Wednesday 6 May 2015

ලාබෙට ණය ගන්න ඕස්ට්‍රේලියාවට එන්න - Sale, sale, sale...!


ඕස්ට්‍රේලියාවේ මහ බැංකුව එසේත් නැතිනම් මධ්‍යම බැංකුව හැදින්වෙන්නේ සංචිත බැංකුව (Reserve Bank) යන නමිනුයි. අන් බොහෝ රටවල මහ බැංකුවල මෙන්ම, මේ සංචිත බැංකුවේත් මූලික කාර්යභාරය වෙන්නේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය සකසා, එය ක්‍රියාවට නංවා, එය පාලනය කිරීමයි.

ලංකාවේ මහ බැංකුව හා සසඳන විට ඕස්ට්‍රේලියාවේ සංචිත බැංකුවේ එක වෙනසක් වන්නේ, මෙය ඕස්ට්‍රේලියානු රජයෙන් ස්වාධීන වූ ආයතනයක් ලෙස කටයුතු කිරීමයි.

සංචිත බැංකුවේ අධිපති සහ පාලක මණ්ඩලයේ සියළුම සාමාජියකයින් පත් කරන්නේ රජයෙන් නිසා, එවැනි ආයතනයක් ස්වාධීනව කටයුතු කරන්නේ කෙසේද කියා අපට ප්‍රශ්ණයක් ඇති වෙන්න පුළුවන්. නමුත් විනිවිද භාවයකින් වැඩ කෙරෙන විට, තොරතුරු දැන ගැනීමේ අයිතිය මහජනතාවට ඇති විට සහ ජනමාධ්‍ය තම වැඩ කොටස නිසි පරිදි ඉටු කරන විට, එවැනි සැකයක් ඇති වෙන්නේ නෑ.

ඒ සමගම වැදගත් අනිත් කරුණ නම්, ආණ්ඩු වෙනස් වී ඒ පක්‍ෂයෙන් මේ පක්‍ෂයට බලය මාරු වූ පමණින්, සංචිත බැංකුවේ අධිපති හෝ භාරකාර මණ්ඩලය ඉවත් කර අලුතෙන් අය පත් කිරීමක් වෙන්නේ නෑ. විශේෂ හේතු නැති නම්, ඔවුන් සියළු දෙනාම තම සම්මත පත්වීම් කාලය වෙන වසර හතක හෝ වසර පහක කාලය ඒ තනතුර දරනවා. නමුත් ආණ්ඩු වෙනස් වීමක් නම් සෑම වසර තුනකට වරක් සිදුවිය හැකියි.

මේ ආකාරයට, සංචිත බැංකුව රටේ මූල්‍ය ප්‍රතිපත්තිය කළමනාකරණය කරන අතර රජයේ කාර්යභාරය වෙන්නේ රටේ ආදායම් ප්‍රතිපත්තිය කළමනාකරණයයි.

සංචිත බැංකුවේ අධිපති සහ පාලක මණ්ඩලය සෑම මසකම මුල් අඟහරුවාදා රැස්වී රටේ ආර්ථික තත්වය සමාලෝචනයක කරනවා. රටේ මූල්‍ය ප්‍රතිපත්තියේ වැදගත්ම සාධකය වන, පොලී අනුපාතිකය කොයි අගයක පවත්වාගෙන යා යුතුද යන කාරණය ඔවුන් තීරණය කරන්නේ මේ රැස්වීමේ දී යි.

ඊයේ දිවා කාලයේ රැස්වුණු සංචිත බැංකු මණ්ඩලය මගින් තීරණය කළා, ඔවුන් කෑෂ් රේට් යැයි හඳුන්වන, අන්තර් බැංකු එක් දින පොලී අනුපාතිකය, 2% දක්වා 0.25% කින් අඩු කිරීමට. මෙය වසර පනහක මෑත ඉතිහාසය සලකන විට පොලී අනුපාතිකය පත්වී ඇති අවම අගයයි. පසුගිය අවුරුදු විසි පහක කාලය ඇතුලත මේ පොලී අනුපාතිකය වෙනස් වුණු හැටි පහත වගුවෙන් බලාගත හැකියි.



