Monday, 22 February 2016

අසුන්දර ඉංගිලිසි - I dont know "melo-deyak"


ආයුබෝවන් ළමයිනි,

මූලිකවම දේශපාලන බ්ලොග්කරුවෙකු වෙන අජිත් පැරකුම් ජයසිංහ තම W3Lanka බ්ලොග් අඩවියේ, කවි, විචාර වැනි විවිධාංග ලිපි ද විටින් විට පළ කරයි. ඉංග්ලිෂ් භාෂාව උගන්වන රජයේ ගුරුවරයෙකු ලෙස සෑහෙන කලක් සේවය කර ඇති ඔහු කලකට පෙර සුන්දර ඉංග්‍රීසි නමින් ලිපි මාලාවක් සතිපතා W3Lanka හි පළ කළේය. ඒ ඔහු ජනරළ හෝ එවැනි වාමාංශික පුවත්පතකට ලියූ තීරු ලිපි යැයි සිතමි.

ඉංග්ලිෂ් (English) යන වචනය සිංහලට පෙරළී අද භාවිතා වෙන්නේ ඉංග්‍රීසි කියා ය. ඉංග්‍රීසි යන්නේ ඇති "ර" ශබ්දය මුල් වචනයේ ඇති එකක් නොව පරිවර්තනයේ දී එකතු වූ එකක් ලෙස පෙනේ.

මේ ලිපියේ මාතෘකාව සඳහා යොදා ගෙන ඇති ඉංගිලිසි යන වචනය මා මුලින්ම දුටුවේ බලංගොඩ ආනන්ද මෛත්‍රී විසින් ලියන ලද "සරල ඉංගිලිසියට මග" යන කෘතියෙනි. ඒ පොත මා කියවූයේ උසස් පෙළ අවසාන කොට, පේරාදෙණියේ සිව් වසරක් ඉසුඹුලන්නට යන්නට පෙරාතුව තරම් ඈත කාලයක වුව ද තවමත් එහි තිබූ එක් වැදගත් කරුණක් මගේ මතකයේ රැඳී ඇත.

එය W සහ V අකුරු දෙකේ යෙදීම පිළිබඳව වේ.

මා මිත්‍ර චානුක වත්තේගම ද කලකට පෙර දිනක වත්පොතේ ලියා තිබුණු පරිදි සිංහල අප ඉංගිලිසි V අකුරු අවශ්‍ය ස්ථානවලදී බොහෝ විට තෝරා ගන්නේ W අකුරයි. ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ ද වත්තේගම කියා ලිවීමයි. නිවරැදි Vaththegama වෙනුවට අප Waththegama කියා ලිවීම පිළිබඳව කිසිදු තර්කානුකූල හේතුවක් නොමැති බව චානුක වත්තේගම පවසා තිබුණි.

බලංගොඩ ආනන්ද මෛත්‍රී ගේ පොතේ මේ W සහ V ශබ්ද ද්වය නිවැරදි ස්ථානවල යොදා ගැනීම පහසු කිරීම සඳහා දී තිබුණු ඉඟිය වූයේ මෙයයි.

අප W යෙදිය යුත්තේ උව් ශබ්දයක් එන තැන් සඳහා පමණි. සාමාන්‍ය ව් ශබ්දය සඳහා නිවැරදි යෙදුම V ම වේ.

එසේම, W සහ V අකුරු සහිත ඉංගිලිසි වදන් ශබ්ද කිරීමේ දී ද, ඒ ඒ ආකාරයට ම කළ යුතුය.

ඒ සඳහා හොඳම උදාහරණයක් ලෙස සරල ඉංගිලිසියට මග කෘතියෙහි දක්වා තිබුණේ ජනේලය යන අරුත දෙන Window යන වචනයයි. මෙය ශබ්ද කළ යුත්තේ "වින්ඩෝ" කියා නොව "උවින්ඩෝඋ" කියාය.

වින්ඩෝ යනු Vindo යන වෙනත් කිසිවෙකු නොදන්නා වචනයකි!

නමුත් Went/Vent සහ Wiper/Viper වැනි යෙදුම් වලදී උවෙන්ට්/වෙන්ට් සහ උවයිපර්/වයිපර් උච්චාරණ තම අදහස ඉංගිලිසි ජාතිකයෙකුට ප්‍රකාශ කිරීමේ දී ප්‍රයෝජනවත් වෙනු ඇත.

