
ස්තුතියි.
-රසිකොලොජිස්ට්
මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
හිමි නමකගේ අලුත් මුද්‍රාවක් සමග යන සංවාදය කදී කිසිවෙකු කුමාර් ගුණරත්නම් සිහි කොට පල් හොරා නමින් අමතා තිබෙනු දැක මා හට බලවත් කම්පාවක් ඇතිවුනි.
සුනාමි අනතුර හමුවේ ධිවර අමාත්‍යාංශය ධීවරයාට නැතිවූ ජිවිත හැර සියලු අනිකුත් දේ නැවත ලබාදීමට කටයුතු කළ අතර සාර්ථකව එම කාර්යය ඉටුකිරීමේ පිටුපස සිටි මහා සංවිධානකරු කුමාර් ය. ඔහු කල කාර්යය හෙළි කිරීමට හැක්කේ ඔහුටම පමණි. මන්ද ඔහුත් සමග එම කාර්යට සහාය වූ කිසිවෙකු ඔහු ගැන සඳහන් කිරීමට ඉදිරිපත් නොවන නිසාය. මම ඉතාම අල්පයක් දනිමි. කුමාර් ගැන නොදන්නා ඔහුට ද්වේශ කරන්නන් හමුවේ එය්නුත් අල්පයක් ඉදිරිපත් කරමි.
ගුණරත්නම් ගැන දන්නා ටිකක්.
ඒ 2004 දෙසැම්බර් 26 සවස 2.00 ට පමණ ඇති. ලංකාවම උඩු යටිකුරු කල සුනාමි රල බැස ගියා පමණි. සියල්ලෝම අන්ද මන්ද වී සිටි මොහොතක්. මම අම්බලන්ගොඩ වැල්ලේ සිදුවූ විනාශය දෙස සන්ත්රාශයෙන් බලා සිටි මොහොතක්. මගේ ජංගම දුරකථනය නාද දුනි. "අජ්ජෝ වහාම ධිවර අමාත්‍යංශයට වරෙන්" ඒ මා මිත්‍ර ගුන්ඩා ගෙනි. එකල ජවිපෙ ධිවර අමාත්‍යංශයේ වගකීම් භාර ගෙන සිටි සමයයි. මම ද ධිවර අමාත්යංශය යටතේ වූ ආයතනයක වගකිව යුතු තනතුරක් දරමින් සිටියෙමි.
ලැබූ නියෝගය ධිවර අමාත්‍යංශයේ අදිසි බලවතාගෙනි. වහාම ගමනට පිටත් උනෙමි මුහුදු බඩ මාර්ගය අවහිර වී ඇත. අභ්‍යන්තර මාර්ග තුලින් අමාත්‍යංශයට යනවිට රාත්‍රී 8.00 පමණ වන්නට ඇති. ඒ වනවිට, ධිවර සංස්ථා සභාපති (ඉංජිනේරු) නෙවිල් (දැන් ජිවතුන් අතර නැත), ධිවර වරාය සභාපති (ඉංජිනේරු) ගාල්ලගේ, එම විධායක අධ්‍යක්ෂ (ඉංජිනේරු) සේනක (දැන් ජිවතුන් අතර නැත), ධිවර සංස්ථා විධායක අධ්‍යක්ෂ (ඉංජිනේරු) CW සමග ධිවර අමාත්‍ය චන්ද්‍රසේන විජේසිංහ, පව්ද්ගලික ලේකම් නලින්ද ජයතිස්ස ඇතුළු පිරිසක් සමග ගුණරත්නම් ද පැමිණ සිටියහ. ඒ මම ගුණරත්නම් ධිවර අමාත්යංශය තුලදී දුටු මුල් දවසයි. ධිවර අමාත්‍යාංශය ගුණරත්නම් ගේ ස්රිජු අධීක්ෂණය යටතේ පවතී බව දැන සිටි නමුත් ඔහු අමාත්‍යාංශය තුලට ආව ගිය කෙනෙකු නොවිය.
