Monday 4 April 2016

ජනාධිපති ර. ප්‍රේමදාස සහ අගමැති ඛලීඩා ෂියා ගැන පරණ කතාවක පුනරුත්පත්තිය! - To shake or not to shake


පසුගිය දිනවල කාර්යාලයේ දී අසන්නට ලැබුණු සිදුවීම් දෙක තුනක් නිසා එයට යම් ආකාරයක සම්බන්ධයක් ඇති මේ අතීත සිදුවීම මගේ සිහියට නැගුණි.

ලංකාවේ ජනාධිපති ර. ප්‍රේමදාස සහ බංගලාදේශයේ අගමැති ඛලීඩා ෂියා සම්බන්ධයෙන් මේ විස්තර කරන්නට යන නිරීක්‍ෂණය මා කළේ 1991 වසරේ, දෙසැම්බර් මාසයේ, විසිඑක්වෙනිදා ය.

මෙහිදී එතරම් පැහැදිලිව ඒ දිනය මට පැවසිය හැක්කේ මගේ අතිශය නිරවුල් මතකයක් නිසාම නොව, මේ අදාළ නීරීක්‍ෂණය, ලංකා ඉතිහාසයේ ලියවී ඇති අන්තර්ජාතික මට්ටමේ සිදුවීමක් හා කෙළින්ම සම්බන්ධ නිසා ය.

ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, නේපාලය, මාලදිවයින සහ භූතානය යන රාජ්‍යයන් එකමුතු වී ගොඩ නගා ගන්නා ලද සාර්ක් හෙවත් දකුණු ආසියානු කලාප සහයෝගීතා සංගමය ගැන අපි හොඳින් දනිමු.

මේ සංගමයේ රාජ්‍ය නායකයින් ගේ සමුළුවක් ඉහත සඳහන් දිනයේ දී කොළඹ දී පැවැත්වුණු අතර එහි සමාරම්භක උත්සවය ජාතික රූපවාහිනිය මගින් සජීවීව ප්‍රචාරය කරන ලදී.

අප දන්නා පරිදි, ලෝකයේ සාක් රටවල් පිහිටා ඇති මුල්ලේ වෙසෙන ජනයා අතර එකිනෙකාට ආචාර කිරීමේ ප්‍රධාන ක්‍රමය නම් අත් එකිනෙක බැඳ ඉහළට ඔසවා ආයුබෝවන්, නමස්තේ, නමස්කාර්, නමොෂ්කාර්, වණක්කම් වැනි දේශීය පදයකින් සංග්‍රහ කිරීමයි.

මීට අමතරව, ගෝලීය ආචාර ක්‍රමයක් වෙන අතට අත දී අල්ලා සෙලවීම හෙවත් ෂේක් හෑන්ඩ් කිරීම ද, බහුලව සිදු වේ. විශේෂයෙන් ම දෙරටක දෙදෙනෙකු මුණ ගැසුණු විට, ඒ අන්තර්ජාතික ක්‍රමයට ආචාර කිරීම සාමාන්‍ය සිරිතයි.

එදා සාර්ක් සමුළුවේ සංග්‍රහකාරක රටේ නායකයා වූ ජනාධිපති ර. පේ්‍රමදාස, ඉන්දියාව නියෝජනය කරමින් පැමිණි (හින්දු ආගමික) අගමැති රාවෝ ද, භූතානයේ (බෞද්ධ) රජු (වැන්ග්චක්) ද, මාලදිවයිනේ එවකට ජනාධිපති ඉස්ලාම් ආගමික අබ්දූල් ගයූම් ද, පකිස්ථාන් අගමැති නවාස් ෂරීෆ් ආදී විවිධ රාජ්‍ය නායකයින් පිළිගත්තේ ඒ ආකාරයට අතට අත දී අල්ලා සෙලවීමෙනි.

නමුත් මා හොඳින් නිරීක්‍ෂණය කළ පරිදි බංග්ලාදේශ අගමැතිනිය වූ, ඛලීඩා ෂියා එදින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව කරා ළඟා වූ විට සිදුවූයේ අමුතුම ආකාරයේ දෙයකි.
  • ඛලීඩා ෂියා මෝටර් රථයෙන් බැස ඉදිරියට ආවාය.
  • ර. ප්‍රේමදාස අත් ඔසවා කෙරෙන (ආයිබෝවන් ක්‍රමයේ) ආචාරය කළේ නැත.
  • ඛලීඩා ෂියා ද අත් ඔසවා කෙරෙන (නමොෂ්කාර් ක්‍රමයේ) ආචාරය කළේ නැත.
  • ර. ප්‍රේමදාස අතට අත දී සොලවන්නට තම අත ඉදිරියට යොමු කළේ ද නැත.
  • ඛලීඩා ෂියා ද අතට අත දී සොලවන්නට තම අත ඉදිරියට යොමු කළේ නැත.
  • දෙන්නා ඔහේ දික්කසාද වුණු ජෝඩුවක් පසු දිනයක නඩත්තු නඩුවක් සඳහා උසාවියේ දී හමුවුණාක් මෙන් හිටගෙන සිටයහ.
ඉන් පසු එතැනට ළඟා වූ රාජ්‍ය නායකයින් ට ජනාධිපති ර. ප්‍රේමදාස පෙර මා කී පරිදි අන්තර්ජාතික ක්‍රමයට ආචාර කළේය.

අපට වටහා ගත හැකි පරිදි මෙතැන දී සිදුවෙන්නට ඇත්තේ මෙයයි.

ඛලීඩා ෂියා මුස්ලිම් කාන්තාවක්, ඇය මගේ මතකයේ හැටියට වැන්දඹුවකි, නිසා ඇය වෙනත් පිරිමියෙකු ගේ අත නො අල්ලයි.

එසේම, බංග්ලාදේශය ඉන්දියාව ගොඩ බිමෙන් සම්බන්ධ දකුණු ආසියානු රටක් වුවද, ඔවුන් කාලාන්තරයක් තිස්සේ මුස්ලිම්කරනය වී ඇති නිසා, ලංකාව ඉන්දියාව ඇතුළු රටවල කෙරෙන අත් එකතු කොට නමස්තේ/ආයුබෝවන් ආචාරය ද ඔවුන් ගේ රාජ්‍ය නායකයාට අකැප වී ඇත.

