Thursday 20 July 2017

ෆේස්බුක් ගෘප් ඇඩ්මිනියගෙන් නොසෑහෙන්න කෑවෙමි! - Oh, these Facebook group administrators


"කෑවෙමි" කියා ව්‍යාකරණානුකූලව ලියා ඇත්තේ මේ කතාව මා ගැන, මා කෑ කෑමක් ගැන, නිසා ය.

නමුත් මෙය තත්‍ය ලෝකයේ දී කෑ අත්‍යවශ්‍ය කෑමක් නොව සයිබර් අවකාශයේ, සමාජ ජාලයක දී කෑ, අතත්‍ය අනවශ්‍ය කෑමකි.

එනිසා ම, භෞතික වශයෙන් කිසිදු ගැහැටක් විඳින්නට, අඬු-පඩු කඩා ගන්නට, හොම්බ-කට සමතලා කර ගන්නට, සිදු නොවුණි.

එසේ නමුත්, මා කවදත් "වලියට බර නැති" අයෙකු නිසා, තත්‍ය ලෝකයේ දී වුව කිසි දිනක භෞතික වශයෙන් කිසිදු ගැහැටක් විඳ, අඬු-පඩු කඩා ගෙන, හොම්බ-කට සමතලා කර ගෙන නොමැති බව ද කිව යුතු ය.

අතත්‍ය ලෝකය සම්බන්ධයෙන් මේ අත්දැකීම හරහා මා උගත් පාඩම නම්, වලියට බර වුවත්, වලියෙන් විසි වීමට ඉඩ ඇති බව ය.

කතාව කෙටියෙන් මෙසේ ය.

සිව් පද කවියට මගේ යම් කැමැත්තක් ඇත. දිනක් මා ෆේසක්බුක් හි සැරි සරන මොහොතක දුටුවේ නිතර සිව්පද කවි බඳින මගේ මිතුරෙකු, තමන් සාමාජිකයෙකු වන ෆෙස්බුක් කවි කණ්ඩායමක පළ කළ සිව් පද කවියක් තම ෆේස්බුක් කාල රේඛාවේ ද බෙදා හැර ඇති බවයි.

ඒ හරහා එකී ෆෙස්බුක් කවි කණ්ඩායමේ අවකාශයට ගිය මට පෙනුණේ එහි කෙරෙන කවි සංවාදයන්ට සහභාගීවීමට නම් මුලින් එහි සාමාජිකයෙකු විය යුතු බවයි.

ෆෙස්බුක් කණ්ඩායමක සාමාජිකයෙකු වීම යනු එක ක්ලික් කිරීමක මහන්සිය පමණක් නිසා මම වහාම ඒ කණ්ඩායමට එක් වීමට අයැදුම් කළෙමි. එය කණ්ඩායමේ ඇඩ්මින්ගෙන් අනුමත විය යුතු බවට ක්‍ෂණික පණිවිඩයක් එහි පළවුණි.

පසු දා උදෑසන මා දුටුවේ, මට ෆේස්බුක් හරහා ඒ කණ්ඩායමේ ඇඩ්මින්ගෙන් (ඇත්තටම මේ ඇඩ්මිනියකි!) පණිවිඩයක් ලැබී ඇති බවයි.

"ඔබේ ඉල්ලීම සලකා බැලීමට මා ඔබේ ෆෙස්බුක් අවකාශයට ගොස් බැලුවා, නමුත් කවි නම් දුටුවේ නෑ. ඔබ ඇත්තටම කවි ලියන්නෙකු ද? විස්තර දන්වන්න!" යනාදී වශයෙන් එහි පැවසී තිබුණි.

"මේ කොහේවත් තියෙන කණ්ඩායමකට බැදෙන්නට සී.වී. දාන්නේ ඇයි ද?" කියාත් මුලින් සිතුණු නමුත්, මා පසුව කළේ මා ලිවූ සිව්පද කවි පළ වී තිබුණු (රසිකොලොජිය, බූන්දි වෙබ් අඩවිය වැනි) විවිධ තැන් කිහිපයක විස්තර ඇයට යැවීම යි.

