Saturday 11 June 2016

මේ උදා වී ඇත්තේ බ්ලොග් ලොව වසන්තය ද, සිසිරය ද? - Who is Sachin Jayanetti?


සිංහල බ්ලොග්කරුවන් කිහිප දෙනෙකු ම වාසය කරන ඕස්ට්‍රේලියාවට මේ උදා වී ඇත්තේ සිසිරයයි. සිසිරය හෙවත් ශිශිරය යනු ඉංග්ලිෂ් භාෂාවෙන් වින්ටර් යනුවෙන් හැඳින්වෙන සෘතුව වේ. සමහරු මෙයට වින්ටරය කියා ම කියති. මීට පෙර, අර මා ලිපි විසි හතරක් ලියූ බ්ලොග් වසන්තය සමයේ ඕස්ට්‍රේලියාවේ අප නම් සිටියේ හේමන්තයේ ය.

එසේ නම්, සිංහල බ්ලොග් ලොව දැන් ඇත්තේ ගිම්හානයේ නොහොත් ඉංග්ලිෂ් භාෂාවෙන් සමර් යනුවෙන් හැඳින්වෙන සෘතුවේ විය යුතුය.

දැන් සිසිරයේ පසුවෙන ඕස්ට්‍රේලියාවේ සිට බ්ලොග් ලියන්නෙකු වන රයිගම් හන්දියේ චන්ද්‍රකුමාර බ්ලොග්කරුවා ඔහු ගේ ගිය මාසයේ ලියූ ලිපියක මෙලෙස පවසා තිබුණි.
"මා කැමති බ්ලොග් ලියපු අය ටික දෙනා මේකෙන් අයින් වී යන වග මා දුටුවේ කලක සිට. සමහරුන්ට අයින් වෙන්න මාත් එන්කරේජ් කර තියනවා. එයට හේතු මෙහි ලියන්න යන්නේ නැහැ. අපේ පෞද්ගලික ජිවිතයේ සාර්ථකත්වය බ්ලොග් ලිවීමට වඩා ගොඩක් වැදගත්. එයිට එහා යමක් මා ලියන්නේ නැහැ."
ඉන්පසු ඔහු මෑත ලිපියක මෙලෙස ද ලියා තිබුණි.
මා දින කිහිපයකට කලින් ලියා ඇති මා කැමති සිංහල බ්ලොග් ලියන අය මේකෙන් අයින් වෙන වග. කණගාටුවකට වගේ ඒ ලැයිස්තුවට තවත් එකතු වෙනවා.
මේ දැක මම ඔහුගෙන් මෙලෙස විමසුවෙමි.
කවුද මේ සිංහල බ්ලොග් අත හැරලා යන ලේඛකයින්? මට නම් හිතා ගන්නත් බෑ.
මට නං පෙන්නේ ඒකේ අනිත් පැත්තයි. තව තවත් පිරිස් බ්ලොග් ලියන්න එකතු වෙනවා!
ඔහු එයට පිළිතුරක් දුන්නත් එලෙස අයින් වූ අය කවුරුන්දැයි පවසා තිබුණේ නැත. කොහමටත් රයිගම හන්දිය බ්ලොග්කරුවා ක්‍රිප්ටික් ආකාරයට ලියන්නට කැමැත්තෙකි. එසේත් නැතිනම්, බොක්කේ ඇති දේ ලෙහෙසියෙන් හක්කෙන් එළියට දාන්නෙකු නොවේ.

ඉතිං මා කළේ, මා කියවන බ්ලොග් ලයිස්තු පිරික්සා බලා, මෙලෙස ලිවීමෙන් ඉවත් වූ හෝ ඉවත්වෙමින් සිටින බ්ලොග්කරුවන් කවුදැයි සොයා බැලීමේ ප්‍රයත්නයක නිරත වීමයි.

