Monday 20 June 2016

ගංජා භාවිතය, රුවන් ජයතුංග, ප්‍ර්‍රියන්ත හේවගේ සහ ඇනෝනිමස් කමෙන්ටු හෙවත් I O Sirisena mark II


ගංජා බීම හොඳඳ නැද්ද යනුවෙන් සිංහල බ්ලොග් අවකාශයේ ඇරඹුණු මතවාදී අදහස් හුවමාරුවක් දැන් එකිනෙකා කෙරෙහි චෝදනා සහ ප්‍රතිචෝදනා කර ගැනීමක් දක්වා වර්ධනය වී තිබේ. මා අද පළ කරන්නට සිටි ලිපිය කල් දමා ඒ ගැන මේ ලියන්නේ, නොලියාම බැරි නිසා ය.

මා දකින ආකාරයට සිදුවී ඇත්තේ මෙයයි.

රුසියාවේ අධ්‍යාපනය ලබා, බටහිර වෛද්‍යවරයෙකු ලෙස ලංකාවේ විවිධ ක්‍ෂේත්‍රවල සේවය කර, විෂය කරුණු පිළිබඳව මෙන්ම සිංහල නිර්මාණ ඇතුළත් පොත් පත් විශාල සංඛ්‍යාවක් ලියා ඇති දැනට කැනඩාවේ මනෝ විද්‍යාව පිළිබඳ වෛද්‍ය ක්‍ෂේත්‍රයේ රැකියාවක් කරනවා යැයි මා සිතන රුවන් එම් ජයතුංග තමන් ගේ ජීවිතයේ අත්දැකීම් ගැන මෙන්ම වෘත්තීය මට්ටමේ පර්යේෂණ ගැන ලියවෙන ලිපි ද, තම සාහිත්‍යමය නිර්මාණ ද පළ කරන ට්‍රාන්ස්සිල්වේනියා බ්ලොගයේ, ගංජා හෙවත් කංසා පානය කිරීමට ඇබ්බැහි වීම නිසා මිනිස් සිරුරට සහ විශේෂයෙන් මනසට ඇති වෙන විනාශය පිළිබඳචිකිත්සක සාක්‍ෂි මත පදනම් වූ ලිපියක් නොබෝදා පළ කළේ ය.

චිකිත්සක අත්දැකීම් කෙසේ වුව ද, පුද්ගලිකව ගංජා බීම පිළිබඳ ඔහුට අත්දැකීම් ඇති යැයි මම නිවැරදිව නොදනිමි. නමුත්, මා විශ්වාස කරන්නේ ඒ අත්දැකීම් ඔහුට නොමැති බවයි. ඔහුට ඇත්තේ, ගංජා බී රෝගීව වෛද්‍ය ප්‍රතිකාර සොයා එන පිරිසක් පිළිබඳව සායනික අත්දැකීම් පමණි.

සුවිශේෂීව දේශපාලන කරුණු ගැනත්, පොදුවේ අනෙකුත් විෂයය ක්‍ෂේත්‍ර පිළිබඳවත් හාස්‍යෝත්පාදක ආකාරයට මෙන්ම ගම්භීරාකාරයට ලියවුණු ලිපි ද, ඒ සමගම අතීතකාමය අවුස්සන ලියවිලි ද, කවි සහ වෙනත් නිර්මාණ ද තම මාතලන් නමැති බ්ලොගයේ පළ කරන ප්‍රියන්ත හේවගේ විසින් ද ගංජා බීමේ ඇති ගුණාගුණ ගැනත්, අපනයන කෑෂ් ක්‍රොප් වර්ගයක් ලෙස ගංජා වගා කිරීමේ කෘෂි කර්මාන්තයක් ඇරඹීම පිළිබඳවත් කරුණු ඇතුළත් ලිපියක් ලියා පළ කළේය.

ප්‍රියන්ත හේවගේ ට ගංජා භාවිතය පිළිබඳ ස්වයං අත්දැකීම් ඇතිය යන්න සත්‍යයක් යැයි සිතමි. රුවන් ජයතුංගට ඇති, මා පෙර කී, සායනික අත්දැකීම් ප්‍රියන්ත හේවගේට නැත.

රුවන් ජයතුංග ගේ දෙවෙනි ලිපියක් තමන්ට අනියම් පිළිතුරක් ලෙස පළ කළා යැයි සිතු ප්‍රියන්ත හේවගේ කළේ කෙළින්ම රුවන් ගැන සඳහන් කරමින් ප්‍රති-පිළිතුරක් ලෙස ලිපියක් ලිවීමයි.

ඒ ලිපි හුවමාරවේ දී, ලිපිවලට ලැබුණු ප්‍රතිචාර අතර ප්‍රියන්ත හේවගේ ට අපහාස කෙරෙන ආකාරයේ ප්‍රතිචාර පළවුණු බවත්, නිර්නාමිකව පැමිණ ඒ ප්‍රතිචාර පළ කළේ රුවන් ජයතුංග ම බවත් ප්‍රියන්ත හේවගේ පවසයි. ඒ චෝදනාව රුවන් ජයතුංග ප්‍රතික්‍ෂේප කරයි.

ගංජා භාවිතය පිළිබඳ මගේ අවංක අදහස මා ඔය ලිපිවලට තැබූ ප්‍රතිචාර ලෙස සඳහන් කළෙමි. එය නැවත පවසනවා නම් මෙසේ ය.

ගංජා යනු ඖෂධීය ගුණයෙන් යුතු ශාකයකි. එය ඖෂධයක් ලෙස වෛද්‍ය නිර්දේශ සහ අධීක්‍ෂණය යටතේ භාවිතා කිරීම නීතිගත කළ යුතුය.

නමුත්, පැනඩෝල් වැඩිපුර ගැනීමෙන් පවා මරණයට පත්විය හැකි තත්වයක් ඇති නිසා, ගංජාවලට ඇබ්බැහි වීම සහ අවශ්‍ය මාත්‍රාවට වඩා ගංජා පාවිච්චිය නිසා සිදුවිය හැකි අවැඩ බොහෝය. එනිසා, පාලනයක් අත්‍යාවශ්‍ය වේ.

නැවතත්, මාතෘකාවට පැමිණියහොත්, මගේ අවංක අදහස නම්, රුවන් ජයතුංගට නිර්නාමිකව පැමිණ තමන් ගේ බ්ලොගයේ හෝ වෙනත් බ්ලොගයක හෝ ප්‍රතිචාර දැක්වීමට කිසිදු අවශ්‍යතාවයක් නැති බවයි. එනිසා, ඔහු තමා එසේ නොකළේ යැයි කරන ප්‍රකාශය මම පිළිගනිමි.

ඒ සමගම මේ කරුණු ද පැවසිය යුතුය.

තමාට ඇනෝනිමස් කමෙන්ටු දමන්නන්, ඔවුන් ගේ අයිපී ලිපිනය සහ කලින් ඔවුන් තම අනන්‍යතාවය සහිතව යෙදූ කමෙන්ටු හරහා හඳුනාගත හැකි යැයි ප්‍රියන්ත හේවගේ සිතයි.

තමා විසින් කරනු ලැබී යැයි චෝදනා කෙරෙන කමෙන්ටුව තමා විසින් නොදමන ලද බව පොදු අවකාශයේ ඇති දත්ත හරහා ස්ථිරව සොයා ගැනීමට හැකියාව සාමාන්‍ය පුද්ගලයින්ට ඇති බව රුවන් ජයතුංග සිතයි.

මට කීමට ඇත්තේ ඔවුන් දෙදෙනා ම නිවැරදි නොවන බවයි.

කාලවේලා ප්‍රශ්නය නිසා, මේ පිළිබඳ මගේ සරල දැනුම සහ අත්දැකීම් සහිත ලිපියක් ලියා පළ කිරීම සවස් වරුවට කල් තබමි.

-රසිකොලොජිස්ට්

ප/ලි (20 June 2016 at 23:32 Sydney Time):
මා රුවන් ගේ ගංජා ලිපිවල සහ මාතලන් ගේ මුල් ගංජා ලිපියේ මුල් හෝරාවලදීම ප්‍රතිචාර දක්වා තිබුණ ද පසුව එහි සිදුවූයේ කුමක්දැයි එතෙක් දැන සිටියේ නැත.

