Tuesday 4 April 2017

කෝකටත් තෛලය සහ කෝකටත් දොස්තර - JMHO


පේරාදෙණිය ඉංජිනේරු පීඨයෙන් අධ්‍යාපනය ලබා මැවිසුරු වෘත්තියට සුදුසුකම් ලැබුවේ වුව ද, අපේ සහෘද නොකී කතා බ්ලොග්කරු, මා මිත්‍ර හෙන්රි වර්ණකුලසූරිය, තම වෘත්තීය ජිවිතයේ සෑහෙන කාලයක් ගත කර ඇත්තේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය අතර යැයි සිතමි. මා දන්නා තරමින් ඔහු පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ශ්‍රව්‍ය-දෘශ්‍ය අධ්‍යයන අංශය, ස්වර්ණවාහිනිය සහ ජනතා විමුක්ති පෙරමුණ මගින් එකල පවත්වාගෙන ගිය වී-එෆ්එම් සේවය වැනි ආයතන කිහිපයක ම සේවය කර ඇත.

එනිසා, මාධ්‍ය කටයුතුවලින් මදක් ඈත්ව මැද පෙරදිග රටක මැවිසුරුවෙකු ලෙසින් මෑතක දී සේවය කරමින් සිටි ඔහු, ඒ සේවා කොන්ත්‍රාත්තුව නිම වී ලංකාව පැමිණි විගසම ලයිෆ් ටී වී නම් අලුතෙන් අරඹන්නට යන රූපවාහිනී චැනලයක ප්‍රධාන විධායක නිලධාරී සහ වැඩ සටහන් අධ්‍යක්‍ෂක ලෙස තනතුරු භාර ගන්නට කිසිසේත් ම පැකිළෙන්නට නැත.

එතැන් සිට, ඔහු තම දශක ගණනාවක පළපුරුද්ද ද, ක්‍ෂේත්‍රයේ සගයින් ගේ දායකත්වය ද උපයෝගී කර ගනිමින් අලුත් නාලිකාව සඳහා වැඩ සටහන් නිර්මාණය කිරීම අරඹා ඇත.

පසුගිය දිනවල හෙන්රි වර්ණකුලසූරිය විසින් ෆේස්බුක් හරහා ද, තම නොකී කතා බ්ලොගය හරහා ද ලියා ඇති විස්තරයට අනුව මාස කිහිපයක් ඇතුළත ඒ සියල්ල අවසානයට පත්ව ඇත්තේ, ශ්‍රම දායකත්වය සපයන්නන්ට නියමිත වැටුප් නොගෙවීමේ හේතුවෙනි.

ඒ පිළිබඳ විස්තර දැන ගැනීමට කැමති, මෙතෙක් කියවා නොමැති අය පහත සබැඳි යොදමි.

නොකී කතා මුල් ලිපිය:
ලයිෆ් ටී.වී. අවුලට ඌණ පූරණයක් - https://nokieekatha.blogspot.com/2017/04/blog-post.html

නොකී කතා දෙවෙනි ලිපිය:
ලයිෆ් එකට එරෙහිවූ Life -https://nokieekatha.blogspot.com/2017/04/life.html

ෆේසුබුක් සංවාදය:
https://www.facebook.com/henrywarna/posts/10155092689236683

හෙන්රි වර්ණකුලසූරිය ලියා පළ කර තිබූ විස්තරය කියවද්දී මට හැඟී ගියේ අද ලාංකික සමාජයේ අවගමනයට මුල් වී ඇති එක් කරුණක් සුළු වශයෙන් හෝ මේ අවාසනාවන්ත තත්වයට හේතු වී ඇති බවයි.

තම සේවායෝජකයින් හෙවත් බොස්ලා පිළිබඳව සඳහන් කරන හැම තැනක දී ම හෙන්රි වර්ණකුලසූරිය ඔවුන් ගේ වෘත්තීය නාමය වූ "දොස්තර" යන්න යොදා ගනියි.

"ලයිෆ් ටීවී" චැනලයේ මූලික අරමුණ වූයේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පිළිබඳ වැඩ සටහන් විකාශය කිරීම වුව ද, ව්‍යාපාරයක් ලෙස, සන්නිවේදන මාධ්‍යයක් ලෙස ඒ පිළිබඳ සැලකීමේ දී එහි අයිතිකරුවන් ලබා ඇත්තේ වෛද්‍ය විද්‍යා අධ්‍යාපනයක් ද, ඉංජිනේරු විද්‍යා අධ්‍යාපනයක් ද, කෘෂි විද්‍යා අධ්‍යාපනයක් ද යන්න අදාළ නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.

නමුත්, වාහනයේ ඉදිරිපස ප්‍රදර්ශනය කෙරෙන රථගාල සඳහා වූ අවසර පත්‍රය මෙන් ම, වෛද්‍ය යන නාමයේ ද යම් කිසි අනිසි වැදගත්කමක් ඇති බව පැහැදිලි ය.

