Monday 25 January 2016

නිවාඩුවක් දැම්මෙමි! - Did not "chuck a sickie" though....


හෙට ජනවාරි 26 අඟහරුවාදා ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ නිවාඩු දවසකි. ඇත්තටම එය ඕස්ට්‍රේලියානු දිනයයි. මා වැනි සාමාන්‍ය රැකියා කරන සියලු දෙනාට එදාට නිවාඩුය.

එනිසා අද සඳුදා මම නිවාඩුවක් දැම්මෙමි. ඒ අනුව මට සති අන්තය ද ඇතුළුව දින හතරක දිගු නිවාඩුවක් ලැබී ඇත.

මම නිවාඩුවක් දැම්මේ මට හිමි නිවාඩුවලින් එකකි. එසේම එසේ කරන බව බ්‍රහස්පතින්දාම බොසී වෙනුවට මේ දිනවල වැඩ බලන හාදයාට ද කීවෙමි.

නමුත් එසේ කලින් දැනුම් දීමක් නොකර, මේ ආකාරයේ දිනයක් පැමිණි විට, නිකම්ම (බොරු) ලෙඩ නිවාඩුවක් ලබා ගන්නා අයද සිටින බව සත්‍යයකි. ඒ ආකාරයට බොරු ලෙඩ නිවාඩු දැමීම ඔසී ජනවහරේ හැඳින්වෙන්නේ චක් එ සිකී (chuck a sickie) කියාය.

අද දිනයේ ඕස්ට්‍රේලියාව පුරා "චක් එ සිකී" කරන සේවකයින් සංඛ්‍යාව 180,000 ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර ඇත!

කොහොමටත් සඳුදා යනු සේවකයින්ට අසනීප වීම වැඩි දිනයකි. එය සාමාන්‍යයෙන් 40% පමණ වේ. එනම් එක් හොඳ නියැඳියක සියලුම අසනීප නිවාඩුවලින් 40% ක් ම ලබා ගෙන ඇත්තේ සඳුදා දිනවලය. ඉරිදා දිනවල ද මද පමණ ඉක්මවා ගිය විට එලෙස විය හැකි බව අමුතුවෙන් කිව යුතු නැත.

ඉතින් මේ සතියේ මෙන් අඟහරුවාදා නිවාඩුවක් ද ඇති විට සඳුදා අසනීප වීම බලාපොරොත්තු විය යුත්තකි.

හොර ලෙඩ නිවාඩු සඳහා අවුලක් නැතුව පාවිච්චි කළ හැකි හොඳම කරුණු ලෙස ඕස්ට්‍රේලියානු මාධ්‍ය (ගුවන් විදුලි/රූපවාහිනී) ආයතනය (Australian Broadcasting Corporation) දක්වන්නේ වමනේ යෑම සහ "බඩේලිය" යැමයි. වෛරස් උණ සහ මිග්‍රෙන් වැනි කාරණා ද සාමාන්‍යයෙන් අපහසුවකින් තොරව බොස් හෝ බොසීව රැවටීමට භාවිතා කළ හැකි බව කියවේ.

මෙය කියවන ඔබ, "චක් එ සිකී" කර, එනම් අසනීපයක් නැතුව හොර ලෙඩ නිවාඩු දමා, තිබේද?

මතක ඇතුව, "ඔව්" කියා පිළිතුරු සපයන්නේ නම් ඇනෝනිමස් ලෙස එන්න!

එසේ නොකළොත්, සේවා ස්ථානයේ දී බොස්ගෙන් හෝ බොසීගෙන් දෝස්මුර ලැබීමට ඉඩ තිබේ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
රාජකාරියෙන් අද නිවාඩු ගත්ත ද, අවාසනාවට මෙන් බ්ලොග්කරනයෙන් නිවාඩු ගැනීමට නො සිතුණි!

ප/ප/ලි
අද නිවාඩු සහිතව නිවසේ සිටියදී පහත වීඩියෝව මුල සිට අවසාන වෙනතුරුම නැරඹුවෙමි. ඉතා ප්‍රයෝජනවත් බව කිව හැක.

කැමති නම් නරඹන්න. අකමැති නම් ඒත් නරඹන්න!


