Thursday 12 November 2015

දවසක ඇරඹුම - Just another day


නිදා සිටි නෙත් දෙපියන
කෙමෙන් විවරව එන විට
එලාමය ඒ බව දැක
නගයි කෝකිල ගී හඬ

උදෑසන හිරු පිබිදී
අඩ පැයක් ගත වී ඇත
එහෙත් ගත ඇත නිදිමත
තවත් පැයකට ගැලපෙන

කෙමෙන් දිගු කර දකුණත
නිහඬ කරවමි ගී නද
පියා ගමි යළි නෙත් දෙක
මාවුලාවේ(*) ඔබමින

යළිත් සීනුව හැඬවෙත
යොමමි නෙත කවුළුව වෙත
පෙරෙන හිරු රැස් කුරිරුව
දවයි අඩවන් මා නෙත

අතට ගෙන සෙල්ෆෝනය
එබෙමි අන්තර්ජාලෙට
දකිමි මිතු තතු දස දෙස
විඳිමි බ්ලොග් ලොව ලිපි රැස

කොහිද යැයි අමතක මුත්
දුටුව ඒ පෙර දිනයක
යෙදුම මා සිහියට එයි
"දවස තවමත් තරුණය!"

-රසිකොලොජිස්ට්

(*) - මංජුල වෙඩිවර්ධන ගේ "මගේ ආදරණීය යක්‍ෂණි" කෘතියේ තිබූ අමාරු වචනයකි. ෆේස්බුක් ජාලය හරහා මිතුරන් ගේ උදව්වෙන් තේරුම දැන ගතිමි.

(iamge: http://deborahvelasquez.blogspot.com.au/2013/05/may-flower-challenge-day-twenty-nine.html)

29 comments:

  1. මාවුලාව කියන්නේ ස්මාට් පෝන් එක වෙන්ටැති එහෙනං..

    ඔය කෝචිචියේ යන ගමන් එක එක ඒවා ඔබන්න එපා.. එලාමයේ කූජනය මට නං හෙන රහයි.. හැක්..

    ReplyDelete
    Replies
    1. එලාම් සේරම දැන් ෆෝන්වල නිසා ඕනෑ නාදයක් තෝරා ගන්න පුළුවනි!

      Delete
  2. It comes from the soothsayer in the murder of Cesar. He told Cesar to beware the Ides of March (March 15) by the Roman calendar. When the 15th of March arrived Cesar saw him and shouted "Talisman ! Behold the Ides of March are here and so am I! And he replied "Aye, But the day is still young, the day is still young. - From the web

    ReplyDelete
  3. එලාමයේ කෝකිල ගී හඬට නිදාසිටි නෙත් දෙපියන විවර වෙනවා නෙමේද?

    'එහෙත් ගත ඇත නිදිමත-තවත් පැයකට ගැලපෙන'

    රෑ තිස්සේ මූණු පොතේ ඉන්නකොට එහෙම තමයි. :P

    ReplyDelete
    Replies
    1. මේකේ තියෙන හැටියට හිතෙන්නේ රසිකගේ දෙනෙත් එළියෙන් එලාමය අවදි වන බවයි ...:D

      Delete
    2. ඇත්තටම වෙන්නේ එලාම් එක වදින්න විනාඩියකට හෝ කලින් හැමදාම මා අවදි වීමයි. දෙවෙනි එලාම් එකටත් එහෙමයි!

      Delete
  4. මාවුලාව කියන්නෙ කොට්ටෙට නේද?

    ReplyDelete
    Replies
    1. කොට්ටෙ ටිකක් අවුල් වුනාමලු

      Delete
    2. එහි තේරුම කොට්ටය බව මා දැන ගත්තේ වත්පොතේ මිතුරන් ගෙන්, සචී පනාවල හෝ තරංගනී රෙසිකා ද කොහෙද තමයි කීවේ!

      Delete
  5. දවස තවමත් තරුණය
    නමුත් අපි මහලුය
    කරන්නට වැඩ බොහෝ ඇත
    සෙල්ෆෝනයේ ඩේටාද ඉතිරි නැත

    ReplyDelete
    Replies
    1. ගෙදරදී සෙල්ෆෝන් එකට ඩේටා ADSL එකෙන් වයිෆයී හරහා!