රැස්වීම ඇරඹුණි. එතන සිටියේ අමාත්‍යාංශය තුල වූ දේශපාලන අධිකාරිය පමණි. කිසිම නිලධාරියෙක් නොවිය. අමාත්‍යවරයා ගේ මුලාසනය ගුණරත්නම් ගේ විරෝධය මැද උවද ඇමති විසින් ගුණරත්නම්ට භාරදී ඇමති අප අතරට එක් වුනි. නිසි බලධරයා පළමු වරට හෙළිවිය. සුපුරුදු පරිදි වය්ද්‍යා නලින්ද ජයතිස්ස ලේකම් කාර්යයේ යෙදුනි. රැස්වීම ඉතාම කෙටි විය ඇමතුවේ ගුණරත්නම් පමණි.
"සහෝදරවරුනි අප මුහුණ දී සිටින ඛේදවාචකය පිලිබඳ අපට කිසිම පුර්ව අත්දැකීමක් නොමැත. මෙයට මුහුණදෙන්නේ කෙසේදැයි සොයාගත යුත්තේ අපි අපිම විසිනි. මෙතන රැස්වී සිටින ආයතන ප්‍රධානින් සියලුම දෙනා ක්සේශ්ත්රයේ පළපුරුදු බොහෝ සමාජ සම්බන්ධකම් ඇති ඉංජිනේරුවන්. ඔවුන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ වහාම ඛේදවාචකය තුලට ගොස් ඔබගේ සම්බන්ධකම් ඇසුරෙන් ගතයුතු පියවරයන් ගන්නා ගමන් මේ පිලිබන්ධව ඔබ ලබන අත්දැකීම් තුලින් යෝජනා තව දින දෙකකින් නැවත මෙවැනි රැස්වීමක් සවස 6:00 පවත්වනවා එදිනට රැගෙන එන ලෙස. එහිදී ඔබ ගන්නා සියලු පියවර වල වගකීම අමාත්‍යාංශය බාරගන්නා බැවින් උපරිම වගකීම ගෙන ආපදාවට පත්වූ ජනතාවට සහන සලසන්න ක්‍රියාත්මක වන්න."
ඉන්පසු ලහි ලහියේ වගකීම් පැවරීම සිදුවිය. සිදුවූ විනාශයේ සැබෑ තක්සේරුව විනාශවූ, ධිවර ජිවිත නිවාස, යාත්‍රා, මෙවලම් පිළිබදනිවැරදි සංගණනයක් පැවැත්වීම අමාත්‍යාංශය හා ධිවර දෙපාර්තුමේන්තුව භාරව කටයුතු කරන අමාත්‍ය වගකීම් තුල දෙපාර්තුමේන්තු නිලධාරින් මගින් කිරීමටද, සුන්බුන් වූ ධිවර පරිසරය හැකිතාක් යථා තත්වයට පත්කිරීම, අනාථවූ පිරිස් සුභ සාධන, අහාරපාන බෙදාදීම් සඳහා ජවිපෙ පක්ෂ යාන්ත්රණය මගින් ද, තාවකාලික ධිවර නිවාස ඉදිකිරීම් හැකිතාක් ඉක්මනට නැවත ධිවර වරායන් ගේ බිඳ වැටි ඇති සැපයුම් සලසා දීම ධිවර වරාය හා ධිවර සංස්ථා ව මගින් ද, විනාශ වූ ධිවර යාත්‍රා සහ ධිවර ආම්පන්න අලුත්වැඩියාව ආදිය සඳහා කටයුතු කිරීම ධිවර අමාත්යංශය යටතේ වූ සිනොර් ආයතනය මගින්ද සිදුකිරීමට ද තීරණය විය. අදාළ සැලසුම් දින දෙකක් තුල රැගෙන ආ යුතුය. මෙහෙයුමේ නියමුවා කුමාර් ය. රැස්වූ සුළු පිරිස හැර වෙන කිසිවෙකු එය නොදනිති. මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ ධිවර ඇමති චන්ද්‍රසේන විජේසිංහ හරහාය.
