Thursday, 3 March 2016

බණ්ඩාරනායක මුවහම සහ ඉංගිලිසි (ඉංගිරිසි/ඉංග්‍රීසි) ඉගෙනීම - Studying English Vs studying in English


සිංහල රාජ්‍ය භාෂාව කළා යැයි ද, එනිසා සිංහලෙන් ඉගෙන ගන්නට සිදුවුණා යැයි ද, සොලමන් බණ්ඩාරනායකට කුණුහරුපයෙන් බැණ වදින සම-හරක් සිතාගෙන සිටින්නේ ඊට පෙර කාලයේ සමස්ත ඉල්ලංකාවේ ම ඉංගිලිසිය දෝරේ ගලමින් තිබුණු බවයි. හැම ළමයෙකුට ම ඉංගිලිසියෙන් ඉගෙන ගන්නට හෝ අඩු වශයෙන් ඉංගිලිසි ඉගෙන ගන්නට හෝ පහසුකම් තිබුණු බවයි.

නමුත් මා මගේ පියාගෙන් අසා දැනගෙන ඇති ආකාරයට ඔහු පාසල් අධ්‍යාපනය ලැබූ කාලයේ ඉංගිලිසියෙන් ඉගෙන ගැනීමට නම් නගරයේ මුදල් අය කරන පාසලකට යා යුතු වී ඇත. ගමේ ගොඩේ පාසල්වල පැවති වර්නකියුලර් අධ්‍යාපන ක්‍රමයේ මාධ්‍යය වී ඇත්තේ සිංහල භාෂාවයි.

ගුණදාස අමරසේකර ලියූ ගමනක නවකතා මාලාවේ කොලොප්පං අඩු මුල් කොටස් කියවීමේ දී නගරයේ කොලීජියකට ඇතුළු වී මුල සිටම ඉංගිලිසි ඉගෙනීම යනු සල්ලිය බාගේ තරමක් හෝ ඇති පවුලක දරුවන්ට පමණක් තිබුණු වරප්‍රසාදයක් බව පැහැදිලි වෙනු ඇත.

මගේ පියා ගේ කාලයේ ඒ ගම්බද වර්නකියුලර් ඉගෙනීම අවසානයේ දී ලබාගත හැකි වූ ඉහළම රැකියාව වූයේ එක්කෝ උප ගුරු තනතුරකි, නැතිනම් පසුව වෙනත් අධ්‍යාපනයක් ලබා ආයුර්වේද වෙදකමකි. එසේත් නැතිනම් නොතාරිස් තනතුරකි. ගම් මුලාදෑනි තනතුර පැවතියේ පරම්පරා උරුමයක් ලෙසයි.

ඒ අනුව යමින් සිංහලෙන් ගමේ අධ්‍යාපනය ලබා, පාසල් ගුරුවරයෙකු ලෙස සේවය ඇරඹුවද, ස්වෝත්සාහයෙන් ඉංගිලිසිය ඉගෙන මගේ පියා අධ්‍යාපනයෙන් ඉහළට ගිය ආකාරය වෙනම ම ලියා තැබිය යුතු කතාවකි.

මගේ මව ගේ කාලය වන විට, ලංකාවේ ස්ථාන අතළොස්සක සෙන්ට්‍රල් කොලීජි හෙවත් මධ්‍ය විද්‍යාල ගොඩ නැගී ඒවායේ ඉංගිරිසි මාධ්‍යයෙන් ද හයවෙනි ශ්‍රේණියේ සිට හෝ ඉගෙනීමට ඉඩ ලැබී තිබුණි.

