පෙක්ට් එකක් නෑ කියල බනිනවට වඩා

      Delete
    10. හෙහ්... අපි ෆොටෝ වල දැක්කා ප්‍රා හොඳටම භය වෙලා ඇස් දෙකත් ලොකු කොරං බලං ඉන්නවා.ලඟ හිටපු කෙනා කොච්චර භය වෙලාද කියනවා නම් සිහිත් නැති වෙලා..හෙහ් හෙහ් හෙහ්..

      Delete
    11. ලඟ හිටපු කෙනා.. වෙනත් සම්පූර්ණයෙන් වෙනස් විෂයයක් පිලිබඳ විශ්වවිද්යාල දෙපාර්තමේන්තු ප්‍රධානියෙක්. ඌ හිටපු අමාරුවට මං හිතුවා කම්මැලි කම නිසා වූ ලෝකයේ පලමු මරණය දැකීමේ වාසනාව මට උදාවෙයි කියල. bored to death !

      සැයු. සීරියස්ලි.. එහි අන්තර්ගතය මටනම් කම්මැලි නොවීය. කාලයේ දිගුබව පමණි

      @රන්ගි, බනින්න එපෝ

      @ගස් ලබ්ස්තුමා, කොහෙද ෆොටෝ තියෙන්නෙ?

      Delete
    12. This comment has been removed by the author.

      Delete
    13. @ප්‍රා තුමනි,
      මෙන්න මෙතන.ලින්ක් එක දැමීම ගැලපෙනවද නැද්ද නම් දන්නෙ නෑ.ඒත් ඔන්න දැම්මා.හෙහ් හෙහ්...
      https://www.facebook.com/pasanbuddhika/media_set?set=a.10208064674998523&type=3&pnref=story

      Delete
    14. @G L, අයින් කරලද කොහෙද

      Delete
    15. ඊයක අමුණා එවන්නම්.

      Delete
    16. සමාවෙන්න ඕනේ මෙහෙම කොමන්ට් කලාට.

      මුලික් කීවා වගේ හෂිතගේ කතාව මම ඇහුවේ නැ. ඒක දීර්ග කාලයක් පැවතෙන්න ඇති.
      ඒත් දකින දකින තැන හෂිත විසින් උත්සවේ කැවා තමන්ගේ ෆන් නැති වුනා එයා කාගෙන් හරි ඉගෙන ගන්න ඕනේ කතා කරන්න වගේ කතා කියනකොට අපේ උගත්කමේ අවුලක් තියෙනවා කියලා දැනෙද්දි ආව දුකටයි මෙහෙම කිව්වේ. ඒක කිසිසේත්ම පිට කැහීමක් නෙමෙයි. මම දන්නවා හශිත ශත පහකට මේක ගනන් ගන්නේ නැ. මොකද ඔහුව අගයන ඔහුගේ දැනුම අගයන පිරිසක් ඉන්නවා කියලා ඔහි දන්න හින්දා. ඊටත් වඩා පොලවේ පය ගහලා ඉන්න මිනිහෙක් හින්දා.
      ආයෙත් අර ඉයන් කීවා වගේ බස්සිට තිබුනා තමන්ගේ ඉවෙන්ට් එකට එන ඕඩියන්ස් එකට ගැලපෙන දේශකයෝ ගෙන්වන්න.

      Delete
    17. pardon me guys i dont have proper sinhala writing software now. so my sinhala is a total mess on a days.

      Delete
    18. pra, im not that. i just pointed what i saw everywhere.
      i simply thinks like paying enough respect to who merits it. otherwise i never voiced up here.

      Delete
  3. "තෙසක් රිය"
    අළුත් වචනයක්

    ReplyDelete
    Replies
    1. ටැබූලා ලියන කාලෙ ඉඳලා නෑ වගේ...