ඇත්තටම ඒ වචන තුලින් තමයි අපිටත් තේරුනේ ධිවර ජනතාවට අදාළ සියලුදේ කලයුත්තේ අපි බව. ගිය පාරෙන් රෑම ගෙදර ආවෙමි. මා භාරයේ තිබුනේ සිනොර් ආයතනයයි. විනාශවු ධිවර යාත්‍රා සහ මෙවලම් දැල් ආම්පන්න නැවත පිළිසකර කරදී ධීවරයා රැකියාවට පිටත් කිරීම මගේ වගකීම් අතර විය. 27 උදේම ගියා හික්කඩුව ධිවර වරායට. මාස 6, 7 ක් පමණ ආයතනයේ සේවය කිරීම තුල බොහෝ ධිවර මුදලාලිලා (බෝට්ටු හිමියන්) මා ඒ වනවිට හඳුනා සිටියා. ධිවර වරාය තුල බෝට්ටු විශාල ප්‍රමණයක් ගිලි තිබුනා. සමහර ඒවා අනිත් පැත්ත පෙරලිලා පාවෙමින් තවත් සමහර ඒවා රලත් සමග ගොඩට ඇවිත් පෙරලි තිබුනා. මා ධිවර වරායට ගිය විගස මා දන්නා හඳුනන ධිවර මුදලාලිලා සමග ධිවරයින් සියලු දෙනා මා වටකර ගත්තා. ඔවුන්ගේ ඉල්ලීම් වුවේ:
"අනේ සර් අපේ බෝට්ටු ටික ගොඩට අරන් දෙන්න"
"මේ පෙරලිච්ච බෝට්ටු ටික කෙලින් කරලා රෙපෙයාර් කරගන්න පුළුවන් විදිහට කොට උඩ තියල දෙන්න"
මේ ඉල්ලීමට අවශ්‍ය ක්‍රෙන් එකක් (දොඹකරයක්) මගේ පරන සේවා ස්තාන්යේ (වැලිගම) හිටපු මා මිත්‍ර පිලානවිතාන මහතා භාරයේ තිබු දොඹකර දෙකක් පැය දෙකක් තුල එතනට ගෙන්වා ගන්න පුළුවන් උනා. දැන් මිනිස්සුන්ගේ රණ්ඩුව මුලින්ම ගන්න බෝට්ටු ගැන. සියලු දෙනාගේ සැක සංකා ඉවත් කරා සියලුම බෝට්ටු ගොඩ දා දෙන බවට. සියල්ලෝම එකෙනේකාට උදව් කරමින් සහයෝගයෙන් වැඩේ කලයුතු බවට දේශනයකුත් කරා, දුර තිබෙන බෝට්ටු ලඟට ඇදගෙන එන්න බෝට්ටු කිහිපයකුත් යෙදෙව්වා. මොබයිල් ක්‍රෙන් වලට වැල්ලේ යන්න අවශ්‍ය ලෑලිත් මිනිස්සුම ගෙනාවා. ක්‍රෙන් වලට අවශ්‍ය ඩිසල් බෝට්ටු වලින්ම ගත්තා. දැන් යමරෙට වැඩ.
එතන තවත් කීපදෙනෙක් මම ලඟට ආවා. සර් අපේ ක්‍රෙන් එකත් තියනවා. ජි එම් මහත්තයට කියල අවසර අරන් දෙන්න අපිත් උදව් කරන්නම්.
ඔයගොල්ල කව්ද ?
අපි ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ. අපි ක්‍රෙන් එක අරන් ආවේ පැරෑලියේ පෙරලිච්ච කෝච්චිය කෙලින් කරන්න. එතනට යන්න බැහැ වතුර. තව මිනි අස්කරලත් ඉවර නැහැ. අපිත් කැමතියි මේ මිනිස්සුන්ට උදව් කරන්න.