ඇය ඒවා කියවන්නට ඇත. පසු දා වන විට මගේ සාමාජිකත්වය ඇඩ්මිනිය විසින් අනුමත කර තිබුණි.

මේ පියවර කිහිපය සඳහා දින දෙකක් ගත වීමට හේතුව නම්, මා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර (හෙවත් සිනුවර) සිටීමටත්, මෙකී ඇඩ්මිනිය යුරෝපියානු රටක සිටීමත් ය.

එදින සවස මා කළේ, මා ලියා "දකුණු කුරු දිව් කව්" ග්‍රන්ථයේ පළ වී තිබුණු සිනුවර වැනුම නම් සිව් පද කවි පන්තිය මේ කවි කණ්ඩායමේ ෆේස්බුක් අවකාශයේ පළ කිරීමයි. ඒ සමගම අදාළ කවි පොතේ පිටකවරයේ ඕස්ට්‍රේලියාව නිරූපණය වන චිත්‍ර සටහනක් තිබුණු නිසා ඒය ද එකතු කළෙමි.

මා පසුදා උදෑසන අවදිවන විට දුටුවේ, තම කණ්ඩායමේ නීති අනුව සිව්පද කවි මිස චිත්‍ර හෝ රූ සටහන් පළ කිරීම කළ නොහැකි බව කියමින් එය වහා ම ඉවත් කර ගන්නා ලෙස, ඇඩ්මිනිය විසින් මට මුලින් එක් පණිවිඩයක් එවා ඇති බවයි.

යුරෝපය සහ සිනුවර අතර කාලය වෙනස නිසා, ඇය අණ කළ ආාකරයට මා රූපය ඉවත් කර නොගත් බව පවසමින්, මා නින්දේ සිටියදී ම, ඊළඟට ඇය ඒ රූපය සහිත කවි පන්තිය ම ඉවත් කර දා තිබුණි.

පින්තූරයක් නිසා කවි පන්තියක් ඉවත් කිරීම වනාහී "මුහුණ ගැන ඇති අකමැත්ත නිසා නහය කපා ගැනීමක්" වැනි ය. ඒ ගැන මට ඇති වූ අප්‍රසාදය නිසා ම, තත්‍ය ලෝකයේ දී ප්‍රායෝගික වලියට බර අයෙකු නොවූ මට ද, කවියෙන් වලියක් ඇදීමට සිත් විය.

මා කළේ පහත කෙටි කවිය ෆේස්බුක් කණ්ඩායමේ පළ කිරීමයි.
නීති රීති ගැන ම තකා
කවියේ ගුණ දොස් නොතකා
කවි පන්තිය ඇති ය මකා
පුදන කොට ම කාපි යකා

කණ්ඩායමේ ඇඩ්මිනිය ඒ කවියේ ආ යකා යන ඇමතුම තමන්ට ආදේශ කර ගත්තා විය හැක.

සිනුවරට පසු දා උදාවෙන විට, මගේ ඒ දෙවෙනි කවිය ද මකා, මා කණ්ඩායමෙන් ද නෙරපා දමා තිබුණි.

ඇරඹෙන්නටත් පෙර ම වලිය නිමවිය. සිතේ ඇතිවුණු අප්‍රසාදය ද, වලියක් ඇද ගැනීමේ අවශ්‍යතාව ද එලෙස ම ය. ඒත් කළ හැකි දෙයක් නැත!

ෆේස්බුක් ගෘප් ඇඩ්මිනියගෙන් මා නොසෑහෙන්න කෑවේ ඒ අයුරිනි.

