Thursday 21 July 2016

ඊයා හලෝ කුණුහබ්බත් කියනවා ද? - Me is a good boy!


මම කුණුහරුප ලෙස සැලකෙන සිංහල වචන සියල්ල ම පාහේ දනිමි. සියල්ල ම දනිමි යැයි නොකියා සියල්ලම පාහේ දනිමි යැයි සීමාවක් යෙදුවේ මා නොදන්නා කුණුහරුප ද පසුගිය කාලයේ ලංකාවේ අලුතෙන් බිහි වී තියෙන්නට ඉඩ ඇති නිසා ය.

අප සියලු දෙනා මෙන් මා ද, මා දන්නා ඒ කුණුහරුප වචන ඉගෙන ගත්තේ ද අද ඊයේ වැඩිහිටියෙකු සේ නොව පාසල් යන කුඩා ළමයෙකු කාලයේ දී ම ය.

නමුත්, අප ඒ කුණුහරුප ඉගෙන ගත්තේ, අපේ දෙමව්පියන්ගෙන් හෝ ගුරුවරුන්ගෙන් හෝ කිසියම් විධිමත් ක්‍රමයකට අනෙකුත් විෂයානුබද්ධ දේ ඉගෙන ගන්නා ආකාරයට නොව, ඉතා අවධිමත් ලෙස අප විසූ සමාජයෙනි. බොහෝ විට ඒ සම වයසේ මිතුරන්ගෙනි. එසේ ම නැති වුණත්, වෙනත් අය ඒ වචන කියනු ශ්‍රවණය කිරීමෙන් පසුව ය.

මගේ පියා හෝ මව හෝ කුණුහරුපයක් පවසනු මා කිසි දිනක අසා නැත.

එනිසා සහ ඇත්තට ම එනිසා ම, මම ද මේ දක්වා කිසිම පුද්ගලයෙකු ගේ මුහුණට කුණුහරුපයක් කියා බැණ වැදී හෝ විහිළුවකට හෝ කුණුහරුපයක් භාවිතා කර නැත්තෙමි. සමහර විට ඉතා කලාතුරකින්, ඉතා කලාතුරකින් අතිශය ලෙස කෝපයක් සිතට නැගි අවස්ථාවක මගේ සිත යටින් කුණුහරුපයක් කියවී නැත්තේ නොවෙතත්්, එය කිසි දිනක මගේ මුවෙන් ශබ්දයක් වී පිට වී නැත.

ඇත්තටම, එය එසේ වන්නේ කෙසේ ද, එනම් මට කුණුහරුප කියවෙන්නේ නැත්තේ ඇයි ද යන්න ගැන මට ද ඇත්තේ තරමක විමතියකි.

මෙහිදී මගේ සිහියට එන්නේ වයස දහනමයේ දී මා පේරාදෙණියේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණායින් පසු එහිදී මුණ ගැසුණු එක් මිතුරෙකි. ඔහු ගේ දිව අග නිරතුරු තිබුණේ කුණුහරුප ම ය. ඉතා කුඩා දෙයකින් පවා කෝපයට පත්වෙන ඔහු, ඒ සැම විට ම කුණුහරුපයක් ඇද බායි.

එය මා විශ්වවිද්‍යාලයේ දී ලැබූ සුවිශේෂී අත්දැකීමක් ම විය.

මා වටහා ගත් ආකාරයට, එතැන සිදුවී තිබුණේ අර සොර මුලක් ලැගුම් ගෙන සිටි ගල්ගුහාවේ හැඳුණු ගිරවා ගේ කතාවේ පුනරුත්පත්තියකි. මගේ මිතුරා, පාසලේ අවසන් වසර පහ හයක් ගතකර ඇත්තේ නිවසෙන් දුර පළාතක පිහිටි පාසලක නේවාසිකව ය. ඔහු වචනයක් වැරදෙන විට, සුළු කෝපයකට පවා, කුණුහරුප කතා කරන්නට, බනින්නට හුරු වී ඇත්තේ ඒ වාතාවරණය නිසා ය.

