Thursday 8 October 2015

ශාස්ත්‍රපති රසික සූරියආරච්චි මෙලොවට බිහි වූ හැටි - Jack of all trades


තාත්තා කළු පැහැති රෙද්දක් පොරවා ගෙන ඉන්නා පෝස්කාඩ් ප්‍රමාණයේ රාමු කළ ඡායාරූපයක් අපේ නිවසේ තිබුණි. සුදු පැහැති ජාතික ඇඳුමට උඩින් එලෙස කළු රෙද්දක් කඩා දා ගෙන ඉන්නේ ඇයි දැයි මා දැන ගත්තේ පසු කලෙක කුමක් දෝ ලියවිල්ලක අපේ චූටි නැන්දා තාත්තා ගේ නම අගින් "බී.ඒ." කියා ලියූ දිනයේ ඒ කුමක්දැයි විමසූ විටය.

"බී.ඒ." එකක් ගත් විට කලු රෙද්දක් ලැබෙන බව මම එදා සිතේ සනිටුහන් කර ගත්තෙමි.

ගුරු සේවයේ සිට උසස් පෙළ සහ මා සිතන ආකාරයට "ජී.ඒ.කිව්." නමැති විභාගය සමත් වූ මගේ පියා විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ වසර දෙකක් ගෙවා එකී "බී.ඒ." කෑල්ල ලබා ඇත්තේ වැඩිහිටි සිසුවෙකු ලෙසිනි.

ඉංගිරිසියෙන් Bachelor of Arts හෙවත් "බී.ඒ." නම් උපාධියේ සිංහල හැඳින්වීම "ශාස්ත්‍රවේදී" යන්න බව මා දැන ගත්තේ ඊටත් පසුවය. "බී.ඒ." යන්න ලියන්නන් එසේ ලියන්නේ නමේ අගට ය. "ශාස්ත්‍රවේදී" යන්න ලිවිය යුත්තේ නමේ මුලට ය.

නමුත් අපේ තාත්තා නම් ඔය "බී.ඒ." යන්න හෝ "ශාස්ත්‍රවේදී" යන්න හෝ කිසි දිනක භාවිතා කළ අයෙකු නොවේ.

තම උපාධිවලින් නම සැරසීමට නම් දරන්නන් නම් භික්‍ෂුන්, වෛද්‍ය උපාධිධාරීන් සහ ඇතැම් ආචාර්ය උපාධිධාරීන් ය.

තම වෘත්තීය සුදුසුකම දැක්වීමට අවැසි තැන්වල දී ඔවුන් එසේ කිරීම අන් අයට ද වැදගත් කරුණක් බව කිව යුතුය. උදාහරණයක් ලෙස වෙදෙකු මුණ ගැසීමට ගිය විට ඔවුන්ට ඇත්තේ කුමන උපාධියක්දැයි දැන ගැනීම ලෙඩුන් හැටියට අපට වැදගත් වේ.

ආචාර්ය උපාධිධාරීන් ලියන තම විෂයය ක්‍ෂේත්‍රයේ ලිපියක නම ඉදිරියේ "ආචාර්ය" කියා ලිවීම ද පාඨකයින්වන අපට තරමක වැදගත් කාරණයකි.

එසේ නමුත්, වෛද්‍ය විද්‍යා උපාධිධාරියෙකු ලියන කෙටිකතාවක කතෘ ගේ නමට ඉදිරියෙන් "දොස්තර" හෝ "වෛද්‍ය" කියා ලියා තිබෙනු හෝ භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ඇත්තෙකු ලියන කවියක කතෘ ගේ නමට ඉදිරියෙන් ආචාර්ය කියා ලියා තිබෙනු හෝ එවැනි දේ දැකීම මගේ සිතේ අපුලක් උපදවයි.

