Friday 20 March 2015

මහා ටොයි-බයි වියවුලට විසඳුම මෙන්න - Toyiya Vs Bayiya


මහා ටොයි-බයි වියවුල කෙසේද යත්-

මහින්ද රාජපක්‍ෂ ලංකාවේ ජනාධිපතිව සිටි කාලයේ ආණ්ඩුවේ මුදල් ඇමති ලෙස 2014 අයවැය කතාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර අවසානයේ කොහොමද බයියන් ගේ වැඩ යැයි විමසා සිටීම නිසා කාලයක් තිස්සේ භාවිතයෙන් ඈත් වී යමින් තිබුණු බයියා යන වචනය තත්කාලීන සිංහල වාග් මාලාවට ක්‍ෂණයකින් නැවත ඇතුළත් විය.

ඒ අනුව යමින්, පසුගිය ජනවාරියේ පැවති ජනාධිපති ඡන්දයේ දී මහින්ද රාජපක්‍ෂට පක්‍ෂපාතීත්වය දක්වමින් ක්‍රියා කළ අය හැඳින්වීමට බයියන් යන නාම විශේෂණය සිංහල සයිබර් අවකාශයේ භාවිතයට පැමිනුනි.

මහින්ද රාජපක්‍ෂගේ පරාජයත් සමගම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලෙස වැඩ ඇරඹූ පසු, මෛත්‍රීපාල පාක්‍ෂිකයින් සඳහා, බයියා යන නාම පදය හා එළිසමයෙන් අපූරුවට සැසඳෙන ටොයියා යන අන්වර්ථ නාමය සිංහල සයිබර් අවකාශයේ භාවිතයට ආවේය.

දැන් ෆේස්බුක් අවකාශයේ සහ සිංහල බ්ලොග් අවකාශයේ ගෝත්‍ර දෙකකි.

එක පසකින් බයියන් ය.
අනිත් පසින් ටොයියන් ය.

මේ බයියන් සහ ටොයියන් සම්බන්ධයෙන් මට මහා වියවුලක් ඇත.

ඒ බයියන් යනු කවුරුන්දැයි අන් අයගෙන් වෙන් කර හඳුනා ගැනීම ගැන නම් නොවේ. එය ඉතා ලේසි වැඩකි. සිංහල සයිබර් අවකාශය තුළ ඔවුන් ගේ හැසිරීමෙන් එය ඉතා පැහැදිලි වේ.

මට ඇතිවුණු මහා වියවුල නම් මෙයයි.

බයියන් නොවන සියලු දෙනා ටොයියන් ද?
ටොයියන් නොව සියලු දෙනා බයියන් ද?
ටොයියන් සහ බයියන් හැර වෙනත් අය සිටී ද?

මෙය වෙන් රූප සටහන් මගින් මෙලෙස දැක්විය හැක.

බයියන් නොවන සියලු දෙනාම ටොයියන් ය!


ටොයියන් සහ බයියන් හැර වෙනත් අය ද සිටිති!


මට මේ ප්‍රශ්නය තදින්ම දැනෙන්නට පටන් ගත්තේ සිංහල සයිබර් අවකාශය තුළ මැතකදී සිදු වූ එක්තරා කතා බහකදී රසිකොලොජිස්ට් වන මා ද ටොයියෙක් යැයි කියවුණු නිසා ය.

මා බයියෙක් නම් නොවන බව මම ඉඳුරාම දනිමි. එසේම, මේ දිවියේ ඉදිරි අනාගතයේ දී හෝ මේ තුමුල සංසාරයේ දී හෝ කිසිදා බයියෙක් වීමට ද නොපතමි.

බයියන්, බයියන් වී ඇති ආකාරය ගැන සලකා බලා ඒ අච්චුවේ කැඩපත් ප්‍රතිබිම්බයක් ගෙන එයින් ටොයියන් සඳහා අච්චුවක් සාදා ගත හොත් මා ඒ අච්චුවට ද කිසිසේත් ම නොගැළපෙනු ඇත.