කලවාන පාසලේ ඉගෙන ගනිමින් සිටි ඇගේ දෙමව්පියන් විසින් ඉංගිලිසියෙන් ඉගෙන ගැනීම සඳහා මගේ මව රත්නපුර ජේසු දරුවා ගේ කන්‍යාරාමයට ඇතුළත් කළ විට ඇයව පන්ති දෙකක් පහළට දමා ඇත්තේ එතෙක් ගමේ පාසලේ දී ඇය ලබා තිබුණු ඉංගිලිසි දැනුමට සාපේක්‍ෂවයි. කෙසේ නමුත්, යාන්තම් තෙමසක් ගත වූ පසු, ආර්ථික ප්‍රශ්න සහ නවාතැන් ප්‍රශ්න යනාදී විවිධ හේතු නිසා ඇයට එතැනින් ආපසු ගමට ඒමට සිදුවී ඇත.

පසුව අටවැන්නේ විභාගය ඉහළින් සමත්ව ඇයට ඉංගිලිසියෙන් ඉගෙනීම සඳහා කරවිට මධ්‍ය විද්‍යාලයට ඇතුළු වීමට ඉඩ ලැබී ඇත. නමුත්, එහි දී ද තම ඉංගිරිසි දැනුම තවත් අඩු බව වැටහුණු නිසා අවසානයේ දී සාමාන්‍ය පෙළ විභාගය සඳහා කොස්වත්තේ විද්‍යාලයට පල්ලම් බැසීමට ඇයට සිදුව ඇති අතර ඇගේ ඉංගිලිසියෙන් ඉගෙනීම ඒ අනුව අඩාල වී ඇත.

මගේ මව සිංහල මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇත්තේ 1957 දී, එනම්, සිංහල රාජ්‍ය භාෂාව වෙන්නට දෙවසරකට පමණ කලින් ය. එසේම, ඒ රජයේ සියලු පාසල්වල ස්වභාෂා මාධයෙන් ඉගැන්වීම අරඹන්නට පස් වසරකට පමණ පෙර කාලයයි.

බණ්ඩාරනායක රජය සමයේ දී සිංහල රාජ්‍ය භාෂාව බවට පත් නොවී, පසුව ස්වභාෂා මාධයෙන් රජයේ සියලු පාසල්වල ඉගැන්වීම ආරම්භ නොවී තිබුණේ වුවද, ගම්බද ප්‍රදේශවල ඉංගිරිසි භාවිතයේ අදට වඩා වැඩි වෙනසක් සිදු වෙන්නට ඉඩ තිබුණේ යැයි මට නම් කිසිසේත්ම නො සිතේ.

ඒ සමගම පැවසිය යුතු මේ පිළිබඳ මගේ මතය වෙන්නේ, අප වරද්දා ගත්තේ ඉංගිලිසියෙන් ඉගෙනීම සහ ඉංගිලිසි භාෂාව විෂයයක් ලෙසින් ඉගෙනීම වෙන් කර හඳුනා නොගැනීම නිසා බවයි.

ඉංගිලිසි මාධයෙන් ඉගෙනීමේ සිට සිංහල මාධ්‍යයට මාරු වීම යනු, විෂයයක් ලෙස ඉංගිලිසි භාෂාව ඉගෙනීමට අත් හැරීමට හේතුවක් නොවේ.

නමුත්, මගේ මවගෙන් පසු පරම්පරාවල ඇත්තන් බහුතරයක් කර ඇත්තේ ද එයම ය.

අපේ විශ්ව විද්‍යාල කාලයේ ද පළමු වසර ශිෂ්‍යයින්, ඉතාමත් ලෙහෙසියෙන් මග හැරියේ ඉංගිරිසි පන්තියයි.

-රසිකොලොජිස්ට්

(image: BBC video)

21 comments:

  1. එහෙම හරි තිබුන දේ නැති කරපු එක කාළකන්නි කමක් නෙමෙයිද.....?

    ReplyDelete
  2. //ජේසු දරුවා ගේ කන්‍යාරාමයට// ජේසු බිලින්දාගේගේ කන්‍යාරාමය කියල නේද කියන්නේ?

    //කරවිට මධ්‍ය විද්‍යාලයට ඇතුළු වීමට// ඒ දවස්වල විදුහල්පති වෙලා හිටියේ පසුව රාජකීය විද්‍යාලයේ විදුහල්පති වූ සීටීඑම් ප්‍රනාන්දුද?

