Tuesday 27 October 2015

හයේ පන්තියේ ළමයෙකු ගේ වැඩ කිඩ - Double celebration...!!!


කොඋ/කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ සිසුවෙකු ලෙස පහේ පන්තියේ දී පැවැත්වුණු තරග විභාගයෙන් ජයගෙන හයේ පන්තියේ සිට ඉගෙනුම ලැබීමට මා ගලහිටියාව මධ්‍යම විද්‍යාලයට ඇතුළත් වුයේ හරියටම සෝවාන් සහතිකය ලබා ගත් උපාසකයෙකු ලෙස සතුටෙනි.

එයට එක හේතුවක් වූයේ, එකී විභාගයේ දී මා ලැබූ ලකුණු ප්‍රමාණය නිසා හටගත් ළමා මට්ටමේ අහිංසක ආඩම්බරයකි. මට සමස්තය 261 ක් ද, සාමාන්‍යය 87 ක් ද වන පරිදි සිංහල, ගණිතය සහ බුඩ්ඩි පරීක්‍ෂණය යන විෂයයන් තුන සඳහා 86, 87, 88 බැගින් ලකුණු ලැබී තිබුණි. එහි එදා මට තිබුණු ආඩම්බරය වූයේ පාසලේ වෙනත් කිසිවෙකු එතරම් ලකුණු ලබාගෙන නැති බව පමණක් නොව, මා ඉගෙනීම ඇරඹූ ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ ද එයට වඩා ලකුණු ලබාගත් අයෙකු නැති බව මා දැන සිටි බැවිනි.

එය මගේ කුඩා ලෝකයේ අග්ඝෝ හමස්මි ලෝකස්ස යන්නට සමාන තත්වයක් විය.

අද ඒ ජයග්‍රහණය ගැන මට ඇති ආඩම්බරයට හේතුව වෙනස් ය.

එදා ඒ පහේ පන්තියේ විභාගය සඳහා පාසලේ දී හැදෑරූ ආදර්ශ ප්‍රශ්න පත්‍ර කිහිපයක් හැර වෙනත් කිසිමාකාරයක සූදානමක් අපේ නොතිබුණි. නමුත් පසු කලෙක උසස් පෙළ සමයේ දී අත්තකිලමථානුයෝගීව දුෂ්කර ක්‍රියා කරමින් වැල්ලවත්ත, බම්බලපිටිය, නුගේගොඩ වැනි ප්‍රදේශවල ටියුෂන් පන්තිවල දී මගේ ගැන්සියේ පස්වග මහණුන් සැට් එක සමග ටියුෂන් දම් සයුරේ ගිලී නා ගත් පසු ද මට ලබාගත හැකි වූයේ 69% ක් පමණකි.

ඒ අනුව බලන කල, පහේ පන්තියෙන් හයට සමත් වූ සෝවාන් සහතිකය, වසර අටකට පසුව උසස් පෙළ සිට විශ්ව විද්‍යාලයට වරම් දුන් අනාගාමී සහතිකය සමග සසඳා බලන කල ඵලදායීතාව අතින් පොළොවට අහස මෙනි!

මා ලබා තිබූ සෝවාන් තත්වයේ සිට අලුත් පාසලේ දී ලබන කමටහන් උපයෝගී කොටගෙන බවුන් වඩා සකෘදාගාමී තත්වය හෝ හැකිනම් අනාගාමී තත්වයක් ඇති කර ගැනීම මගේ අපේක්‍ෂාව වුණි.

මා අයත් වූයේ 6-ඒ පන්තියටයි. ගණිතය පිළිබඳ ගුරුවරයෙකු වූ ජයසිංහ ආරච්චිගේ කුලරත්න අපේ පන්තිය භාර ගුරුවරයා වී ය.

පාසල අරඹා මුල් සතියේ ම අප ඇමතූ පන්තිය භාර ගුරුවරයා පන්ති නායකයෙකු සහ නායිකාවක පත් කර ගත යුතු යැයි පැවසීය.