බ්ලොග්කාරියන් අතුරින් මල්මී මාස තුනකින්ද, ඔමායා මාස හතරකින් ද, පොඩි කුමාරිහාමි මාස හයකින් ද, නීරෝ මාස හතකින් ද, හැඩදල සහ ජනූ මාස අටකින් ද, සංජු මාස නමයකින් ද ලියා නැත.

මේ අතරතුරේ ඒ මියුරු, නෙළුම් විල වැනි බ්ලොග් නැවත ලියන්නට පටන් ගෙන ඇති බව ද දුටුවෙමි.

බ්ලොග්කරුවන් අතරින්, ලංකාප්‍රිය, මගේ සඳ, රසවතිය, ගයිජින්, දුමී, බස්සා, රෙපා, බ්ලොග් සඟරාව වැනි බ්ලොග් තෙමසක් හෝ වැඩි කලකින් යාවත්කාලීන වී නැත.

මගේ ඩෙනිම, ඉවාන් පවුලූෂා සහ බීට්ල් වැනි බ්ලොග්වලද දෙමසකින් පමණ වෙනසක් සිදුවී නැති නමුත්, ඒ තාවකාලික තත්වයකැයි සිතමි. අරූ ගේ අඩවිය පිළිබඳ තත්වය වෙනස් එකක් විය යුතුයි.

දෙවසරකට පෙර නවතා දැමූ කතන්දර වැනි බ්ලොගයක් ගැන රයිගම හන්දිය දුක් වෙනවා ද විය නොහැක!

එසේ සමහර බ්ලොග් නතර වී ඇති බව කිව හැකි නමුත්, අප හොඳින් දන්නා පරිදි පසුගිය කාලයේ අලුතෙන් බ්ලොග් ලියන්නට පැමිණි පිරිස ද බොහෝ ය. මෙහි දී විශේෂයෙන් කැපී පෙනෙන්නේ වෙනත් ක්‍ෂේත්‍රවල නිපුණයින් ගේ බ්ලොග් ආගමනයයි.

මම සති දෙකකට පමණ පෙර දුයිෂෙන් ගේ ආගමනය ගැන ලියූවෙමි. ඒ ගැන කවිඳු, මාතලන් ඇතුළු කිහිප දෙනෙකුම ලියූහ. මාතලන් විසින් ශාන්ත කේ හේරත් සහ තවත් චිත්‍ර බ්ලොගයක් ද හඳුන්වා දී තිබුණි. අජිත් පැරකුම් ජයසිංහ සුදු කුකුළා බ්ලොග් අඩවිය ගැන ලියා තිබුණි.

එලෙස ම, මා අප්‍රියෙල් මාසයේ දී ජගත් එදිරිසිංහ ගේ මානව බ්ලොගය ගැන ලියූවෙමි.

මේ ආකාරයට මේ මෑත කාලයේ සිංහල බ්ලොග්කරණයට බට පිරිස බොහෝ ය.

මට නම් පේන්නේ මේ බ්ලොග් වසන්තය ම ය කියා ය. ඇත්තට ම මේ වෙනත් ලෝකවල ලේඛක ඩයිනෝසර් ලා, බ්ලොග් ලොව උපදින කාලයයි.

අද ද මා සැරසෙන්නේ අලුතෙන් බ්ලොග් ලියන්නට පටන්ගත් කාලයක් තිස්සේ වෙනත් මාධ්‍යවල ලිපි ලියූ අයෙකු ඔබට හඳුන්වා දෙන්නයි.
  • මට ඔහු රාජකීය විද්‍යාලයේ ආදී සිසුවෙකු ලෙස හඳුන්වා දී පිරිසක් කුල්මත් කරවීමට හෝ කෝප ගැන්වීමට හැකි ය.
  • මට ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථියෙකු ලෙස හඳුන්වා දී තවත් පිරිසක් උනන්දු කරවිය හැකි ය.
  • මට ඔහු ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස හඳුන්වා දී තවත් මානයකට මෙය ගෙන යා හැක.
  • එසේත් නැතිනම්, මට ඔහු කැනේඩියාවේ වෙසෙන සංක්‍රමණිකයෙකු ලෙස හඳුන්වා දී තවත් කරුණු රාශියක් ඉස්මතු කළ හැක.
නමුත්, මා ඔබට කියන්නේ ඔහු ලියන දේ කියවා ඔහු හඳුනා ගන්නා ලෙසයි.