මේ ආරෝව ගැන කියමින් ඒ ගැන සොයා බලන ලෙස ඉල්ලූ පණිවිඩයක් රුවන්ගෙන් ලැබුණ පසුව එහි ගොස් සියල්ල කියවීමෙන් පසු, මේ උද්ගත වූ තත්වයේ දෙදෙනෙකුගේ ආරෝවකට එහා ගිය පොදුවේ සිංහල බ්ලොග් ලෝකයට වැදගත් යමක් ඇතිබව වැටහුණි.

මා මේ ලිපිය ලියන්නට පටන් ගත්තේ, ඉන් පසුවය.

මේ ලිපියේ දෙවන කොටස අද සවස් වරුවේ ලියා පල කිරීමට සිතා සිටියද, හදිසි කාර්යයන් කිහිපයක් තිබුණු නිසා එය අවසාන කළ නොහැකි විය.

ඒ කොටස හෙට පළ කරමි.

(image: http://keenetrial.com/blog/2011/04/13/no-one-makes-a-deal-on-a-handshake-these-days/)

87 comments:

  1. මේ පිළිබඳව නෙළුම් අජිත් සාක්කි දරණු ඇත. ඔහු මෙය මග හරින්නේ නම්, මට කීමට ඇත්තේ එකම එක දෙයකි.

    මිනිසාමයි ළොව දෙවියන් වන්නේ.. මිනිසාමයි ළොව තිරිසන් වන්නේ කියන එක පමණි..

    අටම්ගේ මැදිහත් වීමෙන් රුවන් හා මා එකඟතාවයකට පැමිණ තිබියදි ඔබ මේ කරන්නේ ඇවිලෙන් ගින්නකට පිඳුරු එක් කිරීමයි. රුවන් හා මා කියන්න තියෙන සියල්ල කියා අවසන්ය. මට මඩ ගැසීම සඳහා රුවන්ට මඩ සප්ලයි කල කාළකන්නියාද සොයාගෙන අවසානය. ඒ නිසා ඔබ මහත්මයකු නම් කල යුත්තේ. තවත් මේ ප්‍රශ්ණය දුර දිග ගෙන යාම නොව. අට්ම් මෙන් මේ ප්‍රශ්නය මැදිහත් කිරීමට උත්සාහයක් ගන්නා ලෙසයි.

    ඉංජිනේරුවන්ට වඩා මැෂින් බාස්ලාගේ මහත්මා කම උතුම් බව නොකියා සිටිය නොහැකිය. උගත් කම තුල ගෝත්‍රික් ගති පහව යන්නේ නැත.

    සුවපත් වේවා.. දුකින් මිදෙත්වා.. සත්‍යය අවබෝධ වෙත්වා..

    රුවන් ඔබේ සිත රිදුනා නම් සමාවෙන්න.. මගේ නම් සිත රිදුනි.. එහෙත් ඒවා මට සාමාන්‍ය දේවල්ය.. පොරොන්දු වූ පරිදිම තවත් මේ ගැන සංවාද නොකරමි.

    ReplyDelete
    Replies
    1. රුවන්,
      ඔබ අටම්ගෙන් කළ ඉල්ලිම ගැන මගේ ආවේගය පහව ගිය පසු යලි සලකා බලන්නම් එතෙක් මදක් ඉවසන්න.. මාතලන් යනු මිනිසකු මිස තිරිසනුකු නොවේ.. මෙලොව වෙසන තවත් එක් පෘතග්ජන මිනිසෙක්ම පමණය..

      Delete
    2. yakoo hamadma kiyanwa rocket rohinee gana liyapan kiyala , oya prashana monawath na ne macho oka liwwa nam

      Delete
    3. මට අදාලම නැති නිසා කතා නොකරන්න සිතා සිටියත් මධ්‍යස්ථ මතයා නමැත්තෙක්ද මීට සම්බන්ධ වී ඇති නිසා මමත් එහෙ මෙහෙ වුනා. මධ්‍යස්ථ මතධාරියා සහ මධ්‍යස්ත මතයා පටලගන්න ඉඩ තිබෙන නිසා.
      මධ්‍යස්ථ මතධාරියා සහ මධ්‍යස්ත මතයා යනු දෙදෙනෙකි.

      Delete
    4. ඒක මාතලන් දන්නවා. IP ලිපින ගැන රසික කියූ දේ සඳහා පිළිතුරු කිහිපයක් මාතලන් ගේ බ්ලොගයේ දැමුවෙමි. නවතැහැ මෙහි ලියන්නට කම්මැලිය.

      Delete
    5. ඉංජිනේරුවන්ට වඩා මැෂින් බාස්ලාගේ මහත්මා කම උතුම් බව නොකියා සිටිය නොහැකිය.

      සහතික ඇත්ත. දොස්තරලාට වඩා ටුවරිස්ට් ගයිඩ්ලා බේත් ගැන දන්නවා වගේ.

      Delete
    6. රසික ඔයා ඇයි ඔහොම බොරු කියලා නෝන්ඩි වෙන්නේ... ඔබ කිව්වා ඔහු එහෙම දෙයක් නෑ කියා කියූ බව.. දැන් මොකද කියන්නේ.. ඇත්ත කතාව අජිත් ලියලා තියෙනවා... ඒක සන්සුන් සිතින් කියවන්න.

      Delete
    7. මාතලන් මම රසිකට කියූ දෙය පිළිගත්තේ එහෙම හරියටම මේ ඇනෝ මෙයා කියා විශ්ව විද්‍යාලයකින් පැමිණි අයෙක් සොයා ගැනීමට නොහැකි බව සත්‍යයක් කියාය. විශ්ව විද්‍යාල වල අය හරියටම එසේ සොයා ගැනීමට නොහැකි බවට රසික කියන දේ ඇත්තය, නමුත් අප කලේ එයම නොවන බව ඔබට මතකද. කරුණාකර ඒ ගැන ලියන්නට එපා යයි කියමි. එසේ ලිවීමෙන් වන්නේ අපට අවාසියක් මිස වාසියක් නොවේ. රසික මගෙන් ඇසුවේ එහෙම ඇනෝ ලා හොයන්න පුලුවන්ද කියාය ? එහෙම අනෝල හොයන්න බැරි බවට මම පිලි ගත්තෙමි. නමුත් කවුරුන් ඒ ඔබට ඊමේලයක් එව්වොත් එහි ip ලිපිනය තිබේ. අනික ඇනෝ දමන හැමෝම proxi ගොස් එසේ නොකරති. මා රසික සමග එකඟ නොවන්නේ dynamic ip address ගැන පමණය. රුසියානුවන් හා හැකරුන් එංගලන්තයේ ගෙවල් අසල වාහන නවතා wifi හැක් කර අන්තර්ජාලය භාවිතා කරති. ඒ නිසා අපි මෙහි WEP ප්රෝටෝකොල් අනුව ip filter කර අවශ්‍ය අයට පමණක් wifi access දෙන්නෙමු. එසේ කරන්නේ රුසියානු හැකරුන් සොයා MI5 ආදීන් ip ලිපිනයෙන් තැන හොයාගෙන එන බැවිනි. ඒ හැම එකක් ම dynamic ip address ය. ඕස්ට්‍රේලියාවේ ද එය එසේමය.

      Delete
    8. මෙන්න මේ ආයතන වලින් තමන්ගේ ip ලිපිනය සඟවා ගෙන වැඩ කල හැකිය.
      Hide My Ass
      ExpressVPN
      Private Internet Access
      PureVPN
      TotalVPN
      VyprVPN

      නමුත් මොවුන්ද හදිසි අවස්ථාවකදී තමන්ගෙන් සේවය ලබා ගන්නා අය ගැන දැනුම් දීමට බැඳී සිටි. පසු ගියදා dark web එකේ තිබුණු ළමා අපයෝජන කණ්ඩායම අල්ලා ගත්තේ එසේය.