එයාල දුන්න GM ගේ නම්බර් එකට මම කතාකලා. අදාළ ගෙවීම් අවශ්‍ය නම් ධිවර අමාත්‍යාංශයෙන් කරන්නම් කිව්වම එයා බය නැතුව අවසර දුන්න.
දිනක් ඇතුලත ක්‍රෙන් තුනක් යොදවලා හික්කඩුව ධිවර වරායේ පෙරලුනු ගිලුණු සේරම බෝට්ටු ගන්න පුළුවන් උනා. එතනට ආපු ධිවර අමාත්‍යංශ නිලධාරීන් භාර්කලා එතැන් සිට වෙරල දිගේ ගාල්ලට සියලුම පෙරලුනු බෝට්ටු ගොඩ ගන්න සහ කෙලින් කරලා ගන්න. ඔවුනුත් කැපවීමෙන් භාරගත්තා.
සවස මම් ගියා දොඩන්දුවේ වල්ලම් තොටුපොළට. වල්ලම් බොහොමයක් රල සමග ගොඩට ඇවිත් කැඩිලා බිඳිලා තුවාල වෙලා. වල්ලම් වල තිබුණු ධිවර දැල් සියල්ලම නැවත ලිහාගන්න බැරි තරමට පැටලිලා වැලි කුණු ගොඩවල් අස්සේ. එතනත් ප්‍රධාන ධිවරයින් කිහිපදෙනෙක් මම අඳුනනවා. ඒ වගේම සිනොර් ආයතනයේ අලෙවි ප්‍රවර්ධන ප්‍රසාද් මහතා වසර 20 ක් පමණ ධිවරයින් සමගම කටයුතු කල කෙනෙක් ඔහු දිගටම එතනින් එහාට මාත් එකක්ම රැඳී හිටිය තවත් ධිවර නිලධාරීන් කිහිපදෙනෙක්ම අපිත් සමග එකතු උන නිසා ධිවරයින් ලෙහෙසියෙන්ම අප හඳුනාගෙන අපේ ලඟට ආවා.
දොඩන්දුවේ ධීවරයින්ගේ තිබුනේ වෙනත් ඉල්ලීමක්.
"සර් අපේ වල්ලම් හදාගන්න ෆයිබර් බඩු නයට දෙන්න. තියනවනම් දැල්නුත් නයට දෙන්න"
ඇත්තටම ඒ වෙලාවේ මිනිස්සුන්ටවත් අපිට වත් අදහසක් තිබුනේ නැහැ ආධාර ලැබෙන විදිහක්. නිකන් බඩු දෙන්න පුළුවන් විදිහක්. ඒ උනාට ගුණරත්නම් දුන්නු වගවිමේ පණිවිඩය මට ඕනෑම තීරණයක් ගන්න බය නැති කරලා තිබුනේ.
එත් තීරණ ගත හැකි ඉහල ආයතන තිබියදී අත පුච්චා නොගන්න වසර 10 ක පමණ රජයේ සේවය මට අත්දැකීම් දීල තිබුණ. මම ධීවරයින්ගේ අවශ්‍යතාවය ධිවර ඇමතිට දැනුම් දුන්නා. "ඉන්න අජිත අපි තාම රැස්වීමේ මම කුමාර සහෝදරයට දෙන්නම්". අපිට රැස්වීම ඉවර උනාට කුමාර සැමෝටම රැස්වීම ඉවරකරලා නැහැ. ඔව්න් තවමත් අදාළ කාර්යයන් සඳහා පිරිස් යොමු කරනවා. සැලසුම් හදනවා.
මගේ දවසේ ප්‍රගතිය ගැන කුමාර දැඩි ලෙස තෘප්තිමත් උනා. ප්‍රශ්නයක් නොවන විදිහට අදාළ නම් ගම් රැගෙන අවශ්‍ය කටයුතු කරන්න. කුමාර උත්තර දුන්න.
