Friday 7 April 2017

පිරිමින් ගේ අවයව සඳහා යොදා ගත හැකි උපමා කවරේද? - Pot belly and what else?


මේ උපමා උපමේය අසා තියෙනවා නේද?
මුහුණ සඳ වගේ ය.
දෙතොල් නා දළු වගේ ය.
පියයුරු රණ තිසරුන් වගේ ය.
කෙස් වැටිය වලාකුළක් වගේ ය.
බෙල්ල හක්ගෙඩියක් වගේ ය.
උකුල කරත්ත රෝදයක් වගේ ය.
ඇස් දෙක නිල් මානෙල් වගේ ය.
කාන්තා සිරුරේ විවිධ අවයව කොටස් වර්ණනා කිරීමට විශේෂයෙන් ම, පැරණි සිංහල සාහිත්‍යයේ ද, කොළඹ යුගයේ සෞන්දර්යාත්මක කවියේ ද, විවිධාකාර උපමා උපමේය භාවිතා කර ඇති බව අපි දනිමු. මේ වර්ණනා බොහෝ විට අති ශෘංගාරාත්මක අදහස් ජනිත කරවන ආකාරයේ ඒවා ය.

බෞද්ධ භික්‍ෂූන් විසින් රචනා කර ඇති ග්‍රන්ථවල පවා මේ ආකාරයේ ශෘංගාරාත්මක කාන්තා වර්ණනා සුලභව දකින්නට ඇත.

එවැනි කාන්තා රූප සම්පත්තිය වර්ණනා කෙරෙන නිර්මාණ බිහිවීමට හේතුව නම්, ඒ පුරාණ සාහිත්‍ය කෘති රචනා කර ඇත්තේ පිරිමින් වීම බව අමුතුවෙන් කිව යුතු නැත. තොටගමුවේ ශ්‍රී රාහුල වැනි බෞද්ධ භික්‍ෂූන් ද අවසාන විග්‍රහයේ දී පිරිමින් ය.

ඒ හේතුව නිසා ම, එනම්, වෙනත් ආකාරයකට කියනවා නම්, පුරාණයේ සාහිත්‍යකරණයේ යෙදුණු කාන්තාවන් නොසිටි නිසා ම, පිරිමින් ගේ රූප ස්වභාවය උපමා උපමේය යොදා ගනිමින් වර්ණනා කෙරෙන අවස්ථා සාහිත්‍යයේ දක්නට නොලැබෙන තරම් ය. ඒ සමගම අපේ පැරණි සිංහල සාහිත්‍යකරුවන් අතර සමකාමීන් නොසිටීම හෝ ඔවුන් ඒ බව හෙළි නොකිරීම ද මෙයට හේතු වන්නට ඇතැයි අනුමාන කළ හැක.

මීට වසර දහයකට පමණ පෙර කාලයක, සිනුවර පැරණි සිංහල සාහිත්‍යය පිළිබඳව සම්මන්ත්‍රණයක් පැවැත්විණි. පැරණි ගද්‍ය පද්‍ය කෘති පිළිබඳව සාරගර්භ දේශනවලින් සමන්විත වුණු මේ සමන්ත්‍රනයට සම්පත්දායකත්වය සපයන ලද්දේ මේ ප්‍රදේශයේ වාසය කරන මැදි විය පසු කරමින් සිටින සාහිත්‍යධරයන් සිව් දෙනෙකු විසිනි.

එදින ඒ වැඩසටහන මෙහෙයවීමේ කාර්යය භාර වී තිබුණේ මට ය.

සම්පත් දායකයින් විසින් විවිධ සාහිත්‍ය ක්‍ෂේත්‍ර පිළිබඳව පැවැත්වූ දේශනවලින් අනතුරුව එළැඹියේ සභාවේ සිටි සාහිත්‍යකාමීන් ගේ ප්‍රශ්න ඇසීමේ වාරයයි.