අප හොඳින් දන්නා පරිදි මේ පන්ති නායකයින් යනු, පන්තියේ සිසු සිසුවියන් ගේ නායකයින් නොවේ. ඔවුන් ගේ රාජකාරිය වූයේ, උදෑසනට පන්තියේ නම් ලයිස්තුව, වාර්තා පොත සහ හුණු කූරු කාර්යාලයෙන් ගෙන ඒම, කළුලෑල්ල මකන කුඩා කොට්ටය අස්ථානගත නොවී තබා ගැනීම වැනි සිල්ලර ලොජිස්ටික් වැඩ මිස කිසිවෙකුටත් නායකත්වය දීම නොවේ. ගුරුවරයෙකු නැති අවස්ථාවල දී පන්තියේ දඩබ්බර කොල්ලන් ගාලගෝට්ටි ඇති කිරීමෙන් වළක්වා ගැනීමේ මුර බලු වැඩ ද විටින් විට පන්ති නායකයාට පැවරිණ.

උදෙන්ම පාසල් එන්න පුළුවන් ළමයි දෙන්නෙකු තමයි මේ තනතුරුවලට පත් වෙන්න ඕනෑ කුලරත්න සර් පැවසීය. උදෙන්ම එන ළමයි අත උස්සන්න!

ඒ තේරීම් පටිපාටියට අනුව යාගොඩ සිට උදේ හතට පමණ පාසලට පැමිණෙන සමන් අපේ පන්ති නායකයා ලෙස පත්විණි.

සතියක් ගත විය. ඡන්දෙන් පැරදුණු මන්ත්‍රීවරුන් ජාතික ලයිස්තුවෙන් පත්වී එන්නා සේ, තවත් සිසුන් පිරිසක් පාසලට ඇතුළත් වූහ. ඔවුන් සඳහා අලුතෙන් 6-ඩී පන්තිය ඇරඹුණු අතර එහි ගණපූරණය සෑදීම සඳහා අපේ පන්තියේ නාම ලේඛනයේ අගින් සිටි සිසුන් කිහිප දෙනෙකු 6-ඩී පන්තියට අනුයුක්ත කරන ලදී.

ඔහු ගේ අවාසනාවට හෝ වාසනාවට අපේ පන්ති නායක සමන් ද ඒ අතර විය!

පාසලට පයින් පැමිණෙන දුරක සිටි පුණ්‍ය උදය ජයසේකර ලොකුවිතාන සිසුවා කුලරත්න සර් ගේ පටිපාටිය යටතේ අපේ ඊළඟ පන්ති නායකයා විය.

මේ කාලයේ පාසල් ක්‍රියාත්මක වූයේ අද මෙන්ම වාර තුනකට වූ අතර ඒ හැම පාසල් වාරයක් අවසානයේ දීම වාර විභාගයක් පැවැත්වුණි.

පළමු වාර විභාගය අවසානයේ එළැඹුණු අවුරුදු නිවාඩුවෙන් පසු මැයි මස පාසල ඇරඹුණු මුල් දිනයේම අපේ පන්තියට පැමිණි කුලරත්න සර් දැන් අලුත් පාසල් වාරයට අපි අලුත් පන්ති නායකයෙකු සහ නායිකාවක පත් කර ගන්න ඕනෑ යැයි කීවේය.

පාසලට උදෙන්ම පැමිණීම හෝ ළඟින්ම නිවස තිබීම හෝ නොව මෙවර ඔහු ගේ පටිපාටිය වූයේ වාර විභාගයේ ප්‍රතිඵලවල අනුක්‍රමණ පිළිවෙළ අනුව නායක තනතුරු දෙක පිරවීමයි.

පන්තියේ පළමුවෙනියා කොල්ලෙකු නම් ඔහු පන්ති නායකයා ය. කෙල්ලක නම් ඇය පන්ති නායිකාව ය. අනෙක් තනතුර ද ඒ පිළිවෙළ අනුවම පුරවනු ලැබේ.

"පන්තියේ පළමුවෙනියා නැගිටින්න".

තරමක සබකෝලයකින් යුතුව මම නැගිට සිටියෙමි.