    ReplyDelete
  3. නගරයේ පාසලේ හරි ඉන්ග්ලිෂ් උගන්නපු එක නතර කරලා සේරම සිංහල කරපු එකද හරි , නැතිනම් අනිත් අයටත් ටික ටික හරි ඉන්ග්ලිෂ් ඉගෙන ගන්න අවස්ථාව ලබා දීමද හරි බණ්ඩාරනායක රට තොටේ ලෝකයේ ඇවිදපු කෙනෙක් හැටියට තේරුම් ගන්න තිබුනා නේද එකේ අවශ්‍යතාව , අදත් නිදහස් අද්යාපන ය කීවට මුදල් වියදම් කරන අය හා ගුරුවරුන්ගේ ළමුන් නේද වැඩිදෙනෙක් ඉහලට ඉගෙන ගන්නේ ,

    ReplyDelete
  4. රසික,
    ඉන්දියාවේ ඉංග්‍රීසි මාධයෙන් දිගටම ඉගැන්වීම නිසා ඔවුන්ට නවීන ලෝකය සමග ගනුදෙනු කිරීමට පහසු වී තිබෙනවා.
    http://www.telegraph.co.uk/news/worldnews/asia/india/5879160/India-makes-education-compulsory-and-free-under-landmark-law.html
    නිදහස්සින් අවුරුදු 60 ට පසු තමයි ඔවුන් නිදහස් අද්‍යාපනය සියල්ලන් සදහා ක්‍රියාත්මක කරන්නේ.
    ඔබ ගම් පලාතක පාසලකට ගොස් බැලුවොත් ඉංග්‍රීසි උගන්නන ගුරුවරයාට 90% ඉංග්‍රීසි කතාකල නොහැකි අතර බොහෝදෙනා කිසිදු ඉගැන්වීමක් නොකරයි.
    බණ්ඩාරනායක රජයට තිබුනේ රටේ සිංහල දෙමල භාෂා ප්‍රශ්නය අතිනොකර රටේ ඉගැන්වීමේ මාද්‍ය ඉංග්‍රීසි බවට පත් කර උවමනා ගුරුවරුන්ට වැඩි වැටුප් ලබාදී දිලිදු පාසැල් වලට යැවීමයි.
    එහෙම කළා නම් ඔබ බොහෝ අවස්ථාවල කනගාටුවන ජනවාර්ගික ප්‍රශ්නය නිසා මිනිසුන් මරාගැනීම සිදු නොවන්න තිබුන.
    සිංගප්පුරුවේ කලේ රටේ බහුතරයක් චීන ජාතිකයන් සිටිද්දී රටේ භාෂාව ඉංග්‍රීසි කිරීමයි.
    සමරසේකර මහතාගෙන් දැනගත් පරිදි ඉන්දියාවේ 5 වෙනි පන්තියෙන් ඉහලට පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි මාධ්‍යයි.
    අඩු ගානේ අදවත් අපේ රටේ දුෂ්කර ප්‍රදේශ වලට ඉංග්‍රීසි ගුරුවරු යව්වනම් නේද හොද ?
    නිකන් බොරු ජාතිවාදයට විසදුම් ලෙස සිංහලුන්ට දෙමල ඉගැන්වීමත් දෙමළුන්ට සිංහල ඉගැන්වීමත් නැතිව.