ඊයේ සිදු කළ වෙනස්කමේ ප්‍රතිඵලයක් ලෙස, වාණිජ බැංකුවලින් මහජනතාවට ලබා දෙන නිවාස ණය ආදිය සඳහා අය කරන පොලිය ද 5.4% පමණ දක්වා අඩු වෙතැයි කියවෙනවා. නිවාස ණය ඇති අයට එය සැනසිලිදායක කරුණක් වුවත්, තමන් ගේ මුදල් ස්ථාවර තැන්පතුවල යොදවා ඒ පොලියෙන් වියදම් කරන විශ්‍රාමිකයින්ට නම් මේ සිදුවූ වෙනස දුකට කාරණයක් බව නිසැකයි.

මීට දශක දෙකකට පමණ පෙර කාලයකට පෙර, වෙත් කිරීමට වැදගත් දෙයක් නොතිබුණු නිසාදෝ, මා කොළඹ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් සඳහා ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තා. එහිදී මා අවබෝධකරගත් වැදගත්ම කාරණය වූණේ, ආර්ථික විද්‍යාව කියන්නේ නිශ්චිත විද්‍යාවක් නොවෙන බවත්, එය විචල්‍ය රාශියක් ඇති සංඛීර්ණ පද්ධතියක එක් එක් පාදයෙන් අල්ලා සොළවා බලන සදාකාලික අත්හදා බැලීමක් හෙවත් නැහැසුම්-සීහුම් ක්‍රමෝපායක් බවත් කියන කාරණායි.

දැන් මේ විදියට රටේ පොලී අනුපාතිකය අඩුකිරීමෙන් අපට බලාපොරොත්තු විය හැකි ප්‍රධානතම ප්‍රතිඵලය නම්, අඩු පොලියට ණය ලබා ගැනීමට ඇති හැකියාව තවත් වැඩි වෙන නිසා, රටේ ආයෝජන වැඩි වීමයි. එමගින් රටේ ආර්ථිකය ප්‍රසාරණය වෙනු ඇතැයි ඔවුන් අපේක්‍ෂා කරනවා. ආයෝජන වැඩිවීම තුලින්, රැකියා නියුක්තිය වැඩිවීමකුත් අපේක්‍ෂා කරනවා. විශේෂයෙන්ම, මේ රටේ ප්‍රධානම රැකියා වෙළඳපොලක් වන ඉඳිකිරීම් ක්‍ෂේත්‍රය මේ පොලී අනුපාතිකයට ඉතාමත් සංවේදී එකක්. ඉඳිකිරීම් දැනට පවතින තත්වයෙන් හෝ පවත්වාගෙන යාමට රජය පවා විවිධ වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක කරනවා.

ඊලඟට, ඕස්ට්‍රේලියානු ඩොලරයේ වටිනාකම තවත් පහල බැසීමට මෙය උපකාරවේ යැයි සිතන්නට පුළුවනි. මෙය වැදගත් වෙන්නේ එමගින් ආනයනය අඩු වී, අපනයනය වැඩි වී, ගෙවීම් ශේෂය හොඳ අතට හැරීම රටේ එක් ආර්ථික අරමුණක් නිසයි. පසුගිය කාලයේ ඕස්ටේ‍ර්ලියානු ඩොලරයේ අගය ඉතා ඉහල ගොස් තිබුණා. ඕස්ටේ‍ර්ලියානු ඩොලරයකට ඇමරිකානු ඩොලරයකට වඩා ලැබුණා. එයින් සිදුවුණේ, රටේ ආර්ථිකයට අවාසියක් කියායි සැලකෙන්නේ. දැන් ඕස්ට්‍රේලියානු ඩොලරයක වටිනාකම ඇමරිකානු ශත 78 ක් පමණ දක්වා අඩුවෙලා.

නමුත් ආර්ථික විද්‍යාවේ ඇති අස්ථිරකම තමයි, මේ සේරම මා පෙ කී කරුණු ගැන ඉන් හාත්පසින්ම වෙනස් ආකාරයට තර්ක කරන්නට හැකිවීම. උදාහරණයක් හැටියට, පොලී අණුපාතිකය අඩුවීම නිසා, මුදල් ඉතිරි කිරීමට ඇති පෙළඹවීම අඩුවෙන නිසා පාරිභෝගික භාණ්ඩ සඳහා වන ඉල්ලුම වැඩි වී උද්ධමනය ඇතිවෙන්න ඉඩ තියෙනවා කියා සහ. එනිසා, විරැකියාව වැඩි වෙන්නටත් ඉඩ තියෙනවා කියා තර්ක කරන්නටත් පුළුවනි.