මෙහිදී සභාවේ සිටි එක් කාන්තාවක ප්‍රශ්නයක් යොමු කරමින් මා මේ සටහනේ මුල් කොටසේ දී ඉඟියක් දුන් ප්‍රශ්නය, එනම්, පැරණි සිංහල සාහිත්‍යයේ පිරිමින් ගේ රූප ස්වභාවය වර්ණනා කෙරුණේ කවර උපමා උපමේය උපයෝගී කොට ගෙනදැයි විද්වත් මණ්ඩලයෙන් විමසන ලදී.

එයට පිළිතුරු දෙන්න උත්සාහ කළ විද්වත් මණ්ඩලයේ එක් අයෙකු පවසා සිටියේ පිරිමින් ගේ උරහිස්වල පළල් බව පැරණි සාහිත්‍ය කෘතිවල දී වර්ණනාවට ලක් වී ඇති බවයි.

ශාලාවේ ඉදිරිපසින් ප්‍රේක්‍ෂකාගාරය දෙසට මුහුණ ලා වාඩි වී සිටි විද්වත් මණ්ඩලයේ සිව් දෙනාට පිටුපසින් ඒ මොහොතේ සිටි මට, ඒ ප්‍රශ්නයට වඩාත් ගැලපෙන පිළිතුරක් පැහැදිලිව පෙනුණි.

ලෙක්ටර්නයේ මයික්‍රෆෝනය අසලට ගිය මම මෙසේ පැවසුවෙමි.

"අතීතයේ දී සාහිත්‍ය කෘතිවල කාන්තාවන් ගේ මුහුණ සඳට සමාන කර තිබුණු බව මා දන්නා නමුත් පිරිමින් පිළිබඳව එවැනි උපමා භාවිතා වුණු බව මා නම් අසා නෑ. නමුත් මේ විද්වත් මණ්ඩලය දෙස පිටුපස සිට බලා සිටි මට නම් ඔවුන් ගේ සිරුරේ කුමන කොටස සඳට සමාන කළ යුතු ද යන්න ගැන ඉතා පැහැදිලි වුණා!"

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඇත්තට ම, පිරිමින් පිළිබඳ යොදා ගත් හැකි සාහිත්‍යමය වර්ණනා, උපමා තිබේ නම් ඒ මොනවා ද?

(https://www.flickr.com/photos/28851808@N07/2694783321/lightbox/)

41 comments:

  1. මෝඩයා..

    ReplyDelete
    Replies
    1. The best comment I've seen in this blog.

      Delete
    2. මේ බ්ලොග් එකේ නෙවෙයි සමස්ත බ්ලොග් ලෝකයේම පල වූ හොඳම කොමෙන්ටුව. කවදාවත් කාටවත් ඒකට උත්තර දෙන්න බෑ. ඒ තරම් විශිෂ්ටයි.

      Delete
    3. ඇනෝනිමස්ලා මෝඩයෝ ය?

      Delete
  2. //කෙස් වැටිය වලාකුළක් වගේ ය.// මොණර පිල් වගේ කියල නම් අහල තියෙනවා.. වලාකුළු වගේ කියල දීල තියෙනවා දැකලම නැද්ද කොහෙද.. නළල අඩසඳ වගේ කියන්නෙත් කාන්තවන්ගේම නේද?

    නහය කැවුම වගේ කියල 'වර්ණනා කරා' කුස රජ්ජුරුවන්ගේ නම්..

    ReplyDelete
    Replies
    1. මේඝ සේ කේසා වේ - ඇගේ ග්‍රීව සක්‌සේ වේ

      Delete
    2. සමහර කාන්තාවන් ගේ කෙස් පෝනියන් ගේ වලිගවලට ද සමාන කෙරේ!

      Delete
  3. තව තියෙනවා.
    පුක ලෑල්ල වගේ.
    පුක මැස්සො බීල වගේ.
    එතකොට තොටගමුවේ රාහුල කිව්ව 'නැක පූ නන් තෑ' කියල.
    මූණ අපායට හෙන ගහල වගේ

    ReplyDelete
    Replies
    1. ගම ගාල්ල
      පුක ලෑල්ල

      කියා කතාවක් නම් අසා තිබේ!

