Sunday 31 January 2016

සින්දු කවි කිරීම සහ ජීවිතයේ ගීතය ද කවියක් කිරීම - This is life mate!


දේශපාලනය ගැනම බ්ලොග් ලියන්නෝ පවා විටින් විට කවි ලියා පළ කරනවා දැක තියෙනවා නේද?

මේ වචන කිහිපය නිකමට මෙන් ලියවුණු ඒවා ය. වැඩිපුර සිතිය යුතු කරුණක් නොවේ.

එසේ වුව ද සංවත්සරයක් ළඟම එයි.

ජීවිතය

නිවී යන්නට ළංවෙලා ඇති
පහන් සිළුවක් දෝ
ලොවේ කොයි කාටත් නොදන්වා
ඉබේටම වාගේ
නිවී යන්නට ළංවෙලා ඇති
පහන් සිළුවක් දෝ

උපන් දා සිට ඇවිලිලා ගොස්
පහන් තිරය ද කෙටිය දැන්
එලෙස ඇවිලෙන්ට ජවය දී
තෙල් සිඳී ගොස් ඇතිය දැන්

නිවී යන්නට තවත් කෙතරම්
කල් තිබේ දැයි කීව හැකි නම්
නිවෙන්නට මොහොතකට හෝ පෙර
එළිය විහිදමි මුලු ලෝකෙට ම
අවසාන තෙල් බින්දුවෙන්!


-රසිකොලොජිස්ට්

ප/ලි
දේශපාලන බ්ලොග්කරු අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියා පළ කරන ලද කවියක් මෙන්න.
අලුත් කුරුල්ලෙක් ඇවිදින් - http://www.w3lanka.com/2016/01/blog-post_24.html

35 comments:

  1. ලඟ එන සංවස්තරයට සුභ පැතුම් තවත් එවන් සංවස්තර බොහෝ ගණනක් සමරන්නට ඔබට ලැබෙන්නට කියා. පහණේ තෙල් බොහෝ ඇති කළට වඩා තෙල් අඩුකළ එහි ජවය සහ වටිනාකම වැඩි බව සිහිකරමි. ඔබගේ පැතුම එසේම වන බවට සැකයක් නම් නැත.

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමට ස්තුතියි, ඒ උපන් දිනයක් නොවේ. ජීවත්වීම හෝ මරණය ගැන සංවත්සරයකි!

      Delete
  2. Replies
    1. කාගේ එකද?
      සුමිත්‍රා රාහුබද්ද ගේ ද?
      සෝමරත්න දිසානායක ගේ ද?

      Delete
  3. තිරයක් දාලා , තෙල් ටිකක් දාලා ගන්න රසික .

    මේ සටහනට එතරම් සම්බන්ද නැතත් . ආතම්මා සුදු රෙද්දෙන් පාන් තිර ඇඹරු හැටි සිහිවිය

    ReplyDelete
    Replies
    1. දැම්මා නේන්නං!
      ඒකේ සංවත්සරය තමයි එන්නේ.

      Delete
  4. තිරය කෙටු වුණාට පරණ වුණාට වයඝ්‍රා වලින් ජවය ගත හැක. මෙය වෙලඳ දැන්වීමකි. හැක්

    ReplyDelete
    Replies
    1. ඔබ කියනවා නම් පිළිගන්නම්, ඉයන්!

      Delete
  5. // තිරය කෙටු වුණාට පරණ වුණාට වයඝ්‍රා වලින් ජවය ගත හැක. මෙය වෙලඳ දැන්වීමකි. හැක් //

    පොලේ නාකි වෙනකොට තෙලේ වැඩි වෙනවා නේ ඉයන්!!

    ReplyDelete
    Replies
    1. හැබැයි දත් නං දිරනවා නේද?

      Delete
  6. තෙල් මේ තරම් අඩුවෙලා තියෙද්දිත් මොකට කණගාටු වෙනවද?

    ReplyDelete
    Replies
    1. වහා ගිණි ගන්නා තෙල් එපෝ!

      Delete
  7. තෙල් මාරු කරල අලුතෙන් තෙල් ටිකක් දාල ගම්මු. හැක්...

    ReplyDelete
    Replies
    1. ලොක්හීඩ් බ්‍රේක් ඔයිල් ඇඩ් එක මතකද ටීවි එකේ ගියෙ " ගැහුවොත් හිටියා " … කියල. හැක්

      Delete
    2. @ Praසන්ன
      එහෙම කළා නේන්නං!
      ඒකේ සංවත්සරය තමයි එන්නේ.

      Delete
  8. පහනෙන් එලිය දුන් වග ස්ථිරයි. ඒ වග සිතද්දී සැනසෙන්නට හැක .

    ReplyDelete
    Replies
    1. අවසන් හුස්ම පොද නොබියව හෙලන්නට
      සිව් රියනේ හිත සතුටින් නිදන්නට
      මිනිසෙකු විලස ඉපදුන පල දකින්නට
      පුළුවනි මරණ මංචකයේ වුවද මට

      (මං හිතන්නේ ර. ප්‍රේමදාස ලියූ ගීතයක්)

      Delete
  9. රසික වයසට ගිහිල්ලා

    ReplyDelete
    Replies
    1. ඒ පහුගිය දෙසැම්බර් 25 දා ඉඳලා නේ!

      Delete
  10. හෑ..!!!!! තෙලුත් හිඳිල තිරෙත් කොටවෙලා.... ජිංතු බැහැල වගේ...

    කොහොමත් නිවෙන්න ලං උනාම එලිය වැඩිවෙනව තමයි...

    ReplyDelete
    Replies
    1. දැල්වූ පහන් දැල්වී තියේවා

      Delete
  11. කවි.. දැන් නම් කව් කියන්නේ අමුතු ජාතියකට නේ.

    ReplyDelete
    Replies
    1. කවි අමුතු නෑ, රස විඳීම අමුතුයි.
      ඒ කියන්නේ එකිනෙකාගෙන් වෙනස්.

      Delete
  12. May the lamp be blessed to give light for many more years!

    ReplyDelete
  13. කවුරු අතින් ලිය වුනත් කවි රහයි.

    ReplyDelete
  14. සංවත්සරයට කලින්ම සුභ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. උපන් දිනයක්, බ්ලොග් සංවත්සරයක්, විවාහ සංවත්සරයක් හෙම නොවේ!
      ස්තුතියි.

      Delete
    2. හුටා එහෙමද? එහෙනම් මොකැයි?

      Delete
  15. පැරකුම් ගේ නියම කවි තියෙනවා.

    නොනිමි දැල්වෙන්න තවත් කලක්
    ලොවම හොඳට එළිය කරන්..

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.