Friday 4 December 2015

ලොකු ළමයෙකු ගේ පශ්චාත්තාපය - Feeling bad


අප කුඩා කාලයේ දෙවරක් ම ජීවත්වූයේ තාත්තා ගේ මහ ගෙදර ය. දෙවන වරට අප එහි පදිංචියට යන විට එහි සිටියේ වයසක ආච්චී සහ අපේ ලොකු නැන්දා පමණි. සීයා මිය ගියේ ඊට මාස කිහිපයකට පෙරය.

අපේ ලොකු නැන්දා විසින් හදා වඩා ගන්නා ලද බල්ලන් රංචුවක් ම ඒ නිවසේ සිටියෝ ය. මැදිවියේ පසුවූ අවිවාහක කාන්තාවක වූ ඇය මේ බලු පරපුරට තුන් වේලම බත් දුන්නා ය.

බල්ලන් රංචුව නිවසේ සිටියා ය කීවාට, උන් එකෙකුටවත් නිවස ඇතුළට ඒමට නම් අපි කිසි විටෙක ඉඩ නොදුන්නෙමු. දකින දකින වාරයක් පාසා උන් එළවා දැමීම අපේ දෛනික කාර්යය විය.

ඒ සඳහා අප කළේ බල්ලන්ට ගල්වලින් ගැසීමයි.

බල්ලන්ට ගැසීම පිණිසම එකතු කළ හුරුබුහුටි ප්‍රමාණයේ ගල් ගොඩක් නිවසේ බිහිදොර හතර අවට තබා තිබුණි.

බල්ලෙකු නිවස අසලට පැමිණ ඇති බව දුටු විගස අප මිදුලට බසිමු. අප දකින විටම බල්ලා දිව යයි. අපි ගලක් රැගෙන ඒ දුවන බල්ලාට එල්ල කර වේගයෙන් විදිමු.

බොහෝ විට මේ ඉලක්ක වැරදී යයි. ඉතා කලාතුරකින් බල්ලෙකුට පහර වැදේ.

එසේ පහර වැදී බල්ලා වේදනාවෙන් කෑ ගසන විට අපට අනිවාර්යෙන් ම ඇතිවන්නේ ඉමහත් සතුටකි.

අද උදයේ දුම්රියට නැගී උකුල මත පරිගණකය දිග හැරගත් පසු මගේ සිහියට නැගුණේ දශක හතරකට පමණ ඉහත දී අප කළ ඒ බලු වැඩේ ය.

ඒ හැසිරීම ගැන අද මා සිතේ ඇතිවෙන්නේ ඉමහත් කණගාටුවකි. කුඩාවුන් වුවත් අප ගැනම මට දැනෙන්නේ මහා දරුණු අපුලකි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
අමාවක අඩවියේ කළාමැදිරියා ලියූ මේ කවිය කියවන්න.
http://bitternight.blogspot.com/2015/12/blog-post_4.html

(image: https://triangulations.wordpress.com/2010/12/25/buddhist-dog-brain/)

40 comments:

  1. මා 6 පන්තියේ සිටියදී බැල්ලකට ගල් පහරක් එල්ල කලා. එම ගල් පහරට උගේ නලල පැලිලා ලේ බිඳු ආවා. මම එදා සිට අද දක්වාත් මා විසින් කල පාපතර ක්‍රියාවට දුක් වෙනවා. ඒ බැල්ල ගේ රුව මට තාමත් මතකයි.

    ReplyDelete
    Replies
    1. මඩොල්දූව පොතේ තිබුණු කතාවක් සිහිවිය!

      Delete
    2. සිතන විදිය වෙනස් කරවන සිදුවීම් කෙතරම් කුඩා දේ වුනත් ලේසියෙන් අමතක වෙන්නේ නෑ!

