Monday 29 August 2016

විශ්වාස කිරීම, බුදු දහම සහ ලෝවැඩ සඟරාවේ සහ යමක වග්ගයේ කවි - The truth will eventually prevail


මගේ දෙයියා සහ උඹේ දෙයියා යන මැයෙන් මා රසිකොලොජියේ පළ කළ පසුගිය ලිපියට ප්‍රතිචාර දක්වන අජිත් ධර්මකීර්ති මෙසේ පවසා ඇත.
1. රසික දෙවියන් විශ්වාස කරන්නේ නැත.
2. රසික බුදු දහම දර්ශනයක් ලෙස විශ්වාස කරයි.
මගේ ප්‍රශ්නය? රසික බුදු දහමේ කර්මවාදය , පුනරුත්පත්තිය සහ නිවන යන අදහස් විශ්වාස කරනවාද?
එසේ විශ්වාස කරන්නේ නම් රසික (....) දෙබිඩ්ඩෙකි.
මා අද පළ කරන්නට සිතා සිටි ලිපිය තරමක් ප්‍රමාද කර මේ ගැන මගේ අදහස ලියන්නට සිතුවෙමි. විශේෂයෙන් මා මට කියන්නට අවශ්‍යව ඇත්තේ විශ්වාසය යන පදය පිළිබඳ මගේ නිරුක්තිය සහ එය බුදු දහමට කෙසේ අදාළ වේද යන්නයි.

විශ්වාසය යන වචනයේ අදහස් දෙකක් ඇතැයි (ශබ්දකෝෂ නොබලා) මම සිතමි. මට ඔබ විශ්වාසයි කියා කියූ විට ඉන් අදහස් කෙරෙන්නේ ඉංග්ලිෂ් භාෂාවෙන් ට්‍රස්ට් යන අරුතයි. එසේ වුව ද, මූලිකවම ආගම් හා ඒ ආකාරයේ දේ සම්බන්ධයෙන් යෙදෙන බීලීෆ් යන තේරුම දීමට සඳහා ද සමහර විට විශ්වාසය යන්න යොදා ගැනේ.

බිලීෆ් යන තේරුම දීම සඳහා වඩාත් සුදුසු සිංහල වචනය ඇදහීම යන්න බව මම (මෙවරත් (ශබ්දකෝෂ නොබලා) සිතමි.

ආගම් ආදී විවිධ සංකල්ප, මතිමතාන්තර ගැන සලකන විට අප යමක් විශ්වාස කළ යුතු වේ ද, බිලීව් කළ යුතු වේ ද, එසේත් නැතිනම් ඇදහිය යුතු වේ ද, ඒ නම් අනිවාර්යෙන් ම අපට ඉන්ද්‍රිය ගෝචර නොවන දෙයක් ම ය. එනම්, අපේ ඇසට නොපෙනෙන, කනට නොඇසෙන, වෙනත් ඉන්දී්‍රයන්ට සංවේදී නොවන දේ ම ය.

මම ඉන්ද්‍රිය ගෝචර නොවන දේ පිළිනොගනිමි. එනම්, විශ්වාස නොකරමි, එනම් නොම අදහමි.

ඒ ආකාරයෙන් අද මා පිළිනොගන්නා, විශ්වාස නොකරන, නොම අදහන දේ ලයිස්තුව ඉතා දිග ය. එයට අනිවාර්යෙන් ම අයිතිවන සංකල්ප අතර, දෙවියන්, යකුන්, පෙරේතයින්, වෙනත් ඇසට නොපෙනෙන අමනුෂ්‍යයින්, කේන්දර, පලාපල, කර්මය, පරලොව, පුනරුත්පත්තිය, නිර්වාණය ආදිය වේ.

මා සිතන ආකාරයට අප අතර පවතින බුද්ධාගම යනු බුදුන් දෙසූ ධර්මය හෙවත් බුදු දහම නොවේ. බුද්ධාගම යනු අර්ධ සංවිධානාත්මක සංස්ථාවකි. බුදු දහම යනු බොහෝ දුරට තාර්කික සංකල්ප එකතුවකි.

මා දන්නා බුදු දහමේ ඇදහිල්ලක්, විශ්වාස කිරීමක්, බීලීව් කිරීමක් නැත!

ඕනෑම අයෙකුට බුද්ධාගමට අයත් නොවී, බුදු දහමේ එන කරුණුවලින් තමන්ට වැටහෙන, තමන්ට ප්‍රශ්න නැති දේ පිළිගත හැක. ඒ අනුව කටයුතු කළ හැක. මම එවැන්නෙක් මි.

ඇත්තටම බුදු දහමේ ඇති අතිශය වැදගත් ගුණය නම් එකී තම තම නැණ පමණින් දැන ගත යුතු, එව බලව නම් ලක්‍ෂණයි. මම ඒවා ප්‍ර්‍රිය කරමි.

තම තම නැණ පමණින් දැනගත යුතු යන කියමන ලෝවැඩ සඟරාව නම් කාව්‍ය ග්‍රන්ථයේ එන්නකි. ඒ කවි පදය මා අගය කළ ද, ඒ කවියේ ම අවසාන පදය වන මම නමදිම් සදහම් පහදා සිතු යන්න මට ගෝචර අදහසක් නොවේ.

එනම්, බුදු දහමේ බොහෝ දේ ගැන අපට අවුලක් නැති වුව ද, දහමක් යනු වැඳිය පිදිය යුත්තක් යැයි මා නොසිතන බවයි.

කර්මය, පරලොව ගැන සලකන විට, ලෝවැඩ සඟරාවේ ම එන මා සිත ගත් තවත් කවියක් සඳහන් කළ යුතුය. එය මෙසේ ය.

ඇතත් නැතත් පරලොව සුදනෙි මහත
හළොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
නැතොත් එපරලොව ඉන් වන අවැඩ නැත
ඇතොත් නැතැයි පව් කළ හට වෙයි විපත

මා සම්මත පව් වැඩ නොකරන්නේ ඒ තර්කයට අනුව ය. එසේ නොමැතිව, කර්මයක්, පරලොවක්, අපායක් ගැන බියකින් නොවේ.

ස්තුතියි අජිත් ධර්මකීර්ති.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පසුගිය සෙනසුරාදා සිට මට විරුද්ධව සයිබර් අවකාශයේ අතිශය පරුෂ වචනයෙන් බැණ වදිමින් අභූත චෝදනා එල්ල වෙමින් පවතී.

මා කිසි දිනක නොකළ, නොසිතූ, අනාගතයේ ද කිසි දිනක නොකරන දේ ගැන ඒ ආකාරයෙන් චෝදනා කීරීම සිත රිදවන අත් දැකීමකි.

නමුත්, අපට කුඩා කල සිටම කියා දී ඇති පරිදි සත්‍යය දිනක ජය ගනු ඇතැයි මම සිතමි.

චිංචි මානවිකාව ගේ බඩ බැඳි දරමිටිය ද ලෙහී ගියේ ය. සුන්දරී පරිබ්‍රාජිකාව පිළිබඳ සත්‍යය ද හෙළිවිය.

මේ වැනි අවස්ථාවල දී බුදු දහමේ (ධම්ම පදය, යමක වග්ගය) එන පහත ආකාරයේ තාර්කික ධර්ම කරුණු අඩංගු කවි ද අපට ප්‍රයෝජනවත් වේ.

අක්කොච්ඡි මං අවධි මං
අජිනි මං අහාසි මෙ
යෙ තං උපනය්හන්ති
වෙරං තෙසං න සම්මති

ඔහු මට බැන්නේය, ඔහු මට හිංසා කළේ ය, ඔහු මා පැරදවූයේ ය, ඔහු මා සතු දේ පැහැර ගත්තේ ය යැයි වෛර බඳින්නා ගේ වෛරය නොසංසිඳේ.