උපදෙස් ප්‍රමාණවත් ........
ෆයිබර් බඩු අවශ්‍ය ප්‍රමාණයන් සහ නම් ලිස්ට් එක හදලා ආයතනේ ගබඩාවට දැනුම් දුන්න අදාළ බඩු වහාම ලිස්ට් එක අනුව නිකුත් කරන්න කියලා. ආයතනයේ ලොරියෙන්ම පහුවදා උදේම බඩු බෙදුවා. මිනිස්සුම තම තමන්ගේ අලුත් වැඩියා කල හැකි ප්‍රමාණයේ වල්ලම් අලුත්වැඩියා කරගත්තා. ගොඩක් ආපදාවට පත්වූ වල්ලම් අලුත්වැඩියා කරන්න ආයතනේ ෆය්බර් කරුවන් ගෙන්නුවා. නිලධාරියෙක් සමග හදිසි ජංගම ෆයිබර් අලුත්වැඩියා පොලක් දැම්ම.
මේවා කරන්න පුළුවන් උනේ මානසිකව නොවැටී සිටිය ගෙදර දොර ජිවිත අහිමිවීම් නැතුව සිටි ධිවරයින් සඳහා නමුත් බිමටම සමතලා උණු අන්ත අසරණ බොහොමයක් හිටියා තමන්ගේ එකම යාත්‍රාව පවා සුන් බුන් වී ගිය. ඒ අය වෙනුවෙන් ක්‍රියා කල යුතු විදිහ ගැන අදහසක් මට ලැබෙමින් තිබුනා ප්‍රායෝගිකව ගත් මේ මැදිහත් වීම තුල.
බේරුවල මිගමුව තංගල්ල වැනි ධිවර වරයන් වල ඔය කාර්යම කිරීමට ඊළඟ දවසේ නිලධාරීන්ට පැවරුවා. අදාළ ක්‍රෙන් ලබාදුන්න සමහර පුද්ගලික ආයතන වලින්නුත් ගත්තා දෙන්නම් කාසි වලට. නැගෙනහිර පැත්ත අන්තිම බරපතලයි. මීගමුවෙන් උඩට ප්‍රශ්නයක් තිබුනේ නැහැ.
ප්‍රසාද් අවශ්‍ය විස්තර සිය සම්බන්ධකම් මගින් ලබාගත්තා. විනාශ වූ ධිවර යාත්‍රා අලුත්වැඩියා කිරීම සඳහා වැඩ පිළිවෙලක දල සැලැස්මක් සාදා ගත්තා සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවංක, බරපතල කැපකිරීමකට සුදානම් ෆය්බර් මෝටර්,එන්ජින් අලුත් වැඩියාව ගැන දන්න පිරිසක් එකතු කර ගත යුතුය්. පේරාදෙණියේ ඉංජිනේරු අවසන් වසර ව්භාග අවසන් වෙලා තිබුන එයින් යාන්ත්‍රික ඉංජිනේරු කොල්ලෝ ටිකක් එකතු කරගත්තොත් ෆය්බර් තාක්ෂනය ගැන පොඩි පුහුණුවක් දීලා වැඩේට ගන්න පුළුවන්. ඔය අදහස් හාෆ් ෂීට් එකකට අරන් පසුවදා රැස්වීමට ගියා.
