තිරිසන් ආකාරයට මරා දමා තිබුණු සේයා දැරිවිය ගේ ඛේදවාචකය නිසා හටගත් මරණ දඩුවම් විවාදය ෆේස්බුක් ජාලයේ දරුණු ලෙස කෙරෙන බව පෙනේ.
බ්ලොග් අවකාශයේ ද, ලිපි කිහිපයක් ලියවී තිබුණි.
1. මරණ දඬුවම හා ලක්ශාන්ත නම් කවියා
2. තවත් කොටදෙනියාවක් ඇති නො වීමට
3. රසිකලොජිස්ට එරෙහිව මරණ දඬුවම - rasikologist vs hanging
4. මරණය + මරණය = මරණ දඬුවම
5. පට්ට රටක් ඕයි.... - What a Country...!!!
6. මරණීය දණ්ඩනය පිළිබඳ මඩිහේ පඤ්ඤාසීහ හිමි මතය
මරණ දඩුවම පිළිබඳව මගේ අදහස මා ලියූවේ, පසුගිය පෙබරවාරි මාසයේ එවකට අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ විසින් අත් හිටුවා තිබෙන ඒ දඩුවම යළි පැනවිය යුතුය යන අදහස පුවත්පත් සාකච්ඡාවක දී පවසා තිබෙනු දුටු කාලයේ ය.
7. මරණ දඬුවම ද මිනීමැරුමකි - Stop killing humans in the name of law
අද විජේදාස රාජපක්‍ෂ බුද්ධ ශාසන ඇමති වී තිබීම දෛවයේ සරදමකි.
එක අතකට ඒකේ අවුලක් ද නැත. මන්ද යත්, බුද්ධ ශාසනය සහ බුද්ධ ධර්මය යනු සෑහෙන්න වෙනස් විෂයන් බැවිනි!
දැන් දින කිහිපයක සිට ෆේස්බුක් අවකාශයේ මරණ දඩුවම යළි ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලන අය වැඩි වී ඇත. මෙයින් සමහරු පළමුව හදවත, දෙවනුව මොළය ආකාරයේ මෝඩයින් ය. අනෙක් පිරිස තවමත් ශිෂ්ටාචාරයේ සීමාව පැන ගන්නට බැරිවුණු ම්ලේච්ඡයෝ ය.
මේ දෙ ආකාරයේ ම පිරිස අතර, උගතුන්, විද්වතුන්, මොළකාරයින් යැයි සැලකෙන සෑහෙන පිරිසක් ද සිටීමේ කිසිදු පුදුමයක් මට නම් නැත.
එයට හේතුව, "පළමුව මව්බිම" කියා ජාතිවාදය වැපිරූ, වපුරන අය ගේ හරස් කඩ ද එසේ ම වීම නිසා ය.
මරණ දඩුවම සාධාරණීකරණය කරමින් අදහස් දක්වා තිබුණු මා දුටු බොහෝ තැන්වල මම මගේ අදහස් කියවෙන ඉහත සඳහන් ලිපියට සබැඳියක් දැමීමට අමතරව කෙටියෙන් අදහස් ද පළ කළෙමි.
මා සරලව ලියුවේ පහත කරුණු ය.
- මරණ දඩුවම ද මිනීමැරුමකි.
- එක් මිනිසෙකු තවත් මිනිසෙකු මැරීම වරදක් නම්, මිනිසුන් පිරිසක් තවත් මිනිසෙකු මැරීම වරදක් නොවන්නේ කෙසේද?
- මරණ දඩුවම ඉල්ලන්නෝ ම්ලේච්ඡයෝ ය.
- ලෙයට ලෙයින්, ඇසට ඇසෙන්, ජීවිතයට ජීවිතයෙන් පළිගැනීම යනු මධ්‍යතන යුගයේ පැවති ම්ලේච්ඡ ක්‍ර්‍රියාවකි.
- හොරකම් කළ විට අත් කැපීම, දෙදෙනෙකු කැමැත්තෙන් ලිංගික ක්‍රියාවලියේ යෙදුණු විට ගල් ගසා මරා දැමීම සහ මරණ දඩුවම අතර වෙනසක් නැත.
ඒ මක් නිසාද යත්, හදිසි කෝපය නිසා හෝ මානසික ආබාධයක් නිසා හෝ යමෙකු කරන මිනී මැරුමක් මෙන් නොව, මේ ආකාරයෙන් මිනිසෙකු මරණයට පත් කිරීමේ දී මරා දැමීමට චේතනාව, මරණය සිදු කීරිමට මනාව පෙර සැලසුම් කිරීම, සහ ඒ සැලසුම ක්‍රියාත්මක කිරීම යනාදී වශයෙන් බොහෝ මිනී මැරුම්වල දක්නට නොලැබෙන දේ මෙහි දී සිදුවීමයි.
මරණ දඩුවමට විරුද්ධව අදහස් මා පළ කළ හැම විටම, එයට ලැබෙන ප්‍රතිචාරයක් නම්, මරණ දඬුවම නොදී සිටීමට කරුණු මොනවා ද, ඒ වෙනුවට කළ යුත්තේ කුමක්ද යන්නයි.
මට වැටහෙන විදියට කරුණු සොයා සාධාරණය කළ යුත්තේ මරණ දඩුවම දිය යුත්තේ ඇයිද යන්න මිස නොදිය යුත්තේ ඇයි ද යන්න නොවේ. අස්වාභාවික, අසාධාරණ, අමානුෂික දේ මරණයයි, මරණ දඩුවමයි.
ඒ වෙනුවෙන් අප කළ යුත්තේ, ලෝකයේ වෙනත් ශිෂ්ට ජන සාමජ විසින් දැන් කාලයක් තිස්සේ සතුටුදායක ලෙස අත්හදා බලමින් සිටින බන්ධනාගාරගත කිරීම් සහ පුනරුත්ථාපන ක්‍රම ක්‍ර්‍රියාත්මක කිරීමයි.
ඒ ගැන ක්‍රමවේද සැකසිය යුත්තේ ආවේශීලී පුරවැසියන් නොව මනෝ වෛද්‍ය, සමාජ විද්‍යාඥ වෘත්තිකයින් විසිනි.
ඊයේ පෙරේදා, මට ලැබුණු ප්‍රතිචාර අතර අමුතුම ආකාරයේ එක අතකින් සිනා ගන්වන, අනෙක් අතින් ප්‍රතිචාර දැක්වූවන් ගේ නිරුවත හෙළිකරන එක් සුවිශේෂී ප්‍රතිචාර කිහිපයක් විය.
එන් පළමුවැන්න වූයේ - "ආ මෙයත් ළමයෙකු දුෂණය කර මරා දැමූ අයෙකු වගේ!" යන්නයි.
දෙවෙනි ප්‍රතිචාරය සිනාවටත් වඩා ප්‍රතිචාරය දැක්වූ අයගේ නිරුවත හෙළිදරව් කරන්නකි.
