Tuesday 2 February 2016

නානසාරලාට පිස්සුද, නැතිනම් අපට පිස්සු ද? - Are they crazy or are we crazy?


කුඩා කල සිටම සංගීතයට, ගීත ඇසීමට, ගීත ගැයීමට, ප්‍ර්‍රිය කළ විනීතා නම් තරුණියක් විවාහයෙන් පසු තම සැමියා ගේ නිවසේ පදිංචියට ගියා ය.

නිවසේ ඉවුම්, පිහුං, අතුපතු ගෑම් යනාදී විවිධ වැඩ රාජකාරීවල නිරතවෙන වේලාවල්වල දී, ඇයට සුපුරුදු පරිදි සෙමින් ගීතයක් මුමුණනවා ඇසුණු විනීතා ගේ සැමියා ගේ සොහොයුරිය සුනීතා, "ඒයි උඹට පිස්සු ද බං හැම තිස්සෙම සින්දු කියන්නේ?" යැයි විමසා ඇත.

සුනීතා ගේ ඒ ප්‍රශ්නයේ ඇති අවුල උඹ බං කීම නොවේ. එය ඇත්තටම සුහදත්වයෙන් කළ ඇමතීමකි.

එහි ඇති සැබෑ අවුල නම්, එක් කාන්තාවක ගේ එදිනෙදා සාමාන්‍ය චර්යාවක් දෙයක් වූ ගීයක් මිමිණීම, අනෙකාට නුහුරු නුපුරුදු විස්මයට කාරණාවක් වීම සහ, ඒ හැසිරීම පිස්සුවක් නොහොත් මානසික ව්‍යාධියක් ලෙස දිස්වීම යි.

මේ කතාව අසන යමෙකු සුනීතා එවැනි ප්‍රශ්නයක් ඇසුවේ ඇයට පිස්සු නිසා යැයි සිතන්නට ද ඉඩ තිබේ!

අප සාමාන්‍ය චර්යාව යැයි කියා සලකන දෙයින් ඔබ්බේ ඇති දේ අපට පිස්සු වැඩ යැයි කියා සිතීම සාමාන්‍ය තත්වයි. එවැනි පිස්සු වැඩ කරන්නෝ පිස්සෝ වෙති!

මේ පිස්සු වැඩ සහ පිස්සන් පිළිබඳව ඔබ බොහෝ දෙනෙකු එකඟවෙන බව මා දන්නා කාරණා කිහිපයක් මෙසේය.
  • අප බොහෝ දෙනෙකු විවිධාකාරයේ පිස්සු හෙවත් මානසික ව්‍යාධියෙන් පෙළෙමු.
    ඒ ඒ පිස්සු වර්ග අපට, ලා මට්ටමේ සිට සිරා මට්ටම දක්වා, විවිධ තීව්‍රතාවයෙන් වැළදී තිබෙනු දක්නට හැක්කේ පිටතට පෙනෙන රෝග ලක්‍ෂණවලිනි.
  • මේ සමහර පිස්සුවල රෝග ලක්‍ෂණ එතරම් කැපී නොපෙනේ. එනම්, කාට කාට ඒ ඒ පිස්සුව කොයි කොයි මට්ටමින් ඇතිදැයි අන් අයට නො පෙනේ.
  • මේ බොහෝ පිස්සු, ඒවා වැළඳී ඇති අය ලෝකයේ අති බහුලව සිටින නිසා, සැලකෙන්නේ සාමාන්‍යය ම ලෙසයි. එනම්, පිස්සන්ට අනිත් පිස්සන්, පිස්සන් කියා නො සිතේ.
  • ඒ සමගම, මේ සමහර මානසික ව්‍යාධීන් අනෙකුත් ඒවාට වඩා හොඳ ඒවා යැයි ද සැලකේ. එනම්, පිස්සු ලෝකයේ පිස්සන් අතර, හොඳ පිස්සන් ද මෙන්ම නරක පිස්සන් ද වෙති.
    උදාහරණයක් ලෙස, මට සාපේක්‍ෂව, පොත් පිස්සුව සහ පොත් පිස්සන් හොඳය. එසේම, ජාති, ආගම් පිස්සුව සහ ජාති, ආගම් පිස්සන් නරක ය.
ඔබට ඇත්තේ කුමන පිස්සුවදැයි කරුණාකර සඳහන් කරන්න.