      Delete
    2. මාත් ඉඳල නෑ ඇනෝ.එහෙම මතක හිටින පෝස්ට් නම් ලින්ක් එකක් එහෙම දාහංකො නොදන්න අයට වැදගත් නෙ.

      Delete
  4. කාලෙකට සැරයක් ලංකාවට ගොඩ බහින ඩයස්පොරිකයෙකුට මිට වඩා නොස්ටල්ජියාවක් ලොවෙත් තියෙන්න බෑ.. :) ගැටපොලොස් ඇඹුල් තියල් කිරිබත් බතික් සරම් නම් ලෝකේ කොහෙන් හොයා ගන්න බැරිද?

    ReplyDelete
  5. ඔයා මෙහෙට වෙලා කවි කියනවා..ආපු දවසේ ඉදල සිනුවරට කරදර.. හැක්

    ReplyDelete
  6. කවුද මේ හසිත?

    ReplyDelete
    Replies
    1. ඔයා එයාව නොදන්නවා වෙන්න බෑ. ලියපු දේවල් ටික කාලෙකට ඉස්සර දවස ගානෙ කියවන්නත් ඇති. (ඔව්, දවස ගානෙ!) හැබැයි ඒ හසිත කියලා නම් නෙවෙයි...

      Delete
    2. ඇනෝ පොඩි ක්ලු එකක් වත් දෙනන් බැරිද??

      Delete
    3. හෑ? මේ "එයා"ද?

      Delete
    4. http://rasawathiya.blogspot.it/

      Delete
    5. දේශකයා,

      ක්ලූ එකක්ද?

      ඔන්න එකෝමත් එක කාලෙක හිටියා කතන්දරකාරයා කියලා බ්ලොග් ලියන්නෙක්. එයාගෙ බ්ලොග් එකේ කමෙන්ට් එකක මෙයා ගැන මම දීර්ඝ විස්තරයක් ලිව්වා. කවදද අරවා මේවා මගෙන් අහන්න එපා, ඒ කතන්දරකාරයාව කොහෙන් හරි හොයා ගෙන එයාගෙන් අහන්න. එයා කියයි.

      Delete
  7. අනේ මංදා අර කැම්පස් පෝස්ට් එක හිතේ හොල්මංකරනවාද මන්දා මට මේ කවියෙ රිද්මයත් එක්ක ඔලුවට එන්නෙම අර 'නාකි අහවල් එක' ගැන තියෙන අසැබි කවිය මයි. මොනා නැතත් වචන ටික නම් රහට ඇත.හෙහ් හෙහ්...
    ජයවේවා..!!

    ReplyDelete
  8. නව්‍යතාවක් ඇතිකිරීමේ අදහස හොඳයි. නමුත් යථාර්ථවාදීව බැලුවොත්, පොලොස් ගැට හොදි හදන්නේ නැහැ. ඇඹුල්තියල් පෙති නැහැ, ලොකු කෑලි තියෙන්නේ.

    මතකද කොළඹ යුගයේ දී, කාන්තාවන් ගැන ලිව්වා, බැලුම්බෝල වැනි පියයුරු, පැන්සල් කූරු වැනි ඇඟිලි වැනි, මහා කර්කශ රූපක.

    ReplyDelete
    Replies
    1. විචාරක පඬි වදනක
      ඇතිය මට
      නොස්ටැල්ජියානු අහවල් එක!

      Delete
    2. විචාරක,

      විශිෂ්ඨ විග්‍රහයක්!

      Delete
    3. [අ]විචාරක,
      පුකේ ඇරගන්න අරින්න දෙකටම විශිෂ්ඨ යි

      තමන්ගේ ජාතිය ගැන ඇති හැඟීම වැඩි කරන්න කරන දෙයක්...
      තම්බියා අල්ලා හුකබ්බර් ගගා කෑගහනකොට ජන්මාන්තර වෛරක්කාරයෙක්
      පුකෙන් එකෙක් මොනවා කරත් ඒකට හරස් වෙන්නෙ පුක් කාරයෙක්මයි...

