Sunday 6 March 2016

අජිත් පැරකුම් ජයසිංහ, ෆේස්බුක් දේශපාලනය සහ වෘත්තිය බ්ලොග්කරනය - Para the man...!


ලංකාවේ ප්‍රමුඛ දේශපාලන බ්ලොග්කරුවෙකු වෙන අජිත් පැරකුම් ජයසිංහ හෙවත් පැරා යනු කවුද කියා නොදන්නා අයෙකු මේ ලිපිය කියවන්නන් අතර නැති බව මට සැක නැතුව කිව හැක.

කොටින්ම ඉඳහිට පමණක් රසිකොලොජි බ්ලොගය කියවන මගේ මව පවා දැන් පැරාව හඳුනයි. ඒ නම් පැරා ගේ බ්ලොග්කරනය නිසා නොව, මගෙන් ආරංචිය ලැබ ඇය පසුගිය දිනයක හවස් වරුවේ පියෝ ටීවී සේවය හරහා පැරා රඟ පෑ ආයුබෝවන් - සුබ දවසක් එපිසෝඩය නැරඹූ නිසාවෙනි.

http://www.rupavahini.lk/magazine-programmes/ayubowan-subha-dawasak/10267-2016-03-02.html

ෆේස්බුක් නොහොත් ෆේස්බුක් ජාලය හරහා දේශපාලනය කිරීම ගැන කතා කිරීමට පැරාව කැඳවා තිබීම ගැන මට ඇති වූයේ මුලින් ඇතිවූයේ තරමක විමතියකි. එයට හේතුව, වසර 2009 සිට නොකඩවා පවත්වාගෙන යන W3Lanka බ්ලොගයට සහ ලංකා පොලිටි, මතුගම වැනි අවශේෂ බ්ලොගයන්ට අමතරව, තමන් මෙතෙක් දැරූ රජයේ උප ගුරු තනතුරෙන් ඉවත් වී දැන් එක්සත් ජාතීන් ගේ සංවිධානයට අනුබද්ධ ආයතනයක සේවය කරමින් http://kiyanna.lk/ බ්ලොගය හරහා පූර්ණකාලීනව බ්ලොග්කරනයේ යෙදෙන පැරා යනු ේස්බුක් ජාලයේ දී නිතර මුණ ගැසෙන චරිතයක් වුවද, එහිදී ෆේස්බුක් දේශපාලනය යැයි සුවිශේෂීව හඳුනා ගත හැකි අමුතු චර්යාවක් මා ඔහුගෙන් දැක නො තිබුණු නිසාවෙනි.

තමන් ගේ බ්ලොග් ලිපිවල සබැඳි, අන්තර්ගතයන් තවත් දේශපාලනික වැදගත්කමක් ඇති දේ ෆේස්බුක් ජාලයට මුදාහැරීම සහ ඒ හා සම්බන්ධව ප්‍රතිචාර දක්වනවාට අමතරව, වෙනත් දේශපාලන සංවාදයක පැරා නිරත වී සිටිනු මා නම් දැක නැත. කොටින්ම, මා ද ඉඳහිට සාකච්ඡාවලට එහෙන් මෙහෙන් සම්බන්ධ වෙන තුලාව, අම්බලම, ඔක්කොම ඇඩ්ඩිං වැනි ෆෙස්බුක් කණ්ඩායම්වල පවා පැරා ක්‍රියාකාරී සාමාජිකයෙකු යැයි මම නො සිතමි.

සමහර විට ඊට වඩා උත්තර සංවාද කෙරෙන, මා නොදන්නා, ෆේස්බුක් වේදිකා තියෙනවා විය හැක.

තමා ජාතික රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතන්නට යන බව පවසමින් පැරා විසින් ෆේස්බුක් ජාලයේ තබා තිබූ සටහනට ප්‍රතිචාර ලෙස "මං හිතන්නේ පැරා මෙතැනදී නිරීක්‍ෂකයෙකු සහ විශ්ලේෂකයෙකු පමණයි. ෆෙස්බුක් දේශපාලනය කියන්නේ බ්ලොග් ලින්ක්/කෙන්ටෙන්ට් ෂෙයා කරන එක නොවෙයි නේ" මා ලියූවේ ඒ නිසා ය.

එදින සවස නිවසට විත් අන්තර්ජාලය හරහා ඒ වැඩසටහන නරඹන විට තේරුම් ගියේ, පොට වරද්දාගෙන ඇත්තේ, කිසිසේත් ම පැරා නොව, මේ වැඩසටහනේ නිෂ්පාදකවරු බවයි.