රැස්වීමට පැමිණෙන්න හිටියේ එදා පිටව ගිය ආයතන ප්‍රධානින් කීප දෙනා විතරයි. අනිත් සේරම එදා ඇදපු ඇදුම් වලින්ම තවමත් රැස්වීම් කටයුතුවල. නලින්ද හිටියේ බාගෙට මැරිලා. ඇමතිතුමා ඇතුළු පිරිස දින දෙකක් එක දිගට නිදිමරමින් කාර්යයේ යෙදී සිටි බව අහන්න දෙයක් තිබුනේ නැහැ. කට්ටියට එතරම්ම වෙහෙසයි. නමුත් කුමාර් එදා උද්යෝගයෙන්ම ධ්‍ය්ර්ය සම්පන්නව වැඩෙහි යෙදී සිටියා. මගේ යෝජනා ඔහු හොඳින් කියවා බැලුවා. එවලේම කර්මාන්ත සංවර්ධන අධිකාරියේ (නම පොඩ්ඩක් වෙනස් වෙන්නත් පුළුවන් එයත් එකල ජවිපෙට අයත් අමාත්‍යාංශයක ආයතනයක්) සභාපතිව සිටි පේරාදෙණිය ඉංජිනේරු පිටයේ අචාර්ය අලහකෝන් අමතා අපට අවශ්‍ය නවක යාන්ත්‍රික ඉංජිනේරුවන් 12 ක් ලබාදෙන ලෙස දන්වා සිටියා. එදා එළිවෙනකම් රැස්වීම අවසානයේදී කලයුතු කාර්යයන් සදහා අවශ්‍ය සැකැස්ම මෙහෙයුම කෙරෙනා විධිය වගකිව යුතු අය ආදී වශයෙන් ජාතික වැඩපිළිවෙලක් සාදා ගත්තා. සිදුවූ විනාශයේ තොරතුරු සහ මෙහෙයුමේ මුල්‍ය විශාලත්වය ගැන තවමත් තිබුනේ දල අදහසක් . අවශ්‍ය නිවරදි වාර්තා ලබාදීම සදහා අමාත්‍යංශ නිලධාරින් සති දෙකක කාලයක් ඉල්ලා තිබුනා.
එම සති දෙක අපගේ සැලසුම් සදහා යාන්ත්‍රනය සකසා ගත්තා. ඉන්පසු සියලු දෙනාම තම තමන්ට භාරවූ කාර්යයන්හි බරපතල ලෙස කාර්යය බහුල වූ බැවින් හදිසි කෙටි රැස්වීම් මිස පොදු දීර්ඝ රැස්වීම් පැවැත්වුනේ නැහැ. කුමාර් නිතරම පසු විපරම් කරමින් අපගේ කාර්යයන් පහසු කළා.
මාගේ වගකීමට අයත්වූ හානිවූ ධිවර යාත්‍රා සහ ආම්පන්න පිලිබඳ නිවැරදි විස්තර නම් ගම් අදාළ ධිවර නිලධාරි බලප්‍රදේශය සහිතව සති දෙකකින් මට ලැබුනා. ලංකාව පුරාම එකවර ක්‍රියාත්මක වන යාත්‍රා අලුත්වැඩියා කිරීමේ තාවකාලික වැඩපොළවල තිහක් පමණ අරඹා කාර්යය කළමනාකරණය කිරීම අපහසු නොවුනේ සියලුම කාර්යයන් මුලසිටම නිවැරදිවම සැලසුම් කරගැනීමට හැකි වූ නිසයි. එම වැඩපොලවල් මිගමුව මට්ටක්කුලිය, පානදුර, බේරුවල, බලපිටිය, හික්කඩුව, දොඩන්දුව, ගාල්ල, වැලිගම, මිරිස්ස ආදී දකුණු පළාතේ සිට කන්කසන්තුරේ, කොකිලාය්, සල්ලිසාම්පල්තිව්, ත්‍රිකුණාමල, ඔට්ටමාවඩි, මඩකලපු, එරාවුර්, නින්දවූර්, පොතුවිල්, පානම ආදී උතුරු නැගෙනහිර පළාත් දකවාම සියලුම ධිවර වරායයන් නැංගුරම් තොටුපල වල් ක්‍රියාත්මක උනා. සියලුම ධිවරයින් ධිවර අමාත්යංශය සමග ලියාපදිංචි වී සිටින බැවින් කිසිවෙකු මගහැරුනේ නැහැ.