කිසිම පිස්සුවක් නැතියැයි කියන්න නම් එපා. එය සත්‍යය නොවන බව, මා කෙසේ වෙතත්, ඔබ ම හොදින් දනී!

-රසිකොලොජිස්ට්

39 comments:

  1. පිස්සු කියන ඒවා අර්ථ දැක්විය හැක්කේම සාපේක්ෂවය. යම් පුද්ගලයෙකුට අනුව 'සාමාන්‍ය නොවන' වෙනත් කෙනෙකුගේ චර්යාවන් ඔහුට පිස්සුවක් මෙන් පෙනේ. වඩා විධිමත් ලෙස මානසික ආබාධ ලෙස අර්ථ දක්වා ඇත්තේද යම් කාලයකට හා සමාජයකට සාපේක්ෂව පොදු සමාජය විසින් 'සාමාන්‍ය නොවන' ලෙස හඳුනා ගන්නා චර්යාවන්ය. (වසර දහසකට පෙර කුඩා දැරියන් සමඟ එකතු වීමේ පුරුද්දක් තිබුණු පුද්ගලයෙකුට මානසික රෝගයක් තිබුණු බව අදට සාපේක්ෂව බලා පැවසීම නිවැරදි නැත.) බොහෝ 'අසාමාන්‍ය' චර්යාවන්ගෙන් අදාළ පුද්ගලයාට හෝ සමාජයට (සාමන්‍යයෙන්) හානියක් නැත. පොත් පිස්සුව, චිත්‍රපට පිස්සුව, ඡායාරූප පිස්සුව ආදිය මේ ගණයේ ඒවාය. එහෙත්, වෙනත් ඇතැම් අසාමාන්‍ය චර්යාවන් එම පුද්ගලයාට හෝ සමාජයට අහිතකරය.මානසික රෝග ලෙස බොහෝ විට අර්ථ දක්වන්නේ මෙවැනි ආකාරයේ අසාමාන්‍ය චර්යාවන්ය. හැමවිටම නොවුණත්, කෙනෙකුගේ පිස්සු සාමාන්‍යයෙන් පෙනෙන්නේ වෙනත් අයටය. යමෙකු තමන්ට පිස්සුවක් ඇති බව කියනවානම් එයින් අදහස් වන්නේ එක්කෝ ඔහුට තමන්ගේ යම් චර්යාවකින් මිදෙන්නට අවශ්‍ය බවයි. එසේ නැත්නම්, තමන්ගේ අසාමාන්‍යතාව නිසා තමන් අනෙක් (සාමාන්‍ය) අයට වඩා ඉදිරියෙන් සිටින බව සිතන බවයි. (වෙනත් කරුණුද තිබිය හැකිය.)

    ReplyDelete
    Replies
    1. මගේ ලිපියේ ඇති කරුණු සහ ඔබ කියා ඇති දේ අතර විශාල සමනාකම් ඇති බව පෙනේ.

      එනිසා, ඔබ කියා නැති වුණත්, ඔබට ඇත්තේ ද මට ඇති පිස්සුවම බව නිගමනය කරමි!

      Delete
  2. ඇත්තෙම්ම මටත් කාලෙන් කාලෙට එක එක පිස්සු තිබුනා , කාලයක් පොත් පිස්සුව තිබුනා , කාලයක් සමාජවාදී පිස්සුව තිබුනා , කාලයක් චය රුප පිස්සුව තිබුනා , කාලෙන් කාලෙට එක එක පිස්සු තිබුනා , ඔබේ ලිපියේ නනසරලාට පිස්සුද කියා තිබුන නිසා මට තෙරණ දෙය ලියන්න සිතුනා , නනසරටත් ජාතිවාදී පිස්සුවනම් තිබෙන්නේ අපිට ඒ ගැන එපමණ හිතන්න දෙයක් නැහැ , නමුත් එයා එම පිස්සුව බොරුවට රඟපාන පිස්සුවක් මොකද ජාතිවාදී පිස්සෝ ටික එයාගේ වටේට එකතු කර ගන්න කරන රඟපෑමක් ඒ නිසා නානසාර පිස්සෙක් කිය හිතන්න ,බැහැ , දැන් විමලේ ගැන බලමු එය සමාජ වාදිඑක්ද තමන්ගේ තැන , නායකත්වය ලබා ගන්න ඒ ලෙස රංග පැවා , නායකත්වය ගන්න සමහරු පිස්සෝ වාගේ රඟපානවා

