Sunday 28 February 2016

මහැඳුරු විශ්වා වර්ණපාල ගේ වර්ණපාල තියරිය - The only theory originated from a Sri Lankan University?


මේ කතාව ඔබ බොහෝ දෙනෙකු මීට කලින් අසා ඇතුවාට සැක නැත. නොකී කතා ලියන හෙන්රි වර්ණකුලසූරිය ද පසුගිය දිනයක මෙය ලේඛනගත කර තිබුණි.

එසේ කලින් අසා නැති වුණත්, ඊයේ විශ්වා වර්ණපාල මිය ගිය බව ආරංචි වී ඇති නිසා අද සිට මේ කතාව විවිධ තැන්වල ලියවෙනු ඇත, කියවෙනු ඇත. මේ තවත් එක් එවැනි එක් අවස්ථාවක් ලෙස සලකන්න.

මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උගත් සමයේ දී මහදුරු විශ්වා වර්ණපාල මුණ ගැසී ඇත්තේ දෙවරක් පමණි. කලා පීඨයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය තනතුරක් දැරූ ඔහු සමග මට අධ්‍යාපනික කටයුත්තක් නොතිබුණි. කෙසේ වෙතත්, මා ඔහු හමුවූයේ ද, දේශපාලන විද්‍යාව විද්‍යාව පිළිබඳ විෂයානුබද්ධ කටයුත්තකට නොවුව ද, ශිෂ්‍ය දේශපාලනය පිළිබඳ ප්‍රායෝගික කටයුත්තක් සම්බන්ධයෙන් වීම සිත්ගන්නා සුළු කාරණයකි.

ප්‍රථමයෙන් ම කිව යුත්තේ, වර්ණපාල නාමය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් අතර අමරණීය එකක් බවයි.

මම මහැඳුරු වර්ණපාල දැක කතා බහ කරන්නට වසර තුනකටත් පෙර ඔහුගේ කීර්ති නාමය අසා දැන සිටියෙමි. ඒ ඔහු ගේ දේශපාලන විද්‍යා දැනුම හෝ සිරිලංකා පක්‍ෂයේ පොලිටි බියුරෝ සාමාජිකත්වය නිසා නොව විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතර සුප්‍රකට වූ "වර්ණපාල තියරිය" නිසාය.

එය යුවතියක් හා පේ්‍රම සම්බන්ධයක් ඇති කරගැනීම සඳහා වූ අපූරු ක්‍රමවේදයකින් සමන්විත තියරියකි.

"කවට කමට ඔබෙයි මගෙයි නම කියා, යහළු ළමයි විහිළු තහළු මට කළා!" යන ගීතයෙන් ද කියවෙන පරිදි පාසැල් සමයේ පේ්‍රම සම්බන්ධකම් බොහෝ විට ඇතිවන්නේ මිතුරු මිතුරියන් අතර කෙරෙන විහිළු-තහළු නිසාවෙනි. මෙය විශ්ව විද්‍යාලයේ සාමාන්‍යයෙන් සිදුවන්නක් නොවේ.

එයින් පසුබට නොවූ වර්ණපාල නමැති ශිෂ්‍යයා සිය සිත් ගත් යුවතිය (ඇයව කමලා යැයි මදකට හඳුන්වමු) සමග හාද වීම අරමුණ කරගත් අපූරු ක්‍රමවේදයක් නිර්මාණය කළේ ලූ.

එහි ප්‍රධාන විධික්‍රමය වූයේ තමන්ම සැඟවී සිට, වෙන අයෙකු කරන්නාක් සේ, තමන් ගේ ම නම කියා තම සිත්ගත් යුවතියට සරදම් කිරීමයි.

විශ්ව විද්‍යාලය මැදින් දිවෙන ගලහ පාරේ යනෙන කමලා දකින වර්ණපාල ශිෂ්‍යයා තම නේවාසිකාගාර බැල්කනියේ සැඟවී සිට "ආ, කමලා, කොහෙද මේ යන්නේ අපි කියන්නම් වර්ණයා ට" කියා හෝ "ආ, කමලා, ඔයා වර්ණයා එක්ක යාළුයි නේද?" යනාදී ලෙස කෑ ගසයි.