-රසිකොලොජිස්ට්

(image: https://www.spreadshirt.com/devil+woman+gifts)

41 comments:

  1. ඔය සමහර ගෲප් ඇඩ්මිනියො හිතාගෙන ඉන්නෙ උං සකර්බර්ග්ටත් වඩා බුකියෙ අයිතිකාරයො කියලයි.
    ඉතිං ඔහොම බේරුනා මදැයි.

    ReplyDelete
    Replies
    1. ඉහත දක්වා ඇති ඇනෝ කොමෙන්ටුම දමා ඩොක්ටර් රුවන් මහණ වීමට යන බව කියා ඇත්තේ ප්‍රාජේ නමැති පුද්ගලයායි. ඔහුම ඇනෝ දමා, ඉන්පසු ප්‍රොෆයිල් එකෙන් පැමිණ එයට උත්තර බදී. හොදින් ලියනා බ්ලොග් අල කිරීම මොහුගේ අරමුනයි.

      මෙම පුද්ගලයා මිට පෙර මෙවැනි අති නින්දිත වැඩක් විචාරක ලෙස බ්ලොග් ලියු අභාවප්‍රාප්ත මේජර් ගුණරත්න මහතාට සිදුකරන ලදී. එතුමා ජිවිතුන් අතර සිටියදී ලියු බ්ලොග් සටහන් බොහෝ දෙනා අගය කරනා ඒවා බව අමුතුවෙන් කිව යුතු නොවේ. බොහෝ වෙහෙස මහන්සි වී, ජයාරූප සොයමින්, ග්‍රැෆික් සටහන් නිර්මාණය කරගමිනින්, සිනකට පැය 18 ක පමණම බ්ලොග් ලිවිම වෙනුවෙන් කැප කෙරු අයෙකි විචාරක මහතා කියන්නේ. ප්‍රාජේ නමැති පහත් ගතිගුණ ඇති පුද්ගලයාට විචාරක මහතාට ලැබෙන ජනප්‍රියතත්වය දුටුවිට ඇසේ කටු අනිනවාක් මෙන් විය. ඔහු කරේ ඇනෝ වෙසින් ගොස් විචාරක මහතාගේ බ්ලොගයේ සහ වෙන තැන් වල විචාරක මහතාට එරහිව විවිද දෑ කියමින් ,එතුමා ලියු දෑ හෑල්ලු කිරීමයි.

      ඉතාම ගුණයහපත්, සෞම්‍ය හදවතක් තිබු විචාරක මහතා මෙවැනි දෑ නිසා දැඩි ලෙස හිතින් වද වේදනා වින්ද බව මාතලන් ඇතුළු විචාරක මහතාව ලගින් ඇසුරු කෙරු බොහෝ දෙනෙක් දන්නා කරුණකි.
      කෙසේවෙතත් විචාරක මහතා පෙනහළු පිළිකා තත්වයෙන් පෙලෙනා බව සොයාගත් විට ප්‍රාජේ විසින් නෙලුම්යාය සම්මානය රැගෙන ගොස් විචාරක මහතාට ලබා දීම තරම් තවත් උත්ප්‍රාසයවත් දෙයක් තිබිය නොහැක.

      මෙවැනි නින්දිත අතීතයක් ඇති ප්‍රාජේ නැමැත්තා දැන් අල කිරීමට උත්සහ දරන්නේ මිතිල නමැති සිසුවා විසින් විචාරක මහතා මෙන්ම ඉතා වෙහෙස මහන්සි වී රචනා කරනා වාසිතය නමැති බ්ලොගයයි. විචාරක මහතාගේ අභාවයෙන් පසු ඇතැමුන් මිතිලගේ බ්ලොගයේ අදහස් දක්වමින් කියා සිටියේ මිතිලත් විචාරක වගේ ඉතාම කැපවීමෙන් බ්ලොග් ලියනා අයෙක් කියායි. මිතිලගේ වයස සහ ඔහු අනාගතයේ බ්ලොග් ලිවීමෙන් මෙන්ම පුවත්පත් ආදියට ලිවීමෙන් ලබා ගන්නා ජනප්‍රියතත්වය ගැන කල් තබාම ඉර්ශියා කෙරු ප්‍රාජේ දැන් කරන්නේ විවිද ආගමික දේශනා කරුවන් මෙන් එහි ගොසින් ඇනෝ කොමෙන්ටු දමා මිතල ලියා ඇති දෑ වෙනුවට වෙනත් දෑ කියමින් බ්ලොගය අල කිරීමයි.