      Delete
  6. සුව නින්දක් සඳහා උපදෙස්
    #1. නින්දට පෙර අලාර්ම් ඔරලෝසුවේ බැටරි ගලවන්න.
    #2. ඔබ නිවසේ කකුල් දෙකේ අලාර්ම් ඔරලෝසු ඇත්නම් ඔබ නින්දට යෑමට පෙර ඔවුන්ගේ වතුර වීදුරුවට නිදි පෙත්තක් දමන්න.
    #3. ඔබගේ ජංගම හා ස්ථාවර දුරකථන ඔබගේ බොස්ගේ බිරිඳගේ මොබයිල් එකට ෆොර්වර්ඩ් කරන්න. සේවයට යාමට පරක්කු වූවොත් ඔහු ඔබගේ අංකය ඇමතූවිට ඔහුගෙ බිරිඳ පිළිතුරු දෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඔබගේ බොස් කාන්තාවක් නම් ෆෝවර්ඩ් කල යුත්තේ ඇයගේ මවගේ දුරකතනයට.

      Delete
    2. ඉයන්.. බොස්ගේ බිරිඳගෙ ෆෝන් නම්බරේ දෙන්නකෝ..

      Delete
    3. දවසේ හොඳම නින්ද නම් උදේ අවදි වී වැසිකිලියට ගොස් විත් ඊළඟට නිදා ගන්නා නින්දයි. මෙය බියුටි ස්ලීප් ලෙස ද හැඳින්වේ!

      Delete
  7. It's time to get up.. the time is 5.40.. ඕක තමයි අහන්ඩ අකමැතිම ගැනු කටහඬ.. මොනවා කරන්නද ඒත්.. හැමදාම නැගිටින්න වෙන්නේ ඕක අහගෙනමයි.. රැට නිදා ගන්න යනකොට හිතෙන්නේ night is still young කියලනේ.. ඉතින් උදේට නැගිටින්න ගියාම තමයි ඒවා විඳවන්න වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ස්නූස් බටන් එකක් නැද්ද එලාම් එකේ?

      Delete
  8. මාවුලාව. අදමයි වචනේ ඇහුවෙත්, තේරුම දැනගත්තෙත්.. උදේට නැගිටිනඑක තරම් කැමති වැඩක් ලොවෙත් නෑ.. කමි කිව්ව වගේ රෑට හිතෙන්නෙ පුළුවන් තරම් ඇහැරන් ඉන්න , එහෙම ඉඳල උදේට නැගිටිනකොටනේ සෙල්ලම.

    ReplyDelete
    Replies
    1. මංජුල වෙඩිවර්ධන ලඟට මේ වචනය නිර්මානයක පාවිච්චි කළේ මා ද මන්දා?

      Delete
  9. මොන මඟුලක්ද මේ? මේවා නෙවෙයි මේ මොහොතේ තියෙන ජාතික ප්‍රශ්නය සෝභිත හාමුදුරුවො කියපු විදිහට පැය 24 ක් ඇතුළත මළ කඳ පුච්චලා දාන්නේ නැතුව, රුපියල් කෝටි දාහතක් වියදම් කරලා සුපිරි අවමඟුලක් කළේ ඇයි කියන එක. බලාන්ට රසික මේ ටොයියෝ ටික උන්නාන්සෙගෙ මළ මිනියත් විකුණගෙන කන හැටි. කැතයි නේද? අපේ ජනාධිපතිතුමා හෙම බලේ හිටිය නම් අපි උන්නාන්සෙව සිංගප්පූරුවෙ වළලල එන්නෙ කියල තිබුණු විදිහටම.

    ReplyDelete
  10. ඒ වචනෙ එකපාරටම දැක්කෙ මාවවුලාව වගේ.

    ReplyDelete
    Replies
    1. වවුලුව කියලා පරණ කවි පොතක් තියෙනවා, අපේ ගමේ පොරක් ලියපු!

      Delete
  11. මට නම් එලාම් ඕන නෑ.. පහට ඔටෝ ඇහැ ඇරෙනවා.. උදේම නැගිට්ටාම දව්සම ෆිට්..

    ReplyDelete
    Replies
    1. උදේට නැගිටින්න පුළුවනි, හැබැයි, නිදා ගන්නේ කීයට ද කියන එක තමයි ප්‍රශ්නේ!
      මං නිදා ගන්න කොට මැදියම පහුවෙනවා. එනිසා උදේ හයහමාරට හතට පෙර අවදිවීම අමාරුයි!

      Delete
  12. ඔස්ට්‍රේලියාව අපට වඩා පය ගානක්ම එහා මෙහා වෙන නිසා දවස තම තරුණ ඇති. ලස්සන කවි පෙළ.

    ReplyDelete
    Replies
    1. ඊයේ මිය ගොස් ය.
      අද අලුත් දවසකි!

      (ඒක නම් කවියක් නොවේ)

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.