      Delete
  2. මේව තමයි කර්ම විපාක. පසුව පසුතැවිලි වීමට සිදුවීම. මමත් ඔය වගේ වැඩ කීපයක්ම කරලා තියෙනවා. (අද පෝස්ට් එක දැම්මෙත් බල්ලන්ට ගහන ඒවා ගැන)

    ReplyDelete
    Replies
    1. මං නං බල්ලන්ට ගල් ගහන්නේත් නෑ, බල්ලන්ට ගහන ඒවා ගහන්නේත් නෑ!

      Delete
    2. අපි නම් බල්ලන්ට ගහන ඒවා නැතිවුනාම දෙයියන්ට ගහන ඒවා නැත්නම් වත්ත වටේට ගහන ඒවා හරි ගහනවා

      Delete
  3. අරාබී කාරයන්ටත් දවසක් ඔහොම හිතේවී...

    ReplyDelete
    Replies
    1. මට අද උදේ මේ අතීත කතාව සිහිවුනේ සවුදි කේස් එක නිසයි!

      Delete
    2. ඒ දවසනම් තව අවුරුදු 100කින් වත් එයිද දන්නේ නෑ, ඉගෙන ගත්තු අයට වඩා නුගත් මිනිස්සු වැඩි, අල්ලා ට වඳන්නේ නැති අය අපායට යනවා කියලා කියන්නේ.

      Delete
    3. I saw someone describe the rich Arab countries using the best example. Don't know if you know what Trailer Park RedNecks are (Google if you don't know)
      Rich Arabs are like a Trailer Park RedNeck family who won the $500 million lottery. Lots of money, but no class, no common sense, no humanity or empathy.

      Delete
  4. මෙහි තවත් පැත්තක් ඇත. බල්ලෙකු සුරතලයට හෝ වෙනයම් බලාපොරොත්තුවක් ඇතිව හදනවා නං උගේ ස්වාමියා විසින් රැක බලාගැනීම කල යුතුවේ. අප නිවසේ ද බල්ලන් කිහිප දෙනෙකු ඇති කල සහ කරන අතර කොහෙන් හෝ රින්ගා අසල් වැසි නිවසේ බැල්ල අප නිවසට පැමිණේ. අප බල්ලන්ට උගෙන් ලෙඩ රෝග බෝවන බැවින් අතට අසුවන පොල් බෑයකින් උවද අපි ඌට දමා ගැසුවේ අසල් වැසියාට මේ ගැන කියා පලක් නොවන බැවිනි. අපෙන් කෙතරම් අකටුයු තුකම් සිදු උවද බැල්ල ගේ ප්‍රේමය ජය ගත්තේ අප නිවසේ ඇතිකළ දඩෝරියා ම වැනි ඌ පැටව ගෝන්නක් තෑගි කරමිනි.
    ලසන්ත මංජුල ගනේපොල

    ReplyDelete
    Replies
    1. මා වෙසෙන රටේ නම් නිවෙස්වල හදන්නට ගන්නා බල්ලන් සහ බැල්ලියන්ව වඳ භාවයට පත් කරලයි විකුණන්නේ ම.

      Delete
  5. එල්ලන් බාලවීම.. :D

    ReplyDelete
  6. //එසේ පහර වැදී බල්ලා වේදනාවෙන් කෑ ගසන විට අපට අනිවාර්යෙන් ම ඇතිවන්නේ ඉමහත් සතුටකි.//

    අනේ මන්දා පොඩි කාලේ මාත් බල්ලන්ට ඒම් කරල ගහනවා. ඒත් බල්ලෙකගේ කකුලට හරියට ෂොට් එක වැදිල උෟ වැටිල කෑ ගහපු දවසේ ඉදල මම නං සතෙකුට වදින්න ගහන්නේ නෑ.. තාමත් බය කරන්න බල්ලන්ට ගහනවා තඩි ගල් වලින්.. මං හැමදාම කියනව වගේ මිනිස්සුන්ගේ ඇගේ තාමත් පෞරාණික ම්ලේච්ඡත්වය දුවනවා අවශ්‍ය වෙලාවට ඒක රත් වෙලා එළියට එනවා..

