Friday 15 May 2015

ඔබ වළ කජ්ජ ගැසූ පසු ඔබේ ෆේස්බුක් ගිනුමට කුමක් වේද? - Life after death


ඉපදුනොත් මිය යාම නියතය. අපි සැම එය හොඳින් දනිමු. අප නොදන්නේ එය සිදුවෙන්නේ කවදා ද යන්න පමණි.

මිය යාම යනු සුලබ සාමාන්‍ය කරුණක් නිසා එය විස්තර කිරීමට සිංහල වචන රාශියක් ඇත. කළුරිය කිරීම, අපවත් වීම, අභාවප්‍රාප්ත වීම, එක්ස්පයර් වීම, වැලිගම්පිටි යෑම, වළ කජ්ජ ගැසීම එයින් කීපයකි.

අප මිය ගිය පසු අප නැත. නමුත් මිය ගිය පසු ජීවත්වෙන අය ගැන මිය යාමට පෙර අපේ සිත්වල කැක්කුමක් ඇත. විශේෂයෙන් ම අපේ ආදරණීය සුතනඹුවන්ට කුමක් සිදුවේද යන්න අප බොහෝ දෙනෙකු ගේ සිතට වද දෙන ප්‍රශ්ණයකි.

අතීත කාලයේ අපේ මුතුන් මිත්තෝ ශ්‍රී පාද වන්දනාව වැනි දුර බැහැර ගමන් යන විට පවා තමන් ගේ දේපල බෙදා වෙන් කර ගිය බව කියවේ.

දෙමව්පියන් ගේ අභාවයෙන් පසු සාමාන්‍ය ක්‍රමයට ඔවුන් සතු දේපළ, ඉඩකඩම්, මුදල් යනාදිය දරුවන්ට හිමිවේ. මේ සඳහා තරමක් සරල, තරමක් සංකීර්ණ නීති මාලාවක් ඇති අතර, හිමිකරුවන් අතර ප්‍රශ්ණ නොමැති නම්, බොහෝ විට දේපල බෙදී යාමේ ක්‍රමවේදය ඉතා සරල වේ.

දේපල සහ වත්කම් සඳහා නම් ඕස්ටේ‍ර්ලියාවේ දී කළ යුතු හොඳම දෙය, අන්තිම කැමති පත්‍රයක් ලියා තැබීමයි. එය තවමත් මගේ බිරිඳ හෝ මා හෝ කර නොමැති දෙයකි.

අද වන විට පුද්ගලයෙකු ගේ වත්කම වෙන්නේ ගේ දොර ඉඩකඩම් යනාදිය පමණක් ම නොවේ. ඒවා නොමැති බොහෝ දෙනෙකුට පවා තිබෙන එක් වස්තුවක් නම් තමන් ගේ ෆේස්බුක් ගිනුම සහ එහි ඇති ඡායාරූප, සටහන්, ප්‍රතිචාර යනාදියයි.

අපේ මරණයෙන් පසු ඒ සියල්ලට කුමක් වේ ද?

මෙය ඇසූ විට මුලින් ම අපට දැනෙන්නේ විහිළුවක ස්වභාවයයි. එක් අතකින් තමන් මිය ගිය පසු තමන් ගේ ෆේස්බුක් ගිනුමට කුමක් වූවත් ඇති ප්‍රශ්ණය කුමක්ද? අනිත් අතින්, තමන් ගේ සහකරු, සහකාරිය, දරුවෙකු හෝ දෙමව්පියෙකු මිය ගිය පසු, ඔවුන් ගේ ෆේස්බුක් ගිනුම ඉතුරු වී ඇති පලය කුමක් ද?

නමුත් හොඳන් කල්පනා කර බලන කළ, එය එතරම් සරල දෙයක් නොවේ.

අපේ ජීවිත ෆේස්බුක් සමග මේ වන විටත් ඉතා තදින් බැඳී පවතින බව නො රහසකි. අපේ තත්‍ය ලෝකයේ සබඳකම් පවා හොඳින් වැඩෙන්නේ අතත්‍ය ලෝකයේ දී ෆේස්බුක් හරහා සබඳකමක් ඇති නම් පමණි. මේ තත්වය එන්න එන්නම තව තවත් සංකීර්ණ වෙමින් පවතී.