ඒ අනුව මා බයියෙකු ද, ටොයියෙකු ද නොවේ. මෙය සුවිශේෂී තත්වයක් නොවන නිසා, මා වැන්නන් තවත් මේ ලෝකයේ සිටින බව ලෙහෙසියෙන් ම නිගමනය කළ හැක.

දැන් මේ බයියනුත් නොවන, ටොයියනුත් නොවන අය සඳහා වෙනම කුලකයක් අර්ථ දක්වා එය නම් කිරීම අවශ්‍යද?

කිසිසේත් ම නැත.

අපි සාමාන්‍ය පුරවැසියෝ වෙමු!

-රසිකොලොජිස්ට්

ප/ළි:
අදාළ වෙනත් ලිපි-

1. රාජපක්සවාදීන් ගැන ගණිතමය විග්‍රහයක් - A mathematical analysis of Rajapaksites
http://rasikalogy.blogspot.com/2015/03/mathematical-analysis-of-rajapaksites.html

2. මී හරකයි, එළ හරකයි? - Thirupathi worshiping, yuk!
http://rasikalogy.blogspot.com/2015/02/thirupathi-worshiping-yuk.html

3. ජෝන් අමරතුංග (සහ/හෝ) යූඇම්පීය අද කළ යුත්තේ කුමක්ද? - How Australia gets rid of its corrupted politicians
http://rasikalogy.blogspot.com/2015/02/blog-post.html

4. මහින්ද රාජපක්‍ෂ කෙරෙහි ඇති අන්ධ භක්තියෙන් තවමත් දුක් විඳින අපේ අංකල්ලා ගේ සහ ඇන්ටිලා - They deserve our sympathy!
http://rasikalogy.blogspot.com/2015/01/they-deserve-our-sympathy.html

5. රට කාගෙන කාගෙන යන්න අපටත් චාන්ස් එකක් දෙන්න! - que sera sera?
http://rasikalogy.blogspot.com/2015/01/que-sera-sera.html

32 comments:

  1. බයියෙක් නිසැකවම හඳුණා ගත හැකි හැසිරීම් සහ ගති ලක්‍ෂණ මොනවාද?

    ReplyDelete
    Replies
    1. මේකනම් ටිකක් පහසුයි. මොනම දෙකටවත් මහින්ද රාජපක්ශ හැර වෙනත් විසඳුමක් නෑයි කියන පිරිසක් ඉන්නවා ඒ රියල් බයියන්..

      Delete
    2. පුද්ගලවන්දනාව සහ අන්ධ විශ්වාසය

      Delete
    3. මාතලන්ගෙන් අහන්න..එයා ආචාර්ය උපාධියට කරලා තියෙනවා ඔය ගැන තීසිස් එකක්...

      Delete
    4. ටොයියන්ගේ හා බයියන්ගේ ඩයස්‌පොරාවන් නැද්ද එතකොට ?. බැන බැන වුනත් මහින්දම පතන ටොයියන් පිරිසක්ද සිටිති ඒ බටොයියන්ය

      Delete
    5. කල්‍යාන මිත්‍ර හරි.
      බයියො කොහේ ගියත් අන්තිමට නවතින්නෙ මරා ලඟ

      Delete
    6. උතුරු කොරියාවේ පරපුටු පාලකයා වන කිම් ජොං-උන් ජීවමාන දෙවියන් හැටියට අදහන ආකාරයට ම මහින්ද රාජපක්ෂ යන වැඩ බැරි ටාසන් අදහන සිංහලයන් හඳුන්වන නාමය 'බයියා' වේ.

      Delete
  2. ටොයියෙක් නිසැකවම හඳුණා ගත හැකි හැසිරීම් සහ ගති ලක්‍ෂණ මොනවාද?

    ReplyDelete
    Replies
    1. අධික අපේක්ෂාසහගතබව සහ naivety

      Delete
    2. අටමා ගෙන් අහන්න..එයා මිනිස්සුන්ගේ ඇඟිලිවලින් හොයාගන්න විදියක් දන්නවා...