එනිසා ඛලීඩා ෂියාට සහ ර. ප්‍රේමදාසට සිදුවූයේ බකං නිලා සිටීමටයි. සමහර විට ටෙලිවිෂන් කැමරාවට අසු වෙන නොවෙන ආකාරයේ හිස සෙලවීමක් හෙවත් නොඩින් කිරීමක් ද, වචනයක් දෙකක් හුවමාරුවක් ද සිදුවෙන්නට ඇත.

සාමාන්‍යයෙන් මේ ආකාරයේ අන්තර්ජාතික හමුවීම්වලට පෙරාතුව සිදුවෙන පරිදි ඛලීඩා ෂියා කිසිදු ආචාරයක් නොකරන බව බංග්ලාදේශයේ තානාපති කාර්යාලය විසින් ර. ප්‍රේමදාස ගේ ජනාධිපති කාර්යාලයට දැනුම් දී තියෙන්නට ඇත. එසේම, ඛලීඩාට අතට අත දෙන්නට උත්සාහ නොකරන ලෙසට, ර. ප්‍රේමදාසට උපදෙස් ලැබී තියෙන්නට ඇත. එසේ නොමැතිව පුරුද්දට මෙන් අත දිගු කරන්නට ගියා නම් සිදුවන්නේ එසේ මෙසේ අපහසුතාවක් නොව රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ අපහසුතාවක් හෙවත් එම්බැරේස්මන්ට් එකකි.

මට ඒ අතීත කතාව සිහිවූයේ අපේ කාර්යාලයේ සේවය කරන මිතුරු මැවිසුරුවියකගෙන් අසන්නට ලැබුණු කතා දෙක තුනක් නිසා ය.

මීට වසරකට පමණ පෙර ඇයට කාර්යාලයේ අලුත් තනතුරක් ලැබුණු දින එය දැනගත් වෙනත් ඉංජිනේරුවෙකු ඇය අසලට පැමිණ "කන්ග්‍රැජුලේෂන්ස්" කියා වචනයෙන් සුබපතා ඇත. බංග්ලාදේශයෙන් සංක්‍රමණය කළ ඉස්ලාම් භක්තිකයෙකු වූ ඔහු ඒ සමගම පවසා ඇත්තේ, "සොරි බට් අයි වොන්ට් බී ඒබල් ටු ෂේක් හෑන්ඩ්ස් විත් යූ ඇස් අයි ඩොන්ට් ෂේක් හෑන්ඩ් විත් විමෙන්" කියා ය.

එය ඇසූ ඇය විස්මයට පත් වී ඇත. ඇගෙන් ඒ කතාව ඇසූ මම ද කරුණු කිහිපයක් නිසාම විස්මයට පත්වීමි.

ඉන් ප්‍රධාන කරුණ වූයේ, අන්තවාදී මුස්ලිම් සමාජවල කාන්තාවන්ට විවිධ පීඩාකාරී තහනම් නීති පැනවී තිබුණ ද, පිරිමින්ට මත්පැන් බීම හෝ සූකර මාංශ කෑම හැර මේ ආකාරයේ නීති තිබෙන බවක් මා නොදැන සිටීමයි.

දෙවැනි කරුණ නම්, සාමාන්‍යයෙන් රැකියාවක් සඳහා සම්මුඛ පරීක්‍ෂණයකට සහභාගී වීමේ දී, අනිවාර්යෙන් අතට අත දෙන්නට සිදුවෙන නිසා, එවැනි අවස්ථාවක දී, සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයේ ඉන්නා කාන්තාවකට අතට අත නොදී සිටීම යනු සාමාන්‍යයෙන් රැකියා අපේක්‍ෂකයෙකු කිරීමට නො සිතන දෙයක් වීම නිසාත් ය.

අතට අත දීම ප්‍රතික්‍ෂේප කිරීමේ මේ ආකාරයේ ම තවත් අත්දැකීමට මුහුණ දෙන්නට මගේ කාර්යාලයේ මිතුරියට පසුව සිදුවී ඇත. ඒ අලුතින් පියෙකු වූ වෙනත් ඉස්ලාම් භක්තික මැවිසුරුවෙකුට සුබ පතන්නට ගොසින් ය.

මේ අතට අත නොදීමේ ප්‍රතිපත්තිය ඉස්ලාම් භක්තිකයින් එක් කෙනෙකු දෙන්නෙකුට පමණක් අදාළ කරුණක් නොවෙන බව n=3 සඳහා ද එය සත්‍යවීම නිසා වැටහේ.

මේ තුන්වෙනි අවස්ථාවේදී සිදුවී ඇත්තේ එකම ආයතනයේ වෙනත් කාර්යාලයක සිට අපේ කාර්යාලයට සේවය සඳහා පැමිණීමට නියමිත, නැවතත් ඉස්ලාම් භක්තිකයෙකු වන මැවිසුරුවෙකු, ඔහු එසේ පැමිණීමට දිනකට පෙර ඒ කොටසේ සේවය කරන මා පෙර කී කාන්තාව සහ තවත් යෙකට, තමන් ප්‍රතිපත්තියක් වශයෙන් කාන්තාවන්ට අතට අත නොදෙන බවත්, ඉදිරියේදී සිදුවිය හැකි අපහසුතාවන් මග හරවා ගැනීම පිණිස ඒ බව මෙසේ දන්වන බවත් කියමින් ඊ-මේලයක් එවූ නිසා ය.

මා කලින් කීවාක් මෙන් සාමාන්‍යයෙන් ගෑනුන්ට පමණක් පීඩාකාරී නීති දමන පිරිමින් අතර මේ ආකාරයේ තමන්ට ද ඒ ආකාරයේම පීඩාකාරී නීති පනවා ගන්නා අය ඇති බව මේ සිදුවීම නිසා මම දැන ගතිමි.

මේ පුද්ගලයින් තිදෙනාගේ බිරින්දෑවරුන්ට මීට වඩා දරුණු පීඩාකාරී නීතිවලට අනුකූලව ජීවත්විමට සිදුවී තිබෙනවා විය හැක.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කාන්තාවන්ට පීඩාකාරී නිති දමන්නේ අන්තවාදී මුස්ලිම් සමාජවල පමණක් නොවේ. ලංකාවේ සිංහල බෞද්ධ ජනකොටස් අතරේ ද එවැනි මානව විරෝධී නිති ඇත.

ගුරුවරියන් සාරි ඇඳිය යුතුය යනුවෙන් නොනිල නීතියක් ඇති බව සත්‍යයකි. පිරිමි ගුරුන්ට එසේ නොනිල තහනමක් නැත. අවැසි පරිදි යුරෝපියානු කලිසම ඇඳිය හැක.

