Monday, 24 April 2017

ලොවි ගහෙන් වැටීම - නොකී කතාවකි! - All revealed, nothing left untold


මේ මා කියන්නට යන කතාව නොකී කතාවක් ලෙස නම් කළ හැකිය. නිවැරදිව කියනවා නම්, මෙය මෙතෙක් නොකී කතාවකි.

මෙය ලියා පළ කළ පසු එය තව දුරටත් නොකී කතාවක් නොව කියූ කතාවක් වෙනු ඇත!

මේ ආකාරයේ (එතෙක්) නොකී කතාවක් මා පෙර දිනයක ද කියා ඇත. එය උඩ කරණම් ගසන්නට ගොස් අවසාන මොහොතේ ඉන් ඉවත් වූ කතාවකි.

මේ අද කියන කතාව ද, ඇත්තට ම, උඩ කරණම් ගැසීමක් පිළිබඳ කතාවකි.

පරකන්දෙනියේ පිහිටි මගේ පියා ගේ මහගෙදර මිදුලේ හොඳින් පලදාව ලැබුණු අප ලොවි ලෙසින් හැඳින්වූ (නමුත් බොහෝ දෙනා උගුරැස්ස යැයි කියූ) ගස් දෙකක් විය. අප්‍රියෙල් මාසයේ මල් පිපී, මාස දෙකකින් පමණ පලබර වෙන මේ ලොවි ගස් අපේ ආච්චීට මෙන්ම මට ද ආදායම් මාර්ගයක් ගෙනාවේ ය.

ලොවි පිළිබඳ සැපයුම් දාමය මෙසේ විය.
  • ගසේ ලොවි පළ ගනී.
  • මම ආච්චීට ලොවි කඩා දුන්නෙමි.
  • ගමේ වෙළෙන්දියකට ආච්චී ලොවි විකුණුවා ය. ඉන් ආච්චී ලැබූ මුදලින් කොටසක් මට ද ලැබුණි.
  • වෙළෙන්දිය, කොළඹ තොටළඟ නම් ස්ථානයට මේ ලොවි ද, ගමේන් මිලට ගන්නා වෙනත් පලතුරු සහ අනෙකුත් බෝග වර්ග ද ගෙන ගොස් විකුණුවා ය.
දසත අතු විසිරී පැතිරී ගොස් තිබුණු ඒ ලොවි ගස් දෙකට නැග ඉදුණු ලොවි ගෙඩි කැඩීම, කොලු වයසේ සිටි මට ඉතා සරල වැඩක් විය. කුඩා හෝ ප්‍රශ්නයක් ලෙස තිබුණේ දිමියන් ය. නමුත් දිමි ගොටු ඇති තැන් ඉතා පැහැදිලිව පෙනෙන නිසා, ඒවා මග හැර ලොවි කැඩීම කජු කෑම වැනි කර්තව්‍යයකි.

එසේ නමුත්, කඩන හොඳ හොඳ ලොවි ගෙඩි කටට නොදමා, පලදාව එකතු කරන මල්ලට දැමීම, ගස් නැගීමට හෝ දිමියන්ගෙන් බේරීමට වඩා අසීරු කාර්යයක් විය.
සීයක් කඩන කොට අඩු වෙනවද කීයක්?
කීයද කොල්ලො, කීය ද ඔය ලොවි සීයක්?
මට ලොවි කැඩීම ද, ගස් නැගීම ද එපා කරවූ මේ ලිපියට මාතෘකාව සපයන ඒ අභාග්‍ය සම්පන්න සිදුවීම වූයේ, මගේ මතකයට අනුව, මට වයස අවුරුදු දහතුනේ දී උදා වූ ඒ එක් ලොවි වාරයේ දී ය.

මේ කාලය වන විට අප පවුල පදිංචිව සිටියේ, ගමේ මහ ගෙදර නොව ඊට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි ගලහිටියාවේ නමුත්, ලොවි කැඩීමේ රැකියාව සඳහා මම සති අන්තයේ ද, සමහර සතියේ දිනවල සවස් වරුවේ ද මහගෙදර ගියෙමි.

