Friday 14 April 2017

ඕස්ට්‍රේලියාවේ අනාගතය ලංකාවේ ජ්‍යොතිශ්‍යයෙන් කීම හෙවත් විනෝද සමය - Comedy time in Australia


ඕස්ට්‍රේලියාවේ, විශේෂයෙන් ම මෙල්බරන් නගරයේ, මාසිකව පළ කෙරෙන සිංහල සඟරා කිහිපයක් පිළිබඳව විස්තරයක් මම පෙර ලිපියේ සඳහන් කළෙමි.

එයින් එක් සඟරාවක් වන සිහනද මාසිකයේ මෙවර පළ වී තිබුණු අපූරු ලිපියක් කියවා රස විඳි මට, ඒ ලිපිය අන්තර්ජාලයේ නොමැති නිසා, ඒ රසය විඳ ගැනීමට ඔබට ද අවස්ථාවක් ලබා දීමට සිත් විය.

මද කලකට පෙර ලංකාවේ පුවත් පත් කතුවරයෙක් මට පණිවිඩයක් එවමින්, විදෙස්ගත ලාංකිකයින්ට ඒ ඒ රටවල ඔවුන් ගේ වෘත්තිය සඳහා ඇති පිළිගැනීම සහ එමගින් ලංකාවට සැලසෙන වාසි පිළිබඳව ලිපියක් ලිවිය හැකි දැයි විමසුවේ ය. මා ඒ ආකාරයේ කරුණු අඩංගු ලිපියක් නොලිව්ව ද, මේ පහත පළ කෙරෙන ලිපියෙන් නම්, ලාංකික අපට විදෙස් රටවලට කොතරම් සේවයක් කළ හැකි දැයි මොනවට පැහැදිලි වේ!

මෙන්න ඒ සිහනද ලිපිය.

අපේ කට්ටඬි වෘත්තිකයා මුලින් ම කරන්නේ ඕස්ට්‍රේලියාවේ වත්මන් අගමැති මැල්කම් ටර්න්බුල් ගේ කෙන්දරය පෙන්වා සාමාන්‍යයෙන් අන්තර්ජාලයෙන් සොයා ගත් හැකි අතීත විස්තරයක් ඉදිරිපත් කිරීමයි.



ඊළඟට කට්ටඬි වෘත්තිකයා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තුවේ වත්මන් විපක්‍ෂ නායක බිල් ෂෝටන් ගේ කෙන්දරය පෙන්වා, අප සැම දන්නා පුද්ගලික විස්තර ගෙන හැර දක්වයි.



මේ කට්ටඬි වෘත්තිකයා පවසන ආකාරයට, මැල්කම් ටර්න්බුල් පසුගිය ජූලි මාසයේ රජය පිහිටුවන්නේ ඕස්ට්‍රේලියානු මහජනතාව ඡන්දය දුන් ආකාරය අනුව නොවේ. ටර්න්බුල් ගේ ග්‍රහචාරයේ ඇති යෝගයක් සහ ෂෝටන් ගේ පාප ග්‍රහයන් නිසා ය.

විනෝද සමයේ හොඳම කොටස එන්නේ ඉන් පසුව ය.

මෙන්න අපේ කට්ටඬි වෘත්තිකයා අගමැති ගේ සහ විපක්‍ෂ නායකයා ගේ කෙන්දර ඇසුරෙන් ඕස්ට්‍රේලියාව පිළිබඳ පළකරන අනාවැකි!



රූපවාහිනී ප්‍රවෘත්ති සහ වෙනත් වැඩ සටහන් නරඹන, පුවත්පත් කියවන අපට ඔයිට වඩා ඉතා ප්‍රශස්ත මට්ටමේ අනාවැකි ඉදිරිපත් කළ හැකි වෙනු ඇත!

මෙන්න අපේ කට්ටඬි වෘත්තිකයා පිළිබඳ විස්තර.