"ඔහේ ගේ දරුවෙකුට මේ වගේ ඉරණමක් අත්වුණාම තේරෙයි!"
මේ මෝඩ මිනිසුන් සිතන්නේ අප අපේ අදහස් අපට ලැබෙන වාසි හෝ අවාසි අනුව වෙනස් කරනවා කියාය. එයට හේතුව, ඔවුන් තමන්ට ලැබෙන වාසි අවාසි අනුව අදහස් වෙනස් කරන්නන් නිසා බව සැක නැතුව කිව හැකි යැයි සිතමි.
-රසිකොලොජිස්ට්
ප/ලි:
මේ 2015 සැප්තැම්බරයේ සාහිත්‍ය මාසය වෙනුවෙන් පළ වෙන ලිපියක් නොවේ.
සාහිත්‍ය මාසය වෙනුවෙන් මේ දක්වා ලියවුණු ලිපි මේවා ය.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!
5. වෙන්ඩ බ්ලොග්කරුවෙකු විසින් හස්තද්වාරයෙන් පළ කළ පොත් - Sweet eighteen....!!!
(image: http://www.brh.org.uk/site/articles/guillotine-knitting-terror/)
This comment has been removed by the author.
ReplyDelete"ලෙයට ලෙයින්, ඇසට ඇසෙන්, ජීවිතයට ජීවිතයෙන් පළිගැනීම යනු මධ්‍යතන යුගයේ පැවති ම්ලේච්ඡ" තත්ත්වයෙන් මිදුනු බවට පුරසාරම් දොඩන අප ඇත්තටම සිටින්නේ කොතනද යන්න බොහෝ අය විසිනුත් මාධ්‍ය විසිනුත් පෙන්වා දෙමින් සිටිනවා. වරෙක විද්‍යා දියණිය හා ඉන්පසුව දැන් සදෙවි දියණියගේ සේයා සටහන් ද යොදා ගනිමින් තලුමරමරා ඝාතනය කරමින් ඉන්නවා. කටකතා මගින් පතුරවන උපකල්පන මත උද්ඝෝෂණය කරන පිරිස් විනිශචය කරමින් තීන්දු දෙමින් ඉන්නවා . හරියටම දකුණු ඉන්දියානු කසිකබල් චිත්‍රපටියක් බලනව වගේ වෙලා රසික
ReplyDeleteමෙයට හේතුව මාධ්‍යවේදීන්ට වැළඳී ඇති සැමට කලින් හොඳම දේ අපෙන් අහන්න/කියවන්න/බලන්න නම් රෝගයයි. එහි ප්‍රතිඵලයක් ලෙස සදාචාරය සහ ගුණධර්ම අමතක වී ගොස් තියෙනවා.
Deleteමාත් මරණ දඩුවමට විරුද්ධ කෙනෙක්. ප්‍රධාන වශයෙන්ම හේතු දෙකක් නිසායි
ReplyDeleteමරණ දඩුවම ක්‍රියාත්මක කරන ආකාරයේ ම්ලේච්ඡ බව.
මරණ දඩුවමට නියම වූ පුද්ගලයා මරණයට පත් කරන තුරු ලබන මානසික පීඩාව.
ලංකාවෙ මරණ දඩුවම ක්‍රියාත්මක කළ කාලයේ අහිංසකයන්ට මරණ දඩුවම දී තිබෙනවා.අනියම් මිනීමැරුමට වරදකරුවන් කළහැකි අයත් එල්ලා මරා තිබෙනවා.
එසේම අධිකරණයකින් මරණ දඩුවම නියම වුනත් යම් යම් හේතු නිසා ක්‍රියාත්මක නොකළ යුතු අවස්ථා තිබෙනවා. නමුත් ලංකාවේ එහෙම සළැකා බලා නැහැ. එසේම මරණයට නියම වූ පුද්ගලයාට උපරිම මානසික පීඩාවක් ලබා දීමට එය ක්‍රියාත්මක කරන අය වග බලාගෙන තිබෙනවා.
ලංකාදීපෙ කුණු රහ අවුස්සන්න එල්ලුම්ගහ ගැන පළැ කළැ ලිපියක එක් නිළධාරියෙක් ප්‍රකාශ කලා එල්ලන්න ඉස්සර බාගෙට මරන බව. ඒ කියන්නෙ අඩපන කිරීමට පහර දීම් ආදිය වෙන්න ඇති.
එසේම තවත් ලිපියක සදහන් වුනා එල්ලූ පසු බොහෝ වෙලාවක් දගලන නිසා අලුගෝසුවා කඹය දිගේම බැස කකුල් දෙකෙන් බෙල්ල හිර කරන බව.
සදාම් හුසේන් ආදීන් එල්ලන විටත් එල්ලා මැරීමේ ම්ලේච්ඡ බව දුටුවා.
නමුත් එල්ලා මැරීමට සමහරු කැමති එයින් සිරකරුට දැඩි කායික මානසික පීඩාවක් මෙන්ම කොක්ක එල්ලා දැඩි අවමානයක්ද කළ හැකි නිසයි. මෙය වැඩවසම් යුගයෙන් එන ම්ලේච්ඡ හැඟීමක්.
1956 දී නවත්වා තිබූ එල්ලාමැරීම් යළි බලාත්මක කළේ පෞද්ගලික පලිගැනීමකට. ඒ කියන්නෙ බණ්ඩාරනායක ඝාතකයන් එල්ලීම. එදා සිට 1976 වනතුරු එල්ලා මැරූ ආය්ගෙන් බහුතරය මිනීමරුවන් වුනත් එල්ලීමට සුදුසු නැති අය.මා මෙම තොරතුරු ලබාගත්තෙ ධර්මසිරි ගමගේ මහතාගෙ ලිපිවලින්.
විදුහල්පතිවරයෙක් සිය දියණියන් දූෂනය කළ පුද්ගලයන් දෙදෙනාට වෙඩි තබා මැරීය. ඔහුද එල්ලා මැරීය
ගමේ චන්ඩියාගෙ කරදර ඉවසිය නොහැකිය ඔහු මැරූ අයෙක්ද එල්ලා ඇත. මෙය ආත්මාරක්ෂාවට කළ දෙයකි.
බොරු වරදකට ( සොරකමකට )සිරගත කළ අයෙක් එලියට ඇවිත් සිය හාම්පුතා මැරීය. ඔහුද එල්ලා මැරීය.
පොඩි අප්පුහාමි නම් ගුරුවරයෙක් බොරු සාක්ෂි මත එල්ලා ඇත. පසුව සැබෑ මිනීමරුවා හමුවිය.
හොද පපුවා පවා මිනී මැරුවේ පොලිස් වධ හිංසා නිසාය. එකළ පොලීසිය ගැන කවර කතාද
මෙවැනි අවස්තා බොහෝය
ඩී එන් ඒ හෝ වෙනත් දියුණු සාක්ෂි කිසිවක්ම නැතිව එදා මොන තරම් අයුක්තියක් වෙන්න ඇද්ද
කොටකෙතන නඩුවේ විත්තිකරුවන් නිදහස් වුනේ ඩී එන් ඒ නොගැලපීම නිසාය.ඩී එන් ඒ කතා මොකුත්ම නැති එකළ මේ අය එල්ලා මැරූ තැන්වල ගස්ද පැළවී ඇත.