"හොඳයි රසික තමයි මේ වාරයේ පන්ති නායකයා!" මට ඒහි පස්සිකෝ ආකාරයෙන් නායකත්වය ලැබුණි!

පන්ති නායිකාව ද ඒ අයුරින් ම පත් වූවා ය.

"අපි මේ වාරයේ වාර විභාගේ ප්‍රතිඵල අනුව ඊළඟ වාරයේ මුල දී පන්ති නායකයාවයි, නායිකාවයි අලුතෙන් පත් කරනවා!" කුලරත්න සර් පැවසීය.

කුලරත්න සර් ගේ අපේක්‍ෂාව වූයේ තම අගසව් තනනුරු කැරට් අල ලෙස පාවිච්චි කර, පන්තියේ සිසුන් අතර ඉගෙනීමේ කටයුතු හොඳින් කර පන්තියේ පළමුවෙනියා හෝ දෙවෙනියා හෝ වීමේ තරගයක් ඇති කිරීම බව පෙනී ගියේ ය.

පව්!

ගුරුන්ටත් අකුරු වරදී කියන්නේ මෙවැනි අවස්ථා විස්තර කිරීමටයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
අද පුර පසළොස්වක පෝය දිනය බව ආරංචි වුණු නිසා මේ කතාවට පොඩි බණ දහම් ෆ්ලේවර් එකක් මුසු කළෙමි.

බුදු සාදු ගේ කාලේ රෑට ලයිට් කපන නිසා දෝ රතු නෙළුම් මලක් හොඬවැලෙන් ගත් ඇත් පැටියා මහාමායා දේවියට හොරෙන් ඇගේ කුසට ඇතුළු වූ දින සිට පිරිනිවන් මංගල්‍යය දිනය දක්වා හැම දෙයක්ම කර ඇත්තේ පුර පසළොස්වක පෝය දවස්වල බව පෙනේ.

සිදුහත් උපන්නේ ද, බුද්ධත්වයට පත්වුණේ ද, බුදු සාදු පිරිනිවන් පෑවේ ද වෙසක් පෝ දිනයේ ය.

බුදු වෙන්නට පෙර හැම වෙසක් පෝ දිනම තම උපන් දිනය සැමරූ සිදුහත්ට, පසුව බුදු සාදු ලෙස බුද්ධත්වයේ ඇනිවසරිය ද, බර්ත් ඩේ එක ද, එකම දවසේ සමරා ජීවිතය කාර්යක්‍ෂම කර ගන්නට ඉඩ ලැබුණි.

ඒ එදා ය.

වත්මනෙහි, තම උපන් දිනය දවසේ ම බ්ලොග් එකක් අරඹන අයෙකුට බර්ත් ඩේ පාටිය ද, බ්ලොග් ඇනිවසරිය ද එකම දවසේ සමරා බුදු ජොලියක් ලබන්නට හැකි වේ!

(image: https://www.flickr.com/photos/upul_rodrigo/2229495437)

79 comments:

  1. Replies
    1. //සෝවාන් සහතිකය ලබා ගත් උපාසකයෙකු ලෙස//
      Certificate of Sowan
      ඇයි ලස්සන කතාවක් තියෙන්නේ හැම ආගමකටම පොදු..හැම ආගමකම වගේ නායකයෝ ඉපදිලා තියෙන්නේ නිවාඩු දවස්වල!

      Delete
    2. රසිකොලොජි ශාස්තෲ ගේ උපන් දිනය නම් නිවාඩු දිනයක් නොවේ!

      Delete
  2. සුභ උපන් දිනයක් හා බ්ලොග් ඇනිවසරියක් වේවා!

    ReplyDelete
  3. මා ඉගෙනගත් පාසලේද ඩී පන්තිය හැදුනේ ඔය ක්‍රමයටමය. බලාගෙන ගිය විට එයද සම්මත භාවිතයකි. අපට පළමු වාරය අවසානයේදී විභාග තිබුනේ නැත. පළමු වාරය තුල වැඩිපුර සිදුවුණේ ක්‍රීඩා කටයුතුය. පන්ති නායකට ඔබ සඳහන් කළ කටයුතු වලට අමතරව කෑගහන ළමුන්ගේ නම් ලිවීමේ භාරදූර කර්තව්‍යය මෙන්ම වරකට එක් අයෙකුට බැගින් පන්තියෙන් බැහැර වීමට 'චූ කාර්ඩ් පත' නිකුත් කිරීමේ බලයද ලැබුණේය. ශුභ උපන් දිනයක්, බ්ලොග් එකටයි රචකයටයි දෙන්නටම!