      මොහුම විවිද මිෂනාරිකරුවන් මෙන් ඇනෝ කොමෙන්ටු දමා, ඉන්පසු ඔහුව ප්‍රෝෆයිලයෙන් පැමිණ ඒවාට උත්තර බදී. ඇතැම් විටක ප්‍රොෆයිලයෙන් මුලින් පැමිණ කෝ අපේ මිෂනාරියාලුවා, එයා නැතුව මේක වැඩක් නෑ වගේ ඒවා කියා, ටික වෙලාවකින් ඇනෝ පැමිණ මිතිල ලියා ඇති දේට කිසිදු අදාලත්වයක් නැති දෑ කියයි.
      මොහු ඊයේ මිතලගේ බ්ලොගයේ කොමෙන්ටුවක් දමා මිතිලගෙන් අසා සිටින්නේ මිතිල මහන කෙනෙක් වෙන්න කැමති නැත්ද, අහවල් උන්නාන්සේ ලග කියා හිටපු චීවරධාරීයෙකුගේ නමත් කියයි.

      මේ සෙල්ලම දැන් මොහු ඩොක්ටර් රුවන්ගේ බ්ලොගයේත් පටන් ගෙන ඇත. ඇනෝ කොමෙන්ටු සහ ඒවාට ප්‍රාජේ දමා ඇති රිප්ලයි, ඒවායේ වේලාවන් බලනා ඕනෑම අයෙකුට මේවා කාගේ වැඩද කියා තේරුම් යනු ඇත.

      Delete
    2. මාත් ඕක මීටර් කරා මචං.. ඔය ප්‍රාජේ කියන ලොන්තපෝල් ෆේක්කාරයා එළවල දාන්න ඕන.. කෝ මේ වලි වලට හිටියට මෙව්වට කතා කරන්න කව්රුවත්ම නෑනේ..

      Delete
    3. Ano 17.25

      Well said. I also noticed that. I don't know exactly he (PJ) is doing this but considering the evidences & facts observed, I also had the same thoughts of yours.

      This is another idiot in Sinhala blogs. Thanks for revealing this kind of trollers. Shame on you Mr. PJ.

      @ PJ

      Why you act so cheap & acting like this? Just for entertainment or what else? Please express yourself frankly.

      Act like a man dude, don't be so cheap, please.

      Delete
    4. හිතවත් ප්‍රෙජේ මැතිතුමණී,

      ඔබ හට මෙතරම් චෝදනා එල්ල වී තිබියදි අපි කවරුත් දන්නා ඉංගිරිසි හෝඩියේ හතරවෙනි අකුර තුන්වරක් ගසා හතරබීරි කමෙන්ට් දැමීම හෙලා දකිමි.. එඩිතර සිංහලයෙකු නම් පපුව දී මුහුණ දෙනු

      Delete
    5. දැං ඇයි මේක මගේ කොමෙන්ට් එකට එල්ලල තියෙන්නෙ.
      (දැවෙන ප්‍රශ්න)

      Delete
    6. praje ප්‍රහාරයක් වගේ එල එල

      Delete
    7. @ Praසන්ன

      ඇඩ්මිනියන් ඇඩ්මින්ලාටත් වඩා දරුණුයි, ඒකාධිපතියි!

      Delete
    8. ප්‍රසන්න ගේ සහ ප්‍රාජේ ගේ ෆෑන් ක්ලබ් එකේ ඉන්නේ සෑහෙන්න උනන්දු අක්කිලා ටිකක් වගේ නේද?