තාක්ෂනය කොතරම් දියුණු වුවත් ඇමරිකාවේ අහිංසකයන් මැරූ අවස්ථා ඇති අතර ඒවා ගැන අධ්‍යන හා පර්යේශනද පැවැත්වෙයි. ලංකාවේ ඒ කිසිවක්ම නැත.
රසික මරණ දඩුවමට එරෙහිව තර්කානුකූල අදහස් දැක්වීමක් කර ඇත. මා මෙහි සඳ හන් කළේ අහිංසකයන් ගස්යාමත් ,මෙම ක්‍රමයේ ම්ලේච්ඡ සහගත බවත්ය.
එහෙත් ඇසට ඇසක් සංකල්පය අදට නොගැලපේ.
එසේම අපරාධ වළක්වාගැනීම ගැන අවධනය යොමු විය යුතුය.
මීට අමතරව තවත් පැත්තක් ඇත. එක්තරා යහපත් පුද්ගලයෙකු ලෙස සමාජයේ පිලිගැනීමට ලක්වූ අහිංසක මහතෙකු බාලදක්ෂිකාවක් සිය කාරයේ නංවාගෙන ගොස් දූෂනය කර මැරීය. මෙය කාහටත් පුදුමයක් විය.ඔහු එල්ලා මැරීය .පසුව මොළය පරීක්ෂාවට ලක් කෙරුනි. පසුව හෙළි වුනේ ඔහුගේ මොළයේ ගෙඩියක් වර්ධනය වී ඇති බවත්ය.
එල්ලුම්ගහට පක්ෂව බුකියෙ කතා කරන අය එසේ කළ යුත්තේ පරෙස්සමෙන් යයි සිතමි. මන්ද ලෙඩරෝග ඕනෑම අයෙකුට ඕනෑම මොහොතක හැදෙන්නට ඉඩ ඇති නිසාය.
රෝගීන් කල් ඇතිව හදුනාගෙන ප්‍රතිකාර කළ හැකිනම් අපේ මල් කැකුළු ආරක්ෂා කර ගත හැකියි නේද.
අනෙක් අතට දරුවන් ගැන මීට වඩා සැළකිලිමත් වීමත් අවශ්‍යයි නේද
ඔබේ සම්මාදමට ඉතාමත් ස්තුතියි!
Deleteමුදල් බලයෙන්, බාහු බලයෙන් සහ නිල බලයෙන් අහිංසකයින්ට බොරු චෝදනා නගා එල්ලුම් ගහට යවන්න සෑහෙන්න ඉඩ තියෙනවා අද තත්වය අනුව. අර 88-89 කාලේ ලයිස්තුවලට නම දාන්න විතරනේ තිබුනේ, ඒ වගේ!
රසික මාතලන් ගේත් පැරා ගේත් අඩවිවල මෙම සටහන තැබුවෙමි
ReplyDeletehttp://maathalan.blogspot.com/2015/09/what-country.html
ඔබේ අඩවියෙත් මෙය සුදුසු යයි සිතමි.
ඔබේ තර්කයට කිවයුත්තේ Pra Jay ගේ කමෙන්ටුවේ සදහන් පුද්ගලයන් ගේ ජිවිත මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමෙන් බේරා ගතහැකි බවයි.
අපේ රටේ මිනිසුන් (ගැහැණුන්ද ඇතුළුව ) හරිම බොලද විදියට තමයි සිතන්නේ. ශ්‍රී ලංකාවේ මරණ දඩුවම නීතිගත කිරීමට පෙර අපි ඉතා ස්වාදීන අපරාද පර්යේෂණ දෙපාර්තමේන්තුවක් ඇති කල යුතු වෙනවා ඊට අමතරව දියුණු Forensic science අංශයක් ඇති කලයුතු වෙනවා. ඒ වගේම අදිකරණ පද්දතිය දුෂිතයන් තොර තැනක් බවට පත්කලයුතු වෙනවා.
මිට පසුවයි මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සිදුකල යුත්තේ,
මතක තබාගන්න මෙයින් නැති කල හැක්කේ Pra Jay කියන විදියට //සැලසුම් සහගත හා චේතනාන්විත මිනීමැරුම්(කුලියට, චන්ඩිකමට හෝ මංකොල්ලකෑමට කරන මිනීමැරුම්, ස්ත්‍රී දූෂනය, හොරකම වගේ වෙන අපරාධයක සාක්කි නැතිකිරීමට කරන මිනීමැරුම්)// පමණයි
අපරටේ මෙවැනි අපරදකරුවන් ගේ මනස වැඩකරන විදිය සහ ඔවුන් මෙවැනි දෙයට පෙලබුන හේතුව දැනගැනීම ඉතාම වැදගත්,
ඇමරිකාවේ FBI ආයතනය පවත්වාගෙන යන Behavioral Science Unit (අපරදකරුවන්ගේ හැසිරීම විද්‍යාත්මකව විමර්ශනය කරන ආයතනය ) වැනි දියුණු එකක ඇතිකලයුතු වෙනවා.
අප සිටින්නේ මෙතෙක් ලෝකය පැවති පරිසරයේ නෙමෙයි, ඉදිරියේ අපට මෙවැනි අබියෝග වලට මුහුණ දීමට සිදුවන්නේ දියුණු රටවල ඇති ආරක්ෂක පද්දතියකින් තොරවයි.
මිනිසුන් හැටියට අප ලෝකය දෙස හැගීම්වලට වාසග නොවී බුද්ධිමත් ලෙස බැලීමට කාලය පැමිණ ඇත.
මෙහි දැක්වෙන්නේ අහිංසකයකු විදුලි පුටුවට යවා අවුරුදු ගණනාවකට පසු ඇත්ත අපරදකරු අසු වීමේ සිද්දියයි.
දියුණු යයි කියන ඇමරිකාවෙත් නිතිය ක්‍රියාත්මක වන අමන සොරුපය ඔබට දැකගත හැකි වනු ඇති.
https://www.youtube.com/watch?v=gyTHVCNcKjA
මෙනිසා තමයි අවම ලෙස ස්වාදීන ක්‍රමයක් අවශ්‍ය වන්නේ, එහෙම නැති උනොත් ඇත්ත අපරදකරුවන් නිදහස් වන අතර
අහිංසකයන් එල්ලුම් ගස් යාමයි සිදුවන්නේ. අර සින්දුවක් තියෙන්නේ "පහත් තැනින් ගලා බසී ජලේ..." කියල.
එක අහිංසකයෙකු ගේ ජීවිතයක් හෝ නැතිවීමට කුඩා ඉඩක් හෝ ඇති නම්, එයම ඇති මරණ දඬුවම නවතන්න.