ඒ මක් නිසා ද යත්, නිර්මාණාත්මක කටයුත්ත සහ ඔවුන් කර ඇති ඉගෙනීම් හෝ ඒ සඳහා ලබා ඇති උපාධි හෝ අතර කිසිදු සම්බන්ධයක් නැති බැවිනි.

කලකට ඉහත ලංකාවේ ඉංජිනේරුවන් අතරද නමට ඉදිරියෙන් Eng කියා ලිවීම ඇරඹුණි. නමුත් එය සීමා වූයේ රාජකාරි කටයුතු සඳහා පමණි. අද ද, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මේ භාවිතය තිබෙනවා විය යුතුය. කලකට ඉහත පැවති අනෙකුත් රජයේ ප්‍රධාන ඉංජිනේරු දෙපාර්තමේන්තු වූ මහාමාර්ග දෙපාර්තමේන්තුව සහ ගොඩනැගිලි දෙපාර්තමේන්තුව අපේ කාලය වන විටත් වැසී යමින් පැවතුණු නිසා, ඒ ඉංජිනේරු පෙර පදය වෙනත් තැනක භාවිතා වූයේ නැති යැයි සිතමි.

"ශාස්ත්‍රවේදී" නම් නාම විශේෂණ පදය භාවිතා මූලිකවම භාවිතා කරන්නේ කලා උපාධි ලබා ඇති භික්‍ෂුන් බව පහසුවෙන් නිරීක්‍ෂණය කළ හැකි කරුණකි. ඇතැම් වැඩිහිටි ගිහියෝ ද එසේ කරනු කලාතුරකින් දැක ගත හැකිය.

මගේ එක් ජ්‍යෙෂ්ඨ මිතුරෙකු තම විශේෂයෙන් තම ශාස්ත්‍රීය වැඩ කටයුතුවලදී මේ "ශාස්ත්‍රවේදී" යන පදය තම නමට ඉදිරියෙන් ලිවීමට පුරුදුව සිටියේ ය. අප දෙදෙනා විසින් ප්‍රධාන සම්මාදම දැක්වූ එක්තරා නිර්මාණාත්මක කටයුත්තක දී ද, ඔහුට එය එලෙසම කිරීමට අවශ්‍ය විය.

උපාධි විස්තර දැක්වීම කළ යුත්තේ, ඒ උපාධි විෂයයන්ට අදාළ තැන්වලදී අන් අයගේ ප්‍රයෝජනය සඳහා පමණක් යැයි සිතන මට එයට එකඟ විය නොහැකි විය.

මා ඔහුට කීවේ මෙයයි.

"මිත්‍රයා, ඔබ එසේ ශාස්ත්‍රවේදී කියා ලියුවොත්, මේ කාර්යයට සම්මාදම් වූ අන් සියලු දෙනාම ලබා ඇති උපාධි මොනවාදැයි සොයා ඒ සියල්ල නිවරැදිව සටහන් කළ යුතුයි. එසේ කළ හැකි වුණත්, එවිට, මේ නිර්මාණයේ මුල් පිටුවේ අප දෙදෙනා ගේ නම් සඳහන් වෙන ස්ථානයේ දී, මගේ නමට ඉදිරියෙන් ශාස්ත්‍රපති යැයි යෙදීමට මට සිදුවේ."

"මගේ ශාස්ත්‍රපති පදය ඔබේ ශාස්ත්‍රවේදී යන්නට වඩා ඉහළ උපාධියක් නිසා, එමගින් මගේ නම, ඔබේ නමට වඩා ඉහළින් කැපී පෙනීම වැළකිය නොහැක. මගේ ජ්‍යෙෂ්ඨයෙකු වූ ඔබට ඉහළින් යාමට මම අකමැත්තෙමි."

"එනිසා, වඩාත් ප්‍රඥාගෝචර ක්‍රියාව වන්නේ අප කිසිවෙකු ගේ කිසිදු උපාධියක් ගැන සඳහන් නොකර සිටීමයි!"

