Wednesday 13 January 2016

අනුර කුමාර දිසානායක, අර්ජුන රණතුංග සහ ජනාධිපතිලාව ගොං රජාට ඇන්දවීම - History repeats


අතීතය අමතක අයට මදකට සිහිපත් කරනවා නම්-

යුද්ධය හමාර වීමෙන් පසු රජකමක් ආරූඪ කරගත් මහින්ද රාජපක්‍ෂ තම පළමු සේවා කාලය අවසන් වෙන්නට වසර දෙකකට පමණ පෙර 2010 දී ජනාධිපති ඡන්දයක් පැවැත්වීය.

යුධ ජයග්‍රහණයේ අනිත් පොල්මහඃකාර අයිතිකාරයා වූ සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස ඡන්දයට ඉදිරිපත්විය.

ජයගත් මහින්ද රාජපක්‍ෂ සිය බලය තහවුරුකරගත් අතර, පැරදුණු සරත් ෆොන්සේකා විවිධ අපරාධ චෝදනා වෙනුවෙන් අත් අඩංගුවට පත්ව, පසුව වරදකරු වී සිර දඬුවම් ලද්දේ ය.

මහින්ද රාජපක්‍ෂට ලංකාවේ නැති රජකමක් පවරා සින්නක්කරව ලබාදීමට මූලිකවම උපයෝගී කරගත්තේ සුනිල් ආර් ගමගේ ලියා, සමන්ත පෙරේරා සංගීවත් කර, සහෙළි ගමගේ නම් තරුණ ගායිකාවක විසින් ගයන ලද "ආයුබෝවේවා, මහරජාණෙනී" නම් ගීයයි.

ඒ කූප්‍රකට ගීය අසා නැත්තෙකු ඇති යැයි නොසිතමි!

මෙන්න ඒ ගීතය: https://youtu.be/S5OZNrTPLEk



එතැන් සිට කතාව මෙලෙස ය.

සිරබත් කන සරත් ෆොන්සේකා බේරා ගැනීමේ අරමුණ ඇතිව ජනතා විමුක්ති පෙරමුණ සහ ප්‍රජාන්තවාදී පක්‍ෂය විසින් එකල ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමේ ව්‍යාපාරය නම් සංවිධානයක් අරඹන ලදී. මෙහි නායකත්වය ගත්තේ අනුර කුමාර දිසානායක සහ අර්ජුන රණතුංග දෙදෙනා ය.

ඔවුන් දෙදෙනා සහභාගී වූ සම්මන්ත්‍රණ මාලාවක් වසර 2010 ඔක්තෝබරයේ දී ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල පවත්වන ලදී. සිඩ්නි නගරයේ දී එය සංවිධානය කළේ එවකට ජනතා විමුක්ති පෙරමුණේ සිඩ්නි ප්‍රධාන සංවිධායකවරයා වූ ජගත් බණ්ඩාර සහෘදයා ය.



සභාවේ පෙනෙන්නට නො සිටිය ද, පසුව ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වූ පෙරටුගාමී පක්‍ෂයේ දේශපාලන මංඩල සභික ප්‍රේමකුමාර ගුණරත්නම් ද ඒ සම්මන්ත්‍රණයට සහයෝගය දැක්වූ බව අපට උපකල්පනය කළ හැක.

ජගත් බණ්ඩාර ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ සිඩ්නි ශාඛාව ම, පසුව ප්‍රේමකුමාර ගුණරත්නම් සමග පෙරටුගාමී පක්‍ෂයට එක් වූ බව පෙනී ගියේ, සිව් වසරකට පසුව අනුර කුමාර දිසානායක නැවතත් ඕස්ටේ‍ර්ලියාවේ සංචාරය කළ ද, සිඩ්නි නුවරට නොපැමිණි බැවිනි!

සිඩ්නි තදාසන්නයේ ග්‍රැන්විල් හී ඕස්ට්‍රේලියානු නිෂ්පාදන කම්කරු සංගම් (AMWU) ශාලාවේ පැවති පෙර කී සම්මන්ත්‍රණයට සහභාගී වීමට මම ද ගියෙමි.