ඔහු කරන මේ උදාර සේවය අප සැමට ආඩම්බරයකි. ජයින් ජයිම වේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඉකොනොමැට්ටා බ්ලොග්කරු මේ ලිපිය කියවා ප්‍රතිචාරයක් දක්වතැයි සිතමි!

28 comments:

  1. තාරකා කිසි දෙයක් කීවේ නැත
    නිහඞව දිලිසුනා පමණි
    අනාගතය ගැන කීමට
    තාරකාවට වර්තමානයක් තිබුනේ නැත
    එය විනාශවී බොහෝ කල් ගතවී තිබුනද
    අප දුටුවේ විශ්වය හරහා එන
    එහි ආලෝක ධාරව පමණි
    ශුන්‍ය වූ ස්කන්ධයක
    අතීත පිහිටීම සලකා
    අනාගතය ගැන කියන
    පේන විශ්වාස කරන
    බයින් හැකිලී
    ආත්ම ශක්තිය මොට කරගන්නා මිනිසා
    මරු සිටින දිශාව දෙස නොබලා ,
    රාහු කාලය නිසා
    අත පය බැඳ
    හිස් නුබ කුස් දෙස බලා සිටියි.

    ReplyDelete
    Replies
    1. ඒ තාරුකා ය.

      කේන්දරවල ඉන්නා ග්‍රහලෝක ගැන කියවීම ද බොහෝ දුරට සමාන ය.

      Delete
  2. මෙහෙම පොරවල්වලට ඔය රටවලත් ඉල්ලුමක් තියේ එහෙනං නේද?

    ReplyDelete
    Replies
    1. ඒක නේ නලීන් ලියමු ද ලිපියක්?

      Delete
  3. කවුරුත් දන්නවද ප්‍රවීණ ජෝතිර්වේදී මාතලන්-ප්‍රියන්ත හේවගේ මැතිතුමා මේ ගැන මොකද කියන්නේ කියලා. මොකද මං පිළිගන්නේ එතුමාගේ ජෝතිෂ්‍ය මතය විතරයි. එතුමා කියන එක අහලා ගෝටාබය මහත්තයාට ජන්දේ දෙන්නෙත් මං තීරණය කරලා තියෙන්නේ.

    ReplyDelete
  4. why this idiot has waidya twice in front of his name, is he what they call a double doctor

    ReplyDelete
    Replies
    1. ඉස්සර නම් ඩබල් ඩොක්ටර් කියා කීවේ පීඑච්ඩී දෙකක් තිබුණු ඇන්ඇම් පෙරේරා වගේ අයටයි.

      අද නම් එහෙම කෙනෙකුට ඉන්නේ විජේදාස රාජපක්‍ෂ විතරයි නේද?

      Delete
  5. 1. මැල්කම් ටර්න්බුල්ගේ කේන්ද්‍රයේ හයවන කොටුවේ කේතු සිටිය යුතුය.
    2. ඔහුගේ නැකත උත්‍රපල් විය යුතුය. උනුසල කියා නැකතක් නැත.
    3. බිල් ෂෝටන්ගේ කේන්ද්‍රය තනිකරම වැරදිය. 1967.2.12 දින ග්‍රහ පිහිටීම් මෙසේ විය නොහැක. විකිපීඩියා අනුව ඔහු ඉපදී ඇත්තේ 1967.5.12 දිනය. මේ ග්‍රහ පිහිටීම් එදිනටද වැරදිය. උදේ 10.45ට පමණ ඉර තිබිය යුත්තේ මැල්කම් ටර්න්බුල්ගේ හා රසිකගේ කේන්ද්‍ර වල මෙන් 10 හෝ 11 වැනි දකුණු පැත්තේ ඇති කොටුවකය. රවි (ඉර) හතරවන කොටුවේ තිබිය හැක්කේ ඉර උදාවීමට පැය 6-8 කට පමණ පෙර රාත්‍රී කාලයේය.
    4. කට්ටඩි වෘත්තිකයින් යනු කේන්ද්‍ර බලා පලාපල කියන අය නොවේ. තොවිල්, හූනියම් ආදිය කරන අයයි.
    5. 1-14 අනාවැකි හරියාමට සෑහෙන ඉඩක් තිබේ.

