ඊයේ දිනයට යෙදුණු, මගේ ජීවිතයේ වැදගත්ම සංවත්සරයක් මට අමතක වී ගියේ ය.
ඒ සංවත්සරය වැදගත් එකකැයි මා කියන්නේ, අවාසනවන්ත ආකාරයට අමතක වී ගියේ ජීවිතයේ එක් වැදගත් සන්ධිස්ථානයක දසවෙනි සංවත්සරය නිසායි.
මේ අමතක වීම සිදු වුණේත්, අමතක වුණු බව සිහි වුණේත්, පුදුම සහගත ආකාරයටය. මීට සති දෙකකට පමණ පෙර මට මේ සංවත්සර දිනය ද, එය දසවෙනි සංවත්සරය බව ද, එනිසා ම එහි ඇති වැදගත්කම ද සිහි වී මා ප්‍රිය බිරිඳ සමග ද ඒ බව පැවසූවෙමි. ෆෙස්බුකියේ සහ රසිකොලොජියේ ඒ ගැන යම් සටහනක් තැබිය යුතුයි කියා ද මම එවෙලේ සිතා ගත්තෙමි.
නමුත්, වෙනත් කාරණා සඳහා කාලය ගත වෙද්දී සහ පැය දින වී, දින සති වී ඉගිල යද්දී මට එය සහමුලින් ම අමතක විය.
ඊයේ රාත්‍රියේ නින්දට ගොස් සිටි මා හදිසියේ ම අවදි වී ඇද අසල තබා ඇති මේස කෑල්ල මත තිබුණු මගේ ජංගම දුරකථනය දෙස බැලු විට දුටුවේ වේලාව දෙක පසු වී විනාඩි තිහක් පමණ බව ය. දිනය ජූලි හත්වෙනිදා සිට ජූලි අට වෙනිදා දක්වා වෙනස් වී තිබුණි.
ඒ ක්‍ෂණයකින් ජූලි හත්වෙනිදාට යෙදී තිබුණු මගේ ජීවිතයේ ඒ වැදගත්ම සංවත්සරය සැමරීම මට අතපසු වුණු බව වැටහී මට මද දුකක් ද ඇතිවුණි.
ඒ සමගම, ඒ මද දුක වසාගෙන නැග ආවේ බලවත් ප්‍රීතියකි. සන්තෝෂයකි. යමක් අත්පත් කර ගත්තා හෝ ජය කණුවක් පසු කළා හෝ ආකාරයේ ආහ්ලාදයකි.
ඒ ඇයිදැයි යන්න දැන් ඉතා කෙටියෙන් පවසමි.
මීට දස වසරකට පෙර 2006 ජූලි මස හත්වෙනි දා, කලින් දින නියම කරගෙන තිබුණු පරිදි, සිනුවර තදාසන්නයේ පිහිටි වෙස්ට්මීඩ් නම් වූ රෝහලට මා ඇතුළත් වූණේ පුද්ගලයෙකුට ජීවිතයේ මුහුණ දෙන්නට සිදුවෙන අභාග්‍යසම්පන්න ශල්‍ය කර්මයකට මුහුණ දීමට ය.
මේ ශල්‍ය කර්මයට අත්‍යාවශ්‍ය අඩිතාලම දැමීම සිදුවීම වූයේ ඊට මාස පහකට පෙර 2006 පෙබරවාරියේ දී ය. ඒ අලකලංචියේ දසවෙනි සංවත්සරය දිනයේ දි මම ඒ ගැන ලියු කවි කිහිපයක් ද රසිකොලොජියේ පළ කළෙමි.
