Sunday, 28 June 2015

"හයිරංකාර - බලු ගැත්තර" සංස්කෘතියක ලක්‍ෂණයක්! - Comradery or Decadency?


මේ ලිපියෙන් කියවෙන කරුණ ගැන කලින් අසා ඇති, තම අදහස් දක්වා ඇති, අය වෙතොත්: සමාවෙන්න, අද නොවේ අපි හෙට හමුවෙමු.

පසුගිය දිනක මට වත්පොත හරහා පණිවිඩයක් ලැබුණි. එහි සිංහල පරිවර්තනයක් මෙසේය.
රසික අයියේ
අයියාට මාව මතකද?
මං අහවල් බැච් එකේ හිටියේ.
මට නම් අයියාව මතකයි.
ඉතිං කොහොමද තොරතුරු?
සී යූ ලේටර්.
මීට අහවලා
මා මේ මල්ලී ගැන විස්තර වත්පොතෙන් ම සොයා බැලූ විට ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උගත් මැවිසුරුවෙක් බව පෙනුණි. නමුත් අවාසනාවකට මෙන් ඔහු ගේ නම සහ ඡායාරූප දුටු මට මා දන්නා කියන කිසිවෙකු සිහි නොවුණි.

ඒ මගේ ප්‍රශ්නයක් නිසා නොව කාලය මැවූ අරුමය නිසාය. කාලයත් සමග මතකය අමතක වී යයි. නළල පුළුල් වෙයි. කෙස් තුනී වෙයි. හරහට උස යයි.

ඒ කෙසේ වෙතත්, මේ කියන අහවලා එදා අපේ කාලයේ පේරාදෙණියේ සිටියෙකු දැයි මට ඇතිවුණේ සැකයකි.

ඒ සැකයට හේතුව නම් අහවලා මා අමතා තිබුණේ මගේ නමින් නොව "අයියේ" කියා වීමයි!

අයියා-මල්ලී (හෝ අක්කා-නංගී) කියා එකිනෙකා ඇමතීමේ විහිළුව අපේ කාලයේ විශ්ව විද්‍යාලයේ නොතිබුණු එකකි. එය පසු කාලයක සිදුවුණු පරිහානියේ ලක්ෂණයක් බව මම දැන් දනිමි.

අපේ කාලයේ නම් ජ්‍යෙෂ්ඨයින් සහ කණිෂ්ඨයින් වෙනසක් නොමැතිව එකිනෙකා ඇමතූවේ බොහෝ විට මුල් නමිනි. සමහර විට වාසගමෙනි. නැතිනම් ඒ නම්වල කෙටි යෙදුමකිනි.

විශ්ව විද්‍යාලයේ වසර දෙක තුනක් අඩු වැඩිව ගතකර තිබීම යමෙකු අයියෙකු හෝ මල්ලියෙකු කරවන හේතුවක් නොවීය.

මා පේරාදෙණියේ කල් ගත කළ වසර හතරයි මාස දෙක තුළ කිසිවෙකුට අයියා හෝ මල්ලී කියා අමතා නැත. ඒ සමගම මා කිසිම සහෝදර ශිෂ්‍යාවකට අක්කා හෝ නංගී කියා අමතා ද නැත.

විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨත්වය මත ම අයියා හෝ මල්ලී කීමේ විහිළුව තවත් රසවත් කරන කාරණයක් නම් උසස් පෙළ තුන්වන වරට සමත් වී විශ්ව විද්‍යාලයට එන්නන් ද සිටින නිසා ය.

මගේ එක සගයෙකු ගේ වැඩිමහල් සොහොයුරා විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණේ අපට වසරකට පසුව ය. තවත් සගයෙකු ගේ වැඩිමහල් සොහොයුරා විශ්ව විද්‍යාලයට පැමිණියේ අප ඉන් නික්ම යාමට මාසයකට පමණ පෙර, එනම්, වසර හතරකට පසුවය.

ඒ අපේ මල්ලිලා ද?
අප ඔවුන් ගේ අයියලා ද?