දෛවයේ සරදමකට මෙන් උසස් පෙළ විභාගය සහ විශ්වවිද්‍යාලය අතර කාලය මගේ මිතුරා ගත කර ඇත්තේ, පන්සලක පිරිවෙනක ගණිත ගුරුවරයෙකු ලෙසින්, ඒ පන්සලේ ම නවාතැන් ගෙන ය. නමුත්, අර හොර නඩය සෙවණේ හැදුණු ගිරවා සේ උගත් කුණුහරුප මාලාව පන්සල් පිරිවෙන් සෙවණේ දී ඔහුගෙන් ගිලිහී නොතිබුණි!

අප අතර අදත් පවතින දැඩි මිතුරුකම කෙසේ වෙතත්, මගේ මිතුරාගෙන් මට හෝ වෙනත් කිසිවෙකුට හෝ ඒ කුණුහරුප කියන ලෙඩේ නම් ප්‍රේරණය නොවුණි.

මා මේ සටහන ලිව්වේ, මා හොඳ ළමයෙකු බව කියන්නට නම් නොවේ.

එය අමුතුවෙන් කිව යුත්තක් ද නොවේ.

මා මෙය ලිව්වේ, නරක පුරුද්දක් මුල් කාලයේ දී ම බෝ නොවුණොත්, පසුව එය වැළඳීමට ඇති ඉඩකඩ අඩු බව කියන්නටයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කලාව, කුණුහරුප සහ සිංහල සමාජය යන මැයෙන් ප්‍රවීන නාට්‍යවේදී සහ රචක ධනංජය කරුණාරත්න විසින් පවත්වන ප්‍රසිද්ධ දේශනය් සහ සාකච්ඡාව ජූලි 31 ඉරිදා සවස 300 ට සිනුවර තදාසන්නයේ පෙමුල්වේ හි දී පැවැත්චේ.

මෙහෙයවීම ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසිනි.

සැමට ආරාධනා!


(image: http://www.greenberg-art.com/.Toons/.Toons,%20political/Obscenity.html)

81 comments:

  1. වැලිකඩ ඉන්න අපේ චූටි මාමි (අප්පච්චිගෙ බාලම මල්ලි) නම් හැමදාම කිව්වේ කුණුහරුප කීම හොඳ නැති බවයි.

    A.C.D.C. රොකට් උක්කුන්

    ReplyDelete
    Replies
    1. ඒ මද්දුම මාමී නේද, ඒත් වැලිකඩ නොවෙයි ඉන්නේ මහ ඉස්පිරිතාලේ!

      Delete
    2. අප්පච්චිගෙ මල්ලිට මාමා කියන එකමත් කුණුහරපයක් නේද? අප්පච්චිගෙ මල්ලිලා බාප්පලා ය. (උදාහරණයක් ගෝඨා)

      Delete
    3. ඉන්ග්‍රීසියෙන් හිතන කෙනෙකු නෑදෑ කම් වටහා ගන්නේ සින්හලෙන් හිතන කෙනෙකුට වඩා වෙනස් විදියට ය.

      එවිට පියාගේ හෝ මව ගේ සොහොයුරන් ලා uncle ය.

      එවැනි ඉන්ග්‍රීසියෙන් හිතන අයෙකු සින්හලෙන් පිලිතුරු දෙන විට Uncle යන වචනය පරිවර්තනය වන්නේ මාමා ලෙස ය.



      Delete
    4. මාතර පළාතේ ඇයෝ බාප්පාට කියන්නේ පුංචි තාත්තා කියායි!

      Delete
  2. හපොයි ගෙදරට එනකොට අහිංසක වෙලා ඉස්කෝලේදි අපි කියපු කුනුහරුප.. ටොන් ගනන්.. හැක්

    එන්ඩ වෙන්නැ.. මං නිවාඩු මේ දවස් වල

    ReplyDelete
    Replies
    1. මං කුණුහරුප විතරක් නොවෙයි කතාත් දන්නවා. හැබැයි බොහෝ කුණුහරුප කතාවල ඇත්තම කුණුහරුප වචන නෑ නේද?

      Delete
    2. කුනුහරුප සහ අසභ්‍ය වචන කියන්නෙ එකම දේ නෙවෙයි නේද? ඕනැ කුනුහරුපයක් සභ්‍ය වචන වලින් කියන්න පුළුවනි.

      කුනුහරුප ගැන මට මතක් වෙන හොඳම කතාව තමයි (මං දවසක් කියල ඇති) අර මහැදුරුතුමෙක් සහ ජෙප්පෙක් අතර සාකච්ඡාව.