    ReplyDelete
  3. අපි හැමෝටම විවිධාකාර මානසික ව්‍යාධි තියෙනවා. පර්සනැලිටි ඩිසෝඩර්ස් ගැනනම් ටිකක් දන්නවා. අපි හැමෝටම මේවා සමහරක් අඩු වැඩි වශයෙන් තියෙනවා. එක් එක් ව්‍යාධිය අඩු වැඩි වශයෙන් තියෙනවා. . ප්‍රධාන ඒවා දහය ගැන විස්තර මෙතනින්. . තමන්ට අවංක වෙන්න පුළුවන් නම් ප්‍රශ්ණ කීපෙකට හරිම උත්තර දීල තමන්ගේ ව්‍යාධි මොනවද කියල හඳුනගන්න පුළුවන් මෙතනින් . තමන් රවටවගන්න බොරු උත්තර දුන්නොත් ප්‍රතිඵලයත් බොරු ප්‍රතිඵලයක් වෙයි.

    ReplyDelete
  4. පිස්සුත්, දීපය දේශය කුළය මව් අනුව වෙනස් වෙනවා...

    ඒ කාළේ ඉඳන් දේශපාලන පිස්සුවක් නම් තියෙනවා.. එයිටාමතරව මේ දවස්වල තියෙන්නේ නම් නෙට් පිස්සුව..

    ReplyDelete
  5. පිස්සු නම් තිබුණට එච්ච්‍රම අවුලක් නෑ.
    ඒත්, අපි තමයි හොඳම පිස්සො, මේ රට අයි අපි වගේ පිස්සන්ට විතරයි.
    ඒ නිසා අපිට ඕනැම පිස්සුවක් කෙලින්න පුලුවන් කියල හිතන එක තමයි අවුල

    ReplyDelete
  6. මටත් තියෙනව සුව කර ගන්න බැරි පිස්සුවක්.
    දවසකට එක සැරයක් හරි මේ මල මගුල් බ්ලොග් කීපයක් තියනවා බලන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. මටත් ඔය පිස්සුව හැදීගෙන එන්නේ..

      Delete
    2. ඒකනං මටත් තදේට තියෙනව.
      බෙහෙතක් හොයාගත්තොත් කියන්න.

      Delete
    3. උබ ඔය ලෙඩේ පැතිරෙනකම් බෙහෙත් හොයාපල්ලා...

      Delete
  7. පිස්සු කීපයක් තියෙනවා. එකක් තමයි නිතර නිතර දවල් හීන දැකීම.

    ReplyDelete
  8. ඔබ කියන විදියටම කියන්නං.

    ඉක්මන් සුවය පතමි. හැක්..

    ReplyDelete
  9. බහුතරයන් පිස්සන් වන තැන් වලදී පිස්සන් සාමාන්‍ය මිනිසුන් වේ. සුළුතරය පිස්සු නොමැතිවුන් වන විට ඔවුන් බහුතරය තුළ පිස්සන් බවට පත්වේ......... අවිවාදයෙන් කියනවා. අපි අනිවා පිස්සන්..... පිස්සු මොනවා ද කියලා කියන්න ගියොත් ටිකක් කමෙන්ටුව දිග වෙයි.... අනික ඔ්වා මතක් කරන්න ගිහිල්ලා පිස්සු වැඩි වෙන්නත් පුළුවනි....

    ReplyDelete
  10. උඩ පින්තුරේ ඔළුවයි දිගයි, බෙල්ලේ දිගයි අසාමාන්‍යයි. නල්ල ෆොටෝ ෂොප් ගේමක් වගෙයි රසිකගේ තරුණ කාලේ ඔලුව ඔබලා එකට . අනවශ්‍ය දේවල් දකින එකත් පිස්සුවක්. මොකක් දිග උනත් මට මොකෝ

    ReplyDelete
    Replies
    1. පහල සිට ගත් ෆොටෝ එකක්.

      Delete
    2. මෙය සුජී කැමරාව ළමයෙකුට දුන් පසු ගත් ෆොටෝ එකක් බව සළකන්න!

      Delete
    3. හැබෑටම බෙල්ල ඇදල වගේ.
      ඇඟිලි වලින් හීනියට මල්ලියට ටච් එකක් දීගෙනෙ ඉන්න.