ඉන් පසු දිනක ඇය කලා පීඨයේ දී හමු වූ විට ඉහත සිද්ධීන් ඔවුන් අතර මද සිනාවකට, කතා බහකට මුල් වේ.

දිනක් වර්ණපාල ශිෂ්‍යාට මහනුවර නගරයේ දී හදිසියෙන් මෙන් ඇය හමුවී වචනයක් දෙකක් කතා කරන්නට හැකිවිය. ඇයට පෙර විශ්ව විද්‍යාලයට පැමිණි ඔහු, සුපුරුදු පරිදි සැඟවී සිට "ආ, කමලා, අද වර්ණයා එක්ක නුවර ගියා නේද? අපි දැක්කා, අපිට හංගන්න බෑ නංගී, කමක් නෑ, කමක් නෑ වර්ණයා හැන්ඩියා, බ්‍රයිටා හොඳ කොල්ලා" යනාදී වශයෙන් කෑ ගැසීය.

මේ සියලු සරදම් නිසා නිතරම කමලා හා කතා කිරීමට වර්ණපාල ශිෂ්‍යාට ඉඩ ලැබුණි. අවසානයේ වර්ණපාල ක්‍රමය බලාපොරොත්තු වූ ප්‍රතිඵල ගෙන දුන් බවද කියවේ.

නමින් සමාන වූව ද වර්ණපාල ක්‍රමය මැහැදුරු වර්ණපාල හා සම්බන්ධයක් නොතිබෙනවා විය හැක. නමුත්, මා දන්නා පරිදි ලොව වර්ණපාල ලා ඇත්තේ එක් අයෙක් පමණි.

ඒ කෙසේ වෙතත්, මහැඳුරු විශ්වා වර්ණපාල ගේ වර්ණපාල තියරිය සදාකාලික වෘතාතන්තයක්ව තවත් පරම්පරා ගණනාවක් තිස්සේ පවතිනු ඇත යන්න මගේ විශ්වාසයයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඊයේ ෆේස්බුක් අවකාශයේ සටහනක් තබන හෂීත අබේසේකර කියා තිබුණේ වර්ණපාල තියරිය යනු ලංකාවේ විශ්ව විද්‍යාලයකින් බිහි වූ එක තියරිය බවයි.

ඒ ප්‍රකාශය නාථ දෙවි නියෝජිතාචාර්ය නලින්ද සිල්වා අමන්දානන්දයට පත් කරවන්නක් ද විය හැක.

(image: http://colombogazette.com/2015/08/26/warnapala-takes-over-as-upfa-general-secretary/)

23 comments:

  1. වර්ණපාල තියරිය බොහෝ ප්‍රසිද්ධ වුවත් එය ප්‍රායෝගිකව භාවිතයට ගැනුණු වෙනත් අවස්ථා ගැන මා දන්නේ නැත. මේ වැඩේටම යොදාගෙන ඇති වෙනත් තියරියක් ගැනද මා අසා තිබේ. අපි නිකමට සෝමපාල තියරිය කියමු. සෝමපාලට කමලා ගැන සිතක් පහළ වේ. එහෙත්, සෝමපාල හැන්ඩියෙක් හෝ වෙනත් ගැහැණු ළමයෙකු කැමති කරගත හැකි විශේෂ ලක්ෂණයක් ඇති අයෙකු නොවේ. හැන්ඩිමීටර අගය අනුවනම් 4-K මට්ටමේ පමණ (කළු කැත කොට කෙට්ටු) සිටින අයෙකි. ඇහැට කණට පේන්නට ඉන්නා කමලාගෙන් එකපාර ඇහුවොත් සෝමපාලට ඇනගන්නට සිදුවන එක අහන්නත් දෙයක් නොවේ. ඒ නිසා සෝමපාල යොදාගන්නා උපාය මෙවැන්නකි. ඔහු උදවුවට ඔහුගේ 5-K සිට 9-K දක්වා මට්ටම් වල සිටින බොක්කවල් ටිකක් තෝරාගනී. දැන් මේ අය කරන්නේ පිළිවෙලින් එක්කෙනා එක් සති අන්තයේ බැගින් ගොස් කමලාගෙන් ඇසීමයි. ඒ කවුරුත් ඇණගත් බව කියන්නට දෙයක් නොවේ. එහෙත්, මේ වැඩෙන් කමලාගේ මොරාල් එක බිංදුවටම වැටේ. 8-K කෙනෙකු තමන් විමසන විට මුලින් ඇසූ 5-K කොයිතරම් හොඳදැයි ඇයට සිතේ. එහෙත්, ඉන්පසු එන්නේ 9-K කෙනෙකි. ඉතිං මොනව කරන්නද? මේ වෙලාවේ සෝමපාල කමලාගෙන් අහන විට කමලා අහන පරක්කුවෙන් කැමැත්ත දෙයි. (වර්ණපාල තියරිය මෙන් නොව මේ තියරියනම් වෙනත් කටයුතු සඳහාත් සාර්ථකව යොදාගන්නා තියරියකි.)