      මටත් ඔය කුනුහරුප “කියවෙන“ පුරුද්ද නම් නෑ. අවශ්‍යම වෙලාවට හිතල මතල ඕනැකමින් කුනුහරුපයක් කිව්වොත් ඇරෙන්න තරහ ගිය වෙලාවකටවත් කුනුහරුප කියවෙන්නෙනම් නෑ. මටත් හිතෙන්නෙ “පරිසරය“ තමයි හේතුව.

      Delete
    3. කුණුහරුප කතන්දර හොඳ වචනයෙන් ව්‍යංගේ‍රන් කිව හැකියි. නමුත් මෙතන කුණුහරුප කියන්නේ නරක වචන කියන අදහසෙනුයි!

      Delete
  3. මමනම් කාටවත් තරහට කුනුහරුප පාවිච්චි කරන්නෙ නෑ.
    ඒ උනත් මගේ දිව අග තියෙන්නේම කුනුහරුපමයි.
    කාලෙකින් යාලුවෙක් හම්බ උනොත් අම්මට හු.. කැ.. කොහෙද ගිහින් හිටියෙ කියලයි අහන්නෙ.

    ReplyDelete
    Replies
    1. එහෙම කතා කරන එකෙක් යාළුවෙකුට කෝල් එකක් දීලා. යාළුවා කාර් එකේ යන ගමං, ස්පීකර් එක දාගෙන තමයි කෝල් එකට ආන්ස්වර් කරලා තියෙන්නේ!

      Delete
    2. සමහර යාළුවො කතා කරනකොට මං ඉක්මණටම පාළු තැනකට දුවගෙන යනවා. ස්පීකර් නොදැම්මත් සමහර වෙලාවට ෆෝන් එකෙන් ඇහෙන සද්දෙ තව කෙනෙකුට ඇහෙන්න පුළුවනි.

      Delete
  4. ඊලඟ පාර ආවහම කොලඹ හා අවට ත්‍රීවීලර් අස්සෙ වාහනයක් පදවල බලන්න දැන් එෆ් වචනය කටට එන්නෙ නැද්ද කියල

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවට කුණුහරුප කියවෙන්නේ නැත්නම් ලෙඩක්

      Delete
    2. මට නං කියවෙන්නේ මොන මගුලක් ද මන්දා කියලයි!

      Delete
    3. එහෙම හිතලා වචන කීපයක් කියවෙන ඒවා නෙමෙයි.
      හදිස්සියෙන් පැත්තට කපන්න වෙනකොට, බ්‍රේක් ගහන්න වෙනකොට කටින් පනින්නෙ නැද්ද ෆ.. කියල?

      Delete
    4. මං sh-t වෙනුවට shoot කියන්න පුරුදුවුනා. ඒත් f... පනිනවා :-D

      Delete
    5. අපිට නං ඉතිං සිංහලේ උරුව නෙව.. හුකා තමා.. හැක්

      Delete
    6. ඒක කියවෙන්නෙ කලාතුරකින් ලැච්චරර්තුමා
      සිංහල ඌරගෙ විදිහට මට කියවෙන්නෙ "මොන හු.....ද" තමයි :-D

      Delete
    7. මායි අටමයි ට්‍රැෆික් එකේ කොළඹ ගියා නෙවැ දෙතුන් පාරක් :D

      Delete
    8. සමහර අය වාහන එළවද්දි පාවිච්චි කරන්නෙ සත්තුන්ගෙ නම්. ඒක කුනුහරප කියනව වගේ භයානක නෑ.

      Delete
    9. ත්රීවිල් කාරයෝ ලේන් දෙකක් මැදින් , එහෙම නැත්නම් වම් පැත්තෙන් රිංගනකොට මගේ කටට එන්නේ අම්මගේ ... අස්සෙද ඕයි රිංගන්නේ කියල ඒත් ඒක කටින් පිටවෙන්නේ නෑ

      Delete
    10. @ පත්‍ර බදර්

      ඉතිං ඉතිං... උඹ මොනා හරි ඉගෙන ගත්තද උගේ සද්ද කෝසෙන්. හැක්.. හැක්

      Delete
    11. @ ට්‍රැ
      සම..නළය වගේ සත්තුද...??