එදා මම මල්ල ද රැගෙන ලොවි ගස් දෙකෙන් උස ගසට නැග්ගෙමි. මේ ගසේ ගෙඩි ලොකු ය, ලස්සනය නමුත් අනෙක් ගසේ පොඩි ගෙඩි තරම් රස නැත!

ලොකු ලොවි ගසේ එක අත්තක තිබූ ඉදුණු ලොවි ගෙඩි කඩා මල්ලට දමා, මම ඒ අත්තේ සිට මට පහතින් පිහිටා තිබුණු වෙනත් අත්තකට පය තිබ්බෙමි.

ඊළඟ මොහොතේ සිදුවූයේ කිසිසේත් ම බලාපොරොත්තු නොවූ ආකාරයට පය ලෙස්සා ගොස් මා බිමට ඇද වැටීමයි.

සරාස්, බරාස්, දඩාස්!

කුමන භෞතික විද්‍යා සිද්ධාන්තයක් නිසා දෝ, හොඳ වෙලාවට මා බිම පතිත වූයේ හිස හෝ කකුල් හෝ අත් හෝ මුලින් පොළොවේ ඇනී කැඩෙන පැළෙන ආකාරයකට නොව මුලින් පස්ස බිම වැදී කොන්ද පොළොවේ තිරස් අතට වදින ආකාරයට ය.

මගේ තට්ටම් සහ කොඳු ඇට පෙළ පෙදෙස කෙතරම් රිදෙන්නට පටන් ගත්තා දැයි කිවහොත් කොටින් ම මට ඇඬුණි.

විනාඩි ගණනාවක් ම කිසිවක් කර කියා ගන්නට හෝ සිතා ගන්නට නොහැකිව මා එතැනම, ඒ ආකාරයෙන් ම තිරස්ව පොළොවේ දිගා වී නොසැලී සිටියෙමි.

වේදනාවේ අඩුවක් නොදැනුණි.

වාසනාවකට හෝ අවාසනාවකට මා ඇද වැටෙනු කිසිවෙකු දුටුවේ නැත. කොහොමටත් නිවසේ සිටියේ ආච්චී, සීයා සහ නැන්දා පමණි. එසේම කෑ ගසා හෝ ශබ්ද නැගෙන්නට හඬා හෝ මා ඒ බව කිසිවෙකුට දැන ගන්නට ඉඩ තැබුවේ ද නැත.

මද වේලාවකට පසු සිටි තැනින් නැගිට සිටි මා යාන්තම් කොර ඇදමින් ගොස් ඇඳක් මත වැතිර තවත් අඩ පැයක් පමණ නිසොල්මන්ව වේදනාව උසුලාගෙන සිටියෙමි.

මට අද වැටහෙන පරිදි, මගේ ශරීරයේ කිසිදු අස්ථියක් හෝ වෙනත් අවයවයක් හෝ බිඳී නොතිබුණි. ශරීරයේ හැම කොටසක් ම වාගේ දැඩි දැවිල්ලකට ලක් කළ ඒ වේදනාව පැය කිහිපයකට පසු මට දරාගත හැකි මට්ටමේ එකක් බවට පත් විය.

නමුත්, මා පස්ස බිම ඇනෙන ආකාරයට නොව, වෙනත් ඉරියව්වකින් බිම පතිත වූවා නම්, හිස හෝ අත හෝ කොඳු ඇට හෝ ඉල ඇට හෝ බිඳී මා දැඩි රෝගාතුර තත්වයට පත්වන්නට ඉඩ තිබුණු බව මට පසුව වැටහුණි.

මා ලොවි ගසෙන් වැටුණු මෙතෙක් නොකී කතාව එසේ ය.

-රසිකොලොජිස්ට්

(image: https://au.pinterest.com/pin/433401164111641630/)

30 comments:

  1. මදැයි වෙලා තියෙන දෙයක්.
    ඔහොම ගස් පල්ලෙ වැටෙනකොට බිම කෙලින් තියෙන ලී දඬු ඇඟ අස්සෙන් ගිය සීන් පහුගිය කාලෙ පත්තර වල තිබුණ.

