Wednesday, 12 April 2017

ඕස්ට්‍රේලියාවේ සිංහල ප්‍රකාශන - Sinhala language publications in Australia


ඕස්ට්‍රේලියාවේ වැඩිම සිංහල ජනගහනයක් වෙසෙන්නේ මෙල්බර්න් නගරය ආශ්‍රිතව ය. මා දන්නා පරිදි, එහි සිංහල සඟරා හතරක් මාසිකව පළ වේ.

ඉන් මූලික ස්ථානය ගන්නේ ජගත් ජේ. එදිරිසිංහ ගේ උපදේශක කතෘත්වයෙන් යුතුව දැන් වසර දොළහක් තිස්සේ පවත්වාගෙන යන සන්නස සඟරාවයි. එහි මුද්‍රිත සියලුම පිටපත් පහත සංරක්‍ෂිත අඩවියෙන් කියවිය හැකි ය.

http://sannasa.sinhalajukebox.org/

සන්නස සඟරාව ආරම්භයේ සිටම වාගේ මම ඒ සඳහා ලිපි සැපයීමි. මා පසුව ග්‍රන්ථයක් ලෙස මුද්‍රණය කළ, "සිව් වසරක් මරදානේ" නම් කෘතියේ අඩංගු වුණේ මා සන්නසට සඟරාව සඳහා ලියූ "පමා නොවී එමි අකුරට" නම්, මා දහවෙනි ශ්‍රේණිය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වී, පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යන තුරු ගත කළ සිව් වසරක අත්දැකීම් සහිත තීරු ලිපි එකතුවයි.

ඉන් අනතුරුව මම, සන්නස සඟරාව සඳහා "කුමර දිවිය" නමින් තීරු ලිපි දාහතක් රචනා කළෙමි.

මා මේ දිනවල සන්නස සඳහා ලියන්නේ "අපේ කාලයේ කතන්දර" නම් තීරු ලිපි මාලාවකි. මෙවර පළ වුණේ එහි විසි හත්වෙනි කොටසයි.

මීට අමතරව මම, "අල්ලපු ගෙදර" නමින් ද, "සිනුවර හසුන" නමින් ද, සන්නස සඟරාව සඳහා තීරු ලිපි ලියා ඇත්තෙමි.

සන්නස සඟරාව ඇරඹීමට දෙවසරකට පමණ පෙර මෙල්බර්න් නගරයේ ම උපත ලැබූ සඟරාවක් ද වේ. එය නමින් "පහන" නම් වේ. මේ සඟරාව ඇරඹුණේ ද ජගත් ජේ එදිරිසිංහ ඇතුළු පිරිසක ගේ කතෘත්වයෙන් වුව ද, එහි අයිතිය පසුව ව්‍යාපාරිකයෙකු සතු විය.

මාසික ප්‍රධාන කලාපයට අමතරව මාසයේ මැද ද කලාපයක් නිකුත් කරන පහන සඟරාවේ වෙබ් අඩවිය පහත දැක්වේ. ඔවුන් ගේ පෙර කලාප අන්තර්ජාලයේ කියවීමට තිබේ යැයි නොසිතමි.

http://www.pahana.com.au/

පහන පුවත්පතට මා කළ සඳහන් කළ යුතු සම්මාදම නම්, "කොලු කාලේ" නම් ලිපි විස්සකින් සමන්විත වසර 2010 මැද සිට ලියවුණු තීරු ලිපි මාලාවයි. මා එය ලියූවේ, මෙල්බර්න් නුවර වෙසෙන ජ්‍යෙෂ්ඨ සිංහල ලේඛකයෙකු වන දොන් බෝල්ඩ්වින් කුරුප්පු සහ එකල මෙල්බර්න් නුවර වාසය කළ ලේඛිකාවක වූ හේමමාලා හේරත් ගේ ඉල්ලීම පිට ය.

මීට අමතරව මා දන්නා පරිදි මෙල්බර්න් නගරයේ පළවෙන මාසික සඟරා දෙකක් වේ.

ඉන් පළමුවැන්න නම්, සාමන්ත තැන්නගේ විසින් සංස්කරණය කෙරෙන "කැඩපත" නම් සඟරාවයි. එහි වෙබ් අඩවිය මෙලෙස වේ.

http://kadapatha.com.au/

දෙවැන්න නම් විල්ෆ්‍රඩ් සිරිවර්ධන ගේ කතෘත්වයෙන් මෙල්බර්න් සිංහල සඟරා අතරට මීට වසර එකොළහකට පමණ පෙර ඇතුළත් වී ඇති "සිහනද" සඟරාවයි. ඔවුන් ගේ වෙබ් අඩවියක් නම් තිබේ යැයි මම නොසිතමි.