එක අදහසකට එකඟවෙන ආර්ථික විද්‍යාඥයින් දෙදෙනෙක් මේ ලොවේ නැති යැයි සරදමට පැවසෙන්නේ ඒ නිසයි.

අවසාන වශයෙන් කිව යුත්තේ, මේ මූල්‍ය ප්‍රතිපත්තියේ සිදු කරන වෙනස්කම් සියල්ල අවසාන විග්‍රහයේ දී පර්යේෂණ නිසා, ඒවා සිදු කෙරන්නේ ඉතා ප්‍රවේසමෙන් සහ සෙමින් බවයි. පොලී අනුපාතිකය සෑමවිටම පාහේ අඩු වැඩි කරන්නේ 0.25% කින් පමණයි. ඊට වඩා වැඩි ප්‍රමාණයකින් වෙනසක් කළ බවට මගේ මතකයේ ඇත්තේ එක්වරක් හෝ දෙවරක් ගැන පමණයි. ඒ මීට වසර හතකට පමණ පෙර ඇරඹුණු ලෝක ආර්ථික අර්බුදය කාලයේයි.

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ඕස්ටේ‍ර්ලියානු ෆෙඩරල් රජයේ අය-වැය යෝජනා මගින් රටේ ආර්ථිකය දියුණු කිරීමට අවශ්‍ය ආදායම් ප්‍රතිපත්තිවල වෙනස්කම් සාකච්ඡා කෙරෙනු ඇති.

-ශාස්ත්‍රපති රසිකොලොජිස්ට්

ප/ලි
පහත ඇත්තේ 08.05.2015 දින සිඩ්නි ඩේලි ටෙලිග්‍රාෆ් පුවත් පතේ පළ වූ කාටූනයකි.
(c) Daily Telegraph, NSW, Australia




(image: http://audnews.com.au/rbas-future-monetary-policies-may-prove-stagnant-1137)

32 comments:

  1. අයිසෙ රසික, තමුසෙ බංදුලගෙන් ටියුෂන් ගත්තෙ නැතෙයි

    ReplyDelete
    Replies
    1. බන්දුල ගුණවර්ධන කියන්නේ උසස් පෙළ ටියුෂන්කාරයෙක් නේද? මං ඔන්නං එයාට උගන්වන්නම්!

      Delete
    2. නිකම් නෙවෙයි \\\ශාස්ත්‍රපති/// කියන්නේ...

      Delete
  2. පෞද්ගලික බැන්කු කීපයක් එකතු වී තම තමන් ගේ බැන්කු වල නම ගහලා තනි රටක බැන්කු නෝට්ටු නිකුත් කරන අවස්තාත් නැත්තේ නැහැ නේ....

    ReplyDelete
    Replies
    1. නොදනිමි. රිසර්ව් බෑන්ක් එකේ අනු සමාගමක් වෙන සල්ලි අච්චු ගහන කොම්පැනියක් වෙනත් රටවල කොන්ත්‍රාත්තු ගන්න දුෂණවලට සහය දීලාය කියලා නංචෝදනා ඔප්පු වුණා!
      http://www.smh.com.au/national/investigations/heads-roll-at-rba-company-20090914-fnva.html

      Delete
    2. Northern Ireland, Scotland, and for the time being Hong Kong

      Delete
    3. කොලෝනියල් කාලේ ලංකාවෙත් පුද්ගලික බැංකු කිහිපයක් තමුන්ගේ නම සහ කොළඹ, මහනුවර, ගාල්ල වගේ නගරවල නම ඇතිව මුදල් නෝට්ටු නිකුත් කරලා තියෙනවා. ගිහින් බලන්න කොළඹ කොටුවේ මහ බැංකුවේ මුදල් කෞතුකාගාරයට...

