මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Thursday, 21 July 2016
ඊයා හලෝ කුණුහබ්බත් කියනවා ද? - Me is a good boy!
මම කුණුහරුප ලෙස සැලකෙන සිංහල වචන සියල්ල ම පාහේ දනිමි. සියල්ල ම දනිමි යැයි නොකියා සියල්ලම පාහේ දනිමි යැයි සීමාවක් යෙදුවේ මා නොදන්නා කුණුහරුප ද පසුගිය කාලයේ ලංකාවේ අලුතෙන් බිහි වී තියෙන්නට ඉඩ ඇති නිසා ය.
අප සියලු දෙනා මෙන් මා ද, මා දන්නා ඒ කුණුහරුප වචන ඉගෙන ගත්තේ ද අද ඊයේ වැඩිහිටියෙකු සේ නොව පාසල් යන කුඩා ළමයෙකු කාලයේ දී ම ය.
නමුත්, අප ඒ කුණුහරුප ඉගෙන ගත්තේ, අපේ දෙමව්පියන්ගෙන් හෝ ගුරුවරුන්ගෙන් හෝ කිසියම් විධිමත් ක්‍රමයකට අනෙකුත් විෂයානුබද්ධ දේ ඉගෙන ගන්නා ආකාරයට නොව, ඉතා අවධිමත් ලෙස අප විසූ සමාජයෙනි. බොහෝ විට ඒ සම වයසේ මිතුරන්ගෙනි. එසේ ම නැති වුණත්, වෙනත් අය ඒ වචන කියනු ශ්‍රවණය කිරීමෙන් පසුව ය.
මගේ පියා හෝ මව හෝ කුණුහරුපයක් පවසනු මා කිසි දිනක අසා නැත.
එනිසා සහ ඇත්තට ම එනිසා ම, මම ද මේ දක්වා කිසිම පුද්ගලයෙකු ගේ මුහුණට කුණුහරුපයක් කියා බැණ වැදී හෝ විහිළුවකට හෝ කුණුහරුපයක් භාවිතා කර නැත්තෙමි. සමහර විට ඉතා කලාතුරකින්, ඉතා කලාතුරකින් අතිශය ලෙස කෝපයක් සිතට නැගි අවස්ථාවක මගේ සිත යටින් කුණුහරුපයක් කියවී නැත්තේ නොවෙතත්්, එය කිසි දිනක මගේ මුවෙන් ශබ්දයක් වී පිට වී නැත.
ඇත්තටම, එය එසේ වන්නේ කෙසේ ද, එනම් මට කුණුහරුප කියවෙන්නේ නැත්තේ ඇයි ද යන්න ගැන මට ද ඇත්තේ තරමක විමතියකි.
මෙහිදී මගේ සිහියට එන්නේ වයස දහනමයේ දී මා පේරාදෙණියේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණායින් පසු එහිදී මුණ ගැසුණු එක් මිතුරෙකි. ඔහු ගේ දිව අග නිරතුරු තිබුණේ කුණුහරුප ම ය. ඉතා කුඩා දෙයකින් පවා කෝපයට පත්වෙන ඔහු, ඒ සැම විට ම කුණුහරුපයක් ඇද බායි.
එය මා විශ්වවිද්‍යාලයේ දී ලැබූ සුවිශේෂී අත්දැකීමක් ම විය.
මා වටහා ගත් ආකාරයට, එතැන සිදුවී තිබුණේ අර සොර මුලක් ලැගුම් ගෙන සිටි ගල්ගුහාවේ හැඳුණු ගිරවා ගේ කතාවේ පුනරුත්පත්තියකි. මගේ මිතුරා, පාසලේ අවසන් වසර පහ හයක් ගතකර ඇත්තේ නිවසෙන් දුර පළාතක පිහිටි පාසලක නේවාසිකව ය. ඔහු වචනයක් වැරදෙන විට, සුළු කෝපයකට පවා, කුණුහරුප කතා කරන්නට, බනින්නට හුරු වී ඇත්තේ ඒ වාතාවරණය නිසා ය.
දෛවයේ සරදමකට මෙන් උසස් පෙළ විභාගය සහ විශ්වවිද්‍යාලය අතර කාලය මගේ මිතුරා ගත කර ඇත්තේ, පන්සලක පිරිවෙනක ගණිත ගුරුවරයෙකු ලෙසින්, ඒ පන්සලේ ම නවාතැන් ගෙන ය. නමුත්, අර හොර නඩය සෙවණේ හැදුණු ගිරවා සේ උගත් කුණුහරුප මාලාව පන්සල් පිරිවෙන් සෙවණේ දී ඔහුගෙන් ගිලිහී නොතිබුණි!