විශේෂයෙන් ම සිංහල සමාජයේ කාලාන්තරයක් තිස්සේ පැවත එන මේ එක්තරා ආකාරයක "පසුගාමී පූජනීයත්වය" ගැන හොඳින් දන්නා මේ සමහරු එය තම ව්‍යාපාරික වාසිය සඳහා භාවිතා කරති. ඒ සමගම සෙසු අය එය දැන හෝ නොදැන එයට වසඟ වෙති.

ස්වර්ණාභරණ වෙළෙඳුන් පිරිසක් හෝ අශ්ව රේස් බුකිකරුවන් පිරිසක් හෝ මානෙල් මල් වෙළෙදුන් පිරිසක් හෝ විසින් අරඹන මාධ්‍ය ව්‍යාපාරයක් ගැන සිතේ ඇති වීමට ඉඩ ඇති සැකයක් වෙතොත් එය, විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ පිරිසක් විසින් අරඹන මාධ්‍ය ව්‍යාපාරයක් පිළිබඳව ඇති නොවීමට ඉඩ ඇත.

මේ කරුණ අද හෙන්රි වර්ණකුලසූරිය ද පිළිගත්තේ ය.

මා විශ්වාස කරන ආකාරයට වෛද්‍ය උපාධිය වැදගත් වෙන්නේ එවැන්නෙකු ලියන නවකතාවක්, කවියක් හෝ කලා ව්‍යාපාරයක් සම්බන්ධයෙන් නොව, වෛද්‍ය ක්‍ෂේත්‍රයේ කටයුතුවල දී පමණි!

ආචාර්ය උපාධි ද, මහාචාර්ය වැනි තනතුරු නාම ද පිළිබඳව කිව යුත්තේ ද එය ම ය.

-රසිකොලොජිස්ට්

(image: http://lainehmann.com/sometimes-life-sucks/)

25 comments:

  1. කසාද බැන්දම නම වෙනස් වෙනවනෙ...!

    ReplyDelete
    Replies
    1. ඒ වාසගම නේද? අර විද්‍යාමාණිඛ්‍ය පසුව පුරනන්ද වෙනවා සේ?

      Delete
  2. වෛද්‍ය නාමය,
    වෛද්‍ය තුමාට හොරෙන් ගොඩක් උන් අවභාවිත කරනවා. !!

    ReplyDelete
    Replies
    1. හෙන්රි ගේ ලිපිය කියෙව්වාම ඔවුන් ම අවභාවිතා කරන බව සහ හෙන්රිලා ද රැවටෙන බව තේරෙයි!

      Delete
  3. what about the great author, the psycho the rapist, "Dr." Ruwan Jayathunga

    ReplyDelete
  4. අපේ ගමේ කඩයක් තියනවා. ඒ කඩේ බිස්නස් කාඩ් එකක් තියනවා. විමසීම් යටතේ සඳහන් වන අයිතිකරුගේ නමට යටින්, ඔහුගේ අධ්‍යාපනික සුදුසුකම් කීපයක්ම සඳහන් වෙනවා. ඕක දැකපු මිත්‍රයෙක් කිව්වා ඒ බී.එස්.සී කියන්නේ බැචලර් ඔෆ් සෙලිං කරි-පවුඩර් වෙන්න ඇති කියලා.

    ReplyDelete
    Replies
    1. මගේ මිතුරෙකු ගේ පියා මෙම්බර් ඔෆ් බත්තරමුල්ල බුඩිස්ට් සොසයිටි!

      Delete
    2. මේසන් බාස්ට බඩු සප්ලයි ")

      Delete
  5. දේශපාලකයින් තමන්ව හඳුන්වා ගැනීමේදී ඉදිරියෙන් වෘත්තීය නාමය භාවිතා කරන්නට කැමතියිනේ , දැන් එක ශ්‍රී ලාංකික ගතියක් වෙලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ නෑ චම්පික හෝ ග්‍රේරෝ හෝ එලෙස කරනවා ය කියා!

      Delete
    2. මට දවසක් කෙනෙක් කෝල් කරලා කියනවා, "මම කෝටිපති ව්‍යාපරික ---------------- මගේ යලුවෙකුගේ වැඩක් ගැන උදව්වක් ගන්ඩය් කතා කලේ කියල.

      Delete
    3. කෝටියක් වටින මිනිහෙක්!!!

      Delete
  6. දොස්තර නලින්ද ජයතිස්ස?

    ReplyDelete
    Replies
    1. ඔහු ගේ හෝමෝෆෝබියාව වෛද්‍ය ක්‍ෂේත්‍රයටම කැළලක්. එය ජවිපෙත් අනුමත කරන බවයි පේන්නේ!

      https://rasikalogy.blogspot.com/2017/02/homophobic-doctors.html

      Delete
  7. RASIKOLOGIST LA YANU KUMANA ANSHAYE SPECIALIST LA DA?