ඒ සමගම සියලුම වසන්තලා තමන් Wasantha නොවන බවත් Vasantha බවත් තේරුම් ගත යුතුයි. මා දන්නා වසන්ත/වසන්ති/වසන්තා ලා ගෙන් තම නම V අකුරෙන් අරඹා ලියන්නේ වසන්ත සපරමාදු පමණි.

එ පළමු පාඩම ඔබ සැමට තේරුම් යන්නට ඇතැයි සිතමි. මගේ මේ අසුන්දර ඉංගිලිසි ලිපියේ දෙවන පාඩම මෙයයි.

කණ්ඩායම යන අරුත දෙන බැච් Batch යන වචනය විශාල ලෙස භාවිතා වෙන්නේ විශ්ව විද්‍යාලවල ය. මේ වචනයේ සිංහල යෙදුම වන බැච් එක යන්න ආශ්‍රයෙන් එකම කණ්ඩායමේ සගයා වෙනුවෙන් බැචා ලෙසද, එකම කණ්ඩායමේ ගෑල්ළමයා වෙනුවෙන් බැචී ලෙසද, කණ්ඩායම් හැඟීම වෙනුවෙන් බැචත්වය කියා ද වර නැගී භාවිතා වේ.

කුමක් දෝ යැයි මට වටහා ගත නොහැකි හේතුවක් මත සමහරු මේ බැච් එක වෙනුවට බැජ් එක යනුවෙන් කියනු ලියනු මට අසන්නට කියවන්නට ලැබී ඇත. බැජ් (Badge) යනු ලාංඡනය යන අරුත දෙන ඉංගිලිසි වදන බව අමුතුවෙන් කිව යුතු නැත.

ඉංග්ලිෂ් යන්නේ නොමැති ර-කාරයක් එකතු කරගෙන ඉංගිලිසි වෙනුවට ඉංගිරිසි හෙවත් ඉංග්‍රීසි යයි අප අද වහරන්නාක් සේ, මේ බැජ් යන්නද, එහි බැජා, බැජී, බැජත්වය වැනි වරනැගුම් ද දිනක සම්මතය බවට පත්වෙන්නට ද ඉඩ ඇතැයි මට සිතේ.

තවත් එක් අසුන්දර ඉංගිරිසි පාඩමක් සිහියට නැගෙයි. කාල පරිච්ඡේදය අවසාන වෙන සීනු හඬ ඇසුණු බැවින් එය පසුවට තබමි.

සුබ දවසක් වේවා ළමයිනි!

-රසිකොලොජිස්ට් සර්

ප/ලි:
වසර විස්සකට පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි පසු මා උගත් එක් දෙයක් නම් ප්‍රායෝගිකව ඒ නමින් රටක් නොමැති බවයි. මෙරට "ස්ට්‍රායා" නම් වේ. ඒ මෙහි භාවිතාවෙන සම්මත "ස්ට්‍රයින්" නම් භාෂාවෙනි.

ඒ ගැනත් පසුවට!

(http://www.sundayobserver.lk/2010/05/23/mon05.asp)

59 comments:

  1. සැවටරේ ඉස්ටාඩ් එකේ තියාගෙන ගේ ප්ලේන්ට් කරන්න ආපු බාස් එක්ක බෑන්කෝස් එක දාන හැටි කතා කරා ජයම්පති.....!

    ReplyDelete
    Replies
    1. සැවටරේ & බෑන්කෝස් නොතේරේ.

      ඇයි බවුන්ඩේසන් එක දාලා අහවරයි ද?

      Delete
    2. Excavator & Damp Proof Course (DPC) .....!

      Delete
  2. ඉංගිලිස් වචන වැරැද්දිල්ල මගෙ අතිනුත් නිතර වෙන දෙයක්!! 
    ඒක ලංකාවේ සමාජයේ සාමාන්‍ය තත්වයක්. ආසාමාන්‍ය වෙන්නේ ඒවා හරියට උච්චාරණය කරන එක තමා

    ReplyDelete
    Replies
    1. මව් භාෂාව අනුව ඉංහිලිසි උච්චාරණය වෙනස් වීම සාමාන්‍යයි තමයි.

      සිංහලවලත් විවිධ උච්චාරන තියෙන්නේ මාතර, අම්බලන්ගොඩ, නුවර, බදුල්ල වගේ එකිනෙකෙන් වෙනස්.

      නමුත් මේ බැච් සහ බැජ් කේස් එක වෙනත් ආකාරයට එකක්. ලොරියකට කෝච්චියක් කියනවා වගේ.

