Thursday 10 December 2015

කරුණාකර මේ වාක්‍ය කිහිපය සිංහලට පරිවර්තනය කර දෙන්න - Can someone translate these few sentences into Sinhala, please?


කරුණාකර මේ ඉංගිරිසි වාක්‍ය කිහිපය සිංහලට පරිවර්තනය කර දෙන මෙන් ඉල්ලමි. කවියක් සේ ගායනා කළ හැකි වෙන පරිදි සිංහල වචන පෙළ ගැසිය හැකි නම් ඉතා අගෙයි.

When, how and where did we meet?
I asked you everyday, but you did not reply.

How many days did you make me cry since that day?
How many days did you comfort me since that day?

Having got closer one day, going far away on another,
Coming one day but hiding on another.

When, how and where did we meet?
I asked you everyday but you did not reply!

That is how it has been so far, is it going to be the same today tomorrow and in the future?
Where and how will path we travel end?

It is more than sufficient for life, if is just like this.
Love is not sweet if it is NOT like this!

When, how and where did we meet?
I asked you everyday, but you did not reply!

ස්තුතියි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
අද සිට රසිකොලොජි බ්ලොගයේ රටකජු කඩල අයිස් චොක්ස් සමයක් එැළඹෙන බව කණගාටුවෙන් දන්වමි! දින කිහිපයක් යනතුරු ප්‍රතිචාර පළකිරීම කෙරෙනු ඇත්තේ ද කියවා බැලීමෙන් පසුවය.

25 comments:

  1. මිල්ටන් පෙරේරා ගයන;

    කවදාද කොහොම කොයි තැනකද අප හමුවුයේ - හැමදාම ඇසීමි ඔබ නැත මට පිළිතුරු කීයේ

    නමැති ගීතයේ පදමාලාව නේද මේ?

    http://www.topsinhalamp3.com/songs/milton-perera-mp3-songs/kawadada-kohoma-mp3-song.php

    ReplyDelete
  2. කෙදිනක කොතැන කෙලෙසින් අප හමුවූයේ - විමසමි කිසිදු දින නැත ඔබ තෙපලූයේ
    හැඬුවෙමි මෙනෙහිකොට ඔබ නැත හිමිවූයේ - සිත දුක් නිවන්නට ඔබ කවදද ආයේ

    Its going to be funny after that.. cheer up

    දිනයක ලංව දහසක් පැතුමන් බැන්දා - පසු දින පොලු තබා මාහට උඹ පැන්නා
    හැමදින වෙන්නෙ මේකයි හොඳ හැටි දන්නා - හරකෙකි මමත් අවසානය නොමදන්නා

    Serious again

    ගල්මුල් කම්කටොළු බාධක පොදි බැන්දා - දිවිමග පිරිපුන්ද නැතිනම් දුක් කන්දා
    දුකනැති ආලයද කිසි රස නැති හන්දා - ආලය දිවිමගද එකසම කොට වින්දා

    ReplyDelete
    Replies
    1. හෙහ්.. කවියක් පරිවර්තනය කොලා මයි මේ.. උදේ ඇහැරුනුගමන් දැක්කෙ මේ පොස්ට් එක...කරුමේ කියන්නෙ ඒක දාල පබ්ලිෂ් වෙනව බලන් ඉන්න දවස් තුනක්ද මන්ද ගියා...

      Delete
  3. අපරාදේ පොස්ට් එකක් දැම්මේ... පැරාට කිව්වා නම් ඉවරනේ...

    ReplyDelete
  4. desmond de silvage song eke neda meka

    ReplyDelete
  5. ඔබගේ ඉල්ලීම ඔබ පදිංචි ආසන්න නගරයේ ලියාපදිංචි භාෂා පරිවර්තකයින් වෙත යොමු කලෙමි.
    - ස්තුතියි.
    http://sydneytranslations.com.au/

    ReplyDelete
  6. කවදාද.. කොතනද.. කොහොමද.. අප හමුවුයේ..
    ඇසුවා.. සැමදා ම'ඔබගෙන්.. නැහැ පිළිතුරු ලදුයේ..

    කිව හැකිද දින ගණන්.. ඔබ නිසා මා වැළපුණු එදිනේ ඉඳලා..
    කිව හැකිද දින ගණන්.. ඔබ ඇසුරේ මා සැනසුනු .. එදිනේ ඉඳලා..

    ඉතුරු ටික පසුවට..

    ReplyDelete
  7. Kawadada kothana kelesada apa hamuvuyee
    Hamadama asami oba natha thawa pilithuri kive.......

    ReplyDelete
  8. දිනෙක අප ලං උනා.. තව දිනෙක වෙන් වුනා..
    දිනෙක හමුවුණු නියා..දිනෙක සැඟවී ගියා..

    කවදාද.. කොතැනද.. කොහොමද.. ....

    ආ ගමන් මඟ එලෙසට.. සතුට පෙනී පෙනී දුරගිය..
    අපේ ඉදිරියේ ලියා ඇත්තෙත් අනියතම බව විතරද?
    අද ගෙවන මේ කතර දුර මග
    නිමාවක් කොතැනක වෙද?

