
සුබ දිනයක් වේවා, ආදරණීය ළමයිනි, අද සෙනසුරාදා දිනයේ මම නුඹලාට වැදගත් අවවාද කිහිපයක් දීමට සිතුවෙමි.
කියවානු මැනවි. කියවා සිතට ගනු මැනවි.
මේ නුඹලා ගේ අනාගත යහපත පිණිසම ය.
පරණ අවවාද පරණ රිද්මයෙන් ම
කිරි කල දහසකින් කපුටෙකු නෑවීම
කළ හැකි වුවද, නැත ඉන් ඵලයක් කිසිම
මඩ වතුරේ සුදු රෙදිපිළි සේදීම
නොම කළ යුතුය එය දැන ගනු හොඳසේම
රඹුටන් කන්න සේදීමට ඇවසි නැත
රසවත් කොටස මැනවිත් සුරැකිලා ඇත
ලොවි, මිදි, පේර කෑවොත් ඒ ලෙසින් මිත
නෙක ලෙඩ රෝග සෑදී වෙනු ඇත විපත
පෙරැළෙන ගලේ නොබැඳෙයි කියවේ පාසී
බැසයන දියේ ඉනි පා කර නැත වාසී
ඇතිනම් හොඳින් විසි කෙරුමට රන් කාසී
ජීවත් විය හැකිය සැම දා සිනා සිසී
හෙට එන දිනුම ගැන තැවෙමින් ඉනු කුමට
අද ඇති මිහිර අද විඳගනු එක කටට
සිදුවුණු පසු යමක් ඔබ නොම සිතු ලෙසට
නොතැවෙනු හඬා කිම ඵල ඉහිරුණු කිරට
ව්‍යවහාර වර්ෂ දෙදහස් දාසයේ මාර්තු මස දොළොස් වෙනිදා, ශනිදා, පූර්ව භාගයේ දී ලියා, සකසා ප්‍රසිද්ධ කරන ලදී.
සිද්ධිරස්තු
සියලු හිමිකම් ඇවිරිණි.
-රසිකොලොජිස්ට්
මෙච්චර හොඳට රයිම් වෙන කවි පන්තියක් කියවද්දී එක පදයක් අවුල් ගියාම මටනම් එදා දවසම ලාන්තරස්...
ReplyDeleteමම වගේ හිතන තව කෙනෙකුගේ හිතසුව පිණිස ඒ පදය මෙහෙම හදාගෙන කියවන්න මම යෝජනා කරනවා... :)
ඇතිනම් හොඳින් විසි කෙරුමට රන් කාසී
ජීවත් විය හැකිය සැම දා සිනා සිසී
ඇතිනම් හොඳින් විසි කෙරුමට රන් කාසී
සතුටින් සැපෙන් ජීවත් වෙන එක ලේසී
Agree with Beetle Bailey
Delete//ජීවත් විය හැකිය සැම දා සිනා සිසී //
මේ පදය වෙනස් වෙන්න ඕන.
අනික් ටික හොඳයි
සිදුවුණු පසු යමක් ඔබ නොම සිතු ලෙසට
නොතැවෙනු හඬා කිම ඵල ඉහිරුණු කිරට ++
+++++++++++ මම ඒක එතනදීම කියෙව්වේ සිනසා සී.. කියල.. බිට්ල් ලස්සනට ඔප්ෂන් එකක් දීලා තියෙනවා..
Delete@ බීට්ල්,
Deleteරන් කාසි ඇති නම් ජීවිතේ Lazy විදියට ගෙවන්න පුළුවන් වුණත් Lazy වෙලා නම් රන් කාසි හොයා ගන්න බෑ!
ඔබේ එකතු කිරීමට ඉතා ස්තුතියි.
Deleteමා මීට කලින් පළ කළ ලිපියේ තිබුණා සී යන්ණෙන් අවසාන වෙන කවියක්. එහි තිබුණු අනෙක් රයිම් වෙන පද තමයි දෝසී, සීසී, වීසී යනාදිය. :-)
කෙසේ නමුත් මේ මා ලියා ඇති කවියේ කිසිම එළසම දෝශයක් හෝ මාත්‍රා දෝශයක් නැහැ කියායි මං නං දැන් සිටියේ. මේ ආකාරයේ කවි තියෙනවා සුභාෂිතය, ලෝවැඩ සඟරාව වැනි පොත්වලත්.
පැරණි ගීයක් පැරණි රිද්මයෙන්ම
ReplyDeletehttps://www.youtube.com/watch?v=t9X4ikkUVyM
ඒ ගීතයේ හොඳ නව පදමාලාවක් මා පේරාදෙනියේ දී අසා තියෙනවා!
Deleteඅවවාද දිනය ආරම්බයේම
ReplyDelete.....හොදයි..මරු....උත්සහ කරන්නම් ක්‍රියාත්මක වීමට
අවැසි පරිදි!
Deleteරිසි පරිදි!!
Old wine in the same old decanter මේවා පැන්සෝන් ගිය අයටත් බලපානවද
ReplyDeleteby bold headed spectacled viper
Deleteපෝට් වයින් නම් පරණ නොවේ!
Deleteහොඳ වැඩක්..හරියටම සිරිත් මල්දම වගේ..
ReplyDeleteසිරිත් මල්දම පොතේ තියෙන්නේ මීට වඩා කෙටි කවි නේද?
Deleteරසික කියන්න හදන්නේ අපේ පැරණි කවිපොත් වල තියෙන උපදෙස් වල කොමික් ගතිය වෙන්න ඕනේ. දැන් මේකත් ඔය සුභාෂිතය වගේ නමකින් පල කළා නම් තව අවු 500 කින් විතර ඉස්කූල් සිලබස් දාලා ඔව්වයේ අර්ථ ලියන්නයි කට පාඩම් කරන්නයි කියාවි. මේ නම කොහොමද? "රසිකවේදය"
ReplyDeleteප.ලි. රහ කවි ටික. අර එක තැනක තුනපහ අවුල ඇරෙන්න
රසික භාෂිතය කියන නමක් හොඳයි නේද?
Deleteරසිකවේදය = rasikalogy
Deleteකොයින් ගියත් සල්ලි
ReplyDeleteදෙයියන්ගෙ එකම මල්ලි...
හෙහ් හෙහ්
ජයවේවා..!!
නෑ, සල්ලි කියන්නේ දෙයියන් ගේ තාත්තා!
Delete+++++++++++++++++++
ReplyDeleteධනපතියෙක් ද?
Deleteධනාත්මක චින්තනයක් ද?
මගෙනුත් එකක් රසිකවේදයට..
ReplyDeleteමුහුණට දකින විට බොරුවට හිනා වෙලා
මිනිහා නොමිනිහා අද ඇත මුහුන් වෙලා
නුවණැස නොවිමසා හිතටම වහල් වෙලා
දුවන මුවන් ළඟ නොහෙලන් නෙලූ පලා..
මග තොටදී හමු වූ විට හිනාවය
Deleteහදවත ගලව දෙන්නට මෙන් කතාවය
මේවා නොදත් අය වෙන්නේ මුලාවය
කුහකයි සුමිත්, කුහකයි අද සමාජය!
(කතෘ අඥාතයි)
අර කෙල්ලගේ ලියුමක කතාව නෙහ්
Delete