    ReplyDelete
    Replies
    1. English කියන්නෙ ලංකාවෙ ඉහල පන්තියෙ මිණුම් දණ්ඩක්නෙ. ඒ නිසා ඔය ඉහල පහල භේදෙ වැඩි කරන්න යොදා ගන්න ආයුධය ඉංගිරිස්. අඹ යහළුවෝ වගේ ටෙලි බලද්දි තේරෙනවා ඒ කාලෙ ඉංගිරිස් උගත් කච්චේරි ලියන්නෙක් කියන්නෙ කොච්චර ඉහල පන්තියෙ රස්සාවක්ද කියල. පහල උන් කතා කරන්න ඕනෙ හාමුදුරුවො කියල. ඕක නැති කරන්න ඒ කාලෙට සුදුසු නිසා තමයි සිංහල රාජ්‍ය භාෂාව කළේ. ඒකෙන් අද කච්චේරි ලියන්නෙක්ගෙ තත්වෙ කොහොමද ? වෑඩ්කට නැති රස්සවක්නෙ. අද ආණ්ඩුවෙ ලියන්නෙක් තියා සමහර දිසාපතිලටත් ඉන්ගිරිස් බෑනෙ. ලංකාවෙ ආණ්ඩුවෙ ඉන්ගිරිස් ගුරුවරුනම් මම දන්නෙ නෑ, හැබැයි පහුගියදාක ලංකාවට ආපු වෙලාවක, ඥාතියෙක්ගෙ ළමයා ඉගෙන ගන්න International school එකක පන්ති භාර ටීච කෙනෙක්ට කතා කළා (ළමය ගන්න ආපු වෙලාවක). මේ ටීචර්ට හරියට ඉංගිරිස් බෑනෙ. මම අහන ප්‍රශ්නවලට බොහොම අමාරුවෙන් කැඩි කැඩි උත්තර දුන්නෙ. මාව පුදුම වෙලා ගියා. පස්සෙ මම මේ ගැන ඥාතියටත් කියලා, හේතුව හොයලා බැලුවා. මට හිතෙන විධියට මේ International school වලට එන්නෙ සිංහල පමණක් කතා කරන දෙමව්පියන්ගෙ දරුවන්. ඉතින් මේ දෙමව්පියො ටීචර්ලා එක්ක කතා කරන්නෙ සිංහලෙන්. ඒ නිසා වැඩි ඉංග්‍රිස් දැනුමක් නැති අය තමයි මේවල ටීචර්ලා. මේ International school එක ගම්පහ දිස්ත්‍රික්කෙ.

      Delete
    2. // ඥාතියෙක්ගෙ ළමයා ඉගෙන ගන්න International school එකක පන්ති භාර ටීච කෙනෙක්ට කතා කළා (ළමය ගන්න ආපු වෙලාවක). මේ ටීචර්ට හරියට ඉංගිරිස් බෑනෙ. //
      International school හතු පිළිල වගේ අද වෙන කොට ඔය Asian International School වැනි ඉහල පෙලේ කීපයක් ඇරුනම අනෙක් ඒවායේ තත්වය කණගාටු දායකයි,
      ඔබට මේකෙනුත් තේරෙනවනේ International school එකේ ගුරුවරයාට ඉංග්‍රීසි බැරිනම් රජයේ දුස්කර ප්‍රදේශවල සිටින ඉංග්‍රීසි ගුරුන්නේ තත්වය ගැන ඔබට හිතා ගත හැකියි.
      මා ඉගනගත් පාසල පුද්ගලික පාසලක් මේහි තත්වය පවත්වාගැනීමට අපට ඉංග්‍රීසි සදහා ලැබුන ගුරුවරුන් විශිෂ්ට ගනයේ අයයි, අප පාසලේ සියල්ලටම වගේ තිබුනේ D “විශිෂ්ට “ සමාර්ථ තමයි 1995 දී කීප දෙනෙකු C සාමාර්ථ ලබාගත්ත.
      නමුත් මේ යුගයේ රටේ දුෂ්කර පලාත්වල ඉංග්‍රීසි වලට සිසුන් බොහෝදෙනෙ ලබා ගෙන තිබුනේ “F” අසමත් වීමයි.
      මිට හේතුව මට වැටහුනේ වැඩිහිටියකු වූ විටයි, මේ ගුරුවරුන් 90% ඉංග්‍රීසි කතාකිරීමට බෑ විතරක් නෙමේ ඉතිරි 10% වත් කිසිම ඉගැන්වීමක් කලේ නෑ.
      ඔබ අනෙක් වර ලංකාවට අපුවහම දුස්කර පාසලකට හෝස් බලන්න තත්වය.