ෆේස්බුක් මුලින් පැවති නීති අනුව සිදුවූයේ මිය ගිය අයගේ ගිනුම් අවලංගු කර දැමීමයි. එවිට එහි ඇතුළත් කර තිබූ ඡායාරූප ආදී සියළු සිහිවටනයන් අභාවයට යනු ඇත. එය නීත්‍යානුකූල නොවන බව පසුව වැටහුණි. මන්ද යත්, ඒ සිහිවටනවල හිමිකම මියගිය අයට අයිති නිසා ය.

මේ කරුණු පිළිබඳ කතිකාවතක් පැවති බව පසුගිය දිනයක මට පුවත්පතකින් කියවන්නට ලැබුණි.

ඊළඟට ඊයේ දැන ගන්නට ලැබුණේ අපට අනාගතයේ දී මරණය හෝ ඔත්පළවීමක් හෝ සිදුවූ පසු අපේ ෆේස්බුක් ගිනුම සම්න්ධයෙන් කටයුතු කිරීමට යම් අයෙකු ගේ නම යෝජනා කළ හැකි බවයි. අදල අනිවාර්ය කොන්දේසිය වන්නේ, එසේ නම් කරනු ලබන තැනැත්තාට හෝ තැනැත්තියට ද ෆේස්බුක් ගිනුමක් තිබීමත්, ඔවුන් අපේ ෆේස්බුක් මිතුරෙකු වීමත් පමණි.

එවිට අනාගතයේ දී අදාල අවශ්‍යතාවය ඇති වූ විට, ඒ අවශ්‍ය පරිදි අපේ ෆේස්බුක් ගිනුමේ යම් යම් සීමා සහිතව ක්‍රියාත්මක කරන්නට ඔවුනට අවසර ලැබේ. වැඩි විස්තර සඳහා මෙය කියවන්න. https://www.facebook.com/help/1568013990080948

ඊයේ මම මගේ දියණියව මේ සඳහා සම්පූර්ණ අවසරය සමග නම් කළෙමි.

මේ විකල්පය තවමත් සෑම ෆේස්බුක් ගිනුමක් සඳහාම තවමත් ලබා දී නොමැති බව කියවේ. ඔබට මේ සඳහා ඉඩකඩ ලැබී ඇති දැයි දැනගැනීමට ෆේස්බුක් ගිනුමේ සෙකියුරිටි සෙටින්ස් බලන්න.



-රසිකොලොජිස්ට්

ප/ලි:
අද අද එයි මරු එය දැනගන්නේ
කෙලෙසද හෙට මරු නේති සිතන්නේ
ෆේස්බුක් රැකුමට වැඩ කරපන්නේ
කුමටද ඒකට කම්මැලි වන්නේ?

(නූතන සුභාෂිතයෙනි)

(image: http://www.michaelhacker.at/life-after-death-2/)

33 comments:

  1. අයිසෙ රසික මොකෝ ගොක් කොල හීනයක්වත් දැක්කද?

    ReplyDelete
    Replies
    1. I say, මේ සේවාව ඇමරිකා එක්සත් ජනපදයේ පටන් අරන් මාස කිහිපයක්. මේ ඊයේ පෙරේදායි අපට ලැබුණේ.

      Delete
  2. රසිකයියේ......................

    අැයි මෙච්චර ඉක්මනට........

    ReplyDelete
  3. හොඳ ඔප්ෂන් එකක්... ලියනවා අපේ පවුලට..

    ReplyDelete
    Replies
    1. වැරදි ඩිසිසන් එකක් වෙයිද

      Delete
    2. නෑ ඔමා... කිසිසේත්ම නෑ...