අවුරුදු දහයකුත් ගියා එහෙනම්? - A decade old memory...! :: http://rasikalogy.blogspot.com/2016/02/decade-old-memory.htmlඑදා 2006 පෙබරවාරි හත්වෙනිදා උදෑසන සිහිසුන් ව ඇද වැටුණු මට, එදිනම හවස් වරුවේ කරන ලද ඇන්ජියෝප්ලාස්ටි නම් වූ ක්‍රියාවලියේ දී ස්ටෙන්ට්ස් නමින් හැඳින්වෙන රුධිර නාල සකසන කුඩා ගැජට්ටු හතරක් මගේ හදවතට රුධිරය සපයන නාලිකා තුළට ඇතුළත් කරනු ලැබුවද, පස්වැන්න යෙදීමට පෙර මගේ තත්වය දරුණු වූ නිසා එම ක්‍රියාවලිය එතැනින් අවසන් කර ඇත.
සති තුනකට පමණ කාලයක් දැඩි සත්කාර ඒකකයේ ද, හෘදය රෝග වාට්ටුවේ ද ගතකර පසු මා නිවසට ආවේ, තත්වය හොඳ අතට හැරුණු වහාම ශල්‍ය කර්මයක් කළ යුතුම යැයි ලැබුණු උපදෙස පිළිගෙන ය.
පෙර සඳහන් කළ පරිදි 2006 ජූලි මස හත්වෙනි දා මා වෙස්ට්මීඩ් රෝහලට ඇතුළත් වූයේ ඒ හදවත් ශල්‍ය කර්මයට මුහුණ දීමටයි.
මගේ හදවතට රුධිරය සපයන නාලිකාවල, පෙබරවාරියෙ දී ස්ටෙන්ට් ගැජට්ටු දමා පෑදූ තැන් හතර ද, එසේ කිරීමට නොහැකි වූ අනෙක් ස්ථානය ද මගහැරීමට, එනම් බයි-පාස් කිරීමට, පැටර්සන් නම් ශල්‍ය වෛද්‍යවරයා කළ ශල්‍යකර්මය කෙතරම් හොඳින් සිදුවුණා ද කිවහොත් සිව්වෙනි දිනයේ දී මම ආඩම්බරයෙන් නිවසට ද පැමිණියෙමි.
මගේ ආඩම්බරය වැඩි වීමට තවත් හේතුවක් වූයේ බයි-පාස් කළ අය ගැන ද, ඩබල් බයි-පාස් කළ අය ගැන ද, කාලයක සිට නිරතුරු අසා තිබුණ ද, පෙන්ටා බයි-පාස් ඔපරේෂොමක්, එනම් බයි-පාස් පහක් කළ කිසිදු අයෙකු පිළිබඳව මා එතෙක් අසා නොතිබුණු නිසා ය.
එසේම, මගේ ශල්‍ය වෛද්‍යවරයා ඒ බයි-පාස් පහම කර තිබුණේ පපු කුහර ඇතුළතම ඇති වෙනත් නහරයක් [mammary artery] උපයෝගී කරගෙන වූ නිසා, අතෙන් හෝ කකුලෙන් නහර කපා ගැනීමට සිදු කළ සැත්කම්වල තුවාල කැළල් මට නැත.
ඇත්තේ පපුවේ දික් අතර ඇති සිප් (zipper) එකක් වැනි කැපුමක් පමණි.
මේ ලිපිය අවසාන කිරීමට පළමු කරුණු දෙකක් කිව යුතුය.
එයින් මට වැදගත් කාරණය නම්, බයි-පාස් සැත්කමකින් පසුව හදවත වසර දහයකින් තරුණවන බව කියවේ. දහවරක් පහ පනහකි [10x5=50]. එනම් මගේ වයස එදා සංඛ්‍යා රේඛාවේ ඍණ පැත්තට ගියේ ය.
මේ ලිපිය කියවූ ඔබට වැදගත් කාරණය මෙයයි.
ස්ටෙන්ට්ස් ගැජට්ටු සහ බයි-පාස් සැත්කම් අවශ්‍ය වන හදවත් රෝගය සෑදෙන්නේ කොලස්ටරෝල් වැඩි, රුධිර පීඩනය වැඩි, දුම්බොන අයට පමණක් ම නොවේ. ඒ කිසිදු සාධකයක් මට අදාළ නොවුණි.