මා සිතන්නේ විශ්ව විද්‍යාලයක හෝ එවැනි උසස් අධ්‍යාපන ආයතනයක ඉගෙන ගන්නා සිසුන් මේ ආකාරයට අයියා-මල්ලී-අක්කා-නංගී සමාජයක් බිහිකරගෙන ජීවත් වීම සමාජ පරිහානියේ ලක්ෂණයක් බවයි.

ඒ සමගම මට මෙලෙස ද සිතේ.
  • ඔබට කණිෂ්ඨ අය ඔබේ නමෙන් නොව, අයියා කියා ඔබ ඇමතිය යුතු යැයි ඔබ සිතන්නේ නම් එය හයිරංකාර මානසිකත්වයකි.
  • ඔබට වඩා ජ්‍යෙෂ්ඨ අයෙකුට ඔහු ගේ නමින් නොව අයියා යැයි අමතන්නට ඔබට සිතේ නම් එය බලු ගැත්තර මානසිකත්වයකි.
අවුලකින් තොරව අපට එකිනෙකා නම කියා ඇමතිය හැකි වේ නම්, සමාජයක් ලෙස අද අප මුහුණ දෙන සමහර ප්‍රශ්න විසඳෙනු ඇතැයි සිතමි.

ඒ මක් නිසා ද යත්, සමානයින් ගේ සමාජයක අන්ධ භක්තිය, ලොක්කන් ඇදහීම, පුද්ගල වන්දනාව, ලොකුකම, දීනකම නැති බැවිණි!

-රසිකොලොජිස්ට්

(image: http://www.imdb.com/media/rm3291975168/tt0096320)

39 comments:

  1. මම නම් කතා කලේම අයිසෙ කියල.

    ReplyDelete
  2. හුටා. මම එකද. මගෙ තෑග්ග මතක් කරල එවන්න.

    ReplyDelete
  3. අය්යා මල්ලී කියා කියන්නට තරම් ලෙන්ගතු කමක් ඇතිවිය හැකියි. හැබැයි ඒ ආකල්ප විකල්ප වශයෙන් එකෙනෙකා අතර ඉතාමත් සමීප බවක් ඇති වීමෙන් පසුව... එයට රැකියා , සමාජ තත්වය යන කිසිවක් අදාළ යැයි මා සිතන්නේ නෑ...

    ReplyDelete
  4. එහෙත් ඔබ මේ කියන අර්ථයෙන් අය්යා මල්ලි කියන අයත්... තම වාසිය තකා අය්යා මල්ලි කියන් අයත්... එමෙන්ම ඔහේ කියන්නන් වාලේ කිසිම තේරුමක් නැතිව ( පුළුවන් තරම් ජරා වැඩ කරන අතර අය්යා මල්ලි කියන අයත් ) ඉන්නවා. මට මේ පිරිස් අය්යා මල්ලි කියන එක එච්චර අල්ලන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. හා අය්යෙ.

      Delete
  5. හේතුව හරිම සරලයි, කැම්පස් ඉන්න අති බහුතරය ගුරු දරුවන්, ඉතිරියෙනුත් බහුතරය පවතින රජයේ සේවයේම ප්‍රතිපල, සමානාත්වතාවය කියන එක අහලාවත් නැති පරපුරක්. ගුරු දරුවෙක් යහපත් වෙන්නේ (මොන කුපාඩිකම් හොරෙන් කලත්) පෙරලි පෙරලී වදින තරමටයි. සුද්දන්ගේ සමානතාවය කැම්පස් වලට ගෙනා සිවිල් සේවකයන්ගේ දරුවන් එකෙක්වත් දැන් රජයේ සේවයේ ඇත්තේවත් තමන්ගේ දරුවරුවන් ලංකාවේ කැම්පස් යවන්නේ වත් නෑ. තව අවුරුදු කීපයකින් ඔවා ආයේ පිරිවෙන් වෙයි, කැළණිය සහ ජපුර පරණ පිරිවෙන් නේ.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++

      Delete
  6. අයිසෙ රසික, ඔය අයියෙ මල්ලියෙ කියන එකේ (මම නොකිවත්) මහා අවුලක් මටනම් පෙනෙන්නෙ නෑ.
    මට පේන්න බැරි මේ ළඟකදි ඉඳල හැම බැල්ලිගෙ පුතාම හැම බැල්ලිගෙ පුතෙකුටම ඔබ තුමා කියල කියන එක.

