Friday, 26 February 2016

ජාතිවාදී කාන්තාවක ගේ අති භයානක ලොමු දැහැගන්වන ප්‍රකාශයක් පිළිබඳව සටහනක් - Racism at its best


මෙය විහිළු, සරදම්, හිනා-මනා කැටගරියක කතාවක් නොවන බව පළමුවෙන් ම කිව යුතුයි.

මෙය:
සත්‍ය කතාවකි.
බරපතළ කතාවකි.
බිහිසුණු කතාවකි.
එසේම, මගේ පළමෝත අත්දැකීමකි.

මේ කතාව කියවා අවසානයේ සංවේදී සිත් ඇති ඔබට ඇති විය හැකි සෘණාත්මක මානසික තත්වයන් පිළිබඳව ද කලින් ම අනතුරු හැඟවීමක් කළ යුතුය.

කාලය:-වසර 1983 අගෝස්තු මාසය පමණ
ස්ථානය: ශ්‍රී ලංකාව

ලංකාව දශක දෙකකින් ආපස්සට ගෙන ගිය, 1983 ජූලි ජාතිවාදී කලබල අවසන් වී තිබුණත් මේ වන විටත් ලංකාව තිබුණේ සෑහෙන අස්ථාවර, අවිනිශ්චිත වාතාවරණයක ය.

මේ කාලයේ කුරුණෑගල නගරයේ තත්වය පිළිබඳ හොඳ අදහසක් ලියනගේ අමරකීර්ති ලියූ අහම්බකාරක නම් අපූරු නවකතාව කියවීමෙන් ලබා ගත හැක. ඒ තත්වය ජූලි කලබල බල පෑ රටේ අන් සෑම ප්‍රදේශයකට ම පාහේ සාධාරණීකරණය කළ හැකි යැයි සිතමි.

බොහෝ ප්‍රධාන නගරවල දක්නට ලැබුණේ ගිනි ගෙන දැවුණු ගොඩනැගිලිවල සුන්බුන් ය. ගිනිගත් ගොඩනැගිලිවල නටඹුන්වලින් සැරසුණු මහනුවර, බොරැල්ල, නුවරඑළිය නගර මගේ සිහියට එයි.

ව්‍යාපාර, වතු පිටි, යාන වාහන පමණක් නොව උන් හිටි තැන් පවා අහිමි වූ දහස් ගණන් දෙමළ ජනයා විවිධ පළාත්වල පිහිටුවා තිබුණු අනාථ කඳවුරු වලට ගොනු කර තිබුණි.

ජාතිවාදී කෝලාහල දඩමීමා කර ගෙන එවකට සිටි පාලක ජනාධිපති ජයවර්දෙන විසින් තහනම් කරන්නට දෙයුණු වාමාංශික දේශපාලන පක්‍ෂ තුන අතරින් කොමියුනිස්ට් පක්‍ෂයේ තහනම ටික දිනකින් ම ඉවතට දැමුණි.

නව සමසමාජ පක්‍ෂයේ බාහු, වාසු, සිරිතුංග වැන්නෝ පක්‍ෂ තහනමෙන් පසු තම ආරක්‍ෂාව පිණිස යටි බිම්ගතව සිටියහ. ලංකාව මේ තිරශ්චීන ජාතිවාදයෙන් සහ එහි විනාශකාරී ප්‍රතිඵලවලින් ගලවා ගන්නට තමන්ට දේශපාලනිකව කළ හැක්කේ කුමක්දැයි ඔවුන් අතර සාකච්ඡාවට බදුන් වෙමින් තිබෙන්නට ඇත.

පක්‍ෂ තහනමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ද එලෙසම යටි බිම් ගත වී සිටි අතර, මට සිතෙන විදියට, ඔවුන් ගෙන් බහුතරයක් දෙනා නම් රටේ දකුණේ ඒ වෙන විට උත්සන්න වී උතුරා ගොස් තිබුණු සිංහල මහජාතිවාදය තම ප්‍රයෝජනය පිණිස යොදාගන්නේ කෙලෙස ද යන්න පිළිබඳව පිඹුරුපත් සකසමින් සිටින්නට ඇත.

රටේ උද්ගතවූ තත්වය ද, වෙනත් හේතු ද මත විධිමත් අධ්‍යාපන කටයුතු මදකට ඇණ හිට තිබුණු බැවින් මම විවිධ ස්ථානවල රස්තියාදු වෙමින් මේ කාලය ගත කළෙමි.