අක්කොච්ඡි මං අවධි මං
අජිනි මං අහාසි මෙ
යෙ තං න උපනය්හන්ති
වෙරං තෙසූපසම්මති

ඔහු මට බැන්නේය, ඔහු මට හිංසා කළේ ය, ඔහු මා පැරදවූයේ ය, ඔහු මා සතු දේ පැහැර ගත්තේ යැයි වෛර නොබඳින්නා ගේ වෛරය සංසිඳේ.

ඒ ආකාරයේ තර්කානුකසළ ධර්මය පිළිබඳව විශ්වාස කිරීමක්, බිලීව් කිරීමක් හෝ ඇදහීමක් කිසිසේත් ම අවශ්‍ය නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

අදාළ පරිදි ගලපා ගැනීම පිණිස, ඒ යමක වග්ගයේ ම මුල් කවිය සහ එහි අරුත මෙලෙස ය.

මනොපුබ්බංගමා ධම්මා
මනොසෙට්ඨා මනොමයා
මනසා චෙ පදුට්ඨෙන
භාසති වා කරොති වා
තතො නං දුක්ඛමන්වෙති
චක්කංව වහතො පදං

කුසල්-අකුසල් ධර්මයෝ සිත පෙරටු කොට ඇත්තෝ ය, සිත ප්‍රධාන කොට ඇත්තෝ ය. සිතින් ම උපන්නාහු ය. එනිසා යමෙක් දූෂ්‍ය වූ සිතින් ක්‍රියා කෙරේ නම්, නපුරු වචන කියයි නම් ඒ කරණකොට ගෙන, කරත්තේ බැඳී ගොනා ගේ පය අනුව යන රෝදය මෙන්, දුක ඔහු පසු පස්සේ ගමන් කරනු ඇත!

(image: https://www.flickr.com/photos/23404069@N07/8353743960)

76 comments:

  1. අප පින්වත් රසික හරිච්චන්ඩ්‍ර උපාසක මහත්මා විසින් පවත්වන්ට යෙදුණු මේ අනුපමේය ධර්මදානමය පින්කම හේතු කොට ගෙන එම උපාසක මහත්මාට හා පවුලේ ඇත්තන්ට තව්තිසාදී දිව්‍ය බ්‍රහ්මලෝක සැප කෙළවර අමා මහ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හේතු වේවා වාසනා වේවායි ඉත සිතින් පින් අනුමෝදන් කරමු.

    පූජ්‍ය තට්ටගම ඉන්ද්‍රරතන හිමි

    ReplyDelete
    Replies
    1. අවාසනාවට, ඔය කියන දෙව්ලොව, බඹලොව, පින, නිවන වැනි දේ මට අදාල නෑ!

      Delete
    2. පූජ්‍ය තට්ටගම ඉන්ද්‍රරතන හිමි,

      සාදු තව්තිසාදී දිව්‍ය බ්‍රහ්මලෝක සැප නොවිඳ නිවන් දකින එක අපරාධයක්ද සාදු.

      Delete
  2. පිවිතුරු හදින් එනු මැන ලදේ
    අවසන් සුසුම් ගිලිහෙන පැයේ
    මට පැන් පොදක් අරන් දෝතින්
    බිදුවක් ළගින් ඉන්න ඈතින්

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ අපූරු සින්දවේ පද වෙනස් කළේ?

      පිවිතුරු සිතින් එනු මැන ළදේ
      අවසන් සුසුම් ගිලිහෙන දිනේ
      මට පැන් පොදක් අරන් දෝතින්
      එතුවක් දූරින් ඉන්න ඈතින්

      ?

      Delete
    2. ඔය මනුස්සය වැඩක් කළොත් ඔහොමමයි. හැක්..

      Delete
  3. //1. රසික දෙවියන් විශ්වාස කරන්නේ නැත.
    2. රසික බුදු දහම දර්ශනයක් ලෙස විශ්වාස කරයි.
    මගේ ප්‍රශ්නය? රසික බුදු දහමේ කර්මවාදය , පුනරුත්පත්තිය සහ නිවන යන අදහස් විශ්වාස කරනවාද?
    එසේ විශ්වාස කරන්නේ නම් රසික (....) දෙබිඩ්ඩෙකි//

    මෙතන වෙලා තියෙන්නෙ වචනවල පැටලීමක් මිසක් වෙන දෙයක් නෙවේ. පටලැවිල්ල ඇතිකිරීමට වගකිව යුත්තා රසික බව පේනව.

    බුදුදහම හරි බුද්ධ දර්ශනය හරි මොකක්ද කියල ඇහුවොත් බුදුන් බුදුවීමට, ධර්මය දේශනා කිරීමට හේතුවූ කාරණා එක්කයි ගන්න වෙන්නෙ. බුදුහාමුදුරුවො බුදුවුනා කියන්නෙ සංසාර චක්‍රයේ දුක්විඳින මිනිස්සු ගලවාගන්නනෙ. ඒකයි මූලිකය. දැං එතකොට බුද්ධ දර්ශනය පිලිගන්න‍ා කෙනා කියන්නෙ අඩු ගානෙ සංසාරය/පුනර්භවය/බුදුවීම/අනෙකුත් මාර්ගඵල/කර්මය.... ආදීය පිලිගන්න කෙනා. ඒ නිසා මට අනුව රසික කියන්නෙ බෞද්ධයෙක් හෝ වෙනත් ආගමිකයෙක් නෙවේ. රසික අයිති නිරා පැත්තට.
    (නිරාගමිකයෙක් වන මම අනුගමනය කරන යහපත් දේවල් ටිකක් තියනව. ඒ දේවල් සමහර වෙලාවට ‍ජීසස් කිව්ව දේවල්වලටත් එකඟයි. හැබැයි එහෙමයි කියල මම ක්‍රිස්තියානිකාරයෙක් වෙන්නෙ නැති එකත් එ් ව‍ගේ උදාහරණයක්)

    ReplyDelete
    Replies
    1. මම ධර්මය හොඳින් හදාරා නෑ, එත් මට දැනෙන විඳිහට ඔය තියෙන්නේ රසිකගේ අවුලකට වඩා සිද්ධාර්ථ ගෞතම ගේ අවබෝධයේ අවුලක් හෝ ඉන් පසු හඳුන්වා දුන් අවුලක් වෙන්න පුළුවන්, සංසාර චක්‍රය පිළිබඳ විශ්වාසය මිනිසුන් පීඩාවට පත්කරන හේතුවක් (පත්කරන්න යොදාගන්න මෙවලමක්) බව සිද්ධාර්ථ ගෞතම නිවැරදිව වටහා ගත්ත වෙන්න පුළුවන්(ඒ බව වටහ ගත්ත නම් ඔහු සමත් දාර්ශනිකයෙක්). ඒත් සමාජයේ වැඩි දෙනෙකුට ඒ බව වටහා දෙන්නේ කොහොමද? එදා තියා අදවත් ඒක කරන්න පුළුවන්ද? ඉතිං සිද්ධාර්ත ගෞතම ගේ දේශන අහං හිටිය ගෝලයෝ ටික තමුන්ගේ බේස් එකට අනුව ( ඉලෙක්ට්‍රිකල් උදාහරණය සුජීව කොකාවල ) විවිධ ආකාරයෙන් විවරණය කරපු කොටස් ඇති දහමක් හැදුවා/ ලිව්වා, පස්සේ අය ඕඩර් එකක් තියෙන්න සංස්කරණය කරා. (ඔයි සයින්ටිෆික් කොන්ෆරන්ස් වලින් පස්සේ නිකුත් කරන අටමගල් වගේ ලොකු පොත් එහෙමත් ඔය වගේ). ඉතින් අපිත් අපේ නැන පමණින් එයින් යමක් උකහා ගත්තාට වරදක් වෙන්න බෑ.
      රසික මේ කරල තියන දේට අපි කියන්නේ පෙළහර පානවා කියලා, පුප්පනව කියලත් කීවාටත් වරදක් නෑ.

      Delete
    2. බුදු දහමේ කියන්නේ එව බලව කියායි. මා පිළිගන්නේ තර්කානුකූල දේ පමණයි.