පැරාව එදා ජාතික රූපවාහිනියට කැඳවා තිබුණේ් ඔහු ගේ W3Lanka බ්ලොගය සහ පොදුවේ සිංහල බ්ලොග්කරනය ගැන සාකච්ඡාවකට යි. එතැනදී සිදුවුණේත් එයයි. ෆෙස්බුක් නම හෝ යොදා ගැනුණේ ඒ රූපවාහිනී වැඩසටහන ගැන කෙරුණු සඳහන්වල දී පමණ ය. මට පෙනුණු ආකාරයට නම් වැඩසටහන මෙහෙයවු තැතැනත්තා ෆෙස්බුක් සහ බ්ලොග් අතර වෙනස එසේත් නැතිනම් ෆේස්බුක් ගිණුමක සහ බ්ලොග් අඩවියක වෙනස හෝ නිවැරදිව නොදන්නා අයෙකි.

බොහෝ විට එය වැරදි නිගමයක් වීමට ඉඩ ඇත.

නමුත්, ඒ වැඩසටහන නැරඹූ සාමාන්‍ය අයෙකුට ඒ කාරණා ගැන අවබෝධයක් ලැබුණේ යැයි කිසිසේත්ම කිව නොහැක.

කොටින් ම මගේ මව වැනි අයෙකු සිතනවා ඇත්තේ, අජිත් පැරකුම් ජයසිංහ නමැත්තෙකු W3Lanka නමින් ෆෙස්බුක්හි යෝජිත ඉට්කා ගිවිසුම පිළිබඳව පසසමින් ලිපි ලියන බවත්, රසික හරිශ්වන්ද්‍ර සූරියආරච්චි නම් අයෙකු ඒ කර්තව්‍යය ලඝු කොට සලකමින් ප්‍රතිචාරයක් යොදා ඇති බවත් ය.

සිංහල බ්ලොග් දේශපාලනය පිළිබඳ තම අදහස් දක්වමින් අජිත් පැරකුම් ජයසිංහ අද සහභාගී වුණු රූපවාහිනී සාකච්ඡාවේ දී දැක්වූ වැදහත් කරුණුවලින් මා සිත් ගත් එක කරුණක් නම් සිංහල බ්ලොග්කරුවන් විසින් සිංහල අන්තර්ගතයන් අන්තර්ජාලයට එක් කරමින් මේ කරන්නේ දේශප්‍රේමී (ඇත්තමට භාෂාප්‍රේමී) ක්‍ර්‍රියාවක් ය යන්නයි.

එදා වැඩ සටනහේ දී පැවසුණු පරිදි, මෑතක දී සිට තම වෘත්තිය ලෙස බ්ලොග්කරනයේ යෙදෙන මා මිතුරු අජිත් පැරකුම් ජයසිංහට ඒ සම්බන්ධයෙන් සුබ පතන්නට මම මෙය අවස්ථාවක් කර ගනිමි.

ඇත්තටම 2009 දෙසැම්බරයේ තරම් ඈත කාලයකදී ද, මගේ වෘත්තිය ලෙස බ්ලොගර් යනුවෙන් මා ගුවන් තොටුපළ ගොඩ බසින් පත්‍ර්‍රිකාවල සඳහන් කර ඇති වුව ද, එය හුදෙක් විහිළුවක් පමණි.

වෘත්තිමය බ්ලොග්කරුවෙකු යනු, වැටුප් ලබන රාජකාරිය ලෙස යම් ආයතනයක් හෝ සංවිධානයක් වෙනුවෙන් බ්ලොග් ලියන්නෙකු නොව තමන් ගේ බ්ලොග් ලිපි හරහා ස්වාධීනව මුදල් උපයාගන්නෙකු බව සාමාන්‍ය පිළිගැනීමයි. ඒ ආකාරයේ මුදල් උපයා ගැනීමට සෘජු වෙළඳ දැන්වීම්, වෙළඳ භාණ්ඩ ගැන ලිවීම් වැනි එතරම් පිරිසිදු නොවන කර්තව්‍යයන් හි නිරත වීමට සිදුවෙන බව නොරහසකි.

වැදගත් ආයතනයක වැදගත් අරමුණු වෙනුවෙන් ලිපි ලිවීම ඊට වඩා දාහෙන් සම්පතක් බව කිව යුතුය.