    හෝල්ඩ් ඔන්..

    ReplyDelete
  9. විඳි ගැහැට මෙතුවක් සරි
    තවත් නම් වින්දවනු බැරි..
    අහෝ! බාධක නොමැති කල පෙම
    රසය හිඟ විද සුන්දරී...

    වැඩ කරන ගමන් 'බාධක මැද' තමයි පරිවර්තනය කෙලින්ම ටයිප් කරේ.. අඩුපාඩුවක් හදන්නවත් මුල් ටිකේ වචන මතක නෑ මොඩරේෂන් නිසා.. පොඩි එකාගේ ලියුම වගේ කියලා හිනා වෙන්න එහෙම එපා.. :)

    ReplyDelete
    Replies
    1. අයියෝ.. මේක සිංහල සිංදුවක් ආපහු ඉංග්‍රීසියට හරවල ගත්ත එකක්ද? අපරාදේ අපේ උත්සාහය.. :/ මිල්ටන් පෙරේරා කැමති ගායකයෙක් උනත් මෙහෙම සින්දුවක් මන් අහල තිබ්බේ නෑ..

      Delete
  10. මදෑ.. මේ ලෙඩ ඔක්කෝම අර හයේ පන්තියට ගියපු කතන්තර මාමාටත් තිබුනා.. හැක්..

    ඒක නෙමෙය කීයක් දෙනවයි ඔයැයි මම මේක සිංහලෙන් ලිව්වොත්

    ReplyDelete
  11. ඕක සිංහලට පරිවර්තනය කරාට වැඩක් නෑ . මිල්ටන් පෙරේරා මැරිලා .

    ReplyDelete
  12. මොනවා හරි ජිල්මාර්ට් එකක් නම් දාන්න පුළුවන්...
    ඒත් ඒකට වඩා හොඳ ඒවා හම්බ වෙයි...

    ReplyDelete
  13. //කවද්ද , කොහේද, කොහොමද අප හමුවුනේ
    මා හැමදා ඇසූමුත් නෑ ඔබ කියූවේ//

    මුල එක විතරයි,
    නිකම් වාක්‍ය ලෙසනම් ඉක්මනට කරල දෙන්න පුලුවන්.
    ඒත් කවි / ගීත ලෙස කිරීමට වෙලාව/ හැකියාව / ඉවසීම මදි . එනිසා පටන් ගැනීම විතරයි, සොරි.

    ReplyDelete
  14. මා හිතනවා ඔය පද ඔබට මෙන්න මේ විදියට හරවා ගන්න පුළුවන් වෙයි කියලා.

    http://www.abc.net.au/news/2015-12-10/two-arrested-in-sydney-counter-terrorism-raids/7016270

    ReplyDelete
  15. කවදාක කොහෙද කොයි ලෙසකද අප හමුවුයේ
    හැමදාම ඇසිමි ඔබ නැත මට පිළිතුරු කීයේ...
    ඔබ එදා ඉඳන් කී දවසක් මා හැඬේව්වද... ඔබ ඉඳන් කී දවසක් මා නැලෙව්වද.....
    දිනකදී ලංවේ දිනකදී ඈතට යනවා... ( ආදී වශයෙන් මිල්ටන් පෙරේරා ගැයූ ගීතය)

    ReplyDelete
  16. When, how and where did we meet? කවදා කෙසේ කොතැනක අප හමු වූවේ
    I asked you everyday, but you did not reply. සැමදා ඇසූ මුත් ඔබ නැත එය කීවේ


    How many days did you make me cry since that day? එදා පටන් මා කෙතරම් හැඬුවාද
    How many days did you comfort me since that day? ඔබ කී දිනක් මා සනසාලූවේද

    Having got closer one day, going far away on another, වරක් ළං වෙලා යළි ඔබ දුරස් වෙලා
    Coming one day but hiding on another. දිනකදි ඇවිත් තව දිනකදි සැඟවීලා

    When, how and where did we meet?
    I asked you everyday but you did not reply!

    යකෝ මේක සිංහලෙන් ඉංගිරිසියට හරවපු එකක් වත්ද?

    ReplyDelete
  17. කවදාද කොහොමද කොයි තැනකද අප හමුවූයේ
    හැමදාම ඇසිමි ඔබ නැත මට පිළිතුරු කීවේ

    ReplyDelete
  18. Sorry about delays in publishing your comments.

    I will be back soon.

    ReplyDelete
    Replies
    1. මක් කිව්වා....?

      Delete
    2. We don't need your back (පුක).

      අපි දාපුවා ඔබාපියව්.. හැක්.. (කජු කකා ඉන්නේ නැතිව)

      Delete
  19. How about this

    http://adelaidesrilankan.com/australias-troubled-suburbs/

    ReplyDelete
  20. ගල්ලෙන බ්‍රෝකන් - ලෙන් ඩෝ ඕපන්

    වර්ගයේ එකක් නේද?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.