      Delete
  3. එහෙනම් අඩු කරන රටක් ළෝකේ නැතෙයි කියලා.. මහා ආර්ථික විජ්ජාක්න බන්ධුල ගුණවර්ධන කිව්වේ...

    ReplyDelete
    Replies
    1. පොලී අනුපාතිකය අඩු කරන්නේ ආර්ථිකය දුර්වල වෙලාවට එය ශක්තිමත් කරගන්නයි. ඇමරිකා එ.ජ යේ, ජපානයේ හෙම මේ කෑෂ් රේට් එක 0% වගේ!

      Delete
  4. රසිකයියේ......

    ශාස්ත්‍රපති කතා දැක්කේ අදද???? යකඩෝ ණය ගන්න ඔ්ස්ට්‍රේලියාවට ගිහිං මක්කටෙයි... ලංකාවට අාවානම් ශාස්ත්‍රපතිකම වෙනුවට අාචාර්ය කමක්ම ගන්න තිබුණා..... රේට්ස් හොදට ම අඩුයි.....

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ආචාර්ය උපාධි ණයට දෙනවා කියලද මේ කියන්නේ?

      Delete
  5. //-ශාස්ත්‍රපති රසිකොලොජිස්ට්// නියමයි

    හරි පුදුමයි.. අපිට නම් රටක් විදියට ඔහොම දේවල් තව අවුරුදු 100 ක් ගියත් කරන්න බැරි වෙයි,, ඉහළ යෑම් නේ අහන්න ලැබෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මා විශ්වාස කරන හැටියට, රටක සංවර්ධනයට ඉතාම වැදගත් වෙන්නේ තියෙන සම්පත් නිසි ලෙස කළමනාකරණය කර ගැනීමයි. සංවර්ධනයේ දී රජයකට කළ හැකි දේ සමස්ත ජනතාවගේ වැඩ කොටස සමග සංසන්දනය කළ විට අවමයක් පමණි.

      Delete
  6. හ්ම්ම් ව්‍යාපාරයක් කරන්න 10%15% ගිනි පොලියට ණය ගන්න අපි... දුක තමා රංජනී කිව්වලු...

    ReplyDelete
    Replies
    1. බැංකු ණය පොළිය අඩුම නිවාස ණයටයි. ඒ බැංකුවට තමන්ගේ මුදල් ගැන අනතුර අඩු නිසා, ඉඩම/ගෙයි වටිනාකම අනුව. ව්‍යාපාර ණය සඳහා පොලිය වැඩි වෙන්න හේතුව අනතුර වැඩි නිසා, ව්‍යාපාරයක් බංකොලෙත් වෙන්න.

      Delete
  7. මෙහෙ වගේ සියළුම බැංකු පාලනය කරන මහ බැංකුවක් තියනවද? රාජ්‍ය බැංකු සහ පෞද්ගලික බැංකු වශයෙන් වෙන වෙනම තියනවද? ඒවා අතර තරගකාරී බවක් තියනවද?

    දේශපාලකයෝ සහ ලොක්කෝ ණය අරං පොල්ල තියනවද?

    ReplyDelete
    Replies
    1. මහ බැංකුවට තමයි සංවිත බැංකුව කියන්නේ.

      මූල්‍ය ප්‍රතිපත්තිය සකසා ක්‍ර්‍රියාත්මක කිරීම ඔවුනේ එක කර්තව්‍යයක් පමණයි. මුදල් සංසරණය පාලනයත් සිදු කරනවා. සියළු විස්තර මෙතන.
      http://www.rba.gov.au/about-rba/index.html

      Delete
    2. කලකට පෙර ෆෙඩරල් සහ ප්‍රාන්ත රජයන්ට අයිති වාණිජ බැංකු තිබිලා තියෙනවා. ඒවා පසුව කොටස් නිකුත් කර පබ්ලික් කොම්පැනි බවට පත් කළා. විදේශ බැංකුවල ශාඛාත් තියෙනවා.

      බැංකු සඳහා නීති රීති සකසා ඒවා මොනිටර් කරන්නේ Australian Prudential Regulation Authority (APRA) එකයි.