ඊළඟට ආවේ ආධාර සුනාමියයි. ධිවර අම්මත්යාංශය ට අදාළ කාර්යයන් සදහා ලැබූ ලෝක අහාර සහ කෘෂිකර්ම (World Food and Agriculture Organization)සංවිධානයේ ආධාර, ජපන් ආධාර, වෙනත් රටවල මෙන්ම හා වගකිව යුතු දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන වලින් වැල නොකැඩි එන්න පටන් ගත්තා. ඒවා හසුරවපු හැටි ඇත්තටම කතා නොකර බැහැ. මුලින්ම ආවේ WFAO නියෝජිතයා දේශීය නියෝජිතයා සමග. එම බොහෝ රැස්වීම් වලට සුනාමියෙන් විපතට පත් වූ ධිවරයින් නගා සිටුවීමේ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙක් විදිහට මමත් සහභාගී උනා. WHO එක ඩොලර් මිලියන 2 ක ආධාර මුලික වටයේදී කඩිනමින් දෙන්න ඉදිරිපත් උනා. අපි බොහොම සතුටු උනා. නමුත් ඒගොල්ලෝ ඒක කෙලින්ම අමාත්‍යංශයට දෙන්න එකඟ උනේ නැහැ. ඔවුන් වැඩ පිළිවෙලක් ඉදිරිපත් කළා සුනාමියට හසුවූ ප්‍රදේශ කලාප 8 කට බෙදා ඔවුන්ගේ කාර්යාල 8 ක් මගින් හානි වූ ධිවරයින්ට සහන දෙනවා කියල. WFAO එකේ දේශීය නියෝජිත මහතා ඒවා අපුරුවට පොතක් හදල විස්තර සහිතව ඉදිරිපත් කළා. ඩොලර් මිලියන දෙකෙන් 1.7 ක්ම යන්නේ කාරයාල වල නිලධාරි සේවක වාහන ආදී වියදම් ධිවර යට දශම 3 යි. අපි එයට තදින් විරුද්ධ උනා. අපි දැනටමත් මහපොළවේ ස්ථානගත කරමින් තියෙන අපේ වැඩ පිළිවෙලට දෙනවා නම් දීපන් නැත්නම් මේ විහිලු ආධාරය අපි භාර නොගන්නා බව තදින්ම කියා සිටියා. දේශීය නියෝජිතයා දුර්මුක උනා. WFAO නියෝජිත අපේ සැලැස්ම එතන ඉඳන්ම කියෙව්වා ඔහු ගෙන් ආවේ සාධනීය පිළිතුරක්. ඔහු යෝජනා කළා කාර්යාල 8 වෙනුවට එක ප්‍රධාන කාර්යාලයකුත් අපගේ අලුත්වැඩියා කටයුතු සඳහා WFAO ආධාර නිසිලෙස ක්‍රියාත්මක වන බව පෙන්වන පසු විපරම් වැඩ පිලිවෙලකුත් අධික්ෂණ නිලධාරින් කිහිප දෙනෙකුත් සමග එක ප්‍රධාන කළමනාකරුවෙක් සමග අදාළ ආධාර මුදල ලබාදෙන්න. ධිවර ඇමති වහාම ඉදිරිපත් උනා අවශ්‍ය ප්‍රධාන කාර්යාලයට ඉඩ කඩ ධිවර අමාත්‍යාංශය තුලින්ම දෙන්න.
එය අපිට විශාල පෙරහුරුවක් උනා ආධාර කළමනාකරණය කර ගන්නා අයුරු අවබෝධ කර ගැනීමට. ඉන්පසු සියලුම ආධාර කණ්ඩායම් සමග වැඩ කලේ එහෙමයි. ක්‍රියාකාරකම් සහ ආධර සියල්ලම ධිවර අමාත්‍යංශය සකස් කල ජාතික වැඩ පිළිවෙල තුලින් ක්‍රියාත්මක කරන ලෙස ධිවර අමාත්‍යාංශය තදින් කියා හිටියා. එසේ නොවන්නේ නම් එම ආධාර සුනාමියෙන් හානියට පත් ධිවරයින් වෙනුවෙන් ලංකාවට ලැබුණු බවට අමාත්යංශය කිසිම සහතිකයක් නොදෙන බව දන්වා සිටියා.