(image: http://memegenerator.net/instance/65013253)

45 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මම "චක් එ සිකී" එකකට පාවිච්චි කරන්නේ බඩේ අමාරුව තමයි..මෙතෙක් අරගෙන ඇත්තේ දවස් දෙකක් පමණයි..

    ReplyDelete
    Replies
    1. ඇනෝ බඩේ අමාරුව කීවාම කවුරුවත් බොරුය කියලා හිතන්නේ නෑ නේද?
      ;-)

      Delete
  3. නිවාඩු පාඩුවේ බ්ලොග් කියවන්න එහෙනං.. ලංකාවෙ කියලත් වෙනසක් නැහැ.. අවුල තියෙන්නේ ලංකාවට නිවාඩු වලදි ඒ තරං කරදරයක් නැති එකයි.. සුභ නිවාඩු පාඩුවක් හා ඔස්ටරේලියන් ඩේ එකක් වේවා

    ReplyDelete
  4. අපි වගේ කට්ටිය කොහොමද ඉතිං ඔහොම නිවාඩු ගන්නෙ.

    ReplyDelete
    Replies
    1. මොන කරදරයක්ද මේ හාදයා මගේ පස්සෙමයි.. හැක්
      ..

      Delete
    2. ඒකද ඔහේ මිනිහා පස්සෙනුත් ආවේ?

      Delete
  5. මම නං වැඩ.... ඒත් නෝනා උදේ ලෑස්ති වෙන්න පරක්කු නිසා අැයි කියලා අැහුවා... ඒවා ඔ්න්නැහැනේ යන ගමන් අසනීපයි නිවාඩු දෙන්න කියලා ටෙලිමේලක් ගහගෙන යන්න කිව්වා... මං ඉතින් පැහිච්ච කතා නාහා දුන්න වැඩේ කරලා අාවා........... අද සදුදා නේද?????????

    ReplyDelete
    Replies
    1. ටෙලිමේලක්?
      ඇයි කෝල් එකක් දීලා බැයිද?

      Delete
  6. ජපානෙනම් කරන්නෙ උදේ කෝල් කරල කියනව "තයිචෝ ගා වරුයි නොදෙ යසුමසෙතෙ කුදසයි- 体調が悪いので休ませてください" කියල。

    ReplyDelete
    Replies
    1. එහෙත් එහෙමද?
      මෙහෙත් එහෙමයි!

      Delete
    2. 体調が悪いので休ませてください
      තාච්චිය වරුවක් නොදෙන්නේ තමුසේ කුදගහයි කියලා

      Delete
  7. මම වතාවක් සති දෙකකට ආසන්න කාලයක් "චක් එ සිකී" දැම්මා...
    ඒ අවස්ථාවේ මට තිබ්බ අවශ්‍යතාවය අනුව ඇත්ත කියල නිවාඩු දාන්න බැහැ, අපේ ආයතනයේ ඒ දවස්වල තිබ්බ වැඩ වාතාවරණය අනුව නිවාඩු දෙන්න බැරි මට්ටමක් තිබ්බේ...
    ඉතින් මට ඒ ක්‍රමය අනුගමනය කරන්න සිද්ධ උනා, මගේ බොසා ලෙඩේ කොයි තරම් සිරා ගත්තද කියනවනම් නිවාඩුවෙන් පස්සේ ආපහු වැඩට ආපු මට පඩි සහිතවම ඒ නිවාඩුව ලබා දෙන්න තීරණය කලා වෛද්‍ය වාර්තා මුකුත් නැතුව...

    ReplyDelete
    Replies
    1. මෙහේ නම් දවස් දෙකක් හෝ ඊට වැඩි නම් මෙඩිකල් සර්ටිෆිකේට් එකක් අවශ්‍යයයි.

      Delete
    2. කන්ස්ට්‍රක්ෂන් නේ මෙයා...
      අපි වැඩ කරන දවස් වලට OT ත් නැතුව දවසට පැය දොළහක් වැඩ කරලා හැම මාසෙම වගේ අමතර පැය 70 ක් 80 ක් වැඩිපුර තියෙනවා...
      එහෙව් එකේ නිකන් නිවාඩු දෙන එක පව් නැහැ කියල හිතෙන්න ඇති බොස්ට...