      Delete
  3. මොකද මේ අපෙන් ප්‍රශ්න කරන්නේ.. කෙලින්ම මුනට අහන්න ඔයා බයියද ටොයියද කියල. හැක්

    ReplyDelete
  4. http://malindawords.blogspot.com/2014/12/shortcuts-to-becoming-kolombian.html

    ReplyDelete
  5. බයියන්ගේ වරදක් ඔවුන්ගෙන් වන හානියක් පෙන්වන්නේ නම් ටොයියකු කියා කුණුහරපෙන් බැනුම් ඇසීම ද,
    ටොයියන්ගේ වරදක් ඔවුන්ගෙන් වන හානියක් පෙන්වන්නේ නම් බයියයකු කියා කුණුහරපෙන් බැනුම් ඇසීම ද,
    මේ දෙකටම නොමැති බව පැහැදිලි කිරීමේදී 'පොන්නයකු' ලෙස අභිශේක කිරීමද,
    නම් වත්පොතේ නොමසුරුව කෙරෙනා කටයුත්තකි.

    ReplyDelete
  6. බයියා - ටොයියන්ට පමණක් බනින්නේ බයියන්ය,
    ටොයියා - බයියන්ට පමණක් බනින්නේ ටොයියන්ය,
    බයිටොයියා - ටොයියන්ට වැඩියෙන්ද බයියන්ට අඩුවෙන්ද බනී
    ටොයිබයියා - ටොයියන්ට අඩුවෙන්ද බයියන්ට වැඩියෙන්ද ද බනී
    වෙනත් ආකාර නැත

    ReplyDelete
    Replies
    1. ඉන්නේ ආකාර තුනයි. බයියෝ සහ වෙන්ඩ ටොයියො. මේ දෙගොල්ල වෙනස් වෙන්නේ දෙවනි කට්ටිය යහපාලනේට ඡන්දයක් දීල තියෙන නිසා. ටොයියෝ ම් උන් දෙගොල්ලන්ව පඩේකට ගණන් ගන්නේ නෑ. සමහර අම්බ ඩොටේ වෙන්ඩ ටොයියෝ කියනවා ආයේ නම් මම බයියෙක් වෙන්නේ නෑ කියල.

      Delete
  7. බයියන් යනු ප්‍රයිවට් ජෙට් එකේ ගියද ගෝත්‍රික මනසක් ඇති සම්ප්‍රදායික මත, ඇදහීම් හා සිරිත් විරිත් පසු පස යන්නෝය..

    ටෝයියෝ යනු ඊට ප්‍රතිවිරුද්ධ පුද්ගලයන්ය..

    අපේ කරුමය නම් ටොයියෝ කියා හිතාගෙන උන්නාට උනුත් බයියන්ම් වීමය..

    ReplyDelete
    Replies
    1. ලමාතන් ඔබතුමාත්
      ටොයියෝ කියා හිතාගෙන උන්නාට බයියන් වීම කාට කිව නොහකද අපිඔබ දකුනෙනේ එකයි

      Delete
    2. බයියකුගේ අඳෝනාවක්...

      බයියෙක් පමණක් නොව නොම්මර එකේ පොන්නයෙක්..

      Delete
  8. [[අපි සාමාන්‍ය පුරවැසියෝ වෙමු]]

    ක්ලැසිකල් මීනින් එකෙන් මේ නිසා ඔබ බයික්. බයියා කියන්නේ සාමාන්‍ය පුරවැසියාට එලීට් සමාජය් කිව්වා නමයි.