Deleteමට තියෙන ප්‍රශ්නය මරණ දඩුවම පිළිබඳ සාධාරණ සාකච්ඡාවක් තිබු සමාජය එක් වරම එක් සිද්ධියකින් මෙවැන් ආවේගශිළි සංවේදී වීමයි. ඔබ කිව්ව වගේ හදවත පලමුව තබා තින්දු තීරණ ගන්නා සමාජයක මෙවැනි සිද්ධි සාමාන්‍ය ආකාර වේ යැයි සිතිය හැක. මම අපේ මංජුල සමරසේකර මහත්තයගේ මරණ දඩුවම් ඉල්ලීමට එරෙහිව දැමු ප්‍රතිචාරය මෙතැනම අලවන්නං.. මේවා තනිකරම පෞද්ගලික මත, පෞද්ගලික ආකල්ප මතු වන ම්ලේච්ඡ හැගීම් විතරයි.. රටක් ඉදිරියට යන්න මේ වගේ හැගීම් වලින් උත්තේජනය වී විකාර ගැන කතා කරන බුද්ධිමතුන් ගෙන් ලොකු බලපැමක් වෙනවා. අපි මොන ආකාරයෙන්වත් මේ සිද්ධියේදි ඝාතකයා සමග නැහැ. ඒත් ඔවුන් අක්ධ වී ඇති නිසා ඔවුන්ට එය තේරුම් ගත නොහැකියි. විනිවිද දකින් මනස් ඇති මිනිසුන් එක් වරම අන්ධ උනාම ඒ අයගේ සම්පුර්ණ නිරුවත බලාගත හැකියි. කෙහෙල් මොටයි මහත්තයා එතැතන් ඒ වගේම කතාවක් කියා තිබුන නිසා මට නං ඇති තරං හිනා පහල උනා.. අනේ මන්ද රසික,. මේ මිනිස්සු තාම කොලෝසියමේ මීනිමරු සටන් රස විදපු අය වගේමයි මට පේන්නේ..
ReplyDelete/////////සිද්ධියකදී සංවේදි වූ පමණින් සියලු දේ වෙනස් නොවිය යුතුය. සංවේදි සියලු සිද්ධි වලට අදාළව හෙටත් ඔබ නිතියේ දෘඩබව අවමයැයි කෑ ගහසු ඇත.. උඹ මිනීමරුවෙක් නං උඹව මරල දානවට උඹ කැමතිද?? උඹ දුෂකයෙක් නං උඹව නිතියෙන් එල්ලනවට උඹ කැමතිද?? ඒකයි කියන්නේ කිසිදු අයුරකින් මනුෂ්‍ය ඝාතණයක් කිරීමට කිසිම මනුෂ්‍යෙයකුට කිසිම අයිතියක් නැහැ කියලා. නීති වගන්තියකින් මිනිස්සු උපද්දවන්න බැරි නං මරන්නත් බැරි වෙන්න ඕන. ඇයි මේ ගතිකතාවය තේරුම් ගන්න බැරි.. ඉතාම බුද්ධිමත් කියන අය, රටක ඉදිරි දැක්ම වෙනුවෙන් ක්‍රියාත්මක වීමට සැදී පැහැදි සිටින අය, මර්වින් සිල්වා වැනි ප්‍රකාශ කිරීම සුදුසු නොවේ.. පැහැදිලිවම රටේ නීතිය අනුව උපරිම දඩුවම් දීම සිදු වේවි. නමුත් ඔබ සිතන දඩුවම් ක්‍රියාත්මක කිරීමට නම් ISIS ක්‍රම වේදය ලංකාවේ ක්‍රියාත්මක කළ යුතුයි. කෘරත්වයට කෘරත්වයෙන් පිළිතුරු දීම කිසිදු ආගමිකයෙකු අනුමත නොකරනු ඇත. මම මේකෙදි දකින්නේ ඒ වයෙස් දරුවන් ඉන්නා අය මෙවැනි ප්‍රකාශ කරන බවයි.. බාලාගේ මරණයේදීත් ඊට සංවේදි වූ බොහෝ අය ඒ වයසේ දරුවන් ඉන්නා අයයි. නමුත් රසික වැනි කිහිප දෙනෙකු පමණක් එහි කෘරත්වය දුටුවා පෞද්ගලිකත්වය පැත්තකින් තබා. දඩුවම් දෙන්න යැයි අකුරු කළ යුතු යැයි ඔබ අදහස් කරන්නේ කුමක්දැයි මට නොතේරේ. රටේ නීතිය අනුව දඩුවම් ක්‍ියාත්මක නොවේ නම්, දුෂකයන් රකින්නේ නම් අපි එදාට ඔබටත් වඩා ඉදිරියට පැමිණෙනු ඇත./////
මංජුල සමරසේකරලා වැනි අසමසම ජාතික ලයිස්තුකාරයිනුත් මේ ආකාරට සිතනවා යැයි දැක මා පුදුම වුණා!
Deleteවඳ කෙසෙල්කරු ගැන නම් අපි දන්නවා නේ. හැබැයි ඔහුත් ඉතා හොඳ මිනිසෙකු බවයි මට වැටහුණේ අන් කාරණාවලදී.
අනේ මන්දා?
කකා කිව්වා වාගේ ෆේස්බුක් එකෙන් 90% විතර ඉන්නේ මිනීමරුවෝ...
ReplyDeleteසිතින් මීනීමැරීමත් මිනිමැරුමක් නම් ඒ වගේ ඉහල අගයක් විය හැකියි!
Deleteවරදකරුවන්ට මරණ දඬුවම ඉල්ලීම/එයට එරෙහිවීම යන දෙකම ප්‍රධාන කොටම ආගමික කතිකාවත්.
ReplyDelete1. මරණ දඬුවමට රිසි මුස්ලිම් ආගමික ප්‍රවාහය. ඉස්ලාම් ධර්මයේ ඔරිජිනලි මෙහම දෙයක් තිබුණාද මා දන්නේ නැහැ, නමුත් අද ප්‍රසිද්ධියේ මරණ දඬුවම් නියම කරන බොහෝ රටවල් (චීනය වැනි නිදසුන් කිහිපයක් හැර) මුස්ලිම් අන්තවාදී රටවල්.
2. මරණ දඬුවමට විරුද්ධ කිතුණු (කතෝලික) ආගමික ප්‍රවාහය. ඔවුන් ඊට විරුද්ධ දෙවියන් වහන්සේ විසින් දෙන ලද ජීවයක් නැවත ලබා ගැනීමේ අයිතිය ඇත්තේ උන් වහන්සේට පමණක්ය යන විශ්වාසයෙන්.
බුදු දහමේ මරණ දඬුවම දිය යුතුද නැද්ද යන්න ගැන කිසිම සඳහනක් නැහැ. ඒක පුදුමයක් නෙවෙයි. බුදු දහම කියන්නේ මිනිසාට තමන් හැදෙන්න කියන ස්වාත්මවාදී දහමක් මිස සමාජය මෙහෙම හදපල්ලා කියන දහමක් නෙවෙයි.