අප අතර අදත් පවතින දැඩි මිතුරුකම කෙසේ වෙතත්, මගේ මිතුරාගෙන් මට හෝ වෙනත් කිසිවෙකුට හෝ ඒ කුණුහරුප කියන ලෙඩේ නම් ප්‍රේරණය නොවුණි.
මා මේ සටහන ලිව්වේ, මා හොඳ ළමයෙකු බව කියන්නට නම් නොවේ.
එය අමුතුවෙන් කිව යුත්තක් ද නොවේ.
මා මෙය ලිව්වේ, නරක පුරුද්දක් මුල් කාලයේ දී ම බෝ නොවුණොත්, පසුව එය වැළඳීමට ඇති ඉඩකඩ අඩු බව කියන්නටයි.
-රසිකොලොජිස්ට්
ප/ලි:
කලාව, කුණුහරුප සහ සිංහල සමාජය යන මැයෙන් ප්‍රවීන නාට්‍යවේදී සහ රචක ධනංජය කරුණාරත්න විසින් පවත්වන ප්‍රසිද්ධ දේශනය් සහ සාකච්ඡාව ජූලි 31 ඉරිදා සවස 300 ට සිනුවර තදාසන්නයේ පෙමුල්වේ හි දී පැවැත්චේ.
මෙහෙයවීම ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසිනි.
සැමට ආරාධනා!
(image: http://www.greenberg-art.com/.Toons/.Toons,%20political/Obscenity.html)
Subscribe to:
Post Comments (Atom)
වැලිකඩ ඉන්න අපේ චූටි මාමි (අප්පච්චිගෙ බාලම මල්ලි) නම් හැමදාම කිව්වේ කුණුහරුප කීම හොඳ නැති බවයි.
ReplyDeleteA.C.D.C. රොකට් උක්කුන්
ඒ මද්දුම මාමී නේද, ඒත් වැලිකඩ නොවෙයි ඉන්නේ මහ ඉස්පිරිතාලේ!
Deleteඅප්පච්චිගෙ මල්ලිට මාමා කියන එකමත් කුණුහරපයක් නේද? අප්පච්චිගෙ මල්ලිලා බාප්පලා ය. (උදාහරණයක් ගෝඨා)
Deleteඉන්ග්‍රීසියෙන් හිතන කෙනෙකු නෑදෑ කම් වටහා ගන්නේ සින්හලෙන් හිතන කෙනෙකුට වඩා වෙනස් විදියට ය.
Deleteඑවිට පියාගේ හෝ මව ගේ සොහොයුරන් ලා uncle ය.
එවැනි ඉන්ග්‍රීසියෙන් හිතන අයෙකු සින්හලෙන් පිලිතුරු දෙන විට Uncle යන වචනය පරිවර්තනය වන්නේ මාමා ලෙස ය.
මාතර පළාතේ ඇයෝ බාප්පාට කියන්නේ පුංචි තාත්තා කියායි!
Deleteහපොයි ගෙදරට එනකොට අහිංසක වෙලා ඉස්කෝලේදි අපි කියපු කුනුහරුප.. ටොන් ගනන්.. හැක්
ReplyDeleteඑන්ඩ වෙන්නැ.. මං නිවාඩු මේ දවස් වල
මං කුණුහරුප විතරක් නොවෙයි කතාත් දන්නවා. හැබැයි බොහෝ කුණුහරුප කතාවල ඇත්තම කුණුහරුප වචන නෑ නේද?
Deleteකුනුහරුප සහ අසභ්‍ය වචන කියන්නෙ එකම දේ නෙවෙයි නේද? ඕනැ කුනුහරුපයක් සභ්‍ය වචන වලින් කියන්න පුළුවනි.
Deleteකුනුහරුප ගැන මට මතක් වෙන හොඳම කතාව තමයි (මං දවසක් කියල ඇති) අර මහැදුරුතුමෙක් සහ ජෙප්පෙක් අතර සාකච්ඡාව.