ශාලාවට ඇතුළු වූ මට දකින්නට ලැබුණේ එහි තිබූ විශාල රූපවාහිනී තිරයේ පහත වීඩියෝව ප්‍රචාරය වෙන අන්දමයි.

https://youtu.be/Q4XQeFKKhpU



මගේ බඩ දඟලන්නට පටන් ගත් බව අමුතුවෙන් කිව යුතු නැත.

ඊට වඩා බඩ දැඟීලීම් ඉවසා පුරුද්ද ඇති නිසා, අසීරුවෙන් නමුත් සම්මන්ත්‍රණය අවසානය තෙක් එහි රැඳී සිට, දේශකයින්ගෙන් ප්‍රශ්න ඇසීමේ වාරය එළැඹුණු පසු මම අනුර කුමාර දිසානායකගෙන් මෙලෙස විමසුවෙමි.
"අනුර, දැන් මෙතනදී අපට අසන්නට ලැබුණේ, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වී ගොස් වැඩවසම් රාජාණ්ඩුවක් කරා යමින් තිබෙන බවයි. නමුත් මේ සම්මන්ත්‍රණය ආරම්භයේ දී මට දකින්ට ලැබුණේ මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් ගැයුණු ආයුබෝවේවා මහරජාණෙනී නමැති ගීතය සරත් ෆොන්සේකා ගේ රූප රාමු සහිත වීඩියොවක් ලෙස සකසා ප්‍රචාරය කරන ආකාරයයි.

ඔබ ලංකාවේ නැති වී ගොස් ඇතැයි කියන ප්‍රජාතන්ත්‍රවාදය නැවත ගෙන එන්නට යන්නේ එක රජෙකු වෙනුවට මෙලෙස වෙනත් රජෙකු ආදේශ කිරීමෙන් ද?"
මෙය අනුර කුමාර දිසානායකට පමණක් නොව එදා ඔහු එහි සිටියේ නම්, ප්‍රේමකුමාර් ගුණරත්නම්ට වුවද කට උත්තර නැතිකරවන ප්‍රශ්නයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

නමුත් මට ඒ බව හරිහැටි දැන ගන්නට ඉඩ නොලැබුණේ, එතැන සිටි අර්ජුන රණතුංග මල්ලියා අනාරාධිතව ම මගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට ඉදිරිපත් වී බයිලාවක් ගැයූ බැවිනි!

මේ පුරාවෘතය මට සිහිවූයේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව රජාට ඇන්ද වූ වීඩියෝ ගීතයක් කළ එළි බැස තිබෙනු පසුගිය සතියේ දී දුටු විටයි.

රජවරු ගී ගයමින් නැටුවේ පැරණි නාඩගම්වල බව අපි දනිමු.

ඒ අර්ථයෙන් පමණක් නොව සෑම අරුතකින් ම මේවා නාඩගම් ම වේ.

-රසිකොලොජිස්ට්

ප/ලි
මෛත්‍රීපාල සිරිසේනව ගොං රජාට අන්දන වීඩියෝ ගීතයේ දැනට ඉතිරිව ඇති පිටපතක් මෙන්න. මෙයට බුද්ධිමය අයිතිය ඇති සමාගම විසින් කරනු ලබන පැමිණිළි නිසා මේ වීඩියෝවේ පිටපත් ක්‍රම ක්‍රමයෙන් පොදු අවකාශයෙන් ඉවත් වෙමින් පවතී.

https://youtu.be/yvN-RjsW6ow

49 comments:

  1. "රජෙක්" ඉල්ලන ඇම්ම ඇත්තේ අපේ වැඩවසම් ජාන වල මන්දා ...

    සුනිල් ආරියරත්න නන්දා මාලිනි මගින් කූඹියන්ට ගැයුවේ ඔය මැසිවිල්ලම නේ ? :-(

    ReplyDelete
    Replies
    1. එය කුංකුණාවේ හාමුදුරුවන් විසින් ලියන ලද්දක් බව ජනප්‍රවාදයේ එන කවියකි.