ඒ තර්කයෙන් මගේ ජ්‍යෙෂ්ඨ මිතුරා මගේ අදහසට නම්මා ගැනීමට මට එදා හැකිවිය.

නොදන්නා අයගේ දැන ගැනීම පිණිස කියනවා නම්, මෙහි "ශාස්ත්‍රපති" යන්නෙන් අදහස් කෙරෙන්නේ "එම්.ඒ." හෙවත් "මාස්ටර් ඔෆ් ආට්ස්" නම් පශ්චාත් උපාධියයි.

මා ශාස්ත්‍රපතියෙකු වූයේ කෙසේදැයි ඊළඟ ලිපියේ විස්තර කිරීමට අදහස් කරමි.

-මැවිසුරු විද්‍යාවේදී රසික සූරියආරච්චි
-මැවිසුරුපති රසික සූරියආරච්චි
-ශාස්ත්‍රපති රසික සූරියආරච්චි


-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ලිපිය සහ මේ හා සම්බන්ධ ඊළඟ ලිපිය සඳහා නිමිත්ත සපයමින් මගේ මතකය අවදි කළ නලීන් දිල්රුක්‍ෂ මිතුරාට මගේ විශේෂ ස්තුතිය පිරිනමමි.

(image: http://genius.com/Beach-house-master-of-none-lyrics#note-2065919)

56 comments:

  1. ශාස්ත්‍රපති මැවිසුරු විද්‍යාවේදී රසික සූරියආරච්චි?

    -විද්‍යාවේදී විදානේ-
    ලස්සනයි නේ?

    ජ ය වේ වා !!!
    -විද්‍යාවේදී විදානේ-

    ReplyDelete
    Replies
    1. මචං ඔන්න මම නං නිකංම නිකං තුෂාර විතාරණ අෑ............ ඔය මොකවත් නැහැ නෙව දාන්න......

      Delete
    2. මටනම් එකක් තියනව
      මධ්‍යස්ථ මතධාරියා - අටපාස් ගෞරව විශේෂ

      Delete
    3. මේක මරු..

      Delete
    4. කොන්ක්‍රීට්පති ප්‍රසන්න.

      හැක්.. කොහොමද ඒක.

      Delete
    5. මධ්‍යස්ථ මතධාරියා ගේ comment එකට +1 :)

      Delete
  2. ප්‍රශ්නෙ මේකයි. අද මූලික උපාධිය කොමන් වෙලා නිසා හැමෝගෙම නමට මුලින් මිස්ටර් මිසිස් දානව වගෙ ඕව දාන්න වෙනව. ඒ නිසා නොදා ඉන්න එක හොඳයි. අද කොල්ලො කෙල්ලො ෆස්ට් ඩිග්‍රිය අරන් ඒ ගමන්ම මාස්ටස් කරල තමා ගෙදර එන්නෙ. ඩිග්‍රිය මහමෙරක් වුනේ අපේ දෙමවුපියන්ගෙ පරම්පරාවට.
    අපේ තාත්ත පෙරාදෙනියට පාස් වුන වෙලාවෙ ඒ ගමේ උත්සවයකුත් තිබ්බලු.මේ 60 දශකයෙ මහනුවර දිස්ත්‍රික්කයෙ ගමක තත්වය.ඒ ගමේ ඊට පෙර කිසිම කෙනෙක් කැම්පස් ගිහින් නෑ. අද කැම්පස් ගිය එකෙක් නැති ගෙදරකින් අබමිටක් හොයනව කියන එකත් ලේසි නෑ..

    නමේ මුලට ඕව දානව කියන එකනම් විහිළුවක්. දැන් ආචාර්ය කමත් බල්ලට ගිහින් සම්මාන ආචාර්ය උපාධි නිසා.

    ReplyDelete
  3. ශ්‍රාස්ත්‍රපති කතන්තර සුරින් පවා මේ ගැන කලින් ලියා තිබු බවක් මට මතකයි..

