Monday 5 June 2017

475. ආපහු කසාදයක් කර ගැනීම වැරදි ද? - No one can accuse me of bigamy!


සාමාන්‍ය නීතිය යටතේ එක් වරක් විවාහ වී ඇති අයෙකුට ඒ විවාහයෙන් ඉවත් නොවී නැවත විවාහ විය නොහැක. එසේ දෙවන විවාහයක බැඳීම හෙවත් බිගමි යන්න සැලකෙන්නේ බරපතල වරදක් ලෙසයි.

එසේ නොවන අවස්ථාවල පවා, උදාහරණයක් ලෙස, වැන්දඹු පිරිමියෙකු වූ වික්ටර් රත්නායක පසුගිය දා විවාහයක් කර ගත් විට කොයි තරම් හා හෝවක් ඇති වුණි ද?

කෙසේ වෙතත්, පැවති විවාහය එසේ ම තිබිය දී, මම යළිත් විවාහයක් කර ගැනීමට, මුදු මාරු කර, ගිවිස ගත්තෙමි.

එකට එක කරන්නට සිතා දෝ, මගේ බිරිඳ ද එසේ ම කළා ය.

නමුත්, අප දෙදෙනාට විවාහ නීතිය කඩ කිරීමේ චෝදනාව නම් එල්ල නොවෙනු ඇත.

ඒ මක් නිසා ද යත්, මුදු මාරු කර ගෙන, මා අලුතෙන් විවාහ ගිවිස ගත්තේ මගේ ම ආදරණීය බිරිඳ සමග නිසාත්, ඇය විවාහ ගිවිස ගත්තේ මා සමග නිසාත් ය.



කෙසේ වුවත්, මේ දෙවෙනි විවාහ ගිවිස ගැනීමේ එක් අතුරු ප්‍රතිඵලයක් වූයේ, අප්‍රියෙල් 17 දින සිට ජූනි පළමුවෙනිදා දක්වා, නොනවත්වා, මුලින් බ්ලොග් වසන්තය නිසාත්, එය අවසාන වීමෙන් පසුවත්, දිනපතා සටහන් පළ කරමින් පවත්වාගෙන ගිය රසිකොලොජියට පොඩි විවේකයක් දෙන්නට සිදුවීම යි.

දින හතරක නිවාඩුවෙන් පසු යළි අද පටන් "රසිකොලොජිය" යාවත්කාලීන කිරීම ඇරඹුණ ද, ඉදිරියේ දී මා සටහන් පළ කරන්නට අදහස් කරන්නේ මේ වසරේ මුල් මාස තුනහමාරක පමණ කාලයේ දී කළාක් මෙන් දින දෙක තුනකටවරක් පමණි.

පසුගිය ඒක පුද්ගල බ්ලොග් මැරතන් සමයේ දී, "රසිකොලොජිය" නිරතුරු කියවා, ප්‍රතිචාර දක්වා, දිනකට පිවිසුම් වාර 1,500 පමණ සටහන් කළ (බොට්ලා ඇතුලු) සියලු දෙනාට ම මගේ ස්තුතිය හිමි වේ.

ඔබටත් වාසනාවන්ත නැවත විවාහයක් සහ මධු සමයක් වේවා යැයි ඉත සිතින් පතමි!



-රසිකොලොජිස්ට්

ප/ලි
ඉහළින් ම ඇති පින්තූරයේ ඉන්නේ එලිසබෙත් ටේලර් සහ රිචර්ඩ් බර්ටන් යුවළයි.

(image: http://www.telegraph.co.uk/culture/tvandradio/bbc/10190932/Richard-Burton-and-Elizabeth-Taylor-the-deadly-love-that-never-died.html)

37 comments:

  1. A second honeymoon is not illegal either :)

    ReplyDelete
  2. කෝලං

    ReplyDelete
  3. අලුතෙන් මුදු මාරු කර ගෙන,අලුතෙන් නැවතත් විවාහ ගිවිස ගත් ඔබ දෙපලට නැවුම් විවාහ දිවියකට ආසිරි වේවා...!