      ඔය නිරාගමික කියන වචනය වැරදියි නේද? ඕක ඒතියස්ට් කියන තේරුම දෙන්න හදා ගත් එකක් නේද? ඒතියස්ට් කියන්නේ දෙවයියන් විශ්වාස නොකරන කියන එකයි. එය නිර්දේව විය යුතුයි.

      බටහිර ආගම්වලට දෙවියන් සෑම විටම සම්බන්ධ නිසා එහි වෙනසක් නෑ.

      නමුත් බුදු දහම කොහෙමටත් ඒතියස්ට් (නිර්දේව) තමයි!

      Delete
    3. අතිස්ට් කියන එක වැරදි වෙන්න පුළුවන්. එත් නිරාගමික කියන එක වැරදි නැහැ. ආගමක් අදහන්නේ නැහැ කියන එක. දෙවියෝ අදහන්නේ නැහැ කියන එක නෙමෙයි
      ලංකාවට ගලපෙන්නේ නිරාගමික කියන එක තමයි

      Delete
    4. මේකයි, බටහිරයන් එතීස්ට් කියන වචනය හඳුන්වා දීල තියෙන්නෙ ඔවුන්ට (ඔවුන්ට පේන්නෙ කතෝලික දේවවාදය) සාපේක්ෂව. බටහිර අය හිතල නෑ මෙතනදි අදේවවාදී වන ආගම් (පෙරදිග) තියනව කියල. එතීස්ට් මෙහෙට ගෙනෙද්දි දේවවාදයට අමතරව අදේවවාදයත් (බෞද්ධ/හින්දු) එකතු කලයුතුයි. ඓහික කියල දැන් මොඩ් වෙලා තියෙන්නෙ ඒක මං හිතන්නෙ.

      මෙතනත් ටිකක් තියනව

      Delete
    5. මෙතැනදී හැමෝම හොඳ තැනකට අවිල්ල කියලා මට හිතෙනවා.
      නිරාගමික කියන්නේ ආගමක් අදහන්නේ නැති.
      ඒතිස්ට් කියන්නේ නිර් දේව එහෙම නැතිනම් මැවුම්වාදය පිළිනොගන්නා.
      එතකොට මොනවද මැවුම්වාදයෙන් තොර ආගම්.
      රාජ් මෙතැනදී වරදක් කරගෙන තියෙනවා මට වැටහෙන හැටියට. ඒ තමයි හින්දු අදේව වාදයක් ලෙස දැක්වීම ඒත් ඇත්තටම හින්දු ආගම තුලදී සර්වබලධාරී දෙවියන්ගේ භූමිකාව කරන්නේ මහා බ්‍රහ්ඃමයා. එතකොට ඒකත් අයිති වෙන්නේ ඒ ගොඩටම තමයි.
      මෙතැනදී මැවුම් වාදය පිටුදකින (හේතු ඵල දහමක් දෙසන ) එකම දේ බුදු දහම විතරමයි.
      එහෙම බැලුවාම කෙනෙකුට තර්ක කරන්න පුලුවන් බුදු දහම ආගමක් නෙවෙයි කියලා. ඒකට සෑහෙන්න සාධාරණ හෙතු දැක්වීම් කල හැකියි.
      බුදු දහම කොහොමත් ඒතිස්ට් කියලා රසික කියන අදහස වඩා හොඳයි කියලා මට හිතෙනවා.

      Delete
    6. මම ලිව්වේ believe කියන්නේ විශ්වාසය කියල හිතල. කර්මය, පුනරුත්පත්තිය හෝ නිර්වාණය විද්‍යාත්මකව ඔප්පු කල නොහැකි නිසා. (දැන් කරුණාකර ස්ටීවන්සන් මහතා හ බ්‍රයන් වෛස් මහතා ගැන නොලියන්න. මා ඔවුන්ගේ පොත් කියවා තිබේ) . එනිසා රාජ් කියන එක හරි. //මා දන්නා බුදු දහමේ ඇදහිල්ලක්, විශ්වාස කිරීමක්, බීලීව් කිරීමක් නැත// මහායාන හා හීනයාන දෙකෙහිම මේවා තිබේ. ඔබගේ දහම තුන් වැන්නක්ද? බුදු දහම නිර්දේව නැහැ. creationist හෙවත් මැවුම්වාදී දෙවියෙක් නැහැ. නමුත් ශක්‍රයා වැනි දෙවිවරු ගැන කතා කියනවා.සිදුහත් කුමරු මුල් භවයේ තවතිසා දිව්‍යලෝකේ ඉඳල පස්මහ බැලුම් බැලුවේ. එනිසා දෙවිවරු සිටිනවා.

      Delete
    7. @ රාජ් / නයනේ - සිතුවිළි / අජිත්

      ප්‍රතිචාර සහ පිළිතුරුවලට ස්තුතියි. පොඩි පැහැදිළි කිරීමක් කළ යුතුයි.

      මේ ලිපියේ මා කියා ඇත්තේ බුදු දහම හෙවත් දර්ශනය ගැනයි. ජනප්‍රිය බුද්ධාගම ගැන නොවේ.

      ජනප්‍ර්‍රිය බුද්ධාගමේ අර ඩෙමී-ගෝඩ්ලා කියන අය ගැණ සඳහන් වේ. මගේ නම් ඒවා වරදවා වටහා ගැනීම් බවයි. නාග, රාක්‍ෂ, දේව යනු මිනිස් ගෝත්‍ර කිහිපයකි.

      බුදු දහමේ දර්ශනයේ ඒ විකාර නැත.

      මොනවා තිබුණත් නොතිබුණත්, ඒ සියල්ල ඒහි පස්සෙිකෝ නම් සංකල්ඵය නිසා නැති වී යයි.

      Delete
  4. රසිකට ගහන්න ඇරියස් තියාගෙන සිය ගානක් ඉඳලා වගේ පෙනුනෙ.... අනේ හපොයි කියන්න තමා හිතෙන්නෙ..... ටිපිකල් ලාන්කීය ලුම්පන් පීඩිත හැසිරීම....

    ෆොටෝ සිලෙක්ශන් එක නම් ක්ලැසික්...

    ReplyDelete
    Replies
    1. Pied Piper සිහි වේ.

      කිසි පදනමක් නැති කතාවක්, කෝ සාක්‍ෂි කියා නොඅසා, අදහති. මී රැළ මෙන් Pied Piper පසුපස ඇදෙති.



      Delete
    2. //ෆොටෝ සිලෙක්ශන් එක නම් ක්ලැසික්...// කොහොමද වැඩේ? :-) (ඇනෝ කිව්වමයි දැක්කෙ)

      Delete
    3. මාත් එවලේ තමයි උඩට ආපහු ගිහින් බලලා ආවේ.. :)

      Delete
  5. කොහොම මොනවා කිව්වත් තමුසේ දෙපිටකාට්ටුවෙකි. අනුන්ගේ බ්ලොග් වල දියුණුවට අකුල් හෙළන්නෙකි. අනුන්ගේ බ්ලොග් එකකට හිට්ස් වැඩිවෙන බව දැක්කම එතැනට ගොස් ඇනෝ ගහන්න පුලුවන්නම් ඇනෝ ගැහීම හෝ බ්ලොග් පෝස්ට් එකට අදාළ නැති පඬි කතාවක් කියා අවුලක් ඇතිකරන්නෙකි. තමුසෙගෙ අඩවියේ තමුසේ ලියන පෝස්ට් ප්‍රොෆයිල් එකෙන් ඇවිත් විවේචනය කරන අයට ඇනෝ කමෙන්ට් වලින් අපහාස කරන්නෙකි. තමුසේ මේ ධර්මිෂ්ඨ පාට් දැම්මට වැඩක් නැත. තමුසේ කවුද කියන එක මෙතෙක් කල් හැංගිලා තිබුනත් දැන් ඔක්කොම එලිවී හමාරයි. තමුසෙට පාහරයා කියන එකත් නම්බුවකි.