අතින් ගිලිහී යන පීඑච්ඩී උපාධිය පිළිබඳ, වෘත්තිය පිළිබඳ සහ රැකියාව පිළිබඳ ආතතිය, දවසේ වැඩි වේලාවක් එක්කෝ පරිගණකයක් ඉදිරිපිට හෝ දුම්රිය අසුනක ඉඳගෙන ගෙවීම වැනි දේ පෙර කී සම්මත සාධකවලට වඩා හදවත් රෝගවලට හේතු කාරක විය හැකි ය යන්න මින් වසර දහයකට පෙර මා එළැඹි නිගමනයයි.
-රසිකොලොජිස්ට්
ප/ලි:
වේලාව තිබේ නම් මේ පහත ලිපිය ද කියවන්න.
http://rasikalogy.blogspot.com/2016/02/what-to-do-when-i-die-if-you-are-still.html :: මා මළ පසු මෙන්න මෙහෙම කරන්න, හොඳේ? - What to do when I die (if you are still around!)
(image: http://www.smart-heart-living.com/my-scar-makes-me-cry.html)
රසික පුතුගේ සියලු අපල දුරුවේවා !
ReplyDeleteඑසේම වේවා!
Deleteරසික පුතුගේ සියලු අපල දුරුවේවා !
ReplyDeleteඑසේම වේවා!
Deleteරසික පුතේ, බැරිද හැමදාම ඔය වගේ පින්තූර දාලා කතා ලියන්න?
ReplyDeleteමීට, කුමාර දිප්පිටිය මයා
ගරු ලේකම්,
තරුණ බෞද්ධ සංගමය,
කොතලාවලපුර
රත්මලාන.
දිප්පිටිය සීයගෙත් වල් හිත.... පොඩි එකා තාමත් අවදි වෙනවද ? මමනම් අහල තියෙන්නෙ 50න් පස්සෙ ඔක්කොම ඉවරයි කියල.
Deleteරට දැය සමය රකින හිත හැමදා තරුණයි
Deleteව්‍යායාම් කරන මා ගතද හැමදා තරුණයි
කාලය ගෙවී යයි ඒත් තරුණ බව නොමැකෙයි
ජාතිකවාදයේ බල මහිමය එහෙමයි
සිංහල හාලට කොස් දෙල් කා හැදුණු පුත්තු
අල්ලට ගත් වැලි මිරිකා තෙල් ගත්තු
එහෙමයි රට රැක්කෙ අප පින් බර පුත්තු
යහපාලනේට උන් කළ නොහැකිය මත්තු (මට්ටු)
මීට, කුමාර දිප්පිටිය මයා
ගරු ලේකම්,
තරුණ බෞද්ධ සංගමය,
කොතලාවලපුර
රත්මලාන.
හැම ලිපියකටම පින්තූරයක් යොදා ඇත.
Deleteරසික මහත්තයාට සිනුවර කැන්ගරු ගම්බාර දෙයියන්ගේ පිහිටයි!ගංජ ගැහුවනම් බයිපාස් අවශ්‍ය නැත කියල බ්ලොග් ලියන විද්වතෙක් හොයා ගෙන තිබුන.කොහෙද කන්ගරුලන්තේ දොස්තරල අප්ඩේට් නැතුව ඇති.
ReplyDeleteඑසේම වේවා!
Deleteතන බැලීමේ ඇනිවසරිය කවද්ද
ReplyDeleteජූලි හතයි!!! අවුරුදු 50කින් තරුණ වුණායින් රසික පුතා නෙවෙයි දැන් රසික බබා වගේ වෙන්නොනේ වයස.. හැක්.
ReplyDeleteඔය කොලෙස්ටරෝල් ඇතුළු අනෙකුත් ඔක්කොම සාධක මාත් සම්පුර්ණ කරලා ඉන්නේ.. දිනයක් දාගන්න විතරයි තව තියෙන්නේ..