      "අනේ කූඹින්නේ
      තොපටත් රජෙකු ඉන්නේ
      අපට නැත ඉන්නේ
      ඒ නිසාවෙනි අප තැවෙන්නේ

      රජෙක් ලැබුනෝතින්
      කැවුම් කිරිබත් කඤ්ඤං
      පෙරහර කරඤ්ඤං
      සාධුකාරෙන් ගිගුම් දෙඤ්ඤං"

      Delete
    2. මෙන්න මේවට තමා පට්ට කවුන්ටර් ඇටෑක් කියන්නෙ

      https://www.youtube.com/watch?v=BblQo78UOLU

      Delete
    3. @ ඉන්දික උපශාන්ත

      This video has been removed by the user.

      Delete
    4. http://lankacnews.com/sinhala/main-news/139565/

      Delete
    5. ඉන්දික උපශාන්ත

      බලන්නකො නිකන් ගැම්ම !

      හැබැයි මේ සිංදුවේ ලස්සන පේන්නේ දැන් තමයි, මහින්දට කියන කොට. ඒක සිරිසේනට කියන කොට කිසි ගතියක් නැහැ. කුඹුරට එන කුරුල්ලෝ එලවන්න පඹය කියන සින්දුවක් වගේ සිරිසේනගේ මූණත් එක්ක සින්දුව යනකොට. කවුරුවුනත් සින්දුව ලියන කොට මහින්දව හිතේ තියාගෙනයි ලියල තියෙන්නේ.

      Delete
    6. මේ වීඩියෝ එකේ "එදත් ගැයුවා බො‌රැ පශස්තී" කියන තැනට මෛත්‍රීපාල සිරිසේන මරාට “ඔබ රජෙක් ජනාධිපතිතුමනි, ඔබ අපට රජෙක්” කියන විෂුවල් එක දැම්මො‌ත් එලම එල.

      Delete
  2. යන්තං මේකෙ මෛත්‍රීව රජ කරවන්නෙ නැතුව නවතිනවා... මහරජානෙණි එක්ක ගත්තහම මේකෙ කොලිටි එකත් අන්තිමයි... මේකෙ කියනවා "එදත් ගැයුවා බොරු ප්‍රශස්තී වන්දිභට්ටයෝ වටකර නිරිඳුන්"... 'එදත්' කියන වචනයේම ගැබ් වෙනවා අදත් වෙන්නේ මේකම තමයි කියලා... ඒත් එක ලියන එකාටවත් තමන් කරන්නේ ඒකයි කියලා නොතේරීම තමා පුදුමේ.

    මේ වීඩියෝ එකේම වැඩකට තියෙන්නේ තත්පර දෙකයි.. 1:13-1:15.

    ReplyDelete
  3. "එතැන සිටි අර්ජුන රණතුංග මල්ලියා අනාරාධිතව ම මගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට ඉදිරිපත් වී බයිලාවක් ගැයූ බැවිනි!"

    බොහෝ අතීත මතකයන් මනාව ලියන ඔබතුමා මේ බයිලාව ඒ ආකාරයෙන්ම ලියන්නකෝ අපි සැමට, නුතන ලියන්නන්ට/ කියවන්නන්ට දැනගන්නත් එක්ක

    ReplyDelete
    Replies
    1. ඒක මෙතුමාට කලින් කතන්දරකාරයා කියලා බ්ලොග්කාරයෙක් ලියලා තියෙනවා දැක්කෙ නැද්ද?

      Delete
    2. ඈ බොලේ එහෙමත් එකෙක් හිටියද ? දැන් කොහෙද ? මලාද ?
      දැකලා නැති හින්දා එක ආයි දාමුකෝ බලන්නත් එක්ක.

      Delete
  4. රජ පිස්සුව ඕසෙට. සමරන්න මෙළෝ දෙයක් නැති උනාම කරන්න තියෙන්නේ ඔච්චර තමයි... මුන් එක්ක බැලුවම ප්‍රේමදාසලට ජේ ආර්ලට සැටලයිට්ලට මල් තියලා වඳින්න ඕන... මේ පෙන්වන්නේ මුන්ගේ හීනමානය...

    ReplyDelete
    Replies
    1. පියාණනී මාගේ දේශය ඇවදි කරනු..... මතකද?
      ඒ වගේම දෝෂාභියෝගයට ප්‍රේමදාස බයවුනු කලෙ සින්දුවක් දැම්ම රැකගනිමුද මොකක්ද කියල.ඒවා ඉතින් හදිසි අනතුරු කියන්නත් පුලුවන්.