    ReplyDelete
  2. LOVI GAHEN VETUNU DAVASEDA MEDAPU KAMISA THUNA NETHI UNE

    ReplyDelete
  3. රතුමය ඉදුණු ලොවි දැකුමත් නෙතට ප්‍රියයි
    රසමය ඒව දුටු කටකට කෙළද උනයි
    දුකමය ලොවි ගහෙන් ඔබ වැටිච්ච් එක ගැනමයි
    පුදුමය ගෙලට අපහසුවක් නොවුණු එකයි.......

    එහෙම වැටුණාම ඇතිවෙන ගැස්සීම බෙල්ලට බලපාන්නේ නැද්ද ?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙම මතකයක් නම් නෑ. කාටවත් කිව්වේ නෑනේ මේ වෙනතුරු.
      කවිය මනරම්!

      Delete
  4. වැටීම කියන්නෙම පාඩමක්... ඊළඟ පාර නොවැටි ඉන්නට

    ReplyDelete
    Replies
    1. අනිවා, එදායින් පසු තාම ගහකින් වැටුනේ නෑ!

      Delete
  5. මේ ලොවි සීරීස් එකේ තව කීයක් විතර තියෙනවද?
    ඒ ටික මග ඇරල එන්න කියල කල්පනා කෙරුවෙ

    ReplyDelete
  6. මතකයන් අවදිකරයි

    ReplyDelete
  7. තවත් හරිම අනුවේදනීය කතාවක් ! දුකේ බෑ !

    ReplyDelete
    Replies
    1. මගේ දුකට මම නොහඬමි, නුඹ කුමකට අඬන්නෙදෝ?

      Delete
  8. මේ ලොවි කතන්දර සියල්ල බැලූවිට පෙනෙන්නේ මුන්නැහේ කියන ගහ හැබෑම ලොවි ගහක් මිසක උගුරැස්ස ගහක් නොවන බවය. උගුරැස්ස ගහේ සතියක් එකදිගට කඩන්නට තරම් ගෙඩි හැදෙන්නේ නැතිවාය. ලොවි නම් බරටම හැදෙන්නේය. අනෙක උගුරැස්ස ගහේ කටු සෑහෙන්න ඇත. පොඩිකාලේ මට කටු ඉඹුල බලන්නට ඕනෑ වී ඒ සඳහා ආදර්ශනයක් ලෙස පෙන්නුවේද උගුරැස්ස ගහකි. කෙසේ නමුත්, ඔයිං ගියා මදැයි.

    ReplyDelete
    Replies
    1. මේ ගස් දෙකම උසින් මීටර් හයක් පමණද, විෂ්කම්භයෙන් මීටර් අටක් පමණ ද වූ විශාල ඒවා විය. ඒවායේ වයස බොහෝ විට වසර පනහක් පමණ වෙන්නට ඇත.

      පසු කලෙක මා දැන ගත්තේ ලොවි ගස් පල වරා කෙමෙන් මිය ගිය බවයි!

      Delete
  9. ජම්බු ගහෙන් වැටෙනවා අසා තිබුනත් ලොවි ගහෙන් වැටීමක් ගැන අදයි ඇසුවේ. ලොවි කඩන රස්සාව රක්ෂණය කර තිබුනා නම් වන්දියක් ගැන ඉල්ලීමක් හෝ කරන්න තිබ්බා ආච්චි හෙවත් සේවා යෝජකයාගෙන්.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස තරමක් වැරදියි.

      ස්ථිර හෝ අනියම් රැකියාවක දී, සේවා යෝජකයා විසින් සේවකයාට නිසි ආරක්‍ෂණ ක්‍රම සැපයිය යුතුයි. අදාල රක්‍ෂණ කළ යුත්තේ ද සේවා යෝජකයා ය.