    ReplyDelete
    Replies
    1. මෙහෙම දවසක් ඔබ දෙපලටත් ඒවි!

      Delete
  4. අපේ කලා කාරයන්ටත් ඔය ලෙඩේ හැදිලි පහුගිය දවස් වල.. හොද ලෙඩක්..

    ReplyDelete
    Replies
    1. කලාකාරයින් හිටියේ රජකාලේ ය, ඒ අය වැඩ කළේ රජු ගේ වැටුපට ය, දැන් ඉන්නේ නිර්මාණකරුවන් ය කියා කවුදෝ කියා තියෙනවා දැක්කා!

      Delete
  5. රිෆ්‍රෙෂ් වෙන එක නරකයි කියන්නෙ කවුද
    ;-)

    ReplyDelete
    Replies
    1. රීෆ්‍රෙෂ්, රී ෆුවල්, රී-ස්ටාට් ඇන්ඩ් ගෝ!

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඇයි ප්‍රතිචාර ඉවත් කළේ?

      Delete
    3. ආතර් කාරය බීල

      Delete
  7. සුභ පැතුම්!

    ReplyDelete
  8. මළ කෝලං ! congrats mate :)

    ReplyDelete
    Replies
    1. හොඳ හොඳ සෙල්ලම් පහු පහු වෙනකොටයි!

      Delete
  9. කකා ලොක්කා ආයෙ මායියත් එක්ක හුරතල් වෙලා, මුදු මාරු කළා කියල කතාවක් ලියල තියෙනවා. දැන් ඔය මෙනෝපෝස් වෙච්ච මායිය එක්ක කොච්චර හුරතල් වුණත් ආයෙ පරණ ජින්ගිජිකා කරන්න බෑනෙ. ඔපිස් ටුවර් කියලා, ආසියා පැසිපික් පැත්තෙ රවුමක් දාලා, 20-25 කෑලි කීපයක් එක්ක ෆුල් ෆන් එකක් ගන්නකො අයියො. ඒ කාලෙ හිටපු තායිලන්තෙත් නරක නෑ, බැන්ග්කොක්වල අයාල ස්ට්‍රීට්. හැබැයි සුද්දො වැහි වැහැලා. ඔය මැනිලා පැත්තෙ, බර්ගොස් ස්ට්‍රීට් ගියා නම්, අපිව වඩා ගන්නවා. මොකද සුද්දො අඩුයි, දුඹුරු අපිටත් තැන. ගානත් අඩුයි.

    ReplyDelete
    Replies
    1. නොදැන කියන කතාවලට සමාව දෙමි!

      Delete
  10. නැවතත් මුදු මාරු කරගත්තේ ඇයි ? අන්යූෂුවල්

    ReplyDelete
    Replies
    1. කලින් දාපු මගුල් මුදු කේස් එක වෙනම ම ලියන්න ඕනෑ දිග කතාවක්.

      Delete
  11. Replies
    1. ඒක පරණ බ්‍රෑන්ඩ් එකක් නේද?

      ;-)

      Delete
  12. නාකි කෝලං!

    ReplyDelete
  13. මගේ මුද්දත් දැන් කොහෙද කියලා නෑ... ආයෙත් සැරයක් බැන්දොත් හොඳයි වගේ.

    සුභ පැතුම් රසික!

    ReplyDelete
  14. පොටෝ අල්ලන මහත්තුරු එහෙමත් ආවද? ගොයින් අවේ එකක් එහෙම තියෙන්න ඇති. කිව්වනම් අපිත් එනවනෙ කුඩු ගහන්න.

    ReplyDelete
  15. මාත් ආයෙම මුදු මාරු කරගත්තා

    ඔබ දෙපළටසුබ පැතුම්

    ReplyDelete
  16. අලුත් වෙච්චි එක කොච්චර හොදයි ද . ජය !

    ReplyDelete
  17. දැන් මඟුල් ගේ කවද්ද තියෙන්නෙ ?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.