      Delete
    3. අපිට 6දී ඉංග්‍රීසි උගන්නපු ගුරුවරයා තමයි මම දැකපු අදක්ෂම ගුරුවරයා . උන්දැ පස්සෙ ජාතික අධ්‍යාපන ආයතනෙ ඉහළම තනතුරකට ගිහිල්ලා තිබුණා.

      Delete
  5. ///නමුත් මා මගේ පියාගෙන් අසා දැනගෙන ඇති ආකාරයට ඔහු පාසල් අධ්‍යාපනය ලැබූ කාලයේ ඉංගිලිසියෙන් ඉගෙන ගැනීමට නම් නගරයේ මුදල් අය කරන පාසලකට යා යුතු වී ඇත. ගමේ ගොඩේ පාසල්වල පැවති වර්නකියුලර් අධ්‍යාපන ක්‍රමයේ මාධ්‍යය වී ඇත්තේ සිංහල භාෂාවයි///

    එහෙමනම් සිංහල ඔන්ලි චන්ද ගුණ්ඩුව නොකර හැමෝටම ඉංග්‍රීසි ඉගනගන්න පහසුකම් සැලැස්වුවා නම් හොඳයි නේද? තමන්ගේ පංතියේ අයට පමණක් ඉන්ග්‍රීසි තියා නොගෙන

    ඒත් ඉතින් එතකොට පරදේශක්කාර අදිරාජ්යවාදී සුද්දන්ට විරුද්ද ජාතිමාමක දේශප්‍රෙරේමී ජහමන චන්ද ගන්න බෑනෙ.

    ReplyDelete
  6. එකඟ වෙන්න බැහැ. මගේ සීයාත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගත් අයෙක්. සියාගේ දෙමව්පියන් සල්ලිකාරයන් නෙමෙයි.
    //බණ්ඩාරනායක රජය සමයේ දී සිංහල රාජ්‍ය භාෂාව බවට පත් නොවී, පසුව ස්වභාෂා මාධයෙන් රජයේ සියලු පාසල්වල ඉගැන්වීම ආරම්භ නොවී තිබුණේ වුවද, ගම්බද ප්‍රදේශවල ඉංගිරිසි භාවිතයේ අදට වඩා වැඩි වෙනසක් සිදු වෙන්නට ඉඩ තිබුණේ යැයි මට නම් කිසිසේත්ම නො සිතේ.//
    ලොකු වෙනසක් වෙන්න තිබුණා. උදාහරණයක් විදියට ඉස්සර කොළඹ පාසල් තමා හොඳම පාසල් කියල කිව්වේ. අද වෙද්දී ගම මට්ටමේ කොච්චර නං හොඳ පාසල් බිහිවෙලා තියෙනවද? ඒ කියන්නේ ගම්වල පාසැල් වලටත් කොළඹ පාසැල් වලට ලැබෙන පහසුකම්ම ලබා දීල ඒවා ඉස්සරහට ගෙනත් තියෙනවා. ඒ දවස්වලම කොළඹ පාසල් වලත් තිබුණු පහසුකම් අඩු කරලා ඒවත් ගම් මට්ටමේ පාසල් ගානට ගෙනාව නම් , ඔය එක පාසලක්වත් අද තත්වයට එන්නේ නැහැ නේද?
    රජයේ පාසල් වල අද වෙද්දී හය ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාද්‍ය පන්ති තියෙනවා. ඒ පන්තිවල සිසුන් ගත්තාම , ඒ කාලේ අපේ තිබුණු ඉංග්‍රීසි දැනුමට වඩා හුඟක් ඉස්සරහින් ඉන්නවා. ඒ ළමයි බොහොම දෙනෙක් මේ සාමාන්‍ය පවුල් වල ළමයි.
    ඉංග්‍රීසි විෂයක් විදියට ඉගෙනීමට වඩා, සෑම විෂයක්ම ඉංග්‍රීසි මාද්යෙන් ඉගැන්වීම බොහොම පලදායකයි. අදත් ලංකාවේ බොහොම දෙනෙක් ඉංග්‍රීසියට බයයි. කතා කරන්න බැහැ. ඒ දවස්වල තිබුණු වැඩ පිලිවල එහෙමම ඉදිරියට ගෙනාව නම් , අද වෙද්දී ලංකාවේ පාසල් වල ඉංග්‍රීසි ඉගැන්වීමේ තත්වය හා සිසුන්ගේ කථන හැකියාව මීට වඩා ගොඩාක් ඉදිරියෙන් තියෙනවා