    ReplyDelete
    Replies
    1. /* ගුරුවරයෙකු නැති අවස්ථාවල දී පන්තියේ දඩබ්බර කොල්ලන් ගාලගෝට්ටි ඇති කිරීමෙන් වළක්වා ගැනීමේ මුර බලු වැඩ ද විටින් විට පන්ති නායකයාට පැවරිණ. */

      "කෑ ගහන ළමුන්ගේ නම් ලිවීමේ භාරදූර කර්තව්‍යය" එයට ඇතුළත් ය.

      Delete
  4. සුභ උපන්දිනයක් රසිකොලොජිස්ට්, ඒ වගේම දෙවෙනි පන්තියට පාස් වෙන රසිකොලොජියටත් සුභ පැතුම්. අද පෝය දවසේ බණ අසා, පිරිත් වතුර බී, සකෘදාගාමී තත්වයට එළඹ 'බුදු ජොලියක්' ලබන්නට හැකි වේවා කියාද පතමි.

    ReplyDelete
    Replies
    1. තැඹිලි වතුර වගේ ලා ම ලා පිරිත් වතුර කෝප්පයක් විතරයි බිව්වේ!
      දවස හොඳට ගියා.

      Delete
  5. HAPPY BIRTHDAY TO RASIKOLOGIST. I WAS A STUDENT @ KOSSINNA SRI SEELANANDA GOVT. SCHOOL. THAT WAS IN 194..S

    ReplyDelete
    Replies
    1. මගේ පියා ගේ මුල් පාසලත් කොස්සින්න ඉස්කෝලයයි. ඒ ඔබට පෙර.

      Delete
  6. අද පන්සල් යන්නේ නැත.. යන්නම ඕන දවසක් නේ..

    ReplyDelete
    Replies
    1. මෙහේ පෝය සැමරෙන්නේ ඉරිදාටය. එය ගිය ඉරිදා (ඔක්තෝබර් 25) පැවැත්වුණි.
      http://www.lankarama.com.au/

      මේ සතියේ සෙනසුරාදා කටින පිංකම ය.
      http://www.lankarama.com.au/uploads/Katina_Pinkama_Program.pdf

      Delete
    2. //.. කටින පිංකම...//

      මෙතනින් අදහස් වෙන්නේ නූල් කටින පිංකමක් වගේ කියන අදහස :D නිවැරදි වචනය "කඨින"

      Delete
  7. //ගුරුන්ටත් අකුරු වරදී කියන්නේ මෙවැනි අවස්ථා විස්තර කිරීමටයි.// මෙයින් කියැවෙන්නේ ඔබ දිගටම පන්තියේ පළමුවෙනියා වූ බවද? සුභ් උපන්දිනයක් ඔබටත් බ්ලොග් එකටත්. පෝයක් නිසා බොන්නත් බැහැ.

    ReplyDelete
    Replies
    1. /* පෝයක් නිසා බොන්නත් බැහැ. */

      ඇයි ඒ?
      ගෙදර ස්ටොක් එකක් නැද්ද?

      Delete
    2. බොන්නන් පෝය දවසට නොබී සිටියහොත් බාර් හිමිකරුවන්ට පවු සිද්දවෙන නිසා කලින් දින දැන්වීමක් වශයෙන් 'හෙට වසා ඇත' යන්න ප්‍රකාශ කිරීමෙන් ඔවුන් ඒ පවින් ගැලවී ඇත.

      Delete
  8. රසිකටත් සුබ උපන් දිනයක් එක්කම බ්ලොග් එකටත් සුබ ඇනිවසරියක්.