      Delete
    9. ලින්ක් ප්ලීස්..

      Delete
    10. නිට්ටඹුවට වරෙං. මාෂල්..

      Delete
  2. Hats off to that wise lady, that so called group admin of that Facebook group. Well done!

    Please Convey my heartiest gratitude to her for her perfect administration skills. Once again, well done. She has impressed most of the blog readers, I'm very happy about her. Cheers !

    ReplyDelete
    Replies
    1. තොප්පිය ගැලෙව්වා වගේ නොවේ හිස බේරා ගැනීම ගැනත් සැළකිළිමත් වෙන්න!

      Delete
  3. රසික පුතේ ඔයා උලමා කෙනෙක් වෙන්න. මුලින්ම කොන කපාගන්න ඔනේ. නිකට යටින් එළු රැවුල එහෙමත් වාවාගන්න පස්සේ පුලුවන්. දෙවියන්ව මතක්කරලා හරකෙක්ගේ බෙල්ල කපනකොට දැනෙන ආස්වාදේ පන පිටින් මක්කම ගියාවගෙයි රසික පුතේ. රසික පුතාට අල්ලාහ් දෙවියන්ගේ සරණයි.

    ReplyDelete
    Replies
    1. බිස්මිල්ලාහ්, සුබනාඅල්ලාහ්, අල්හම්දුලිල්ලාහ්, ජසාකල්ලාහ් !

      හහ් හහ් හා ! යේක මේ පුලොක් යෙක ලියාන රාසික් බයියා ට අල්ලාහ් තාලා තෙයියාන්කේම පීට තමායි ! ජසාකල්ලාහ් !

      Delete
    2. පිස්සු පුසන් දෙන්නෙක්!

      Delete
    3. අස්සලාම් අලෛකුම් රාසික් බයියා,

      කව්ද්ද අප්පා පික්ශු පූශා තෙන්නා? ඈ යේක රාසික් බයියායි යෙඩ්මින් අක්කියා තෙන්නා තමා, රාසික් බයියා නම් අමුමැන්ටල් මොංගල් අපතයා කියා තන්නවා යේත් යෙඩ්මින් අක්කියා ??? ඈ පව් තමා රාසික් බයියා, පික්ශු නෙත්නම් ශෝක් තමා, අයියෝ අල්ලාහ්

      Delete
  4. සිව් පද කවිය වෙත පෙම බඳිමින් හිතක
    නැව් නැග මූණු පොත වෙත ගියෙ ඇයි රසික
    කව් රුත් බ්ලොග් ලොවේ එක්වී එක තැනක
    සිව් පද තියා කවි ලියමුද ළඟ දිනක....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බිස්මිල්ලාහ්

      Delete
    2. දුමී අංකල්,

      මට කයි ලියන්න බැරිනිසා වෙන එකෙක් ලියපු එකක් ඉස්සුවා;

      මෙන්න මාත් කයියක් දානෝ:

      "ඇදගෙන නාන සිනුවර රසිකෝලොජ්ජා
      'පොර ජාතකෙන්' දුන්නට අමු ගොන්බිජ්ජා
      'පොර' කර පොරව, පෙන්නන් 'මේසන්' විජ්ජා
      ගිල්ලපු ගුලිය දන්නව ලෝටස් අජ්ජා"

      කර්තෲ - අඥාත කියල එකෙක්

      Delete
  5. අයිසෙ රසිකර් අංකල්,

    හරිම සංවේදී කථාන්තරයක් රැගත් ඛේදජනක පෝස්ටුවක්; කොහොම වුණත් හොඳට ලියල තියෙනවා, ඕකට මෙන්න මේ කෑල්ලත් එකතු වුණානම් ලස්සනයි;

    "ඉන්පසුව මම එම ඇඩ්මින්වරියගේ ෆේස්බුක් කාල රේඛා දෙස බැලීමෙන් ඇය ඉතා හිරිකිත හිටපු මහ බයි රජා ගේ අමු වහල් බයි ඇන්ටි කෙනෙක් බව මට ක්ෂණිකව වැටහිණි.