    ReplyDelete
    Replies
    1. මා බ්ලොග් ලියන්නට පටන් ගෙන දැන් වසර එකොළයි මාස හතරකි. මේවන තුරු කිසි දිනක, කිසි තැනක මගේ නමින් හෝ මුලකුරුවලින් හෝ රසිකොලොජිස්ට් වැනි බ්ලොග් නමින් හෝ මිස නිර්නාමිකයෙකු ලෙස කමෙන්ටු, ප්‍රතිචාර හෝ උත්තර ලියා නැති බව සියලු දෙනා වෙත මෙයින් අවධාරණය කොට පවසා සිටිමි.

      අපට කුඩා කල සිටම කියා දී ඇති පරිදි සත්‍යය දිනක ජය ගනු ඇතැයි මම සිතමි.

      එසේ ම මා හැකි සෑම විටක ම වෙනත් අයට උදව්වක් කර ඇතුවා මිස කිසි සේත් ම අකුල් හෙලා, අධෛර්යට පත් කොට නැත.

      මට කර ඇති චෝදනා සියල්ල කිසිම පදනමක් නැති අතේ මැවූ ඒවා ය. කිසිම සාක්‍ෂියක් ඉදිරිපත් කර නොමැත. ඉදිරිපත් කිරීමට සාක්‍ෂියක් ද නොමැත. චෝදනා කර, නඩු ද අසා ඇත!

      අමු විහිළුවකි!

      Delete
    2. අම්මට හුඩු.... ජේ. ආර්. පප්පත් අපායෙ ඉඳලද මන්දා කොමෙන්ට් කොරනවා...

      Delete
    3. //අනුන්ගේ බ්ලොග් වල දියුණුවට අකුල් හෙළන්නෙකි. අනුන්ගේ බ්ලොග් එකකට හිට්ස් වැඩිවෙන බව දැක්කම//
      හික්ස්... සමාජයෙ පිලිගත් තැනක් නැති මිනිස්සු දියුනුව පතන්නෙ බ්ලොග් වල ලැබන තත්වෙන්...

      අනේ මන්දා මුන් බැරි වෙලාවත් පාර්ලිමේන්තු ගියානම් හෙම රටට අබ සරණයි... අන්න එහෙම බලනකොට තමයි පින්වතුනි මේ දැන් ඉන්න 225 පිං කඳවල් හැටියට අපිට පේන්නෙ...

      Delete
    4. ඔය චෝදනා කිසිවක් මට අදාල නැත. මා ඔවැනි කිසි දෙයක් කර නැත. එනිසා ම, කිසිදු සාක්‍ෂියක් ද නොමැත.

      මේ චෝදනා අන්ධානුකරණයෙන් පිළිගන්නන් ගැන ද මට ඇත්තේ අනුකම්පාවකි!

      Delete
  6. නියමයි රසික. ඔහොම යන්.
    ආගම් ගැන නම් කියන්න තියෙන්නේ ආගම්වල 50% විතර හරි දේ තියෙනවා. ඒවා ආගම් බිහි වෙන්න ඉස්සර ඉඳලම මිනිස්සු මනුෂ්‍යත්වය නිසා හරි කියල දැනගත්තු දේවල්. ආගම් ඇවිත් ඔය ටික හයිජැක් කරලා තව බොරුටිකක් දාල කොහෙවත් නැති නිවනක්/මොක්ෂයක් ගැන කියන ඒකතමයි කරන්නේ.
    මටනම් තේරෙන්නෙම නැති එක තමයි සුරාමේරය මජ්ජ පමා දට්ට්ටාන. කොහොමද එකෙන් පවක් වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඔව් බුදු දහමේ ඇති සමහර දේ පෙර පැවති අදහස්වල එකතුවක්/සංකලනයක් තමයි.

      සුරාමේරය හොඳ නැත්තේ බඩේ පනුවන් මැරෙන නිසා නේ!!!

      Delete
    2. /සුරාමේරය හොඳ නැත්තේ බඩේ පනුවන් මැරෙන නිසා නේ/ any evidence? they might partying too.

      Delete
    3. ඇනයෝ සාරකසම් කියන එක උගන්නන්න බැහැ

      Delete
    4. /සාරකසම්/ වචනය තේරුනේ නෑ, නෙට් එකෙත් ඒ වචනය නෑ.

      Delete
    5. Sarcasm බන්. සිංහලෙන් සමහර ඒවා ටයිප් කරන්න තේරෙන්නේ නැහැ.

      Delete
    6. මම හිතනවා මේ ප්‍රෂ්ණයට "සුරා මේරය කොහොමද පවක් වෙන්නේ" කියන එකට මම පිළිතුරක් දුන්නොත් ඔබතුමන්ලා උරන වෙන එකක් නැහැ කියලා.

      මත්පැන පානය කියන තනි කාරණය ගත්තොත් එය හුදෙක් ආශ්වාදය පිණිස පානයක් ගැනීමෙන් ඔබ්බට කිසිදු පවක් ජනිත කරන්නේ නැහැ. ඔබ කුස ගින්නට කිරි වීදුරුවක් බීමෙහි හා කුස පිරී තිබියදී හෝ අවශ්‍යතාවයකින් තොරව කිරි වීදුරුවක් බීම වෙනස දකින්න. මත් පැන් බීම අර අවශ්‍යතාවයෙන් තොර කිරි වීදුරුව වගෙයි.
      ඒත්, අපි දන්නවා මිනිසෙකුගේ සමස්ථ ක්‍රියා වලියම මනසින් පාලනය වන වග. එහෙම වූ විට දහම අනුව කෙනෙකුට හැකියාව තියෙනවා තමන්ගේ කර්ම ශක්තිය පවා මනසින් පාලනය කොට අයහපත් කර්ම පල මග හැර යාමට. මත් පැන් නිසා ඔබේ මනස විකල් වූ විට ඔබ නිතැතින්ම අනාරක්ෂිත වනවා. ඔබේ මනස කුසල හා අකුසලය හඳුනා ගැනීමෙන් වලකිනවා. අන්න ඒ නිසා ඔබ වඩාත් අකුසලයට බර ක්‍රියා කිරීමටත් (ආශ්වාදය සොයා) අකුසල් ඵල කෙරෙහි නිරාවනය වීමටත් ලක් වෙනවා.
      මෙන්න මේ නිසයි මත් පැන මත් ද්‍රව්‍ය භාවිතය අකුසලයක් ලෙස නම් වෙන්නේ.
      මත් පැන් පානය කියන කාර්නය විතරක් ගත්තොත් එය කිසි සේත්ම භවගාමී කුසල් / අකුසල් ජනිත කරන කාරණයක් නොවෙයි.

      Delete
    7. බඩේ පනුවන් ගැන කිව්වේ විහිළුවක් ලෙසයි.

      නයනේ ගේ කතාව තර්කානුකූලයි.

      නමුත් තනියම මද පමණින් බීලා, සින්දුවක් අහලා, නිදා ගන්න ගියාම කවර පවක් ද? සිහිනෙන් පව් කරන්න බෑ නේ.

      හැබැයි උදේ නැගිටින ඛොටත් මත තිබේ නම් අන්න සම්මා සතිය නැති වෙනවා!

      Delete
    8. ඔව් රසික, තනියම මද පමනට බීලා සින්දුවක් අහලා නිදා ගත්තා කියලා පවක් වෙනවයි කියල දහමේ කියන්නේ නැහැ.
      ඔබ පන්සිල් සමාදන් වී නැත්නම් එහි කිසිම වරදක් නැහැ.
      සීලයක් සමාදන් වීම කියන්නේ තමන් තමාටම දෙන පොරොන්දුවක්. ඉතින් පන්සිල් සමාදන්ව මත් පැන ගත්තොත් එතන වරදක් වෙනවා.
      අනික බීපු දාට පහුවෙනිදා විතරක් නෙවෙයි, කොතැනකදීවත් ඔබට මට සම්මා සතිය නැහැ. අපි වඩවා ගන්නට තැත් දරන්න ඕනා සම්මා සතිය නෙවෙයි යෝනිසෝමනසිකාරයයි. මත නිසා නැති වෙන්නේ එයයි.
      යෝනිසෝමනසිකාරය වඩවා ගත්තොත් ඊට පස්සේ පුළුවන් සමා සතිය වඩවා ගන්න.