    ReplyDelete
    Replies
    1. එදා ග්‍රෝත්‍රවාදයට අද කියන්නේ ජාතිආලය!

      Delete
  7. ඊට දරැනු විහිලුව මානව හිමිකම් කවුන්සලයේ සිටින අරාබි ජාතිකයන්වත් මෙය වැරදියි යයි නොකීමයි

    ReplyDelete
    Replies
    1. අරාබීන් අමතක කරමු, අන් අයවත් ප්‍රකාශයක් කර තියෙනවා දැක්කාද?

      Delete
  8. වලිගෙ වනා ගෙන හිනා වීගෙන තමන් ගාවට එන බලු පැටවුන්ට පයින් ගහන එවුනුත් මං දැකල තියනව.
    ඉන්විසිබල් මෑන් වෙන ෆැන්ටසි එක මට එන එක වෙලාවක් ඒක ......හොඳ බර පැතලි මුහුණතක් ඇති ක්‍රිකට් පිත්තක් වැනි භාණ්ඩයක් වේගයෙන් ඒවගේ අයගේ මුහුණට හඳුන්වා දෙන්න

    ReplyDelete
    Replies
    1. //ඉන්විසිබල් මෑන් වෙන ෆැන්ටසි එක// ප්‍රා, මා හිතුවේ මේ ෆැන්ටසි එක එන්නේ මට විතරක් කියා.

      සටහන ගැන කියුවොත්, මිනිස් ජිවිතයක වටිනාකම සමාජයෙන් සමාජයට වෙනස් වීමේ හා මිනිස් දිවියක (සතුන් පැත්තක තියමු දැනට) අගයට නියම වටිනාකමක් දෙන පරමාදර්ශී සමාජයක් සොයා යන අනවරත ගමනේ කෙළවරක් කවදා දකිමුද?

      Delete
    2. කැට් පර්සන්ලා, ඩෝග ්පර්සන්ලා මෙන් ම කැට් හේටර්ස්ලා සහ ඩෝග් හේටර්ස්ලා ද ඇත!

      Delete
    3. Yes rasika. i hate dog haters ! So, i'm a dog hater hater i guess. :-)

      pra jay

      Delete
  9. මං පොඩිකාලේ පූසෙක්ව ඔංචිලි පද්දවන්න ගිහින් ඌ බිම ඇදන් වැටිලා කකුල කොරගහන්න උන හැටි මතක් උනා. දවස් කීපයකින් ඌට සනීප වුනත් ඒ ගැන ඇතිවුන පසුතැවීම තවමත් එහෙමමයි.

    ReplyDelete
    Replies
    1. ඔයා හොඳයි, ඒක අත්වැරදීමක් නේ.
      මං දැකලා තියෙනවා ළමයි පරීක්‍ෂණයක් සඳහා පුසෙකුව උඩ සිට පහළට දානවා, උෘ ආපසු හැරී කකුල් දෙකෙන් බිමට වැටෙන හැටි බලන්න!

      Delete
    2. පූස නම් කොහොම දැම්මත් කකුල් හතරෙන් වැටෙනවා. වැඩේ කියන්නෙ ගස්ලබ්බ බලු පැටියෙක් වත් දාල බැලුවා... අම්මෝ කෑ ගහපු තරම්.. හැබැයි හීරිලා වත් තිබුනෙ නෑ...

      Delete
  10. අපේ මහින්ද ජනාධිපතිතුමා හිටිය නම් ඔහොම වෙන්නෙ නෑ, මේ හිටං මාම ආව විතරයි කවුරුත් ඌ පයිසෙකට ගණන් ගන්නෙ නෑ.

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත, ඒ දවස්වල මරා දාපු කෙල්ලගේ නම රිසානා කියාවත් අපි දැන ගත්තා. මේ පාර නමවත් දන්නේ නෑ, හිටං!

      Delete
    2. නම ප්‍රසිද්ධ කරන්න එපා කියල ඇය ඉල්ලීමක් කරලා තියෙනවා කියලා මාධ්‍ය වල වාර්තා උනා.