      කොහොමවෙතත් ලංකාවෙ හැමදේම වගේ රජ වන්දනාවත් ප්‍රමාණාත්මකව තමයි ගන්න ඕනෙ. ප්‍රමාණාත්මකව ගත්තහම සිරි ලංකාකාරයො යූඑන්පී කාරයන්ට වඩා පුද්ගල වන්දනාවට ප්‍රවණතාවය වැඩියි අයිතිහාසිකව හා දැනටත්. බණ්ඩාරනායක ඝාතනය නිසා වන්දනාව මුල් බැහැගත්තා වෙන්න පුලුවන්.ස්ටාලින් හා මාවෝ සඳහා ඇතිවුනු වන්දනාවිධි හා පූජා ක්‍රම ඉන්ෆ්ලුවන්ස් එකවෙන්නත් පුලුවන්

      Delete
    2. සැටලයිට්ට අහවල් එකටද බන් මල් තියන්නේ? නූතන විහාරමහා දේවිය කියල ගහපු බයිලෙටද නැත්නම් සුදු නෙලුම් තවලම් නම් වලින් කෝටි ගණනින් රජයේ වියදමින් ගහපු නහුතයක් වැල් බයිලාවලට උපහාර පිණිසද?

      ප්‍රේමෙ අයියගෙ සාස්තරකාරයොයි, සෙත්ශාන්තියි තව ලියපු පොත්පත් සින්දු, නවකතා එහෙම ඔහේට මතක නැතෙයි? අපිටනම් තාම විසිගණන් නිසා ඔහෙලගෙ වයසෙ උන්ගෙන් අහල තමයි දන්නෙ. ඔහෙල ඇස් දෙකට දැකලම අමතක වෙලානෙව.

      Delete
    3. @ මාතලන්,

      මෙන්න ජේ. ආර්. තුමා වෙනුවෙන් නිර්මාණය වුණු ප්‍රශස්ති ගීතය. මේක ගායනා කළේ වික්ටර් රත්නායක 1980 දී.

      දෙරණ සිරිලක රකින භූපතිඳේ
      ඔබ ය සිළුමිණ සුපුන් හෙළ දීපේ
      සැලෙන ආසිරි කුසුම් වරුසාවේ
      දිනෙන් දිනයේ ඉසුරු සාදා – මෙතුන් හෙළයේ සතුට පාදා
      ජයෙන් ජය වේවා!
      ජයෙන් ජය වේවා!

      දැයේ ජනතා උතුම් සේවාවේ
      වරම් දුන් මට ඔබ යි ආලෝකේ
      අනාගතයේ පැතුම් සපුරාලා
      දිනූ දෙරණේ කසුන් [......] දොළොස් මාසේ පහන් තිලකෙන්
      සදා බැබලේවා!
      සදා බැබලේවා!

      උපන් දිනයේ අපේ ජනපතිඳා
      දහම් දීපේ මුදුන් මල් පිපුණා
      නායකත්වේ උදා හිරු පායා
      රුවන් දෙරණේ මිනිස් ගංගා – එරන් කිරණේ කෙහෙළි නංවා
      යසෝ ගී ගැයුවා!
      යසෝ ගී ගැයුවා!

      ඔබට ආසිරි පතන අද දවසේ
      සියළු දන හා බැඳී එක විලසේ
      ජනපතින්දේ මමත් එක් වීලා
      බිරිඳ හා දූ පුතුන් සමගින් - මැතිණි හා ඔබෙ නමට මෙලෙසින්
      සලමි මල් වරුසා!
      සලමි මල් වරුසා!

      ________________________________________________________

      Delete
  5. පිස්සු පිස්සු.. වැඩ වැඩියි ඉඩ අඩුයි. දැනුම නෑ. ඔන්න හේතු.. රටේ වෙන මෙලෝ දෙයක් දන්නෙත් නැති රං ගොජකේ නෙව මේ හිටං..