      Delete
  3. නියමයි සර්. ඔහොම දිගටම කියාදෙන්න.

    ReplyDelete
    Replies
    1. ළමායි

      සිටීන්
      ඉඳීන්
      සිටීන්
      අත් ඔසවන්
      අත් පහත හෙලන්
      ඉඳීන්!

      Delete
    2. පාඩම පටන් අරගෙන, පාඩම ඔළුවට වැටීගෙනෙම එනකොට, සීනුව නාද කරානේ...

      Delete
  4. දැන් ඉන්දියාවෙන් එන අළුත් සෙට් එක ආවම අපේ ඉන්ගිරිස් තා ටික්ක වෙනස් වෙයි...

    ReplyDelete
  5. ඔය බැච් එකට බැජ් කියූ අපේ බැජාලාද සිටියෝය

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් උදාහරණයක් (Ruhuna):

      ඇත්තටම මේ පෝස්ට් එක ලියවුනේ ඒ නිසයි.

      Delete
  6. ඇත්ත. අපි ඔය භාෂාව වෙනස් කරලා තියන්නේ. නාවලපිටිය දුම්රිය ස්ථානය පිහිටවපු කාලේ, ඒ දුම්රිය ස්ථානයට සම්මත ආකාරයට අකුරු තුනේ කේතය විදියට NVP කියල යෙදුවා. මුලින්ම නාවලපිටිය කියල ලිව්වේ Navalapitiya කියල V අකුරක් එක්ක. ඒත් පස්සේ කාලේ ඒක වෙනස් වෙලා, දැන් ලියන්නේ Nawalapitiya කියල. ඒත් තවමත් අර කේතය NVP මයි.

    ReplyDelete
    Replies
    1. උඩරට වතු ආශ්‍රීත පලාත්වල ගම්වල නම් ඉංගිලිසි අකඔරෙන් ලියලා තියෙන හැටි දැක්කාම සමහර වෙලාවට හිනා යනවා.

      Delete
  7. මේවගේ නරක තැන්වලින් උගන්නන්න පටන්ගත්තම ඉන්ගිරිසි එපාවෙනවා.ඕක අපේ ඉගැන්නිල්ලේ තියෙන වැරැද්දක්.
    එලකියුෂන් පන්තියේ විදියට ඉස්කෝලේ පාඩම් පොත කියවපු ලමයින්ට අනික් ළමයි හිනාවෙනවා නෙමෙයි හිනායනවා මතකයි. බුද්දිමත් ළමයි දෙතැනදි දෙවිදියට හැසිරුනා.

    රබින්ද්රනාත්තාගෝර්ට warm/worm පැටලෙනවලු. ඒකට එයාගේ එන්ගලන්තේ ඥාති ළමයි හිනාවෙනවා කියලා ලියා තියනවා කියෙව්වට පස්සේ. වැරදි ඉන්ගිරිසි හෝ වෙනත් භාෂා උච්චාරණ ගැන මා තකන්නැතිව ගියා.

    සිංහල මිනිසුන්ගේ ඉන්ගිරිසි උච්චාරනය වඩා සමීප ස්පාඤ්ඤ බාසාවේ වචනවලටයි. ජානද මොකක්ද කියන්න නොදනිමි.
    දෙමළ උච්චාරණයේදි උගුරට වඩා කථන මණ්ඩලයේ ඉහළ කොටස වැඩිවශයෙන් භාවිතාවෙනවා ඒ කියන්නේ නාසය ආස්රිත භාවිතය වැඩියි.ඒ වගේම මුඛයේ ඉහළ කොටස.
    වර්තමානයේ සිංහල උච්චාරණයේදි දෙතොල් ආස්රිත ප්රදේශය පමණක් යොදා ගැනේ.එවැබින් මහප්රාණ අකුරු උච්චාරණයේදී නොදැනේ. නමුත්, තෙලිගු භාෂාවේ අදද වෙන් වෙන් වශයෙන් මෙම අකුරු පැහැදිලිව උච්චාරණයවේ.
    ඉන්ගිරිසි උච්චාරනයේදි වැඩිවශයෙන් කථන ප්රදේශයේ පහල ප්රදේශය භාවිතාවන අතර මෙය දර්ශියද වේ. නිවැරදි උච්චාරණය සදහා කුඩාකල ශ්වසන හා මුඛ අභ්‍යාසද සිදුකෙරෙන අතර,
    කථන ප්රදේශයේ මැද හා ඉහළ භාවිතාකරන භාෂාරටාවන් ඇති අයට මෙය ග්රහනවන්නේ යටිගිරියෙන් කෑගසන බ්ලා බ්ලා බ්ලා... :D