    ReplyDelete
    Replies
    1. උන්ට තමා එහෙම අමතන්නේ, උබටත් එහෙම ඇමතුවාද?

      Delete
  7. අපේ අය අයියලා වෙන්න බොහෝම මනාපයි..

    ReplyDelete
  8. රසිකලාගෙම අහ ඊයේ මම සහබාගිවුන සින්දු වතුර උත්සවයදී ඔය අයියා කතාවක් ඇදිලා ආවා.ඒ උත්සවේ සංවිදානය කල එක්කෙනාට හැමෝම අයියා කියලා අමතද්දී ඒක දිරෙව්වේ නැති කෙනෙක් හැමෝගෙම ඉස්සරහා කිව්වා "මම අයියා කියලා කතා කරන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තුම්මුල්ලෙ පද්මේ අයියා වගේ අයියලා.අනිත්කෙනා අපේ අයියා. උඹ ඒ දෙකටම අයිති නෑ වගේ මට හිතෙන හින්දා මම උබට නමින් කතා කරන්නම්" කියලා.

    ReplyDelete
  9. සම්පූර්ණයෙන් එකඟයි. මමත් අතිශයින් අකමැති දෙයක්.

    අපේ ගමේ සුබසාධක සමිතියේ සභාපතිගේ වයස අවුරුදු 42 යි. ඔහු 64 වියැති සමිති සාමාජිකයකුට අයියේ කියන අතර, 61 වියැති මට අන්කල් කියනවා. මෙතන වැරැදී දෙකයි.

    1. මා කැමති නැහැ, මගේ ඥාතියකු හැර, වෙන කෙනෙකු, මට අන්කල්/අයියේ/මාමේ/ කියනවාට. අවස්ථානුකූලව මිස්ටර්/මහත්තයා/ඔයා/ඔබ/මගේ මුල නම/අගනම/ වැනි යෙදුම් හොඳටම ප්‍රමාණවත්.

    2. මටත් වඩා වයසින් වැඩි, එමෙන්ම අර සභාපති වරයාට කිසිදු නෑදෑකමක් නැති පුද්ගලයාට, අයියේ කීම අර සභාපතිවරයා දෙන වැරදි පූර්වාදර්ශයක්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචං. පැන්සොන්කාරයින්ට මොනව කිව්වම මොකද?

      Delete
    2. චමින්ද කියන නම කොහොමද?

      Delete
    3. චමින්ද අයියා කියන එකද චමින්ද අංකල් කියන එකද වැඩිය හොඳ?

      Delete
    4. @ Anonymous28 June 2015 at 15:40

      @ Sa rasa28 June 2015 at 17:18

      @ Anonymous29 June 2015 at 00:03

      සාමාන්‍ය ක්‍රමය වන්නේ, පුද්ගලයකු සමග, සංවාද, මතවාද, විවාද, ඇතිකරගත යුත්තේ, අදහස් සහ සංකල්ප පදනම් කරගෙනයි. මෙතැනදී, තමාලා මාගේ අදහස් දැක්වීම සම්බන්ධව, මෙහි දක්වා ඇති අපහාසාත්මක අදහස් ගැන, මා හට කීමට ඇත්තේ මෙපමණයි.

      සා රස යනු, වෛද්‍ය ශිෂ්‍යයකු හෝ වෛද්‍යවරයකු යයි, ඊයේ පෙරේදා වෙනත් බ්ලොග් අඩවියක අදහස් දැක්වූ අයකු, පවසා තිබුනා.