    බුද්ධාගම ලස්සනට කතාවට එක් කරගෙන. සෝවාන්වූ උපාසකයෙකුට දැනෙන සතුට ඔයා දැනගත්තේ කොහොමද? :P

    ReplyDelete
    Replies
    1. එසේම චේවා පොඩි කුමාරිහාමි!

      /* මා ගලහිටියාව මධ්‍යම විද්‍යාලයට ඇතුළත් වුයේ හරියටම සෝවාන් සහතිකය ලබා ගත් උපාසකයෙකු ලෙස සතුටෙනි. */

      මේ කියන්නේ සෝවාන් වීමක් ගැන නොව සෝවාන් සහතිකය ලබා ගැනීමක් ගැනයි!

      ලංකාවේ සමහර බෞද්ධ කල්ට්වල පාඨමාලා හදාරන අයට සෝවාන් සහතික දෙන බව අසා නැද්ද?

      Delete
    2. නිවන් සහතිකෙත් ළඟදිම දෙයි..

      මම මේ බොහොම ළඟදි දනගත්තේ "නිවන්" අවබෝධ කර ගත්තත්, සම හරක් විර ඒකත් අහෝසි වෙන්න පුළුවන් කියලා..

      මට ඒ සත්‍යය අවබෝධ උනේ ජනවාරි නමය ඉර උදාවටත් කලින්..

      Delete
  9. රතු නෙලුම් මලක්...?

    ReplyDelete
    Replies
    1. හොඬවැල අග රතු නැද්ද? සුදු වෙලා ද?

      Delete
    2. මෙන්න කතාව.දැං තමා හීනෙ තෝරගන්න තේරුනේ... හප්පේ....

      Delete
  10. තිත තියා නැත්නම් හොඳ දිනක් නේද රසික?

    ReplyDelete
    Replies
    1. තිතට තමයි වැඩ වෙනදට, කරුමෙට ඊයේ සතියේ දවසක් වුනා!

      Delete
  11. සුබ උපන්දිනයක් රසික ඇන්ඩ් රසි‍කොලොජිස්ට්.
    කුලරත්න සර් වැඩේ වරද්දගත්ත කියල තේරුනාට පස්සෙ ව්‍යවස්ථාව වෙනස් කළේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඔහුට එසේ කරන්නට බල කෙරුණා, ඒ කතාව පසුවට!

      Delete
  12. ආයුබෝවන් ... ආ ... වාසනාවන් !! අද ළමාපිටියෙන් සුභ පැතුම් රසික පොඩි මල්ලිට ...

    ReplyDelete
    Replies
    1. ආ, මේ ලැම්බට් පෙම්මාවඩු මාමා නේද? ස්තුතියි මාමේ!

      Delete
  13. ගෞතම බුදුන්ගේ චරිත කතාවය්, පසළොස්වක පෝය දවස් අතරයි තියන අහඹු, අපූරු, සම්බන්ධය මටත් ගැටළුවක් තමයි. දන්නේ නැති කමටය් අහන්නේ ...

    ReplyDelete
    Replies
    1. මම පුංචි කාලේ් වියලි කලාපයේ පැරණි ගමක ඉදලා තියනවා, ගොඩක් අය ඉස්කොලෙකට ගිහින් තිබුනේ නෑ, එයාලා කාල වකවානු කීවේ මෝසම් වැසි ගණනින්, ළමයකුගේ වයස ඇහුවොත් කියන්නේ අනුමානයට ... මහ හුලං පහක් හයක් වගේ, නැත්තං කියනවා කළු වැස්සිට වඩා මහ හුලං දෙකක් බාලයි ..., ඒ වගේ තමයි, ඉස්සර කාලේ මිනිස්සුන්ට හරියටම ටක්කෙට දින ගණන් තියාගන්න ඕන වුනේ නෑ, ඒක හරියට අපි උපන් දිනය කීවාට, උපන් වෙලාව ගැන සැලකිල්ලක් නොදන්වනවා වගේ.
      ගමේ හැමෝටම යම් පොදු දෙයක් සමරන්න යොදාගත්තේ, කාටත් නිවාඩු පාඩු පහසු වෙලාවක්, පසලොස්වක පෝය ඒකට හොඳ දවසක්, ඈත ගමනක් ගියත් රෑ වෙලා ආපසු එන්න පුළුවන්. දැන් රසිකලත් පෝය චාරිත්‍ර සති අන්තෙට දාගෙන තියෙන්නේ ඒ වගේ. මේ කාටත් පහසු කොන්සෙප්ට් එක මම වගේ ඇණයන්ට වටහගන්න තරමක් අපහසු එකක්.