      Delete
    4. බෙල්ලෙ වණයක් මචන්

      Delete
  11. මටත් පිස්සුවක් තියෙනවා.
    අනිත් අය දිහා මං බලනකොට ඒ ගොල්ලෝ මන් දිහා බලන්නේ වපර ඇසින් කියලා.(මට ඒක කියන්න තේරෙන්නෑ)

    ReplyDelete
  12. රසික මෙතනදි සඳහන් කරන සමහර දේවල් 'පිස්සු'මත් නෙවෙයි, ඒවාට 'ඇබ්බැහිවීම්' කියන වචනය පාවිච්චි කරන්නත් පුලුවන්.. (පොත්, චායාරූප, වාහන, පික්නික්, පිච්චර්, ටෙලිනාට්‍ය.....). මට තියෙන පිස්සුව / ඇබ්බැහි වීම නම් ක්‍රිකට් පිස්සුවයි (සිම්බාබ්වේ-බංග්ලාදේශ ටෙස්ට් මැච් එක පවා බෝලෙන් බෝලෙ බලන තරමේ ඇබ්බැහියක්!).

    ජාති ආගම් පිස්සන්, පිස්සන් ලෙස ගැනීම නම් මම හිතන්නේ වැරදි අවබෝධයක්. අන්තිම සරල තේරුම් ගැනීමක් කියලයි මම හිතන්නේ. සමහර හුදකලා එහෙම් චරිත ඉන්න පුලුවන් තමයි. නමුත් ප්‍රවනතාවයක් විදියට එන ජාති ආගම් වාදීන්, ඔවුන්ගේ ක්‍රියා පිස්සන්, පිස්සු වැඩ විධියට ලඝු නොකල යුතුයි.

    - Dimithri

    ReplyDelete
  13. රසික,
    “නානසාරලාට “ ප්‍රශ්නය , මමනම් පිස්සුවක් ලෙස නොදකිමි.
    මුලින් ඔබ හිතන්න භ්ක්ෂුවක් ලෙස ඔහු දන්නවා ඔහුගේ හැසිරීම නිසා සිංහල ගිහියන් කලකිරෙන බව, තවදුරටත් ඔහු දන්නවා කලකිරෙන්නේ බුද්ධ ශාශනය කෙරෙහි බව, ඔහුගේ අතීත හැසිරීමත් (බිමත්ව රියපදවා උසාවිය ඉදිරියේ වරද පිළිගන ) පැහැදිලියි ඔහු සම්පුන්න්ම සිටින්නේ කාම සුකල්ලිකානු යෝගයේ බව.
    මෙහෙම පුද්ගලයා නොර්වේ යනවා ඉන්පසු ශ්‍රී ලංකාවට පැමිණ මුලින් අන්‍යාගමික ස්ථාන වලට පහර දීමට සංවිදානය කරනවා (අන්‍යාගමික ස්ථාන වලට පහර් දෙන්නේ බුදුධහමට ආදරේ නිසානම් ඔහු මුලින් සිංහලයන් සාශනය ගැන කලකිරවන ලෙස හැසිරෙන්නේ නෑ ) ඔහුට මේ වැඩවලට මුදල් සපයන්නේ කවුද ?
    බොහෝ දෙනා සමහර විට කියයි මෙය මහින්ද රජයේ ඝෝටාභය ලබාදුන්නා කියල මේකේ කිසියම් ඇත්තක් තිබෙන්න පුළුවන් මොකද මෙහෙම අන්‍ය ජාතීනට සහ ආගම් වලට හින්සාකරන විට මෝඩ සිංහලයන් ඊට කැමති ඔවුන් හිතන්නේ ඔවුනේ ආගම ශක්තිමත් වෙනවා කියල. මෙවැනි රැල්ලක් ඇතිවිට මහින්ද රජය ඔහුට සහයෝගය දැක්වුවා වෙන්න පුළුවන්, නමුත් වැදගත්ම දේ මෙය විදේශ වලින් මනාව සැලසුම් කර කරන වියප්ප්රුතියක්.
    අපි ඉතිහාසයට ගියොත් කන්ද උඩරට යටත් කල හැකි වන්නේ ජෝර්න් ඩොයිලි ගේ සැලසුමක් නිසයි, ඩොයිලි කියන්නේ කෙම්බ්රිජ් විෂවවිදය්ලයේ ඉගන ගත් උගතෙක් පමණක් නෙමෙයි ඔහු පාලි සංස්කෘත වැනි භාෂා ත් ප්‍රගුණ කළා ඔහු සාමාන්‍ය ගැමියන් සමග බුලත් කමින් ආශ්‍රයට ගිය බවයි සදහන් වන්නේ, මෙවැනි විශ්වාසය දිනා ගත් පසුවයි ඔහුට හැකිවෙන්නේ තම කුමන්ට්‍රනයෙන් ප්‍රයෝජන ගන්න.
    මෙදේම ශතවර්ෂ කීපයකට පසු ඔවුන් නැවත ප්‍රයෝජනයට ගන්නවා. ඔබ නිකන් හිතන්න අර මුස්ලිම් වරුන්ට දර්ගා නගරයේ පහර දීමට ප්‍රයෝජන ගත් වාහන වලට තෙල්ගැසීමට පමණක් කොපමණ මුදලක් යන්න ඇද්ද ? කොහෙන්ද මේ මුදල් ? ඔබට මතකද මේ හමුදුරුවෝ නොර්වේ වලට යනවා, ඔබ කියන්නේ ඔහු නොර්වේ වලට යන්නේ සිරි නරබන්න කියලද ?
    මෙහිදී සිදුවුනේ මහින්දගේ පාලනය භාහිරින් පහර දීමට නොහැකි විට අභ්‍යන්තරයෙන් කරන ලද මාරක පහර දීමක් මෙය මේ හාමුදුරුවෝ විතරක් නෙමෙයි සමහර දේශපලන්යයන් පාවිච්චි කරලයි කරල තියෙන්නේ
    https://www.youtube.com/watch?v=aH6DIi--m4Y
    මේ රාජිත මයිත්‍රී ට එක්වීමට පෙර කරන ලද ප්‍රකාශයක්.
    මට ඇති ප්‍රශ්නය බොහෝ උගතුන් මේක නිකම් පිස්සුවක් ලෙස දැකීම මගින් ශ්‍රී ලංකාව මුහුණදෙන ඇත්ත තත්වය ගැන පවතින නොදැනුවත් කමයි