පාසලට එන අම්මලා සාරි ඇඳිය යුතුය යනුවෙන් ද නිල වශයෙන් තහනමක් ඇති බව මා මේ ළඟදී දැන ගත්තේ එය ඉවත් කරන්නට යනවාය යන ආරංචිය සමගයි.

අතට අත දීමේ තහනමක් ගැන පැවසුණු මේ ලිපිය අවසාන කරන්නට පෙර මෙය ද පැවසිය යුතුය. අතට අත දී ආචාර කීරීම කෙසේ වෙතත් ගැහැණු පිරිමි දෙදෙනෙකු අතිනත පටලාගෙන සිටීම, බුද්ධ ධර්මයට අවුලක් නොවුන ද, බුඩ්ඩාගං සංස්ථාවට නම් අගෝචර දෙයක් බව පෙනෙන්නට ඇති බවයි!

(image: http://www.serendib.btoptions.lk/article.php?id=1540&issueId=59)

77 comments:

  1. //මේ පුද්ගලයින් තිදෙනාගේ බිරින්දෑවරුන්ට මීට වඩා දරුණු පීඩාකාරී නීතිවලට අනුකූලව ජීවත්විමට සිදුවී තිබෙනවා විය හැක./// මටත් හිතුනෙම ඒක..

    සාරි නිතිය අයින් කරන්න යනවාද? අනේ ලොකු දෙයක්.. අපේ උන්දා ගැබිණි කාලේ මැටර්නිටි ඩ්‍රෙස් එකක් ඇඳන් පුතාගේ ඉස්කෝලෙට ගිය වෙලාවක ඇතුලට යන්න නොදී එළියේ හිටවලා තිබ්බාලු. :( සාරි කියන්නේ මහා ගෝත්‍රික ඇඳුමක් මටනම්..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඇයි ඒ අම්මලාට සාරි ඇන්දවීමේ කේස් එක ගැන කවුරු හරි මූලික අයිතිවාසිකම් නඩුවක් ෆයිල් නොකළේ?

      Delete
    2. ඔය ගෝත්‍රික ලක්ෂණය විසාක විද්‍යාලයේත් තියනවා

      Delete
    3. /ඇත්තටම ඇයි ඒ අම්මලාට සාරි ඇන්දවීමේ කේස් එක ගැන කවුරු හරි මූලික අයිතිවාසිකම් නඩුවක් ෆයිල් නොකළේ?/ පිස්සු ද? එහෙනම් දාපු කෙනාත් කූඩුවේ, ලංකාවේ මානව පොදු ප්‍ර‍ශ්නයක් ගැන මානව අයිවාසිකම් නඩුවක් දාන්නේ ඉස්සෙල්ල සී ජේ වර්ඩික්ට් එක ලියලා, පොයින්ට් එක පෙන්නල නඩුවක් දාපන් කියලා කීවාමයි.

      Delete
    4. /අපේ උන්දා ගැබිණි කාලේ මැටර්නිටි ඩ්‍රෙස් එකක් ඇඳන් පුතාගේ ඉස්කෝලෙට ගිය වෙලාවක ඇතුලට යන්න නොදී එළියේ හිටවලා තිබ්බාලු/ මමත් සාරි ඇන්දවිල්ලට විරුද්ධවුනේ ඔය වගේ අවස්ථාවක. අකිල විරාජ්ටත් වෙන්න ඇත්තේ ඔය සන්තෑසියමයි.

      Delete
    5. සාරි කියන එක නෙමෙයි වෙන්න ඕනෙ ඇන්ග වැහෙන විනීත ඇඳුමක් කියන එක. සාරියත් ඇන්ගම පේන්න ඇඳන් එන්නත් පුලුවන්. මම ඉස්කෝලෙ ගිය මුල් කාලෙ ඔය සාරි නීතිය තිබ්බෙ නෑ. ඒත් ඒක දාන්න උනේ ගොඩක් අම්මලා ගෙදරට ඇඳන් හිටපු එක ඇඳගෙන ළමයින්ව ගෙනියන එන නිසා. ගොඩක් වෙලාවට තමුන්ගෙම වාහනේක එන අම්මලා ඇඳන් ආවෙ චූටි කොට කලිසමක්. සමහරු යටට ඇඳලත් නෑ. මට මතකයි අපි සාපෙ කරද්දි යනවා පොඩි උන්ගෙ අම්මලා බලන්න. සමහරුන්ගෙ කැමල් ටෝ එකත් පේනවා.

      Delete
    6. මතුරට ප්‍රාතමික ඉස්කෝලයක් තියනවා, එක ප්‍රසිද්ධවෙලා තියෙන්නේ අම්මලා රෙද්ද අඳින/ගලවන බස් හොල්ට් ලඟ ස්කෝලේ කියා. ඒ ප්‍රාතමිකේ දරුවන්ගේ අම්මලාගේ සාමාන්‍ය වයස 20 -22 ඇති, ඒත් ඉතින් චක්කර ලේඛනයක් කියන්නේ නීතියනේ.

      Delete
    7. දුර ගමනක් නෙවෙයි නම් යටට නො ඇඳ ගෙදර ඉන්න ඇඳන් ඇඳුම් පිටින්ම යනවා කියන්නෙ වෙනත් රටවල නම් සාමාන්‍ය දෙයක්. මේ කියන්නෙ නයිටියෙන් යනවා කියන එක නෙවෙයි. නමුත් කොට කලිසමකින් හා ටී ෂර්ට් එකකින් යන එක තායිලන්තය, වියට්නාමය වගේ රටවල සාමාන්‍යයි.

      Delete
    8. නමුත් මා දන්නා තරමින් කිසිම ගුරු හෝ වෙනත් රජයේ පත්වීමේ ලිපියක සාරියක් ගැන සඳහන් නෑ!

      එසේම පිරිමින් ගේ ඇඳුමක් ගැනත් සඳහනක් නෑ.

      නමුත් විවිධ බයි-ලෝ ක්‍රියාත්මක වෙන බව පේනවා.

      මගේ බිරිඳත් සංක්‍රමණයට පෙර රජයේ සේවයේයි හිටියේ. ඇය සේවයට ඇන්දේ ගවුමක් හෝ සායක් සහ බ්ලවුස් එකකි. මාසෙකට දිනක් පමණ සාරියක් ඇන්දා.