වැඩිහිටි පිරිසක් අතර කෙරෙමින් තිබුණු යම් කතාබහකට ඇහුම් කන් දෙන්නට මට ඉඩ ලැබුණේ මේ ආකාරයේ එක් රස්තියාදුවක අතරතුර දී ය.

එතැනදී මගේ කණ වැටුණු කතා බහෙන්, වසර තිස් තුනකට පසු මට අද මතක ඇත්තේ එක් පුද්ගලයෙකු කළ ප්‍රකාශයක් පමණි.

එය මෙසේ ය.
"අපේ ගෙවල් ළඟත් දාලා තියෙනවා දෙමළ අනාථ කඳවුරක්. මං දැක්කා ඒකේ ඉන්නවා පොඩි පොඩි දෙමළ පැටව් රොත්තක් ම.

එවුනුත් විෂඝෝර නයි පැටව් වගේ.

මට හිතෙන්නේ ඒ දෙමළ පැටව් රොත්තම මරලා දාන්න ඕනෑ. නිකං නොවෙයි, අපේ පොඩි එවුන් දාලා ටොකු අන්නලා මරලා දාන්න ඕනෑ!"
මේ ප්‍රකාශය පිළිබඳ කළ යුතු බිහිසුණුම අනාවරණය මෙන්න.

මේ කතාව කී වැඩිහිටියා ගැහැනියකි.

එසේම, ඇය නිකම්ම නිකං ගැහැනියක නොව වයස අවුරුදු පහක පමණ කුඩා දරුවෙකු සිටි මවකි.

මා පසුව දැන ගත් පරිදි, ඇය එවකට මාස කිහිපයක පමණ ගැබිණියක් ද වූවා ය.

මේ කතාව අසා මා මුලින් ම වික්‍ෂිප්ත වීමි. එහි ගැබ්වුණු මිනීමරු චින්තනයේ සැබෑ බැරෑරුම්කම මට නිසි අයුරින් වැටහෙන්නට පටන් ගත්තේ කාලයත් සමගයි.

එකල මා පොඩිහිටියෙකු ම නොවුණත්, ඒ මොහොතේ මේ වැඩිහිටියන් ගේ කතාවට හොම්බ දමන්නට මට තත්වයක් තිබුණේ නැත.

එනිසා වික්‍ෂිප්ත වූ සිතින් ම මුවින් නොබැණ සිටීමට මට සිදුවිය.

දැන් තම ජීවිතයේ හත්වෙනි දශකය ගෙවන මේ කාන්තාව මට තවමත් ඉඳහිට මුණ ගැසුන ද, අද දක්වාම මේ කතාව සිහිකර ඒ සම්බන්ධයෙන් ඇයව ප්‍රශ්න කිරීමකට ලක්කරන්නට මට ඉඩකඩ නොලැබුණි. කිසි දිනෙක එවැනි අවස්ථාවක් උදා නොවෙන්නට ද ඉඩ ඇත.

එය මගේ ජීවිතයේ ඇති එක් දුක්බරම පශ්චාත්තාපයකි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඒ අති භයානක ජාතිවාදී ප්‍රකාශය ගැන මේ සටහන ලියන මොහොතේ, ඇගේ එදා උපමාවම සහිතව මගේ සිතට නැගුණේ, මේ කාන්තාව ගේ සියොළඟ පිරි ජාතිවාදී නයි විෂ, ඇගේ දරුවන්ට බිඳුවක් හෝ උරුම වී නොතිබේවා යන ප්‍රාර්ථනයයි.

(image: http://olocomeu.com/wp-content/uploads/2009/01/cruela-300x221.jpg)

39 comments:

  1. ලෙයින් පිසගෙන කිරිබත්
    තලුමරා අනුභව කළ,
    අධිවේගයෙන් ගැස්සුන
    දෙමළ හෘදස්ඵන්දන
    රතිඤ්ඤාවට කැටි කළ,
    මානුෂික රටේ ජනයිනි,

    මරණය ලාබ යුගයක වුව
    සිඟිති සඳකට වෙඩි තැබු
    විලස් දැක මහද නැවතුණි

    ළපැටි මොළකැටි අතකට
    විස්කෝතු දී කන්නට
    බලා එල්ලය හරියට
    ගිනි බින්දා ද හදකට
    වෙඩි තිබ්බාද සඳකට

    මින් මනත කිසි දිනෙක
    කිසිවක් කිසිදාක
    උපමා කළ හැකි ද සඳකට?