    ReplyDelete
    Replies
    1. ඔබ රසික ගේ පැණයට පිළිතුරු දී නෑ, ඔහුගේ පැණය; /ඔබට ඇත්තේ කුමන පිස්සුවදැයි කරුණාකර සඳහන් කරන්න./

      නැවත උත්සහ කරොත් හොඳයි.

      Delete
  14. රසිකගේ ප්‍රශ්නෙට දෙන්න වෙන්නේ බර්ටි ගුණතිලක, ඇනස්ලි ඩයස්ට දුන්නු උත්තරේ ... Both .
    අසූව දශකයේ අග පලකල වාර්තාවකට අනුව (Dr. රනිල් අබේසිංහ විය යුතුයි හරියටම නිච්චියක් නෑ ) එකල ලංකාවේ ජනගහනයෙන් 20% පමණ යම්කිසි මනෝ වියාදියකින් පෙලෙන බව පැවසුනා. අද තත්වය තවත් දරුණු ඇති.
    සබ්බේ පුතුජ්ජනා උම්මත්තකා......
    රසික සිවුරටත් ස්මාර්ට් නේ....
    kapila

    ReplyDelete
  15. මට තියෙන පිස්සුව තමයි කොච්චරවත් අනිත් එවුන්ට පිස්සු කියල හිතෙන එක..

    ReplyDelete
  16. නානසාරයට කිසිම පිස්සුවක් නෑ...හොඳට හිතල මතල ගේම දෙන්නෙ. එකෙන් වෙනම පොරත්වයක් හදා ගෙන නැද්ද .....ඕක මිනිස්සුන්ව නං පිස්සු වට්ටනවා.
    ඡන්දෙකටත් ඇවිත් පාර්ලිමේන්තුත් යයි. දැන් ඒකට පාර කැපෙමින් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි හෙන්රි ! ඔහු නියෝජනය කරන්නේ එක්තරා දරුණු, දක්ෂිනාංශික, ෆැසිස්ට්, ගෝත්‍ර වාදී දේශපාලන ප්‍රවාහයක් ... නානසාර කියන තනි පුද්ගලයෙක් ගේ මොලේ කචල් වීමක් නොවේ. එදා හෝමාගම හිටිය ඔක්කොම නානසාර ලා නේද ?