      Delete
    2. පුර පසලොස්වක පෝය දවසක අලි පැටව් හොඬවැල් ඇතුලට දැම්මාම බබා හම්බ වෙන්නේත් පුර පසලොස්වක පෝය දවසක වීම නම් සරලව තේරුම් ගත හැකි කාරණයක්.

      පෝය දවසට අනිත් විවිධ වැඩ කටයුතු යොදා ගැනීමත් ප්‍රායෝගික ක්‍රමය වෙන්න ඇති!

      Delete
  14. සෝවාන් සහතිකේ ගත්තට පස්සෙ අපට අනාගාමි සහතික ගන්න බැරි වෙන්නෙ අපිම අනාගන්න නිසා නේද?

    ReplyDelete
    Replies
    1. අපි නොවෙයි මම!
      මොකද අපි නම් අනාගමු වෙන්න ඕනෑ නේද?
      මම අනාගමි!

      Delete
  15. සුබ උපන්දිනයක් සහ බ්ලොග් එකේ පළමු සංවත්සරයට සුභ පැතුම්!

    ReplyDelete
  16. පන්ති නායකයවයි නායිකාවවයි ජෝඩු කරනවා නේද ඒ දවස් වල.. හෙහ් හෙහ් ... රසිකට සහ බ්ලොගයට සුබ අනිවසරි එකක් වේවා!

    ReplyDelete
    Replies
    1. ෂැහ් එහෙම නුවණක් තිබුනේ නෑ නේ අපේ පන්තියේ උන්ට. ඒකනේ මං පන්තියේ පළමුවෙනියා වුනේ දිගටම!

      Delete
  17. සුභ උපන් දිනයක් වේවා!! සුභ බ්ලොග් අනිවසරියකුත් වේවා!! වෙනදාට වඩා වෙනස් ආකාරයක රසවත් බවක් දැනුනා පොස්ටුවේ..
    පොඩි ෆ්ලෙවර් එකක් ආවා මටත් ටිකක් හුරු පුරුදු රටාවක... ඉස්කෝලේ කතා ඇහුවහම එහෙම හිතෙනවා..
    මගේ "සතර පෙර නිමිති " බලන්න...

    ReplyDelete
    Replies
    1. ස්තුතයි.
      ඔබේ ලිපිය කියවූවෙමි!

      Delete
  18. දහම්පාසැලේ සෙවනේ වැඩෙමින් සැනහෙන අපි සිරිලක් දරුවෝ...

    මං වගේම දහම්පාසලෙන් හැදිච්ච කොල්ලෙක්ගෙ පින්තූරයක් දාල තීන්නෙ.

    සුභ උපන්දිනක්. දිගු සුව දිවියකට පිරිත්වතුර ටිකක් ආවැඩුව ඕන් එහෙනන්!

    ReplyDelete
    Replies
    1. අද පෝය නිසාද මංද ජාලෙත් ස්ලෝ. යටින් කමෙන්ටු පෙට්ටිය ඇරගන්න ට්‍රයි කලත් හරිගියේ නැති නිසා සිංහයගෙ කමෙන්ටුව යටින් දාන්න අවසර.
      බුකියෙන් දැකල ගියත් සුබ උපන්දිනයක් සෙන්ඩ් කරන්න බැරිවුනා අවුලක් නිසා. බ්ලොග් එකට ආවම එතන තවත් සැමරුමක් නිසා රසිකටත් රසිකලොජියටත් සුභපැතුම්!

      අද ලිපියේ ශෛලිය හිතට ඇල්ලුව නමුත් ඒකට දියයුතු වචනය මොකක්ද කියල කල්පනා කරන අතරෙ ඒකෙ නියම වචනය "දහම් ෆ්ලේවර්" බව කියල තිබුන නිසා ඒක පහසුවක් වුනා.