      චමින්ද යන වචනය, කාලීන සමාජයේ මහලු පුද්ගලයන් හඳුන්වන අපහාසාත්මක යෙදුමක් බවට පිළිගැනීමක් තිබෙනවා. සා රස යනු, වෛද්‍ය ශිෂ්‍යයකු හෝ වෛද්‍යවරයකු නම්, ඔහු හොඳින්ම දැන සිටියයුතුයි, මෙලොව උපදින සෑම දෙනාම වයසට යන බව. ඒ අනුව,, මෙහිදී මා වෙත එම යෙදුම ඉදිරිපත් කිරීමෙන්, සා රස තම වෘත්තීය ගරුත්වය කෙලෙසාගත්, එම වෘත්තීය සදාචාරයට පටහැනිව ක්‍රියාකරන, හිස් පුඟුලකු බව මෙලෙස ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරනවා. මෙවැනි අය, ගමේ බඩදරු අම්මලාගේ දුක සැප බලන්නට එන, පවුල් සෞඛ්‍ය සේවිකාව හෙවත්, ගමේ භාෂාවෙන් වින්නඹු අම්මාගේ බෑග් එක උස්සාගෙන යන්නටවත්, සුදුසු නැති බව පෙනෙනවා.

      ඔබ මහත්මයකු නම්, මගේ මතවාදයට එරෙහිවයි අදහස් දැක්විය යුත්තේ. මගේ වයස යනු මගේ දුර්වල කමක් නොවේ. එය හරියටම, ඔබ වෛද්‍ය වරයකු වුනත්, නිකම්ම නිකම් පුස්සෙක් කිව්වා හා සමානයි 'වෙද පුස්සා' කිව්වා හා සමානයි.

      ඇනොලා දෙන්නාට කියන්න ඇත්තේ මෙයයි. පැන්සෝන් හෙවත් විශ්‍රාමයත් සෑම පුද්ගලයකුම තම ජීවිත කාලයේදී පත්වන අවස්ථාවක්. රජයේ හෝ, පෞද්ගලික අංශයේ හෝ, ස්වයං රැකියාවක යෙදී සිටියත්, එය වරදක් හෝ දුර්වලකමක් නොවෙයි. තමාලාගේ දැනගැනීම පිණිස සඳහන් කරන්න කැමතියි, තමාලාට හීනෙකින්වත් හිතාගන්න අපහසු, අද ලංකාවේ ඉන්න විධායක ශ්‍රේණියේ නිලධාරියකු ලබන මාසික වැටුපට වඩා වැඩි විශ්‍රාම වැටුපක්, මා ලබන බව.

      තමාලා සිටින තත්වය ගැන, උදාහරණයකින් පැහැදිලි කරනවා නම් මෙහෙමයි.

      බල්ලෝ රැලේ වැටෙන කාලයට, එක බැල්ලියකුට, බල්ලන් කීප දෙනෙක්, පාරවල් ගානේ, පඳුරු ගානේ, කඩපිල් ගානේ හැමනෙනවා. ඊට පස්සේ ඒ බැල්ලි පැටවූ ගහපුවාම, ඒ බැල්ලි දන්නේ නැහැ මේ කොයි බල්ලාගේ පැටවුද කියා. එමෙන්ම ඒ අවජාතක පර බලුපැටවුන් දන්නේ නෑ, තමන්ගේ පියා කවුද කියලා. නමුත් ඒ පර අවජාතක බලු පැටවූ, පාරේ හාමුදුරු කෙනෙක් වැඩියත්, හිඟන්නෙක් ගියත්, සාමාන්‍ය මනුෂ්‍යයෙක් ගියත් බුරනවා. උන් දන්නේ නැහැ, බුරන්න ඕනේ කුමකටද, කෙසේද, කොහොමද කියලා.

      ටටා!

      Delete
    5. විචාරක, තමාගේ දැනගැනීම පිණිස සඳහන් කරන්න කැමතියි, තමාට හීනෙකින්වත් හිතාගන්න අපහසු ගානක උසස් වර්ගයේ සුනක ජෝඩුවලින් ඇනෝලා වන අපි උපත ලබා ඇති බව. එහෙන්නං.

