
අද ජනවාරි 26 වෙනිදා ඕස්ට්‍රේලියානු දිනයයි, එනම් ඕස්ට්‍රේලියාවේ ජාතික දිනයයි.
ජාතික දිනය සඳහා අද දිනය තෝරාගෙන ඇත්තේ වසර 1788 දී නැව් එකොළහක් සහිත ඇණියකින් කපිතාන් ආතර් පිලිප් මහා බ්‍රිතානයේ සිට සිඩ්නි අසල ප්‍රදේශයට පැමිණ මේ මහාද්වීපය තම රජු වෙනුවෙන් අයිතිකරගෙන සිර කඳවුරක් සඳහා කොලණියක් පිහිටවීම මගින් වත්මන් ඕස්ට්‍රේලියාවේ ඇරඹුම සනිටුහන් වෙන බැවිනි.
ජාතික දිනය සැමරීමට රාජ්‍ය උත්සව පැවැත්වෙනවා විය යුතුය. නමුත් රටවැසියන් බොහෝ දෙනෙකු කරන්නේ අද දිනයේ බැටළු මස් සහ ඉස්සන් සහිතව සම්ප්‍රදායානුකූල බාබකියු භෝජනයක් රස විඳීමයි. ඒ සඳහා අනුපාන ලෙස බියර් සහ වයින් ද නොමසුරුව භාවිතා වේ.
තවත් වැදගත් කර්තව්‍යයක් වෙන්නේ වසරේ ඕස්ට්‍රේලියානුවා තේරීමයි. මා දන්නා තරමින් පසුගිය වසර විස්සක කාලය තුළ මේ සඳහා ක්‍රීඩකයින්, සිනමා නළුවන්, හමුදාකාරයින් මෙන්ම, වෛද්‍යවරුන්, විද්‍යාඥයින් සහ සමාජ ක්‍රියාකාරිකයින් ද තෝරා ගෙන ඇත.
පසුගිය වසරේ මේ උපහාරය ලැබුණේ ගෘහස්ථ හිංසනය වැලැක්වීම පිළිබඳව වැඩ කළ කාන්තාවකයි. මේ වසරේ හිටපු හමුදා ප්‍රධානියා ඒ සඳහා තෝරාගෙන ඇත. ඒ ඔහු හමුදා ප්‍රධානියාව සිටි නිසාම නම් නොවේ!
කෙසේ නමුත්, ඕස්ට්‍රේලියානු දිනයේ විශාල ප්‍රශ්නයක් ද ඇත.
ඒ මේ දිනය සම්බන්ධයෙනි.
එදා ආතර් පිලිප් ගේ පැමිණීම සිදුවූ දිනයේ ම, මෙරට එතෙක් විසූ මුල් පදිංචිකාර ඇබොරිනල් ජාතිකයින් ගේ විනාශය ඇරඹුණි.
එය හත්සීයක හොරුන් රංචුවක් සමග විජය ඉන්දියාවේ සිට ලංකාවට ගොඩ බැස එදා එහි සිටි යක්‍ෂ ගොත්‍රිකයින් ගේ විනාශය ඇරඹීම හා සැසඳිය හැකි අවස්ථාවක් බව පෙනේ.
රටකට ජාතික දිනයක් අවශ්‍ය නමුත් පෙර කී කාරණය නිසා, බ්‍රිතාන්‍යයින් මෙහි පැමිණි දිනයම ජාතික දිනය ලෙස තෝරා ගැනීමේ අවුලක් ඇත.
එනිසා ඕස්ට්‍රේලියානු ජාතික දිනය සැමරෙන අද දිනය ආක්‍රමණ දිනය ලෙස ද විරෝධය දැක්වීමක් ලෙසින් හැඳින්වෙනු දැකිය හැක.
මගේ අදහස නම්, යම් දිනක ඕස්ට්‍රේලියාව ජනරජයක් වූ දිනට මේ අවුල ලිහී යනු ඇති බවයි!
හවසට බාබකියු දැමීමට අවශ්‍ය බඩු(*) ගෙන ඒමට මට කඩේ යාමට ඇති නිසා මෙයින් නවතිමි.
ඔබ සැමට ජොලි ගුඩ් ඕස්ට්‍රේලියානු දිනයක් වේවා.