    එහෙම බැලුවම මෙතන ඉන්න සිංහලෙන් කොටන අපි ඔක්කොම බයියෝ. ටෝයියෝ කියන්නේ මෛත්‍රීට චන්දෙ දුන්න බයියන්ට

    ReplyDelete
  9. එන්ගලන්තේ මිසිස් වින්ඩ්සර් නම් වංශවත් කාන්තාව තමා පිළිගන්නට යට ඇඳුමක් උනා ලූ කතාව මම මෑත ඉතිහාසයේ දේශපාලකයෙක් ගෙන් ඇසූ ලොකුම බයි කතාවයි. මෙතෙක් බයියා ටොයියා මාරු වී සිටි සැමට බයිකම සඳහා නිරවුල් උදාහරණයක් අවශ්‍ය නම් ඒ නිවට නියාලු තකතීරු ගොඩේ බයි කතාව කල පොළොන්නරුවේ බයියාට වඩා වෙනත් උදාහරණ නොමැත. [මේ හරහා මහින්ද බයියෙක් නොවේ කියා නොකියවේ. ඌ ද මා ද මෙහි සිංහලෙන් කොටන වෙනත් බොහෝ දෙනෙකුද පරම්පරාගත බයියෝ වෙමු]

    නොබයියෙක් නොමැත. ටොයියා ද බයියෙකි.

    ReplyDelete
  10. ටොයියෝ සහ බයියෝ නොවන අය 'ගොයියෝ' කියලා කිව්වත් කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක හොද අදහසක්...අපි එ්ක කරලියට ගමු.

      Delete
  11. ඇත්ත ඇත්ත.. මධ්‍යස්ථ අදහසක් තියෙන අයටත් ගෝත්‍රයක් හදලා හරි දෙන්න ඕන..

    ReplyDelete
    Replies
    1. thus defeating the purpose of their existence? එතකොට එයාලත් ඉබේම (බ)(ටො)යියෝ ? :D

      Delete
  12. බයියො රජ උනාම උන්ගෙ පුක ලෙව කාල ඒ බයියො පැරදිල ටොයියො රජ උනාම උන් ළඟට හේත්තු වෙන උන්ට කියන්නෙ පයියො කියල

    ReplyDelete
  13. බයියො, ටොයියො සහ පයියො....(පයිය = පැස / මඩිස්සලය)

    ReplyDelete
  14. ඔය බයියෝ කතාව මුලින්ම කිව්වේ මතක විදියට අකිල විරාජ් මොකක් හරි පොඩි රැස්වීමකදී.ඕකට උත්තර දීපු එවකට ආණ්ඩු පක්‍ෂයේ පොරක් (දයාසිරිද මන්දා)කිව්වා ජනාධිපතිතුමාට බයියා කියලා කතා කරන එක අන්තිම නරකයිය,අරකය මේකය කියලා හිටං.
    ඔය බයියා කතාවේ උච්චතම අවස්ථාව තමයි මහින්දගේ අන්තිම අයවැය කියවන වෙලාවේ කණ්ණාඩිය යටින් බලලා"කොහොමද බයියන්ගේ වැඩ"කියලා අහපු එක.

    ReplyDelete
  15. \\\ දැන් මේ බයියනුත් නොවන, ටොයියනුත් නොවන අය සඳහා වෙනම කුලකයක් අර්ථ දක්වා එය නම් කිරීම අවශ්‍යද?
    කිසිසේත් ම නැත.
    අපි සාමාන්‍ය පුරවැසියෝ වෙමු! ///

    කුමන හෝ කුලකයකට අසුවන තුරු අපි සාමාන්‍ය පුරවැසියෝ වෙමු..............

    කැමරාවෙන් එහා ලෝකය

    ReplyDelete
  16. බය්යො කියන්නෙ පර්සි රාජපක්ෂට පමණක් ( මේ අය ශ්‍රීලංකා කාරයන්ම පමණක් නොවේ ) සරම උස්සා පහත්වෙන උන්ටය. ටොය්යෝ යනු සිරිපාල ජනපති කරන්නටත්, පුක පරෙස්සම්න්කරගෙන දේශපාළනයේ යෙදෙන්නටත් දන්න පිරිසකි ( නමුත් මහින්දගෙන් පුක රැක ගත යුතුය ).

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ අම්බ ඩොටේ වෙන්ඩ ටොයියෙක් "පුක් දී නස්නා" වෙලා

      Delete
  17. එච්චර කරදර වෙන්න ඕනේ නැහැ. ලක්ශ් 57 බයියෝ, ලක්ශ 62 ටොයියෝ.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.