    ReplyDelete
    Replies
    1. බුද්දිමත් බුද්ධිමත් උච්චාරණ උච්ඡාරන ප්රදේශයේ ප්‍රදේශයේ ආස්රිත ආශ්‍රිත මහප්රාණ මහාප්‍රාණ රබින්ද්රනාත්තාගෝර්ට? දර්ශියද? ග්රහනවන්නේ? මොන ග්‍රහයෝද නවන්නේ?

      Delete
  8. Another mistake that I have noticed when sri Lankan speak English is that there is no difference between long 'o' and short 'o'. Ex. Gold and goal or horse and hose. One O should sound while making the lips open and other should be opening a little whole using the lips. If you can explain this with more details and examples that will be very helpfull to the readers. I have few experiences that some times specially
    foreigners get confused when we don't make the correct sound.

    ReplyDelete
    Replies
    1. This looks like an impotent comment. I have seen they use long 'o' and short 'o' time to time. But, no idea when to use what.

      Delete
  9. ඔබ මෙයට පෙර ලියා තිබුණු හා කිහිප වර කතා කළ 'ජයවෝඩනේ' යෙදුම හා අදාල කරුණු දුටු විටද ලිපියක් හෝ ලිපි මාලාවක් ලිවීමට අවශ්‍ය වුවත් ඔබ විසින්ම ලබා දෙන අළුත් මාතෘකා ගැන වුවද ලියා ඉවරයක් කිරීම අපහසු නිසා එය සිදු නොවීය. එක් භාෂාවක ශබ්ද වෙනත් භාෂාවක ශබ්ද සමඟ සැසඳීම ඉතා අසීරු කාර්යයකි. මේවායේ ආසන්න සමානකම් තිබුණත් එකම ශබ්ද නොවේ. දෙමළ க අකුර වචනයක යෙදෙන තැන අනුව ක, ග, හෝ හ ලෙස ශබ්ද වේ. මිශ්‍ර සිංහලයේ (සංස්කෘත) වර්ගාක්ෂර වල (එනම් ක ඛ ග ඝ.. ආදී 25) සෑම පේලියකම මුල් අකුරු හතර වෙනුවට දෙමළෙන් ඇත්තේ එක් අකුරක් වුවද මේ ශබ්ද හතරම යම් තරමකින් යෙදේ. සිංහලයින්ට 'බාල්දිය/වාල්දිය' වෙන් කර කතා කිරීමට දෙමළුන්ට බැරි වීම දුර්වලතාවයක් ලෙස පෙනෙන ලෙසම සිංහලයින්ට දෙමළ හරියට උච්ඡාරණය කිරීමටද නොහැකිය. සිංහලෙන් ල, න ශබ්ද ඇත්තේ එක බැගින් වුවද (වත්මන් සිංහල මූර්ධජ අකුරු උච්ඡාරණය දන්තජ උච්ඡාරණයෙන් වෙනස් නැත.) දෙමළෙන් මෙයට ආසන්නව සමාන ශබ්ද තුන බැගින් තිබේ. සිංහලයින් මේ ශබ්ද තුනම උච්ඡාරණය කරන්නේ එකම විදිහටය. එය දෙමළ අයෙකුට බාල්දිය/වාල්දිය වැනිය. ඉංග්‍රීසි සහ සිංහල අතර වෙනස්කම් ඉතා විශාලය. සිංහලයින්ට (සහ අනෙකුත් දකුණු ආසියාතිකයින්ට) නිවැරදිව ඉංග්‍රීසි උච්ඡාරණය කිරීමට අපහසු බොහෝ ඉංග්‍රීසි ශබ්ද සිංහල භාෂාවේ හෝ දකුණු ආසියානු ඉංග්‍රීසි උච්ඡාරණයේ නැති නිසාය. විශේෂයෙන්ම ඉංග්‍රීසි ස්වර 16කින් පමණ (උතුරු ඇමරිකාවේ, එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ සුළු වෙනස්කම් තිබේ) සෑහෙන ගණනක් අපට වෙනත් ස්වර ලෙස හඳුනාගැනීමට හෝ නොහැකිය. ඉංග්‍රීසි කතා කරන රටක දශක ගණනක් ජීවත් වුවද මෙය වෙනස් නොවේ. ව්‍යංජනාක්ෂර සම්බන්ධව සාපේක්ෂව අවුල් අඩුය. මට කියන්නට ඇති ප්‍රධානම කරුණට ආවොත් අපේ 'ව' ඉංග්‍රීසි V හෝ W දෙකෙන් එකක්වත් නොවේ.එහෙත්, එය V වලට වඩා W වලට කිට්ටුය. මගේ වෘත්තීය අවශ්‍යතාවයක් සඳහා මට මාස 6ක accent reduction program එකකට සහභාගී වීමට සිදුවූ අතර මේ කාලයේදී කිහිප වරක්ම මගේ උච්ඡාරණය පරිගණක ඇසුරින් සහ උපතින් ඉංග්‍රීසි කතාකරන අය විසින් විශ්ලේෂණය කරනු ලැබීය. මෙය ඒ ප්‍රතිඵල මත පදනම් වූ එක් දෙයකි. මෙහිදී මා සිංහල කතා කරන අනෙක් අයගෙන් වෙනස් වීමේ ඉඩකඩක් ඇතත් එවැනි ලොකු ඉඩක් ඇතැයි මා සිතන්නේ නැත. මෙයට අමතරව අපේ ර ශබ්දය spanish-R ලෙස හඳුන්වන බර ශබ්දයකි. ඉංග්‍රීසි R එයට වඩා බොහෝ මෘදු ශබ්දයකි. අවසාන වශයෙන්, මාස 6ක පුහුණුවකින් පසුවද මගේ සිංහල/ශ්‍රී ලාන්කික accent එක අඩු කර ගැනීමට හැකි වුනේ සුළු වශයෙනි.