      Delete
  8. ඔව්...

    වැඩියෙන්ම එහෙම කරන්නේ තරහ ගිය වෙලාවට. නැත්තන් හොම්බෙන් ගියත් ඔෆිස් යනවා

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වා නේද, ඒ බව පේනවා!

      Delete
    2. සාමාන්‍යයෙන් මම වලි මගහරිමින් ඉන්නේ. ඒත් ඉන්න දෙන්නේ නැත්තම් වැඩේ ගොඩ දාල ඉවර වෙච්ච ගමන් මෙහෙම වැඩක් කරනවා, එක්කෝ මිසින් වෙනවා. වැරද්දක් කියන්න බැහැ , ඔක්කොම වැඩ ටික කරලා තමයි යන්නේ. ළඟදිත් එහෙම කළා. පොඩි කොස්සක් ඉතුරු උනා මේ පාර නම්.. හි හි...

      Delete
  9. බොසා මොන මෝඩයෙක්ද?

    ReplyDelete
    Replies
    1. වෙන කාගෙද?
      අපේ බොසාටනම් බොරුවක් කියනවට වඩා හොදයි ඇත්ත කියලා නොයා ඉන්න එක...
      ඒකට උබලෑයි බොසාලා..

      Delete
  10. මාත් සඳුදා වැඩට යනවා හොරයි ඉස්සර... මොකෝ දවස් දෙකක්ම කන පැලෙන්න බීලා උදේම නැගිට ගන්න අමාරුයි...

    ReplyDelete
    Replies
    1. ඊයේ නම් මටත් එවැනි තත්වයක් ඇති නොවුනා නොවේ!

      Delete
  11. රසික මමනම් ලංකාවේ වැඩ කරද්දි සමහර ලෝන්ග් වීකෙන්ඩ් හදාගන්න (උදා: බ්‍රහස්පතින්දා නිවාඩු නම් සිකුරාදා නිවාඩු දැම්මම දවස් හතරක් තියෙනව. ට්‍රිපකට සුපර්. ඊට අමතරව මම දවස් ගානක් නිවාඩු දවස් වලත් නිවාඩු නොගෙන ඔෆිස් ගිහින් ඔෆිස් එක ඇරගෙන වර්ක් කරල තියෙනව ඕනෙ තරම්. ඒ ඔෆිස් එකේ තනියම තේ එහෙම හදාගෙන ආතල් එකේ වැඩ කරත හැකි. ඕටී කිසිදෙයක් නැතුව නිකන් ජොලියට වැඩ කරේ. ඒකෙත් අමුතු ආතල් එකෙක් තියෙනව.

    ReplyDelete
    Replies
    1. යුරෝපෙ නං සති අන්තෙකට ඉස්සෙල්ල තියෙන බ්‍රහස්පතින්දා ප්‍රසිද්ධ නිවාඩුවක් නං සිකුරාදාටත් නිවාඩු දෙනවා.ඒ වැඩ කරන අයට දීර්ඝ සති අන්තයක් ලබාදෙන්නටයි.එහෙම නිවාඩු වලට කියන්නෙ බ්‍රිජ් හොලිඩේ කියලයි.

      Delete
  12. දැන්නම් චක් අ සිකී වෙන්නේම නෑ වගේ.. තැන තැන්වල වැඩ කරන නිසා කොහේ ඉන්නවද කවුරුත් දන්නේ නෑ.. හැක හැක.. හොඳටම චක්අ
    සිකී උනේ නේවි ට්‍රේනිං කාලේ තමයි. උදේට පෙරඩ් යන්න කම්මැලි උනාම 'ලූස් මෝෂන්' වෙනවා..

    ReplyDelete
  13. මේ දවස්වල මෙහෙටනම් බොහෝම ගිරීස්මයි.උඹ ඉන්නා පැත්තේත් ඒ වගේම ගිරීස්මයි කියලා හිතෙනවා.මගේ මල්ලියේ, වැඩිය අව්වට එහෙම යන්න එපා නිවාඩු දවස් වල!
    .
    රාවණා සරණයි, නාට දෙවි පිහිටයි.