මටත් ඔය කුනුහරුප “කියවෙන“ පුරුද්ද නම් නෑ. අවශ්‍යම වෙලාවට හිතල මතල ඕනැකමින් කුනුහරුපයක් කිව්වොත් ඇරෙන්න තරහ ගිය වෙලාවකටවත් කුනුහරුප කියවෙන්නෙනම් නෑ. මටත් හිතෙන්නෙ “පරිසරය“ තමයි හේතුව.
කුණුහරුප කතන්දර හොඳ වචනයෙන් ව්‍යංගේරන් කිව හැකියි. නමුත් මෙතන කුණුහරුප කියන්නේ නරක වචන කියන අදහසෙනුයි!
Deleteමමනම් කාටවත් තරහට කුනුහරුප පාවිච්චි කරන්නෙ නෑ.
ReplyDeleteඒ උනත් මගේ දිව අග තියෙන්නේම කුනුහරුපමයි.
කාලෙකින් යාලුවෙක් හම්බ උනොත් අම්මට හු.. කැ.. කොහෙද ගිහින් හිටියෙ කියලයි අහන්නෙ.
එහෙම කතා කරන එකෙක් යාළුවෙකුට කෝල් එකක් දීලා. යාළුවා කාර් එකේ යන ගමං, ස්පීකර් එක දාගෙන තමයි කෝල් එකට ආන්ස්වර් කරලා තියෙන්නේ!
Deleteසමහර යාළුවො කතා කරනකොට මං ඉක්මණටම පාළු තැනකට දුවගෙන යනවා. ස්පීකර් නොදැම්මත් සමහර වෙලාවට ෆෝන් එකෙන් ඇහෙන සද්දෙ තව කෙනෙකුට ඇහෙන්න පුළුවනි.
Deleteඊලඟ පාර ආවහම කොලඹ හා අවට ත්‍රීවීලර් අස්සෙ වාහනයක් පදවල බලන්න දැන් එෆ් වචනය කටට එන්නෙ නැද්ද කියල
ReplyDeleteඒ වෙලාවට කුණුහරුප කියවෙන්නේ නැත්නම් ලෙඩක්
Deleteමට නං කියවෙන්නේ මොන මගුලක් ද මන්දා කියලයි!
Deleteඑහෙම හිතලා වචන කීපයක් කියවෙන ඒවා නෙමෙයි.
Deleteහදිස්සියෙන් පැත්තට කපන්න වෙනකොට, බ්‍රේක් ගහන්න වෙනකොට කටින් පනින්නෙ නැද්ද ෆ.. කියල?
මං sh-t වෙනුවට shoot කියන්න පුරුදුවුනා. ඒත් f... පනිනවා :-D
Deleteඅපිට නං ඉතිං සිංහලේ උරුව නෙව.. හුකා තමා.. හැක්
Deleteඒක කියවෙන්නෙ කලාතුරකින් ලැච්චරර්තුමා
Deleteසිංහල ඌරගෙ විදිහට මට කියවෙන්නෙ "මොන හු.....ද" තමයි :-D
මායි අටමයි ට්‍රැෆික් එකේ කොළඹ ගියා නෙවැ දෙතුන් පාරක් :D
Deleteසමහර අය වාහන එළවද්දි පාවිච්චි කරන්නෙ සත්තුන්ගෙ නම්. ඒක කුනුහරප කියනව වගේ භයානක නෑ.
Deleteත්රීවිල් කාරයෝ ලේන් දෙකක් මැදින් , එහෙම නැත්නම් වම් පැත්තෙන් රිංගනකොට මගේ කටට එන්නේ අම්මගේ ... අස්සෙද ඕයි රිංගන්නේ කියල ඒත් ඒක කටින් පිටවෙන්නේ නෑ
Delete@ පත්‍ර බදර්
Deleteඉතිං ඉතිං... උඹ මොනා හරි ඉගෙන ගත්තද උගේ සද්ද කෝසෙන්. හැක්.. හැක්
@ ට්‍රැ
Deleteසම..නළය වගේ සත්තුද...??
දේශ දැක්ක කල් :D
Deleteආයිත් මොනවද මං හිතුවෙ රැප් කරනව කියල..කාසල් එක ළඟදි එහෙම කීවනං ඩිලිවරි එක ළඟ අයට සුරුස් ගාල බබා හම්බෙනවා.හැක හැක
මං හිතුවෙ ඒ රැප් එක ඇහුවාම බබා හම්බවෙන ක්‍රියා පටිපාටියට මුල පිරෙයි කියල
Deleteදවසේ කතාව ලොක්කා :D :D
Deleteපත්‍රේ, උඹල පිටිපස්සෙන් 1210 එකක් ආවෙ නැද්ද , කුණුහබ්බ එකතු කරගෙන යන්න ?