    මීට ආචාර්ය දේශකයා

    ReplyDelete
    Replies
    1. දේශා.................. මොන්ටිසෝරි වල ඉගැන්නුවාට ඔය අාචාර්ය කියලා දාන්න බැහැ.... ඒකට වෙන මොනවදෝ කරන්න ඔ්නේ...

      Delete
    2. ආචාරියා රවටා කැත්ත සෑදුව වගේ කියන එක හැදෙන්න මුල් වෙලා තියෙන්නෙ ඔය ආචාරි දේශකයා තමයි.

      Delete
  4. අයිසෙ මමත් දාන්න ඉන්නෙ ආචාර්ය ඇනෝනිමස් කියල

    ReplyDelete
  5. මෙහෙ, ලංකාවේ බඩු විකුණන ග්‍රොසරියක් කරන කෙනෙකුත් තමන්ගේ කඩේ බිස්නස් කාඩ් එකේ ඇකඩමික් කොලිෆිකේෂන් දාලා තියනවා. කවුද එකෙක් දැකලා අහුවලු තුනපහ ඩිග්‍රියක්ද තියෙන්නේ කියලා... මටත් දිරවන්නේ නෑ ඔය දාල නොවන තැන් වලදී ඕවා පාවිච්චි කරන එක ගැන...

    -- අට පාස් තිසර --

    ReplyDelete
  6. රසිකයියේ............... සුදුසුකම් කියන දේ මිනිස්සුන්ගේ හැසිරීමෙන් සහ වැඩ වලින් පේන්න ඔ්නේ..... ඒහෙම පේන්නැත්තං ඒවගේ ගැටලුවක් තියෙනවා..... සුදුසුකම් කිය කිය අැවිදීම අැත්තට ම නුසුදුසුකමකි.....

    ReplyDelete
  7. දැන් ඔය නමට මුලින් කෑලි දාන්න පුලුවන් උපාධිකාරයන්ට විතරද
    අපි වගෙ ඉස්කෝලෙ විතරක් ගිය අයටත් ක්‍රමයක් ඕන . ඒ කියන්නෙ අටපාස් මධ්‍යස්ථ මතධාරියා වගෙ එකක්.

    - අට පාස් ගෞරව මධ්‍යස්ථ මතධාරියා - - 8 + ගෞරව , ( නවය ශ්‍රේණියට සමත් )

    ReplyDelete
  8. //තම උපාධිවලින් නම සැරසීමට නම් දරන්නන් නම් භික්‍ෂුන්, වෛද්‍ය උපාධිධාරීන් සහ ඇතැම් ආචාර්ය උපාධිධාරීන් ය.// හමුදා නිලධාරිනුත් ඉන්නවා.. රාජකාරි ලිපිවලදී සැමවිටම වගේ මේ 'ඩෙකරෙෂන්ස්' භාවිතා වෙනවා.. උපාධි වලට පෙර වීර පදක්කම් ආදියත් (උදා: WWV, RWP, RSP) සටහන් කරනවා.. (තව දුරටත්) හමුදා නිලධාරියෙකු නොවුනත් මාත් තවම පුරුද්දට එහෙම කරනවා.. :)
    @ ශාස්ත්‍රපති රසික ගැන දැන ගැනීමේ කුතුහලයෙන්

    ReplyDelete
    Replies
    1. කල්යානෙගෙත් ටයිටල් එකක දාන්ඩකො අප්පා. මේ හැමෝම දාල තියෙන්නෙ.

      ඔය මේජර්, බ්‍රිගේඩියර්, කැප්ටන් වගේ එකක් ඇති නොවැ.

      Delete
  9. ඉන්ජිනේරු හා ඒගොල්ල එක්ක වැඩ කරන තවත් වෘත්තිකයන් කොටසක් දැන් ගොඩක් තැන්වල ඉස්සරහට කෑල්ල දානව. එහෙම කරන වෙනත් රටවලුත් තියනවද?