      ඇය සේවය කළ ස්ථානවල (රෝහල්) අන් හැම දෙනාම යුනිෆෝම් ඇන්දා නියමිත පරිදි. වෛද්‍ය නිලධාරීන්ට යුනිෆෝමයක් නෑ! ගැබිණි කාලයේ ඇය ඇන්දේ ගැබිණි මවුන් අඳින ඇඳුම්.

      Delete
    9. ඔය දෙමාපිය රැස්වීම වලට එන පියවරුන්ටත් සාරිය අනිවාර්ය කලා නම් වඩාත් හොඳ යැයි මා(තලන්) යෝජනා කරමි....

      Delete
  2. ලංකාවේ රජයේ සේවිකාවන්ටද සාරි ඇඳීම අනිවාර්යයි වගේ - ඔවුන් ඒ නිසා විශාල කරදරවලට මුහුණ දෙන බවත් දන්නවා - මෙවැනි ගෝත්‍රික නීති වහාම ඉවත් කළ යුතුයි

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඒ වුනාට ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ‍ බහුතරයේ මතයටලූ, ටියුබ් ඇති අය සහ නැති අය අතුරින් බහුතරය කවු ද?

      මඩකලපුවේ බර්ගර් සුලු ජනයා ව්‍යවස්තාවට ජනතාවගේ අදහස් එකතු කරන කමිටුවට කියා තිබුනා, සාරිය බර්ගර් කාන්තාවගේ ඇඳුමක් නොවන නිසා ඔවුනට ගවුම රජයේ කාර්යාලවල ගවුම් ඇඳීමට අයිතිය ව්‍යවස්තාවෙන් තහවුරු කළ යුතු බව.

      Delete
    3. මා පාසල් ගිය කාලයේ ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ ඉංග්ලිෂ් ඉගැන්වූ වෑන් ඩයික් නම් තරුණ බර්ගර් කාන්තාවත් සාරිය ඇඳ ගෙනයි සේවයට ආවේ කොළඹ ඉඳලා.

      නමුත් මා දන්නා තරමින් කිසිම ගුරු පත්වීමේ ලිපියක සාරියක් ගැන සඳහන් නෑ!

      Delete
    4. කිසිම වෙනත් රජයේ පත්වීමේ ලිපියක සාරියක් ගැන සඳහන් නෑ! එසේම පිරිමින් ගේ ඇඳුමක් ගැනත් සඳහනක් නෑ. නමුත් විවිධ බයි-ලෝ ක්‍රියාත්මක වෙන බව පේනවා.

      Delete
  3. මෑතකදී ම.රා. ඔය වගේ එම්බැරස්මන්ට් එකකට මුහුණ දුන්න නේද?

    ReplyDelete
  4. මම දැනට ඉන්න බහරේන් මුස්ලිම් රටේ නම් උදේ වැඩට අව්ව වෙලාවෙ ඉඳන් අතට අත දීලම අත් ගෙවිල. හැබැයි ඉතිං පිරිමි, පිරිමි. අතට අත දීල මදි වගේ නම් මේ රටේ අය එකිනෙකා කම්මුලට කම්මුලත් තියනව. ඒත් පිරිමි, පිරිමි.

    ReplyDelete
    Replies
    1. මුණ ගැහුන වෙලේ එක පාරයි. වෙන් වෙන කොට තව පාරයි. අත් කැඩෙනවා තමයි!

      Delete
    2. පිස්සුද හෙන්‍රි. ඔහෙ අගමැති තුමත් හරි විවෘත මනුස්සය, මේ බලන්න. ඔය විච්චූර්ණ අර 110 සමහරුන්ගෙනෙ.

      Delete
  5. 1. පිරිමි-පිරිමි අත් අල්ලාගෙන පාරේ යෑම සමහර මුස්ලිම් රටවල බහුලව දක්නට ලැබේ.

    2. ප්‍රංශයේදී පිරිමි දෙදනකු වුවත් හමුවූ විට සිප ගැනීම සාමාන්‍ය සිරිතකි. අනෙකුත් බටහිර රටවලදී මෙසේ සිප ගන්නේ ගැහැණු පිරිමි ලෙස පමණෙකි.

    3. ලංකාවේ ගැහැණු අතට අත නොදී බැරි කමට දුන්නත්, දෙන්නේ හරියට නොව අතේ ඇඟිලි දෙකක් විතර අහුවෙන විදිහටයි.

    ReplyDelete
    Replies
    1. පිරිමි-පිරිමි කම්මුල් එකිනෙක මත තැබීම හෝ සිප ගැනීම ඉතාලියේ ද සිරිතක් බව මාෆියා මූවීස්වල දැක තිබේ!

      අතට අත දීමේ දී පිරිමි-පිරිමී තදින් මිරිකීමත්, පිරිමි-කාන්තා යන්තම් ස්පර්ෂ කිරීමත් සිරිතක් කියායි මං හිතන්නේ!

      Delete
    2. අපි එච්චර ගනන් ගත්තේ නැතුවුනාට handshake etiquettes කියලා ජාතියක් තියෙනවා. අතට අත දීමේදි අත් තිබිය යුතු තැන, කල යුතු සහ නොකල යුතු දේ, පාවිච්චි කලයුතු වචන, ගැන ඉස්සර අපිට කියා දුන්න බවත් මතකයි. ඒවා දන්න මිනිස්සු ඒවා පිලිපඳිනවා. Aru.

      Delete
  6. අතට අත දීම ප්‍රතික්ශේපිත කලා කියමු, කසාද බදින දවස එනකම් බිරිදගෙ මූණ දැකලත් නැතිව කසාද බදිනව කියල අහපු දවසෙ තමයි මම පුදුම උනේ.

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රශ්නය අදාළ වෙන්නෙ ස්ත්‍රී පාර්ශ්වයට පමණයි. මොකද ස්ත්‍රිය විතරයි විවාහය තුළ සිර වෙන්නේ. ඒ සංස්කෘතිය තුළ පිරිමියා විවාහය තුළ කොටු වීමක් නැහැ. පිරිමියාට බිරිඳ කියන්නෙ නිකං ගෙදර වොෂිං මැෂින් එක වගේ දෙයක්. ඕනෑ වෙලාවට පාවිච්චි කරනවා නැත්නම් අමතක කරලා දානවා. කැඩුණොත් වෙන එකක් ගන්නවා. ඉතින් ඒකේ කොලිටි එක ගැන ලොකුවට හිතන්න ඕනැ කමක් නැහැ.