    ReplyDelete
  6. හිටපු රජතුමාට හා වන්දිබට්ටන්ට අපි කෘතඥවෙන්න ඕනෙ.
    මොකද ඒ ගොල්ල කියපු සින්දු කරපු වැඩ කොයිතරම් ඕවර් ගිහින් අපිට එපාවුනාද කියනවනම් දැන් ඉන්න උන් ඒ ජාතියෙ වැඩක් කරන්න පටන් ගන්නකොටම මිනිස්සුන්ට හිනායන්න අප්පිරියවෙන්න ගන්නව.

    ReplyDelete
    Replies
    1. රසික.. අර නිට්ටැවෝ පොතෙත් එකම පිටුව කීප තැනක තියෙනවා නේද?? හැක්..

      Delete
    2. ඇත්තටම? නිට්ටෑවොත් මං වගේම කම්මැලි සත්තුද?
      අප්පට සිරි, වඳවෙලා යයිද?
      ප්‍රතිකර්මයක් සඳහා දේශනයකටවත් යන්න ඕනෙ

      Delete
    3. නෑ නෑ වද වෙන්න එපා වඳ වෙන්නෙ නැහැ.. හැක් හැක්.. ජස්ට් කිඩින් බේබි..

      Delete
    4. දේශකයාත් හරියට ක්‍රිස් ගේල් වගේනෙ කතාකරන්නෙ! ;-)

      http://www.lawyersweekly.com.au/opinion/17798-chris-gayle-s-don-t-blush-baby-breaks-contractual-obligations

      - Dimithri

      Delete
    5. මෙහෙමත් කොපි පේස්ට් කාරයෙක්...චැහ්.....ලජ්ජයි ලජ්ජයි..!

      Delete
    6. http://indiatoday.intoday.in/story/chris-gayle-tried-to-sexually-harass-australian-woman-during-world-cup-2015/1/562999.html

      Delete
    7. @c-a, ඇයි ලුණු මදි ද?

      Delete
  7. හැබැයි ජනමතයට හිසනමා (බියවී!?) වීඩියෝව අකුලා ගැනීම එක් අතකින් ජයග්‍රහනයක්!

    වීඩියෝව විතරක් නෙවෙයි. 9වෙනිදා නිදහස් චතුරශ්‍රයේ තිබුන උත්සවේ සඳහා ඔය සින්දුව රිහසල් කලා.. මම ඇහින්ම දැක්කා.උඩු රැවුල වවපු රාජ පුරුශයො සන්නස්, සේසත්, කඩු, හෙලි එහෙම අරගෙන එනවා. සින්දුව පසුබිමින් යනවා.

    9වෙනිදා සජීවී උත්සවයේ ඒක අයින් කරලා තිබුනේ. ජයග්‍රහනයක්!

    - Dimithri

    ReplyDelete
    Replies
    1. රිහසල් එකේ පිතූර ටිකකුත් අරෝෂ ප්‍රන්නදුගෙ ෆේස්බුක් පේජ් එකේ තිබුණා දැන් අයින් කරලා.

      Delete
    2. ඒකත් ලොක්ක දන්නෙම නැතුවද දන්නෙ නෑ උත්සවේ අංගයක් විදිහට දාන්න රිහර්සල් කළේ..කොහොම නමුත් සමාජ වෙබ් ජාලා හරහා ආ විරෝධයට බයේ පල්ලම් බැස්ස එක නං ජයග්‍රහණයක...

      Delete
    3. ඒක ජයක් නෙමෙයි හෙන්රි, අපි මුන්ගේ තවත් එක ප්‍රෝඩාවකට අහුවීමක් විතරයි

      මුන් ඇත්තටම ජනමතයට හිස නමනව නම් අමු අමුවේ ඇමති මන්ඩලේ වැඩිකර ගැනීම, මන්ත්‍රී දීමනා වරප්‍රසාද අධික ලෙස ඉහල දැමීම, තමුන්ගේ එහෙයියෙක් විපක්ශනායක කරගැනීම වගේ තක්කඩි වැඩ කිසිම හිරිකිතයක් නැතුව කරන්නේ නැහැ. මේ වගේ ලාබ සිල්ලර සීන් වලදි බොරුවට බබා පාට් එකක් දාල අපිට ඇහුම්කන් දෙනව වගේ පෙන්නනව.