    "බාල චන්ද්‍ර පටු නළල" ගැන
    එමියුරු නදැති අමරස්වර
    විඳිය හැකි වේද යළි කිසි දින?

    කවියෙකු වන්ට පළමුව මිනිසෙකු බැවිනි මා මිත
    ඇට සම් මස් නහර සිඳ, ඇට මිඳුළු තෙක් නිබඳ වේදනා දෙන
    පුතු සෙනෙහෙ හද රැඳි මා ද පියෙකිය මා පුත!

    - සඳුන් ප්‍රියංකර විතානගේ ලියූ බාලචන්ද්‍රන් කවිය

    ReplyDelete
    Replies
    1. එහෙමට දේශපාලනය ගැන දැණුමක් නැති, නිතර ප්‍රවෘත්ති නොඅසන, ටොයි බයි කුලක වලට දැමිය නොහැකි, දරුවන්ද ඇති කෙනෙකුට මා බාලචන්ද්‍රන් සිද්ධිය කී විට එම පුද්ගලයා කිව්වේ, "එහෙම කරපු එක හොඳයි එක අතකට" කියා ය. දේශපාලන පක්ෂයකට ගැති නොවූ, තම සාමාන්‍ය දැනුම අවබෝධය මත පමණක්ම පදනම් වූ එම ප්‍රකාශය නිසා මා බොහෝ සේ සසල වුණා.

      Delete
  2. උතුරේ දෙමල්ලු කියන්නේ කකා නිකං මුහුදේ මාළු එහෙමත් නැත්තං කුකුල්ලු වගේ ජාතියක්. කොච්චර මැරුවත් පව් සිද්ද වෙන්නේ නෑ. බොරුනං අභයාරාමයෙන් අහන්න. ඕනිනං දෙමල්ලු මැරීමෙන් ලැබෙන ගැන පිං ආනිසංස ගැන කියලා බණකුත් කියයි. අනික නැත්තං අපේ විචාරක මහත්තයා මළාම දිව්‍යලෝකේ යන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. පින්වත, අප හිතවත් විචාරක උපාසක මහතා ගමේ පන්සලේ ශෛලමය බුදු පිළිමයක් ගොඩ නැංවීම මාර්ගයෙන් සියළු පව් සමා කරගෙන ඇති සේක.

      මීට ලොකු හාමුදුරුවෝ

      Delete
    2. කවුද පොඩිඑකෙක් විචාරකට පාට එකක් දාලා සිංහ ලේ නමින්

      අහෝ අඬනවා හිමියනි ....විචාරයා

      ඌරා ගේ මාළු ඌරාගේ පිටේ තියලා කපලා හාමුදුරුවනේ

      Delete
    3. අපේ විචා තාම දන්නෙ නෑ සයිබරයේ පාට් දාන්නේ O/L කරන ගැටව් කියලා. ඉතින් නා ගන්නවා ඇති වෙන්නම... :-)

      Delete
    4. නා ගන්නවා ඇති වෙන්නම... :-ගූ වලින්ම

      Delete
    5. මේ රටේ ආරක්ෂක හමුදාවල සේවය කළ සමහරුන්ගේ ආකල්ප දිහා බැලුවාම මොනවා වුණත් විචාරක අන්කල් ඉන්නේ ගොඩක් ඉස්සරහින්. එයාගෙ ආකල්ප වල ජාතිවාදයක් හෝ සුළුජාතීන් පාගා දැමිය යුතුය කියන අදහසක් නැහැ. විචාරක අන්කල් දූෂිත රාජපක්ෂ රෙජීමය නැවත බලයට ගෙන ආයුතුයි සිතන්නෙත් නැහැ. ඉතින් තවත් මොනවද අපට එයාගෙන් බලපොරොත්තුවෙන්න පුළුවන්? මම නම් මොනවා වුණත් විචාරක අන්කල්ට ගරු කරන්නෙ ඒ නිසයි. ඉඳලා හිටලා පොඩ්ඩක් තරහ ගියත්, ඒ වෙලාවට පොඩ්ඩක් කෑගැහුවත් උතුම් මනුෂ්‍යයෙක්. මේකෙ ඉන්න හුජ්ජ කොල්ලො විචාරක අන්කල්ගේ සැබෑ අගය තේරුම් නොගන්න එකයි වරද.