    ReplyDelete
    Replies
    1. මේ 5K සිට 9K මිනුම් දන්ඩ ගැන අහුවමයි.
      ඒකත් අර TV වල රෙසොලූශන් එක 2K, 4K, 8K වගේ එකක්ද?

      Delete
    2. වර්ණපාල තියරිය දැන හෝ නොදැන එම තියරියට සමාන ආකාර වලින් සම්බන්ධකම් ඇතිකර ගැනීමට උත්සාහ කරන අවස්ථා අපමණ තිබෙනවා.
      මා සමග හාද වීඹට තදබල වුවමනාවකින් පසු වූ එක්තරා යුවතියක් එක්තරා දිනකදී මට කීවේ ඇය හා මා සම්බන්ධ කරමින් කතාවක් ගෙතී ඇති බවයි. එහෙත් ඇයට වඩා සමාජයේ ගැවසුනු මට එවැන්නක් දැනගන්නට නොලැබුනු අතරම එසේ කතාවක් ගෙතීමට තරම් පාදක වූ කිසිවක් ඒ වන විට සිදුවී තිබුනේ ද නැත.
      තවත් අවස්ථාවකදී තවත් යුවතියක් (ඇය මානසික වශයෙන් අසාමාන්‍යතා සහිත තැනැත්තියක් - මේ සිදුවීම නිසා කියන දෙක් නොවේ.) මට එවූ ලිපියෙහි (ඇය මට ලිපියක් ලියා එවා තිබිනි. මා එයට පිළිතුරු නොදුන් බැවින් සහ පසුව හිතාමතාම ඇය මගහැර සිටි බැවින් මට බේරෙන්නට හැකි විය) සඳහන් කර තිබුනු එක් කාරණයක් වූයේ මා සහ ඇය සම්බන්ධ කරගෙන කතාවක් පැතිරවීමට තවත් තැනැත්තියක් කටයුතු කරගෙන යන බවයි. මේ “තවත් තැනැත්තිය“ ගැන මා උනන්දු වන බවක් මේ මානසික රෝගී කාන්තාව විශ්වාස කළ බව පසුව මට වැටහිනි.

      Delete
    3. වර්ණපාල මොකද්ද හත්තිලව්වේ මේකනෙ තියරිය!

      කෙසේ වෙතත් වර්ණපාලයන් හට නිවන් සුව පතමි.

      Delete
    4. මමත් ඔය K මට්ටම ගැන ටිකක් දන්නවා . අපේ එකෙක් හිටියා . බැහැ නම කියන්න , ඔක්කොම දන්නවා කතාවෙන් . ඌ පටන්ගත්තේ basic K 4 විතර.. ටික දවසකින් මේක K 7 ට ගියා. අපේ අර්ථ දැක්වීම . පස්සේ මූ , K 9 ගත්ත. කමලා ගෙන් කාපු උනා . ඊළඟට K 11 උන. කබරයා කාපු.ඔහොම K 14 වෙනකම් ගියා. ඌ තරහ වෙන එකක් ලිව්වට.

      Delete
  2. කොහොම හරි පෙරාදෙනියේ ඒ කාළේ හොඳ කෑලී ඉඳලා නෑ කියලා ඊයේ ටී වී එක දැක්කාම අපි නිගමනයකට පැමිනිය.