      Delete
  8. මට ජේවීපී එක තිත්ත වුණේ හමුදා පාලනයක් ගෙනල්ල පුකේ තුවක්කුව බැඳන් ඉන්න වෙන බව තේරුම් ගන්න මොළයක් නැති මරිමෝඩ අවස්ථාවාදී නායකයො පක්ෂයේ ඉන්න බව දැන ගත්ත දවසෙමයි.

    ReplyDelete
    Replies
    1. හෙන්රි

      මෙහෙමයි. ඇත්තටම ජේවීපීයට වගේම එදා යූඇන්පීයට ඕන උනේ කොහොම හරි ඇඟ බේරගන්න. යුද්ධ කාලෙදි පුලුවන් තරම් මරාගෙ කකුලෙන් ඇදල පීචන් වෙලා යුද්දෙන් පස්සෙ මරාට තිබ්බ ගැම්මෙ හැටියට තනියම ඉල්ලුවනම් ඇපත් නැතිවෙනව. ඉතින් මොකක් හරි විශේශ ප්‍රයෝගයක් අවශ්‍යම වුනා. රනිල් නම් උඩින් පෙන්නුවට යටින් ට්‍රයි කලේ ෆොනී පරදින එක, හැබැයි ටයි ටයි ගේමකින්.

      අනික ජවිපෙට ඕනෙ හොඳට නාගන්න මැටිමෝල් පොරක් බලයට පත්කරල බුවා නෝන්ඩි වෙද්දි ශේප් එකේ තමන් පොරවල් බව පෙන්නගෙන තමන්ගෙ ගොඩ වැඩිකරගන්න. නමුත් ජෙප්පන්ගෙ යටිකූට්ටු කුහක ගති හොඳින්ම දන්න එජාප පාක්ශිකයනුත්, 2004 උන්ගෙන් පාඩම් ඉගෙනගත්තු සන්ධානෙ බයියොත් ආයෙනම් ඕකුන්ට අහුවෙන්නෙ නැති බව මටනම් ෂුවර්.

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. වැඩවසම් ලේ ලේසියෙන් අයින් වෙයිද? සිංහ ලේ කියන්නෙ වැඩවසම් ලේවලට වෙන්ටෝනැ..

    ReplyDelete
  11. එන හැම එකාම රජ වෙන්න හදන්නේ අපිව උන්ගේ යටත් වැසියෝ කර ගන්න හිතාගෙන වෙන්න ඇති.මෛත්‍රී ගොං රජාට අන්දනවා වගේම එහෙම ඇදගන්න කැමැත්තකුත් තියෙන බවකුයි පේන්නේ.

    ReplyDelete
  12. සින්දුවත් කොපු කරන එකේ තව මොනවාද මුන්ට කරන්න පුලුවන්
    මුන්ව අතීතෙටම ගිහින් දානන ඕන...

    ReplyDelete
  13. සෑම නායකයෙකුටම ප්‍රශස්ථි ගයන වන්දි භට්ටයන් සිටිති

    ReplyDelete
  14. දැන් නම් මේ ඉලව් විකාර ඇති වෙලා තියන්නේ..

    ReplyDelete
  15. රසික,

    ඔය රජ ලෙඩේ හරිම භයානකයි.

    ReplyDelete
  16. මට මතක් වෙනව සයිමන් නවගත්තේගම හදාපු “සුභ සහ යස“ නාට්‍යය.
    සුභ = සුභ අනාගතයක්
    යස = යහපාලනයක්
    යසලාලක තිස්ස කෙළිලොල් රජෙක්. කිසිම ප්‍රශ්නයක් සිරාවට ගන්නෙ නෑ. ප්‍රශ්න වැඩි වෙලා ඔලුව අවුල් වෙනකොට දාසියට කතා කරල මධු බඳුනක් ගෙන්නවගෙන බොනව.
    රජ්ජුරුවන්ට විරුද්ධව කැරළි ගහන කණ්ඩායමේ නායකය දොරටුපාල සුභ. පොර තමන්ගෙ සගයන්ට කියන්නෙ යසලාලක තිස්ස රජ්ජුරුවන්ගෙ පාලනය “මධු බරින්“ මත් වුනු පාලනයක් කියල.
    රජ්ජුරුවන්ට මරල දාල රජ වෙන සුභ අවසාන ජවනිකාවෙදි කියනව “දාසිය, මට මධු බඳුනක් ගෙන එව“ කියල.
    ෂොට් එකක් නොදා මොන පාලනයක් වත් කරන්න බැරිද කොහෙද?