      Delete
    6. මැදි විය ඉක්මවූවෙක්මි.[පැන්සෝන් ගිය වසසක පොරක් ] තවමත් සිතින් තරුණයෙක්මි.[නිල්පාට පෙත්තක් ගත්විට] ඉගැන්වීමෙහිත් රට රැකීමෙහිත් දිගු කලක් යෙදී,[පුකට ගසා අත්දැකීම් ඇත....කොයි ආකාරයකටද?] අද ඉසුඹුලමි. තොරතුරු තාක්‍ෂණයට පණටත් වඩා ආදරයෙන් සළකමි.[ඉල්ලන් කන ඉස්පොට් එක නැමදීම] හෙළ බස මරණවුන් නිර්දය ලෙස පිටු දකිමි.[සිංහ ලේ ]නර්මාලාප කීමෙහි බිනීමෙහි බුහුටියෙමි. සිනමාව, සංගීතය, ඈ කලාවන්හි ප්‍රේමියෙක්මි....... පුක තමයි ....ඉතිං. රෝස්පාන් අපිටෙයි ?

      Delete
  3. //"දැන් තම ජීවිතයේ හත්වෙනි දශකය ගෙවන මේ කාන්තාව මට තවමත් ඉඳහිට මුණ ගැසුන ද, අද දක්වාම මේ කතාව සිහිකර ඒ සම්බන්ධයෙන් ඇයව ප්‍රශ්න කිරීමකට ලක්කරන්නට මට ඉඩකඩ නොලැබුණි. කිසි දිනෙක එවැනි අවස්ථාවක් උදා නොවෙන්නට ද ඉඩ ඇත."//

    ඒ අවස්ථාව උදා නොවීම හොඳ බව මගේ හැගීමයි

    ReplyDelete
  4. එවැන්නන් විසින් ඇතිකරනලද ඒ තත්වය මත ඉපදුනු ඊළඟ පරමපරාවන් වල ජාතිවාදය ගැන ප්‍රශ්න කරන්නට හැක්කේ කාටද?

    ReplyDelete
  5. කුරුණෑගල ගැන කියන විට මට මතක් වන්නේ ම‍ගේ පියා කියූ කතාවක් - 1983 කලබල සමයේ තම සේවාස්ථානයේ සිටි දෙමළ ජාතිකයන් ආරක්ෂිත ස්ථානවල සැඟවීමට ඔහු හා තවත් මිතුරන් කටයුතු කළ බව වරක් මා සමඟ පැවසුවා - තම ජීවිත කාලය පුරාම වර්ගවාදයට විරුද්ධ මතවාදයක් දැරූ මගේ පියා ගැන ,මේ රසික කියන කාන්තාව වැනි චරිතද ද සමාජයේ හමුවී ඇති අයෙකු ලෙස, ඇතිවන්නේ කෘතවේදිත්වයක් - අදත් බුකියේ හමුවන ජාතිවාදියෙන් මානසික රෝගයකින් මෙන් උමතු වී ඇති චරිත දකින විට ඔවුන්ට ද ආභාෂය එැවැනිම රෝගී චරිත වලින් නිවෙස් ආශ්‍රිතවම ලැබී ඇතිදැයි සැක හිතෙනවා