Deleteමට ෂික් හෝ චික් හෝ කියවුණොත් මගේ දරුවන් හිතන්නේ shit යැයි කීවාය කියලායි.
Deleteඇයි අර අවවාදය ඉංග්‍රීසියෙන් දාලා තියෙන්නෙ?
ReplyDelete\\මගේ පියා හෝ මව හෝ කුණුහරුපයක් පවසනු මා කිසි දිනක අසා නැත.\\ මම හිතන්නෙ ඒ ආදර්ශය තමයි රසිකට බලපාන්න ඇත්තෙ. මමත් ඒ වැකිය හොඳට හිතට ගත්තා.
ඒ වගේ දේවල් දාන්නේ පොඩි අකුරෙන් තමයි. සිංහලෙන් නොලිව්වේ නම් විශේෂ හේතුවක් ඇතුව නොවෙයි, ලේසියට!
Deleteඅනේ මෙහෙමත් බොරු කාරයෙක් ?
ReplyDeleteජීවිතේට කුනුහරුපයක් කියලා නැහැ !
අඩුගානේ ඔසී වල කියන F -- එකවත් ? චේතිය රජ්ජුරුවන්ගේ
උපත ආයෙමත් සිදුවෙලා !
ඒක වෙන්නැති, අර කුණු හරුප ඉගෙනගන්න
පන්තියක් දාන්න හදන්නේ ? අනේ මං හොඳ ළමයෙක් !
කකා ගේ ගොං කතා !
Fair dinkum, mate!
Delete/* එනිසා සහ ඇත්තට ම එනිසා ම, මම ද මේ දක්වා කිසිම පුද්ගලයෙකු ගේ මුහුණට කුණුහරුපයක් කියා බැණ වැදී හෝ විහිළුවකට හෝ කුණුහරුපයක් භාවිතා කර නැත්තෙමි. සමහර විට ඉතා කලාතුරකින්, ඉතා කලාතුරකින් අතිශය ලෙස කෝපයක් සිතට නැගි අවස්ථාවක මගේ සිත යටින් කුණුහරුපයක් කියවී නැත්තේ නොවෙතත්්, එය කිසි දිනක මගේ මුවෙන් ශබ්දයක් වී පිට වී නැත. */
අද දිප්පිටිය අංකල් නිවාඩුද?
ReplyDeleteඇසල පෝයට සිල් අරං ඇති සතියක්ම, තරුණ බෞද්ධ සංගමයේ ලේකම් නේ!
Deleteඅපේ අම්මලා තාත්තලාත් කවදාවත් කුණුහරුපයක් කියලා නැහැ. අපේ අල්ලපු ගෙදර කොල්ලට මොකක් හරි සිද්ධියකට දවසක් පිට එකෙක් ඇවිත් බැනලා. ඌ ඒ වෙලාවේ ගෙදර ඉඳලා නැහැ. අම්මා මට විස්තරේ කිව්වෙ “එය තැරියා අහු වුණාවෙකො මට" කිය කියා බැන්නයි කියලා. ඇය පාවිච්චි කළේ තයන්න. පොල්ගෙඩියෙ නටුවත් එක්ක තියෙන මල වගේ කෑල්ලට නේ තැරිය කියන්නේ. ඇය හිතන්න ඇත්තෙ වචනය එ්කයි කියලායි.
ReplyDeleteඒකට අපි. තුනේ පංතියෙදිත් ඕව අහලා තිබුණා.
ඒකට මෙන්න මෙයාගෙ මාතෘකා. 'කිරිඇල්ලගේ වටඇල්ල 'http://www.w3lanka.com/2016/07/blog-post_21.html
Deleteනිවසෙන් පිට දී තමයි වැඩි දෙනෙක් කුණුහරුප ඉගෙන ගන්නේ!
Deleteදේශනයේදී හොඳ කුණුහරුප ටිකක් අහගන්න ඇහැක් වේවි.
ReplyDeleteඒ දේශනයේ අරමුණ කුණුහරුප ඉගැන්වීම නොවෙයි. කලාව සහ කුණුහරුප වෙන් කර හඳුණා ගැනීමයි.