      Delete
    9. ඔබට ඇනෝ පැමිණීමට දැනට ඇති අවශ්‍ය හොඳම ක්‍රමය tor බ්‍රව්සර් එකයි.
      https://www.torproject.org/
      නමුත් පසුගිය මාසයේ අර මා කී ළමා අපයෝජන කණඩායමේ ඩාර්ක් වෙබ් වැඩ අල්ලා ගන්නට ඒවා ටෝර් හරහා කල නිසා FBI එක ටෝර් බැක් එන්ඩ් එකට පිවිස තිබුණි. ටෝර් මෙය ප්‍රසිද්ධියේ පිලි ගන්නේ නැත. mමා දන්නා පරිදි පළමු ටෝර් භාවිතයේදී intelligence ආයතන ඔබේ ලිපිනය සඳහන් කර ගනු ඇති බවට "මතයක් " පවතී.

      Delete
    10. බොහොම සරල දෙයක් නේ අජිත් මම කියන්නේ... එකම IP Address එකෙන් ප්‍රෝෆයිල් එකකිනුයි, ඇනොයි එන කොට අතේ මාට්ටු.. අනික IP Address different උනත්, ලොකේෂන් එක එකම නම් ඒත් මාට්ටු. හැබයි ඉතින් සමහර ගෙවල් වර Routers විකුනනවද කියන්න නම් මම දන්නේ නෑ. මොකෝ එකම location එකෙන් IP Address දෙක තුන තියෙනවා.

      Delete
    11. මාතලන් කියන දේ හරි. ඩොකා IPගැන අහල තිබුනට වැඩ කරන හැටි ගැන මෙලෝ දැනීමක් නැහැ. ඕක මටත් තර්ජනයක් දාල තිබුන IP address එකෙන් මම කවුද කියල හොයා ගත්ත කියලා. යකෝ අපි මේ ෆීල්ඩ් එකේ ප්රෝෆෙෂනල්ස්ල. උන් එනවා අපිට IP ගැන කියල දෙන්න.

      Delete
    12. ඔය මාතලන් කියන අයිපී ඇඩ්රසය අදාල පරිගණකයේ අයිපීඑක නොව සබ්නෙට් එකේ ලිපිනය විය යුතුයි. එසේ වන්නට ඉඩ ඇත්තේ-

      එක්කෝ ඩිරෙක්ට් ඉන්ටර්නෙට් ඇති රාජ්‍ය ආයතනයක
      විශාල පුද්ගලික ආයතනයක
      විශ්ව විද්‍යාලයක් වැනි තැනක
      සහ
      කේබල් ඉන්ටර්නෙට් ඇති තැන්වලය.

      මා සිතන පරිදි කැනඩාවේ රොජර්ස් කේබල් හි තත්වය එසේ විය හැක.

      Delete
    13. මට සමාවෙන්න රසික මේක මෙතන දානවට.

      මම තමයි රුවන්ගේ බ්ලොග් එකේ අනෝ කොමෙන්ට් එක මුලින්ම දැම්මේ. කොමෙන්ට් එකේ මහා දෙයක් තිබ්බේ නැහැ. මමත් අවුරුදු 5-6 ඉදන් රසිකගේ බ්ලොග් රෝලේ ඉන්න ගොඩක් අයගේ ලිපි කියවනවා. මම අනන්තවත් දැකල තියනවා ඔයිට වඩා දරුණු කොමෙන්ට්ස්. මම තමා කොමෙන්ට් දැම්මේ රුවන් නෙමේ කිව්වහමත් ඒ මිනිහට එලව එළව ගහනවා. IP address වලින් හොයපුව කියනවා. මේවා ඔක්කොම හෙන බොරු බයිලා . මධ්‍යස්ත මතයා කියන්නේ මම කාලෙකට කලින් හදපු profile එකක් . පැහැදිලි කරලා කොමෙන්ට් එක මතලන්ගේ සහ රුවන්ගේ බ්ලොග් එකේ දාද්දී මට ano click කරන්න අමතක උන. ඔතන වෙන profile කතාවක් නැහැ.

      මාතලන් මේ අල්ලන්නේ වෙන ඇරියස් එකක්. රුවනට විතරක් නෙමේ අනිත් හැමෝගෙන්ම ගේම ඉල්ලන ආකාරයෙන් එක පේනවා. මේක මේ සම්බන්දව දාන අන්තිමේ කොමෙන්ටුව. දිගින් දිගටම ano ඇල්ලුවා කියල බොරු කිය කියා එකම මිනිහට ගහන එක ගෙන කියන්න තියෙන්නේ "නිදියන් ඉන්න අය නැගිට්ටවන්න පුළුවන් උනාට හොරට නිදියන් ඉන්න අය නැගිට්ටවන්න බැහැ කියලයි." මම පාවිච්චි කරන්නේ Bell Fibe. සමහර විත් මේකත් රසික කියපු rogers වගේ ඇති.

      අන්තිමට කියන්න තියෙන්නේ "මාතලන් සන්සුන්වෙන්න, ඉගිලෙනවිට කොකාගේ නියම සුද පෙනෙනවා " කියල තමා .

      ano -මධ්‍යස්ත මතයා

      Delete
    14. රසික කියන්න හදන දේ පැහැදිලි නැහැ.
      iPඇඩ්රස් එක නෙමෙයි සබ්නෙට් කතාවක් කියන්නේ රසිකත් ඒ IP එක මොකක්ද කියල දන්නවද?

      Delete
    15. රසික ඇනෝ එන්නේ බොහෝ කාලයක පටන්ය...

      කොන්දක් නැති මිනිස්සු එක එක බයිලා ගසති. කීප දෙනෙක් එක්වී මාතලන්ට ගැසීම සඳහා රුවන්ට මඩ සප්ලයි කරන ලදි.. දැන් සිඳුවී ඇත්තේ මාර කෙලියකි.. දැන් රුවන් හා මා අතර අවුලක් නැත. කොක්කු දෙන්නාගෙම සුද පෙනිනි. සළු පොරවගෙන උන්නාට අප සියල්ලන්ම පෘතග්ජන මනුස්සයෝය. හඳ පෙන්නුවාම ඇඟිල්ල දෙස බලන්නේ පොඩි උන්ය. ලියන දේ ගැන නොව මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට ගහන්නේ මොන ළොකේ උන්නත් තත්වයක් නොමැති හීනමාන කාරයෝය. රුවන්ට උනේ අනුන්ගේ ගුලි කන්නට යෑමය. එය තේරුම් ගිය වහාම ඔහුට එය ආවබෝධ කර දුනි.

      දැන් අපේ අවුලක් නැත. පඬි ටෝක් දෙන උන් සියල්ලෝම. ඇනෝ විත් පඬි ටෝක් දෙන සියල්ලන්ම ආත්මයක් නැති අපතයෝය. රසික කරන්නේ අපේ ගමේ උන් රොයිටර් නැනදාගේ කාර්යයයි.

      Delete
    16. හිතවත් මාතලන්,

      මෙය අභූත චෝදනාවකි. මෙතරම් කල් මා සමග ගනුදෙනු කතා බහ කර ඇති මෙසේ කීම අතිශය පිළිකුල් සහගතයි.

      එ බව සොය ගැනීමට කිසිු තාක්‍ෂණික දැනුමක් හෝ හැඛියාවක් ද ඔබට හෝ මට නැත.

      මා කිසි දිනක ඇනෝනිමස් / නිර්නාමික කමෙන්ටුවක් යොදා නැති බව සහතිකව පවසමි.

      වසර පහකට පමණ ඉහත දී අපේ කාර්යාලයේ හි ඉතා පැරණි Internet Explorer ටැබ් නැති බ්‍රව්සරයක් භාවිතා කරද්දී වෙනත් වෙබ් පිටුවක් හැම විටම වෙනත් වින්ඩෝවක ඕපන් වෙන තත්වයක් සහ ආයතනයේ කුකීස් පිළිබඳ තිබුණු සීමා කිරීම් යටතේ මා දෙයූ කමෙන්ටුවක දෙකක පවා යටින් මගේ බ්ලොග් නම අත්සන් කළෙමි.