      Delete
  4. මේක අනාගතයෙ සමාජ ගැටළුවක් වෙයි. උසාවිවල පවා වාද කෙරෙයි. මා දන්න හැටියට මේ ආකාරයෙ මුල්ම සිද්ධිය වුනේ පළමු වැනි ගල්ෆ් යුද්දෙදි. කුවේටය බේරාගන්න ගොස් මියගිය ඇමරිකන් සෙබලෙකුගෙ පියෙක් යාහු ආයතනයට එරෙහිව නඩු දැම්මා පුතාගෙ ඊ මේල් වල අයිතිය ඉල්ලලා
    . ඒ නඩුවෙන් නම් යාහු ආයතනය දිනුව වෙන්න ඇති. ෂුවර් නෑ. නමුත් දැන් වැඩි බර ගිණුම් හිමියට මිස සමාගමට නොවේ.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. මිය ගියයින් පස්සේ වත්පොත සම්බන්ධයෙන් කටයුතු කිරීම කියලා හරියටම අදහස් කරන්නේ මොකක්ද? ඒ කියන්නෙ වත්පොත මෙහෙයවීම එම යෝජනා කෙරෙන පුද්ගලයාට භාර වෙනවා, ඉන් පසු එම මිය ගිය කෙනාගේ නමට ඇති වත්පොත මෙහෙය වීමට ඔහුට හැකියාව ලැබෙනවා කියන එකද? මට පෙනෙන විදිහට නම් එය ගැටලු සහගත තත්වයක්. මොකද වෙන පුද්ගලයෙක් ගේ නමින් තවත් පුද්ගලයෙක් ගිණුම මෙහෙයවන නිසා. මියගිය කෙනාගේ කැමැත්ත අනුව සිදුවුනත් දුර බැහැර සිටින ඔහුගේ මිතුරෙක් සමඟ මියගිය කෙනාගේ නමින් මරණින් පසු ගිණුම පාලනය කරන කෙනාට සම්බන්ද විය හැකි නේද? මෙය ටිකක් ගැටළු කාරී කියලයි මට හිතෙන්නෙ. මම මේ කිව්ව කරුණු වලට සාර්ථක විසඳුම් නැත්නම් හොඳම දෙය ගිණුම ක්‍රියා විරහිත කිරීම. ඒත් කෙනෙක් මිය ගියා කියලත් ෆේස් බුක් එක දැන ගන්නෙ කොහොමද? සෑහෙන බොන්න ඕන ප්‍රශ්නයක් වගේ :p

    ReplyDelete
    Replies
    1. උඹලා වගේ රට පන්ඩිතයෝ ඕනම ප්‍රශ්නයකට සංකීර්ණ බුදු ටොක්දීලා අවුල් කරන්න පුලුවන් බන්.

      පුද්ගලයෙක් මිය ගියාම ඒ පුද්ගලයාගේ පවුලේ අයට පුලුවන් අහවල් පුද්ගලයා මියගියා කියලා ඒ යකාගේ අකවුන්ට් එක Memorized account එකක් කරන්න කියලා . මෙමරයිස්ඩ් අකවුන්ට් එකක් කියන්නේ මෙන්න මෙහෙම එකක්
      Memorialized accounts are a place for friends and family to gather and share memories after a person has passed away. Memorializing an account also helps keep it secure by preventing anyone from logging into it. Learn more about what happens to a memorialized account.

      මේක අකවුන්ට් එක Freeze කිරිමක්. ෆේස්බුක් එකෙන් අකවුන්ට් එකක් එහෙම නම් කරන්නේ කරන්නේ මරණය සම්බන්ධයෙන් ලිඛිත ලියවිලි ඒ රික්වෙස්ට් එකත් එක්ක ඉදිරිපත් කරාම. දැන් මේ කකා කියලා තියෙන විදියේ Legacy contact person කෙනෙකේ අර යකා මැරෙන්න කලින් නම් කරලා තිබ්බනම් ඒ Legacy contact ට පුලුවන් අකවුන්ට් එකේ යම් යම් දේවල් කරන්න.

      යම් අකවුන්ට් එකක් එහෙම කළාම ඒකට මෙන්න මේ දේවල් වෙනවා
      The word Remembering will be shown next to the person's name on their profile
      Depending on the privacy settings of the account, friends can share memories on the memorialized Timeline
      Content the person shared (ex: photos, posts) stays on Facebook and is visible to the audience it was shared with
      Memorialized profiles don't appear in public spaces such as in suggestions for People You May Know, ads or birthday reminders
      No one can log into a memorialized account
      Memorialized accounts that don't have a legacy contact can't be changed