Deleteඒ කියන්නේ රා- සික හොඳ ගිරවෙක්... අපිනං නරක ගිරවු... පරන යාලුවෙක් මුන ගැහුනම අහන්නෙත් අම්මටහුඩු හු&තෝ තෝව දැක්ක කල් කියල හිටං...
ReplyDeleteඅපි ඉස්කෝලෙ යන කාලෙ හිටිය ඔය වගෙ සිරිමත් මගෙ සකි කෙනෙක්. අපි එයාට ආදරේට කිවුවෙ සිරිමල් කියල. එයාත් කියන්නෙ ඕයා මෙයා අරයා වගේ ඒවා. එයා උඹකියලවත් කිවුවෙනෑ. එයා මොරටුවෙන් පිට වෙච්ච අලුත දවසක් මුන ගැහුන. මම පුරුද්දට ඇහුව ඔයා දැන් මොනාද කොරන්නෙ කියල. එයාගෙ උත්තරේ උනෙ අඩෝ තෝ සමනලයෙක් ද කියල. ඕං වැඩේ . එයා නරක ගිරවෙක් වෙලා මොරටුවෙ සොර මුලට වැටිල හිටං....
Deleteසමහරවිට නැති පොරත්වයක් ආරූඪ කර ගන්න කුණුහරුප කියන්න පටන් ගන්න ඇති. සමහරු සිගරැට් බොන්නේ පොර වෙන්න ඒ වගේ!
Deleteඉතින් රසික ඒකට කුහුහරුප ගැනම ලියන්න ඕනෙද.. බලන්නකො කරුණාවන්ත කෙනෙකුයි නපුරු කෙනෙකුයි අරන්.. අසාධාරණයට ලක් උනත් අන් අයට හොඳින් සලකන කෙනෙකුයි, අසාධාරණයට ලක් නොවුන නමුත් අන් අයට නොසලකන කෙනෙකුයි අරන් සසඳන්න තිබ්බනෙ..
ReplyDeleteජිවිතේට දාන දිලා ඒ ගැන අවබෝධයක් නැති මුස්ලිම් අය මං දැකලා තියනවා සිංහල බෞද්ධ අපිට වඩා දානෙකදි උදව් කරන...ඒ වගේම සිංහල මළ ගෙදරක වැඩ සිංහල අයට වඩා හොඳින් කර ගන්න උදව් වෙන මුස්ලිම් අය මං දැකලා තියනවා.
හැමෝටම සලකගෙන පාඩුවෙ ඉන්න දෙමාපියන්ගේ සමහර ළමයි කිසි කෙනෙකුට උදව් කරන්නෙ නැ.. දෙමාපියන් නොකලත් තමන්ට පුලුවන් උදව් පාඩු විඳගෙන කරන අයත් ඉන්නව..
එකම හොස්පිටල් එකේ වැඩ කරන ඩොක්ටර්ස් ලා හරි නර්ස්ලා හරි දෙන්නෙක් අරන් බලන්නකො..
තව ඔනේ තරන් උදාහරන සමාජෙන් ගන්න පුලුවන් කම තියෙද්දි මට පුදුමයි රසිකට කුනුහරුප ඇරුනම වෙන උදාහරන සමාජෙන් නොපෙනුන එක..එක්කො රසිකට කුනුහරුප තරන් අනිත් සමාජ අත්දැකිම් ලඟින් දැනෙන්නේ නැතුව ඇති කියල මට හිතෙනව...
ඒ වගේම රසික අහලා තියනවද Flexible Mind & Fixed Mind ගැන. සමහර අයට ඉක්මනින් නම්‍යශීලි වෙන මොළයක් හිමි වන අතර සමහර අයට ඒ තරම් ඉක්මනින් හැඩ නොගැසෙන අන් අයගෙන් දේවල් උකහා නොගන්නා මොළයක් හිමි වෙනවා තමාගේ මතය ඇරුනම.. දෙකේම හොඳ වගේම නරකත් තියනවා. රසික කියන මේ අන් අය කුනුහරුප කිව්වට ඔබ එයට හුරු නොවීම හොඳ ලකුනක්.. ඒ වගේ හැම කෙනාගෙන්ම හොඳ දේ ගන්න පුලුවන් නම් කොයි තරන් හොඳයි ද නරක දේ අයින් කරන ගමන්. ඔබ කියන අනිත් කෙනාට හිමි මොළය ඉක්මනින් අන් අයව අනුකරණය කරන මොළයක් විය හැකියි.