බුද්ධිමත් මිනිසුන් වන අපට මරණ දණ්ඩනය ඕනෑද එපාද කියලා තීරණය කරන්න පුළුවන් මේ ආගමික කතන්දර නැතුවාට.
මරණ දඬුවම නිසා යම් සමාජයක දරුණු අපරාධ නතර වෙලා, අඩුවෙලා තියේද? එහෙම නම් ඒක හොඳයි. අනුගමනය කරමු. එහෙම වෙලා නැත්නම් ඒක අමතක කරලා වෙන මාර්ග බලමු. මේවා ආවේගශීලීව විසඳිය යුතු ගැටළු නෙවෙයි. විචාර බුද්ධියෙන් විසඳිය යුතු දේවල්.
මරණ දඬුවම නිසා මිනීමැරුම් අඩුවෙයි කියා කිසිදු සාක්‍ෂියක් නෑ. ආවේගයෙන් හෝ කල්යල් බලා කරන මිනීමැරුම් කරන්නේ මරාගෙන මැරෙනවා යන චේතනාවෙන් නේද?
Deleteෆේස් බුක් එකේ දැන් ඔය මරණ දඬුවම ඉල්ලලා කෑගහන අය මීට කාලෙකට කලින් ශාරියා නීතිය මිලේජ්ජයි කියලත් කෑගැහුවා.. ඒත් දැන් මිනිස්සු මරන්න ඕනේ ක්‍රම ශෙයා කරනවා කමෙන්ට් කරනවා.
ReplyDeleteමීට කලින් ගොඩක් බුද්ධිමතුන් කියලා මං හිතං හිටපු සමහර අය ශෙයා කරලා තියෙන පෝස්ට් සහ ඔවුන්ගේ කමෙන්ට් දැක්කම පුදුම හිතෙනවා.
සුපිරිම කොමෙන්ටුව
Deleteමිනිස්සු මරන හැටි යෝජනා කරන එක නම් පිලිකුල්
මටත් හරිම පුදුම හිතුණා!
Deleteඔය මරණ දඬුවම ඉල්ලන පිරිස තමනුත් මේ සිද්ධියට වක්‍රව වගකිව යුතුය කියලා ලාවට හරි වරදකාරී හැඟීමක් ඇති අයයි. මරණ දඬුවම ඉල්ලීමෙන් ඒ අය බලාපොරොත්තු වෙන්නෙ "ඔන්න මගේ වගකීම මම ඉටු කළා" කියලා අත සෝදාගෙන ඒ බරින් නිදහස් වෙන එකයි. ඒකත් හරියට හිඟන්නෙකුට රුපියල් දහයක් දෙනවා වගේ වැඩක්.
ReplyDeleteඒ සමගම ඒ සමහරු අම්බානක සංවේදී අය!
Deleteලෙයට ලෙය දතට දත ඉල්ලන න්‍යායෙන් ගිහින් ස්ත්‍රී දුෂකයෙකුට දඬුවම ලෙස ඔහුවත් දුෂණය කිරීමට ස්ත්‍රීයාවකට බාර දුන්නොත් නරකද?
ReplyDeleteකතා දෙකක් මතක් වුනා.
Delete1. දඩයම චිත්‍රපටයේ කාන්තා චරිතය කියන "බල්ලෙක් වුනාම එක්කෝ බැඳලා දාන්න ඕනෑ, නැතිනම් බැඳගන්න ඕනෑ" කීම මතකද?
2. සමහර වෙලාවට දුෂණයට ලක්වුණු කෙල්ලව දුෂකයාට බන්දලා දෙන අවස්ථා තියෙනවා නේද?
මරණ දඬුවම ගැන මට තියෙන්නේ මිශ්‍ර හැඟීමක්. මරණ දඬුවමට මගේ ඇති විරුද්ධත්වයට පදනම් වන්නේ, වැරදි පුද්ගලයෙකුට මරණ දඬුවම ලැබීමේ හැකියාවක් පැවතීම. ඒ ඇරෙන්න මිනිස්සු විදිහට අපිට තව මිනිසෙක්ගේ ජීවිතය ගැනීමට අයිතියක් නෑ කියන එක ආගමික කතාවක් කියලා මට හිතෙන්නේ. නීති පද්ධතියක් කියන්නේ මිනිස්සු ආවේගශීලී වෙලා සංවිධානය කර ගත්ත දෙයක් නෙවෙයි. යුද්ධයකදී සතුරෙක් මරා දාන්නත්, ආත්මාරක්ෂාව වෙනුවෙන් තව කෙනෙක්ව මරන්නත්, අපේ ආහාර වෙනුවෙන් විවිධ සතුන් මරන්නත් සමාජයේ නීත්‍යානුකූල අයිතියක් තියනවා. නමුත් ප්‍රධාන ප්‍රශ්නය, මරණ දණ්ඩනයකදී, සිදුවන වැරැද්දක් නිවැරදි කරගැනීමේ නොහැකියාව.
ReplyDeleteඅනෙක දඬුවම් ක්‍රියාත්මක විය යුත්තේ පුනරුත්ථාපනය මූලික කරගෙන කියන එකත් සම්පූර්ණයෙන් එකඟ වෙන්න බැරි දෙයක්. යම් වරදක් කල විට ඊට සරිලන දඬුවමක් ලැබිය යුතුයි. දඬුවම වරද සේම ම්ලේච්ඡ විය යුතුයි කියන එක නෙමෙයි. නමුත් එය දඬුවමක් විය යුතුයි. මිනිසුන්ගේ හිතේ තියනවා සාධාරණත්වය ගැන හැඟීමක්. එය රැක ගැනීමට වරදකට සරිලන දඬුවමක් ලැබිය යුතුයි. රටක නීති පද්ධතියෙන් "සාධාරණත්වය ඉටුවනවා සේම, සාධාරණත්වය ඉටුවන බව පෙන්නුම් කිරීමත් අවශ්‍යයි" කියලා කියමනකුත් තියෙන්නේ.
මරණ දඬුවමට සුදුසු යැයි කියලා (මට) හිතෙන්නේ පුනරුත්ථාපනය කිරීමට නොහැකි අය ලෙස වර්ග කරලා තියෙන අය. සාමාන්‍යයෙන් මේ සියළු දෙනාම මරණ ලොකු ගණනක් (සීරියල් කිලර්ස්) කල අයයි. මරණ දඬුවමට ඔවුන් සුදුසු යැයි මට හිතෙන මූලික හේතුව, ඔවුන් කිසි කලෙක තමන්ගේ ක්‍රියාවන් පිළිබඳ කිසිදු ආකාරයක කණගාටු වීමක් පෙන්නුම් කර නෑ. ඔවුන් නිදහසට කියා ඇති කරුණු "මට නිකං කම්මැලි හිතුණා ඉතිං මම මරලා දැම්මා" වගේ ඒවා. අර අහිංසකයෙක් මරණ දණ්ඩනයට ලක් වෙනවා වගේම මෙවැනි අයෙකුත් කවදා හෝ නීතියේ යම් යම් සිදුරු තුලින් ගොස් සමාජයට එකතුවීමේ අවධානමක් තියනවා.