      ඔබ මුලින් රුවන්ට චෝදනා කළා, දැණ් මට චෝදනා කරනවා.

      ඟෙකකාද මෙහි තේරුම?

      මේ ඇයි යන්න ගැන ප්‍රසිද්ධියේ වෙනත් නිගමනවලට ඒමට මම ඉක්මන් නොවෙමි!

      මා මේ ලිපිය ලියන්නට හේතුව වූයේ ඔබේ අභූත චෝදනාවලින් හෙම්බත් වූ රුවන් ජයතුංග විසින්, මට, රයිගමට, හැලපේට සහ විචාරකට මෙයට මැදිහත්වන ළෙස කළ ඉල්ලීම නිසා ය. ඊමේල් මගින් එවූ ඒ ඉල්ලීම ඔහු විසින් කමෙන්ටු ලෙසද පළ කර ඇත.

      මේ ලිපියේ ඊළඟ කොටස අද උදේ ලියා අවසන් කළෙමි. සිඩ්නි වේලාවෙන් 1230ට පමණ එය පළවෙනු ඇත.

      ඔබ කර ඇත්තේ අභූත චෝදනාවක් බවත්, එය අතිශයින් පිළිකුල් සහගත බවත් නැවත කියමි!

      Delete
    17. යහ පාලනය කචල් නිසා ටිකක් අවුලෙන් ඉන්නේ මේ දවස්වල. වැඩිය අවුස්සන්න එපා. පවු අහිංසකය.

      ano -මධ්‍යස්ත මතයා

      Delete
  2. මම මෙහෙම කියන එක හොඳද මන්දා...
    ඒත් සිංහල බ්ලොග් කියවනකොට හිතෙන දෙයක් තමයි මේ තරම් පිට කහ ගන්න, එක එක්කෙනාට මඩ ගහන, පොඩි ළමයින්ටත් වඩා එහා ගිය අවුරුදු පනහකටත් එහා ගිය වැඩිහිටියෝ ඉන්නවා කියන එක.
    ඇත්තටම මේ බ්ලොග් ලියන බහුතරයක් අයට සැබෑ ජීවිතේ ප්‍රශ්න ඇත්තේම නැද්ද? මේ බ්ලොග් කෙරුවාව විතරමද?
    ඊටත් වඩා එකට කාලා බීලා අනෙකා ගැන කියවන, ඊට පස්සේ එකිනෙකාට මඩගහගන්න කිසිම යාළුකමක් නැති මිනිස්සු ඉන්නේ ලංකාවේ විතරද?

    මේවට කිසිම සම්බන්දයක් නැති මිනිස්සු ඩ්‍රැග් කරන්නේ ඇයි? අනික මෙච්චර ඩියුණුවෙච්ච ලෝකේ හැමවෙලේම වට්ටි අම්මලා වගේ එකිනෙකාගේ වැරදි කියවගන්න යන්නේ ඇ‍යි. අකමැති නම් avoid කරලා හිටියාම ඇතිනේ...


    ReplyDelete
    Replies
    1. සිංහල බ්ලොග් කියවනකොට හිතෙන දෙයක් තමයි මේ තරම් පිට කහ ගන්න, එක එක්කෙනාට මඩ ගහන, පොඩි ළමයින්ටත් වඩා එහා ගිය අවුරුදු පනහකටත් එහා ගිය වැඩිහිටියෝ ඉන්නවා කියන එක.

      සහතික ඇත්ත රංගි.

      Delete
    2. සිංහල බ්ලොග් කියවනකොට හිතෙන දෙයක් තමයි මේ තරම් පිට කහ ගන්න, එක එක්කෙනාට මඩ ගහන, පොඩි ළමයින්ටත් වඩා එහා ගිය අවුරුදු පනහකටත් එහා ගිය වැඩිහිටියෝ ඉන්නවා කියන එක.

      සහතික ඇත්ත රංගි.

      Delete
    3. අපහාසයද උපහාසයෙන් කිරීමට "පොලයිට්" ක්‍රම ඇත.

      Delete
    4. වැඩිදුර විස්තර සඳහා - Sa rasa (Strictly Private) Unlimited

      Delete
    5. "මේ තරම් පිට කහ ගන්න, එක එක්කෙනාට මඩ ගහන, පොඩි ළමයින්ටත් වඩා එහා ගිය අවුරුදු පනහකටත් එහා ගිය වැඩිහිටියෝ ඉන්නවා කියන එක". +++++Absolute truth.

      නොකී කතා blog එකේ නවක වධය ගැන ලියවුනු post එකට රවී ඉතාම නිර්මාණාත්මක post එකක් ලිව්වා එච්චරයි. නොකී කතා වත් රවී වත් ඒක අල්ලාගෙන personally මඩ ගහගත්තේ නෑ. රුවන් ගංජා ගැන ලියපු එක post එකකවත් මාතලන්ට අපහාස කරලවත් අඩුම තරමේ මේ post එක අහවල ලියපු දේට පිළිතුරක් කියලවත් තිබුනේ නැහැ මාතලන් ඒක අල්ලාගෙන දඟලන්න ගත්ත. රුවන් තමන්ගේම field එකේ irregularities ගැන පවා ලියල තියෙන කෙනෙක්, කවදාවත් ano ඇවිල්ල මඩ ගහයි කියල හිතන්න අමාරුයි. ඇත්තටම මේ blogs බලන අපි මෝඩයෝ කියලයි මටනම් හිතුනේ. ඒ අතින් සාරස commendable.

      Delete
    6. Buru Babe මටත් හිතුනෙ ඔය ටිකමයි.මට මේ මිනිස්සු ගැන පුදුම හිතුන. බ්ලොග් කියන්නෙ මේ අයගෙ ජීවිතය. භෞතික හමුවීම් නැතිවම තමන්ගෙ පාඩුවෙ ලියන එකමයි හොද. නැත්නම් පිහිඇනුම් වලින් කෙලවර වෙන්නෙ

      // ඒත් සිංහල බ්ලොග් කියවනකොට හිතෙන දෙයක් තමයි මේ තරම් පිට කහ ගන්න, එක එක්කෙනාට මඩ ගහන, පොඩි ළමයින්ටත් වඩා එහා ගිය අවුරුදු පනහකටත් එහා ගිය වැඩිහිටියෝ ඉන්නවා කියන එක.
      ඇත්තටම මේ බ්ලොග් ලියන බහුතරයක් අයට සැබෑ ජීවිතේ ප්‍රශ්න ඇත්තේම නැද්ද? මේ බ්ලොග් කෙරුවාව විතරමද?
      ඊටත් වඩා එකට කාලා බීලා අනෙකා ගැන කියවන, ඊට පස්සේ එකිනෙකාට මඩගහගන්න කිසිම යාළුකමක් නැති මිනිස්සු ඉන්නේ ලංකාවේ විතරද? //

      සහතික ඇත්ත.

      Delete
    7. @ නොකී කතා

      මෙහෙම දෙයක් තියෙනවා. මම මගේ විප්‍රවාස ජීවිතයෙන වැඩි කාලයක් ගෙවා තිබෙන්නේ යුදෙව් ජනතාව සමඟ. ඔවුන්ගේ සිරිතක් තියෙනවා දෙදෙනෙක් අතරේ ප්‍රශ්ණයක් තියෙනවා නම් කවදාවත් ගහගන්නේ නෑ.. හැබයි හත් මුතු පරම්පරාවයි ජාතකෙයි අරකයි මේකයි ඔක්කෝම ඇදගෙන කෑ ගහගෙන මරා ගන්නවා. එතනින් වැඩේ ඉවරයි. එයින් ඔවුන් කියන්නේ හිතේ පැසව පැසව ඉන්නේ නැතිව ඔක්කෝම පිට කලාම හිත පිරිසිඳුයි කියලා. මම හිතන්නේ ටොරොන්ටෝවල ඉන්න රුවන්ටත් මේ පුරුද්ද ඇති. මම හිතන්නෙ ඒක හොඳ දෙයක් කියලා. එක එකා එක්ක කේලම් කිය කියා ඉන්නවට වඩා. දෙමව්පියන් දරුවන් අතර උනත් එහෙමයි. ඒ වගේම අපේ උන්ට පුරුදු නැති තවත් ඉතාම වැදගත් සිරිතකුත් තියෙනවා. මරා ගන්න දෙන්නා මරා ගත්තට, අහල පහළ ඉන්න උන් සීනී කිරන්න නම් එන්නේ නෑ කවදාවත්. අපේ ගොඩක් අය කරන්නේ ඒකෙන් ආතල් ගන්න එක. මේ අනුන්ට බණ කියන අයත් ගොඩක් එහෙමයි.