      Delete
    12. දේශ දැක්ක කල් :D
      ආයිත් මොනවද මං හිතුවෙ රැප් කරනව කියල..කාසල් එක ළඟදි එහෙම කීවනං ඩිලිවරි එක ළඟ අයට සුරුස් ගාල බබා හම්බෙනවා.හැක හැක

      Delete
    13. මං හිතුවෙ ඒ රැප් එක ඇහුවාම බබා හම්බවෙන ක්‍රියා පටිපාටියට මුල පිරෙයි කියල

      Delete
    14. දවසේ කතාව ලොක්කා :D :D

      Delete
    15. පත්‍රේ, උඹල පිටිපස්සෙන් 1210 එකක් ආවෙ නැද්ද , කුණුහබ්බ එකතු කරගෙන යන්න ?

      Delete
    16. මට ෂික් හෝ චික් හෝ කියවුණොත් මගේ දරුවන් හිතන්නේ shit යැයි කීවාය කියලායි.

      Delete
  5. ඇයි අර අවවාදය ඉංග්‍රීසියෙන් දාලා තියෙන්නෙ?

    \\මගේ පියා හෝ මව හෝ කුණුහරුපයක් පවසනු මා කිසි දිනක අසා නැත.\\ මම හිතන්නෙ ඒ ආදර්ශය තමයි රසිකට බලපාන්න ඇත්තෙ. මමත් ඒ වැකිය හොඳට හිතට ගත්තා.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ දේවල් දාන්නේ පොඩි අකුරෙන් තමයි. සිංහලෙන් නොලිව්වේ නම් විශේෂ හේතුවක් ඇතුව නොවෙයි, ලේසියට!

      Delete
  6. අනේ මෙහෙමත් බොරු කාරයෙක් ?

    ජීවිතේට කුනුහරුපයක් කියලා නැහැ !

    අඩුගානේ ඔසී වල කියන F -- එකවත් ? චේතිය රජ්ජුරුවන්ගේ

    උපත ආයෙමත් සිදුවෙලා !

    ඒක වෙන්නැති, අර කුණු හරුප ඉගෙනගන්න

    පන්තියක් දාන්න හදන්නේ ? අනේ මං හොඳ ළමයෙක් !

    කකා ගේ ගොං කතා !

    ReplyDelete
    Replies
    1. Fair dinkum, mate!

      /* එනිසා සහ ඇත්තට ම එනිසා ම, මම ද මේ දක්වා කිසිම පුද්ගලයෙකු ගේ මුහුණට කුණුහරුපයක් කියා බැණ වැදී හෝ විහිළුවකට හෝ කුණුහරුපයක් භාවිතා කර නැත්තෙමි. සමහර විට ඉතා කලාතුරකින්, ඉතා කලාතුරකින් අතිශය ලෙස කෝපයක් සිතට නැගි අවස්ථාවක මගේ සිත යටින් කුණුහරුපයක් කියවී නැත්තේ නොවෙතත්්, එය කිසි දිනක මගේ මුවෙන් ශබ්දයක් වී පිට වී නැත. */

      Delete
  7. අද දිප්පිටිය අංකල් නිවාඩුද?

    ReplyDelete
    Replies
    1. ඇසල පෝයට සිල් අරං ඇති සතියක්ම, තරුණ බෞද්ධ සංගමයේ ලේකම් නේ!

      Delete
  8. අපේ අම්මලා තාත්තලාත් කවදාවත් කුණුහරුපයක් කියලා නැහැ. අපේ අල්ලපු ගෙදර කොල්ලට මොකක් හරි සිද්ධියකට දවසක් පිට එකෙක් ඇවිත් බැනලා. ඌ ඒ වෙලාවේ ගෙදර ඉඳලා නැහැ. අම්මා මට විස්තරේ කිව්වෙ “එය තැරියා අහු වුණාවෙකො මට" කිය කියා බැන්නයි කියලා. ඇය පාවිච්චි කළේ තයන්න. පොල්ගෙඩියෙ නටුවත් එක්ක තියෙන මල වගේ කෑල්ලට නේ තැරිය කියන්නේ. ඇය හිතන්න ඇත්තෙ වචනය එ්කයි කියලායි.

    ඒකට අපි. තුනේ පංතියෙදිත් ඕව අහලා තිබුණා.

    ReplyDelete
    Replies
    1. ඒකට මෙන්න මෙයාගෙ මාතෘකා. 'කිරිඇල්ලගේ වටඇල්ල 'http://www.w3lanka.com/2016/07/blog-post_21.html

      Delete
    2. නිවසෙන් පිට දී තමයි වැඩි දෙනෙක් කුණුහරුප ඉගෙන ගන්නේ!