නමුත් මරණ දඬුවම ක්‍රියාත්මක කල යුතුයි කියලා මට හිතන්න බල කරන සමාජ තත්වයම ඒක නොකල යුතුයි කියන එකට හේතුවක් වෙනවා. ඒ කියන්නේ ඔය කලින් කී වර්ගයේ කෙනෙක් ආපහු සමාජයට එකවන්න තරම් නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ පද්ධති තුල හිඩැස් තියනවා කියන්නේ, අහිංසකයෙක්ව මරණ දඬුවමට ලක්වෙන්නත් ඒ හා සමානම ඉඩකඩක් තියනවා.
මරණ දඬුවම ගැන කියනකොට තව දෙයක් මතක් වෙනවා. "ආර්ලිංටන් රෝඩ්" චිත්‍රපටියේ තැනක කියවෙනවා, සමාජය යම් කෙනෙක් මත වරද පටවලා ඒ පුද්ගලයාව සමාජයෙන් ඉවත්කරලා, දැන් නැවතත් අපි ආරක්ෂිතයි කියලා ඉදිරියට යන්න කැමතියි කියන එක. එයින් සමාජයකට ඔවුන්ගේ හිත කලඹන දෙයකට ඔවුන්ට හිත සනසා ගත හැකි විදිහේ අවසානයක් ලැබෙනවා. නීතිය හරියට ක්‍රියාත්මක නොවෙන අපේ වගේ සමාජයක මේ ලක්ෂණය වඩා තදින් දකින්න පුළුවන් කියලා මට හිතෙන්නේ.
//මිනිස්සු විදිහට අපිට තව මිනිසෙක්ගේ ජීවිතය ගැනීමට අයිතියක් නෑ කියන එක ආගමික කතාවක් කියලා මට හිතෙන්නේ. //
Deleteමේක ආගම් වල කතා උනාට ආගමිකත්වය මත පදනම් වූ සංකල්පයක් හෝ අදහසක් විය නොහැකියි. ඒක තනිකරම මනුෂ්‍යයා පිළිබද අදහසක්.. කාටද අයිතියක් තියෙන්නෙ කාගෙවත් ජීවිතයක් ගන්න.. ඔහුට හෝ ඒ නීතියට ඇති නෛතික අයිතිය කුමක්ද?? එහෙම දෙයක් නෑ. ඒ ඒ නීති රීති වලින් ගොඩනගපු තර්කයක්.. තරාදියේ බර අනුව මිනිස්සු මරන්න, හිස ගසා දාන්න මොන දෙයියන්නාන්සෙටවත් අයිතියක් ලැබෙන්නේ නැහැ... මේ අදහස් පුරාණයේ සිටම මිනිස් සංස්කෘතීන් තුල ගොඩනැගුනු මත... ඒ මතයි බොහෝ අය කමන්ගේ අදහස් ම්ලේච්ඡ අදහස් කියා නොමදැන කට මැත දොඩවන්නේ...
මගේ අවංක අදහස නම්, යමෙකු තවත් අයෙකුව මරන්නේ යම් කිසි තාවකාලික හෝ කල්පවතින මානසික විකෘතියක් නිසයි. තාවකාලික නම් පුනරුතාතාපනය කළ හැකියි, නැතිනම් ජීවිතාන්තය දක්වා තනිව හිරකර තැබිය හැකියි. ඒ සඳාහ යන වියදම සමාජය විසින් දැරිය යුතුමයි!
Delete// ඇරෙන්න මිනිස්සු විදිහට අපිට තව මිනිසෙක්ගේ ජීවිතය ගැනීමට අයිතියක් නෑ කියන එක ආගමික කතාවක් කියලා මට හිතෙන්නේ.//
Deleteනැහැ . මම නිර්-ආගමික කෙනෙක් ලෙස මෙයට විරුද්ධ එහි ඇති ම්ලේච්ඡ ගතිය නිසා. ලෞකික ආචාර ධර්ම මගින් මරණ දණ්ඩනයේ නිෂ්ඵලත්වය ගැන තර්ක කරන්න පුළුවන්. සියලු ආගම් ඔය හිතන තරම් ශිෂ්ඨ සම්පන්න නෑ නේ ? උදා: පරණ ගිවිසුමේ මරණ දඬුවම සුලභයි - ගොඩ රුපියලය් :-)
//ඒ මක් නිසාද යත්, හදිසි කෝපය නිසා හෝ මානසික ආබාධයක් නිසා හෝ යමෙකු කරන මිනී මැරුමක් මෙන් නොව, මේ ආකාරයෙන් මිනිසෙකු මරණයට පත් කිරීමේ දී මරා දැමීමට චේතනාව, මරණය සිදු කීරිමට මනාව පෙර සැලසුම් කිරීම, සහ ඒ සැලසුම ක්‍රියාත්මක කිරීම යනාදී වශයෙන් බොහෝ මිනී මැරුම්වල දක්නට නොලැබෙන දේ මෙහි දී සිදුවීමයි.//
ReplyDeleteපොඩි නිවැරදි කිරීමක් කලාට තරහ වෙන්න එපා රසික.
ඔබ ඔය දෙවනියට කියන ලක්ෂණ නැතුව "මිනීමැරීම" වරද වෙන්න බෑ. ඒ ලක්ෂණ අත්‍යවශ්‍යයි නීතියෙන්.
සියලු නීතියෙන් සලකන "මිනීමැරුම්" වල ඒ ලක්ශන තියනවා.
ඔබ කියන පලමු ලක්ෂණ අයත් වන්නේ " මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය" ට.
(ඇමරිකාව් ෆස්ට් ඩිග්‍රී & සෙකන්ඩ් ඩිග්‍රී මර්ඩර්ස් වගේ)
ඒ අනුව මරණ දඬුවමේ මිනීමැරීමක ලක්ෂණ තියන එක ඇත්ත. ඒ ගැන මට ඇති (තීරණය නොකල) අදහස් මාතලන්ගේ බ්ලොග් එකේ ලියූ නිසා ආයිත් ලියන්නනේ නෑ
ප්‍රා ජේ,
Deleteඔබ කියන දේ ම තමයි මා කියා තියෙන්නේත්! ඇත්තේ වචන සහ අරුත්දැක්වීම් ගැන ප්‍රශ්නයක් පමණයි.
මේ චෝදනා දෙකට ලංකාවේ අනියම් මිනීමැරුම සහ සාපරාධී මිනීමැරුම කියනවා.
ඕස්ටේර්ලියාවේ මෑන් ස්ලෝටර් සහ මර්ඩර් කියනවා.