      Delete
    3. පාර්ලිමේන්තුව ඇතුලෙත් රනිල් තර්ක දිනන්නේ අයිසේ කට වහනවා කියලා. ජේ ආර් වගේ බයංකාර එකෙක් කිව්වනම් එක සීරියස්. මේ වගේ පොකිරිස්සෙක් කියන කොට තේරෙන්නේ

      - සුජීව කොකාවල

      Delete
  11. නැන්දා ආදරෙන් කන්න දීලා හදන බල්ලට උබලා ගල් ගහනකොට, නැන්දා මොකුත් කියන්නේ නැද්ද මචන්. නොතේරෙන කාලේ කරපු වැරදි වලට දැන් විදවලා වැඩක් නෑ.ඒ වැරදි දැන් නොකරනවනම් තමයි හොද
    ජය වේවා.

    ReplyDelete
  12. බල්ලන් නිවස අසළ හෝ නිවස තුළ ගැවසීම ඉමහත් කරදරයකි. උන් එසේ ගැවසෙන්නේ ආහාර සඳහාම නොවේ. උන්ට ඇති වැඩකුත් නැත. පැත්තකට වී උන් ඉන්නේත් නැත. ඒ කරදරයෙන් මිදීමට ඇති හොඳම විසඳුම මතක හිටින ගල් ප්‍රහාරයකි.

    මමනම් දැන් වුවත් බල්ලකුට ගලකින් ගසන්නට පසුබට වන්නේ නැත.

    ReplyDelete
  13. යම්කිසි බරක්පතලක් දැනීමක් සහ බලපෑම් කිරීමේ හැකියාවක් ඇති උන දා ඉඳලා සත්ව හිංසාවට පුළුවන් විදිහට විරුද්ධ වෙනවා.සයිට් එකේ උනත් ගස්ලබ්බ ලඟ ඉන්නවා නම් චීනෙක් වත් බල්ලෙකුට ගලක් නොගහන තැනට ඉන්න ඇහැකි උනා.පොඩිකාලෙ කොරපුවාට ඉතින් කොරන්න දෙයක් නෑ..
    ජයවේවා..!!

    ReplyDelete
  14. ඔය අකමැත්ත, වේදනාව අපිට දැනුනනට ඒක සතුටක් කර ගත්ත අයට ඕක දැනෙන්නේ නෑ.. උන්ටත් ගල් වදිද්දී නම් තේරේවි.. හැබැයි එහෙම නොවෙන එකයි ප්‍රශ්ණේ.

    ReplyDelete
  15. පාර්ලිමේන්තුව ඇතුලෙත් රනිල් තර්ක දිනන්නේ අයිසේ කට වහනවා කියලා. ජේ ආර් වගේ බයංකාර එකෙක් කිව්වනම් එක සීරියස්. මේ වගේ පොකිරිස්සෙක් කියන කොට තේරෙන්නේ

    - සුජීව කොකාවල

    ReplyDelete
  16. තව මනුස්සයෙක්ට ගල් ගහන්න තරම් මොන තරම් විකෘති මනසක් තියෙන්න ඕනද! දැන් ඔය දේව භක්තිය නිසා ගල් ගහනවනම්, දෙවියෝ ඔච්චර බලගතු නම්, ඔය ගහන ගලක් දෙවියන්ටම ගහන්න බැරිද? ඒකට මොකටද මිනිස්සු?

    ReplyDelete
  17. බල්ලන්ට ගල් ගහල තියනව ඕන තරම්. නමුත් ගල් ගැහීම නරක බව වටහාගත්ත.

    ReplyDelete
  18. මාත් බල්ලන්ට ගල් ගහල තියනව අනන්ත... හ්ම්ම් නරක වැඩ... එකම රිලීෆ් එක මගෙ ඉලක්කෙ අවුල් නිසා වැඩි වාරගනනක් වැදිල නෑ...

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.