      Delete
  4. පිරිමින්ගේ අත් නං යම් යම් රළු දේවල් අරගෙන උපමා කරනව වගේ මතකයි. ඒ හැර වෙන දෙයක් නං මතක නෑ. හැබැයි ශුංගාර සාහිත්‍යෙය් නං වම්බොටු වගේ දේවල් උපමාවලට අරගත්ත අවස්ථා දැකල තියනව. අනිත් කාරණාව තමයි පුරුෂ මූලික සමාජයේ ස්ත්‍රී අංගවලට මිසක් අපේ ගැජට්වලට උපමා ඕන නෑ නෙව!

    ReplyDelete
    Replies
    1. මා ලියේ කියා ඇති පරදි එයට හේතු දෙකකි.

      1. පුරාණ සාහිත්‍යකරුවන් සියළු දෙනාම පිරිමින් වීම
      2. ඔවුන් අතර සමකාමීන් නොසිටීම හෝ සැඟවී සිටීම

      ගජමන් නෝනාවත් පිරිමි ගැන වර්ණනා කරලා කවි ලියලා නෑ වගෙයි!

      Delete
  5. BAMBARA WAGE WISE KAARAYA
    MAMA DEMBARA WAGE GANAN KAARAYA
    SMANALAYA WAGE HARI HADA KAARAYA
    MEE MASSA WAGE HARI WADA KAARAYAA

    https://www.youtube.com/watch?v=pNHf0wnP5Cw

    ReplyDelete
    Replies
    1. හැබෑමයි! මේ පරණ කැපිටල් අංකල් ම ද?

      Delete
    2. YES MACHAN! KAKKA'S BEST FOLLOWER.

      Delete
    3. පිරිමින් පිළිබඳ යොදා ගත් හැකි සාහිත්‍යමය වර්ණනා, උපමා තිබේ නම් ඒ මොනවා ද?

      Delete
    4. SINHALA SUNGAARA SAAHITHYA OTTU DA?

      Delete
  6. රජවරු වර්ණනා කරන්න ලියවුණු ප්‍රශස්ති ගී වල වත් නැද්ද?

    ReplyDelete
    Replies
    1. Nothing here as well-

      ආයුබෝ වේවා! මහරජාණනී!

      සිව්මහ බඹුන් දුන් විවරණින්
      අපටත් රජෙක් පහළව ඇතේ
      ඒ මහ රජුන් පෑ පෙළහරින්
      මේ දෙරණ එක්සේසත් කළේ

      ආයුබෝවේවා... මහරජාණෙනි

      යාපා පටුන උතුරින් - දකුණින් දෙවුන්දර තුඩුවෙන්
      නැගුණු දුක්සෝසුසුම් නිවමින් සමගි බල මහිමෙන්
      දෙස් විදෙස් අභියෝග බිඳ හළ මහරජාණෙනි

      ආයුබෝවේවා මහරජාණෙනි

      නැගෙනහිර අබිමන් සුපසන් උදානය ගෙන දුන්
      උතුරුකරයට වසන්තය දී දෙරණ දිනු දෙවිඳුන්
      දෙස් විදෙස් ඇස් මවිත කරවයි මහරජාණෙනි

      ආයුබෝවේවා මහරජාණෙනි

      Delete
  7. මොරෙයියා දණ්ඩක් සේ වූ පුරුෂ ලිගුව

    - හැලපයා විසින් සොයාගන්නා ලදි-

    ReplyDelete
    Replies
    1. යකඩේ වගේ වික්කේයකඩේ වගේ

      Delete
    2. මොරෙයියා කියන්නේ ගහකින් එන පැලයකට නේද?
      කෙසෙල් වැනි?