      Delete
  9. දේශනයේදී හොඳ කුණුහරුප ටිකක් අහගන්න ඇහැක් වේවි.

    ReplyDelete
    Replies
    1. ඒ දේශනයේ අරමුණ කුණුහරුප ඉගැන්වීම නොවෙයි. කලාව සහ කුණුහරුප වෙන් කර හඳුණා ගැනීමයි.

      Delete
  10. ඒ කියන්නේ රා- සික හොඳ ගිරවෙක්... අපිනං නරක ගිරවු... පරන යාලුවෙක් මුන ගැහුනම අහන්නෙත් අම්මටහුඩු හු&‍තෝ ‍තෝව දැක්ක කල් කියල හිටං...

    ReplyDelete
    Replies
    1. අපි ඉස්කෝලෙ යන කාලෙ හිටිය ඔය වගෙ සිරිමත් මගෙ සකි කෙනෙක්. අපි එයාට ආදරේට කිවුවෙ සිරිමල් කියල. එයාත් කියන්නෙ ඕයා මෙයා අරයා වගේ ඒවා. එයා උඹකියලවත් කිවුවෙනෑ. එයා මොර‍ටුවෙන් පිට වෙච්ච අලුත දවසක් මුන ගැහුන. මම පුරුද්දට ඇහුව ඔයා දැන් මොනාද කොරන්නෙ කියල. එයාගෙ උත්තරේ උනෙ අඩෝ ‍තෝ සමනලයෙක් ද කියල. ඕං වැඩේ . එයා නරක ගිරවෙක් වෙලා මොර‍ටුවෙ සොර මුලට වැටිල හිටං....

      Delete
    2. සමහරවිට නැති පොරත්වයක් ආරූඪ කර ගන්න කුණුහරුප කියන්න පටන් ගන්න ඇති. සමහරු සිගරැට් බොන්නේ පොර වෙන්න ඒ වගේ!

      Delete
  11. ඉතින් රසික ඒකට කුහුහරුප ගැනම ලියන්න ඕනෙද.. බලන්නකො කරුණාවන්ත කෙනෙකුයි නපුරු කෙනෙකුයි අරන්.. අසාධාරණයට ලක් උනත් අන් අයට හොඳින් සලකන කෙනෙකුයි, අසාධාරණයට  ලක් නොවුන නමුත් අන් අයට නොසලකන කෙනෙකුයි අරන් සසඳන්න තිබ්බනෙ..

    ජිවිතේට දාන දිලා ඒ ගැන අවබෝධයක් නැති මුස්ලිම් අය මං දැකලා තියනවා සිංහල බෞද්ධ අපිට වඩා දානෙකදි උදව් කරන...ඒ වගේම සිංහල මළ ගෙදරක වැඩ සිංහල අයට වඩා හොඳින් කර ගන්න උදව් වෙන මුස්ලිම් අය මං දැකලා තියනවා. 

    හැමෝටම සලකගෙන පාඩුවෙ ඉන්න දෙමාපියන්ගේ සමහර ළමයි කිසි කෙනෙකුට උදව් කරන්නෙ නැ.. දෙමාපියන් නොකලත් තමන්ට පුලුවන් උදව් පාඩු විඳගෙන කරන අයත් ඉන්නව..

    එකම හොස්පිටල් එකේ වැඩ කරන ඩොක්ටර්ස් ලා හරි නර්ස්ලා හරි දෙන්නෙක් අරන් බලන්නකො..

    තව ඔනේ තරන් උදාහරන සමාජෙන් ගන්න පුලුවන් කම තියෙද්දි   මට පුදුමයි රසිකට කුනුහරුප ඇරුනම  වෙන උදාහරන සමාජෙන් නොපෙනුන එක..එක්කො රසිකට කුනුහරුප තරන් අනිත් සමාජ අත්දැකිම් ලඟින් දැනෙන්නේ නැතුව ඇති කියල මට හිතෙනව...