ඔහොම යං පැරා, ඔහොම යං!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඒ දිනවල ගුවන් තොටුපළ ගොඩ බැසීමේ පත්‍රිකාවල මා වෘත්තිය ලෙස බ්ලොගර් යැයි සඳහන් කළ ද දැන් නම් බොහෝ විට ලියන්නේ MYOB කියාය.

මේ MYOB මුලකුරුවලින් කියවෙන්නේ Mind Your Own Business යන්නයි. නමුත් MYOB නමින් ගණකාධිකාරී වෘත්තියේ පොත් තැබීමේ කාර්යය සඳහා භාවිතා වෙන මෘදුකාංගයක් ද ඇති නිසා හොඳ වෙලාවට එය ද්විත්ව අදහසක් දෙන යෙදුමකි.

(image: http://www.w3lanka.com/2016/03/blog-post_2.html)

20 comments:

  1. දැන් ඉතින් පැරා සහ රසිකලොජි දෙන්නට හතර අතේ නෙලන්න හිටපු සරස හෙවත් KK ත් නැහැනේ අප්පා...

    ReplyDelete
    Replies
    1. සරසයා සර සර ගාලා මරාගේ ගූ කන්න ගිහිං. දැන් එයි සමහරවිට කට දෙපැත්තෙන් ගූ බේරගෙන..

      අනේ ඌ වගේ නිවටයෙක්. කොන්දක් නැති පොන්සියෙක්. අපිට නං හිටනුත් එකයි, රන්න පොනිලුත් එකයි, රන්ගොජාත් එකයි, රතු අලිත් එකයි.

      Delete
  2. ඔබ දන්නා වත්පොත් කණ්ඩායම් ගැනත් ලිපියක් ලිවුවනම් නොදන්න අයට දැනුවත් වෙන්න පුළුවන්.

    ReplyDelete
  3. //ඒ දිනවල ගුවන් තොටුපළ ගොඩ බැසීමේ පත්‍රිකාවල මා වෘත්තිය ලෙස බ්ලොගර් යැයි සඳහන් කළ ද දැන් නම් බොහෝ විට ලියන්නේ MYOB කියාය.//
    මෙය හොඳ දෙයක්යැයි මා සිතන්නේ නැත. මේ ආගමන විගමන පත්‍රිකා වල ඇති තොරතුරු උපයෝගී කරගෙන හදන සංඛ්‍යාලේඛණ ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී උපයෝගී කරගැනේ. තමන්ට බලපාන විශේෂ කරුණක් නැත්නම් හැකිතාක් නිවැරදි තොරතුරු සැපැයීමෙන් සංඛ්‍යාලේඛණ වල නිරව්ද්යතාවයට සිදුවන්නේ යහපතකි.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මම නං ඒවායේ බොරු ලියලා අනික් එඋන් රැවටුනාමා ලොකු විනෝදයක් ලබනවා. කලින් සැරේක අපේ ගෙදරට ආවා සංගණන නිලධරියෙක්. ඒ කෙනා පළමුවෙනි පාර ඇවිත් ඇහැව්වම මම ඇත්ත කිව්වා. දෙවැනි පාර ආවම බොරු කිව්වා. ඒ මනුස්සයා කොයිල් වෙලා යන්න ගියා. මට හරි විනෝදයි.

      ඔය වගේ පත්‍රිකා වල පුළුවන් තරං බොරු තමයි මම නං ලියන්නේ.

      ආයේ ඉතිං අපේ උන්දලාගේ උප්පැන්නේ ඉදන්ම බොරු තමයි තියෙන්නේ ඉස්කෝලෙකට දාගන්න ඕනි හින්දා ආයිබෝං.

      Delete
  4. මට නම් හිතෙන්නේ අජිත් පෑකුම් ජයසිංහ කියන්නේ නම් මහා උතුම් මුනිවරයෙක් කියලා. ඇත්තටම ඒ නම් මහා උතුම් මුනිවරයෙක්. පැරා කියන්නේ මතු බුදුවන මයිත්‍රී බෝධිසත්වයන් කෙනෙකුන්. එතුමාට පුන්චි අපිත් බුදුබව පාර්ථනා කරමු.

    කකාත් දැන් ඉදන්ම තට්ටේ බාලා ලෑස්ති වෙලා ඉන්නේ අජිත් පෑකුම් ජයසිංහ මැතිතුමා බුදුබව ලබගත්තම පස්සේ අගසව් තනතුරක් ලබා ගන්න.

    ReplyDelete
  5. කකා,

    කකා මට පොඩි ප්‍රශ්නයක් ආවා කකාගේ කලින් ලිපියක් දැකලා.