      Delete
    2. ඒ කතාවත් ඇත්ත තමයි.

      Delete
  7. රසික අහලා තියෙනවද ඔය සමුළුවේදීම ප්‍රේමදාස කලින් දවසේ ඇවිත් සේරම දේවල් වලට ඇඟිලි ගහලා අන්තිමේදි වැරැද්දක් හොයා ගන්නම නැතුව, මොහොමඩ් අබ්දුල් ගයූම් මිටි නිසා එයාට අනෙක් අයට වඩා උස පුටුවක් තියන්න ඕනෑ කියලා කියපු කතාව?

    පැය ගණනක් ඇතුළත අළුතින් පුටුවක් හදන්න බැරි නිසා සංවිධායකයෝ එක පුටුවක් ඉතුරු කරලා අනෙක් ඒවායේ කකුල් කෙටි කළාලු!

    අන්තිමට බලන කොට ප්‍රේමේ එහෙම කියලා තියෙන්නෙ ගයූම් ගැන හිතලා නෙවෙයි, ගයූම් ගෙන් ඊළඟට සභාපතිකම/පුටුව ගන්නේ මම, මට අනෙක් අයට වඩා උස පුටුවක් ඕනෑ කියන චේතනාවෙන්ලු. කොහොමද ටිකිරි මොළේ?

    ReplyDelete
    Replies
    1. ++++++++++++ ප්‍රෙම කතන්දර සීරීස්

      Delete
    2. ගයුම් ගේ උස ඇති දෙදෙනෙක් ෆොටෝවේ ඉන්නවා.

      Delete
    3. ෆොටෝවෙන් පිටත ඇති තරම් ඉන්නවා. (ඉන්ක්ලූඩිං ජෙනරාල් විචාරක)

      Delete
    4. රසිකත් විචාරකත් පෞද්ගලික ජීවිතයේ හා බ්ලොග් අවකාශයේ ලබා ඇති තත්වය ගැන ඉරිසියා කරන, ඉවසා ගත නොහැකි, කිහිප දෙනෙක්ම ඉන්නව වගෙයි. මේක ඉතින් ශ්‍රී ලංකාවනේ.

      Delete
    5. Anonymous5 April 2016 at 03:04

      ඔවු උඹත් අන්න ඒ වගේ අමුම අමු ගොබ්බ හාල්පාරුවෙක් වෙන්න හොඳටම ඉඩ තියෙනවා.

      Delete
    6. Anonymous 4 April 2016 at 15:58

      මචන් සාමාන්‍යයෙන් හමුදා සේවාවට බඳවා ගැනීමේදී ඔහුගේ උස ඉතාම වැදගත්. යුධ ඉතිහාසයේත් පුද්ගලයකුගේ උස සටනේදී විශේෂයෙන් වාසි වුණා. අසරු සේනාංක, ඔටු ආරෝහක මැමලූක්වරු බිහිවුණේ උස නිසායි. ඉතින් ඔවැනි ඉතාම කොට තරබාරු භෞතිකව අකාර්යක්ෂම කෙනෙක් හමුදා සේවයට බඳවා ගැනීම ඉතාම ගැටලු සහගතයි.

      හැබැයි ඔහු ලිවීමට නම් අතිදක්ෂයෙක් බව කුහක නොවී පැවසිය යුතුයි.

      Delete
    7. Anonymous5 April 2016 at 03:04

      උබ පුක නොදි හිටහන්. තොට මොකටද අනුන්ගෙ රෙද්දවල්

      Delete
    8. //රසිකත් විචාරකත් පෞද්ගලික ජීවිතයේ හා බ්ලොග් අවකාශයේ ලබා ඇති තත්වය ගැන ඉරිසියා කරන, ඉවසා ගත නොහැකි, කිහිප දෙනෙක්ම ඉන්නව වගෙයි. මේක ඉතින් ශ්‍රී ලංකාවනේ.//

      රසික නම් කමක් නැහැ ඒත් විචාරක??? ඊරිසියාවක්????

      උන්නැහේ 1988/89 කාලෙදිත් උතුරේදීත් ඇචීව් කරපු ටාගට් ගැන ඉරිසියාවක් තියෙන්නෙ ඉතින් පොල් පොට්, ඉඩි අමීන් වගේ බුවෙක්ට වෙන්ටෝන. අනෙක කිසිම කමකට නැති මහ කුජීතම රස්සාවක් වෙන ආමි එකෙනුත් පැන්ශන් ගියපු බුවෙක්ට ඉරිසියා කොරන්න නම් ඉතින් අන්දකයිප්පු කැවිච්චි එකෙක් වෙන්ට ඕනෙ.

      හැබැයි බ්ලොග් ලියවිල්ලෙදිනම් විචා වැඩකරුවෙක් වගේම සෑහෙන රසික පිරිසක් ඉන්න බුවෙක්. නමුත් ගොඩක් අයට දිරවන්නෙ නැත්තෙ පොරගෙ හෙන චන්ඩියෙක් වගෙ බොරුවට දාන ලොකු සීන් ටික තමයි. පුකට පයින් දෙනව කියයි, මරනව උස්සනව, බුද්ධි අංශෙන් හොයාගන්නව කියල දාන තගරි වලටයි බොරු කුමන්තණ කතා වලටයි තමයි ගොඩක්ම තරහ කාරයො හැදුනෙ. හැබැයි ඉතින් ඒ බුවාගෙ හැටි. මනුස්සය ඉතින් කුකුළ් කේන්ති කාරය නෙව. අපි ඔහුට අනුකම්පා කල යුතුයි.

      Delete
    9. /* පැය ගණනක් ඇතුළත අළුතින් පුටුවක් හදන්න බැරි නිසා සංවිධායකයෝ එක පුටුවක් ඉතුරු කරලා අනෙක් ඒවායේ කකුල් කෙටි කළාලු! */

      ඊට වඩා ලේසි නැද්ද එක පුටුවකට අඟල් දෙක තුනක ලී කෑලි හයි කරන එක?

      Delete
  8. රියදුරු දෑතට අල්ලා දෙව් පිහිටයි.

    ReplyDelete
    Replies
    1. අල්ලාහු අක්බර් !