රසික මම ඔබත් එක්ක මේ තරන් විවෘතව කතා කරන්නේ ඔබ ඔබේ අදහස් වලට වගේම වෙනස් අදහස් වලටත් ඉඩක් දෙන කෙනෙක් බව මම දකින නිසයි..
//තව ඔනේ තරන් උදාහරන සමාජෙන් ගන්න පුලුවන් කම තියෙද්දි මට පුදුමයි රසිකට කුනුහරුප ඇරුනම වෙන උදාහරන සමාජෙන් නොපෙනුන එක//
Deleteමේ රචනාවේ මාතෘකාව “කුනුහබ්බ“ මිසක් “අන් අයගේ ගතිගුණ පුරුදු වීම“ නෙවෙයි.
////මා මෙය ලිව්වේ, නරක පුරුද්දක් මුල් කාලයේ දී ම බෝ නොවුණොත්, පසුව එය වැළඳීමට ඇති ඉඩකඩ අඩු බව කියන්නටයි.////
Delete@ නිම්නයක තනි වී හීන දකින්නී
Deleteඔබේ ප්‍රතිචාරයට ඉතා ස්තුතියි. මා මෙවැනි අදහස් දැක්වීම්වලට ඉතා කැමතියි. නමුත් මට ඇති ලොකුම ප්‍රශ්නය නම් ප්‍රති පිළිතුරු ලියන්නට කාලය ඉතා අඩු වීමයි. මේ ලියන්නේත් මැදියමත් පසුවී පෙරවරු දෙකටයි!
මේ ලිපිය ඇත්තටම මා කලින් ලියාගෙන ආ දරුවන් සමග කතා කිරීම හා සම්බන්ධ එකක්. භාෂාවේ වෙනත් දේ නිවසෙන් උගත්ත ද කුණුහරුප වැනි දේ අපට ලැබෙන්නේ බොහෝ විට අවට පරිසරයෙන් බවයි මට කියන්නට ඕනෑ වුනේ.
මෙහි ඊළඟ කොටස හෙට උදයේ පළ කරනවා.
ඒ සමගම මේ මාසයේ අවසාන ඉරිදා සහව පැවැත්වෙන අපේ ලේඛක සංසදයේ දේශනය ගැන කියන්නත් අවශ්‍ය වුණා.
වෙලාවක් තියේ නම් එන්න.
එදාට නොපැමිණියත්, අපේ ලේඛක සංසදයේ සහ සිංහල සංස්කෘතික හමුවේ වැඩවලට සහභාගී වෙන්න.
බොහෝම ස්තුතියි ඇගයිමටයි ආරාධනාවටයි දෙකමට රසික.. ඇත්තටම ලැබෙන ආරාධනා වලට සහභාගී වෙන්න වෙලාව හොයා ගන්න එක ප්‍රශ්නයක්. ඒත් ඉදිරියේදි හිතාගෙන ඉන්නවා පුලුවන් විදිහට වෙලාව හදාගෙන සහභාගි වෙන්න පුලුවන් දේවල් වලට.
Deleteකුනුහරප යනු භාෂාවක යෙදුම් වේ. මා දුටු ආකාරයට අරාබි , රුසියන් , පෝලන්ත , රුමේනියා, යනාදී ජාතීන් සියලුදෙනාම කුනුහරප භාවිතා කරති.
ReplyDeleteඕස්ට්‍රේලියාවේ සමහරු කටේ තොලේ නොගැවී එෆ්-පදය කියනවා හරිඟ ලස්සනට!
Deleteසිංහලෙන් කුණ්‍රරුප නොකියවෙන හොඳ බබාලට වෙනත් භාෂා වලින් කුණුහරුප කියවෙන්නේ ඇයි?
ReplyDeleteමට ඉංග්‍රිසි කුණු හරුප කැලි දෙක තුණක් අවුලක් නැතුව කිය තෑකි, එ් කාලේ පදමට කුණු හරුප එකතුකරලයි රුසියන් කතා කරේ, එත් කවදාවත්ම සිංහලෙන් කුණුහරුපයක් කියා ගන්න බෑ.
එයට හේතුව තමයි, ඒ ඉංග්ලිෂ් පද මූවීස්වලින් ඇසී හිතට කා වැදීම.
Deleteසිංහල කුණුහරුප පොඩි කාලයේ සිට දැන ගත්තාට දෙමව්පිය වැඩිහිටි ගුරුවර අවවාද සහ ඔවුන් ඒවා පාවිච්චි නොකළ පරිසරයක ජීවත් වීම නිසා කියවෙන්නේ නෑ.