    ReplyDelete
    Replies
    1. පොලිටිකලි බ්‍රලයින්ඩ් ගෞරව ආචාර්ය ප්‍රා ජේ මහතා

      Delete
    2. කාලෙක ඉඳන් ( මම මෙහේ එන්න ඉස්සර ) ලංකාවෙ වරලත් ගෘහ නිර්මාන ශිල්පියෝ Archt. කියන කෑල්ල පාවිච්චි කරන බව තේරුනා, නමුත් අද වෙනකොට ශ්‍රී ලංකා ගෘහ නිර්මාන ශිල්පීන්ගේ ආයතනයෙන් දවස පුරාවට එවන ලිපිවල අපේ නම ඉස්සරහින් ඔය Archt. කෑල්ල දාලා එවනවා මිසක් වෙන කවුරුවත් ඕක පාවිච්චි කරනවා මම නම් දැකලා නෑ...
      හැබැයි මා සමග සහයෝගයෙන් ව්‍යාපෘතියක ඉංජිනේරුවන් වී සිටින CECB ඉංජිනේරු ආයතනයනම් ගෙඩි පිටින් Eng. කියන කෑල්ල හැමතැනම නමට කලිනුත් කතාවෙදිත් පාවිච්චි කරන තරමටම තමන්ට වඩා උසින් වැඩි හැම කෙනාටම sir කෑල්ලත් පාවිච්චි කරනවා...

      Delete
  10. උපාදියක් තිබුනට ඒකෙන් අද කරන්න පුලුවන් වැඩක් නෑ. ඒ කියන්නෙ අද වෙනවිට උපාදිය තවත් එක් සහතිකයක් විතරයි. ඉස්සරනම් උපාදිධාරීන් ඉහල වැටුප් ලැබූ බව අසා තිබෙනවා. අද උපාදි නැතත් ඉහල වැටුප් ලැබිය හැකියි.ඉංග්‍රීසි, කොම්පියුටර් කියන දෙකට උපාදිය ටත් වඩා සමහර වෙලාවට සලකනවා. උපාදිය කියන්නෙ තවත් එක් අමතර සුදුසුකමක් විතරමයි.
    මීට
    කසුන් නයනජිත්, "ශාස්ත්‍රවේදී" ශ්‍රී ජයවර්දනපුර

    ReplyDelete
    Replies
    1. කසුන් ඔය මොන උපාධිය ගැනද කියන්නේ ඇත්තටම...!

      Delete
  11. මටත් ඔය අදාල නැති තැන්වල කොන්ඩයි නැටියි එල්ලගෙන ඉන්න එක පේන්න බැරි වැඩක්. අනික ඔය උපාධි ගැන නොදන්න කෙනෙකුට ඔය අකුරු දාගෙන හිටියයි කියල ඒ මනුස්සගෙ ඒ අකුරුවල වටිනාකම තේරුං ගන්න පුලුවන් කියල මම හිතන්නෙ නෑ.

    මීට,
    කොන්ක්‍රීට්පති ප්‍රසන්න MBBS(පලංචිය) Co.MIX (කමත)

    ReplyDelete
  12. තමන්ගේ තියෙන සුදුසුකමක් ප්‍රසිද්ධ නොකර ඉන්න උසස් මානසික තත්ත්වයක් අවශ්‍යයි නේද?. මානසික පරිණත භාවය සුදුසුකම් ලද පමණින් ලැබෙන්නේ නැහැ. එක්තරා කාළයකදී තේරුම් යනවා තමන්ගේ තියෙන සුදුසුකම්, වත්කම්, ආදිය ගැන පිට කවුරුවත් සත පහකට මායිම් නොකරන බව. ඒතකොට ඒවා හෙළි කරන එක මදි කමක් වගේ දැනෙනවා.