    ReplyDelete
  6. රසික,
    අපි කල්පනාවෙන් බැලිය යුතුයි කොහෙන්ද මේ ජාතිවාදී මිනීමරු චින්තනය අපට ලැබෙන්නේ කියල, මා දකින්නේ මෙය කරන්නේ සිංහල සහ දෙමල පුවත්පත් ඔබ නිකමට සිංහල දිවයින ත් දෙමල http://www.virakesari.lk/ පුවත්පත් කියවා බලන්න (දෙමල නොදන්නා මම කන්නේ Google හි ඉංග්‍රීසි පරිවර්තනය යොදාගැනීමයි), මෙය කියවූ විට ඔබට තේරෙයි කොපමණ ජාතිවාදී ලෙස මේ පුවත්පත් තම පාටකයන් ට අදහස් ඉදිරිපත් කරනවාද යන්න.
    හැබැයි මේ ජාතින් දෙකේම සිටිනවා ජාතිවාදීන් පිරිස් (මේ ජාතින් වල විතරක් නෙමෙයි ඕනෑම රටක මේ තත්වය දැකිය හැකියි උදාගරන ඔස්රෙලියාවේ https://www.youtube.com/watch?v=1LVeqqBZTQ4 මෙවැනි හැසිරීමක් ශ්‍රී ලංකාවේ දමිල ජනයට විරුද්දව සිංහලයන් සිදු කළා නම් ඔබට හිතාගන්න පුළුවන් අන්තර්ජාතිකව අපට කොහෝම චෝදනා කරයිද කියල )
    මමනම් මෙය දකින්නේ මිනිස් මනසේ ජාතින් ආතර ඇති ආකල්පය කොයි රටෙත් එක විදියට තමයි බලපාන්නේ නමුත් මේ රටවල තියනවා ඉතා තද නීති මෙනිසා තමාගේ හිතේ මොනවා තිබුනත් හරිම ශිලාචාර විදියටයි හැසිරෙන්නේ.
    ශ්‍රී ලංකාවේ මෙවැනි නීති නැතිනිසා ඕනෑම බහිර බලවේගයකට පුළුවන් රටේ ප්‍රශ්න ඇති කරන්න, හිතන්න 1983 කළු ජුලිය අවස්ථාවේ කිසිම විශේස හේතුවක් නැතිව ලෝක ජනමාද්‍ය ශ්‍රී ලන්කාවට පැමිණ තිබුනා https://www.youtube.com/watch?v=cJaDzG2gQjk
    මේ දේවල් වලින් පහසුවෙන් තේරුම් ගත හැක්කේ රටේ ප්‍රශ්න ඇති කිරීමට කිසියම් බාහීර බලවේගයකට උවමනානම් කල හැකි සරලම දෙය මෙවැනි ජාතිවාදී අදහස් ඇති මිනිසුන්ට ආදාර කිරීමයි, හොද සිහියෙන් බැලුවහම ආණ්ඩුවේ සිටි සිරිල් මතිව් වැනි අයත් කොටි සන්විදානයත් යන දෙපිරිසටම ආදාර කිරීමට බාහිර පිරිස් සිටිනවා.
    අද කොටි සංවිදානයට ආදාර කරන නොර්වේ රටමයි නානසාර හාමුදුරුවන්ට ආදාර කරන්නෙත්.
    සරලව කිව්වොත් මිනිසුන් ලග මෙවැනි හැගීම් තිබීම නෙමෙයි දුක්බරම පශ්චාත්තාප ඇතිකරගත යුත්තේ රටේ නිතිය මෙවැනි දේවල් සදහා තදින් ක්‍රියාත්මක නොවීමයි.
    උදාහරණ පැරා ලියපු http://www.w3lanka.com/2016/02/blog-post_97.html
    (මුස්ලිම් කාන්තාවක් වීම නිසා කථිකාචාර්ය ධුරයක් ලබා නො දීමට එරෙහිව නඩු කී ශානාස්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහන)
    මෙවැනි දේවල් වලට අදාළ වැරදිකරුවන්ට ඉතා තද දඩුවම් ලබා දිය යුතුයි.


    ඔබල හදන්නේ මිනිසුන්ගේ සිත් හොද කිරීමට සහ අපි හිතන විදියට සිතන්න සැලැස් වීමයි නමුත් මෙය හරියට මහපොලව වැසීමට සමක් දමනවා වගේ වැඩක් කල යුත්තේ සමකින් සපත්තුවක් සෑදීමයි.

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=594QPe7oai0

      Delete
  7. ජාතිවාදී ගින්න අපායේ ගින්නටත් වඩා සැරයි. පශ්චාත්තාපයට ඉඩදී ඇයව ප්‍රශ්න කිරීම නොකර සිටීම හොඳයි කියල තමා මම හිතන්නේ.

    "පළමෝත" දැක්කම මතක් උනේ ටැබූ!

    ReplyDelete
    Replies
    1. කකා ටැබූගේ පර්සනල් මිතුරෙක් නොවැ - ඒ නිසා ඕවා ගැන පුදුම විය යුතු නැහැ

      Delete
    2. පළමෝත යන්න මේ ලිපිය ලියද්දී සිහියට ආවේ ඉකොනොමැට්ටා ලියා තිබුණු නිසාය. මේ ගැන සෙවීමට ගූගල් කළ විට ටැබූ කෙසේ වෙතත් සමනල සිහිනයේ ලියවී තිබෙනු දුටුවෙමි.