      Delete
    6. The likes of Saa Rasa defines the quality of of products of the current Sri Lankan education system

      Delete
    7. අෙඩ් ෙම් විචාරකයා පරන ෙපාලිස් කාරෙයක් හරි අාමිකාරෙයක් හරිද? කතා ෙෙසලිය ඒ් විදිය. තමා. තමාලා.. හි හි

      Delete
    8. මචෝ මොනවද මේ පුකේ අකුරු. කියවන්න පුළුවන් සිංහලෙන් කොටපන්කො

      Delete
    9. Anonymous29 June 2015 at 05:19

      විචාරක තමාගේ යන වචනය මා අතින් වැරදියට ටයිප්වී ඇත. විචාරක තුමාගේ යනුවෙන් නිවැරදි වියයුතු බව සමාව අයදිමින් සඳහන් කරමි.

      Delete
  10. වසර ගණනක සේවයෙන් පසු පුහුණුව සඳහා මා ගුරු විද්‍යාලයට යන විට මගේ වයස අවුරුදු 32කි. මට වඩා වයසින් අඩු අය මෙන් ම වැඩි අය ද ගුරු විද්‍යාලයේ වූ හ. මහරගම ගුරු විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ නායකත්වය එවකට දරමින් සිටි තාක්ෂණික අංශයේ මෝඩ ගුරු සිසුවෝ ද විශ්වවිද්‍යාල අනුකරණය කරමින් මෙම අයියා, මල්ලී ක්‍රමය අනුගමනය කරන්නට උත්සාහ කළ හ. එය පට්ට ම ජෝක් එකකි.

    ReplyDelete
    Replies
    1. අර උඩ ඉන්න විචාරක මහත්තයා පැරාව එළියකන්දෙදි හෙම හම්බවුණානම් ආ කොහොමද මල්ලි කියලා කතා කරයි නේද?

      Delete
  11. වසර ගණනක සේවයෙන් පසු පුහුණුව සඳහා මා ගුරු විද්‍යාලයට යන විට මගේ වයස අවුරුදු 32කි. මට වඩා වයසින් අඩු අය මෙන් ම වැඩි අය ද ගුරු විද්‍යාලයේ වූ හ. මහරගම ගුරු විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ නායකත්වය එවකට දරමින් සිටි තාක්ෂණික අංශයේ මෝඩ ගුරු සිසුවෝ ද විශ්වවිද්‍යාල අනුකරණය කරමින් මෙම අයියා, මල්ලී ක්‍රමය අනුගමනය කරන්නට උත්සාහ කළ හ. එය පට්ට ම ජෝක් එකකි.

    ReplyDelete
    Replies
    1. පැරා අයියා එක කමන්ට් එක දෙසැරයක් දැම්මෙ අයියෙක් නිසාද?

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. ලිපියේ මුල් ජේදය හෝ දෙක කියවද්දි මට දැනුන දේ ලිපියේ අග එහෙම්ම ලියවිලා. කොළඹ නීති පීඨයේ අනිවාර්ය සංස්කෘතිය තමයි ජ්‍යේඨයන්ට අයියා/අක්කා වශයෙන් ඇමතීම. කිහිප වතවක් උසස් පෙළ සමත්විමට උත්සාහ කිරිමෙන් පස්සේ ආපු අයත් කිසියම් හේතුවකට අධ්‍යයන වාර පමා කරලා පසුව පීඨයට ආව අයත් ජ්‍යේෂඨ මල්ලිලාට සහ නංගිලාට අයියා සහ අක්කා වශයෙන් කතා කිරීම අනිවාර්යය්. නැත්නම් නීති පිඨ ශිශ්‍ය සභා ගොඩනැගිල්ල හෙවත් ‘මෝචරිය‘ ඇතුලේම අවනීතිය අත්විදින්න පුලුවන්.

    ReplyDelete
  14. රසික අයියෙ මේ එකම කතාව ලියල ඇති වෙන්නෙම නැද්ද?