    ("RASIKATHWAYE DISODERS" WALATA TREATMENT KARANA DOCTORS LA DA?? :)

    ReplyDelete
    Replies
    1. රසිකොලොජිය යනු රසිකත්වය පිළිබඳ විද්‍යාවයි.

      බයොලොජි, ජියොලොජි, ක්‍රිමිනොලොජි, සෝෂියෝලොජි සේ ම ය!

      Delete
  8. පළමු කොට මේ ප්‍රශ්නය වඩාත් පුළුල් වපසරියක සමාජගත කරන්නට රසිකගේ මේ සටහන හේතු වනු ඇති හෙයින් රසිකොලොජි බ්ලොගයට ස්තූතිවන්ත වෙමි.

    පෙර අත්දැකීම් හේතුවෙන් යළි මාධ්‍ය ආයතන හා සම්බන්ධ නොවීමට සිතා සිටියද (2007න් පසු සම්බන්ධ නොවූයේ එබැවිනි.) රසික හරියටම කියන ආකාරයට මා මේ උගුලට හසුවූයේ " දොස්තර" පට්ටම විශ්වාස කළ බැවිනි. කිසියම් මට්ටමක ගරුකටයුතු රැකියාවකැයි මා විශ්වාස කරන දොස්තරලා අවංක චේතනාවෙන් මේ මාධ්‍ය ක්ෂේත්‍රයට එක් වන්නේ යැයි සිතීම මා කළ වරදයි. ඔවුන් මට හඳුන්වා දුන්නේ දන්නා ඉංජිනේරුවෙකු නිසා වැඩි දුරටත් මේ දොස්තරලාගේ කල්ක්‍රියා සොයා නොබැලීමත් වරදක්. නැත්නම් මීට පෙර දෙවතාවක් (දොස්තර) බංඩාර මාධ්‍යවේදීන්ට පොලු තිබූ බව දැනගන්නට හැකි වෙනවා.

    මේ උගුලේ හසුවීම නිසා මට මුදලින් ලක්ෂ ගාණක් මෙන්ම වටිනා කාලයත් අපතේ ගියා. ඒ නොගෙවූ වැටුප් මෙන්ම ගෙවී ගිය මාස කිහිපයේ වෙනත් වෘත්තියකට සම්බන්ධ නොවීමේ පාඩුවයි. මගේ මීළඟ නවකතාව ලිවීමත් පසෙකට තැබුවේත් ලයිෆ් චැනලය වෙනුවෙනුයි.

    වෘත්තීය පළපුරුද්ද හා පුද්ගල සම්බන්ධතා මත රැකියාවක නියැලීම මට එතරම් අපහසුවක් නොවූවත් මා සේවයට බඳවා ගෙන රැකියා අහිමි වූවන් වෙනුවෙන් නීති ක්‍රියාමාර්ග ගැනීමටත්, ඔවුන්ට සාධාරණයක් ඉටුවනු වස් සටන් කිරීමටත් මා පැකිළෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මිනිසුන් නරක මිනිසුන් සහ හොඳ මිනිසුන් යයි අති සරලව කොටස් දෙකකට බෙදිය හැකි ය. ඒ වෙන් කිරීමට කිසිසේත් ම අදාල නොවෙන්නේ ඒ මිනිසුන් සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු හැදෑරූ විෂයයන් ය!

      Delete
  9. පහුගිය දවසක දැක්ක වෙඩින් කාඩ් වලත් ඔය විදිහේ අධ්‍යාපන සුදුසුකම් දාල තිබුනා.. මුස්ලිම් කෙනෙකුගෙ දැක්කෙ.පස්සෙ අහල බලපුවාම තියන ඩිග්‍රි ඩිප්ලෝමා ඔක්කොම දාන තරමටලු නම්බුව වැඩි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සමහරුන් ගේ B.A., L.L.B. යන්න පේන්නේ ම B.A.L.L.A කියායි!

      Delete
  10. මේ සිදුවීම් දිහා බැලුවම පේන්නේ හෙන්රි අයියා මේ වලේ වැටිලා තියෙන්නේ "දොස්තරලා" ගැන ඕනෑවට වඩා විශ්වාස කරලා තියෙන නිසා.හැබැයි පසුගිය කාලයේ සිදුවීම් අනුව "දොස්තරලා" තරම් අනික් වෘත්තිකයන්ගේ විශ්වාසයේ කඩවීමක් නැති බවයි.

    ReplyDelete
    Replies
    1. කොන්දොස්තරලාට නම් එදත් අදත් ජනතා ප්‍රසාදය එක සේ ය.

      Delete
  11. රසික හැමදාමත් මේ කරුණ අරබයා සටන ගෙන ගියා....

    ReplyDelete
  12. රසික මොකද හිතන්නේ ආචාර්ය පට්ටම තිබීම නිසා අතිබහුතරයක් ඩොට්ට ඩොට්ට කියමින් සමාජජාල වල පවා ඔවුන්ව අමතන එක ගැන...

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.