    ReplyDelete
    Replies
    1. පුද්ගලික පාසැල් වල “International school’s” නෙමෙයි අද වනවිට ප්‍රථමික අංශයේ සිට ඉංග්‍රීසියෙන් උගන්වනවා.
      අවුරුදු 7 වන මගේ සහෝදරියගේ දරුවා ගේ ඉංග්‍රීසි භාවිතය සහ මා කුඩාකල ඉංග්‍රීසි භාවිතය සැසදීමේදී ඇය ඉතා ඉදිරියෙන් සිටිනවා.
      මෙනිසා ඉංග්‍රීසි භාෂාව ගමට ගෙනියන්න බෑ කීම මිත්‍යාවක් උවමනා වෙන්නේ අදාළ සම්පත් පමණයි. අපට ත්ප්පර 33 කට ලක්ෂ 33ක් වියදම් වූ මල්ටි බැරල් රොකට් පාවිච්චී කරන්නන ධනය තිබුනනම් අධ්‍යපනයට මුදල් නැත්තේ ඇයි. Where there's a will there's a way

      Delete
  7. මෙම බ්ලොග් එක ලියන, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ පදිංචි රසික සූරියආරච්චි මහතා මා හොඳින් දන්නා හඳුනන අයෙකි. එම නිසා අනෙකුත් සුදුසුකම් සපුරා ඇතිනම්, වයස් සීමාව නොසලකා හැර මේ බ්ලොග් පෝස්ට් වලට වැඩිපුර කමෙන්ට් ටිකක් දමා මේ බ්ලොග් එක ජනප්‍රිය කරන මෙන් නිර්දේශ කරමි.

    අ/කළේ
    ලක්ෂ්මන් ඇරිකිල්ල
    පහත් අධ්‍යාපන ඇමැති හා පාර්ලිමේන්තු මන්ත්‍රී

    ReplyDelete
  8. රසිකගේ කතාව හරි. කලින් ලංකාවේ තිබුනේ ස්වභාෂා පාසල් ( vernacular schools) හා ඉංගිරිසි පාසල්. වැඩිදෙනෙක්, විශේෂයෙන් ගමේ ළමුන්, ගියේ ස්වභාෂා පාසල් වලට. ඒ කාලයේ ඉංගිරිසි පාසල් වලට මුදල් අයකලාද යන්න මා දන්නේ නැහැ. ඒ වුනත් ඒවා බොහෝවිට නාගරිකව පිහිට තිබුණු නිසා, ඈත ගම් වල ළමුන්ට ලොකු වියදමක් දැරීමට සිදු වුනා. බොහොමයක් දෙමව්පියන්ට මේ වියදම් දැරීමට අපහසු වීම නිසා තම ළමයින් ලඟපාත ඇති ස්වභාෂා පාසල් වලට යැවීමට සිදු වුනා. මේ නිසා, රසික කියන අන්දමට, බණ්ඩාරනායක මහතා සිටියත් නොසිටියත්, ලංකාවේ ග්‍රාමීය ඉංගිරිසි මට්ටමේ සැලකිය යුතු වෙනසක් වෙන්නට බැහැ. මේ කරුණ ගැන අපේ අවධානය යොමු කිරීම ගැන රසිකට ස්තුතියි.