    ඕක ඊයේ මනෝරමත් ලියලා තිබුනා මෙහෙම..


    අද-ඊයේ මිය ගියවුන් අතර පෞද්ගලිකව මට දැනුනු එක මනුස්සයෙක් ගැනයි මේ.. හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරයෙක්... මියගිය එතුමාට ගෞරව පිණිසත්...නිවන් සුව පතා ත්.. එතුමා සබැදි අතීත කතාව මෙසේ උපුටා දක්වනවා...

    වර්ණපාල මහත්තයා ඇහැට කනට පේන කොල්ලා කාලෙ, පේරාදෙනිය කැම්පස් ‍එකේ තමයි ඉගෙනගන්න කාලෙ තමන්ගේ බැච් එකේම හිටිය ලස්සන කෙල්ලෙක් ගැන පොඩි අදහසක් වර්ණපාලගෙ හිතේ තිබුණලු. ඒත් ඒ ගැන කෙල්ලගෙන් අහන්න ටිකක් පස්ස ගැහුවලු (හික්ස්... බයට වෙන්න ඇතිනේ!). කොහොමහරි එක එක විදියෙ උපක්‍රම දාල උත්සහ කරලා බැලුවලු ගෑණු ලමයව යාළු කරගන්න. ම්ම්හ්... කෙල්ල නෙවෙයි කැමතිවුණේ. ඒ හැම සැරේකදිම ලැබුණු උත්තරේ වුණේ " අපි යුනිවර්සිටි ආවේ ඉගෙනගන්න මිසක් ලව් කරන්න නෙමෙයි" කියලා..

    හෙහ්.. ඒත් වර්ණපාල නෙවෙයි උත්සහය අතෑරියෙ. ඔන්න ඔය සිද්ධිය තමයි වර්ණපාල තියරියට පදනම වෙන්නෙ. ඉතින් වර්ණපාල කරපු වැඩේ තමයි මේ කෙල්ල යාලුවො එක්ක එහෙට මෙහෙට යනකොට පැත්තකට වෙලා හැංගිලා වර්ණපාලම තනියම " වර්ණපාල .. හීහී වර්ණපාල .. හූ හූ වර්ණපාල " කියලා අර ගෑණු ළමයාට ඇහෙන්න කෑගහනවා. තව වර්ණපාලගෙ යාලුවෝ දෙතුන්දෙනෙකුට කියලත් මේ වැ‍ඩේම කෙරෙන්න සැලැස්සුවා. ඒත් කෙල්ලගේ හිත නම් වෙනස් වුනේ නැහැලු. එහෙම කියලා වර්ණපාල වැඩේ අතෑරලත් නැහැ, ගෑණු ළමයා යන යන තැන කෑගහනවලු. මේ කියන ගෑණු ළමයා යන්නෙ එන්නෙත් වර්ණපාල ඉන්න හොස්ටල් එක ළඟින්ලු. ඉතින් ගෑණු ළමයා එද්දි වර්ණපාල වැට අස්සෙ හැංගිලා යාළුවෝ කෑගහන විදියට කියනවලු "ආ... වර්ණපාල!!! අන්න වර්ණපාලගෙ කෙල්ල යනවෝ/ ඔය යන්නෙ වර්ණපාලගේ කෙල්ල නේද හී හී.. ආව් ආව් " කියලා. ඊට පස්සෙ යාලුවොත් එක්ක සෙට් වෙලා වර්ණපාලගේ නමයි ඒ ගෑණු ළමයාගෙ නමයි එකට දාලා පෝස්ටරයකුත් ගහලා. ඒ අතරෙදි අර හැමතැනදිම කෑගහන වැඩෙත් අතෑරලා නැහැ. ටික කාලයක් යද්දි කැම්පස් එක පුරා ම ප්‍රසිද්ධ වුණේ ඒ ගෑණු ළමයා වර්ණපාලගේ පෙම්වතිය විදියට. අන්තිමේට වර්ණපාලත් එක්ක යාළු නොවී බැරිතැනටම ආවලු. ගෑණු ළමයාට මේක මහා කරදරයක් වෙලා තිබුණත්, අන්තිමේට ටිකෙන් ටික වර්ණපාල ගැන හිතේ ඉඩක් වෙන්කරගන්න වුණාලු!!!!