      Delete
  7. ගොනා මන් දැම්ම කමෙන්ට් එකකටත් තද වෙලා රසිකගේ අම්ම මතක් කරලා. වඳුරට දැලි පිහි කතාව. රසික නිර්දෝෂයි කෙසේ වෙතත් මාතලන් අභූත චෝදනා කරන එකෙක් බව දන්නා තව එකෙක් වැඩිවුණා කියා සතුටින් දැනුම් දෙමි

    ReplyDelete
    Replies
    1. ටයිපින් මිස්ටේක් එකක්. අම්ම මතක් කරලා නෙමෙයි. රසිකට පො#### කියල බැනල.

      Delete
    2. අනාරක්‍ෂිත, චංචල සිත හැම දෙයක්ම සැක කරනවා. විකාරයෙන් දොඩවනවා. පරුෂ වචන වපුරනවා.

      මේවාට සිත නිවන, සැකය, අනාරක්‍ෂිතබව නසන ප්‍රතිකාර ක්‍රම ඇති.

      Delete
  8. සුපින්වත් කමෙන්ට්කාර උපාසක මහතුනි,

    මේ සංසාරයේ සියළු වැරදි අවබෝධයන් ඇති වන්නේ ලෝභය, ද්වේශය හා මෝහය නිසාය. මෙත් වඩා ලෝභය ද්වේශය හා මෝහය දුරු කර ගන්න. ඔබට යථා දැක්ම පහළ වනවා නියතයි.

    පූජ්‍ය තට්ටගම ඉන්ද්‍රරතන හිමි

    ReplyDelete
    Replies
    1. අනාරක්‍ෂිත, චංචල සිත හැම දෙයක්ම සැක කරනවා.
      විකාරයෙන් දොඩවනවා.
      පරුෂ වචන වපුරනවා.

      මේවාට සිත නිවන, සැකය, අනාරක්‍ෂිතබව නසන ප්‍රතිකාර ක්‍රම ඇති.

      Delete
  9. අද දිප්පිටිය මාමා ඇවිත් නෑ.

    ReplyDelete
    Replies
    1. දිප්පිටිය මාමා කමෙන්ට් කරලම මලා.. හැක්

      Delete
    2. අසනීපය කියලා ලියා තිබුණා නේද කලින් ලිපියේ?

      Delete
  10. නිර්-ආගමිකයෙක් වන මම ලෝකෙයේ හොඳ සහ නරක බැලන්ස් කිරීමේ බලවේගයක් ඇති බව පිළිගන්නෙ නෑ. එනිසා රසික කිව්ව විදියට 'අවසානයේ සත්‍යය ජයගනී' වගේ දේවල්ද මම පිළිගන්නේ නෑ.

    මිනිස්සු වන අපි කරන්නේ අහඹු ලෙස සිද්ද වෙන සිදුවීම් වලට අපේ දැක්මට සාපේක්ෂව අර්ථකතන දීම පමණයි.

    //ඔහු මට බැන්නේය, ඔහු මට හිංසා කළේ ය, ඔහු මා පැරදවූයේ ය, ඔහු මා සතු දේ පැහැර ගත්තේ ය යැයි වෛර බඳින්නා ගේ වෛරය නොසංසිඳේ.//

    මෙන්න මේක නම් පට්ට. මමත් නිතරම පිළිපදින්න උත්සාහ කරන දෙයක් මේ.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි, අවසානයේ සත්‍යය ජයගනී වගේ සිතුවිලිවල පරාජිත පසුගාමීබවක් තියෙනවා.

      එනිසායි මං "අපට කුඩා කල සිටම කියා දී ඇති පරිදි සත්‍යය දිනක ජය ගනු ඇතැයි" කියා ලීවේ.

      Delete
  11. මම නම් ආගමිකයෙක් නෙවේ - සියලුම ආගම් දෙස බලන්නේ ඕපු මෝඩ් එකෙන් - හැබැයි අවිනිශ්චතා වලට ඉඩ දීලයි ඉන්නේ - ඒ අර්ථයෙන් මම ඇග්‍ෙනොස්ටික්

    ඒ වුනත් බවුතීස්ම ලැබූ එක්ස් කිතුණුවෙක් ලෙස මට වැටහෙන ආකාරයට නම් බුදු දහමේ core එක තමයි ඇත්ත ඇති සැටියෙන් දැකීමේ හැකියාව - ඒ හැකියාව තමයි නිර්වාණබෝධය කියන්නේ - ඒ හැකියාව ලැබුනු පසු තව දුරටත් සංසාර චක්‍රයේ ගමන් කිරීමට සිදුවන්නේ නැතිලු. මොකද සිදුවන්නේ කුමක්ද යන්න ගැන අව‍ෙබෝධය ලැබෙන නිසා. අන්න ඒ හැකියාව ලබාගන්න ආර්ය අශ්ඨාංග මාර්ගයේ ගමන් කරන්න ඔන (ලු). රයිට් - ඒ නිසා බුදු දහම පික් ඇන්ඩ් චූස් වර්ගයේ දර්ශනයක් නෙ‍වේ - ඒක ආගමක් - අර සීන් එක විස්වාස කරන්නේ නැතිනම් ශ්‍රද්ධාව නැතිනම් මනුස්සයා බෞද්ධයෙක් නොවේ - අනිත් දේ බුදු දහම ප්‍රතික්ෂේප කරන්නෙ සර්ව බලධාරි දෙවියන්වහන්සේ මිසක් දෙවියන් නැති බව නොවේ - ඒක නිසා මම අරක විස්වාස කරනවා මේක විස්වාස කරන්නෙ නෑ වගේ පික් ඇන්ඩ් චූස් කතා කිය කිය ඉන්නෙ නැතුව මම ආගමක් අදහන්නෙ නෑ කිව්ව නම් ඉවරයි මම හිතන්නේ - මොකද දැන් ‍සමාජ ජාලවල පොෂ් වීමේ මාර්ගයක්නේ අර ඉන්ද්‍රීය ගෝචර දේ විතරක් විස්වාස කරනවා කීම

    ReplyDelete
    Replies
    1. මට නම් හිතෙන්නේ දර්ශනයක් තියෙන්නේ ඒක ගෙඩිය පිටින් කරතියාන යන්න නෙවෙයි, එයින් උගන්වන/ පෙන්වා දෙන කරුණු ගැන හිතා බලන්න, සහ අපිට එකඟ වෙන්න පුළුවන් දේ තමුන්ගේ දර්ශනයට එක් කරගන්න සහ ප්‍රෙයා්ගිකව භාවිත කරන්න. ඒක ගෙඩිය පිටින් කර තියාන යන්න වෙන්නේ දර්ශනය ආගමක් කරගත්ත අයටයි.

      Delete
    2. ලක්ශාන් ඔබ බුද්දිමත්ව ආගම් විග්‍රහ කරන කෙනෙක් වග පෙනෙනවා.
      එත් ඔබ බුදු දහම ගැන දන්නේ අපේ බොහෝ දෙනා අවබෝධයෙන් තොරව කියන ජනප්‍රිය කථා බවයි පෙනෙන්නේ.
      බුදු දහම ප්‍රථික්ශේප කර්න්නේ සර්ව බලධාරී දෙවියන් පමණයි කීම සපුරා වැරදි මතයක්.
      බුදු දම තුළින් මැවුම්කරුත්, මැවීමත්, මැවුම් වාදයත් ඉඳුරා ප්‍රථික්ශේප වෙනවා. බුදුදහමේ ලෝකය අර්ථ දැක්වෙන්නේ මේ අපි දකින භෞතික ලෝකය පදනම් කොටගෙන නොවෙයි එහි ඊට වඩා ඉතා පුළුල් අරුතක් කියැවෙනවා. ඒ නිසා ලෝකය බිහිවීම කියන කාරනයේදී බුදුදහම භෞතිකය ඉක්මවා බොහෝ විසල් දුරකට යනවා.
      මැවීම වෙනුවට බුදු හිමියන් දේශනා කොට ඇත්තේ හේතු ඵල ධර්මයක්. එය භෞතික හා අභෞතික කියන දෙකොටසටම අයත් වෙනවා.
      ඒ වගේම බුදු දහම ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂය ප්‍රථික්ශේප කරන්නේ නැහැ. එසේම ඉන්ද්‍රිය ගෝහර ප්‍රත්‍යක්ශය ඉක්මවා ගිය විදර්ෂණාවට වැඩි තැනක් දෙනවා.