      Delete
  8. ආරෝහ පරිනාහ දේහය, අයෝමය දෑත, තියුණු දෑස, සිහින් තදින් පියවුනු තොල් සඟල,අක්බඹරු කොණ්ඩය .... ඔව්වනෙ නේද සාමාන්‍යෙන් කියන්නෙ.කෙලින්ම කියනවා මිසක් උපමා කරල නම් නෑ තමා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. පුරා සඳවන් තට්ටය විතරයි මං දන්න එකම උපමාව!

      Delete
  9. කඩුගන්නා කුලුන

    ReplyDelete
  10. මේ රසිකයියගෙ තට්ටෙද..

    ReplyDelete
    Replies
    1. ඒ මං නොවෙයි, flicker images වලින් සොයා ගත් එකකි.

      මෙන්න මං කොණ්ඩය බූ ගෑ දවසක ගත් ඡායාරූපයක්!
      Facebook profile image

      Delete
  11. G H පෙරේරා කවිදුන් විසින් කල අපිට සුපුරුදු ස්ත්‍රී උපමා වලින් වෙනස් වූ කවි පෙළක් ඔහුගේ "ස්ත්‍රීන් ලක්ෂණද" නම් කවි වාදයේ අඩංගු වුනා - උපුටා ගැනීම සෝමවීර සේනානායක සූරීන් පලකල "සිංහල මංගල සූත්තර සහ වෙනත් නිර්මාණ" පොතින්

    එලඳ වරල ගන කුලෙකිය
    බොළඳ වදන් නොකිය සකිය
    නොමඳ දුගඳ කිළුටු වැකිය
    කොයිද වලා කුලකට කිය

    දෙනුවන නිලුපුල් ලෙසින්ද
    අනුවන බස් ඇයි සබන්ද
    සසොබන කුසුමෙක එබන්ද
    වැගිරෙන කුණු කබ කොයින්ද

    ReplyDelete
    Replies
    1. ජීඑච් පෙරේරා ගේ කවි අපේ පාසල් පොත්වල තිබුණා. සිංහල මංගල සුත්තර පොත මා ළඟ තියෙනවා.

      ස්තුතියි.

      Delete
  12. එළු ‍රැවුල
    කෝ‍ටු අත්

    අනේ අපොයි!!!

    ReplyDelete
    Replies
    1. වරක ගෙඩියට කෝටු ගැහැව්වා වගේ කියනවා නේද?
      ඒ කෙට්ටු කාන්තාවන් බඩදරු වූ විටයි!

      Delete
    2. ඇයි බීඩි කකුල්?

      Delete
  13. නත්තල් සීයාගේ රැවුල පුළුන් වගේ කියල උපමාවක් තියනව නේද? ඒක උපමාවක් වුනාට නත්තල් සීයට අඳිනකොට රැවුලට ඇත්තටම පුළුන් තමයි තියන්නෙ.

    ReplyDelete
    Replies
    1. නියම කතාව. ඒ කියන්නේ උපමාවෙන් නිසි ප්‍රයෝජන ගැනීමක්.

      පිරිමියෙකු කාන්තා චරිතයක් කරන කොට එහෙම කරන්න ගියොත් ඉතිං නේ අසරණ හංසයින්!

      Delete
  14. අරක ඇනකොන්ඩා වගේ - නිකී මිනාජ්
    රැවුල කොස් කටු වගේ
    පුක ලෑල්ල වගේ
    මූණ ලොරියක් වගේ (අපේ පන්තියේ හිටියා ඩොජ් මූණා කියල එකෙක්)
    බඩ කලේ වගේ
    ඇට රඹුටං වල්ල වගේ
    කකුල් පෝක් අත වගේ

    ReplyDelete
    Replies
    1. ගම ගාල්ල
      පුක ලෑල්ල

      කියා කතාවක් නම් අසා තිබේ!

      Delete
  15. නරසීහ ගාථා අහල නැද්ද?