    මේකට වඩා හාස්‍ය ජනක දෙයක් තමයි වෛද්‍ය විද්‍යාලයේ සිසු සිසුවියන් සුදු ලෝගුව හැඳ පාරේ ගමන් කිරීම. මම දන්නා විදිහට ලෝගුව තිබෙන්නේ වෛද්‍ය වරයාගේ ඇඟේ තිබිය හැකි පිටින් පැමිණෙන අපිරිසිදුකම් රෝගියාට යාම වැලක්වීමට. ඒකට තියෙන ලෝගුව පාරේ හැඳගෙන යනකොට වෙන දේ මොකද්ද? සමහර විට ලෝගුව ඇඳගෙන යනවිට මොවුන් වෛද්‍යවරුන් යැයි අනෙක් අය සිතනවායැයි ඔවුන් සිතනවාද?

    ReplyDelete
    Replies
    1. මම බොහොම පොඩි කාළේ හිතුවේ කුපාඩියා කියන වචනෙයි උපාධිය කියන වචනෙයි තියෙන්නේ එකම තේරුම කියල. දැන් දන්නව හිතපු එක හරි කියල.

      Delete
    2. මාත් කාලයක් පශ්චාත් උපාධියකි කියන්නේ පස් තාච්චි කුපාධි ඬැඩක් කියලයි හිතාගෙන හිටියේ!

      Delete
  13. පිනාචාර්ය උපාධිගත් අයත් බොහෝ විට මේ පට්ටම නමට පෙර භාවිත කරනවා. ආචාර්ය මර්වින් සිල්වා වගේ.

    ReplyDelete
    Replies
    1. හා හා නලින් අයියෙ ඔයාම ඔයාව ගස් බැඳලා ගහගන්නද හදන්නෙ?

      Delete
  14. මේක මරු කතාව
    -කාලකණ්නි (විශේෂ) එස්.පී.(සෙට්ට පොච්චි) මලියා

    ReplyDelete
  15. අර අප්‍රිකා රටකත් ජනපති බිරියකට ආචර්ය උපාධියක් දෙන්න ගිහින් , තව පොඩ්ඩෙන් ජනාධිපති පට්ටමත් ගැලවෙනවා ...

    අපේ ඉස්ස තිබ්බේ ..

    අතිගරු .....උතුමාණන් ....
    තැන්පත් .....
    ජන රංජන
    ශ්‍රී රෝහණ ජන රංජන ....?

    ReplyDelete
    Replies
    1. අප්‍රිකාවට යන්න ඉස්සෙල්ල ජයවර්ධනපුර වි.වි එකෙන් ආචාර්‍යය උපාධියක් ගන්න ඔන්න මෙන්න කියල හිටිය කෙනෙක් මේ සිරි ලංකාවෙත් හිටියනේ. අර කොච්චර එයා කන්ඩිශන් එකෙන් කරදර තිබ්බත් 99% ලකුණු අරන් පාස් වෙච්ච අපේ නීතීඥ තුමා.

      Delete
    2. ඒකෙත් ආඩම්බරේ අපේ විස්ස විජ්ජාලෙට නේන්නං.

      Delete
    3. ආ.... අර බබා ගැනද ඔය කියන්නේ ?

      Delete
  16. පසුගිය කාලේ හොරාචාර්ය කියල කට්ටියකුත් බිහිවුනා. ඔය සල්ලිවලට උපාධි ගත්ත අය.

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. මටත් හරිම හිරිකිතයක් දැනෙනව තමන්ගෙ රාජකාරිමය වපසරියෙන් පිට ඔය වලිග එල්ලද්දි.
    ඔය පට්ටම් පෙන්නල සමහරු කලා ලෝකෙ පොර වෙන්න යන එක දැක්කම පුකෙනුත් හිනා යනව.
    ඔය MA කට්ටක් මටත් තියෙන නිසා ඔන්න ලිව්ව...
    Eng. ශාස්ත්‍රපති(ජනසංනිවේදන) නොකී කතා

    ReplyDelete
    Replies
    1. වරහන ඇතුලේ ලිවිය යුත්තේ විෂය ක්‍ෂේත්‍රය නොව විශ්ව විද්‍යාලයයි!