    බයියන් ෆෝම් කිරීම රස උල්පතක් බව මා පෙර සිටම මනාව දැන සිටියත් මේ අත්දකින්නට ලැබුණේ නම් බලාපොරොත්තු නොවූ බෝනස් රසයකි.

    කෙසේ නමුත් මේ සියල්ලට වග කිව යුතු වන්නේ පසුගිය ජරාපස්ස මහ බයියාගේ පාලනයේ පැවති වනචර දශකය තුල මෙම ඇඩ්මින්වරිය ඇතුලු කුණුම කුණු ගොන් බයියන් තුල ඇතිකළ මර්දන්කාරී මානසිකත්වයයි"

    එමෙන්ම මේ කෑල්ලත් එකතුකළා නම් පර්ෆෙක්ට්;

    "මේවා පාලනය කිරීමට නම් අන්ත දූෂිත රාජපක්ෂ හොර පවුලත් ඒ සමග බූරුවංස, මංගොංපිල, වට්ටක්ක වාසු _කා ඇතුළු උන්ගේ නලාකාර රිලා සට්ටැඹියනුත් අල්ලා ප්‍රසිද්දියේ එල්ලා දැමිය යුතුය. මරාගේ ඔලුවට පරාල ඇණ ගසා ජීප් රියක බැඳ පාරවල්දිගේ ඇදගෙන ගොස් සියල්ලන් ඉදිරියේ හමගසා මරා එල්ලා දැමීමෙන් (ගඩාෆි ඉස්ටැයිල්) පමණක් ලංකාවේ නූගත් පසුගාමී ගෝත්‍රික මනසකින් යුත් ජනතා මොළ සෝදා ඔවුන් දියුණු සංවර්ධිත රටවල මෙන් බුද්ධිමතුන් කල හැකි වනු නිසැකය"

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා, ඔය ඔක්කොම දේවල් කලෙත් මහින්ද, ගෝට, බැසිල් මාමිල ඇන්ඩ් නාමල් බේබි නේද? ලොල්. පවු බන්, පල් හොර රාජපක්ෂලත් මහ කරුමක්කාර කාලකණ්ණි ටිකක් බන් බලන් ගියාම, කුජීතයි නේද?

      Delete
  6. යනතැන නාන අමුමැන්ටල් ගොන්බිජ්ජා
    බඩකට පුරා කෑවද රසිකෝලොජ්ජා?

    -සි.ත.ක.ස. (සිනුවර තට්ට කවි සමාජය)

    ReplyDelete
    Replies
    1. අැදෙගන නාන සිනුවර රසිෙකා්ෙ ලොජ්ජා
      කොච්චර බැනුම් ඇහුවත් නෑ විලි ලැජ්ජා
      වලපය ගොඩපයයි ළඟදිම වළකජ්ජා
      ගසනට ප්‍රථම පුරවාගමි බඩපොජ්ජා

      - මෙ'පුර එක්සත් විමුක්ති කවි පෙරමුණ වෙනුවෙන්;

      බි.ජූ.ක.ස. (බිනුවර ජූනියර් කවි සංසදය)

      Delete
  7. DEAR ADMIN DARLING,

    WHERE EVER YOU ARE.... I'M GONNA FIND YOU BABY........!
    ---------------------------------------------------------------------------------

    MR.KAKKA,

    COULD YOU PLEASE GIVE ME THAT ADMIN'S FB LINK? I HOPE THAT SHE WILL BE THE PERFECT LIFE PARTNER FOR ME.......!!!

    HELP ME PLEASE!!!



    ReplyDelete
  8. නුසුදුසු තැන්වල රින්ගන්න ගියාට හොඳ පාඩම !! ඒත් මොනවද මේ ඇනෝ කමෙන්ට් ?