      Delete
    3. පළමෝත කියන්නේ කිසිම තේරුමක් නැති අකුරෙන් අකුර කළ විකාර පරිවර්තනයක්...

      සිංහල භාෂාවේ අත්දැකීම් සහ අත්විඳීම් කියලා වචන දෙකක් තියනවා..

      අත්දැකීම් = තමන් විසින්ම විඳින දෑ..
      අත්විඳීම් = අන් අයගේ විඳීම් පිළිබඳ දැණුම

      මට හිතෙන විදිහට ඉංග්‍රීසි භාෂාවේ නෑ අත්විඳීම් වලට වෙනම වචනයක්.. ඒකයි අත්දැකීම් වලට first hand experience කියන්නේ.. first hand යන්න පළමු අත යනුවෙන පරිවර්තනය කිරීම මහ මැටි වැඩක්...

      Delete
    4. මචෝ රසිකයා කියන්නේ ගූ පඩ හුජ්ජ ගැන ලියලා ජනප්‍රිය වෙච්ච අපතයෙක් කියලා උඹ දන්නේ නැද්ද ඌ ඔය වචන හොරකන් කිරිල්ල කරන්නේ තේරුම දැනගෙන නෙවෙයි

      Delete
  8. ඉස්සෙලම දෙමළු ඔක්කෝම මරලා දාන්න ඕන.. ඊළන්නගට ඉන්දියාවේ ඉන්න ඔක්කෝම මරලා දාන්න ඕන. ඊට පස්සේ පකිස්ථානය. ඔය විදියට ඔක්කෝම මරලා දාලා සිංහළයෝ ඉතරක් ඉන්න විශ්වයක් නිර්මාණය කරන්න ඕන.

    අපි දළදාව ගාව පාර අරින්න දෙන්නෙත් නෑ. එක දෙමළෙකුට මේකේ ඉන්න දෙන්නෙත් නෑ යකෝ..

    ReplyDelete
    Replies
    1. ලමාතන් එතකොට අර හම්බයෝ කියන සෙට් එකට කරන්නේ

      Delete
    2. පකිස්ථානය.?
      මැලේසියාව, දකුණු අප්‍රිකාව, මොරිෂස්, කැනඩාව, සිංගප්පූරුව, ...

      Delete
    3. රාවණාගෙන් පැවත එන සුපිරිසිදු හෙලයන් විතරයි ඕනෙ

      Delete
  9. "මේ කතාව කී වැඩිහිටියා ගැහැනියකි"
    යන්න "මේ කතාව කී වැඩිහිටියා අම්මෙකි" විය යුතුයි කියා සිතනවා.

    ReplyDelete
    Replies
    1. සිව් වෙනි මානය ලිපිය ලීවේ ඔබද?
      එසේනම්-

      ඔබේ හිතේ මොනවා තියෙනවාදැයි නොදනිමි.
      ගැහැනියකට ගැහැනියක් යැයි නොකියා මොනවා කියන්නද?

      එක වැකියක් රැගෙන එය විශ්ලේෂණය කරන්නේ ඇයි?

      මේ බලන්න මගේ රචනා විලාශය.

      ලිපියේ මුළදී:

      මෙය:
      සත්‍ය කතාවකි.
      බරපතළ කතාවකි.
      බිහිසුණු කතාවකි.
      එසේම, මගේ පළමෝත අත්දැකීමකි.

      ලිපියේ අගදී:

      මේ කතාව කී වැඩිහිටියා ගැහැනියකි.
      එසේම, ඇය නිකම්ම නිකං ගැහැනියක නොව වයස අවුරුදු පහක පමණ කුඩා දරුවෙකු සිටි මවකි.
      මා පසුව දැන ගත් පරිදි, ඇය එවකට මාස කිහිපයක පමණ ගැබිණියක් ද වූවා ය.

      Delete
    2. \ මා පසුව දැන ගත් පරිදි, ඇය එවකට මාස කිහිපයක පමණ ගැබිණියක් ද වූවා ය./

      වැරදියි වැරදියි රසික
      "මා පසුව දැන ගත් පරිදි, ඇය එවකට මාස කිහිපයක පමණ ගැබිණියකි." විය යුතුයි

      Delete
  10. උඩුවේ හිමියන් නැවත ධර්ම විනය දෙකේ පිහිටුවාලීමට දැඩි කැපවීමෙන් ක්‍රියාකරන උපාසිකාවක් විසින් අටමස්ථානේ වන්දනාවේ යනවිට ගායනය කිරීම සදහා නිර්මාණය කර ඇති පහත ගීතය රස විදින්න.