නිරෝගී සුව ලැබේවා!
තේරෙන්නෙ නැද්ද රසික පුතාගෙ කතාව, අවුරුදු 10 කින් තරුණ වුණා කිව්වෙ අර.. අරකනෙ.. පොඩි එකා නැගිටින සීන් එකනෙ....
Deleteනිරෝගී සුව ලැබේවා!
Deleteදවසේ වැඩි වේලාවක් පරිගණකයක් ඉදිරිපිට ගෙවීම කියන කරුමෙට මටත් මුහුණ දෙන්නට වෙලා තිබෙනවා. හාට් එක සවුත්තු වුණත් ජීවත් වෙන්න එපායැ.
ReplyDeleteමං නං 89න් පස්සෙ අමතරව දැන් අවුරුදු තිහකට කිට්ටු වෙන්න ඉඳලා තියෙනවා. එක අතකට කමක් නැහැ කියලාත් හිතෙනවා. ඒ වුණාට හිටියොත් තව මොන මොනව හරි කරන්න පුළුවන් නේ. අඩු ගානෙ තරහකාරයෝ ටිකක් හරි වැඩි කර ගන්නට බැරියැ.
රසිකට තව අවුරුදු පනහකට දීර්ඝායුෂ පතමි.
This comment has been removed by a blog administrator.
Deleteරටක් ජාතියක් නැත්තන්ගෙ රුව ගුණ පිරිහෙනවා
Deleteබල බලා සිටිද්දී උන් තව තව වයසට යනවා
දුක් විඳලා පනුවො ගහලා අන්තිමට මියැදෙනවා
බුදු බණෙත් එහෙමයි කියලා කියලා තියෙනවා
රට ජාතියට ආදරේ යහපත් ජාතිකවාදී පුත්තු
කොයි තරම් වයස ගියත් ඒක නොපෙන්වන සත්තු
කොතනත් ජව බලය ඇති සිංහල බොදු බුත්තු
දින් දින දිනේවා රට දැය රකින ජාතිකවාදී පුත්තු
මීට, කුමාර දිප්පිටිය මයා
ගරු ලේකම්,
තරුණ බෞද්ධ සංගමය,
කොතලාවලපුර
රත්මලාන.
පැරාටත් තව අවුරුදු පනහකට දීර්ඝායුෂ පතමි.
Deleteදැන් අර යාලු මැරුනු ඇනෝ කියයි "මගෙ යාලුවෙක් බයි පාස් පහක කොරල මලේ නෑ" කියල.
ReplyDeleteහැබෑට කෝ අර ඕස්ට්‍රලියාවේ ඉන්න චූටි මාමාගෙන් උපදෙස් ගන්න ඇනෝ? ඒ උපදෙසක් පිළිපදින්න ගිහින් කප් එක වත් ගහලද?
Deleteඒ අතින් බැලුවම අපේ සමන් අය්යට දාපු ස්ටෙන්ට් ගාන මදිනේ.. http://helmalu.blogspot.com.au/2016/07/blog-post.html
ReplyDeleteහදවත හොඳ තමරමට ස්ටෙන්ට්ස් ගණන වැඩියි!
DeleteVery butifull picter you put. Nice two brest.
ReplyDeleteYou want to get sik agan by looking at brests? Reed the story not brests.
Deleteපිස්සු ඩබල් වෙනව මල්ලි . මම මෙච්චර කල් හිතාගන හිටියෙ මේ රසික පොර පිරිමියෙක් කියල . පොටෝ කැල්ල දැන්නේ දැක්කේ .
ReplyDeleteඑසේම වේවා!
