Wednesday 4 September 2019

බිරිඳව පරිවර්තනය කළෙමි! - Nothing lost in translation?



මසකට පමණ පෙර නිවසේ මිඳුලේ රෝස ගසක අවාරයේ පිපී තිබුණු රෝස මලක් දුටු මා ප්‍ර්‍රිය බිරිඳ ඒ ගැන කවක් ලියූවා ය. මේ සුවිශේෂී රෝස වර්ගය හැඳින්වෙන්නේ ද බ්ලු මූන් නමිනි.

ඉහත පළ කර ඇත්තේ ඒ (නිල් පැහැ) රෝස මලයි.

ඇය ඒ කව ෆේස්බුක් හි පළ කළ සැණින් මම එය සිංහල භාෂාවට පරිවර්තනය කළෙමි.

මේ සැප්තැම්බර් සාහිත්‍ය මාසයේ දී මට එය රසිකොලොජියේ පළ කරන්නට සිත් විය.


Lonely rose

A rare spectacle
A rose in winter
Alone in a wilting bush
Amidst barren twigs

No buzzing bees
No whispering butterflies           
No selfie fanfare
No twitting birds

A mauve blue rose
Proud and tall
No ordinary fete
A blue moon indeed!

තනි වූ රෝස මල

විරලතම දසුනකි ය
වින්ටරය මැද පිපි රෝස මල
මැරී යන පඳුරක
කොළ හැළුණු ඉපලක, තනිව

නැත බඹර ගුම් නද
නැත සමනළ කසුකුසුව
නැත "සෙල්ෆි" කාහල නද
නැත "ට්විටර" විහඟුන්

ප්‍රභාවත් නිල් මලෙකි
සාඩම්බරව වැජඹෙන
සුලභ දසුනක් නොවේ
මෙය "බ්ලූ මූන්" ම වේ!

-රසිකොලොජිස්ට්

ප/ලි:
අවාරයේ පිපි රෝස මලක් පිළිබඳව මම ද මීට වසරකට පෙර කවක් ලියූවෙමි. එය ද රසිකොලොජියේ පළ කෙරුණු අතර මිතුරෙකුගෙන් ලද ඇරයුමක් නිසා ලංකාවේ පුවත්පතක ද පළ විය.

2 comments:

  1. හැම තැනම පිපෙයි නම්
    මලක් වුව අරුම නැත
    අරුම කුසුමක්ම වුව
    හැම නෙතම ගැටෙනු නැත!

    ReplyDelete
    Replies
    1. මිලින වී යන්න පෙර
      දහස් නෙත සනසන්න
      වරම් නැති නම් කිමද
      මලක් ලෙස සුපිපිලා?

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.