    මිදුලේ සුදු වැලිතලයේ අලි අඩි හතරක සළකුණු
    දැක මා හද පතුලේ සැකයකි උපදින්නේ
    මා අරමේ නැති අතරේ කවුරුන් හෝ පැමිණ තිබේ
    කවුරුද ආවේ අරමට කවුරුද ආවේ .....

    රාජට සෝයුරන් නොමැත නාලාගිරි අසනීපෙනි
    අලි අල්ලන රොෂාන් වත් ආවද මන්දා?
    ඊයෙත් සැන්දෑ වරුවේ මා එනවිට මිදුල පුරා
    තිබුණා අලි අඩි සලකුණු කාගෙද මන්දා

    අවුල්ව ගිය මනසින් යුතු මා නිවසට ගොඩවැදුනා
    ෆෝන් එකට ආ ටෙක්ස්ට් එක රහස දුරුකළා
    කලින් දොඩා ගත් විදියට රොෂා පැටිය එවා තිබේ
    පුංචි දෙතොල් අතරින් කිරි සිනහ මතුවුනා
    එවන් සිනහ මල් දුටු සඳ වෙහෙස දුරුවුනා

    ReplyDelete
  11. මේ තරම්ම භයානක කතාවක් ඇහුවමද කොහෙද? අම්මා කෙනෙක් කොහොම එහෙම කියනවද?

    ReplyDelete
  12. POINTOF.ORG - අලුතෙන්ම ඔබට ඉදිරිපත් කරන සින්ඩියයි. අන්තර්ජාලය තුල නොයෙකුත් සින්ඩි තිබුනත් ඒවායේ කරන්නට තිබෙන්නේ පොස්ටුව එකතු කිරීම පමණයි. නමුත් මෙම සින්ඩිකේටරය මගින් ඔබගේ බ්ලොග් පොස්ට් ඩිලීට් කරන්න, ආයෙ එඩිට් කරන්න වගේම, ඔබගේම කියල ගිනුමකුත් හදාගන්න පුලුවන්. මෙහි අප විසින් සින්හල, දෙමල, හෝ ඉන්ග්රීසි ලෙස වෙනස්කම් සිදු නොකොට බ්ලොක් කිරීමක් සිදු කරන්නෙ නැ.


    @register - මෙම සැඹැඳිය මගින් ඔබට ගිණුමක් සාදා ගැනීම වෙත යොමු වෙන්න පුලුවන්.@login - දැනටමත් ගිණුමක් සාද ගෙන තියෙනවනම් ඒ වෙත යොමු වෙලා ඔබගේ @username එක හදාගන්න පුලුවන්. ඊට පස්සේ ඔයාගේ විස්තර ඇතුලත් කරන්න.


    අපගේ වෙබ් අඩවියේ ඩෙස්ක්ටොප් @DESKTOP හා මොබයිල් @MOBILE යන දෙයාකාරයෙන්ම සකසා තියෙනවා. තවත් දෙයක්, අප දිනපතා, සතිපතා, මාස්පතා ජනප්රියම බ්ලොග් පොස්ටුව තෝරනවා. මෙන්න මෙතනින් ඒකට ගිහිලා
    බලන්නකෝ මේ පොස්ටුවත් ජනප්රිය එකක්ද කියලා. @TODAY'S POPULAR


    සැමට ජය!

    ReplyDelete
  13. මම හිතන්නේ ඔය ගෑනු කෙනාට දෙමළ මිනිස්සු 'මිනිස්සු' විදියට පෙනෙන්නේ නෑ. අපට ඒ ගොල්ලොත් මිනිස්සු කියලා දැනෙනවා. ඒ නිසා අපට ලොකු කම්පනයක් ඇති වෙනවා. එයාගේ මනස හදල තියෙන්නේ දෙමළ = others less than 'us' කියන සංකල්පය නිසා එයාට ඒ කම්පනය නෑ.
    ඔය විදියට හිතපු අය තමයි 'ගෑනු ජාතිය ජරා ජාතිය - ගලේ ගහපිය - මරා දාපිය' වගේ දේවල් කිව්වේ.