      Delete
    4. මම නම් දැන් විචාරක උන්නැහේට විරුද්ධව මොනවත්ම ලියන්නෙ නෑ. බුද්ධි අංශ යොදවලලු තියෙන්නෙ අපිව අල්ලගන්න.

      Delete
    5. ආටක ලාබයි නාටක මාරයි අපි Xකලා හමාරයි .....මට හරි ලැජ්ජයි ඕයි!!!!!!!!

      Delete
  9. #‎සිංහ_ලේ‬...
    මේක දැන් හැමතැනම වගේ තියෙන දෙයක්...
    තමන්ගේ ජාතිය ගැන ඇති හැඟීම වැඩි කරන්න කරන දෙයක්...
    ඒත් සම(හරක්) අය එක එක කතා කියනවා මේ ගැන...
    අම්මා කැලේට ගියාද නැත්තං සිංහයා ගෙට ආවද වගේ නපුන්සක කතා කියනවා..
    දන්න තරම තමා...
    ඔහොම ගොං කතා කියන්ඩ කලින් දැනගං අපේ ජාතිය සිංහල...
    තුන් සිංහලේ ගැනවත් අහලා තියෙනවද ?...
    නිකං හැම දේම දන්නව වගේ තප්පුලන්ඩ එපා...
    තම්බියා අල්ලා හුකබ්බර් ගගා කෑගහනකොට ජන්මාන්තර වෛරක්කාරයෙක් උණත් ඒකට තව තම්බියෙක් විරුද්ධ වෙන්නෑ...
    ඒකට සිංහල උන්...
    සිංහල එකෙක් මොනවා කරත් ඒකට හරස් වෙන්නෙ සිංහලයෙක්මයි...
    අනේ ඉතිං වඳවෙලා යන ජාතියක් කියලා අහන්නත් දෙයක්ද ?unsure emoticon
    ...
    කරුමෙ තමා වෙන මොකක්ද ?...

    ReplyDelete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  11. http://tinypic.com/view.php?pic=2hh1xxi&s=9#.Vnb3TflEmUk

    ReplyDelete
  12. අපට රසිකව අපේ කවි පැනෙල් එකට ගන්න පුළුවන් නම් හොඳයි මාර්තු 26. ස්කයිප් වලින් සෙට් කරලා හරි.

    ReplyDelete
  13. මං ලිව්වොත් කවි පොතක් (ජීවිතේට ලියන එකක් නෑ) චුට්ටි කතාවක් දෙකක් විතරක් අහන්න දීල කට්ටියටම ග්‍රෑන්ඩ් පාටි එකක් දෙනවා කවි පොතේ එළිදැක්වීමේදී. (ණයට හරි)
    එතකොට තමයි විචාරේ එන්නේ...

    ReplyDelete
  14. රසිකයා කයි කාරයෙක් නෙව...

    ReplyDelete
  15. මම නං තේරුම් අරං තියෙන්නෙ පොත් එළිදැක්වීම් වලට එන්නෙ පණිඩිතමානී දේශන අහන්න නොවෙයි. වැඩේට එකත් දාල කට්ටිය මුණ ගැහිල යන්න. කොටහළු මගුලකට එන්න වගේ.
    දේශනත් ඕනෙ තමයි. හැබැයි කෙටි වගේම සරල විය යුතුයි.මොකද මේ අවස්ථාවලට සාහිත්‍යය ගැන මෙලෝ උනන්දුවක් නැති පවුලේ උදවිය, කාර්‍යාලයීය සගයින්, එක දාන්න විතරක් එන වගේ විවිධාකාර පිරිස් එනවනෙ. ඒ අයට වෙන්නෙ දඬුකඳේ ගැහුව වගේ මේ මොන කරුමයක්ද කිය කිය හිත හිත ඉන්න.
    තැනේ හැටියට ඇනේ..

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.