      Delete
  8. //රජයෙන් ස්වාධීන වූ ආයතනයක්// අපෙත් 2002 මහ බැංකු පණත සංශෝධනය කලේ අර්ධ ස්වතන්ත්‍ර පාලනයක් දුන්නා කියලා තමා.
    සෘණ පොලී අනුපාත ස්වීඩනයේ ස්විට්සර්ලන්තයේ විතරයි (ඔබේ ලින්කුව අනුව) තියෙන්නේ. එංගලන්තයේ තාමත් ඇතැම් ගිණුම් ක්‍රම තියෙනවා සෘණ පොලී අනුපාත ලැබෙන.
    ඒකෙ නෙමේ, ඔහේ මහ බැංකුවෙ අර වගේ බැඳුම්කර කේස් නැතෙයි?

    ReplyDelete
    Replies
    1. කේස් ගැන නොදනිමි. බැඳුම්කර ඇත. අපට මිළට ගත හැක.
      http://australiangovernmentbonds.gov.au/

      Delete
  9. මේ සිට්ට්ම් එක ජනේරුවට කලින් තිබ්බේ නැද්ද? පුදුමයි මරා නොදැන හිටියා තිබ්බනම්.. හැක්.

    ReplyDelete
  10. හරි මේක දැන් ලකාවේ ඉන්න අපිට වැදගත්ද ඕව අපිට පාන් නොවෙයි ඔසී බයිලා
    අර ...ඇම්ඩා කොලුවත් ඉඳලා හිටලා මලක් උරපු වෙලාවට මෙන්න මේ වගේ ඒවා කියනවා

    ආර්ථික විද්‍යාව කියන්නේ නිශ්චිත විද්‍යාවක් නොවෙන බවත්, එය විචල්‍ය රාශියක් ඇති සංඛීර්ණ පද්ධතියක එක් එක් පාදයෙන් අල්ලා සොළවා බලන සදාකාලික අත්හදා බැලීමක් හෙවත් නැහැසුම්-සීහුම් ක්‍රමෝපායක් බවත් කියන කාරණායි.

    මාර ඇම්ඩා ටෝක් එකක්නේ මේක

    ReplyDelete
  11. දැන් මේකෙන් කරුපයිය්යලාට, අර්චුන් ලාට ගත හැකි පාඩම මොකක්ද ශාස්ත්‍රපති තුමනි ?

    ශාස්ත්‍රපති තුමාගේ මෝගේජ් එක අඩුවෙච්චි නිසා ලැබිච්ච ආතල් එක සමරන්න නේද මේක ලිව්වේ ?

    ReplyDelete
  12. ඔස්ට්‍රේලියාවෙන් හවුසින් ලෝන් එකක් දාලා ලංකාවේ ගෙයක් හදන්න පටන් ගන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ නියම අදහස්...:P

      Delete
  13. /මීට දශක දෙකකට පමණ පෙර කාලයකට පෙර, වෙත් කිරීමට වැදගත් දෙයක් නොතිබුණු නිසාදෝ, මා කොළඹ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් සඳහා ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තා. /

    ඉතින් අපට පාන්ද?

    ReplyDelete
  14. මසකි රසිකය
    කියවෙම් තලියන බල්ග් අමන්ද්
    පිස් හද්නි සද කුමට ඒ කිම්
    දුටු දුටු දන් සිත් සද්න් අරුමෝ
    මෙ ලිව් මම් පිසුමාය සිහිගිරි සිට ආ

    ReplyDelete
    Replies
    1. දයල් බතී ගේ සමකාලීනයෙක් වගේ?

      Delete
  15. ඇත්තටම මේ රටවල් ශක්තිමත් උනේ ඒ අටගේ පාදම නිර්ව්‍යාජ ලෙස ඉදි කිරීම නිසයි.. මාත් නිකං සාස්තර පති වගේ උනා මේ දැනුමවත් වීමෙන්..

    ReplyDelete
  16. --ශාස්ත්‍රපති රසිකොලොජිස්ට්--

    මෙන්න මේක නම් බොහොම ගැලපෙනවා...

    -------
    රසික,
    විස්තර ටික නම් බොහොම වටිනවා.

    තැනක් යූ වේවා...

    ReplyDelete
  17. අජිත් නිවාඩ් උන්නැහැ එහෙම පොඩ්ඩක් ඔය පැත්තට එව්වනම් මේවා හොඳට හදලා කරලා ගනියි

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.