      Delete
    3. [එත් ඔබ බුදු දහම ගැන දන්නේ අපේ බොහෝ දෙනා අවබෝධයෙන් තොරව කියන ජනප්‍රිය කථා බවයි පෙනෙන්නේ.
      බුදු දහම ප්‍රථික්ශේප කර්න්නේ සර්ව බලධාරී දෙවියන් පමණයි කීම සපුරා වැරදි මතයක්.
      බුදු දම තුළින් මැවුම්කරුත්, මැවීමත්, මැවුම් වාදයත් ඉඳුරා ප්‍රථික්ශේප වෙනවා. ]

      ඇත්ත වශයෙන්ම ඔය ටිකත් ඇතුලුව තමා - මට කියන්න ප්‍රධාන වශයෙන් අවශ්‍ය වුනේ දෙවියන් නමින් සත්ත්ව කොටසක් සිටින බව බුදු දහමේ පිළිගැනෙනවා. දෙවියන්ට පින් දීම ආදිය පැවතෙන්නේ ඒ තුළින්. වෙනකක් තබා අග්ගඥ්ඤ සූත්‍රෙය් පවා ආහස්සර බ්‍රහ්ම ලෝකය ගැන කියවෙනවා - ඒ නිසා දෙවියන් නමින් කොටසක් නැති බවක් බුදු දහමේ හැඟවෙන්නේ නැහැ.

      Delete
    4. ලක්ෂාන් හරි. දෙවියන් ගැන මම ඉහත කියා ඇති පරිදි බුදු දහමේ කියවෙනවා.

      Delete
    5. අදහස්වලට ස්තුතියි. මගේ අදහස් මෙතැනදී ගැලපෙන්නේ ඇණයා සහ නයනේ සමගයි.

      මුලින් ම බුදු හෙවත් බුද්ධ දර්ශනය දහම සහ ජනප්‍රිය බුද්ධාගම කියන්නේ දෙකක්. මා කිසි විටක මෙහිදී බුද්ධ්ගම කියන වචනය භාවිතා කර නෑ. අපේ සමහරු අනුගමනයේ කරන්නේ ඒ බුද්ධාගමත් නොව බුඩ්ඩාගමකි,

      දු දු දහමේ දෙවිවරු නැත. ඇදහීම් නැත.

      මා දන්නා මුදු දහමේ ඉතාම වැදගත් සංකල්පය ඒහි පස්සෙිකෝ ගුණයයි. එනම්, විශ්ලේශනය කර බලා, තම තම නැණ පමණින් අවඹෝධ කොට ගැනීමයි.

      Delete
  12. සබිබේ තසන්ති දන්ඩස්ස
    සබිබේ භයන්ති මච්චුනෝ
    අත්තානං උපමා කත්වා
    නහානෙයිය න ඝාතයේ

    සියළු සත්වයෝ දන්ඩනයට බයය
    සියලු සත්වයෝ මරණයට බයය
    එබැවින් තමාව උපමාකොට
    දඩුවම් නොකරන්න, නොමරන්න

    ReplyDelete
    Replies
    1. අනාරක්‍ෂිත, චංචල සිත හැම දෙයක්ම සැක කරනවා.
      විකාරයෙන් දොඩවනවා.
      පරුෂ වචන වපුරනවා.

      මේවාට සිත නිවන, සැකය, අනාරක්‍ෂිතබව නසන ප්‍රතිකාර ක්‍රම ඇති.

      !

      Delete
  13. රසිකට තියෙන්නේ ඔය ගෝතලන් කාරය උගේ කමෙන්ට්ස් දාන්නේ නැහැ කියල තියෙනේ කුණුහරුප කමෙන්ට්ස් දෙක දාල දාන්න. ඕනනම් කුණුහරුප උඩින් ටිපෙක්ස් ගාන්න. ඌ හරකෙක් බව දැනගෙන හිටියට මී හරකෙක් බව දැනගත්තේ මේ සීන් එක නිසා

    ReplyDelete
    Replies
    1. මගේ ප්‍රතිපත්තිය සම්මත කුණුහරුප භාවිතා නොකිරීමයි!
      https://rasikalogy.blogspot.com/2016/07/me-is-good-boy.html

      Delete
  14. බැලුව්ම රසිකට ලව් කරන්නෙ ඇනෝලා ඇරුනම රාජ් විතරයි නෙ

    ReplyDelete
    Replies
    1. ඇයි දිප්පිටිය මාමා?

      Delete
    2. හොඳ කතාව!
      නමුත් විචාර බුද්ධියෙන් යුතු අය තව ඉන්න බව මා දන්නවා.

      Delete
  15. සත්‍යය ජය ගැනීම වගේ ප්‍රාර්ථනා, ඔය "පව් කරන්නාට" කවද හරි කෙල වෙනවා, "පින්වතුන්" සැමදා (අවසානයේ) ජය ගන්නවා වගේ අවිහිංසක මනුෂ්‍ය බලාපොරොත්තු නේද?

    මනුෂ්‍යයා, එනම් අපේ අතේ තියන තේරීම් ගැන මා එයිට වඩා විශ්වාස කරනවා. හොඳ හා නරක (අපට තේරෙන අයුරින්) තෝරා ගැනීම තියෙන්නේ අපේම අතේ. ඒ අනුවම (මනුෂ්‍ය) අනාගතයේ ගමන් මග තීරණය කරනු ඇති.

    ගුප්ත විශ්වාස වල ඇලී ගැලී, අතීතයටම යනවාද, නැත්නම් මේ අත්කර ගත්තු දැනුම ඇසුරින්, ලෝකය තවත් තේරුම් ගැනීමට උත්සහ කරනවද කියන තේරීම කරන්න හැකි අපටම තමා. :)

    ReplyDelete
    Replies
    1. ඔබ හරි, රයිගම අවසානයේ සත්‍යය ජයගනී වගේ සිතුවිලිවල පරාජිත පසුගාමීබවක් තියෙනවා.

      එනිසායි මං "අපට කුඩා කල සිටම කියා දී ඇති පරිදි සත්‍යය දිනක ජය ගනු ඇතැයි" කියා ලීවේ.

      කිසිදා එළි නොවී සදහටම වැළලී ගිය රහස් කෙතරම් තියේ ද?

      Delete
  16. දන්නා කියන බ්ලොග්කරුවන්ගෙන් මෙතන කොමෙන්ට් දාලා තියෙන්නේ රාජ් විතරයි. අනිකුත් සියලුම දෙනා රසිකව ප්‍රතික්ෂේප කරලා නේද. රසික නොදන්නවා උනාට බ්ලොග්කරුවන් හම්බුනාම රසික ඇනෝ කොමෙන්ට් ගහනවා, අනිකුත් බ්ලොග් වට්ටන්න කටයුතු කරනවා කියන එක ගැන ඒ බ්ලොග්කරුවන් කතා වෙනවා. රසික ප්‍රතික්ෂේප වෙලා ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ කමෙන්ට් එකක්වත් ඉවසගන්න බැරි පො##යෝ බ්ලොග් නොලිය ඉන්න එකමයි හොඳ

      Delete
    2. මා කිසි දිනක නොකළ, එනිසාම කිසිදු සාක්‍ෂියක් නැති දේ ගැන මට අභූත චෝදනා නැගෙන විට ඒවා විචාර බුද්ධියෙන් ප්‍රශ්න නොකර ඉත සිතින් පිළිගන්නා අය සිටී නම්, මට එවැන්නන් සමග කිසිදු ගණුදෙණුවක් නැත.

