Tuesday 3 November 2015

බස් පෙරැලූ රුවන් වැකි - Have a healthy laugh (about ourselves)


නොදන්නා මිතුරෙකු විසින් එවා තිබුණු ඊ-මේලයකින් කියවූ රුවන් වැකි කිහිපයක් කෙතරම් මගේ සිත ගත්තේ ද යත් ඒවා සහ ඒවායේ මගේ සිංහල අනුවර්තන මෙලෙස රසිකොලොජිය හරහා බෙදා ගැනීමට සිතුවෙමි.

මේවා විදෙස් ජාතිකයින් විසින් කියන ලද ඒවා වුවද, අපට ද කියවා අපට ම සිනා සිය හැකි වෙනු නිසැක ය!
We hang the petty thieves and appoint the great ones to public office.
-Aesop
අපි පොඩි හොරුන්ව එල්ලා මරා ලොකු හොරුන්ව අපේ නායකයින් ලෙස පත් කර ගන්නෙමු.
If we got one-tenth of what was promised to us, there wouldn't be any inducement to go to heaven.
-Will Rogers
අපට දුන් පොරොන්දුවලින් 10%ක්වත් අපට ලැබුණේ නම් දිව්‍යලෝකයට යාමට කිසිදු අවශ්‍යතාවක් ඇති නොවනු ඇත.
When I was a boy I was told that anybody could become President; I'm beginning to believe it.
-Clarence Darrow
මගේ ළමා කාලයේ ඕනෑම අයෙකුට රටේ ජනාධිපති විය හැකි බව කියවෙනු ඇසීමි. මා දැන් එය විශ්වාස කරමි.
Politicians are people who, when they see light at the end of the tunnel, they go out and buy some more tunnels.
-John Quinton
දේශපාලකයින් යනු උමග කෙළවර ආලෝකය ඇති බව දුටු විට තවත් උමං මිලට ගන්නෝය.
Politics is the gentle art of getting votes from the poor and campaign funds from the rich, by promising to protect each from the other.
-Oscar Ameringer
මේ දෙපිරිස එකිනෙකාගෙන් ආරක්‍ෂාකරන බවට පොරොන්දු දෙමින් දුප්පතුන්ගෙන් ඡන්දයද, පෝසතුන්ගෙන් මැතිවරණ වියදම් ද ලබා ගන්නා සියුම් කලාව දේශපාලනය නම් වේ.
I offer my opponents a bargain: if they will stop telling lies about us, I will stop telling the truth about them.
-Adlai Stevenson, campaign speech, 1952
මගේ විරුද්ධ අපේක්‍ෂකයින්ට මං හොඳ වාසිදායක යෝජනාවක් කරන්නවා. මා ගැන බොරු කියන එක නතර කරන්න. මං ඔවුන් ගැන ඇත්ත කියන එක නවත්වන්නම්.
A politician is a guy who will lay down your life for his country.
-Tex Guinan
දේශපාලකයෙකු යනු රට වෙනුවෙන් ඔබේ ජීවිතය කැප කරන අයෙකි.
I have come to the conclusion that politics is too serious a matter to be left to the politicians.
-Charles de Gaulle
දේශපාලනය යනු දේශපාලකයින්ට පමණක් භාර දී සීටීමට නොහැකි බැරෑරුම් දෙයක් බව මම නිගමනය කළෙමි.
Instead of giving a politician the keys to the city, it might be better to change the locks.
-Doug Larson
දේශපාලකයින්ට නගරයේ යතුරු භාර දෙනවාට වඩා, අගුළු වෙනස් කිරීම යෝග්‍ය වේ.

-රසිකොලොජිස්ට්

ප/ලි
ඔබට මේ ලයිස්තුවට එකතු කිරීමට දේ තිබේ ද?

මෙන්න මගෙන්-
1. ඕනෑම දේශපාලයෙකුට නියමිත මිලක් ඇත. ඒ මිලට වඩා ලන්සුවක් ආ විගස ඔහු හෝ ඇය විකිණෙනු ඇත.
-රසික සූරියආරච්චි

2. දේශපාලයෙකයින් අතරින් අන්ත දූෂිතයින් යනු රට, ජාතිය, ආගම යනාදී වචන නිතරම භාවිතා කරන අයයි.
-රසික සූරියආරච්චි

3. ඔබේ ළඟම මිතුරෙකු වුව ද දේශපාලකයෙකු නම් විශ්වාස නොකරන්න.
-රසික සූරියආරච්චි

(image: http://quoteseverlasting.com/quotations/category/inspirational-quotes/page/22/)

24 comments:

  1. ඔක්කොම මෙහාටත් ගැලපෙනවා.

    ReplyDelete
    Replies
    1. නිවැරදි කිරීමක්: දේශපාලකයෙකු යනු තමන්ගේ රට වෙනුවෙන් ඔබේ ජීවිතය කැප කරන අයෙකි.