      Delete
  3. මම මේ ප්‍රශ්නය අමතක කොට තිබේ. මාතලන් සමග මගේ ක්‍රෝධයක් නැත.මම ඔය කියන කොමෙන්ටුව ඇනෝ ඇවිත් පළ කලේ නැති බව මා සහ උඩ සිටින දෙවියන් දනිති. විචා තුමා/ රසික / අජිත් ධර්ම / අටම් / හැලපේ අයියා යන බ්ලොග්කරුවන් විනිසුරු මඩුල්ලක් ලෙස ගෙන පරිගනක එක්ස්පර්ට් කෙනෙක් ලවා මෙය පරික්‍ෂා කොට බලන ලෙස මම කීවෙමි. . බ්ලොග් වලිය ගියා ; මම පහරට පහර දුන්නා (මම පරමාදර්ශී මිනිසෙකු නොවන බව මම නිතර කියමි); වලිය ඉවරයි ; නමුත් මම සිතේ පැසවමින් එරියස් ඉදිරියට ගෙන යන්නේ නැත​.

    ReplyDelete
    Replies
    1. මේක මෙතැනින් ඉවර කරමු.

      Delete
    2. අපි අතර නම් ගේම ඉවරයි සුද්දෝ වගේ... ඒ උනාට ළිඳ ළඟ සංගමේ අයයි. සීනී කිරන අයයි ඔහේ ආතල් එකක් ගත්තාවේ. ස්තූතියි අජිත්, පන්ඩිතයන් දැණුම්වත් කලාට.

      Delete
    3. Mathalan I agree ; අපි අතර නම් ගේම ඉවරයි

      Delete
    4. දැන් ඇති. දැන් හොඳටම ඇති. මේ වැඩේ මෙතනින් නවත්තමු. ඉතා ආදරයෙන් සහ කරුණාවෙන් සියල්ලන්ගෙන්ම ඉල්ලනවා.

      Delete
    5. මොන මගුලක්ද ඕයි මේක..
      නවත්තනවාලාකෝ.. ගිහින් බ්ලොග් එකක් ලියනව..රැවන් ඩොක් විතරයි නන්ස්ටොප් ලියන්නේ .. අටම්පහුරය ලියන්නෙත්නෑ, මාතලං ලියන්නෙත් නෑ විචාරකය ලියන්නෙත් නෑ..එපා වෙනව ඕයි..
      අපි තමා නියම ඇනෝල.. නමින් ආවෙ නැතුවට කමෙන්ට් බැලුවෙ නැති උනාට තමුසෙලාගේ බ්ලොග් හැමදාම බලන.

      Delete
  4. රුවන්, ප්‍රියන්ත, රසික...මට තේරුම්ගත නොහැකි එක් දෙයක් ඇත.
    ඔබලා බ්ලොග් ලෝකයේ පට්ට පරිණත පොරවල්‍ය.. (උපහාසයෙන් නොවෙයි. මට දැනෙන විදිහ)

    බ්ලොග් ලියා සමාජය දැනුම්වත් කරන ඔබලාගේ සේවය විවිධාකාර වුවත් අති මහත් ය.
    මා කියන්නේ බ්ලොග් ලියන්නේ නම් ප්‍රතිචාර ඉවසන්නට පුරුදු විය යුතු බවයි. නැත්නම් කොමෙන්ට් වසා තමන්ගේ ගෙවල් තුළ ඉබි යතුරු දාගත යුතු බවයි.

    එකඟ වීමේ හෝ එරෙහි වීමේ විසම්මුතිය පිළි නොගනී නම් ඉන් පෙනෙන්නේ අපේ පටු බවයි. ඒ නිසා වාද විවාද කරමු. අපි අපට අවංක වෙමු. විරුද්ධ මත ඉවසමු. තමන්ගේ මතය නිවරැදි යැයි සිතන්නේ නම් ඒ වෙනුවෙන් පෙනී සිටිමු.

    බ්ලොග් ලෝකයෙන් හඳුනා ගෙන බ්ලොග් ලෝකය නිසාම කෝන්තර ඇති කරගන්නේ නම් කවර සෙතක්ද..

    ReplyDelete
    Replies
    1. නොකී කතා මෙතන ප්‍රශ්නය වී ඇත්තේ සමහර වෙලාවට බ්ලොග් අයිතිකරුම ඇනෝ ලෙස පැමිණ තමන්ට අකමැති කොමෙන්ටු දමන අයට පහර දීමයි. බොහෝ විට පොන්නයා වන ගරු වචනද සහිතව. මම නම් ඇනෝ කොමෙන්ට් වලට මුල ඉඳලම විරුද්ධයි. ඔබේ නවක වදය ගැන ලිපියේ මා ලියු දෙයට , හමුදාවට නොගිය පොන්නයෙකු වශයෙන් මට කොමෙන්ටුවක් දමා තිබුණි. මා ඔබ සමග වලියකට ආවේ නැත. ඒ ගැන නිහඬව සිටියෙමි. මාතලන්ට මෙහිදී කිසියම් තරහක් යන්නට ඇත. ඒවා අප අතර සිදු වන්නේ අප සමන්තභද්‍ර තුමා මෙන් රහත් වී නැති නිසාය.

      Delete
    2. @ නොකී කතා

      මෙහෙම දෙයක් තියෙනවා. මම මගේ විප්‍රවාස ජීවිතයෙන වැඩි කාලයක් ගෙවා තිබෙන්නේ යුදෙව් ජනතාව සමඟ. ඔවුන්ගේ සිරිතක් තියෙනවා දෙදෙනෙක් අතරේ ප්‍රශ්ණයක් තියෙනවා නම් කවදාවත් ගහගන්නේ නෑ.. හැබයි හත් මුතු පරම්පරාවයි ජාතකෙයි අරකයි මේකයි ඔක්කෝම ඇදගෙන කෑ ගහගෙන මරා ගන්නවා. එතනින් වැඩේ ඉවරයි. එයින් ඔවුන් කියන්නේ හිතේ පැසව පැසව ඉන්නේ නැතිව ඔක්කෝම පිට කලාම හිත පිරිසිඳුයි කියලා. මම හිතන්නේ ටොරොන්ටෝවල ඉන්න රුවන්ටත් මේ පුරුද්ද ඇති. මම හිතන්නෙ ඒක හොඳ දෙයක් කියලා. එක එකා එක්ක කේලම් කිය කියා ඉන්නවට වඩා. දෙමව්පියන් දරුවන් අතර උනත් එහෙමයි. ඒ වගේම අපේ උන්ට පුරුදු නැති තවත් ඉතාම වැදගත් සිරිතකුත් තියෙනවා. මරා ගන්න දෙන්නා මරා ගත්තට, අහල පහළ ඉන්න උන් සීනී කිරන්න නම් එන්නේ නෑ කවදාවත්. අපේ ගොඩක් අය කරන්නේ ඒකෙන් ආතල් ගන්න එක. මේ අනුන්ට බණ කියන අයත් ගොඩක් එහෙමයි.

      Delete
    3. හිතවතුනි

      මාතලන්ට තද වූයේ මේ කොමෙන්ට් එකට සහ මධ්‍යස්ථ මාතය නමින් ආපු කොමෙන්ට් වලට. මේ මගේ කොමෙන්ට් නොවේ. මේවා වල මූලයන් සොයා බලා සත්‍ය බ්ලොග් බලන්නන් වෙත දැනුම් දෙන්න

      AnonymousJune 16, 2016 at 11:24 PM
      ඩොක්ටර් ඔයා update වෙලා නැහැ. ගංජා වලින් ශරීරයට කිසිම හානියක් නැහැ. මේක හොයාගෙන තියෙන්නේ ලංකාවේ (අප)කීර්තිමත් බොග දාන උතුමෙක්. එයාගේ කැඩපත් (කැටපත්) පවුරේ මොනව හරි කුරුටු ගාලා යන අයියල ඊට හපන් . අනිවා ඩෙෆා හොද මඩ පොස්ට් ටිකක් බලාපොරොත්තු වෙන්න ඔය ගොනා එක්ක කතාවට ගිහිල්ල.