      එවැනි අප්‍රියයන්ගෙන් වෙන්වීම ම සැපතක් බව අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ යන යෙදුමේ විලෝමයෙන් පැහැදිළි වේ!

      Delete
  17. රසික .. ඔබත් ඔබගේ හොඳම මිත්‍රයා මාතලන් දෙන්නම හොඳ සිංහලයින් ...
    කැත නැතිව , තමන්ගේ ආත්මාත්‍රය වෙනුවෙන් ඕන කැත වැඩක් කරන්න පුළුවන් ...
    ඔබ විසින් අන් අයගේ බ්ලොග් වල දාන ලද බෝග මෙයට හොඳටම සාක්ෂි . විශේෂයෙන්ම බලන්න දුශේයින්ගේ අඩවියේ ඔහු විසින් සාකච්චාවට ලක් කරන කාරණාව නොමග යැවීමට ඔබ කල ඇති උත්සාහය ..
    එසේම ඔබ සහ මාතලන් එක්ව කුමන්තරණය කර ලබාගත් සම්මානය , ඔබට එය ලැබීමට සුදුසුද ? ඔබ සම්මානයක් ලැබීමට තරම් සුදුසු ලේඛනයක යේදී ඇත්ද ?
    ඔබ දේපල අතර ඇති මේ ගැටලුවත් ගැටලුවකි ?
    ඔබ දෙපලම ආත්මය කිලිටි කුණු අප්ප්‍රසන්න මිනිසුන් බව ලොවට පෙන්වා හමාරය ..
    තමන් විසින්ම තම කුණු වූ ආත්මය කා ලන වසුරු මතම ලැග ඒවා නැවත තමන්ම අනුභව කරමින් , ලොවට ධර්මය දෙසන කිලිටි මිනිසුනි .. ඔබලා බොහොම අප්‍රසන්නයි

    ReplyDelete
    Replies
    1. /* ඔබ විසින් අන් අයගේ බ්ලොග් වල දාන ලද බෝග මෙයට හොඳටම සාක්ෂි . විශේෂයෙන්ම බලන්න දුශේයින්ගේ අඩවියේ ඔහු විසින් සාකච්චාවට ලක් කරන කාරණාව නොමග යැවීමට ඔබ කල ඇති උත්සාහය */

      කෝ ඉතිං ඔය කියන සාක්‍ෂි?

      පෙන්වන්න කෝ.

      දුයිෂෙන් ගේ බ්ලොගය ගැන මට කවිඳු දැනුම් දුන් වහාම, එය ලියන පුද්ගලයා මා ප්‍රිය කරන අයෙකු නිසා (ඒ ගැන මා 2015 අගෝස්තු කාලයේ කළ සඳහනක් අවශ්‍ය නම් ඵෙන්විය හැක!) මා අලුත් බ්ලොගය ගැන ලිපියක් ද ලිව්වා.
      http://rasikalogy.blogspot.com.au/2016/05/just-my-opinion.html

      මේ ඔබ කරන චෝදනා පදනම් විරහිතයි.

      මා යමෙකු ගේ දේශපාලන ක්‍රියාවන්ට ප්‍රිය කළත් ඔවුන් ඇදහීමට, ඔවුන් කියන ලියන සෑඟ දෙයක්ම නොවිමසා පිළි ගැනීමට සූදානම් නෑ.

      ඔබේ මේ කතාවෙන් මට ඵෙනී යන්නේ ඔබ යම් කිසි දේශපාලන පක්‍ෂයක් හෝ දේශපාලකයෙකුට කැමති නම්, ඔවුන් ගේ වචනය, ක්‍රියා කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගන්නා අන්ධ භක්තිකයෙකු බවයි.

      අපහාසයක් නොවේ. එසේ නොමැති නම් මා නිවැරදි කරන්න.

      Delete
  18. මම නම් ආගම් සම්භන්දව පට්ට දෙපිටකාට්ටුවෙක්.. කිසිම විශ්වාසයක් ඇදහිල්ලක් හෝ බිලීෆ් මොකුත් නැතුව ආගං වල තියෙන ගොඩක් දේවල් කරනවා.. මේ ගැන පෝස්ට් එකක් ලියන්න හිතුනා..

    ReplyDelete
    Replies
    1. ඉඳහිට කියැවෙන ඇත්ත :) හි හි

      Delete
    2. සුමිත් ගේ අදහස් දැන ගැනීම වැදගත්.

      ලියන්න!

      Delete
  19. ඇදහීම කියන එක මට අදාල වෙන්නේ ප්‍රායෝගික ජීවිතයේ සමහර මිනිසුන් සම්බන්ධයෙනි. ඒ ඔවුන් කියනා දේවල් කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව බාර ගැනීමට මා සූදානම් නිසාය. දීර්ඝ කාලයක් ඇසුරු කිරීමෙන් ලැබී ඇති දැනුම, හෝ ජීවිතයේ යම් යම් අවස්ථාවල ඔවුන් හැසිරුණු ආකාරය අනුව එවැනි ඇදහීමකට මා පෙළඹී ඇත. ඔවුන් කිසි දිනෙක එම සම්බන්ධතාව පළුදු වන ආකාරයේ යමක් කලහොත් මා ඉතා දුකට පත් වනු ඇත. නමුත් මේ තේරීම කරන්නේ මා නිසා සහ මිනිසුන් මා එම තැනට පත් කරගන්නේ අති විශේෂ කාරණා නිසා වන බැවින් මම තවමත් සතුටින් එම ඇදහීම කරගෙන යමි.

    නමුත් සාමාන්‍ය ජීවිතයේ පුද්ගලයන් සම්බන්ධයෙන් හෝ අනෙකුත් සියලු කාරණා සම්බන්ධයෙන් අදාල වන්නේ මා සතු යැයි මා සිතන තාර්කික දැනුමයි. එහිදී සියලු දේ සම්බන්ධයෙන් මගේ නැණ පමණින් නිගමන වලට එළඹෙමි. ඉහත කී ඇදහීමද මෙහිම දිගුවකි. ඒ අනුව, උපත ලබනා මොහොතේ අප සිටින තැන සහ ග්‍රහලෝක පිහිටීම අපට බලපානා ආකාරය මගේ තාර්කික දැනුමට ගෝචර වන්නේ නැත. ග්‍රහ ලෝක වලින් යම් බලපෑමක් අපට ඇත්නම්, එය සාමූහික බලපෑමක් බවයි මගේ හැඟීම.

    සමහර විට එවැනි බලපෑමක් තිබෙන්නට ඉඩ තිබේ. නමුත් එය මගේ තාර්කික දැනුමට ගෝචර වනතාක් මම එය පිළි නොගනිමි. එවැනි මගේ තර්කයට ගෝචර නොවන දේවල් බොහෝ තිබේ. ඒවා සත්‍යයක් වීම මට අදාල නැත. මගේ තර්ක දැනුමට අදාල නොවන දෙයක් ආශ්‍රයෙන් මගේ ජීවිතය පිළිබඳ තීරණ ගැනීමට යාමෙන් සිද්ධවන්නේ මගේ ජීවිතයේ මට සිදුවන දේවල් සහ ඒ පිළිබඳව මගේ වගකීම අතර ඇති සම්බන්ධය බිඳී යාමයි. එම තත්වයට පත්වීමට මා කැමති නැත.