මේ සඟරා සියල්ල මුද්‍රණය කර ප්‍රධාන වශයෙන් කුළුබඩු කඩ හරහා සහ පන්සල් වැනි වෙනත් පොදු ස්ථාන හරහා බෙදා හැරෙන්නේ නොමිලයේ බව ද කිව යුතුය. ඒ සඟරා අතුරෙන් පහන, සන්නස සහ සිහනද සිනුවර දී ද ලබාගත හැකිය.

මීට වසර විසි හතකට පෙර සිනුවර දී පිහිටවූ "සිංහල සංස්කෘතික හමුව" විසින් "සිංහල" නමින් ත්‍රෛමාසික සඟරාවක් වසර 2001 දී පමණ සිට පළ කෙරුණු නමුත්, දැන් එය අභාවයට ගොස් ඇත!

මම වසර 2005 නොවැම්බරයේ සිට 2008 ඔක්තෝබර දක්වා එහි සංස්කාරක ලෙස ස්වේච්ඡා සේවය කරමින් සඟරා කලාප දොළහක් එළි දැක්වූයෙමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
තවත් සොය බැලීමේ දී, "සියපත" නමින් මාසික සඟරාවක් ද, "සංචාරකයා" නම් සංචාරක සඟරාවක් ද මෙල්බර්න් නගරයේ පළ වෙන බව ආරංචි විය.

9 comments:

  1. Replies
    1. Anonymos
      Dont tell bad derty things. Rasika sis good brane man. You put your finger to your back side.

      Delete
  2. රසිකොලොජිස්ට්,

    සිංහල බ්ලොග් ලියන්නන් එකෙක් දෙන්නෙක් ඉන්නව බ්ලොග් පෙරේතයෝ. උන් හිතං ඉන්නෙ උන් උසස් උන් ලියන හැම දෙයමත් හැම කුනුහබ්බයමත් උසස් කියල.

    උන් තමන් ගේ හීනමානය නැතිකරගන්න කැමති නැහැ. ඒකනේ අවුරුදු 25ක් 30ක් පරණ අවලංගු උන සහතික තවමත් පෙන්වන්නේ. ������..

    ඒකනේ පිට රට ඉඳලත් අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක් නැති භාෂාවකින් ලියවුනු ඒ වගේම පිලිගැනිමක් නැති උත්සවයකින් දෙන ලබ්බක් ගන්න දුවන් එන්නේ.

    බලපන් ඔය වගේ මිනිස්සු ඒ උත්සව වලට අනිත් මිනිස්සුන්ට වඩා කැපී පේන්න කියල ගොන් විදිහට ඇඳලා එන හැටි..?? එහෙම හැසිරෙන්නේ ඒ රටවල සමාජ පිළිගැනීමක් නැති උදවිය.

    මට හිතෙන්නේ මේක ආර්ට් එකක් කියලා. හොඳම බ්ලොග් පෝස්ට් එක ලියන්නා, කමෙන්ට්කරුවා හා මනා සංවාදයක් මෙන්ම තවත් සංවාදකරුවන්, තම අඩවියට වඩම්මාගත හැකි සංවාදකරුවෙක් විය යුතුය.

    "මම පොර..! මම ලිව්වා..තොපි කියවපන්" කියලා හිතපු කාලේ පහුවෙලා ගොඩක් කල්ය. යමක් රඳා පවතින්නේ එහි පදනම වඩාත් යතාර්තවාදී වුනොතින් පමනි.

    මේ ගැන ලියන්න ගියොත් එය ශාස්ත්‍රීය ලෙවල් එකට වැටෙන්නත් පුලුවන. හරක් ගෙන් ගොම මිසක් බිත්තර ලබා ගත නොහැක !

    ReplyDelete
    Replies
    1. Today most goodest blog writer is Parakum jayasinghe. No doute there. Mathalan, Atampahura, Halapa frend good blog writers too.

      Delete
  3. AnonymousApril 12, 2017 at 10:56 PM
    මේ රෂියන් ඩිග්‍රි කාරයො දන්න රිසර්ච් රසික....


    AnonymousApril 13, 2017 at 1:44 AM
    මේ වගේ දේවල් විශ්ලේෂණය කිරීමේදී සොලිඩ් ෆැක්ට්ස් නැහැ. ඇසම්ෂන්ස් උඩ තමයි කතා කරන්න වෙන්නේ.