-රසිකොලොජිස්ට්
(*) බඩු යනු මස් සහ පාන් ය. දියර වර්ග නම්, පොලීසියෙන් ඉල්ලන විට දෙන්නට වුවද ඇති තරම්, ඉස්ටොක් එකේ ඇත!
(image: http://fleurieucoast.com/event/australia-day-2016/)
2007 Australian Local Hero Award එක ලැබුනේ ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ ශානක ප්‍රනාන්දු ට. ශානකගේ "Pay-as-you-feel" Lentil as Anything රෙස්ටුරන්ට් චේන් එක ඉතාම ජනප්‍රියයි.
ReplyDeletehttps://youtu.be/KXwfchvSyxs
නිර්මාණශීලී සංකල්පයක්!
Deleteඔය විජය ආපු කතාව බුදුහාමුදුරුවෝ සිංහලයාට නෑදෑ කමක් තියෙනව කියන්න ගොතපු කෙප්පයක් කියලයි මම නම් විස්වාස කරන්නේ !.
ReplyDeleteබුදුන් එහම කරන්න විදියක් නෑ..බුදුන්ගෙ නෑයොත් එහෙම කරන්න විදියක් නෑ කියල හිතෙන එක නිකං අන්ධ භක්තිය වගේ හිතෙන්නෙ නෑද?
Deleteඅයුතු ජන රාශි වලට එහෙම යනවනම් පෝර්මිසොන් අරගෙන යන්න...
ReplyDeleteඅද ගුගල් ඔසී පේජ් එකේ ඉමේජ් එක දැක්කද?
ReplyDeleteදැක්කා දැක්කා ....ඒක ඇඳලා තියෙන්නේ ඔසී ඉස්කෝලේ ළමයෙක්...
Deleteමොන හේතුවක් එක්ක හෝ ඉරිදට අමතර නිමාඩු දවසක් ලැබෙන එක හොදයි.
ReplyDeleteහැපි ඕස්ට්‍රේලියා ඩේ රසික!
ReplyDeleteඔබ සැමටත් ජොලි ගුඩ් ඕස්ට්‍රේලියානු දිනයක් වේවා. :)
ReplyDeleteපට්ට හැපි දිනයක් වේවා!
ReplyDeleteඅද ඉන්දියාවෙත් නිවාඩු දවසක් වෙච්චි.
ReplyDeleteඑදා ආතර් පිලිප් ගේ පැමිණීම සිදුවූ දිනයේ ම, මෙරට එතෙක් විසූ මුල් පදිංචිකාර ඇබොරිනල් ජාතිකයින් ගේ විනාශය ඇරඹුණි.//////////// ජනඝාතන දිනයක් සැමරීමකි
ReplyDeleteඕක ඉතිං කොහෙත් ඔහොමනෙ..
ReplyDelete'අපි පට්ට කුහක ජාතියක්' කියලා ඔසී ටීවී වල රැඩිකල් සෙට් තෙල බෙදනවා ඇති..
ReplyDeleteජයවේවා..!!
අද වේග උතුම් දවසකත් ඔස්ට්‍රේලියාවේ සමහර බුවාල එහෙම ඇවිත් ඔස්ට්‍රේලියාවේ සුද්දො පදිංචු කරපු එකාටත් බනිනවා ඇති කුනුහබ්බ කියලා.. එහෙව් ගදයො ඉන්නවා නෙව හැම රටේම..
ReplyDeleteදැන් එතකොට ඔය පැත්තෙත් පොලීසියට වෙනම සලකන්න ඕනද?
ReplyDelete"//ක්‍රීඩකයින්, සිනමා නළුවන්, හමුදාකාරයින්.."//පත්තර කාරයා , පොලිස් කාරයා, වගේ සිනමා කාරයා, ක්‍රීඩා කාරයා, වයිද්‍ය කාරයා, විද්‍යා කාරයා, දේශපාලු කාරයා, පුජක කාරයා කියල යෙදුවොත් භාෂාවේ සමමිතිය රැකගන්න ඇහැක් වෙයි නේද? ඕස්ට්‍රේලියාවේ අතීත විත්ති සහ බටහිරයන්ගේ වියාප්තිය ගැන විස්තර හරි රසවත්. රසිකගේ ලිවීමේ කලාව/රටාව සමග එය නොගැලපීම අපට පාඩුවක්
ReplyDelete