පානාතිපාතා සිල්පදය විස්තර කීරමේත් ඒ අත්‍යවශ්‍ය කොන්දේසි දක්වනවා.
මා ඔබ උපුටා දක්වා ඇති කොටස ලීවේ ඒ වෙනස අනුව නීතියෙන් දෙන මරණ දඬුවම කෙලින්ම මිනීමැරුමක් බව කියන්නයි.
මරණ දන්ඩනයට වඩා දරුනුයි වරදක් නෙකාර වැරදිකාර පාර්ශවය නිසා අගතියටපත් පාර්ශවයට සාධාරනය ඉටු නොවීම සහ එය ප්‍රමාද වීම. ලංකාවේ පොලීසිය,උසාවිය, නීතිපති දෙපාර්තමේන්තුව , රජයේ රස පරීක්‍ෂන දෙපාර්තමේන්තුව සහ අධිකරණ වෛද්‍ය වරුන්ගේ ප්‍රමාදයන් නිසා දින, සති, මාස ගනන් නොව අව්රුදු ගනන් දුක් විඳින ජනයා ගේ අයිතිවාසිකම් ගැන කිසිවෙක් කතා නොකරයි. !
ReplyDeleteමචං, මේක හරිම කණගාටුදායක තත්වයක්. සමහර අධිකරණ ක්‍රියාමාර්ග අවුරුදුගානක් / දශක ගානක් තිස්සේ ඇදීයාම ගහෙන් වැටුණු අයට ගොන ඇනීමක්!
Deleteගෝත්‍රිකයින්ට මරණ දඬුවම හොඳ වීමට පුළුවන.
ReplyDeleteමේ ගෝත්‍රිකයින් සඳහා නිර්නාමික කමෙන්ටුකරුවෙකු පහත යෝජනාව කළා!
Delete1. පුරවැසියන් හැමෝම තමා මරණ දණ්ඩණයට කැමතිද අකමැතිද යන්න කියා ෆෝරමයක් පිරවිය යුතුයි.
2. වරදක් කර මරණ දණ්ඩණය හිමි වූ පසු දඬුවම දෙන්නේ ඒ අනුවයි.
මේ මෝඩ මිනිසුන් සිතන්නේ අප අපේ අදහස් අපට ලැබෙන වාසි හෝ අවාසි අනුව වෙනස් කරනවා කියාය.
ReplyDeleteඒකනෙ උන් හිතන්නෙ සමහර දේවල් ලියන්නෙ ඩොලර් හම්බවෙන නිසා කියල. උන්ගෙ මෝඩකම කොච්චරක්ද කියනවනම් සමහර එවුන් පට්ට අවංකයි. අවංකවමයි ඒ විදිහට හිතන්නෙ.
මට නම් මේවා ලිව්වත් නොලිව්වත් ඩොලර් (වලින් මාසෙ පඩිය) ලැබෙනවා!
Delete;-)
මේකයි මගේ මතය:
ReplyDeleteමරණ දඬුවම කියන්නෙ තවත් මිනිමැරුමක්ම තමයි.
ඒකෙ තියන නරකම ලක්ෂණය තමයි, උසාවියේදී හෝ ඉන් පසුව හෝ අහිංසකයකු මරණ දඬුවමට ලක් වීමට යම් ඉඩක් පැවතීම.
කොහොම වුනත් ලංකාව වගේ නීතිය හරියටම ක්‍රියාත්මක නොවන (තවමත්) රටක මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අතිශයින්ම භයානකයි.
ඒත්, මරණ දඬුවම අවශ්‍ය වන්නේ සමහර දේවල් නැවැත්වීමට පුළුවන් වෙන දැනට සොයාගෙන ඇති එකම ක්‍රමය ඒක වීමයි. (ජීවිතාන්තය දක්වා සිර දඬුවම නිසි පරිදි ක්‍රියාත්මක නොවන තත්වයක් තුළ)
අනිත් අතට අපි මෙහෙම හිතමු.
Deleteමං කාවහරි මරන්න තීරණය කරන්නෙ ඌ මට බරපතල අපරාධයක් කළොත්.
මට හිතෙනවා ඒ අපරාධයට ලක් වෙලා මට තවත් ජීවත් වෙලා පලක් නෑ කියල. ඉතින් මං ඌව මරනව. ඒ මරන්නෙ මාව එල්ලුම්ගස් ගියත් කමක් නෑ කියල දැඩි කළකිරීමක් තියන වෙලාවක.
ඉතින් මරණ දඬුවම ක්‍රියාත්මක වුනාය නැතිය කියල වෙනසක් නෑ. මං ඌව මරනවම තමයි.
/* ඒකෙ තියන නරකම ලක්ෂණය තමයි, උසාවියේදී හෝ ඉන් පසුව හෝ අහිංසකයකු මරණ දඬුවමට ලක් වීමට යම් ඉඩක් පැවතීම. */
Deleteඑක අහිංසකයෙකු ගේ ජීවිතයක් හෝ නැතිවීමට කුඩා ඉඩක් හෝ ඇති නම්, එයම ඇති මරණ දඬුවම නවතන්න.
බොහෝ දෙනෙක් දරැනු අපරාදයක් දැකලා හිතට ආවෙගයක් දැනුනම එක්වරම හිතනවා අපරධය කරලු පුද්ගලයාට රජකාලේ දඩුවමි දෙන්න ඔන කියලා.නමුත් අපරාධ සිදුවීමට එකම හේතුව එම වැරද්ද කල පුද්ගලයා පමනක් නොවෙයි.තව සමාජීය,මනෝවිදයාත්මක ලෙසින් බලපාන බොහො කරැනු තිබෙනවා.අපරාදයක් කරපු පුද්ගලයාට මරණ දඩුවම දුන් පමනින් මෙ අනෙත් කරැනුවලින් සිදුවන බලපෑම නවතිනවද.සංසරණි අඩවියේ මරණීය දණ්ඩනය පිළිබඳ මඩිහේ පඤ්ඤාසීහ හිමි මතය කියන ලිපිය මෙහිදි වඩාත් සාර්ථක පිලිතුරක් සපයනවා.
ReplyDeleteස්තුතියි,
Deleteමා එය කියවූවා, එයට එකඟ විය හැකියි.
මේ ලිපියේ මුල් කොටසේ ඒ ලිපියට සබැඳියක් ඇතුළත් කළා!
සීරියල් කිල(ර්)ස් ල රසිකගේ ගෙදරට, සීරියල් රේපිස්ට් ලා සුරේකාගේ ගෙදරට
ReplyDelete???
Deletetho thamay serama danne. Umbe lamayekta meka wenna thibune.
ReplyDelete/* දෙවෙනි ප්‍රතිචාරය සිනාවටත් වඩා ප්‍රතිචාරය දැක්වූ අයගේ නිරුවත හෙළිදරව් කරන්නකි.
Delete"ඔහේ ගේ දරුවෙකුට මේ වගේ ඉරණමක් අත්වුණාම තේරෙයි!"