ඉංග්ලිෂ් කුණුහරුපවලට කවුරුත් සිංහල අපට එහෙම තහංචි දැම්මේ නෑ. අනික තවත් වචනයක් හෝ ප්‍රකාශයක් මිස හිතට දැනෙන දෙයක් නොවෙන්නට ඇති!
මගේ යාලුවෙක් ඔස්ට්‍රේලියාවේදී කුණුහරපයක් කියලා මළා
ReplyDeleteඑක බොරු කතාවක්. ඇත්ත සිද්ධිය කුණුහරපෙ කියාගන්න බැරිව උගුරෙ හිරවෙලා. එහෙමයි මරණ පරීක්ෂණ වාර්තාවේ තියෙන්නේ.
Deleteසිරා,
ReplyDeleteඉරිදා හවස තුනට ගිහිල්ලා හොඳ කුණුහරප ටිකක් අහගන්න වෙයිද? එහෙම නැත්නම් ඕගන්යිසර්ලට කුණුහබ්බ ටිකක් කියල එන්න වෙයිද දන්නේ නෑ
(මේ f... කියල ලියන්නේ ඉංග්‍රීසියෙන් fcuk වගේ වචනේද? එක සිරා මේ සුද්දෝ ජොලියට කරන වැඩක්නේ, කුණුහබ්බයක් නෙවේ මගේ හිතේ)
හීන දකින්නී කියනවා වගේ සිරා (රසික) එක්ක ඕන දෙයක් කතා කරන්න පුළුවන්. ඒකම ලොකු දෙයක්.
have a ගුඩායි මෙට්!
Hi, Howzitgowin?
Deleteජූලි 31 ඉරිදා තියෙන්නේ ශාස්ත්‍රීය සංවාදයක්.
FCUK කියන්නේ නිමි ඇඳුම් / මෝස්තර ව්‍යාපාරයක් නේද?
https://en.wikipedia.org/wiki/French_Connection_(clothing)
?
This comment has been removed by the author.
Deleteසිරා ,
Deletegoing good man. thanks for asking.
this is the second season of the year (we have only two seasons. 1-snowmobile season, 2-non snowmobile season. LOL)
ඒ නමින් ඇඳුම් වියාපාරයකුත් තියෙනවා. නමුත් එක මූලිකවම පාවිච්චි කරන්නේ slang එකක් විදියට 'අර' ක්‍රියා පදය වෙනුවෙන්. එතකොට සමහර ඉන්ටනෙට් ෆිල්ටර් වලින් බේරෙන්න පුළුවනි.
@*$*&^$&!%$@%$ !!!!
ReplyDeleteඔන්න දැන් කුණුහරුප!
හැක, හැක!
Deleteඅපේ අම්මයි තාත්තයිත් කිසිම දවසක මට ඇහෙන්න කුනුහබ්බයක් කියල නෑ.. මං මේ දැන් කල්පනා කරන්නේ මං උන්දලගේ දරුවෙක් නෙවෙයිද කියල.. මම වචන දහයක් කියුවොත් අට හමාරක් විතර කුනුහබ්බ. අටම විතරයි ඊට වැඩිය ලකුනු ගන්නේ. ඌ දහයෙන් නවයක් ගන්නව කටේ තොලේ නොගෑවී .. හැක්
ReplyDeleteචික් විතරක්. කියන හැටි.
Deleteනරක ආශ්‍රය. මතකනේ කැප්ටන් හැඩොක්!
Deleteදුක් ගීයක් කියල කුණුහරපෙට නෙ එන්නෙ...
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්..
ජයවේවා..!!
දැන් කාලේ පිරිමි විරහ ගී ඇහුණාම නම් කුණුහරුඵ මතක් වෙනවා කියා හුඟ දෙනෙකු කියනවා!
Deletehttp://rasikalogy.blogspot.com/2016/07/my-day-has-come.html
ReplyDeleteවැඩ් අවුල් වෙලා මේ පබිලිස් උනාද නැත්නං අපි නොදන්න චැස් ගේමක්ද රසික මේ පෝස්ට් එක?
දිනේ සතියෙන් සතිය කල් දමමිනුයි හිටියේ. සතියක් නිවාඩු ගිය නිසා අමතක වුණා!