    ReplyDelete
  10. ඉංග්‍රීසි භාෂාවේ V සහ F ශබ්ද දෙක තොල් සහ දත් අතර ශබ්ද වන (labiodental) ඉතා කිට්ටු ශබ්ද දෙකකි. මගේ අදහස මේ labiodental ශබ්ද දකුණු ආසියානු භාෂා වල නොමැති බවයි. බොහෝ රටවල අයට V සහ F වෙන්ව හඳුනාගැනීම අසීරුය. එහෙත් අප මේ ශබ්ද සඳහා ආදේශ කර ඇත්තේ ව සහ ප (දැන්නම් ෆ එකතු වී තිබේ) යන ඉතා වෙනස් ශබ්ද දෙකක් බැවින් අපට මේ ශබ්ද කිට්ටු ශබ්ද ලෙස නොතේරේ. V සහ W යන බොහෝ වෙනස් ශබ්ද එක ලෙස අප ගන්නේ මුලදී කිසියම් හේතුවකින් මේ ශබ්ද දෙකටම ව යොදාගෙන තිබීම සහ අප ඉංග්‍රීසි ඉගෙන ගන්නේත් පොතෙන් (කටපාඩම් විෂයයක් ලෙස) වීම නිසාය. රටේම භාවිතා වන්නේ එකම විදිහට නිසා පසුව හෝ මෙහි වරදක් නොපෙනේ.

    ReplyDelete
    Replies
    1. මුළු රටම කෙළින්නේ එකම පිස්සුවක් නම් එය තවදුරටත් පිස්සුවක් නොවනු ඇත.

      Delete
    2. labiodental = ඔෂ්ටජ

      Delete
    3. ඔෂ්ටජ කියන්නේ labials නේද, ඇනෝ? මෙය ඔෂ්ට-දන්තජ වගේ තේරුමක් නේද?

      Delete
  11. ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක්. අපි හැමෝම මේ V සහ W පාවිච්චි කරන කොට මේ වරද්දාගැනීම සිදුකරනවා.

    ReplyDelete
  12. දැන් කුලියාපිටියේ ඔය අකුරු දෙකම එකතුවෙන් හදන පැක්ටරිය දැම්මාම වැඩේ හරි යයි (Volkswagen)

    ReplyDelete
    Replies
    1. Volkswagen එක සමහර අය 'ෆොක්සගන්' කියා උච්ඡාරණය කරනවනේ. ඒක පේන තරම්ම නරක නෑ.