      රුවන් මහත්මය අහල තියෙනවද කියමනක් තියෙනවා

      "Debating creationists (නුගතුන්/ මං පොර මේනියාකාරයින් ) on the topic of evolution (any complex subject) is rather like trying to play chess with a pigeon; it knocks the pieces over, craps on the board, and flies back to its flock to claim victory." --Scott D. Weitzenhoffer

      මෙතනටත් ඕක අදාලයි.

      Anyways, I really enjoy reading your wide variety of posts. Keep up the good work. (Topic ගංජා ප්‍රේරිත සයිකෝසියාව හෙවත් Cannabis Induced Psychosis)

      Delete
  5. සිංහලෙන් කියනවනම් බ්ලොග් ලෝකයත් ගූ හැත්තෑවක් වෙලා.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++
      ඇත්තම ඇත්ත. බලන අපි තමයි මෝඩයෝ. අර උඩ කියල තියෙනවා වගේ කට්ටියම පිට කසගෙන, මඩ ගහගෙන, අනිත් ටිකත් කර ගනියි.

      Delete
    2. ඒ කියන්නේ අඩු වෙලා... ඉස්සර ගූ දාහයි නේ...

      Delete
  6. "සින්හල බ්ලොග් අවකාසේ ඇනෝ ඇවිත් හෝ වෙනත් හැඬලයක් අටවාගෙන විත් අපාහාසකිරීම් වලට සාර්තකව මුහුනදීමේ ක්‍රම සහ විදි"

    ස ර ස තුමා මෙහෙයයවන ඔන්ලයින් පාටමාලාව!

    ReplyDelete
  7. හම්මේ වලිය ඉවරලු.. මොකද කියන්නේ අඩියකට සෙට් වෙමුද? බොන උන්ට ගංජා මගේ ගානේ.. හැක්.

    ReplyDelete
  8. අපොයි... කියනු හැර වෙන කුමක් කියම් ද.

    ReplyDelete
  9. අනවශ්‍ය වලියක්!
    "ඇනෝ කමෙන්ට් දැමීම/ඇනෝ කමෙන්ට් දැමූ එකා ඇල්ලීම" මම දකින්නෙ බජාර් එකේ චන්ඩියාගේ භූමිකාව විදියට. චන්ඩියා චන්ඩියෙකු වන්නේ ඔහුට වඩා චන්ඩියෙකු බජාර්බහින තෙක් ය.
    ඇනෝ කමෙන්ටුද එසේය. ඇනෝ දාන්න පුළුවන් එවුන් ඉන්නව, ඌට වැඩිය පොරක් ආවම අල්ලන්නත් පුළුවන්, අල්ලන්න පුළුවන් එකාටත් අල්ලන්න බැරිවෙන්න ඇනෝ දා‍න එවුනුත් ඉන්නව, අල්ලන්න බැරිවෙන්න ඇනෝ දාන එවුන් අල්ලන්නත් පුළුවන් එවුන් ඉන්නව...... කවුද චන්ඩියා කවුද නොන්ඩියා කියල තීරණය කරන්න බෑ.
    පෞද්ගලිකව මම නං, ඇනෝ කමෙන්ටුවක් සම්බන්ධයෙන් ප්‍රොෆයිලයකට චෝදනා කරන්නෙ නෑ!

    ReplyDelete
    Replies
    1. යේස්, එක මිනිහෙක් ඇතුලේ සත්තු කීපයක් ඉන්නවලු, ඒ නිසානේ මිනිස් සම්බන්ධතා හරිම සංකීරණ වෙන්නේ. ඔයි එක මිනිහෙක් අැතුලේ ඉන්න සත්තු සේරම එක ප්‍රොෆයිලයකින් එන්නේ නැතුව වෙන වෙන ම ඒවායින් එනවානම් කොච්චර සරලද? ආයේ ඒ මොකාද කියල හඟිස්සවන්න යන්නේ පිස්සු නේ.

      Delete
    2. // යේස්, එක මිනිහෙක් ඇතුලේ සත්තු කීපයක් ඉන්නවලු //

      පනු බේත් නිර්දේස කොරමි....
      එතකොට මිනිසා ඇතුලත ඇති සත්තු ගුදමාර්ගයෙන් පිට වේ!

      Delete
    3. https://www.marijuanagrowing.eu/outdoor-growing/earthworms-soil-t41185.html

      Delete
    4. http://www.popsci.com/will-smoking-pot-get-rid-your-intestinal-worms

      බනීද?

      Delete
    5. සරසෝ උඹත් ඇනෝ ඇරපංකො මයෙ අම්ම, අපි උඹට ඇට්ටි හැලෙන්න ගහන්නෙ නැ නෑමයි.

      Delete
    6. සාරස උඹ කොහොමද බාං පණු බේත් නියම කරන්නේ , උඹ දත් දොස්තරනේ ...

      Delete
    7. ඇනෝ දාන එක එක වගේම අල්ලන එකත් මෝඩ කමක්.
      ඇනෝ දාන එක වගේම අල්ලන එකෙත් චන්ඩි හැසිරීමක් මාත් දකිනව.
      ඒ වගේම ඇනෝ අල්ලන කතා සහ ඇනෝ ගැන කරන අනුමානත් බොරු.
      අයි පී ඇඩ්‍රස් වලින් අල්ලන්න බෑ නමුත් ලොකේෂන් එක අනුමාන කරල අහවලා කියල නිකම් සැකකරන්න පුලුවන්.
      උසාවි නියෝග නැතිව අපි වගෙ සාමාන්‍ය අයට අල්ලන්න බෑ කියලයි මේ කීවෙ.

      Delete
    8. පණු බේහෙත් ගන්න ටෛද්‍ය නිර්දේශ අත්‍යාවශ්‍යම නැහැ. ඉල්ලුවාම ෆාමසි වලින් තියෙනවානම් දෙනවා. එක් දින ප්‍රතිකාරකයද ඔනෑ?

      Delete
    9. // සරසෝ උඹත් ඇනෝ ඇරපංකො මයෙ අම්ම, අපි උඹට ඇට්ටි හැලෙන්න ගහන්නෙ නැ නෑමයි.

      Anonymous20 June 2016 at 17:28
      සාරස උඹ කොහොමද බාං පණු බේත් නියම කරන්නේ , උඹ දත් දොස්තරනේ ... //

      පින්වත් ඇනෝලාට ඉස්තූතියි!

      Delete
    10. // Anonymous20 June 2016 at 17:28
      සාරස උඹ කොහොමද බාං පණු බේත් නියම කරන්නේ , උඹ දත් දොස්තරනේ ... //

      ඒකත් ඇත්ත..
      මීට පස්සේ උඹට පනු අමාරුව ආවාම දත් බේත් බීපන් සාදාරන ඇනෝ මචන්!

      Delete
  10. සිංහල බ්ලොග් කියවනකොට හිතෙන දෙයක් තමයි මේ තරම් පිට කහ ගන්න, එක එක්කෙනාට මඩ ගහන, පොඩි ළමයින්ටත් වඩා එහා ගිය අවුරුදු පනහකටත් එහා ගිය වැඩිහිටියෝ ඉන්නවා කියන එක.

    සහතික ඇත්ත රංගි.

    Agreed 1000%

    ReplyDelete
  11. අල්ලපන් මගෙ නැට්ට

    ReplyDelete
  12. මම මේ වෙලාවේ මා අතිශයෙන්ම ප්‍රියකරන "අකුරු" බ්ලොගයේ කතු බීටල් කියූ කතාවක් කෝට් කරමි ...