මක් නිසා ද යත්, මා "සචින් ජයනෙතත්ති"ව හඳුනා ගත්තේ ඔහු ලියූ දෙයින් පමණක් නිසා ය. ඒ හැර, මා ඔහු මුණ ගැසී හෝ දුරකථනයෙන් කතා කර හෝ නැත.

මෙන්න ඔහු ගේ බ්ලොගයට පාර: https://sachinscorner.wordpress.com/

-රසිකොලොජිස්ට්

(image: https://www.facebook.com/sachin.jayanetti)

27 comments:

  1. චෙෆාකිගේ පින්තුරයක් දාල 'නුතන ඉසිවරයෙකුගේ ආගමනය' කියල පොස්ට් එකක් දැමීම ගැන සචින් ජයනේත්තිට මාගේ බලවත් විරෝධය.. :)

    ReplyDelete
    Replies
    1. කාටත් හංගලා තිබ්බ පච්චෙත් එළියෙ..!!!!!

      Delete
  2. තමන් කැමති දේ අන් අයත් පිලිගන්න ඕන කියලා හිතන, තමන් කැමති පිරිස ඉතරක් ඉන්න ඕන අනිත් උන්ට කෙලවෙන්න ඕන කියලා හිතන අයට කොහෙත් පැවත්මක් නෑ... අනික අළුතෙන් එන ටැලන්ට් සාගර දැක්කාම ඇඟේ මාළු නටන්න පටන් අරගෙන ඇඟිලි වෙව්ලන් කොටා සිතුවිලි අකුරු කර ගන්න බැරි වෙනවා.. ඊට පස්සෙ බයිලා ගහනවා...

    රසික කියෙව්වේ නැද්ද දැන් තියෙන සුපිරිම බ්ලොග් එක... මෙන්න ලින්ක් එක...

    http://4s7sw.blogspot.com/2016/06/blog-post_3.html

    ReplyDelete
    Replies
    1. සමා වෙන්න ඕනේ මෙහෙම අහනවට. මොකක්ද මේ හැමවෙලේම මාතලන් කියන කතාව. අපිත් ආසයි කවුද මේ කියන පුද්ගලයෝ කියලා දැනගන්න.
      සමහරවිට මගේ දැණුම මදි ඇති බ්ලොග් ගැන. ඒත් මාතලන් නිතර නිතර කියන කුහකයෝ මට නම් තවම හමුවෙලා නෑ.

      Delete
    2. මම මේ දැනුත් බ්‍රිටන්ස් ගොට් ටැලන්ට් එකේ පොඩි උන්ගේ ටැලන්ට්ස් කොහොමද මහ උන් ඇප්‍රිෂේට් කරන්නේ කියලා බලලා ආවේ.. ඇප්‍රිෂේට් කරන්න ඕන එකා සයිමන් කවෙල් හිටන් නැගිටලා අප්පුඩියක් ගහලා ඇප්‍රිෂෙට් කරන්නේ... අපේ රටේ ඒ දේවල් වෙන්න බොහෝම කල් යයි...

      මට කියන්න තියෙන්නේ එපමනයි...

      Delete
    3. so what is the connection with Britain's got talent and my comment?
      hope u will able to explain.
      even private message is ok.

      Delete
    4. this will be a long story. we will discus about this when we meet some day. better if "Atama" is there. he will explain you this bullshit better than me.

      send me an email massage. i will tell you a very very short story about what was happen few days before.