      Legacy contact එකක් හදනවානම් ඒක කරන්න ඕන කකා එයාගේ දුවට ඒක දුන්නා වගේ විශ්වාසවන්ත කෙනෙකේට.
      නොමිලේ දෙන බ්ලොගර් එකේ පල්හෑලි කියෙව්වාම උඹලා අඩි දෙකක් තුනක් පොලවට උඩින් ඇවිදින්න ගන්නවා. ඊට පස්සේ හැම ලබ්බටම තර්ක කර කර පන්ඩිත කතා කියනවා. ඇත්තටම උඹලා නිසා මේ ලෝකේ ජීවත්වෙන එක අනිත් මිනිස්සුන්ට හරි අමාරුයි යකෝ.

      Delete
    2. // මම මේ කිව්ව කරුණු වලට සාර්ථක විසඳුම් නැත්නම් හොඳම දෙය ගිණුම ක්‍රියා විරහිත කිරීම//

      ඔන්න ඔහොමයි මම කිව්වේ. යම් තරමකට සාර්ථක විසඳුම් තිබෙන බව ඔබ පෙන්නලා තියෙනවා.

      ඔබේ කෙමෙන්ටුවෙන් මම යමක් ඉගෙන ගත්තා. ස්තූතියි.

      Delete
  8. මං බයේ හිටියේ පවුලටවත් ළමයෙකුටවත් ලියන්න.. හැක්..වෙලාවට මෙහෙම එකක් ලියල තිබුණා..
    "They wont post as you or see your messages" :p

    ReplyDelete
  9. මේ කියනකන් ඕක ගැන මම දැනන් හිටියේ නෑනේ.. ඒකත් මරු හැබැයි..

    ReplyDelete
  10. මගේ වත් පොත් ගිණුම "නිසි බලධාරියා" විසින් දැනටත් යම් තරමකට හසුරුවන බව පෙනෙනවා. රසික අය්යා කියන විදිහට නිත්‍යානුකූලවම දුන්නනම් ඉවරයි මගේ හිතේ...

    ReplyDelete
  11. "දේපල සහ වත්කම් සඳහා නම් ඕස්ටේ‍ර්ලියාවේ දී කළ යුතු හොඳම දෙය, අන්තිම කැමති පත්‍රයක් ලියා තැබීමයි. එය තවමත් මගේ බිරිඳ හෝ මා හෝ කර නොමැති දෙයකි."

    මීට වඩා ඒක වැදගත් වී ඇති හැඩයි.

    ReplyDelete
  12. අද අද එයි මරු එය දැනගන්නේ
    කෙලෙසද හෙට මරු නේති සිතන්නේ
    වත්පොත රැකුමක්, කුමට කරන්නේ
    අනිත්‍ය ගැනවත් මෙනෙහි කරන්නේ

    ReplyDelete
  13. වත් පොත් ගිනුම තව කෙනෙක්ට පෙන්වන එක මගේ අනියම් පවුලක් වෙන මිතුරෙකුට හෝ වයිෆ්ට පෙන්වනවා වගේ රිස්ක් එකක් තියෙන වැඩක් වෙන අවස්ථාවල් තියේ..
    එතකොට තව කෙනෙක්ට දුන්නම එයා ඒක මොනවිදියට පාවිච්චි කරාවිද කියලා හරියටම කියන්න බෑ...

    ReplyDelete
  14. මාත් ඔය ගැන කියෙව්වා... හැබැයි දැං ටික කාලයක් වෙනවා නේද ඔය ඔප්ෂන් එක දීලා..

    කතන්දර කාරයා නං මැරුනා. රසිකලොජිත් ඒ ධර්මයමද දන්නෑ කියන්නේ.. My days are numbered...

    ReplyDelete
  15. ඒ ගමන තව එකක්. දැං ඉතිං මේක භාරදෙන්න එකෙක් හොයහංකො.

    ReplyDelete
    Replies
    1. ඇයි වදේ මේ මං ඉන්නේ...

      Delete
    2. බොට දෙනවට වැඩිය හොඳයි මේක මාක් මල්ලිටම දීල දාන එක.