    කකා ලියලා තිබ්බේ කෝච්චියේ ඉදං බ්ලොග් ලියනවා කියලා. හැබැට කකා කෝච්චියේ යද්දී ඉන්ටනෙට් යන්නේ කොහොමද ඔය රටේ? වයිෆයිද? කකාගේ ගෙදර ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ විස්තර ටිකක් කියන්න පුලුවද?

    මම මේ දවස් වල පොඩි ලිපියක් ලියනවා රටරට වල ඉන්ටර්නෙට් ගැන. කකාගේ රටේ විස්තර ටිකක් දෙන්න පුළුවන් නං වටිනවා කකා. (ඉන්ටනෙට් ස්පීඩ්, ඩේටා ප්‍රමාණය, මිල වගේ එව්වා.)

    ReplyDelete
  6. රසිකයියේ මෙතැනදී පැරා කළ සාකච්ඡාව සහ අදහස් දැක්වීම ගැන ඇත්තට ම ඇත්තේ සතුටකි. විශේෂයෙන් ම බ්ලොග්කරණය ගැන කතා කිරීම ගැන ඇත්තේ ඉමහත් සතුටකි. එබැවින් එම සාකච්ඡාව හරහා ලංකාවේ ප්‍රමුඛම රාජ්‍ය මාධ්‍ය ආයතනය බ්ලොග්කරණයට ලබා දුන් පිළිගැනීම ගැන ද විශේෂයෙන් සිතිය යුතුය.

    රසික අයියේ. සාකච්ඡාව මෙහෙය වූ පුද්ගලයා ගැන මෙහි සදහන් ව ඇති දේ බොහෝ ගැටලු සහගත බැවින් එය නිවැරදි කිරීමක් කිරීමටය මට අවශ්‍ය වන්නේ. සුදර්ශන ගුණවර්ධන කියන්නේ ලංකාවේ බ්ලොග්කරණයේ මූලික ම අවධියේදී ඒ පිළිබද ව මනා අධ්‍යයනයක් සහිත ව එය සමාජගත කිරීමේ කාර්යයේ නියැලුණු පුද්ගලයෙකු බව කවුරුත් නොදන්නවා ඇත. කොටින් ම කිවහොත් මෙය සටහන් කරන මාගේ බ්ලොග්ගුරුවරයා ද ඔහු යැයි කීම වරදක් නොවේ. මොකද බ්ලොග් කියන්නේ මොකක් ද කියලා මට කිව්වෙත් සුදර්ශන. ලංකාවේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් අතර බ්ලොග් ප්‍රචලිත කිරීමට සුදර්ශන 2007-2008 කාලෙත් වැඩ කරපු බව මං දන්නවා. නමුත් මං හිතන්නේ ඊට පෙරත් ඔහු මේ ගැන හොද අධ්‍යයනයක ඉදලා තියෙනවා.

    සුදර්ශන කියන්නේ එන්ජීඕ කාරයෙක්, එක්ස් කාරයෙක්, දේශපාලනයේ තිරය පිටුපස චරිතයක්, වගේ නොයෙක් හැදින්වීම් තියෙන්නට පුළුවන්. ඒත් සුදර්ශන කියන්නේ ලගුකොට දැක්විය හැක්කෙක් නොවන වගනං මනාව දනිමි.

    ReplyDelete
    Replies
    1. රසිකයියේ අපි කුගෑගීප පටන් ගන්නේ 2013 වුණාට මේක ලියන මම බ්ලොග්කරණයේ යෙදුනේ ඔය කියන 2008-2009 කාලයේය. විවිධ හේතු මත ඒ බ්ලොගය දැනට වල්වැදී ඇති බවද කිව යුතුය.

      Delete
  7. "වෘත්තිමය බ්ලොග්කරුවෙකු යනු, වැටුප් ලබන රාජකාරිය ලෙස යම් ආයතනයක් හෝ සංවිධානයක් වෙනුවෙන් බ්ලොග් ලියන්නෙකු නොව තමන් ගේ බ්ලොග් ලිපි හරහා ස්වාධීනව මුදල් උපයාගන්නෙකු බව සාමාන්‍ය පිළිගැනීමයි. ඒ ආකාරයේ මුදල් උපයා ගැනීමට සෘජු වෙළඳ දැන්වීම්, වෙළඳ භාණ්ඩ ගැන ලිවීම් වැනි එතරම් පිරිසිදු නොවන කර්තව්‍යයන් හි නිරත වීමට සිදුවෙන බව නොරහසකි."

    100% එකඟයි.