    // කවදාවත් ඇනෝ කමෙන්ට් දැම්මේ කවුද කියා හොයන්න එපා... //

    ReplyDelete
    Replies
    1. ඒ ගැන මතකයේ තිබීම සතුටක් ඇනෝපිලස්...

      මම ඇත්තටම අදහස් කලේ ඇනෝ කමෙන්ට් එකක් දැම්මේ අහවලා යැයි චෝදනා කරන්න එපා කියායි...

      මොකද ඒකාලේ තිවුන තත්වය අනුව චෝදනා කරන කෙනාට ඒ චෝදනාක ඔප්පු කරන්න බැහැ වගේම චෝදනාවට ලක්වෙන කෙනාටත් "මම දැම්මේ නෑ යකෝ..." කියනවා ඇරෙන්න තමන් ඒ කමෙන්ට් එක නොදැම්ම බව ඔප්පු කරන්න විදියක් තිබුනේ නැහැ.. ඉතින් එයා මානසිකව ගොඩක් අසරණ වෙනවා...

      ඇනෝකමෙන්ට් දැම්ම එකා හෙලිවෙන වාසියට වඩා අරවගේ අභූත චෝදනාවකට ලක්වෙන එකාට වෙන හානිය වැඩි කියලයි මගේ මතය...

      හැබැයි මෙතන එහෙම නිකම්ම චෝදනාවකට වඩා වැඩි දෙයක් නේද...මම තේරුම් ගත්ත විදිය නිවැරදි නම් මාතලන් මේ කියන්නේ කිසියම් ආයතනයක ඔහුගේ හිතවතුන් හරහා ඔහු මේ ගැන හොයාගත්ත බවක්...

      -Beetle

      Delete
    2. ප.ලි.
      ඒක විහිලුවක් නෙමෙයි නම් මට නම් ඇග හිරිවැටෙන කතාවක්...මගේ සාමාන්‍යය දැනුමේ විදියට ආයතනයක ප්‍රොඩක්ශන් කස්ටමර් ඩේටා කියන්නේ හැමෝටම ප්‍රවේශ වෙන්න බැරි සංවේදී ඒරියා.. ඒවාට ප්‍රවේශ වෙන්න හැකි සීමිත පිරිස ඒවා පරිශීලනය ගැන කෝඩ් ඔෆ් එතික්ස් වලින් බැඳිලා ඉන්නවා...ඔවුන් ඒවා පරිශීලනය කරන්නේ කිසියම් සිද්දියක් වුනාම ඒ සම්බන්දයෙන් දත්ත පරිශීලනය කරන්නේ කවුද, මොන වෙලාවේද, මොන දත්තද යන හැමදේම ගැනම පාරදෘශ්‍යබාවය තියාගෙනයි.. පුද්ගලික අවශ්‍යතාවයකට ඒවා පරිශීලනය ගැන ඔවුන් ඉතාම සංවේදීයි..

      මේ කියන විදියට එසේ නොවන ආයතන තියෙනවා කියන්නේ පාරිභෝගික අපිට අඹ සරනයි...

      -Beetle

      Delete
  13. සිංහල බ්ලොග් අවකාශයේ ඉන්නේද වත්මන් ශ්‍රී ලාංකීය සමාජයේ හරස් කඩකි. එහි පිට කසන්නෝ, දෙකට නැමෙන්නෝ , පොරත්වය පෙන්වන්නෝ මෙන්ම අනුන් කොටවා සතුටු වන්නොද වෙති. බ්ලොග් ලිවිම තුලින් සමාජයට වැදගත් පණිවිඩයක් දෙන්නෝ ඇත්තේ අතලොස්සකි.

    ReplyDelete
  14. // සිංහල බ්ලොග් අවකාශයේ ඉන්නේද වත්මන් ශ්‍රී ලාංකීය සමාජයේ හරස් කඩකි. එහි පිට කසන්නෝ, දෙකට නැමෙන්නෝ , පොරත්වය පෙන්වන්නෝ මෙන්ම අනුන් කොටවා සතුටු වන්නොද වෙති. //

    ඔබේ ලයිස්තුවේ හොරු, වන්චා කාරයෝ සහ මන්කොල්ලා කරුවන් හටත් ඉඩක් ලබා දෙන මෙන් කරුනාවෙන් ඉල්ලමි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  15. හිතවතුනි

    මාතලන්ට තද වූයේ මේ කොමෙන්ට් එකට සහ මධ්‍යස්ථ මාතය නමින් ආපු කොමෙන්ට් වලට. මේ මගේ කොමෙන්ට් නොවේ. මේවා වල මූලයන් සොයා බලා සත්‍ය බ්ලොග් බලන්නන් වෙත දැනුම් දෙන්න

    AnonymousJune 16, 2016 at 11:24 PM
    ඩොක්ටර් ඔයා update වෙලා නැහැ. ගංජා වලින් ශරීරයට කිසිම හානියක් නැහැ. මේක හොයාගෙන තියෙන්නේ ලංකාවේ (අප)කීර්තිමත් බොග දාන උතුමෙක්. එයාගේ කැඩපත් (කැටපත්) පවුරේ මොනව හරි කුරුටු ගාලා යන අයියල ඊට හපන් . අනිවා ඩෙෆා හොද මඩ පොස්ට් ටිකක් බලාපොරොත්තු වෙන්න ඔය ගොනා එක්ක කතාවට ගිහිල්ල.

    රුවන් මහත්මය අහල තියෙනවද කියමනක් තියෙනවා

    "Debating creationists (නුගතුන්/ මං පොර මේනියාකාරයින් ) on the topic of evolution (any complex subject) is rather like trying to play chess with a pigeon; it knocks the pieces over, craps on the board, and flies back to its flock to claim victory." --Scott D. Weitzenhoffer

    මෙතනටත් ඕක අදාලයි.

    Anyways, I really enjoy reading your wide variety of posts. Keep up the good work. (Topic ගංජා ප්‍රේරිත සයිකෝසියාව හෙවත් Cannabis Induced Psychosis)

    ReplyDelete
  16. ගිය දේ ගියාවේ...
    ජයවේවා..!!

    ReplyDelete
  17. මා සිතන්නේ ඇනෝට ඇනෝ ලෙසම ඉන්නට ඉඩකඩ දිය යුතුයි.. මගේ පුද්ගලික ජීවිතය අලලා එක් වරක් එක් අයෙක් කමෙන්ට් කලා.. නමුත් ඒම කමෙන්ට් කලේ මම අනික් අයගේ පුද්ගලික ජීවිතයේ සජීවි උදාහරණයක් පබ්ලික් දාපු වෙලාවක..

    ReplyDelete
  18. ප/ලි
    මා රුවන් ගේ ගංජා ලිපිවල සහ මාතලන් ගේ මුල් ගංජා ලිපියේ මුල් හෝරාවලදීම ප්‍රතිචාර දක්වා තිබුණ ද පසුව එහි සිදුවූයේ කුමක්දැයි එතෙක් දැන සිටියේ නැත.

    මේ ආරෝව ගැන කියමින් ඒ ගැන සොයා බලන ලෙස ඉල්ලූ පණිවිඩයක් රුවන්ගෙන් ලැබුණ පසුව එහි ගොස් සියල්ල කියවීමෙන් පසු, මේ උද්ගත වූ තත්වයේ දෙදෙනෙකුගේ ආරෝවකට එහා ගිය පොදුවේ සිංහල බ්ලොග් ලෝකයට වැදගත් යමක් ඇතිබව වැටහුණි.

    මා මේ ලිපිය ලියන්නට පටන් ගත්තේ, ඉන් පසුවය.

    මේ ලිපියේ දෙවන කොටස අද සවස් වරුවේ ලියා පල කිරීමට සිතා සිටියද, හදිසි කාර්යයන් කිහිපයක් තිබුණු නිසා එය අවසාන කළ නොහැකි විය.

    ඒ කොටස හෙට පළ කරමි.