      Delete
    2. ඕක ෆෝක්ස් වගන් තමයි. ජර්මන් වලින් කියන්නේ. ඒකේ තේරුම ජනතාවගේ වාහනය කියන එකලු ! Folk's vagn

      Delete
  13. සිංහලෙන් W ශබ්දය කිට්ටුවටම ශබ්ද වන තැනක්- නාමල් උඩුගම (උ)වේදනා දෙන්නේ නෑ.
    https://www.youtube.com/watch?v=Z305GMArNkQ

    ReplyDelete
  14. මා ඉදහිට අන්තර්ජාලයේ අශ්ශීල සිංහල කතාන්දර හෙවත් කාම කතාන්දර බලනවා.. එවිට එක් කතා මාලාවක උරනවා වෙනුවට ඉරෙව්වා.. කසනවා වෙනුවට කැසෙව්වා.. නානවා වෙනුවට නෑව්වා වැනි ශෛලියක් ගෙන තිබෙනු දුටුවා.. එසේම ඇතැම් කතාවලදී ඒවා කෙලින්ම දකුනේ සිංහල බසින්ම ලියා තිබුනා.. කාම කතා ආදිය ලියන විට ඒවායේ වියරණ වැරදි පෙන්වන්නට කිසිවෙක් නෑ.. බැලුවාට බොහෝ අය කමෙන්ට් කරනනේ නෑනේ..
    කතාවේ තිබුන රසයට වඩා මට අර කතාව ලියපු අයගේ බාසාව මගින් අමුතු ආතල් එකක් ආවා..

    පෝස්ට් එක නම් හොදයි.. ඉහල තිබෙන කොමන්ට් වලිනුත් වැදගත් දේවල් කිහිපයක්ම ඔලුවට දාගත්තා..

    ReplyDelete
    Replies
    1. අශ්ශීල කතා ලියද්දි කොහොම වුනත් උරනවා,කසනවා, නානවා කියන්නෙ වර්තමාන කාල හෙවත් ප්‍රසන්ට් ටෙන්ස්. ඉරෙව්වා, කැසෙව්වා, නෑව්වා කියන්නෙ පාස්ට් ටෙන්ස් හෙවත් අතීත කාල ක්‍රියාපද. සාමාන්‍ය සම්මත විදිහට කියන්නෙ ඉරුවා, කැසුවා, නෑවා කියල. ඔය කියැව්වා, ඉරෙව්වා වගේ ඒව ප්‍රාෙද්ශීය ව්‍යවහාර.
      හුඟක් සිංහල අය තිබුනා කියන එකට තිබ්බා කියල කියනව. තිබුනා කියන්නෙ තියෙනවා කියන එකේ පාස්ට් ටෙන්ස් එක. තිබ්බා කියල කියන්නෙ තියනවා කියන එකේ පාස්ට් ටෙන්ස් එක. මේව දන්නෙ නැති සිංහ ලේ කට්ටියට වී ඩබ්ලිව් ගැන කතා කරල වැඩක් නෑ.

      Delete
    2. ප්‍රාෙද්ශීය කියන වචනේ මොන බාසාවේද මාමේ?

      Delete
  15. මේ අපේම බාසාවෙ තියන න ණ ල ළ හරියට දාන්නෙ නැති එවුං, කොහෙවත් තියන ඉංගිරිසි / ඉංගිලිසියෙ වී ඩබ්ලිව් හරියට දායිද ආයිබොවං?
    සමහර දෙමළ අය ඩබ්ලිව් කියන එක උච්චාරණය කරන්නෙ ඩබල් යූ කියල. ඒක ඩබල් වී නෙවෙයිද?

    ReplyDelete
    Replies
    1. නෑ මාමේ ඒක බොල් වී

      Delete
  16. රසික සාරියට හරි හැඩයිනෙ.

    ReplyDelete
    Replies
    1. පරණ සින්දුවකින් - දිග යන දුවකට අවවාද

      බාරිය අප පොරණ පටන් ඇන්දේ සෝබන සාරිය
      සාරිය මිස ගවුං කොටේ දුවේ උඹට නැත කාරිය!

      Delete
  17. 'ස්ට්‍රායා' හිදී ඔබ මැරෙන්න යන්නේ කෙසේද හෙවත් 'හව් ආ යූ ගොයින් ටු ඩායි' යන ප්‍රශ්නය නිතරම අසනු ලැබේ..

    ReplyDelete
  18. පටන් ගත්ත වැඩේ දිගටම කර ගෙන යන්ට...
    අනික් දේ තමයි මම දන්න විදිහට සිංහල වලට අඩු අකුරෙ ශබ්දය විතරයි...