    ReplyDelete
  8. මගේ බ්ලොග්එක ආරම්භයේ සිට මේ දක්වා ලියා ඇති සිංහල ප්‍රමාණය සිංහල විකිපිඩියා වල ඇති වචන සංඛ්‍යාවට වඩා අනිවාර්යෙන් වැඩියි..
    ඇතැම් විට වර්ථමානයේ මිනිසුන් ඇදේ සිට ඉහල බැලුවිට පෙනෙන සිවිලිම හෝ ව්‍හල දෙස බලාඉන්නවාට වඩා වැඩි කාලයක් රූපවාහිනිය සහ ෆේස්බුක් වල ගත කරනවා.. අතිබහුතරයක් පේස්බුක් සහ අන්තර්ජාලය රූපවාහිනිය වැනි එක් පසකට පමණක් තොරතුරු ගමන් කරන මාධ්‍යයක් ලෙස නිරීක්ෂකයින් ලෙස පමණක් සහභාගි වෙනවා.. මා සතුටුවෙනවා යම් පමණකට හෝ නිරීක්ෂකගේ මට්ටමේන් ඉදිිරියටය ගොස් අන්තර්ගතයක් එකතු කරන්නට දායක වීම ගැන..

    ReplyDelete
  9. පැරා බොහෝම බුද්ධිමත්ව අදහස් දැක්වූවා... හැමෝටම එහෙම කතා කරන්න බෑ....

    වැඩසටහන ෆේස්බුක් කිව්වට... කතා කලේ බ්ලොග් ගැනයි සඟරා ගැනයි... අවුලක් නෑ රටත් එහෙමනේ... නම..

    සිරි ලංකා ප්‍රජාතාන්ත්‍රවාදි සමාජවාදි ජනරජය...

    හැබයි ඒ දෙකම නෑ...

    ReplyDelete
    Replies
    1. දෙකම නෙමෙයි බන් තුනම නැහැ...

      1. ප්‍රජාතන්ත්‍රවාදය නැහැ
      2. සමාජවාදය නැහැ
      3. ජනරජයකුත් නැහැ( තියෙන්නේ ජනරජයක් කියලා කියන්න තාම අපිට පිස්සු නැහැ ).

      Delete
    2. ප්‍රජාතන්ත්‍රවාදී නෙමෙයි මාතේයෝ.ප්‍රජාතාන්ත්‍රික. ඇහුවොත් නං ඉතිං..

      Delete
  10. පැරා ට අපේ උණුසුම් සුබ පැතුම්....

    ReplyDelete
  11. වෘත්තීයමය බ්ලොගර්... අන්න ඒක නං හොඳයි.
    ජයවේවා..!!

    ReplyDelete
  12. මේ ළඟදි රූපවාහිනී සාකච්ඡාවකදි වෙච්ච වැඩක්. ඔන්න ඉතින් අලුත ඉඳලා සිංහල ජාතිවාදයේ ප්‍ර‍කාශකයෙක් වන පුද්ගලයෙක් දිගින් දිගට ම කියනවලු මේ ඔක්කොම මෙහෙයවන එන්ජීඕකාරයෙක් ඉන්නවා ය කියලා. ඉතින් අනෙක් දෙන්නා කියනවලු නම කියන්න ය කියලා. නම කියන්නෙම නෑලු. පස්සෙ බ්‍රේක් එකක් වෙලාවෙ අහලා දැන් කියන්නකො ඔය ඔක්කොම මෙහෙයවන එන්ජීඕකාරයගෙ නම කියලා. ඔන්න එතකොට අර හතරවරං ජාතිවාදියා කියල තියෙන්නේ මේ බ්ලොගර්ගේ නම. උන්ට හිනා. මට නම් පොඩි බයකුත් ඇති වුණා. ළඟදි දවසක එයාගෙ අනුගාමිකයකු වන මගේ පැරණි යාලුවෙක් අපේ ගෙදර ම ඇවිත් මා එක්ක සෑහෙන චැටක් දාලා ගියා. ඔන්න ඔහොමයි වැඩ සිද්ද වෙන්නේ. දෙකයි දෙකයි හතරයි නෙමෙයි පහයි. වෘත්තිය ගැනත් දැන් මාර ජාත්‍යන්තර කතා කියන්නේ. කොහොමද තෙත් කලාපෙ ඉඳන් කරපු බ්ලොග් කෙරුවාවෙ තරම? මං නම් බයයි. හැබැයි බ්ලොගාවකාශය ආඩම්බර විය යුතුයි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.