    ReplyDelete
    Replies
    1. 6. ලේඛකයාගේ විස්තර දකින තුරුම හිතුවේ රසවින්දනය පිණිසම ලියූවක් බවයි.

      Delete
    2. 7. බිල් ෂෝටන්ගේ කේන්ද්‍රය ලෙස මෙහි ඉදිරිපත් කර ඇති කේන්ද්‍රය 1954 ඔක්තෝබර් 8 වෙනි දින ලංකාවේ වේලාවෙන් (බටහිර ක්‍රමයට) දවසේ ආරම්භය ආසන්නව (එනම් ඔක්තෝබර් 7 මධ්‍යම රාත්‍රිය ආසන්නව), ලංකාවේ උපන් කෙනෙකුගේ වීමට ඉතාම ඉහළ සම්භාවිතාවක් තිබේ.

      Delete
    3. 8. වඩාත් ආසන්නව මේ වෙලාව 1954 ඔක්තෝබර් 7 ලංකාවේ වේලාවෙන් පස්වරු 10:45 (22:45 පැය) විය හැකිය.

      Delete
    4. අසනීපවිමත්, කලින් යොදාගත් චාරිකාවක යෑමත් නිසා මේ ප්‍රතිචාරවලට පිළිතුරු ලිවීම අතපසු වී ගියා!

      මා මෙහිදී කට්ටඬි කියා ලියා ඇත්තේ උපහාසය පිණිසයි. මේ පුවත්පත් ලිපියේ අන්තර්ගතයෙන් කට්ටඬියෙකුගෙන් සිදුවෙන තරමේවත් සේවයක් ඉටු නොවන බව මගේ අදහසයි!

      Delete
    5. ඉකොනොමැට්ටා-
      පැහැදිළිවම පෙනෙන පරිදි මේ ලිපියේ රචකයා කර තියෙන්නේ කුමක් හෝ සටහනක් සාදා, ඒ ඒ පුද්ගලයා පිළිබඳ ප්‍රසිද්ධ තොරතුරු සටහන් කර ඉන්පසු සමාජ-ආර්ථික-දේශපාලන පුරෝකථන කිහිපයක් කිරීම පමණකි.
      අරමුණ වෙළඳාම සහ බඩ රස්සාව යි!

      Delete
  6. This who can bileve? All this astology lyes. This is fool things totaly do. Astalia people lagfh to this fools suer.

    ReplyDelete
  7. I think sumanadasa gooder than he to go to Austalia and tell more lyse.

    ReplyDelete
  8. මේ වගේ පිහාට්ටෙක් ඔසී ඇවිත් සල්ලි හම්බු කරන්නෙත්, එහෙ ඉන්න උගත් යැයි කියන ලාංකිකයන්ගෙ මිථ්‍යා දෘෂ්ඨිය නිසානෙ. කොහොමත් බුජ්ජාගම්කාරකාරයන්ගෙ මිථ්‍යාදෘෂ්ඨිය වැඩියි, දේවාල ගානෙ, කට්ටඩියො පස්සෙ, කේන්දර සුමනෙලා පස්සෙ දුවන්නෙ උන් තමයි. ක්‍රිස්තියානි හා මුස්ලිම්කාරයො උන්ගෙ දෙවියන්ට දුක කියනවා ඇරෙන්න මේ වගේ ගොන් වැඩ කරන්නෙ නෑ.