    ආ තව දෙයක්...
    අපේ තියෙන "ශ" "ෂ" වගේ ඒවාගේ වෙනස ත් පැහැදිලි මදි...

    ReplyDelete
    Replies
    1. ඔය 'ශ', 'ෂ' ගැන මට හිතෙන දෙයක් කියන්නම්, හරියටම හරිද කියලනම් දන්නෙ නෑ.

      කාලයක් තිස්සෙ කොරියානු ටෙලි නාට්‍ය බලපු නිසා මට ආස හිතුන එයාලගෙ භාෂාව ඉගනගන්න ඕනි කියල. එයාලගෙ භාෂාවට කියන්නෙ 'හන්ගුක්' කියල. ඒ නමේ තේරුම 'ලේසි භාෂාව' කියන එකයි. ඇත්තටම එයාලගෙ භාෂාව හරිම පහසුයි ලියන්න. ස්වර ලියන්නෙ, ඒ අකුර කියවෙද්දි කට හැසිරෙන ආකාරයට අනුව. සමහර ඒවනම් මුලදි හිතා ගන්නවත් බැරි උනා කොහොමද කියන්නෙ කියල. එකවගේ ස්වර කිහිපයක් තියෙනව, අපේ සිංහලෙන්නම් කොයි විදියටවත් වෙන් කරල අඳුර ගන්න බැහැ. උදාහරණයක් විදියට 'එ' ශබ්දය දෙන අකුරු දෙකක් තියෙනව, එකක් කියන්නෙ වාතය කටේ ඇතුලෙ ඉදල එලියල යන ආකාරයට (애), අනික කියන්නෙ එලියෙන් වාතය කට ඇතුලට එන විදියට (에). මේ විදියෙට 'අ' සහ 'ඔ' කකුරුත් දෙක දෙක තියෙනව. මට හිතෙන විදියට අපේ මේ 'ශ', 'ෂ්' වලත් තියෙන්නෙ ඒ වෙනසම තමයි. 'ශ' යෙදෙන්නෙ හුලං පාර කටේ ඉදල කෙලින්ම එළියට යනවෙලාවල් වලට (උදාහරණ: ශක්තිය, ශාඛය, ශාලාව). 'ෂ' යෙදෙන්නෙ කට තුලට හුලං එනවිදියට උච්චාරණය කරන විට (උදාහරණ: භාෂාව, ඖෂධ). 'භාෂාව' කියන වචනය අරං බැලුවොත්, 'භා' කියද්දි හුලං පාර එලියට යන්නෙ, එතකොට ඊලඟ අක්ෂරයෙදිත් හුලං පාර එලියට යන එක කරන්න අපහසුයි, ඒ නිසා ඇතුලට එනව.

      Delete
  19. මේක මෙතනට කෙලින්ම අදාළ නොවුනත් ලියන්න හිතුනා. අපි තවම Z අකුර වෙනුවෙන් (Z ශබ්දය සඳහා) සිංහල අක්‍ෂරයක් හදාගෙන නොතිබීම ලොකු අඩුවක්. ස යන්නට දෙපැත්තෙන්ම ඉරි දෙකක් දාලා ලිව්වොත් හොඳයිද?

    ReplyDelete
    Replies
    1. මුල්ම කාලයේදී (82 පමණ) සිංහල font හැදීමේ පුරෝගාමී මෙහෙවරක් කර ඇති (දැනට ඇමරිකාවේ ජීවත් වන) වෛද්‍ය/ආචාර්ය සිසිර රණසිංහ විසින් Z සඳහාද සංකේතයක් හඳුන්වා දී තිබෙනවා. එහෙත් එය ජනප්‍රිය වී නැහැ. ලින්ක් එකක් දමන්න උත්සාහ කළත් දැන් ඒ වෙබ් පේජ් එක (srilia.com වගේ මතක) හොයා ගන්න බැහැ.

      Delete
  20. ඔබ දන්නවාද ? Put පුට්, But බුට්,Cut කුට් කියල උච්චාරණය කරණ කට්ටියක් ඉන්නවා කියා !

    ReplyDelete
    Replies
    1. මම මුලින්ම ගිය ඉංග්‍රීසි / ඉංගිලිසි පන්තියේ Initials වචනය ඉගැන්නුවේ 'ඉනීටියල්ස්' කියලා...