ඒ අනුව ඉන්පසු ආපු ආධාර කණ්ඩායම් එක්කෝ අපේ වැඩ පිළිවෙලට ආධාර කළා නැත්නම් අපේ වැඩ පිලිවලේ කොටසක් එයාල අරගෙන ක්‍රියාත්මක කලා. එහෙමත් නැත්නම් අපගේ වැඩපිළිවෙලේ කොටසක් අපි ලවා ක්‍රියාත්මක කරන්ගමන් එයාලා අධික්ෂණය කරමින් ආධාර කළා. එසේ කල එක ස්ථානයක තමයි ගාල්ලේ උණවටුනේ ඉදිකළ අංග සම්පුර්න බහුදින යාත්‍රා නිපදවීමේ යාත්‍රාඟනය. කුරියර් ඒඩ්ස් ඔස්ට්‍රියා කියල NGO එකක් ආධාර කලේ. එම යත්රාන්ගනය තුලින් පමණක් එකක් ලක්ෂ 40 කට වඩා වටිනාකමින් යුතු බහුදින යාත්‍රා 50 ක් පමණ නිෂ්පාදනය කොට අලුත්ම බුක් එන්ජිම සහිතව එයත් ලක්ෂ 7 ක් විතර ඇති සමාන යාත්‍රා සම්පුරන්යෙන්ම විනාශ වී අහිමි වූ ධිවරයින්ට බෙදා දුන්නා. ගාල්ලේ අයට එම යාත්රාන්ගනය මතක ඇති. දැන් ඒක සම්පුර්ණයෙන්ම විනාශ කරලා ගාල්ල නගරය අලංකාර කරනවා කියල.
වසරකට යෝජනාවූ සුනාමියෙන් හානි වූ ධිවර යාත්‍රා අලුත් වැඩියා කිරීමේ සහ දැල් ඇතුළු ධිවර ආම්පන්න නැවත ලබාදීමේ වැඩ පිලිවල මාස 8 ක් ඇතුලත නිම උනා. 80% කට වඩා විනාශ වූ ධිවර කර්මාන්තය සම්පුර්ණයෙන්ම නැවත ගොඩ නැගුවා. සුනාමිය ආවා කියල ධිවර කර්මාන්තය සම්පුරන්යෙන් විනාශ වුවා උනත් එක දවසක් හෝ ලංකාවේ මිනිස්සුන්ට මාළු නැතුව බත් කන්න සිද්ද උනේ නැහැ නේද කියල මතක් කරලා බලන්න. මේ මහා කර්තව්‍ය පිටුපස හිටි අයෝමය පුරුෂයා තමයි කුමාර් ගුණරත්නම්. එහෙව් මිනිහට තමයි මේ උඩක් පළලක් දන්නැති අමනයෝ පල් හොරා කියන්නේ.
කුමාර් ගේ වැඩ පිළිවෙල නැත්නම් සුනාමි ආධාර වලින් බෝට්ටු ලැබෙන්නේ මුද දැකපු වත් නැති එවුන්ට. එකාට පහ හය නොවෙය් විස්ස තිහ ලැබිල තියෙයි. ආපදාවට පත්වූවන්ට හුලන් තමයි. සුනාමියට ලැබුණු ආධාර මිලියන සිය දහස් ගණන් ගසා කාපු එවුන් ට මහරජා කියල වැඳ වැටෙන මුන් සත පහක වංචාවක් නොකළ යුග මෙහෙවරක් සදහා දායක උණු අසමාන මානුෂිකත්වය ට සලකන හැටි අපුරුය්.