      Delete
  16. අපි මලාම අනිත් උන් අපේ වෝල් එකේ දුකයි කියලා පෝස්ට් එකක් දානවානෙ.ඒකෙන් නොදුටු මිතුරන් දැන ගනී මූ මලා කියලා.එච්චරයි.බෙදාගත යුතුයි කියලා තියන දේවල් මිනිස්සු අදාල කණ්ඩායම් එක්ක බෙදා ගන්නවා.වෙන කවුරුත් ඒ විස්තර පාලනය කරන්න ඕන නෑ.අවශ්‍ය අය දැනටත් මුර පද ලබා දීල ඇති.ගිණුම අක්‍රීය නොවුන නම් ඇති.

    ReplyDelete
  17. මගේ එක නම් ඔන්න රසිකට ලියනවලු. :P

    ReplyDelete
  18. ඔච්චර ලිය ලිය ඉන්නේ මොනවටද අනිතිම කැමති පත්‍රයේ මුර පදය ලියුවානම් ඉවරයි නේ

    ReplyDelete
  19. අපි මළාම ඕකට හෙණ ගහල ගියත් මොකද,,, කෙනෙක් එහෙම හිතුවත් වැරද්දක් නැහැ...

    නමුත් විවාහ වී කුඩා දරුවන් සිටින අයෙක් හදිස්සියේ තරුණ කාලයේදීම මිය ගියහොත් ඔහුගේ හෝ ඇයගේ කුඩා දරුවන් හට පසු කාලීනව පියා හෝ මව සම්බන්ධ යම් පමණක හෝ හිතට දැනෙන මතක සටහනක් බවට පියාගේ හෝ මවගේ ප්‍රොෆයිලය හේතු වෙන්නට පුළුවන් නේද...
    එය සමහර විට ෆොටෝ කිහිපයකින් සැදී ඇල්බමයකට හෝ විනාඩි කිහිපයක වීඩියෝවකට වඩා වැඩි යමක් ඔවුන් තුළ දනවන්නට සමත් වේවි...
    එමෙන්ම, ඔහු හෝ ඇය කෙබඳු පුද්ගලයෙක්ද, කෙබඳු අදහස් දැරූ අයෙක්ද යන්න මද වශයෙන් හෝ දැන ගැනීමට එය ඉවහල් වේවි...

    ReplyDelete
  20. මේ පෝස්ට් එක මෙතෙක් පළවූ රසිකගේ සියලුම ලිපිවලට වඩා ඔහුගේ අනන්ත අපරිමාණ සිංහල දැනුම හෙලි කරන පෝස්ට් එකකි.

    //මිය යාම යනු සුලබ සාමාන්‍ය කරුණක් නිසා එය විස්තර කිරීමට සිංහල වචන රාශියක් ඇත. ...එක්ස්පයර් වීම... එයින් කීපයකි.//
    දැන් කියහන් මේකත් විහිලුවට ලිව්වේ කියලා

    ඉතින් අපට පාන් ද?

    ReplyDelete
  21. අර නූතන සුභාෂිතයේ ලින්ක් එකක් දාන්නකෝ අජිත් අයියට ඒකත් එයාගේ කින්ඩ්ල් එකට දාගන්න.

    ReplyDelete
  22. ඔන්න මමත් අපේ මලය ඇඩ් කොරා...හික් හික්....

    ReplyDelete
  23. බුකිය නං යකාට ගියාවෙ. බ්ලොග් එකේ පාස්වර්ඩ් එක නෝනට දෙනව පුතාට දෙන්න කියල.

    ReplyDelete
  24. ඕකට ඔයහැටි දඟලන්න ඔනෙයැ? කරන්න තියෙන්නෙ එකම දෙයයි. සියලු ගිනුම් වල (ඊමේල් ඇතුලු ) පාස්වර්ඩ් ලියුමක හරි අන්තිම කැමති පත්තරේ හරි දාල තියනව. මලාට පස්සෙ ඕපන් කරන්න පවුලෙ උන්ට දුන්න. සරලයි සුගමයි වැඩෙත් ශේප්, හා හොඳයි නැත්ද?

    ReplyDelete
  25. එතකොට මෙහෙම FB ඉස්ටේටස් අප්ඩේට් දාතෑකි..

    "Feeling lightness..."
    "Feeling scary with ghosts.."
    "A cold, laaaazy night at Borella (or Mahayyawa)..." වගේ

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.