    ReplyDelete
  14. මමත් අරන් තියෙනවා දීර්ඝ සති අන්ත නිවාඩු.හැබැයි ලෙඩ කියලා නෙමේ.ඔය කොයි හරි යනවා කියලා තමයි අරන් ඇත්තේ එව්වා නම්.

    ReplyDelete
  15. අද නිවාඩු සහිතව නිවසේ සිටියදී පහත වීඩියෝව මුල සිට අවසාන වෙනතුරුම නැරඹුවෙමි. ඉතා ප්‍රයෝජනවත් බව කිව හැක.

    කැමති නම් නරඹන්න. අකමැති නම් ඒත් නරඹන්න!
    https://youtu.be/BTYiyjfE1P4

    ReplyDelete
  16. අපි නම් තාම ජොබ්ලස් නේ. ඒ නිසා ඕවා නෑ. ගත්ත තරමක් නිවාඩු අරං තියන්නේ ඉස්කෝලෙන් තමා.

    ReplyDelete
  17. සදුදා වෙනුවට මේ රටේ ඉරිදා තමයි සතියෙ එපාම කරපු දවස. මට සිකුරාදා දවල් ඉදලා ඉරිදා උදේ වෙනකල් නිවාඩුයි.(සාමාන්‍යෙන් අපේ රැකියාවෙ ස්වභාවය අනුව සතියට පැය 26 ක් ලැබෙනවා නිවාඩු අවශ්‍ය නැති අය හැමදාම වැඩ කරනවා.දවසට පැය දෙකක් පමණක් අරන්.) ඒත් මගේ බොස් (ජෝර්ජ්) මට සලකන්නේ කාර්‍යාල සේවකයෙක්ට සමානව නිසා දවස් දෙකක් ගන්නව... මම හොර නිමාඩු මේ මාස 8-9 ට දහයක් විතර අරන් තියෙනවා ඉරිදා උදේ වරු. ජෝර්ජ්ගේ වයිෆ් හෙම්බිරිස්සාවට බයයි. ඒ හින්දා කෝල් කරලා සෙනසුරාදා රෑ කිවුවොත් මට සෙම හැදෙන්න වගේ කියලා " ඕහ්හ් බෝයි " උදේම නැගිටින්න එපා රෙස්ට් කරලා හවස එන්න මo ජෝර්ජ් එක්ක ඉන්නවා කියනවා...
    මට ලිපියක් ලියන්න දෙයක් මතක් වුනා ස්තූති.

    සුබ ඕස්ට්‍රේලියානු දිනයක් වේවා. වීඩියෝ එක බලන්නේ රෑට

    ReplyDelete
    Replies
    1. මෙය පරිවර්ථනය කර ජෝජි පෝජිට යවන ලදී.

      Delete
    2. ඊ මේල් චැක් කරන්නා මම වෙමි :D 24 hrs

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. සදුදා වෙනුවට මේ රටේ ඉරිදා තමයි සතියෙ එපාම කරපු දවස. මට සිකුරාදා දවල් ඉදලා ඉරිදා උදේ වෙනකල් නිවාඩුයි.(සාමාන්‍යෙන් අපේ රැකියාවෙ ස්වභාවය අනුව සතියට පැය 26 ක් ලැබෙනවා නිවාඩු අවශ්‍ය නැති අය හැමදාම වැඩ කරනවා.දවසට පැය දෙකක් පමණක් අරන්.) ඒත් මගේ බොස් (ජෝර්ජ්) මට සලකන්නේ කාර්‍යාල සේවකයෙක්ට සමානව නිසා දවස් දෙකක් ගන්නව... මම හොර නිමාඩු මේ මාස 8-9 ට දහයක් විතර අරන් තියෙනවා ඉරිදා උදේ වරු. ජෝර්ජ්ගේ වයිෆ් හෙම්බිරිස්සාවට බයයි. ඒ හින්දා කෝල් කරලා සෙනසුරාදා රෑ කිවුවොත් මට සෙම හැදෙන්න වගේ කියලා " ඕහ්හ් බෝයි " උදේම නැගිටින්න එපා රෙස්ට් කරලා හවස එන්න මo ජෝර්ජ් එක්ක ඉන්නවා කියනවා...
      මට ලිපියක් ලියන්න දෙයක් මතක් වුනා ස්තූති.