      Delete
  19. මට මතක් වෙන්නේ ආචාර්ය මර්වින් සිල්වා. සමහරු කියන්නේ ටොයිලට් සිල්වා කියලා.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
  20. පඳුරකට පයින් ගැහුවාමත් විසි වෙන තරම් ආචර්ය,මහාචර්යා වරු ඉන්න රටක් නේ මේක.

    ReplyDelete
  21. මටත් ආසයි ආචාර්ය අවංක ආර්යන් වගේ කෑල්ලක් එල්ලගන්න. එක්කොත් එක්ක ඔව්වා ඕනි නෑ. නමට බර වැඩියි.

    තමන්ට නැති සුදුසු කමක් නමට අගින් යොදා ගැනීම වරදක්ද? මොකද මං දැකල තියෙනව සමහරු ඒම කරනවා. සමහර ටියුෂන් සර්ලා ඒම.................

    ReplyDelete
  22. දෙමළ ෆිල්ම් එහෙක තිබ්බ දෙබසක්;

    A උඹ දෙකේ පන්තියට විතරනෙ ඉස්කොලෙ ගියෙ, ඉතින් මම තමයි මෙතන උගත.

    B - දැන් පාස්ද ෆේල්ද ලොකු?

    A - පාස්

    B - ඉතින් උඹත් පහේදි ෆේල්නෙ, මම තුනේ පන්තියට නොගියට දෙකේදි පාස්නෙ.

    මම - දෙක පාස් උපශාන්ත.

    ReplyDelete
    Replies
    1. යහපාලනේට කඩේ ගිහිල්ලා වැඩේ කෙලවුනාම සද්ද නෑ නේද?

      මහින්ද මහත්තයා ආවා නම් මම අර සල්ලි ටික දෙන්න හිතන් හිටියෙ...

      -මම පහ ෆේල් අභීත-

      Delete
  23. කෙටි කතා ලියල බ්ලොග් වල දාන කතුවරයෙක් නම් මුලට 'වෛද්‍ය' කියල දාල තියෙනවා දැක්කම මටත් ඔහොම හිතුනා (ඒ කතා නම් හොඳයි..)
    නම මුලට 'Mrs' දාන එකත් ගොඩක් තැන්වලදී ඔය වගේ irrelevant කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. වෛද්‍ය රුවන් එම් වීරතුංග...අපි එතුමාගේ අදහසත් බලමු

      Delete
    2. මා දන්නා තරමින් වෛද්‍ය යන්න අවශ්‍ය වෙන්නේ රෝගීන්ට ප්‍රතිකාර කරන තැනකදී පමණි.

      පර්යේෂන පත්‍රිකාවකවත් නමට ඉදිරියෙන් එලෙස ලියනු නොලැබේ!

      Delete
  24. ඊට වැඩ හොඳ නැද්ද බෝගමැවී රසික කියල දැම්මා නම්

    ReplyDelete
  25. ..//තම උපාධිවලින් නම සැරසීමට නම් දරන්නන් නම් භික්‍ෂුන්, වෛද්‍ය උපාධිධාරීන් සහ ඇතැම් ආචාර්ය උපාධිධාරීන් ය//..

    ඕක වැඩිපුරම පාවිච්චි කරන්නේ භික්ෂුන්,පිංකමකට එහෙම ගියාම තියන පට්ටම් කියන්නම ගන්නවා ලොකු කාලයක්.මට නම් හිතෙන්නේ ඒක අනවශ්‍ය වැඩක් කියලා.සමහර මොංගල් ඩයල් වලටත් ආචාර්ය කියලා උපාධි පිරිනමලා උපාධියත් හෑල්ලුවට ලක්වෙලා තියෙන්නේ.