    ReplyDelete
  9. අප වරද්දා ගත්තේ ඉංගිලිසියෙන් ඉගෙනීම සහ ඉංගිලිසි භාෂාව විෂයයක් ලෙසින් ඉගෙනීම වෙන් කර හඳුනා නොගැනීම නිසා බවයි.+++++

    ReplyDelete
  10. අර කඩු මෙඩ්ඩියොන්ට කවුද කිව්වලු ඔයාල තවම ඉන්ගිරිසි ඉගෙන ගන්නව, අපි කොර්ස් එක කරන්නෙත් ඉන්ගිරිසිවලින් කියල

    ReplyDelete
  11. බනින එක කෙසේ වෙතත්, ඒ මනුස්සය ඒක නොකර නම් අද සිංහල කියල භාෂාවක් උගන්නන එක පවා නැති වෙන්න තිබ්බා. මගේ නම් අදහස ඒක කල එක බොහොම හොඳයි.
    මම කියෙව්වා ගුණදාස ලියනගේ ලියපු "මල්ලිගේ විත්ති" කියන පොත, මම 7 වසරේ ඉද්දි. ඒකෙ කියවෙන චරිතයත් ගමේ ඉස්කෝලෙන් නගරයේ ඉස්කෝලෙට එන්නේ ඉංග්‍රීසි ඉගෙනගන්න. ඒ කාලේ ඉංග්‍රීසි වලට තිබ්බ තැන එකෙන් පේනවා.
    සිංහලෙන් ඉගෙනගත්තයි කියල මහා ලොකු පාඩුවක් නෑ. තමන් දැනගන්න ඕනේ තමන්ගේ ඉංග්‍රීසි භාෂා දැනීම හදාගන්න. අවශ්‍ය නම් ඉංග්‍රීසි විතරක් නෙවේ ජර්මන් උනත් ඉගෙනගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ජංගිය ගලවලා කලිසමක් ඇඳගෙන චීන භාෂාව ඉගෙන ගන්න

      Delete
    2. මට කියන්න කලින් තමුන් ඔය ටික කරගත්තොත් නරකද?

      Delete
  12. ලංකාවේ ඇතිවෙච්චි කාලකන්නි ජාතිවාදේ අරගල ඇති නොවෙන්න බොහෝදුරට ඉඩකඩ තිබ්බ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි උනානම්.
    මම පරම්පරාවෙන් ශ්‍රීලංකා කාරයෙක් උනත් රාජ්‍ය භාෂාව සිංහල කිරීම ඇතුලේ මම දකින්නේ බණ්ඩාරනායක නියෝජනය කරපු වලව් පැලැන්තියේ වැඩවසම් ක්‍රමයේ පැවැත්ම වෙනුවෙන් බොහොම දුරදිග බලල ගතපු කට්ට කපටි කයිරාටික තීරණයක් කියලයි.

    ලංකාවෙන් එලියට ගියාම, මලපහ කරන්න වැසිකිලියක් නැතුව කැලේ කක්ක දාපු ඉන්දියන් කාරයෝ ලංකාවේ දක්ෂයින්ව පහුකරගෙන බොරුවෙන් ඉස්සරහට යන්නේ ඔන්න ඔය බණ්ඩාරනායකගේ රාජ්‍ය භාෂාව සිංහල කරපු එකට පින්සිද්ද වෙන්නයි. මොකද ඉන්දියන් එවුන් බහුතරයක් කැලේ කක්ක දැම්මට ඉස්කෝලේ ඉගෙනගන්නේ ඉංග්‍රීසියෙන්..