      සුබ ඕස්ට්‍රේලියානු දිනයක් වේවා. වීඩියෝ එක බලන්නේ රෑට

      Delete
    2. හිමාගේ ඕන- Apurvi26 January 2016 at 01:07
      සදුදා වෙනුවට මේ රටේ ඉරිදා තමයි සතියෙ එපාම කරපු දවස. මට සිකුරාදා දවල් ඉදලා ඉරිදා උදේ වෙනකල් නිවාඩුයි.(සාමාන්‍යෙන් අපේ රැකියාවෙ ස්වභාවය අනුව සතියට පැය 26 ක් ලැබෙනවා නිවාඩු අවශ්‍ය නැති අය හැමදාම වැඩ කරනවා.දවසට පැය දෙකක් පමණක් අරන්.) ඒත් මගේ බොස් (ජෝර්ජ්) මට සලකන්නේ කාර්‍යාල සේවකයෙක්ට සමානව නිසා දවස් දෙකක් ගන්නව... මම හොර නිමාඩු මේ මාස 8-9 ට දහයක් විතර අරන් තියෙනවා ඉරිදා උදේ වරු. ජෝර්ජ්ගේ වයිෆ් හෙම්බිරිස්සාවට බයයි. ඒ හින්දා කෝල් කරලා සෙනසුරාදා රෑ කිවුවොත් මට සෙම හැදෙන්න වගේ කියලා " ඕහ්හ් බෝයි " උදේම නැගිටින්න එපා රෙස්ට් කරලා හවස එන්න මo ජෝර්ජ් එක්ක ඉන්නවා කියනවා...
      මට ලිපියක් ලියන්න දෙයක් මතක් වුනා ස්තූති.

      සුබ ඕස්ට්‍රේලියානු දිනයක් වේවා. වීඩියෝ එක බලන්නේ රෑට

      Delete
  19. මම සෑහෙන කාලයක් සේවය කරපු තැන නොගන්නා ලෙඩ නිවාඩු වලට ගෙවනවා. ඒක නිසා ලෙඩක් හැදුනත් අනික් නිවාඩු තමයි ගන්නේ.

    ReplyDelete
  20. මා සේවය කළ එක්තරා ආයතනයක විදෙස්ගත වීම සඳහා නිවාඩු ගැනීම තරමක් සංකීර්ණ කටයුත්තක්. එක් පුද්ගලයෙක් මේ සඳහා බිරිඳගේ අසනීපයකට ප්‍රතිකාර ගැනීමට යන බව සඳහන් කරමින් (ව්‍යාජ) ලියකියවිලි ඉදිරිපත් කළා. මෙය දැනගත් කාර්යාලයීය සගයින් අදාල ප්‍රතිකාරය සඳහා යන වියදම වෙනුවෙන් සැලකිය යුතු මුදලක් ඉතා කඩිනමින් එකතු කර ඔහුට ලබාදුන්නා. බොරුව අහුවෙන නිසා (සහ අදාළ ආයතනයේ සාමාන්‍ය සම්ප්‍රදායයන් පරිදි) ඔහුට මේ මුදල ප්‍රතික්ෂේප කිරීමට හැකියාවක් තිබුණේ නැහැ.

    ReplyDelete
  21. මෙතුවක් කල් කල කිසිම රැකියාවක කැලැන්ඩර් නිවාඩු නොතිබුනු නිසා 'ලෝන්ග් වීකෙන්ඩ්' මොන රහ දැයි හැන්ගීමක් නැත..
    ජයවේවා..!!

    ReplyDelete
  22. අපේ කැලැන්ඩරේ මාර්තු වෙනකන් රතු නිවාඩුවක් නැද්ද කොහේද. අපිට ලෝන්ග් වීක්එන්ඩ් කියලම තමයි ඉල්ලගන්න වෙන්නේ.

    ReplyDelete
  23. මම රැකියාවල නියුතු වී සිටීමට ගත් කාලයේ සිට අද වන තෙක් එකඳු හොර නිවාඩුවක් දමා නොමැත :)

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.