    ReplyDelete
  19. බ්ලොග්කරුවෝද මනුෂ්‍යයෝය.මෙතන එළකිරි ටික මෙන් පිරිසිදු චරිත නැත.සිංහල බ්ලොග් අවකාශයේ ලිය කියවිලි දෙස බැලූ විට මේ නම් පරමාදර්ශයකයි සිතුනද ඒ එසේ නොවේ.මේ කුණුවූ ගඳ ගහන සමාජයේම හරස්කඩකි.තවකෙකුට තම හිස්කම වසා ගැනීමේ ෆැන්ටසියකි.ඒ නිසා කිසිවෙක් මේ ලියන කියන දේ සීරියස් අර ගන්නවා නම් ඔහුට අබ සරණය.මේ දිනවල අන්තර්ජාලයේ සරන්නෙකුට හිසේඇම්මේ සිට පිළිකාව දක්වා අටෝරසියක් ලෙඩ වලට ගෙදරදීම සාදා ගත හැකි බෙහෙත් කෙලකෝටියක් මූණු පොතේ ෂෙයාර් වෙයි.දෙහි ගෙඩියේ සිට පොල් බෑය දක්වා බොහෝ දෙයින් බෙහෙත් මේ ඔන්ලයින් වෙද්දු සොයා ගනිති.හැබැයි කෙනෙකු මේවා කියවා ආතල් එකක් ගනු වෙනුවට සීරියස් බෙහෙත් වට්ටෝරුවක් කර ගත හොත් සොරිම තමාය.සිංහල බ්ලොගුත් එමමය!

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. අප දන්නා රොබට් කෙනෙක් ආදි ශිෂ්‍ය සංගමයේ නම් නැත. රසික දැන් ප්‍රෝෆයිල් හදාගෙන මඩ ගසමින් සිටි. අනේ රසික දි මරාගෙන මිනිස්සුන්ට මඩ ගහන්නේ නැතිව නිදා ගන්න. ඔබ මට බ්ලොග් ලියන්නට අත හිත දුන් ගෞටවය තව දුරටත් එසේම පවති.

      රාජකීය විද්‍යාලයේ ඕ බී එකේ ප්‍රියන්ත හේවගේ කෙනෙක් නැත. එහෙත් වෙන පුදගලයකු සිටි. එය දන්නේ රසිකත් තවත් කීප දෙනෙක් පමණි.

      Delete
    2. ++++++++++++++

      Delete
    3. මාතලන්,

      මොකක්ද මනුස්සයෝ මෙකේ තේරුම?

      ඔහේ මුලින් රුවන්ට චෝදනා කළ. මා මේ ලිපිය ලීවේ රුවන් මට විචාරකට රයිගමට හැලපේට මෙයට මැදිහත් වෙන්ණ කියා ඉල්ලූ නිසයි.

      දැන් ඔහේ මට චෝදනා කරනවා.

      මා දන්නා රොබටෙක් ණැත!

      මට වෙනත් අනන්‍යතාවයක් උපයෝගී කරගෙන හෝ නිර්නාමිකව හෝ පෙනී සිටීමට අවශ්‍යතාවයක් නැත.

      මෙය ඔබට නොවැටහෙන්නේ ඇයි දැයි සිතා බලන්න.

      Delete
    4. ඇඉ රසික මේ වගේ කක්කා වැඩ කරන්නේ. ඔබ මහත්මයෙක් නම් ඇයි මේ වගේ දෙවල් කරන්න වෙන කෙනෙකුට හෝ ඉඩ තියන්නේ. ඔබට මේවා ඉවත් කරන්න බැරි නම් මටත් සිඳු වෙනවා ඔබ ගැනත් ලියලා කොමෙන්ට් මොඩරේෂන් ඉවත් කරන්න. කරුනාකර මහත්මයකු ලෙස හැසිරෙන්න.

      මම නම් රොබට් නමෙන් ලියන්නේ නෑ. කෙලින්ම මගේ නමින් ලියන්නේ.

      Delete
    5. මට ලැබුණු ඉල්ලීමක් ඉටු කිරීමට මෙහි තිබුණු රොබර්ට් නමැත්තා ගේ කමෙන්ටුව ඉවත් කිරීමට තීරණය කළෙමි.

      Delete
  22. සමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ මේකයි.... වලියක් යනතුරු... දෙදෙනෙක් බොක්කවල් වෙති.... ඉන් පසු අහල පහල ඉන්න අනෙක් බොක්කවල් පැමිණ වලිය ෂේප් කරති. වලිය ෂේප් වූ පසු වලි දා ගත් දෙදෙනා බුදු බොක්කවල් වෙති... ඒ ගැන අදහස් දක්වන එවුන් කොක්කවල් වෙති....

    ReplyDelete
    Replies
    1. දැන් සිඳු වී ඇත්තේද එයයි.. රුවන්ට මඩ සප්ලයි කරපු උන් ගලේ පැහැරු බලලුන් මෙන් අනාත වී ඇත. ඔවුන් දැන් පෝස්ට් ලියයි. කොමෙන්ටු දමමින් බණ කියයි. අපි ඇර ගත්තේ ෆේස්ටූ ෆේස්ය. ආත්මයක් නැති අපතයෝ අනාථ වී ඇත. සදා සොත්ති බවන්තුතේ..

      Delete
    2. //සමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ මේකයි.... වලියක් යනතුරු... දෙදෙනෙක් බොක්කවල් වෙති.... ඉන් පසු අහල පහල ඉන්න අනෙක් බොක්කවල් පැමිණ වලිය ෂේප් කරති. වලිය ෂේප් වූ පසු වලි දා ගත් දෙදෙනා බුදු බොක්කවල් වෙති... ඒ ගැන අදහස් දක්වන එවුන් කොක්කවල් වෙති...//

      කාගේවත් බොක්කක් හෝ බුදු බොක්කක් හෝ කොක්කක් නොවීමට ලැබීම භාග්‍යකි. එවන් භාග්‍යවන්තයෝ බ්ලොග් අවකාශයේ විරලය!

      Delete
    3. සයිලන්ට් සහන් සමග බුදු බොක්කක් වීමට තිබූ අවස්ථාව මට මග හැරුණා...

      Delete
  23. Maathalan,

    Perhaps it's time to remove this statement from your blog? - "ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!.Your comments are most welcome!"

    ReplyDelete
  24. මාතලංලා බ්ලොග් ලෝකය තර කරන අතර වනද කරති..

    ReplyDelete
  25. // මාතලංලා බ්ලොග් ලෝකය තර කරන අතර වනද කරති.. //

    අහුබුදු හිටියා නම් "වන" සහ "තර" එක් කොට වනාන්තර නම් වචනය හදන්න ඉඩ තිබුනා නේ....

    ReplyDelete
  26. Me matha gatuma apahasa kirim dakva giya hati, sochaniyayi.

    ReplyDelete
  27. අප සියල්ලන්ටම පොඩි පිස්සුවක් ඇති බව වැටහුනේ අද ඊයේ නොවේ. බ්ලොග් ලිවීම පමනක් නොව කමෙන්ට්ස් දැමීමද අනවශ්‍ය සැකයන්ට භාජනයවීමට කාරනයක් බව වැටහේ. එපමනක් නොව බ්ලොග් තුලින් හඳුනාගත් අය සිටීම පවා සමහරුන්ගේ සැකයට පාත්‍රවීම වැනි කුණු ගොඩවල්වලට පවා හසුවිය හැකි බව මට වැටහුනේ මෑතකදීය. මම නම් විනෝදේට පමනක් ලියන්නෙක් වී පසුව විනෝදෙට කමෙන්ට් කෙරුවෙමි. සමහරු පෞද්ගලිකව විමසන 'උඹද මේ තොරතුරු දුන්නේ 'වැනි කක්කා කතා නිසා කමෙන්ට් දැමීමත් අප්පිරිය වී ඇත. මේ ව්‍යාධියෙන් සමහරක් අයියලා සුවය ලබා ගන්නා තෙක් මම බලා සිටිමි.

    ReplyDelete
  28. රසිකලාට මාතලන්ලාට වෙනත් කිසිම ප්‍රශ්නයක් නැති නිසා මෙවැනි පළමුවැනි ලෝකයේ ප්‍රශ්න ගැන වැය කිරීමට කාලයක් තිබෙනු දැකීම සතුටකි :)

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.