මේ මෝඩ මිනිසුන් සිතන්නේ අප අපේ අදහස් අපට ලැබෙන වාසි හෝ අවාසි අනුව වෙනස් කරනවා කියාය. එයට හේතුව, ඔවුන් තමන්ට ලැබෙන වාසි අවාසි අනුව අදහස් වෙනස් කරන්නන් නිසා බව සැක නැතුව කිව හැකි යැයි සිතමි. */
Umba gana ithin api nodannaway.
Deleteමෝඩකම දිගටම ප්‍රදර්ශනය කරන්න!
Deleteරිසානාට සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වුණාම ලංකාවේ කී දෙනෙක් නම් කෑගැහුව ද ඒක වැරදි යි කියලා; කී දෙනෙක් නම් ලංකා රජයට කිව්වා ද රිසානාව මරණ දඬුවමෙන් ගලවා ගන්න උත්සාහ කරන්න කියලා; කී දෙනෙක් නම් කිව්වා ද ඒ රටේ ශරියා නීතිය ම්ලේච්ඡ යි කියලා (රන්ජන් රාමනායක මේ බව පාර්ලිමේන්තු කථාවක දීත් කිව්වා).
ReplyDeleteදැන් ඒ කෑ ගහපු අය ම කියනවා මරණ දඬුවම නැවතත් ලංකාවේ ක්‍රියාත්මක කරන්න කියලා. ශරියා නීතිය වැනි නීතියක් ලංකාවට හඳුන්වා දෙන්න කියලාත් කියනවා. ඒ විතරක් නෙවෙයි, සමහරු චුදිතයාව ටිකෙන් ටික මරන්න කියලාත් කියනවා.
එතකොට සෞදි අරාබියේදී මරණ දඬුවම නරක වෙන්නෙත්, ලංකාවේ ඒක හොඳ වෙන්නෙත් කොහොමද කියලා ඔය පණ්ඩිතයන්ට කියන්න පුළුවන් ද?
කටේ නරිවාදං රෙද්ද පල්ලෙන් බෙරේ!
Deleteඇත්තටම ඇනෝ කිව්වා කතාවත් එක්ක මට හිතෙන්නේ රන්ජන් උනත් තමන්ගේ හැඟීම් වලට යට වෙලා කතා කරපු වගකුයි.නැතිනම් එදා පාර්ලිමෙන්තුවේදී පවා රිසානාගේ මරණ දණ්ඩනය ම්ලේච්ඡ බව කියපු මිනිහා දැන් ඔහොම කතා කරන්නේ එකනේ.අනිත් අතට ගොඩක් අය දැන් මේ මරණ දණ්ඩය ගැන කතා කරන්නේ ආවේගයෙන්.ඒ ආවේගය නැති වෙච්චි දවසට මේ ගැන කතාවන් යට යාවි.මට මතකයි මේ ලගදි ජනාධිපතිතුමා කිව්වා මත්ද්‍රවය ජාවාරම් කරුවන්ට මරණ දණ්ඩනය දීම ගැන කතිකාවක් ඇති වෙන්න ඕනේ කියලා.හැබැයි ඒහෙම කතිකාවක් ඇති උනේ නැහැ.දැන් මේ සේයාගේ සිදුවීම පවා තවත් සිදුවීමක් වෙනකම් විතරයි.
ReplyDeleteමොකක්ද මේ රන්ජන් ගේ කතාව? මා නම් දැකලා නෑ!
Deleteඅර තියෙන්නේ යටින් ඇනෝ කෙනෙක් දාලා රන්ජන්ගේ කතාව.
Deleteයම් පුද්ගලයෙකුට වැරදීමකින් සිර දඬුවමක් පැනවුණොත්, එය නිවැරදි කළ හැකි යි පසුව හෝ ඒ පුද්ගලයා නිර්දෝශ යි කියා ඔප්පු වුව හොත්.
ReplyDeleteඑහෙත් යම් පුද්ගලයෙකුට වැරදීමකින් මරණ දඬුවම පැනවුණොත්, එය නිවැරදි කළ නොහැකි යි, පසු කලෙක ඒ පුද්ගලයා නිර්දෝශ යි කියා ඔප්පු වුව හොත්.
මෙය යි මරණ දණ්ඩනයේ ඇති භයානකකම.
හරියට හරි!
Deleteඑක අහිංසකයෙකු ගේ ජීවිතයක් හෝ නැතිවීමට කුඩා ඉඩක් හෝ ඇති නම්, එයම ඇති මරණ දඬුවම නවතන්න.
රසික, මෙන්න රන්ජන් රාමනායකගේ ඒ පාර්ලිමේන්තු කථාව (2012):
ReplyDeleteRanjan Ramanayake says Sharia is a Barbarian Law
රසික,
ReplyDeleteමමත් ඔබ හා මෙහි අදහස් පලකල බොහෝ දෙනෙක් කියන ලෙස මරණ දඬුවමට විරුද්දයි.
1. අහිංසකයකු මරණයට පත්වීමට හැකිවීම.
2. කවර ආකාරයක සෞම්‍ය ආකාරක වුවත් මරණ දඬුවම ලැබෙනතෙක් නොමැරී මැරෙමින් ජීවත් විය යුතු වීම.
3. මරණ දඩුවම මගින් අපරාද අඩුවන බවට ඇති සාක්ෂි අවම වීම
මේ ගැන හොඳ කතිකාවතක් කල film එකක් The Life of David Gale
http://www.imdb.com/title/tt0289992/
Marana dandanaya deema amanushikay!Aath viteka kriyathmaka kireemata wena deyak.wena mokuth nisa nemey.Hethu athuva kiyanne.Marana dandanaya denne nathuwa jeewithanthaya dakwa sira daduwama niyama kalath eya amanushikay.Mokada kauda kamathi kaluwara kamareka marenakan inna?minissunta jeewithe eppa wenawa.Vasikiliyata geniyana bucket eka eliyata geniyanna minissu keedenek nam porakanawada?aliyata yanna thiyena e winadi ganath e minissunta watiawa.E minissu balagena inne ekko hiren panaganna dawasata agili ganaganne nathnam marena dawasata agili ganaganne.(baddegame anawa wage hireta maasa hayakata giya kenektawath eke jeewath wenna amaaruy.Habay marana danndanaya kriyathmaka wenawanam mechara amanushika nowi inna one.mama marana danndanaya manushika widihata dakinne na.namuth apita jeewethedeeth samahara theerana ganna wenawa kochchara amaru wunath.Ama nisa witeka ratak hadannath mewani theerana ganna wenawa!!!thawa hethu godak thiyenawa marana dandanaya kriyathmaka kirimata balapana.Habay paudgalikawa mama marana dandanayath,jeewithanthaya dakwa sira daduwamath hela dakinawa.viteka obata sithune nadda marana dandanaya niyamthe dawase marala iwara wunath jeewithanthaya dakwa sira daduwamedi marenne thawa wasara 50 kin nam atharam kalak duk widinna wenaway kiyala
ReplyDelete