    කොහොම කොහොම හරි අන්තිමට කෙල්ලටත් බැරිම තැන වර්ණපාල එක්ක යාලු වුනා.. යාලුවෝ ටිකට හිතාගන්නවත් බෑ. "වර්ණපාලගේ තියරිය" විදියට හැමතැනම ප්‍රසිද්ධ වුණේ මේක තමයි. වර්ණපාල කොහොම හරි පස්සේ කාලෙක කසාද බැන්දෙත් ඒ කියන ගෑණු ළමය ම තමයි...ඒ කියන්නේ ආදරණීය බිරිඳ වුණෙත් ඒ විශ්වවිද්‍යාල ප්‍රේමයමයි!!!

    ReplyDelete
  3. වර්ණපාල තියරිය පාසල් යන කාලයේ යොදා ගන්න අසාර්ථක උත්සහයක යෙදී තිබෙනවා

    ReplyDelete
    Replies
    1. මාතලන් නම් අනුගමනයේ කළේ වෙන තියරියක්.. වැඩේ සාර්ථක උනත්, ඒ හේතුවෙන් පන්ති තහනමක් නම් ආවා.. පන්ති කිව්වේ ටියුෂන් පන්ති..

      Delete
    2. මමත් මේ තියරිය අටේ පන්තියේදී යොදා ගත්තා.. ඒ ගැන බ්ලොග් පොස්ට් එකකුත් ලිව්වාද කොහෙද?
      මෙන්න සීන් කෝන් එක..
      http://helmalu.blogspot.com.au/2015/04/blog-post_75.html

      Delete
  4. මේ දවස්වල මට බ්ලොග් එක ලියන්න ගියාම තියෙන එක ප්රස්නයක් තමයි, අලුත ලියන්න දෙයක් නැහැ අදාල කාරණාවට පරණ පෝස්ට් එකක්ම රිපබ්ලිෂ් කරන්න පුලුවන් වීම. ඒ වගේම සමහර විට පබ්ලිෂ් කලාමත් හිතෙනවා මේක අදට වඩා ගැලපෙන්නේ තව ටික කලකින් කියලා එතකොට අකුල ගන්නවා.ඒ කියන්නේ අනාගතයට ලියන පෝස්ට්.
    වර්ණපාල තියරිය ගැන මං ලිපි දෙකක්ම ලිවුවා දැනට අවුරුදු දෙකකට විතර කලින්. :D

    ඒකට කථන්දර කාරයා කියලා කෛනෙක් මෙන්න මෙහෙම කමෙන්ට් කරලා තිබුණා.
    “නොසිතු ආකාරයේ කථාවක්,..........“
    කමෙන්ට් එකේ ඉතිරිටික දාන එක මේ අවස්තාව අනුව නුසුදුසුයි වගේ.

    ReplyDelete
  5. මූත් මගෙන් අහන්නේ මම එච්චරම යකෙකෙක්ද කියල ලඟදි මියගිය බ්ලොග් කරුවෙක් ලියල තිබුන. ඉකොනොමැට්ටටගේ තියරිය දැක්කම ඒක මතක් වුණා.

    http://madiviyadatharunaya.blogspot.com/

    ReplyDelete
  6. මේ තියරිය හා බැඳුනු කතාව ඇත්තම ඇත්තය. ඒ ගැන ඉස්සරම මට කිවේ මහැදුරු වර්ණපාලගේ සුපර් සීනියර් බැචියක් වූත් ඔහු සමඟ "දේශපාලන විද්‍යා විෂයේ" ජාතික ඇගයීම් කමිටුවේ දශක ගාණක් එකට උන් මගේ ආච්චී (විතාරණ පියවතී ද සිල්වා )ය. ඈ නම් දැන් ජිවතුන් අතර නැත. ඔහුගේ සුපර් සීනියර් වරුන් වන ආචාර්ය සරත් අමුණුගම, මහාචාර්ය ජේ බී දිසානායක, නාමෙල් වීරමුණි ලා මේ කතාව හොඳින් දනිතැයි සිතමි.
    වර්ණපාල සීයාට නිවන්සුව පතමි.