Deleteපීඑච්ඩි එක කරලා පර්යේෂණ අංශයට යොමු උනොත්, එය කළා හෝ නොකලයි කියලයි ඒ ආතතියේ නම් කිසිම වෙනසක් වෙන්නේ නැහැ... :) කොහොමත් රැකියාවේ සහ ජීවත් වන වටපිටාවෙන් ලැබෙන ආතතිය ලෙඩ රෝග වලට බලපානවා වැඩියි මිනිස්සු ඒ ගැන වැඩිපුර නොහිතුවට...
ReplyDeleteජෙනටික් ෆැක්ටර්ස් සහ එන්වයර්මන්ටල් ෆැක්ටර්ස්-
Deletehttp://kathandara.blogspot.com/2013/03/genetic-or-environmental-factors.html
පරිගණකයක් ඉදිරිපිට ඉඳගෙන සිටීම හෘදයාබාධ වලට බලපෑමක් ඇති කරනවද කියන්න මම දන්නෙ නෑ. පරිගණකය ඇතිව හෝ නැතිව වැඩි කාලයක් ඉඳගෙන සිටීම ගැටළුවක් තමයි. කෙසේ වෙතත් පරිගණකයෙන් වැඩ කිරීමේදී තමන්ගේ රුධිර පීඩනය වැඩි වන බව මගේ වෘත්තීය මිතුරු ගණකාධිකාරීවරයෙක් වරක් කී බව මතකයි.පොත් පත් වලින් වැඩ කිරීීමේදී සහ පරිගණකයෙන් වැඩ කිරීමේදී ඇති වෙනස කුමක්ද කියල මා වරක් කල්පනා කළා. බොහෝ විට පරිගණකයෙන් වැඩ කිරීමේදී ආතතිය අඩු වනු ඇති බවයි මා උපකල්පනය කළේ. එහෙත්, පරිගණකය භාවිතා කරද්දී වැඩ කරන වේගය අධික නිසා ඇති වන බලපෑම වැඩි විය හැකියි. උදාහරණයක් ගත්තොත්, පේරාදෙණිය - නුවරඑළිය පාර කාපට් කරන්න කළින් එන්ජිම හීට් වුන ප්‍රමාණයට වඩා දැන් එන්ජිම හීට් වන ප්‍රමාණය වැඩියි වගේ.
ReplyDeleteඇයි මේ ගෑණු හාට් එකක පින්තූරයක්?
Deleteරෝගවලට කෙලින්ම පරිගණකය සම්බන්ධ යැයි කියන්න බෑ. එයින් ආතතියක් එන්නේත් නෑ. මං අදහස් කලේ පරිගණකයක් ඉදිරිපිට නිසසලව ඉඳගෙන සිටීම ගැනයි. මෙය ලංකාවේ කඩයක කවුන්ටරේ ඉන්නා මුදළාලි කෙනෙකුගේ තත්වයට වෙනස් නෑ.
Deleteහදවත් ලෙස හැදෙන්නේ, බයිපාස් සැත්කම් කෙරෙන්නේ පිරිමින්ට පමණක් නොවේ!
Deleteඅනේ අප්පේ ඇති යංතං. ඇංජිම අලුත් කරපු එක හොඳයි . චැසිය හොඳයි නෙ. අවුරුදු පනහක් වීස එකත් අලුත් කරපු එකේ ආපහු අතගහමු පී. එච්.ඩී එකට.
ReplyDeleteඅනේ අප්පේ ඇති යංතං. ඇංජිම අලුත් කරපු එක හොඳයි . චැසිය හොඳයි නෙ. අවුරුදු පනහක් වීස එකත් අලුත් කරපු එකේ ආපහු අතගහමු පී. එච්.ඩී එකට.
ReplyDeletePhD = permanent head damage
Deleteරසිකට ආයුබෝ වේවා !! පතන ගමන් දැන් අපි "බයි පාස්" වචනය නොපිට හරවමු ...
ReplyDeleteමේක දැනුයි දැක්කේ!
Deleteබයි-පාස් පහක් කළත් මීට කලින් අහලා නොතිබුණු කෑල්ලක්!