      Delete
    2. නිවැරදි කිරීමක්: දේශපාලකයෙකු යනු තමන්ගේ පවුල වෙනුවෙන් ඔබේ ජීවිතය කැප කරන අයෙකි.

      Delete
  2. “I remain just one thing, and one thing only, and that is a clown. It places me on a far higher plane than any politician”
    ― Charles Chaplin

    ReplyDelete
  3. “On average, women are better liars than men. But the best liars are men, because politicians are still predominantly men.
”
    ― Jarod Kintz

    ReplyDelete
  4. We would all like to vote for the best man but he is never a candidate. :P

    Kin Hubbard

    ReplyDelete
  5. දේශපාලකයා කෙතරම් ශක්තිසම්පන්නද යත් මහා කළු ගලක් වුවත් එක රැයකින් ඉවත්කළ හැකිය.

    ReplyDelete
  6. මේ දෙපිරිස එකිනෙකාගෙන් ආරක්‍ෂාකරන බවට පොරොන්දු දෙමින් දුප්පතුන්ගෙන් ඡන්දයද, පෝසතුන්ගෙන් මැතිවරණ වියදම් ද ලබා ගන්නා සියුම් කලාව දේශපාලනය නම් වේ.

    ඒක තමයි මට අල්ලල ගියේ

    ReplyDelete
  7. දුප්පතුන්ගෙන් ඡන්දයද, පෝසතුන්ගෙන් මැතිවරණ වියදම් ද ලබා ගන්නා සියුම් කලාව දේශපාලනය ++++++

    ReplyDelete
  8. ඇත්ත. දේශපාලකයෝ තමයි නරක.

    දොස්තරලා, ලෝයර්ලා, මැවිසුරුවෝ, ලිවිසුරුවෝ, බ්ලොග් කාරයෝ, ගොවියෝ, ධීවරයෝ, ශිෂ්‍යයෝ, පොලිස්කාරයෝ, හෙදියෝ, මාධ්‍යවේදීන් ඔක්කෝම හරීම හොඳ මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. ඇනෝ දේශපාලකයෙක් නේද?

      Delete
  9. When money speaks , the truth keeps silent!. මුදල් කථාකරණ විට සත්‍ය නිහඩ වේ ! a Russian proverb

    ReplyDelete
  10. දේශපාලනයක් නම් දැන් කෙරෙන්නේ නෑ.. දැන් කෙරෙන්නේ දේශපාළුවක්.

    ReplyDelete
    Replies
    1. දැන් කෙරෙන්නෙ බිස්නස්

      Delete
  11. මේ ඔක්කෝම අම්මට සිරි ලංකාවේ ජීවත් වෙච්චි අයද...?

    ReplyDelete
  12. අර උමං කතාව මට එච්චර තේරුනේ නෑ...

    “දේශපාලනය යනු පාසලේ දී උගන්වන බැරෑරුම් විෂයයක් වන අතරම ප්‍රායෝගිකත්වයේදී ඉතාම සරළ භාවිතයක්ද වන අරුම පුදුම දෙයකි.“
    - ඩ්‍රැකී සීනියර්

    පවතින සෑම සංල්පයක්ම භාවිතා කර හෝ/හා විනාශ කර, බලයට පත් වීම හා බලය රැක ගැනීම දේශපාලනයේ ඒකායන ඉළක්කයයි
    - ඩ්‍රැකී සීනියර්

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී උඹ බැඳලා නැද්ද? බැන්ද දවසට උමං කතාව තේරෙයි.

      Delete
  13. Best one is the gentle art of politics.. I'm little against with Adlai Stevenson (1952) and hence thinking of changing it.
    "As long as they lie about us.. I will speak truth of them"..

    ReplyDelete
  14. මෝඩයන් සිටින තාක් දේශපාලකයන්ට පැවැත්මක් ඇත...

    ReplyDelete
  15. මෙන්න මගෙන්-
    1. ඕනෑම දේශපාලයෙකුට නියමිත මිලක් ඇත. ඒ මිලට වඩා ලන්සුවක් ආ විගස ඔහු හෝ ඇය විකිණෙනු ඇත.
    -රසික සූරියආරච්චි

    2. දේශපාලයෙකයින් අතරින් අන්ත දූෂිතයින් යනු රට, ජාතිය, ආගම යනාදී වචන නිතරම භාවිතා කරන අයයි.
    -රසික සූරියආරච්චි

    3. ඔබේ ළඟම මිතුරෙකු වුව ද දේශපාලකයෙකු නම් විශ්වාස නොකරන්න.
    -රසික සූරියආරච්චි

    සැමට ස්තුතියි!

    ReplyDelete
  16. ඒ කියන්නේ මෙහේ වගේම සෙටි එකක් එහෙත් ඉන්නව

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.