    අනික් අතට, මේවගේ දී විතරක් නෙවෙයි. ලිංගාශ්‍රිත බෝවන රෝග ගැන පවා සාකඡ්චා බොහෝ විට එහෙමයි. ඔවුන් සිතන ඔවුනට රෝගය වැලඳුනේ අසුවල් පුද්ගලයා සමග ඇසුරෙන් කියා. ඒ මත තමයි බොහෝ දත්ත පදනම් වෙලා තිබෙන්නේ.

    රුවන් ලියා තිබෙන මෙවැනි සිදුවීම් කතා කරන්නට වෙන්නේ කොහොමත් මේ විදියට තමයි. සංඛ්‍යාන දත්ත ඇත්තේ නෑ විශ්ලේෂණය කරන්න. අනික මේක බ්ලොග් එකක් මිසක් ජර්නලයක් නෙවෙයි නේද ?

    මගේ අත්දැකීමත් අසා ඇති බොහෝ සිදුවීමුත් රුවන් ගේ අත්දැකීම සමග එකඟ වෙනවා.

    අන්ද්‍රේ සකරෝෆ් වගේ අයත් රෂියන් කාරයෝ තමයි. රෂියන් ඩිග්‍රී ඉන්දියන් ඩිග්‍රී කාරයොන්ගේ එහෙම අවුලක් නෑ. මිනිහෙකුගේ පළමු උපාධියෙන් ඒ මිනිහගේ රිසර්ච් ගැන මනින්න පුළුවන් ද ?


    AnonymousApril 13, 2017 at 2:17 AM
    //නිහෙකුගේ පළමු උපාධියෙන් ඒ මිනිහගේ රිසර්ච් ගැන මනින්න පුළුවන් ද // hik....

    // // කළා උපාධිධාරීන්බොහෝ දෙනෙකු ග්‍රාමීය පසුගාමීත්වය හිසේ දරාගෙන විශ්ව විද්‍යාල වලට පැමින හීනමානය හා සමාජ වෛරය නිසා නවක වධ වලට අනෙකුත් සිසුන් ලක් කොට තිබෙන සහාසික මානසිකත්වයෙන් යුතු පිරිසක් බව // //


    අයියා එතකොට කලා උපාදි ගැන මේ රශියන් ඩිග්‍රි මහත්තයා කියල තියන එව්වා කෝමද....

    මිනිහෙක් ගෙ ඩිග්‍රි එකෙන් ඒ මිනිහගෙ මානසික මට්ටම මනින්න පුළුවන්ද?


    AnonymousApril 13, 2017 at 2:24 AM
    මෙහෙම වෙන්න බැරිද.... හීනමානෙ වහගන්න ඉන්ග්‍රීසි විද්දට... ප්‍රා. ලේ. දැනගත්තා රුවන් රශියන් ඩිග්‍රි කාරයෙක් කියලා....පොරට ශුවර් නැති උනා මේ යකා ලමයින්ට මොනවා දෙයිද කියලා.... පොර වැඩේ බකල් කරා....

    ReplyDelete
    Replies
    1. මේ රුවන් ජයතුංග නම් අමු පිස්සෙකි. මේ හාදයා මොනමගුලක් වත් දන්නේ නැත. මෙයාගේ බ්ලොග් එකේ කොමෙන්ට් කාරයෝද ඊට නොදෙවැනිය. එම නිසා මේ කාරන පැහැදිලි කරමි.

      ලංකාවේ රාජ්ය සේවයේ වැඩකටයුතු නිසියාකාරව බෙදා තිබේ. (වැඩ නොකරන එක වෙනම දෙයකි). වැක්සීන් දීම හා අදාල කටයුතු අයත් වන්නේ MOH හා ප්රදේශයේ මිඩ් වයිෆ්ටය. ඒවාට අදාල නිසි ලිපි ලේඛන පුරවමින් සීරුවෙන් කලයුතු දෙයකි.

      ග්රාමසේවකලා මේ සේවා නොකරන අතර ඔවුන් එය දන්නේ නැත. වැක්සීන් කටයුතු වලට ග්රාමසේවකලා යොදා ගැනීම බල්ලාගේ වැඩය බූරුවාට බාරදීම වැනිය. ප්රා.ලේකම් මේවා දන්නා නිසා මග ඇර යන්නට ඇත.