      Delete
    2. ඉන්දික,
      ශාන්ත කියන නම තියෙන අය කොහොමටත් සාන්ත දාන්ත තීන්ත කූඩු බව ප්‍රසිද්ධ කාරණයක්!

      Delete
    3. රාජ්
      පහුගිය දවස්වල නාමල් සුවඳ වියැකිලා ගිහින් දහම් ෆ්ලේවර් එකක් සහ චතු මධුර රසක් ආවා තමයි.
      දැන් සද්දයක් නෑ නේද?

      Delete
  19. බ්ලොග් එකට සහ ඔබට දෙන්නටම සුබ ම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....! ඕ......

    ReplyDelete
    Replies
    1. ඔබටත් කෙදිනක හෝ එසේම වේවා!

      Delete
  20. ඒක නම් ජොලියක් දාන්න නියම කාරණයක්. මගෙත්, තරූගෙත්, කාලයක් කුරුන්ද කියා නියම බ්ලොග් එකක් ලියූ සෙන්නාගෙ පුතාගෙත් උපන් දිනය අද. දේශපාලනික කාරණා ගැන එතරම් උනන්දු නැති උනත් හිටපු ජනාධිපතිතුමා අපේ උපන් දින සිහිවෙන්න කටුනායක කොළඹ හයිවේ එක අද වගේ දිනක ඕපන් කළ එකත් අපි අමතක කරන්න හොඳ නෑ. :D

    කොහොම උනත් අපිට තව වෙසක් කූඩු කීයක් හදන්න පුලුවන් වේදැයි හරියට නොදන්න නිසා කරන්න තියෙන වැඩ ටිකක් ඉක්මන් කලොත් හොඳයි කියලයි හිතෙන්නේ....

    සයිබර් ලෝකයේ ඇනිවසරි වලට ඇත්ත ලෝකයේ කේක් කැපීම එච්චර ප්‍රායෝගික නැහැයි කියපු රසිකට ඇනිවසරි දවසෙම සාධාරණ හේතු ඇතිව කේක් කපන්න සිදුවීම ට කියන්නේ දෛවයේ සරදමක් කියලද, සොබාදහමේ ආශිර්වාදයක් කියලා ද?

    සුබ උපන් දිනයක්!

    ReplyDelete
    Replies
    1. මගේ දෝනිගෙත් උපන්දිනය අද.... ජොලියක් දාන්නම ඕනේ...

      Delete
    2. දෝණිටත් අපගේ උණු උණු සුභ පැතුම්!

      Delete
    3. බුද්ධි,
      මං රසිකොලොජිය ඇරඹුවේ හිතා මතාම මගේ උපන් දිනය දා බව සත්‍යයකි. නමුත්, මේ ලිපියේ කොතැනක හෝ අද මගේ උපන් දිනය හෝ බ්ලොගයේ ඇනිවසරිය කියා මා කියා නැත. එය මෙය කියවූ අය කළ නිගමනයකි!

      Delete
  21. රසිකගේ ඇනිවසරි වලට උණුසුම් සුබපැතුම්

    ReplyDelete
  22. පන්ති නායකට තියෙන්නේ සිල්ලරපහේ රාජාකාරී වුනත් නායකත්වය දැරීම ගැන පුංචියට හරි දැනීමක් පෙළඹීමක් ඒ වැඩෙන් ලැබෙනවා කියලයි මට හිතෙන්නේ.
    සුබ උපන්දිනයක් හා හැපී බ්ලොග් ඇනිවසරියක් වේවා !!