    ReplyDelete
  15. විශේෂයෙන්ම ඇඩ්වර්ටයිසින් සහ පෞද්ගලික සමාගම් බොහෝමයක සහෝදර සේවකයොන්ට වයස ගැන නොහිත නමින්ම කතා කරනවා. මට නම් ඒක සහෝදරාත්මකයි. සර්ලා මැඩම්ලා වෙනවට වඩා. ඒ කොම්පැණි ලාබත් ලබනවා.

    ReplyDelete
  16. කතාව නම් සහතික ඇත්ත. ඒත් මමත් සමවයසේ අයට කතා කරන්නේ මචන්, වැඩිමල් අයට අයියා, බාල අයට මල්ලි (ස්ත්‍රී ලිංග වර්ෂන් එක හිතාගන්න පුළුවන්නෙ). නැවත හිතල බලන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔතන පොඩි කේස් එකක් තියනවනෙ ස්ත්‍රි ලිංග වර්ෂන් එකේදි. කොහොමද අපි දැනගන්නෙ අපට වඩා වයස වැඩිද අඩුද කියල?

      Delete
  17. රජාගෙයි,වලව් හාමුලාගෙයි,හම සුදු උන් සහ උන් ලඟින් හිටි උන් සර්,සහ මිස්ටර්,හාමු වීමත් හම කළු උන් අයිසෙ,තමුසෙ වීමත් එක්ක දශක ගානක් ඉඳලා 'අයියෙක්' වෙන්න ලැබෙන චාන්ස් එක පරෝජං කොර ගන්න එක නෙ මේ කොරන්නෙ..

    ReplyDelete
  18. පිස්සු හැදෙනවනේ මල්ලී. සොරි අයියා. දැන් කැම්පසුත් එහෙමද? අපේ බැච් වලත් ඔය වගේ මල්ලිලාට පස්සේ ආපු අයියල වගේම එකට ආපු අක්කලා මල්ලිලා හිටියා. නීති විද්‍යාලයේනම් තාත්තයි දුවයි දෙන්නමත් එක බැච් එකේ හිටියා.

    ReplyDelete
  19. ටික දවසකට හරි අයියල වෙනවා නේ.. ඕන්න ඕකයි රසික අවුල.. මේකෙත් තවත් පැතිකඩ තියෙනවා..

    ReplyDelete
  20. තරුණ කාන්තාවන් තම සහකරුට "අයියා" ලෙස ආමන්ත්‍ර‍ණය කිරීම රැල්ලක් සේ පැතිරී ඇත.
    සමාජ පරිහානියෙන් ගැලවීමක් පවුලට කොහින්ද?

    ReplyDelete
    Replies
    1. නංගියෙක්29 June 2015 at 21:11

      අපි ආදරේට එයාට අයියා කියන්නෙ අනී. නැතිව බලුගැත්තර කමකට නෙවි අයියො. අපිට අපේ මහත්තයා අයියෙක් තමයි අයියො. හි හි...

      Delete
  21. මටත් ඉතින් ඔය අයියා කියන එක වැඩිය අල්ලන්නේ නැහැ. නමුත් ඒකෙන් ටිකක් ළඟ හිතවත් කමක් දැනෙනවා නේද ?
    http://nelumyaya.com/?p=3381

    ReplyDelete
  22. අපේ තාත්තගෙ යාළුවෙක් වුනු මංගලදාස මාමා, අපේ තාත්තට වඩා වැඩිමල්. ඒ වුනාට එයා අපේ තාත්තට කතා කළේ “අයියෙ“ කියලා. පස්සෙ පස්සෙ මටත් කතා කළේ “අයියෙ“ කියලා. මාත් එයාට කිව්වෙ “අයියෙ“ කියලා. ඒක වෙනම දෙයක්...

    කාලයක් අපේ ක්‍රිකට් කණ්ඩායමේ තිබුණා නායකයට අයියෙ කියලා කතා කරන්න ඕනෙ කියන නීතියක්. අන්න ඒක නම් මාත් හෙළා දකිනවා.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.