      Delete
  9. කකාව ඉල්ලංකා යුද්ධ අමුදාවට බන්දවා ගෙන ජෙනරාල් විචාරක මැතිතුමා යටතේ තුවක්කුවක් දෙකක් දීලා උතුරේ දෙමල්ලු මරන්න යවන්න ඕනි. කකා දෙමල්ලු කියක් මරනවද එහෙම උනොත්?

    ReplyDelete
    Replies
    1. තොරතුරු දැන දැනගැනීමට අවශේෂ ජනයාට ඇති අයිතිය යටතේ පහත තොරතුරු ප්‍ර‍සිද්ධ කරන්න;
      පතරොම් කීයක් දෙනවාද ?
      ඉල්ලංකා උතුරේ දෙමල්ලු කියක් ඉන්නව ද?
      ජෙනරාල් විචාරක මැතිතුමා කකාට උතුරේ දෙමල්ලු මරන්න ඔඩර්ස් දෙයි ද?

      Delete
    2. කකාගේ තුවක්කුව දැන් පත්තු කරන්න බැරි තරමට පරණයි. තුවක්කු බටේ කෙළින් කර ගන්නවත් අමාරුයි. ඒ නිසා දෙමළෙක් මරනවා තියා දෙමලිච්චෙක් වත් දඩයම් කළ නොහැකි බව කරුණාවෙන් දන්වමි.

      Delete
    3. ජෙනරාල් විචාරක....හි හි හි ඔයවගේම එකෙක් කාසි වත්තේ කඩයක් කළා ලඟකදී කළුබෝවිල හොස්පිටල් ඒකේදී මලා

      Delete
  10. වෘත්තීය ජීවිතයේදී සාමාන්‍ය විදියට ඇඳ පැළඳ සිටි මුස්ලිම් කාන්තාවකට නොදැන අතට අත දෙන්න ගිහින් ප්‍රසිද්ධියේ නෝන්ඩි වුන අවස්ථාවක් මතක් වුණා. ගුරුවරුන් පමණක් නොවෙයි බොහෝ රජයේ ආයතනවල කාන්තාවන් නිල/නොනිල මට්ටමින් සාරි ඇඳිය යුතුයි මම දන්නා තරමින්.

    ReplyDelete
    Replies
    1. නිකම්ම බෑ කිව්වාද? නැතිනම් අත් ඔසවාවත් ආචාර කළේ නැද්ද? ඒකට ප්‍රශ්නයක් තියෙනන විදියක් නෑ නේ ලංකාවේ?

      Delete
  11. ගස්ලබ්බාට අනුව නම් සාරිය යනු සුන්දර සෙක්සි ඇඳුමකි.අඳින්නට අවැසි පරිදි ආවරණය හෝ නිරාවරණය කරගෙන ඇඳිය හැකිය.ගර්භනී මවකටත් සාරිය අනිවාර්ය කිරීම ගල් මෝඩයෙකුගේ මෝඩ වැඩක්ම විය යුතුයි.
    කෙසේ වෙතත් කාන්තාවක් යනු අතට අත දීමත් පිලිකුල් වන පහත් පිරිසක් ලෙස පිලිගන්නා අයවලුන් වහාම ප්‍රතික්ශේප කර දැමිය යුතුයි.
    මුස්ලිමුන් දිනෙන් දින දැඩි මතධාරී අන්තවාදයකට ස්වෙච්ඡාවෙන්ම ගමන් කරමින් සිට්න බව පැහැදිලි වුවද ශ්‍රී ලංකාවේ ආරක්ශක අමාත්‍යාංශයට අනුව අහක තියෙන දේවල් වලට කලබල වීම මෝඩ කමකි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මෙය ඕස්ටේ‍ර්ලියාවේ සිඩ්නි නුවර ඔෆීසියක කතාවකි.

      Delete
    2. සාපේක්ශව විශාල පහසුවක්,නිදහසක් ඇති රටකත් එසේ නම් මෙහේ ගැන කවර කතාද?

      Delete
  12. අප්පේ... මටත් ඔය එම්බරෙස්මන්ට් එක උනා බංගලි කෙල්ලෙක්ට කිස් එකක් දෙන්න ගිහිං!

    ReplyDelete
    Replies
    1. සිප ආචාර කිරීම ලංකාවේ අති බහුතරයකට තාම හුරු නෑ!

      Delete
  13. ඉරානයේ ලිබරල් අය කරනවා මගෙ හිතේ

    http://www.theguardian.com/world/2007/aug/03/iran.roberttait

    ReplyDelete
    Replies
    1. ඉරානයේ ලිබරල් = oxymoron ?

      Delete
    2. හැමතැනම සාපේක්ෂව ලිබරල් අය ටිකක් හරි ඉන්නවා

      Delete
    3. ඒක ඇත්ත, කලින් සිටි ජනාධිපතිත් තරමක් ලිබරල් තමයි, නමුත් සියල්ල සාපේක්‍ෂයි නේ!

      Delete
  14. අපොයි ඔව් මෙහේත් ඔය කොච්චරවත් ඉන්නේ කෙල්ලෙක්ට,කොල්ලෙක් අත දුන්නොත් ඒ දිහා වපර ඇහෙන් බලලා රටටම කට හදනා අය ඕනේ තරම්. අතට අත දී සොලවන එක ලිංගික අපචාරයක් විදියට දකින අයත් ඉන්නේ හිටං.

    අකිල කියලා තිබ්බා අම්මලා ස්කෝලෙට සාරි ඇඳ පැමිණිය යුතුයි කියන ච්ක්ර්ලේඛනය වෙනස් කර සුදුසු ඇඳුමක් ලෙස වෙනස් කරනවා කියලා.එක තමයි වෙන්න ඕනේ.මේ විදියට අම්මලාගේ ඇඳුම් වලට විනය නීති දාන්න පාසල්වලට අයිතියක් නැහැ.

    ReplyDelete
    Replies
    1. පාසලට එන අම්මලා සාරි ඇඳිය යුතුය යනුවෙන් ද නිල වශයෙන් තහනමක් ඇති බව මා මේ ළඟදී දැන ගත්තේ එය ඉවත් කරන්නට යනවාය යන ආරංචිය සමගයි.

      මෙතැන ලොකුම ප්‍රශ්නය තමයි ඇයි මේ අම්මලාට විතරක් නීති?