    ඒ සඳහා ඒ විෂය ඉගෙන ගත යුතුයි කියන අදහසත් මම පිළි නොගනිමි. මා වෛද්‍ය විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාව (ගොඩනැගීම් සම්බන්ධ ) ඉගෙනගෙන නැත. නමුත් ලෙඩ රෝග සහ ඒවාට ලබා දෙන ප්‍රතිකාර ගැන වෛද්‍යවරයා කරන පැහැදිලි කිරීම මගේ තර්ක දැනුමට ගෝචර වේ. ගොඩනැගීම් සම්බන්ධයෙන් ද එසේමය. අප බොහෝ දෙනා දේශපාලන විද්‍යාව ඉගෙනගෙන නැති වුවත් දේශපාලනය ගැන අදහස් දැරීමට, හරි වැරදි දැකීමට එය බාධාවක් නොවේ. ඒ කොයි විද්‍යාවත් අවසානයේ පොදු යහපත සහ ප්‍රයෝජනය සඳහා වන නිසා පොදු මිනිසාට පිළිගත හැකි (අන්ධ විශ්වාසයෙන් තොරව) ස්වභාවයක් එම විද්‍යාවන් වල තිබීම අවශ්‍ය වේ.

    ReplyDelete
    Replies
    1. තිසර ඔබ ඔය කියා ඇත්තේ ඇදහීම නොව විශ්වාසයයි. මිනිසුන් අතර විශ්වාසය ගොඩ නැගේ. ඒය බිඳ වැටීමටත් ඉඩ ඇත.

      විවාහය සඳහා විශ්වාසය අවත්‍යාවශ්‍යයි. පවුලක සාමාජිකයින් අතර විශ්වාසය තිබිය යුතුයි.

      එය ඇදහීම නොවේ.

      අනිත් කරුණු සමග මා එකඟයි.

      ඇත්තටම මේ කෙන්දර ගැණ විවාදයේ හොඳම ප්‍රකාශය කළේ ඔබ යි.

      "ග්‍රහ ලෝක වලින් යම් බලපෑමක් අපට ඇත්නම්, එය සාමූහික බලපෑමක් බවයි මගේ හැඟීම."

      එළ!

      Delete
  20. "බුදු දහම" - දර්ශනය- වැටෙන්නෙ ආගමික දර්ශනවාදයට (Religious philosophy). ලොර්ඩ් බුද්දගෙ දර්ශනයට දෙන විග්‍රහ විශ්ලේශන ප්‍රමුඛතාව තේලීස්ට ප්ලේටෝට සොක්‍රටීස් ඇරිස්ටෝට්ල් වගේම රෙනේ ඩෙස්කර්ටෙස් ගෙ ඉඳල ලුඩ්විග් විට්ගෙන්ස්ට්යින් ලගෙ දර්ශනයන්ට ලැබෙන්නැත්තෙ ඇයි ? ඒදර්ශන වාදීන වඩා මේ දර්ශන වාදිය වැදගත් උනේ කොහොමද ?උන් කලුද ? ආගමික දර්ශන වාදයක් ගැන මෙච්චර උනන්දුවක් ? මොකද්ද රහස ? බුදු දහම ඇති උනු ඉන්දියාවට (පැරනි) වඩා රාජතාන්ත්‍රික ලෙස බුදු දහම ලැබුනු රටවල බුදු දහමට මෙපමන වැදකමක් ලැබෙන්නේ ඇයි ?

    ReplyDelete
    Replies
    1. හේතුව සියළුම දර්ශනයන් වාද ප්‍රමුකව පවතින නිසා.

      බුදු දහම සියළු වාද ප්‍රථික්ශේප කරමින් මධ්‍යම ප්‍රථිපදාව මත පවතින නිසා.

      සවිස්තරව කියන්න ගියොත් මට වෙනම බ්ලොග් ලිපියක් ලියන්න වෙයි!

      Delete
    2. සොක්‍රටීස් ඇතුළු දාර්ශනිකයින් ගේ මතවාදවල පරාසය බුදු දහමට වඩා පටුයි, සුවිශේෂයි නේද? එනිසා, ජීවීතවලට ඇති බලපෑඟ අඩුයි?

      බුදු දහම පැතිරෙන්න මුල්ම හේතුව, බුදුන් මිනිසුන් සොයා ගව් ගනන් දුර ගිහින් දහම ප්‍රචාරය කිරීමයි. සොක්‍රටීස් ලා කළේ තමන් (සරලව කියනවා නම්) ලඟට එන අයට පමණක් ප්‍රශ්ණ අසමින් ඉගැන්වීමයි නේද?

      අනිඛ රාජ්‍ය බලය සහ ධන බලය!

      Delete
  21. කෙනෙකු ආගමක් හෝ දෙයන් හෝ ප්‍රේතයන් හෝ විශ්වාස කිරීම එම පුද්ගලයාගේ පුද්ගලික දෙයකි. එයින් අනෙකුත් බයියන්ට ඇති වැඩේ කිමද? ලාංකිකයෝ වන කවදා ශිෂ්ටසම්පන්නව අනෙකාගේ අදහස් වලට ගරු කරයිද?

    ReplyDelete
    Replies
    1. සමාජයට අහයපතක් සිදු නොවෙන තාක් කල්, ආගම් ඇදහීමට, විවිධ විශ්වාසයන් තබා ගැනීමට ඇති පුද්ගලික නිදහස ගැන කිසි ප්‍රශ්නයක් නැත.

      එසේම, තමන් පිළිගන්නා අදහස් හෝ තමන් ගේ ම අදහස්, අන් අය අතර පැතිරවීමට ද ඒ ආකාරයේ ම නිදහසක් ඇත.

      අවසානයේ පුද්ගලික අයිතිය අනුව තීරණ ගත යුතුයි.

      හෙල උරුමය වැනි කණ්ඩායම් ගෙන එන්නට තැත් කළ, ආගම් මාරු කීරීමට විරෝධී පනත වැනි දේ උපන් ගෙයිම මිය ගියේ මේ නිසායි!

      Delete
  22. මට නම් හිතෙන්නෙ බුදු දහමෙ කියවෙන "අත හැරීම" කොහෙවත් හරියට වෙන්නේ නැ. ඔනම ආගමක සාමයට ඉඩ හදලා දෙන Fogive & Forget සංකල්පය ලොකේ කොහේවත් හරියට වැඩ කරන්නේ නැ කියලා මට හිතෙනවා.

    ReplyDelete
  23. මෙ ජිවිතෙන් පස්සෙ තමන් යන්නෙ කොහෙද කියල තිරනෙ වන්නෙ මෙ ජිවත් වෙන කාලෙ තුල අපි විශ්වාස කරන දේවල් මතයි. ආපි විශ්වාස කරන දේවල් තමයි අපි හෙමදාමත් කරන්නෙ. එහෙමයි මන් හිතන්නෙ.
    සැම පලයකටම හේතුවක් තියනවා කියන එක හැම ආගමකටම පොදුයි. ඒහෙම නැ කියනවනම් බලන කෝනේ වෙනස් කරල බලන්න​.
    බුදු රජානන් වහන්සේ ස්ථ්‍යතේරුම් ගත්ත එහෙම නැත්නම් සොයා ගත්ත. නමුත් අමතක කරන්න එපා ඒ සොයා ගත්තේ පවතින ස්ථ්‍ය බව​. සන්සාරෙ ඇත්ත තත්වෙ තෙරුම් කරල දුන්න, ඒ නැවතීමක් නොමැති ච්ක්‍රයෙන් මිදෙන හැටි පෙන්වල දුන්න​. නමුත් එක කොහොමද වෙන්නෙ කොහොමද පටන් ගත්තෙ වගෙ දෙවල් තාමත් ප්‍රශ්නයක් නෙද​? ගිනි දැල්ල පිලිබදව උදාහරනය මට නම් මදි.
    උදාහරනයකට හේතු ඵල වාදය ගන්න​. අපි හෙමෝම දන්නවා අහල තියනව ඒක​. ඒත් එක කොහොමද වෙන්නෙ කියල දන්නෙ නෑනෙ නේද​? ඒ පිලිබදව කොහේහෝ කියල තියනවනම් සමාවෙලා පෙන්වන්න​.

    රාමුවෙන් පිට චින්තනයක් පමනයි.
    ස්‍තුතී

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.