    ReplyDelete
    Replies
    1. සුභ සහ යස එකේ, සුභ රජාව මරන්නෙ විප්ලවයක කුමන්ත්‍රණයක් විදිහට, රටේ ප්‍රශ්න විසඳන්න හිතාගෙන. ඒත් රජ වෙච්ච ගමං උන්දැටත් තේරෙනව මේ ප්‍රශ්න විසඳන්න බැරි බව. ඉතිං උන්දැත් පරණ ට්‍රැක් එකටම වැටෙනව...

      Delete
  17. ඔය රජ කම් එපා කියලා අත අරුන්න බලාගෙන එන අයට රජ කමේ රස්නය දැනෙන්න ගත්තම ඉතින් මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද.

    ReplyDelete
  18. මේ තියෙන්නෙ රජාට අඳින්න ගිය හැටි.

    https://www.colombotelegraph.com/index.php/official-king-song-sirisena-approved-the-song-and-now-he-lies/

    ReplyDelete
  19. මං කියන්නෙ, වන්දිභට්ටයො පිරිවරාගන්නවනං, ඒක කොරන්න ඕනෙ. නැත්තං නොකර ඉන්න ඕනෙ. කොරන්න ගිහිං ආපිට හැරෙන එක, අපි ඒක දන්නෑ කියන එක, රාජ්‍ය නායකයෙකුට තරම් නොවේ.

    ආතර් සී ක්ලාක් ගෙ 2010 පොතේ ටාන්යා ඕර්ලෝවා, හේවුඩ් ප්ලොයිඩ් ට කියනවා, “වුඩී, නියමුවෙකුට වරදින්න පුළුවන්. හැබැයි වැනෙනසුළු වෙන්න බෑ“ කියලා.

    ReplyDelete
  20. අනික, ඩී ඇස් ගෙ ඉඳං ලංකාව පාලනය කොරපු උං හැම එකාටම පවුල් රාජ්‍යයක් බිහිකොරගන්න ඕනෙ උනා. ලංකාවෙ පාලන ක්‍රමය වැඩවසම් පාලනයක ඉඳං ජාතික රාජ්‍යයක් දක්වා වෙනස් වුනේ ක්‍රමික පරිණාමයකින් නොවෙයි. එංගලන්තයෙ වෙච්ච සමාජ දේශපාලන පරිණාමය ලංකාවට ආරෝපණය වීමෙනුයි. ඉතිං මෙහෙ තියෙන්නෙ ඔරිජිනල් ආකෘතිය නෙවෙයි. ඒකෙ කොපුව විතරයි. ඇතුලෙ තියෙන්නෙ තාම බරණැස් නුවර බ්‍රහ්මදත්ත ආකෘතිය...

    ReplyDelete
  21. රසික වැදගත් මතක සටහනක් ලියල තිබෙන්නේ.

    ReplyDelete
  22. විශේෂ ප්‍රකාශයයි!

    ඉහත වීඩියෝ දෙකම ගැන මම දැනං හිටියේ නෑ හිටං. මේවා රාජපක්ෂගේ වැඩ. මුලින් එකත් මහින්දමයි හදලා තියෙන්නේ හිටං. හෙට එළිවෙන්න ඉස්සල්ලා එයාපෝට් වහලා, මහින්දව හිර කරනවා හිටං.

    මීට පුලතිසි දෙවිදු

    ReplyDelete
  23. මේ වීඩියෝ එකේ "එදත් ගැයුවා බො‌රැ පශස්තී" කියන තැනට මෛත්‍රීපාල සිරිසේන මරාට “ඔබ රජෙක් ජනාධිපතිතුමනි, ඔබ අපට රජෙක්” කියන විෂුවල් එක දැම්මො‌ත් එලම එල.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.