      Delete
    2. තාත්තලා කලිසමක් කමිසයක් ඇඳලා බොත්තම් දාගෙන කොහොමත් යන්නෙ.මිනී ඔලුව ප්‍රින්ට් කරපු ටී ශර්ට් කෑලි ඇඳන් ඉස්කෝලෙට එන පියවරු දැකල නෑ.ඒත් කලවා,පියයුරු එලියේ දාගෙන නයිට් පාටි එකයි පාසලයි මාරු උන ඇඳුම් ඇඳගෙන ඉස්කෝලෙට ඇවිත් උසස්පෙල කොල්ලන්ගෙන් සූ පාරවල් කාල ප්‍රින්සිපල්ට පැමිණිලි කරන අම්මලා නම් ඉන්නවා. ගමේ කශිය කාරයා උනත් ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුලට යනකොට සරම කැහැපොටේ කඩල තනි උරේ තිබුන ශර්ට් එක හරියට ඇඳලා පපුව වැහෙන්න බොත්තම් දාලා මහත්මයෙක් වගේ යනවා.ඕකයි වෙනස.

      Delete
  15. අපේ කන්තෝරුවේ එක්තරා කාලෙක ඩ්‍රෙස් කොඩ් එකක් තිබුනෙ නෑ..පස්සෙ ඒකක් ආවා. ඇත්තටම අපේ කන්තෝරුවෙ පාරිභෝගිකයින්ට පෙන්නෙ වැඩකරන්නෙ ඉතාම සුලුතරයයි. නමුත් හැමෝටම ඇදුම් නියමයක් ආවා.. කොටින්ම කොන්ඩ රැවුල් කපලා එන්න ඕනි කියලත් තිබුනා.
    ඊට කලිං ගෑනු කකුල් පේන්න ඇදගෙන ආවා..හිරට ඇදන් ආවා..කොටට ඇදන් ආවා.. පස්සෙ නීතිය දැම්ම නිසා අපිට කකුල් බලන්න තං දාර බලන්න පුකවල් අඹපුවා වගේ හිර ඇදුම් වලින් බලන්න අවස්ථාව නැති වුනා.

    අනික් කාරණය තමයි අපේ ගෑනු ජනතාව ඇදුමක් ඇන්දට බොහෝ අය ඇදුමට නුහුරු ගතියකින් තමයි දවසම ගත කරන්නෙ..සාරිය ඇන්දනං ඇන්ද වෙලාවෙ ඉදලා අතගානවා හදනවා..කොටට ඇන්දනං කොයි වෙලාවෙත් කවුරු හරි බෝක්කුව බලනවද කියලා බලලා හදාගන්න යනවා.. කලිසම ඇන්දම පහත්වෙනකොට පවා යට ජංගිය පෙනෙයි කියලා යාන්තං නැවෙනවා නැත්තං අතින් වහගන්න හදනවා...

    බොහෝ කාන්තාවන් ලංකාවෙදි හැසිරෙන්නෙ ඇදුම් බලෙන්ඇන්දුවා වගේ..

    ReplyDelete
    Replies
    1. හැබැයි එහෙම හදා නොගත්තොත් අපේ උන්දලා කියනවා බලපන්කො අරකිගෙ බඩ පේනවා ඒකිට ගානක්වත් නෑ. බලපන්කො අරකි බෝක්කුව පෙන්නගෙන ඉන්නවා ඔක්කොටම. අරකිගෙ ජංගිය පේනවා. කියන්නෙත් ඕගොල්ලොම නේද?

      Delete
    2. Anonymous 5 April 2016 at 00:20

      Dear Ma'am,

      Take it easy dear. Don't be so serious.

      Anyway, I had to accept it up to some extent.

      Delete
    3. අමිල කියා ඇති කාරණයට අදාල කාලෙකට කලින් මා බ්ලොග් එකක කියවූ කතාවක් මෙන්න.
      http://kathandara.blogspot.com/2009/12/blog-post_06.html

      Delete
  16. premadasa mahattaya gana godak kathandara hadila thibuna.

    ReplyDelete
  17. premadasa mahattaya gana godak kathandara hadila thibuna.

    ReplyDelete
    Replies
    1. premadasa mahattaya???

      මහත්තය නෙමෙයි "දිවංගත ජනපති අතිගරු රණසිංහ ප්‍රේමදාස මැතිතුමා" ලෙස නිවැරදි විය යුතුයි.

      Delete
    2. කා ගැනද කතන්දර නැත්තේ?
      මගේ නම් ජීවිතයම කතන්දර ගොඩක්!

      Delete
  18. “යෝනකයා සහ බිරියන් සිව්දෙනා" ශ්‍රී ලංකාවේ මුස්ලිම් සිරිත්විරිත් ටිකක් කියන පොතේ මේ විස්තරේ තිබුනා. කතෘ මුස්ලිම් කෙනෙක්. කලීඩා‍ශියාගේ මේ සිද්ධිය ඒ පොතේ තිබුනා. ස්ත්‍රියකට තමන්ගේ සැමියා, සහෝදරයා, පුතා හැර වෙන කිසිම කෙනෙක් ස්පර්ශ කරන්න, බෑ කියලා තමයි ඒ පොතේ කියලා තිබුනේ. කලීඩාශියාගේ ක්‍රියාව අගේ කරලා තිබුනා. ඒ වගේ තැන් කඩ කරලා උණු ප්‍රශ්න ගැනත් තිබුනා..

    සාරියට මාත් කැමති නෑ....

    ReplyDelete
    Replies
    1. “යෝනකයා සහ බිරියන් සිව්දෙනා" ශ්‍රී ලංකාවේ මුස්ලිම් සිරිත්විරිත් ටිකක් කියන පොත ලියල තියෙන්නෙ එම්. එස්. එම්. අයුබ් කියල මොකෙක්ද හම්පඩ හම්බ හාල්පාරුවෙක්.

      කොහොම වුණත් රසික මෙතනදි ඉස්ලාම් ජනතාවට සහ ඔවුන්ගේ සංස්කෘතිය අතිශය නිර්දය ලෙස හෙළා දැකීම ඉතාම පිළිකුල් සහගතයි. මේක ඉතාම අහිංසක සුලු සිදුවීමක්. බොහෝ මුස්ලිම් කාන්තාවන් මේක හිංසාවක් ලෙස දකින්නෙ නැහැ. ඔවුන්ගෙන් අති බහුතරයක් මෙම ඉස්ලාම් ආගමික සිරිත් විරිත් සහ ප්‍රතිපත්ති රකින්නේ ඉතාම කැමැත්තෙන්. ඔබට මෙම විකාර කතා කියා ඇත්තේ ඉස්ලාම් නොවන විජාතික කතක්. ඉතින් මෙහි ඇත්තේ ඇගේ නොදැනුවත්කම නොවේද?