      TC.. God Bless...

      Delete
    5. please cc a copy to me also..

      යකඩෝ අපි දන්නෙත් නැති දේවල් තියේද?? හැක්

      Delete
    6. මට පේන්නේ මාතලනුත් ක්‍රිප්ටික් කතා කියන්නට කැමති බ්ලොග්කරුවෙකු වෙලා වගේ.....!

      Delete
    7. මං හිතන්නේ මේක ඕපාදුපයක් විය යුතුයි. ඒකනේ ඔය කීප දෙනෙකුම උනන්දු වෙලා තියෙන්නේ.

      කල්‍යාණ මිත්‍ර නම් ඕපාදූප කිහිපයක් ලියලා තිබුණා!

      Delete
  3. You have good experianse abrode. I stil no go abrode. I go any day future. That my dreem. I like yurope cuntris Austreliya USA Canada like cuntris.

    ReplyDelete
    Replies
    1. you mast go abrode and see bicose your blog neme ratathota wisthara.

      Delete
    2. how you know this much good English no going abroad.. (you write 'abrode' is wrong.)

      Delete
  4. ශහ්ඃ.. ඒක නියමයි.වර්ඩ් ප්‍රෙස් තමයි අල්ලන්නෙ නැත්තෙ.. ඒ උනාට කතා ටික නම් රත්තරන්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගූගල් ප්ලස් ප්‍රොෆයිල් එකෙන් කමෙන්ට් කරන්න හැකියි!

      Delete
  5. ....අවුරුදු 25 කට අධික කාලයක් ඔස්ට්‍රේලියාවේ දිවි ගෙවන අපේ චූටි මාමාගෙන් (ඒ කිව්වෙ අම්මෙග බාලම මල්ලි ) අපිට ලැබුණු උපදෙස නම් ඔස්ට්‍රේලියාවට වඩා කැනඩාව හොඳයි කියලා එත් අම්ම කිව්වේ චුටි මාමා නිසාම ඔස්ට්‍රේලියාවටම යන්න කියලා

    ReplyDelete
  6. රයිගම හන්දියාගේ “රසයේ“ හිතවතුන් වෙන්වෙනවා වෙන්ට ඇති

    නමුත් සමස්ථයක් ලෙස රසික කිව්ව සේම බ්ලොග් වසන්තයකි මෙය...

    ReplyDelete
    Replies
    1. කාලයක් තිස්සේ රයිගම හන්දයේ කමෙන්ට් කළ අය දැන් නෑ වෙන්න ඇති!

      Delete
  7. බ්ලොග් ලියන ගොඩක් අය වර්ඩ්ප්‍රෙස් වලට කැමති නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. නොමිලේ ලැබෙන ටෙම්ප්ලේට්වල නම්‍යතාවය අඩුයි මට පෙනුනු විදියට

      Delete
  8. හොඳ බොලොග් ටිකක් ලියවෙන්නෙ නෑ තමයි.විශේෂයෙන් මෙහෙ ඉන්න අය කාර්යය බහුල වුනාම බ්ලොග් අමතක වෙනව.ආපහු ඒ ගැම්ම ගන්න අමාරුයි.කියවල බලල ගුණ දොස් ලියන්නම්

    ReplyDelete
    Replies
    1. උනන්දුව තියේ නම් වෙලාව හොයා ගත හැක!

      Delete
  9. ගියා කියෙව්වා...... සින්ඩිගත කරගත්තා.... දැන් ඉතින් මගහරිනවා බොරු.....

    ReplyDelete
  10. DGM බස්සට මොනව වුනාද මංද? සෙන්ස් ඔෆ් හියුමර් හොඳට තිබුන පක්ෂියෙක් ! Sigh


    රයිගම් ක්‍රිප්ටික් කොමෙන්ට් එකක්වත් දායිද මේකට?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.