      Delete
  17. මටත් ඔය මොකක් හරි පිස්සුවත් තියෙන්නැතැයි. ඒක ගැන හිතල තව එකක් හදාගන්න ඕනකමක් නෑ.

    ReplyDelete
  18. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වෙන්නෝනෙ කියල තියෙන්නෙ, අපි කවුරුත් ලොකු පොඩි මට්ටම් වලින් මානසික රෝගීන් කියල.

    මට නං තියෙන්නෙ ඕනෙම දෙයක් එකතු කිරීමේ පිස්සුව. විශේෂෙන්, පොත්, ඇන්ටික් දේවල්, කාසි, නෝට්ටු, මුද්දර ...

    ReplyDelete
  19. පිස්සා නම් ඔලුව වනයි !පිස්සා නම් ඔලුව වනයි !පිස්සා නම් ඔලුව වනයි !පිස්සා නම් ඔලුව වනයි !

    ReplyDelete
  20. බ්ලොග් දෙක තුනක් කියෙව්වේ නැත්නම් හරියට නින්ද යන්නේ නෑ කියන්නෙත් පිස්සුවක්ද? එහෙනම් මටත් පිස්සු.

    ReplyDelete
  21. ඕවා මේ ප්‍රසිද්ධියේ කියන්න බෑ, මිනිස්සු හිතයි අපිට පිස්සු කියලා...

    ReplyDelete
  22. මටත් ඔය වගේ පිස්සු සෑහෙන ප්‍රමාණයක් තිබුණා.ඒවායින් ගොඩක් දැන් සනීපයි.ඒත් පොත් පිස්සුව කිසි දවසක හොඳ වෙන එකක් නෑ.ඒ වගේම ලඟදි හැදුන නෙට් යාමේ සහ බ්ලොග් පිස්සුව කවදා සනීපවේදැයි නොදනිමි.

    ReplyDelete
  23. මට හිතෙන්නෙත් මිනිස්සුන්ට තියෙන්නේ මත් වෙන්න ඕනි කමක් . ඒකට තමයි ඔය එක එක ක්‍රම තෝරා ගන්නේ සහ ඇබ්බැහි වෙන්නේ . ඇබ්බැහිය අනිත් සාමාන්‍ය කටයුතු ඉක්මවා කාලය උරා ගන්නවානම් ඒක පිස්සුවක් වෙනවා. සංගීතය, කලාව, ලිංගික ඇසුර, භාවනාව, ආගම, දේශප්‍රේමය, දේශපාලනය, මත්පැන් , ක්‍රිකට් ඕනි එකක් වෙන්න පුළුවන් .ඔය මත්වීමක් හෝ පිස්සුවක් නැතිව පියවි තත්වෙන් ඉන්න බැරි තරම් මේ ලෝකේ රළුයි ඒකාකාරියි කියල හිතෙනවා . සත්තුන්ට නැති ඔය ප්‍රශ්නේ අපට තියෙන්නේ මනසක් තියෙන නිසානේ .
    මට තියෙන්නේ කලින් කලට වෙනස් වෙන පිස්සු දෙකක් . බිස්නස් පටන් ගන්න ඕනි පිස්සුවත් ලියන්න ඕනි පිස්සුවත් වරින් වර මතුවෙන පිස්සු . ඒවා නිසා ලැබිච්ච දේ වගේම නැති වෙච්ච දේත් බොහොමයි . කාගේ මොන පිස්සුව උනත් හොඳද නරකද කියන්නේ සාපෙක්ෂවනේ

    ReplyDelete
  24. ලොකුම පිස්සුව තමයි තමන්ට පිස්සු කියලා නොතේරීම.
    මට නම් තියෙන්නේ ලිවීම කියවීම පිළිබද පිස්සුවක්.

    ReplyDelete
  25. පිස්සෝ තමන්ට පිස්සු කියලා කියන්නේ නැහැනේ.මම කියන්නෙත් නැහැ ඒ නිසා.

    ReplyDelete
  26. මේ අහඹු ජීවිතයේ තේරුමක් තියෙනව කියල හිතන එකත් පිස්සුවක් තමයි ...

    ReplyDelete
  27. මට තියෙන පිස්සුව මට තියෙන පිස්සුව හොයා ගන්ඩ බැරි පිස්සුවක් හි හි

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.