    ReplyDelete
  7. මේ තියරිය බ්ලොග් වලටත් වලංගුද කියලා අත්හදා බලමුද? අවශ්‍ය වන්නේ ගෑණු ළමයෙක් හොයාගන්න බැරුව වේලෙන බ්ලොග් කරුවෙක් සහ එවන් තත්ත්වයක සිටින බ්ලොග් කාරිණියක්.

    ReplyDelete
  8. මම අහල තියෙන්නේ වර්ණපාල සරම ඔලුවේ දා ගෙන (මුණ නොපෙනෙන්න) කෑගැහුවා කියල!

    ReplyDelete
    Replies
    1. මම අහල තියෙන්නේත් වර්ණපාල සරම ඔලුවේ දා ගෙන අා වර්ණපාල ෙගන් කෑව ෙන්ද කියල කෑගැහුවා කියල. අපි ඉන්න කාෙට (1974) වැඩි කලක් නැහැ ඒ්ක ෙවලා

      Delete
  9. වර්ණපාල මහත්තයත් එක්ක තිබුන සාකච්ඡාවකදි ඔය ගැන අහල තිබුනා. ඒ පත්තරේ මං කියෙව්වේ සෑහෙන්න කාලෙකට කලින්.. මට මතක හැටියට අයිතිකරු වර්ණපාලම තමා..

    ReplyDelete
  10. 'ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනේ' කිව්වලුනෙ.තමන්ට වාසිදායක මානසිකත්වයකින් කතා බහ කරන්න ඔහොම ගේමක් දුන්න නම් ඉතුරු ටික ගොඩ දාගන්න එක නතිං.. බුද්ධිමතෙක්ගෙ වැඩක්.. ඔහුට සුභ ගමන්..
    (මම මේ තියරිය මුලින්ම කියෙව්වෙ 'බඹර සර' පොතෙන්.)
    ජයවේවා..!!

    ReplyDelete
  11. ///මා දන්නා පරිදි ලොව වර්ණපාල ලා ඇත්තේ එක් අයෙක් පමණි./// ????
    වර්ණපාලලනම් හුඟක් ඉන්නව. මාතලෙන් ආපු අය. පේරාදෙණිය ගැන මං දන්නෙ නෑ
    http://solicitors.lawsociety.org.uk/organisation/people/456255/warnapala-co-ltd?Solicitors=True

    ReplyDelete
    Replies
    1. ඇයි වර්ණපාල ෆර්නිචර්ස්..

      Delete
    2. පොඩි වැරදීමක්.

      මා කියන්නට අදහස් කළේ "ලෝකයේ මා දන්නා වර්ණපාල ලා ඇත්තේ එක් අයෙක් පමණි." කියායි.

      ඇත්තටම මේ ලිපිය විශ්ව වර්ණපාල මිය ගිය පසු ලියූ එකක් නොවේ. මීට වසර හතකට පමණ කලින් ලියූ එකකි. මේ අවස්ථාව සඳහා තරමක් වෙනස් කළා!

      Delete
  12. වර්ණපාල සර් අපේ පාසලේ ආදිශිෂයෙකි......මාත් අසා ඇති වර්ණපාල තියරිය ඕක්ක තමයි

    ReplyDelete
  13. එතුමාට නිවන් සුව...

    පේරා ගැන ලියවිච්ච මොකක්දෝ නව කතාවක වර්ණපාල තියරිය ගැන සඳහන් වෙනවා...
    ඒ නවල් එකේ නම මතක නැහැ, පේරා ලංකා වී.වී. කාලේ සම්බන්ධ කතාවක්...
    මගේ ගාව පොත තියෙනවා, නමුත් පොතේ මුල් පිටු කීපයක් සහ අවසාන පිටු කිහිපය නැහැ...
    ඒ නිසාම පොතේ නමත් මිසින්...

    ReplyDelete
  14. Later this theory was known as " Universal Colour Controller's tactics"

    Bond

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.