    ReplyDelete
    Replies
    1. අත්තටම් ඔව් ඇනෝ ඒ තමයි පිරිමියෙකු පිළිබද කෙරෙන ලස්සනම වර්ණනාව මාත් අහලා තියෙන , එත් සිංහල පරිවර්තනයක් නැති නිසා වෙන්න ඇති ඒ ගැන වැඩි අවදානයක් නැත්තේ.

      http://tekcroach.blogspot.com/2015/12/yashodharas-crying-heart-narasimha-gatha.html

      මේ ඉංග්‍රීසි සටහනට අදාලව මා විසින් කෙරුණු සිංහල පරිවර්තනයයි මේ

      නැකත් ලකුණු වලින් හැඩවූ රත් පැහැ දෙපතුල් ද දිගු වළලුකර ඔහුගේ ඉතා අලංකාර විචිත්‍රවත්
      මොනරා පිහාටු වැනිය . එසේය පුත, ඔබේ පියා එහි එන.



      "ශාක්‍ය" නම් උතුම් රාජකීය කුලයේ උපන් වංශවත් කුමරු, සියළු සැප සම්පත් ද රුපශ්‍රිය ද අතහැර දමා (ලෞකික සැප පහසු) සමස්ත ලෝකයේ අභිවෘද්ධිය සඳහා අත්හල, පුතා.! බලන්න ඒ ඔබගේ
      ඔයාගෙ තාත්තා.



      අඳුරු අහස මත දිදුලන පුන් සඳ මෙන්, සියලු දෙව් මිනිසුන් අතර බබළන්නේය , පුතා බලන්න, රාජකීය හස්තියෙකු ගේ ගමන් විලාශයෙන් වඩින්නේ ඔබේ පියාණන්ය



      රාජකීය වන්ශිකව උපන් ඔහු තවද සියලු දෙව් මිනිසුන්ගෙන් වැඳුම් පිදුම් ලබන්නේය. පියවරෙන් පියවර ශාන්තව මානසික එකාග්‍රතාවයෙන් වඩින ඔබේ පියතුමන් ගේ විලාශය පුදුමයකි..
       



      නිල වර්ණ ඇස් ද සෘජු නාසය ද දේදුණු හැඩ ඇති ඇහි බැමද සහිත ඔහු පියාය මාගේ පුතුගේ.



      ඔහු ගේ පෞර්ෂය සම කළ හැක්කේ රාජකීය සිංහයෙකුට නමුත් ඔහුගේ අවිහිංසක කම සමකල හැක්කේ මුවෙකුටය.ඔහුගේ සිරුර උද්දිප්තව බබළන්නේය(සවනක් රැසින්).ඒ වඩින්නේ ඔබගේ පියාණන්ය



      සෞමය ඔහුගේ හඬ,අනුනාද වන්නේය. රත්පහැති දිව ද එක හනුවක විස්ස බැගින් මනහරව පෙළගැසී ඇති දත් ද මුඛයේ පිහිටා ඇත . පුත ඒ ඔබගේ පියාණන්ය.



      කාලවර්ණ හිසකේ නිල වර්ණයෙන් බබළන්නේය. නළල් තලයෙන් අලංකාර වූ රැස් විහිදෙන අතර ඒ මත වැටුණු මංගල ලකුණක් වන ඌර්න රෝමධාතු වකි. මුළු සිරුරින්ම රැස් විහිදුවන ඔහු , පුත ඔබගේ පියාණන්ය.



      තරු පිරිවැරු පුර්ණ චන්ද්‍රයා සේ , තම ශ්‍රාවකයින් මද්‍යයේ වඩිනා පියාණන් දකින්නට පුත මෙහි එන්න.
      (සදොස් ඇතොත් නිවැරදි කරනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි)

      රසික ඔබේ පොස්ට් එක නිසාම කම්මැළි මටත් නිමිත්තක් ලැබුනා. බොහොම ස්තුතී

      Delete
  16. තට්ටෙ බැල් පියන වගේ

    ReplyDelete
  17. චද්දන්ත ජාතකයේ සෝනුත්තර වැද්දාව වර්ණනාවක් ඇත

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.