      උදාහරනයක් හැටියට ග්රාමසේවකලා කරන චන්ද කාඩ් බෙදීම මිඩ්වයිෆ්ට පුලුවන්ද? චන්ද කාඩ් බෙදන්නට මිඩ්ව්යිෆ්ලාට කතා කරන්නේද නැත.
      මේ මලමගුල් වලට ඉංග්රීසිවල සම්බන්දයක් නැත. හැරත් ලන්කාවේ අයියලාගේ ඉංග්රීසිය මහලොකු බක්කක් නොවේ. මේ මොකුත් නොදැන කොමෙන්ට් කරන අයට අපට කියන්නට තිබෙන්නේ "අබ සරනයි" කියාය.

      Delete
  4. පැරණි ලංකාවේ පැවතියේ වැඩවසම් සමාජ ක්‍රමය යි. මෙම ක්‍රමය යටතේ සුළු පිරිසක් වූ උසස් වංශිකයනට දණ නමා නමස්කාර කිරීම වැඩි පිරිසක් වූ කුල හීනයනට කරන්නට සිදු විය.

    බ්‍රිතාන්‍යයන් විසින් 1815 දී මුළු දිවයින ම ඔවුන්ගේ අධිරාජ්‍යයට නතු කර ගෙන වැඩවසම් සමාජ ක්‍රමය 1833 දී අහෝසි කර දැමිණි. ඉන් පසු උසස් වංශිකයනට පමණක් විවෘත වූ දෙපොළ අයිතිය සහ වෙනත් ආර්ථික කටයුතු සමාජයේ පහළ මට්ටම්වල ජනයාට ද විවෘත විය.

    බ්‍රිතාන්‍යයන් විසින් සිදු කළ මේ මහා සමාජ පෙරළිය නිසා 19 වන ශත වර්ෂය අවසාන වන විට සිංහල රජුන් යටතේ සිටියාට වඩා ඉහළ සමාජ තත්ත්වයක් භුක්ති විඳීමට එකී කුල හීනයට හැකි විය.

    එකල කුල හීන යැයි සම්මත වී තිබුණු පවුල් සමහරක් මේ වන විට ලංකාවේ සුපිරි ධනවතුන් වී තිබේ. සමාජයේ පහළ මට්ටමක සිටියද, සුපිරි ධනවතුන් වීමට නොහැකි වූ අය රැකියා කරති. මෙවැනි අයට දැන් අවශ්‍ය වී ඇත්තේ ශතවර්ෂ ගණනාවක් තිස්සේ සිංහල රජවරුන් සහ උසස් වංශිකයන් අතින් පෑගීමකට පත් වීමට සිදු වූ කාරණාවෙහි "ඇරියස්" ගැනීමට ය. එබැවින් මොවුහු කා ලවා හෝ වන්දවා ගෙන මෝඩ චූන් එකක් ගනිති. ඇතැම් කුලහීනයින් වාසගම් වෙනස් කොට ඔස්ට්‍රේලියාව වැනි රටවලට සංක්‍රමණය වී එහි සිට සිය හීනමානය බ්ලොග් හරහා මුදාහරිනු පෙනෙයි.

    නැවත සිංහල රජෙක් ප්‍රතිෂ්ඨාපනය කළ යුතු යැ යි කියන අයට කීමට ඇත්තේ: ඔව්, එහෙම කරමු, නමුත් පැරණි කුල ක්‍රමය ද ඒ සමඟ ම පිහිටුවා, උසස් වංශිකයනට පමණක් සියළු වරදාන ලබා දී, අනෙක් අයගෙන් රාජකාරි ක්‍රමය යටතේ නොමිළේ වැඩ ගනිමු කියා ය.

    ReplyDelete
  5. ඕස්ට්‍රේලියාවේ සිංහල ප්‍රකාශනfha සිංහල වැරැදිනෙ.
    අළුත් අවුරුද්දක් පැතුවම අළු (හළු) වෙන්නනෙ පතන්නෙ. අනෙක සුබ හෝ ශුභ තමයි ගැලපෙන්නෙ. "සුභ" කිව්වම එළහරකයි මී හරකයි වගේ.
    සුබ අලුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
  6. @ All

    දින කිහිපයක් අසනීපව සිටි නිසා ද, ඒ අවසානයේ නිවසෙන් බැහැරව දින තුනක් ගත කිරීමට සිදුවුණු නිසා ද, මේ ලිපියට ලැබුණු ප්‍රතිචාර සඳහා පිළිතුරු ලිවීමට නොහැකි විය.

    ඒ පිළිබඳව මගේ කණාගාටුව පිළිගන්න.

    කියවූ, ප්‍රතිචාර දැක්වූ සැමට ස්තුතියි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.