    මේ තව වෙනස් syndrome එකක්:
    මම දන්න ලංකාවේ කෙනෙක් -
    day 1: ඔය ඉන්දියන් එවුන් මට පේන්න බෑ
    day 2: අපෝ මුස්ලිම් එකෙක්...
    day 3: ශිෂ් හැම තැනම චව්වෝ
    day 4: සුද්දෙක් නේ..ගන්න දෙයක් නෑ
    day 5: ලංකාවේ එවුන් එක්ක වැඩි ආශ්‍රේ හොඳ නෑ

    මම: දැන් බලාගෙන ගියාම ඔයා කාටවත් කැමති නෑනේ ??

    ReplyDelete
  14. තුවාල පාර පාර ඉන්න එකෙත් ගතියක් ඇති..
    ජයවේවා..!!

    ReplyDelete
  15. //ඔවුන් අතර සාකච්ඡාවට බදුන් වෙමින් තිබෙන්නට ඇත. //
    අපි එහෙම හිතමු.
    කකාගෙ කතාවෙ මං දකින්නෙ ජාතිවාදයටත් වඩා ඒ ගෑණිගෙ ම්ලේච්ඡත්වය. මං දන්න බොහෝ ගැහැණු ගැබ්බර සමයේදී කුරුළු කූඩුවක්වත් කඩන්නෙ නෑ. ජාතිවාදය සාපේක්ෂයි. ඒික ආත්මාර්ථකාමිත්වයේ දිගුවක්. ම්ලේ්ච්ඡත්වය නිරපේක්ෂයි.

    ReplyDelete
  16. මට නම් සෑහෙන්න දුකයි එම කතාවට . හැබැයි ඒ දවස් වල අපට කිව්වේ මිසිස් අමිර්තලිංගම් කිව්වාය කියල සිංහලයන්ගේ හම් වලින් සපත්තු හදන්න ඕනේ කියල. ඔය වගේ කතා කියවුනේ ඒ කතාවලට ප්‍රතිචාරයක් වශයෙන් විය හැකියි. දෙමලු මැරීම පාපයක් නොවේ කියල දහම් දෙසන සඟුන් සිටින රටක...ඉතින් මේ කතාව කියූ ගැහැණිය ගැන සිතෙන්නේ අනුකම්පාවකි.

    ReplyDelete
  17. A person can become a racist due to various social and psychological factors.

    1) To boost their own self-esteem. When people's self-esteem is threatened, actions such as racism appear to restore esteem.
    2) Humans are social creatures. We like being part of a group and to think our group as important. So if someone is noticeably different in some way, people sometimes hold negative attitudes about that individual.
    3) For some, a changing world causes great anxiety. Change can be things like, increasing numbers of ethnic minority populations, more diversity in the workplace, etc.
    4) Racism may be driven by basic survival motives. Humans evolved as a species that thrives in groups. Groups compete over scarce resources. Even today, nations and groups within nations, fight over access to limited resources like water, good land, oil, etc.

    5) Racism may be driven by dominance motives. Humans, like many other primates, are hierarchical animals. To have a hierarchy, there must be status differences between people.

    ReplyDelete
  18. 2006 වගේ කාලේ කොටින් පාසල්වලට පහර දෙනවා ය කියලා රට පුරා භීෂණයක් ඇති වුණා. මට මතක හැටියට කොටියෙක් යයි සැක කරලා පහර දීලා පාසල් ප්‍රජාවක් විසින් බැලුන්වලට හයිඩ්‍රජන් පුරවන මිනිහෙකුත් මරා දැම්මා.

    මේ කාලේ දවසක් උදේ පාසලක ගේට්ටුව ළඟ මුරට හිටිද්දී මං වැඩ කරපු ඉස්කෝලෙ බුදු මැදුර භාරව හිටපු විශ්‍රාම යන්න කිට්ටු වයසේ හිටි මිස් බුදු මැදුරෙන් එළියට ඇවිත් සන්සුන් ගමනින් අප සිටි තැනට ඇවිත් මෙහෙම කීවා.

    “සමූලඝාතනයක් කරන්න ඕනැ සර්."

    මම තවමත් තුෂ්නිම්භූතයි.

    ReplyDelete
  19. ඔය ප්‍රකාශය කළ කාන්තාවගේ දරුවො නම් මූණු පොතේ ඕන තරම් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. Exactly correct. You find them every where in the FB with good education and living in foreign countries.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.