Deleteරසික මැරුණු දවසට පබිලිස් වෙන්න දාපු එකේ දිනය වෙනස් කරන්න අමතකවෙලා. දැන් රිඩිරෙක්ට් වෙන්න දාලා. ඒක අයින් කරන්න කලින් මළොත් අර ලිපිය බලන්න වෙන්නෙ නෑ.
ReplyDeleteවෙන ටයිටලයකින් ඔටෝ පබ්ලිෂ් වෙන්න දාන්න ඕනෑ!
Deleteසිරා,
ReplyDeleteඕකට යන්න පුළුවන් උනොත් බෑ නොකියා පොඩි උදව්වක් කරන්නකෝ.
සිනුවර ඉන්න කවි සිත් තියෙන මාත්තුරු අලුතින් කුනුහරුප එහෙමත් හදනවා ඇතිනේ.
ඔය අලුත් කුණුහබ්බ එහෙම එලි දැක්කුවොත් එහෙම, හොඳ මහත්තය වගේ අපිටත් දැනගන්න දාන්නකෝ.
ඔන්න තැන්කිව් කිව්වා කලින්ම.
ගුඩායි මේට්!
අපේ දේශනයේ මාත්‍යකාව කුණුහරුප, කලාව සහ සිංහල සමාජය යන්නයි.
Deleteවිහිළුවට ස්තුතියි. හරිම හිනා!
නිවසේදී හැරෙන්න අනිත් හැම තැනම f****වදන භාවිතා කරමි . එය කුනුහරපයක්ද රසික මහතාණනි ? ඒ හැර වෙනත් කුණුහරප තිබේද?
ReplyDeleteමෙහේ පරම්පරාවාසී වැසියෝ බොහෝ දෙනෙකු ගේ කටේ තොලෝ නොගැවී එෆ් පදය පිටවෙනවා. විශේෂයෙන්ම පිටපලාත්වල කාර්යාලවලදී පවා මට ඇසී තියෙනවා.
Deleteරුසියාවට ගිය සිංහල සිසුන් විශ්වවිද්‍යාලයේ විවිධ ප්‍රසංගයක දී ධීවර නැටුවක් කරමින් හොයියා හෝයියා ගීතය කියූ සිද්ධිය ගැන අසා ඇති නේද?
අහලා නැහැ වගේ. මතකයක් නැහැ. ලිව්වා නම්. මම දන්නා විධිහට හොයියා කියන්න ගියොත් ඉතින් සෙට් තමයි. වැඩි පුරම ගැහැණු ළමයි. හේ හේ හැබැයි ඕව ඉතින් පාර්ලිමේන්තුවේත් කියන එකේ කුනුහපරම නොවේ නේ.
Deleteදී නේ හුයියා නේ ෂ්නායු, තවාරිෂ්.
Deleteමම නම් අහලා තියෙන්නෙ රුසියාවේ 'විසිදැල' ද මොකක්ද කියන නාට්‍යය පෙන්වන්න ගිහින් එහෙම උනා කියලා. මම දැක්කා පත්තරයක තියෙනවා ඒ කාලෙ අපේ රාජ්‍ය නායිකාව වෙච්චි සිරිමාවෝ රුසියාවෙ ගිය වෙලේක එයාටත් ආරාධනා කරල තිබ්බලු ඒක බලන්න. කට්ටිය හූ තියද්දි ළඟ ඉන්න කට්ටියගෙන් ඇහුවලු ඇයි කියලා.
Deleteවිසිදැල නොවෙයි එහෙනම් චිත්‍රසේන ගේ කරදිය ඔපෙරාව විය යුතුයි.
Deleteමම නම් සිංහල කුණු හරුප ඉගෙන ගත්තේ විශ්ව විද්‍යාලයේ නමුත් ඉග්රීසි කුණු හරුප හැමෝම ඉදිරිපිට කිසිම ගණනක් නැතිව කියන්නට පුරුදු වුනේ ඔස්ට්‍රෙලියාවෙදී ...
ReplyDeleteලයිව් රේඩියෝවල ඩිලේ එකක් සහ බීප්, බීප් ස්විච් එකක් තියෙන්නේ ඒ නිසා විය යුතුයි.
Deleteසයිබර් අවකාශයට පුක යනු කුණුහරපයක් නොවේ ය යන්න හදුන්වාදුන් පෙර ගමන්කරු ඔබ ය. එසේම පෝස්ටුවේ තර්කයේ ද කිසි වරදක් නැත.
ReplyDeleteස්තුතියි මිත්‍රයා!
Delete