    කොහොම උනත් පොතක් මිලදීගන්නකොට මමනම් බලනවා ඒ පොතෙහි කතෘගේ සුදුසුකම් මොනවද කියලා.

    ReplyDelete
  26. ඕක මොකක්ද අනේ, දැන් වාහනෙත් යන්නේ කව්ද කියලා ඉට්ටිකර් එකෙන් කියන්න පුළුවන්.. මම මේ ලඟදි දැක්කා ඉන්ජිනේරුවෙක්ගේ ඉට්ටිකර් එක අලවගෙන යන පොලිස් මහත්තැන් කෙනෙක්.. තව ටික කාලෙකින් අර ෆේස් බුක් එකේ දාන පොටෝ එක වාහනේ අලවගෙන යයි..

    ReplyDelete
    Replies
    1. මම දවසක් පොළොන්නරුවේදී දැක්කා . පපඩම්, ගම්මිරිස් කුඩු පැකට් එහෙම පටවන් ඩිලිවරි යන වහනෙක ඔය ජාතියේ ස්ටිකර් එකක් තියෙනවා. විපරම් කරලා බැලුවම ඒ වාහනේ කලින් අයිතිකාරයා ඉන්ජිනේරුවෙක්ලු

      Delete
  27. හරියට හරි මාතලන් ඔය දොස්තරල ඉන්නෙ ඉස්සරහයි පස්සෙයි දෙකේම ක්‍රොස් එක ගහගෙන පින්තූරෙකට හිටියොත් ඉන්නෙ සිව දෙය්යො වගෙ තව රෝයල් බැජ් ආනන්ද ස්ටිකර් ඔටර්ස් ස්ටිකර් බාර් ඇසෝසියේෂන් ස්ටිකර් පාර පේන්නෙත් නැහැ වින්ඩ්ස්ක්‍රීන් එක බාගයක් වැහිල

    ReplyDelete
  28. -මැවිසුරු විද්‍යාවේදී හා මැවිසුරු පති කියන්නේ මොකක්ද?
    මිට Eng අජිත් කොළඹ ගමයා

    ReplyDelete
    Replies
    1. මැවිසුරු විද්‍යාවේදී = Bachelor of the Science of Engineering (BScEng)
      මැවිසුරුපති = Master of Engineering (MEng)

      ඔබට ඇත්තේ Master of Engineering මුල් උපාධියක් විය යුුතුයි!

      Delete
    2. මට Master of Engineering මුල උපාධියක් තිබෙනවා. මොකද අපට සෝවියට් දේශයේදී BSc එක දිගටම කරගෙන තව MSc එක සඳහා. බටහිර රටවල මේක කඩනවා මුදල් ප්‍රශ්න නිසා. (ආයිත් සල්ලි ගන්න ). දැන් රුසියාවත් ඒකම
      මට තව මැවිසුරු දෙකක් තිබෙනවා. එකක් පරිගණක විද්‍යාව හා අනික අභ්‍යවකාශ භෞතික විද්‍යාව.

      Delete
  29. //නිර්මාණාත්මක කටයුත්ත සහ ඔවුන් කර ඇති ඉගෙනීම් හෝ ඒ සඳහා ලබා ඇති උපාධි හෝ අතර කිසිදු සම්බන්ධයක් නැති බැවිනි.// ඉහලින්ම එකඟයි. ඒ වගේම වැදගත් කතා බහකට මුල් වූ ලිපියක්

    ReplyDelete
  30. උගතුන් හා විද්වතුන් නම ඉස්සරහට දාන වචන ගැන වොරිවෙන රටක, සියලු වැඩ කෙරෙන්නේ "සාත්තරපති හෝ කේන්දරපති" වරුන් අතින් වීම පට්ටම ජෝක් එකක් නේද?

    ReplyDelete
  31. මේක මම ගිය අවුරුද්දේ කියෙව්වා වගේ මතකයි. ආපහු දාන්න නිමිත්ත කුමක්ද ?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.