      Delete
  21. මේ ලිපිය දැක්කම මතක් උනේ 4 පන්තියේදී island ඊස්ලන්ඩ් කියල ටීචෝගෙන් බැනුම් අහපු හැටි. ඔය බැජ් / බැච් පැටලිල්ල නම් බොහොම සුලබ දෙයක්. සාපෙළ කාලේ ඉංග්‍රීසි පාඩම ඉවර උනාම කියුවේ මෙහෙමයි. රසික සෑර්ටත් එහෙමම කියන්නම්.

    Have a nice day Sir. See you tomorrow !

    ReplyDelete
  22. එක අwලක්නං ලිහාගත්ත.

    ReplyDelete
  23. ඉංගිරිසි කට් කරන්නමයි හිතෙන්නේ සර්.

    ReplyDelete
  24. ඔය 'v', 'w' පැටලුම ලිහාදුන්නට බොහොම පිං. 'view' ලියල ලියද්දි, කොයිකෙන් පටන්ගෙන කොයිකෙන් ඉවර කරන්නද කියල හැමදාම පැටලුනා. දැන් එහෙම වෙන්නෑ.

    ReplyDelete
  25. teacher ආයේ පන්ති කවද්ද

    ReplyDelete
  26. කිවුවත් වගේ රසික සෑර්, ඔය නමකට යොදද්දී W මනේ ලිය වෙන්නේ. විමල් වීරවංශම අරන් බලන්නකෝ ඉතින්.

    ReplyDelete
  27. ඉංගිරිස් කියද්දිම මතක් වෙන්නෙ ඕලෙවල් කාලෙ ඉංගිරිස් කොරන්න ආපු අහිංසක,සුකොමල,සුවිනීත,රූබර ටීච ව. පාඩම පටංගන්නකොටම අපි ප්‍රස්නයක් අහලා පීලි පන්නලා එයාගෙ ජීවිත කතාව අහං ඉන්නෙ පුදුම ආසාවකින්.. බ්‍රිගේඩියර් සැමියා හිංදා නෙවේනන් කොල්ලො දනී කොරන දේ...
    ජයවේවා..!!

    ReplyDelete
  28. මගේ අදහස නම් ටිකක් වෙනස්. මම මෙහෙ Australian teacher කෙනෙක් ගෙන් lessons ගත්තා correct pronunciation ගැන. එයා කිව්ව විදියට, V sound එක evolve වෙල තියෙන්නෙ F වලින්. දැන් බලන්න, Life කියන singular වචනෙ plural කරන්න 'Lifes' කිව්වොත් ඒක අමරුයි, නමුත් Lives කියන්න ලේසියි. ඒ කියන්නෙ V pronounce කරන්නෙ F වගේ, අපි F pronounce කරන කොට Hiss sound එක, (දත් අතරෙන් හුලඟ එනවනෙ), ඒ විදිහටම තමයි V pronounce කරන්නෙ යටි තොල අතුලට නමාගෙන, දත් අස්සෙන් හුලඟ අරල, නමුත් W pronounce කරන්නෙ, කට උල් කරල. මේ වගෙ examples ගොඩක් දෙන්න පුලුවන්, Wife – Wives, Loaf – Loaves, Roof – Rooves, Wolf – Wolves etc.

    මේකෙන් කියන්නෙ අපේ භාසාවෙ V sound එකවත් F sound එකවත් නැහැ කියන එකනෙ, එතකොට කොහොමද වසන්ත කියන නම Vasantha කියල ලියන්නෙ ?

    ReplyDelete
  29. "ඒ සමගම සියලුම වසන්තලා තමන් Wasantha නොවන බවත් Vasantha බවත් තේරුම් ගත යුතුයි. මා දන්නා වසන්ත/වසන්ති/වසන්තා ලා ගෙන් තම නම V අකුරෙන් අරඹා ලියන්නේ වසන්ත සපරමාදු පමණි."

    යකෝ අදනෙ මම මේක දැක්කෙ! මාත් පටන් ගත්තෙ Wasantha විදිහට තමයි. ඉස්කෝලෙ හතේ හරි අටේ පන්තියෙ විතර ඉන්න කාලෙදි තමයි මං නම Vasantha විදිහට මාරු කළේ. ඒක නං හරි ශබ්දය මොකක්ද කියල දැනගෙන කරපු වැඩක් නෙමෙයි. අනිත් හැම එකාම කරන දේට වැඩියෙ වෙනස් දෙයක් කරන්ඩ ඕනෙ කියල හිතල පොඩි කාලෙ කරපු රැඩිකල් වැඩක්. :)

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.