    ReplyDelete
    Replies
    1. අම්බලංගොඩ,
      ගමන නොනිමෙයි පොත පුළුවන්නම් කියවන්න. බණ්ඩාරනායකගේ භූමිකාව කුමක් වුවත් ඒ මොහොතේ ඔහු පමණක් නෙමෙයි unp එකේ නියෝජනය (කොතලාවල ද කවුද කියල හරියට මතක නැහැ) පවා අවසානයේ එකඟ එනවා සිංහල රාජ්‍ය භාෂාව කරන්න...
      එසේ සිද්ධ වෙන්නේ ඇයි කියන එක පොතේ පැහැදිලිව සඳහන් වෙනවා...
      රටේ ලොකු රැල්ලක් ඇතිවෙනවා ගිහි පාවාදී සහ සියළුම පාර්ශව වලින් එසේ කළයුතු බවට, කලින් එකඟ නොවුනත් අවසාන මොහොතේ unp එක පවා ඒකට එකඟ වෙන්නේ ඒ රැල්ලට ඇති බලය සැලකිල්ලට ගෙන...
      නමුත් ඒ වෙද්දී මුල ඉඳලම සිංහල රාජ්‍ය භාෂාව කරනවා කියන බණ්ඩගේ පැත්තට තරාදිය බර උනා අවසාන මොහොතේ එකඟ වූ unp එකට වඩා...

      ///ලංකාවෙන් එලියට ගියාම, මලපහ කරන්න වැසිකිලියක් නැතුව කැලේ කක්ක දාපු ඉන්දියන් කාරයෝ ලංකාවේ දක්ෂයින්ව පහුකරගෙන බොරුවෙන් ඉස්සරහට යන්නේ ඔන්න ඔය බණ්ඩාරනායකගේ රාජ්‍ය භාෂාව සිංහල කරපු එකට පින්සිද්ද වෙන්නයි. මොකද ඉන්දියන් එවුන් බහුතරයක් කැලේ කක්ක දැම්මට ඉස්කෝලේ ඉගෙනගන්නේ ඉංග්‍රීසියෙන්..///

      මේකට හේතුව උන්ගේ ඉංග්‍රීසි දැනුම වැඩිකමක් නෙමෙයි, උන් අපේ රටේ මිනිස්සු තරම් පසුගාමී නැහැ...
      අපේ ගොඩක් මිනිස්සු කොඳු නාරටි බිඳගෙන, කිසි පෞරුෂයක් නැතුව, අභිමානයක් නැති විදිහට තමයි ගොඩක් වෙලාවට පිට රටකට ගියාම ඉන්නේ. විශේෂයෙන් සුද්දෝ ඉස්සරහ, පිටරැටියන් ඉස්සරහ අපේ මිනිස්සු තාමත් මනසින් යටත්විජිත සමයට යනවා...
      මේක මම හොඳට දැක්කා රට රස්සාවට ගියාට පස්සේ, හැබැයි අලුතින් ගිය අපි කීප දෙනෙක් එකතුවෙලා ලංකාවෙ උන් අතරත් ඩයල් ඉන්නවා කියන මතය හැකි පමණින් ගොඩ නැගුවා...

      Delete
  13. සිංහලය පමණක් රාජ්‍ය භාෂාව කිරීම වැරදියි රසිඅක. බණ්ඩාරනායක මහත්මය ඒ වරද වටහා ගෙන චෙල්ව එක්ක නිවැරදි කරන්න හැදුවම මරා ගත්ත. ඊට පස්සේ එකට විරුද්ද වුනේ එජාපය. ඊටත් පස්සේ ඇන් ඇම් ල කල දරුණු පාවාදීම . සිංහල රාජ්‍ය භාෂාව කරලා , දිස්ත්‍රික්ක ක්‍රමය ඇති කිරීමට උදව් දිල සිරිමා ආණ්ඩුවට . කල යුතුව තිබුනේ දැන් වගේ භාෂා 3ම රාජ්‍ය භාෂා කිරීම.

    ReplyDelete
  14. Kadden katha karanna toastmaster bandenna. Tikak salli wiyadam venawa.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.