      සේවා සැපයීම රැකියාවේ යෙදනෙ සේවකයෙකු ලෙස නොව කොන්ත්‍රාත්තුකරුවෙකු ලෙස කරන අවස්ථාවල දී අදාල රක්‍ෂණය ලබා ගත යුත්තේ බොහෝ විට කොන්ත්‍රාත්තුකරුවා ය.

      Delete
  10. //මේ මා කියන්නට යන කතාව නොකී කතාවක් ලෙස නම් කළ හැකිය. නිවැරදිව කියනවා නම්, මෙය මෙතෙක් නොකී කතාවකි.

    මෙය ලියා පළ කළ පසු එය තව දුරටත් නොකී කතාවක් නොව කියූ කතාවක් වෙනු ඇත!//

    ගංජා ගහනවා නම් ඒක පෝස්ට් ලියන වෙලාවෙ නැතුව වෙන වෙලාවක කර ගනින්.

    ReplyDelete
    Replies
    1. ලිපියේ මාතෘකාවෙන් මේ කොටස ද එකතු කර ගන්න!

      /* All revealed, nothing left untold */

      Delete
  11. හපොයි ඕහොම ඒවා වෙලා තාමත් ලාවට තියෙනවා කැලැල් පාරවල්

    ReplyDelete
    Replies
    1. එහෙනම් රස්තියාදුකාරයා නිකැලැල් නෑ!

      Delete
  12. ලොවි යි උගුරස්සයි කියන්නේ වර්ග දෙකක්..උගුරැස්ස ගැහෙ කටු තියෙනවා ..ලොවි ගැහෙ කටු නැහැ .ගෙඩි බරටම තියෙනවා ..උගුරැස්ස කියන්නේ ශුෂ්ක කලාපිය පළතුරක්

    ReplyDelete
    Replies
    1. හැමෝම ඔය වෙනස ගැන කියනවා නමුත් මා කියා ඇති දේ ගැන හිතන්නේ නෑ!

      /* ......අප ලොවි ලෙසින් හැඳින්වූ (නමුත් බොහෝ දෙනා උගුරැස්ස යැයි කියූ) ගස්..... */

      Delete
  13. හැමෝටම නොකීකතා තියෙනවා නේ..
    මීට
    නොකීකතා

    ReplyDelete
    Replies
    1. මේ කතාවේ වෙනස නොකී සියල්ලම කියා දැමීමයි!
      /* All revealed, nothing left untold */

      Delete
  14. ගහෙන් වැටුන වෙලාවේ ගොනෙක් එහෙම ළඟ පාත හිටියේ නැද්ද :)

    //මිදුලේ හොඳින් පලදාව ලැබුණු අප ලොවි ලෙසින් හැඳින්වූ (නමුත් බොහෝ දෙනා උගුරැස්ස යැයි කියූ) ගස් දෙකක් විය// ලොවි ගහයි උගුරැස්ස ගහයි ටැපලිලා වගේ. රසික වැටුන ගහ හැබෑම ලොවි ගහක් මිසක උගුරැස්ස ගහක් නොවෙයි වගේ. උගුරැස්ස (a.k.a. කටුලොවි) ගහ සාපේක්ෂව කුඩායි, පලදාව අඩුයි සහ ගහ පුරාම ලොකු කටුවලින් පිරිලා.

    ReplyDelete
    Replies
    1. හැමෝම ඔය වෙනස ගැන කියනවා නමුත් මා කියා ඇති දේ ගැන හිතන්නේ නෑ!

      /* ......අප ලොවි ලෙසින් හැඳින්වූ (නමුත් බොහෝ දෙනා උගුරැස්ස යැයි කියූ) ගස්..... */

      Delete
  15. ඔය සීන් එකෙන් පස්සෙ වෙන්න ඇති පුක ලෑල්ල උනේ

    ReplyDelete
    Replies
    1. ඒ ගම ගාල්ලේ අයට කියන කතාවක් නේ.

      ගම ගාල්ල පුක ලෑල්ල!

      https://rasikalogy.blogspot.com/2017/04/welcome-back-gadfly.html

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.