    ReplyDelete
    Replies
    1. මේකේ වැඩිහරියක් ඇනෝ කොමෙන්ට් දාන්නෙත් රසිකම තමයි. කුරුකුලසූරිය මාමා ඒක දන්නේ නැද්ද?

      Delete
    2. කුරුකුලසූරිය මාමා මහින්දගේ කක්කා පැත්ත ඉඹ ඉඹ හිටියට මෙව්වා දන්නේ නෑ.

      Delete
  9. කාන්තාවක් පාලනය කරන සමූහවල මේ ලක්ෂණය දකින්න පුලුවන් - කලකට ඉහත සාමාන්‍ය දැනීම සඳහා වූ බුකි සමූහයක ඇඩ්මින් හටද මේ චෝදනා තිබෙනු දුටුවා

    ReplyDelete
  10. හොද වැඩේ.. බඩ කඩිත්තු වල එල්ලෙන්න යනවට.. හැක්

    ReplyDelete
  11. කවුද ඒ ඇඩ්ඩිං නෝනා...? කනෙන් පෙන්නන්න බැරිද? පොඩි ආතල් එකක් ගන්න පුළුවන්....

    ReplyDelete
    Replies
    1. DEAR RAJ,

      IF YOU COULD FIND THAT ANGEL'S FB LINK. WILL YOU PLEASE SEND ME IT....?
      I WANNA MARRY HER! THEN ME AND MY WIFE CAN KEEP TROLLING KAKKA.

      I CAN'T LIVE WITHOUT MY SWEET-HEART ANYMORE...! HELP ME PLEASE!.....!!

      P:S:- IF YOU DO THIS one FAVOR FOR ME, WE WILL NAME OUR SON "RAJ"!!!

      YOUR EVER LOVING,
      -CAPITAL UNCLE.

      Delete
    2. රාජගේ ලිංගික ජිවිතේ කෙසේද ගතවෙන්නේ? නෝනා දවල්ට ගෙදර රෑට වැඩ. රාජ් දවල්ට වැඩ රෑට ගෙදර. ඒ නිසා නේද ෆේස්බුක් එකේ ඇඩ්මින් නෝනා කෙනෙක් අල්ලං ආතල් ගන්න යන්නේ?

      Delete
  12. DEAR RAJ,

    IF YOU COULD FIND THAT ANGEL'S FB LINK. WILL YOU PLEASE SEND ME IT....?
    I WANNA MARRY HER! THEN ME AND MY WIFE CAN KEEP TROLLING KAKKA.

    I CAN'T LIVE WITHOUT MY SWEET-HEART ANYMORE...! HELP ME PLEASE!.....!!

    P:S:- IF YOU DO THIS one FAVOR FOR ME, WE WILL NAME "RAJ"!!!

    YOUR EVER LOVING,
    -CAPITAL UNCLE.

    ReplyDelete
    Replies
    1. //WE WILL NAME "RAJ"!!!//

      WE WILL NAME OUR SON "RAJ"!!!

      Delete
  13. පරකන්දෙණි රසික - පරකන්දෙණි රසික
    පරකන්දෙණි රසික - පරකන්දෙණි රසික

    පරකන්දෙණි රසික - පරකන්දෙණි රසික
    පරකන්දෙණි රසික - පරකන්දෙණි රසික

    පරකන්දෙණි රසික - පරකන්දෙණි රසික
    පරකන්දෙණි රසික - පරකන්දෙණි රසික

    - පුත්තලම කනිෂ්ට කවි සමාජය (පු.ක.ක.ස )

    ReplyDelete
  14. සමහර ප්‍රතිචාරත් ඇඩ්මින් නංගි ගෙන් වගේ. :)

    ReplyDelete
  15. ඒ ගෘප් එක තිත්තයි කියලා හිත හදාගන්න

    ජ ය වේ වා !!!

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.