      //සාරියට මාත් කැමති නෑ//

      සාරිය කියන්නෙ ලංකාවෙ ඉන්න ළිංමැඩි අමුම අමු ගොබ්බ සිංහල බෞද්ධ ගෝත්‍රික මැටි මෝලුන් තමංගෙ කාන්තාවන් තමන්ට ඉහළින් යතැයි යන අනියත බිය නිසා හදපු උගුලක්. ලංකාවෙ කාන්තාවන්ට තමන් කැමති ඇඳුම් ඇඳීමේ උපරිම නිදහස ලබාදිය යුතු මෙන්ම පිරිමින් ඒ ගැන නීති පැනවීම සහ විවේචනය හෙළා දැකිය යුතුයි.

      Delete
    2. //බොහෝ මුස්ලිම් කාන්තාවන් මේක හිංසාවක් ලෙස දකින්නෙ නැහැ. ඔවුන්ගෙන් අති බහුතරයක් මෙම ඉස්ලාම් ආගමික සිරිත් විරිත් සහ ප්‍රතිපත්ති රකින්නේ ඉතාම කැමැත්තෙන්.//
      පිරිමින් විසින් බලෙන් පටවනු ලැබූ නීති රීති බොහෝමයක් නිසා නිවෙස් තුල අපා දුක් විඳින මුස්ලිම් කාන්තාවන් ගෙ මතය නම් මීට බොහෝ වෙනස්.මහා බියක් නිසා ඔවුන්ට අනුගමනය කරන්න 'සිදුවූ' කාරණා බොහොම කැමැත්තෙන් කරනවා කියන එක සත්‍යය විකෘති කිරීමක්.
      //සාරිය කියන්නෙ ලංකාවෙ ඉන්න ළිංමැඩි අමුම අමු ගොබ්බ සිංහල බෞද්ධ ගෝත්‍රික මැටි මෝලුන් තමංගෙ කාන්තාවන් තමන්ට ඉහළින් යතැයි යන අනියත බිය නිසා හදපු උගුලක්.//
      මේ තියෙන්නෙ නියම ආකල්පෙ.හෙහ් හෙහ්..එයාට හොඳයි.මෙයාට නරකයි.
      කාන්තාවන් නම් සියලුම කාන්තාවන්ට තමා කැමති ඇඳුමක් ඇඳීමේ නිදහසක් තිබිය යුතුයි.
      ඒ නිදහස ලැබුනු විට ඔබ කියනා කැමැත්ත හොඳින් බලාගත හැකියි.

      Delete
    3. @ ano 5.03 එහෙම කියන්න එපා බං.
      M.S.M. Ayub කියන්නේ සිංහලෙන් ලියපු දක්ශ මාධ්‍යවේදියෙක් නේ.ඔහු දැනටත් සිටින ප්‍රවීන මාධ්‍යකරුවෙක්.

      Delete
    4. @Ano 5.03 එහෙම කියන්න එපා බං. එම්.එස්.එම්.අයුබ් කියන්නේ සිංහලෙන් ලියපු දක්ශ මාධ්‍යවේදියෙක්නේ. ඔහු දැනටත් සිටින ප්‍රවීනයෙක්. අපි ඒ බව මතක් කල් යුතුයි.Aru.

      Delete
    5. @ නිර්මාණි

      ඒ පොත දිනක කියවිය යුතුයි!

      මං නං හිතන්නේ මේ වගේ ඓතිහාසික හණමිටි කර පින්නාගෙන තාමත් සිටීම විහිළුවක් කියායි.

      Delete
    6. Anonymous 5 April 2016 at 05:03
      ඇනෝ,

      ඔබ මගේ ලිපිය නිවැරදිව කියවා නෑ.

      මා කියා ඇත්තේ කාන්තාවන්ට පමණක් නොව පිරිමි තමන්ටත් මේ ආකාරයේ තහනම් පනවා ගෙන ඇති බව මා නොදැන සිටි බවයි. මෙතැන ඇති "අතිශය නිර්දය" කතාව මොකක්ද?

      අනෙක "බොහෝ මුස්ලිම් කාන්තාවන් මේක හිංසාවක් ලෙස දකින්නෙ නැහැ. " යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? මා කියා ඇත්තේ පිරිමින් තිදෙනෙකු ගේ හැසිරීම් ගැනයි.

      /* ඔබට මෙම විකාර කතා කියා ඇත්තේ ඉස්ලාම් නොවන විජාතික කතක්. */

      ළමයා, මේ සිදුවීම් තුනම වුනේ සිඩ්නි නගරයේ කාර්යාලයකයි. ඟෙහි එන සියලු දෙනාම ලංකාවට සාපේක්‍ෂව විජාතික තමයි. ඔබ විජාතික යන්නෙන් අදහසක් කළේ අන්‍යාගමික යන්නද?

      Delete
  19. මමනම් අතට අත නොදී ඉන්නවට කැමැතියි. අතට අත දෙන්න ගිහිල්ලා මං එම්බැරසිං වෙච්ච අවස්ථාවල් කීපයක් මට තියනවා. එහෙම වෙන්නෙ අනිත් පුද්ගලයා අත නොපෑම නිසා නෙවෙයි. මං අත් දෙකේ මජං ගාගෙන ඉන්න වෙලාවටත් සමහර අය මුණගැහිලා මට අතට අත දෙන්න උත්සාහ කරපු නිසා. මගේ අත් දෙක බොහෝ වෙලාවට පිරිසිදු නැහැ තව කෙනෙකුගෙ අත අල්ලන්න තරම්. ඒත් සමහර අය හිතන්නෙ මං වගේ සිරා ජොබ් කරන අය හැම වෙලාවෙම අත් දෙක පිරිසිදුව තියාගෙන ඉන්නව ඇති කියල.

    ReplyDelete
    Replies
    1. මං මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ සිටි කාලයේ දවසක් බත් කමින් සිටින විට යමෙකු මට අතට අත දෙන්න ආවා. මං අත පිරිසිදු නෑ කියා එය ප්‍රතික්‍ෂේප කර, අත සෝදා පසුව අතට අත දුන්නා.

      Delete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. වෙලාවකට සාරි නැතුවාමත් සාංකාවයි වගේ . . . හරිහමං විදියකට බුරියක්වත් බලාගන්න බෑනෙව

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.