    ReplyDelete
  9. ඔය රොබට් කියනවා වගේ මොන හිපාටුවෙක් උනත් ඌ බිස්නස් කරන්නෙ ඌට ඔහේ බිස්නස් තියෙන නිසානෙ. සමහවිට රසිකගෙ නෝනත් දුවගෙ කොටහලුවට එහෙම නැත්නම් බඳින දවසට ඌ ළඟට යයි රශිකට හොරෙන් හරි දැනුවත්ව හරි.

    ReplyDelete
    Replies
    1. රශිකට හොරෙන්???
      රශික දැනුවත්ව, පිස්සුද? මු ඌම තමයි වයිපරේව කාටත් හොරෙන් යවල මුගෙ කේන්දරෙත් බලවගන්නෙ. හික්ස්
      අපි නොදන්න මොණරතැන්න. අම්මප නොදකින් මේ වගේ කාලකණ්ණි දෙබිඩි හාල්පාරුවෝ. ෂික් !

      Delete
  10. ලංකාවෙන් ඔසී ගිය උන් පට්ට ආතල් නේ දෙන්නේ.
    කොහොම උනත් හොඳට ගරනවා ඇති...

    ReplyDelete
    Replies
    1. ලංකාවෙන් ඔසී ගිය උන් ඔක්කොම එකවගේ මහ මොංගල් ඩයල්. අමු පිස්සු රට හොල්මන් ටිකක්.

      Delete
  11. සෑහෙන කාලෙකින් බ්ලොග් එකක් කියෙව්වේ.. මේ වගේ කට්ටාඩි සීයක් හමාරක් හිටිය නම් ආණ්ඩුත් පෙරලයි තමා. නැද්ද හා.. අම්මපා.
    සුභ අලුත් අවුරුද්දක් වේවා කිව්වා!

    ReplyDelete
  12. හුටා..රෙද්දක් ඇඳගෙනද කියල තියෙන්නෙ

    ReplyDelete
  13. ලේ පිපාසිත රාජපක්ෂ මුරුගයා ගේ දුර්දාන්ත පාලනයේ විපාකයෙන් ජිවිත 20 ක් කුණු වලට වැළලී ඇත.

    දුර්දාන්ත රාජපක්ෂ මුරුග පරම්පරාවට හෙන ම වැදියන් !

    ReplyDelete
  14. අසනීපවිමත්, කලින් යොදාගත් චාරිකාවක යෑමත් නිසා මේ ප්‍රතිචාරවලට පිළිතුරු ලිවීම අතපසු වී ගියා!

    කියවූ, ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුතියි!

    ReplyDelete
  15. මේව හොඳයි බත් කන හරක්ට​.. සුමනදාසයා මහින්දට කෙලියා වගේ හඳහන් බලන රටේ වෙදාලා සෙට් එක මිනිස්සුන් ගේ තුට්ටු දෙකට කෙලිනවා.පට්ටපල් බොරු බව දැනගෙනත් සල්ලි දීලා බොරු අහන්න යන උන් බිහි වී ඇති එක් රටක් මේ අම්මටසිරි ලංකාවය​.අම්මටසිරි ලංකාවේ ඉඳලා ලෝකේ මොන රටකට හරි පැනගත්තත් උපන්දා සිට අපේ උන්ට මේ මිත්‍යාව නැතුවම බැරිය​.මුන් නැකත් නොබලන්නේ අහවල් වැඩේ කරන්නට පමණි (පුකෙන් බෙට්ට ඩවුන්ලෝඩ් කිරීම හා මුත්‍රාශය හිස් කිරීම හැර​).ඒ අහවල් වැඩේදී "නැකත් පලවෙන" නිසා වෙන්නට ඇත​

    ReplyDelete
  16. තිලිනගේ comment එක හරි මරු. නැකතට දී තිබෙන පද පෙරලි තේරුම නම තැනට හරියට ගැලපෙනවා.
    'කට්ටඩි උන්නැහේට' මේ ටික දැක්කොත් ග්‍රහ ලෝක කොහොම වෙතත් කව්ද කලින් කියා තිබුනා වගේ 'තරු' පෙනේවි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.