    ReplyDelete
  23. අපට ඉගෙන ගන්න ලැබුනේ තනිකරම පිරිමි ලමයි ඉන්න විදුහලක​. නමුත් co ed හොඳයි කියා හිතෙනවා. මගේ පුතා 8 වසර වෙනකම් ගියේ තනිකරම පිරිමි ලමයි ඉන්න විදුහලක. ඉන් පසු විදේශ ගත වීමෙන් පසු ඉගෙන ගත්තේ මිශ්‍ර පාසලක​. එම වෙනසින් පසු ඔහුගේ හැසිරීමේ ධනාත්මක වෙනසක් මම දැක්කා. යම් කාලයක ආනන්ද නාලන්ද වැනි විදුහල් මිශ්‍ර පාසල් වෙන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. මං දහවෙනි ශ්‍රේණිය සඳහා ඔය කියන පිරිමි පාසලකට ගිය විට ඒ වෙනස හොඳින් තේරුණා!

      Delete
  24. සුබ උපන් දිනයක් වගේම බ්ලොගයේ පළමු සංවත්සරයට සුබ පැතුම්.

    ReplyDelete
  25. සුභ උපන්දිනයක් සහ බ්ලොගවසරියක් රසික . කකාවත් මතක් කළා කියන්න :)

    ReplyDelete
  26. සුභ ඇනිවර්සරි එකක් වේවා!! නියම ෆ්ලෙවර් එක කතාවට දාල තියන්නේ.

    ReplyDelete
  27. සුභම සුබ උපන් දින දෙකක්.!!!!

    ReplyDelete
  28. සුබ පරක්කු සුභපැතුම්...!!!

    ReplyDelete
    Replies
    1. බෙටර් ලේට් දෑන් නෙවර් කියනවා නේ!

      Delete
  29. සුභ උපන්දිනයක් රසික අයියා... පරක්කු උනත් ...

    ReplyDelete
  30. අපි මේ බෙල්ට් එකේ එනගමන් හැපි ඇනවසරි වේවා කියන්න...
    සුභපැතුම්..!!
    ජයවේවා..!!

    ReplyDelete
  31. Year 5 - 87%
    A/L - 69%
    UG Degree - ????
    PG Degree/s - ??????

    මොකද වුනේ A/L වලින් පස්සෙ?

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම ටිකක අත්දැකීම් එක වගේ රසික. මමත් පහේ පන්තියේ සිදුවීමක් ගැන කතාවක් ලියාගෙන යනවා දැන් මාසයක් තිස්සේ. තවම වෙලාවක් නැහැ ඉවර කරන්න. සැහෙන සතුටක් ලැබුවා මේක කියවල.

      Delete
    2. @Prem
      ආපසු හොඳ තත්වයට ආවේ පෝස්ට් ග්‍රැජුවේට් කාලෙයි!

      Delete
    3. @ Ajith
      ස්තුතියි අජිත්

      Delete
  32. සුභ උපන් දිනයක් ඒ සමගම.

    ReplyDelete
  33. එන්න පරක්කු උනා රසික.සුබ උපන් දිනයක් වගේම සුබ බ්ලොග් අනවසරියක් වේවා!!!

    ReplyDelete
  34. //...බුදු සාදු ගේ කාලේ රෑට ලයිට් කපන නිසා දෝ රතු නෙළුම් මලක් හොඬවැලෙන් ගත් ඇත් පැටියා මහාමායා දේවියට හොරෙන් ඇගේ කුසට ඇතුළු වූ දින සිට පිරිනිවන් මංගල්‍යය දිනය දක්වා හැම දෙයක්ම කර ඇත්තේ පුර පසළොස්වක පෝය දවස්වල බව පෙනේ.....//

    මගේ මතකයේ හැටියට නම් සුදු ඇත් පැටවා අරගෙන ගියේ සුලු නෙළුම් මලක්.

    පුර පසළොස්වක් පොහෝ දිනයේ බුදු සිරිතේ වැදගත් සිදුවීම් ඔක්කොම වෙලා තියෙන්නේ මොකද කියන එක බුදු සරණ පත්තරේක්ද මනදා විග්‍රහ කරලා තිබුණා දවසක්. බුදු හාමුදුරුවන්ගේ ලග්නය කටක නිසා කටක ලග්න හිමියන්ට පුර පසළොස්වක පොහොයදා ග්‍රහ පිහිටීම හොඳ නිසාය කියලා. හරිද මන්දා

    සුභ පැතුම් සියල්ලටම :D

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.