    ඒ  වගේම රසික අහලා තියනවද Flexible Mind & Fixed Mind ගැන. සමහර අයට ඉක්මනින් නම්‍යශීලි වෙන මොළයක් හිමි වන අතර සමහර අයට  ඒ තරම් ඉක්මනින් හැඩ නොගැසෙන අන් අයගෙන් දේවල් උකහා නොගන්නා මොළයක් හිමි වෙනවා තමාගේ මතය ඇරුනම.. දෙකේම හොඳ වගේම නරකත් තියනවා. රසික කියන මේ අන් අය කුනුහරුප කිව්වට ඔබ එයට හුරු නොවීම හොඳ ලකුනක්.. ඒ වගේ හැම කෙනාගෙන්ම හොඳ දේ ගන්න පුලුවන් නම් කොයි තරන් හොඳයි ද  නරක දේ අයින් කරන ගමන්.  ඔබ කියන අනිත් කෙනාට හිමි මොළය ඉක්මනින් අන් අයව අනුකරණය කරන මොළයක් විය හැකියි.

    රසික මම ඔබත් එක්ක මේ තරන් විවෘතව කතා කරන්නේ  ඔබ ඔබේ අදහස් වලට වගේම  වෙනස් අදහස් වලටත්  ඉඩක් දෙන කෙනෙක් බව මම දකින නිසයි..

    ReplyDelete
    Replies
    1. //තව ඔනේ තරන් උදාහරන සමාජෙන් ගන්න පුලුවන් කම තියෙද්දි මට පුදුමයි රසිකට කුනුහරුප ඇරුනම වෙන උදාහරන සමාජෙන් නොපෙනුන එක//

      මේ රචනාවේ මාතෘකාව “කුනුහබ්බ“ මිසක් “අන් අයගේ ගතිගුණ පුරුදු වීම“ නෙවෙයි.

      Delete
    2. ////මා මෙය ලිව්වේ, නරක පුරුද්දක් මුල් කාලයේ දී ම බෝ නොවුණොත්, පසුව එය වැළඳීමට ඇති ඉඩකඩ අඩු බව කියන්නටයි.////

      Delete
    3. @ නිම්නයක තනි වී හීන දකින්නී

      ඔබේ ප්‍රතිචාරයට ඉතා ස්තුතියි. මා මෙවැනි අදහස් දැක්වීම්වලට ඉතා කැමතියි. නමුත් මට ඇති ලොකුම ප්‍රශ්නය නම් ප්‍රති පිළිතුරු ලියන්නට කාලය ඉතා අඩු වීමයි. මේ ලියන්නේත් මැදියමත් පසුවී පෙරවරු දෙකටයි!

      මේ ලිපිය ඇත්තටම මා කලින් ලියාගෙන ආ දරුවන් සමග කතා කිරීම හා සම්බන්ධ එකක්. භාෂාවේ වෙනත් දේ නිවසෙන් උගත්ත ද කුණුහරුප වැනි දේ අපට ලැබෙන්නේ බොහෝ විට අවට පරිසරයෙන් බවයි මට කියන්නට ඕනෑ වුනේ.
      මෙහි ඊළඟ කොටස හෙට උදයේ පළ කරනවා.

      ඒ සමගම මේ මාසයේ අවසාන ඉරිදා සහව පැවැත්වෙන අපේ ලේඛක සංසදයේ දේශනය ගැන කියන්නත් අවශ්‍ය වුණා.

      වෙලාවක් තියේ නම් එන්න.

      එදාට නොපැමිණියත්, අපේ ලේඛක සංසදයේ සහ සිංහල සංස්කෘතික හමුවේ වැඩවලට සහභාගී වෙන්න.

      Delete
    4. බොහෝම ස්තුතියි ඇගයිමටයි ආරාධනාවටයි දෙකමට රසික.. ඇත්තටම ලැබෙන ආරාධනා වලට සහභාගී වෙන්න වෙලාව හොයා ගන්න එක ප්‍රශ්නයක්. ඒත් ඉදිරියේදි හිතාගෙන ඉන්නවා පුලුවන් විදිහට වෙලාව හදාගෙන සහභාගි වෙන්න පුලුවන් දේවල් වලට.

      Delete
  12. කුනුහරප යනු භාෂාවක යෙදුම් වේ. මා දුටු ආකාරයට අරාබි , රුසියන් , පෝලන්ත , රුමේනියා, යනාදී ජාතීන් සියලුදෙනාම කුනුහරප භාවිතා කරති.

    ReplyDelete
    Replies
    1. ඕස්ට්‍රේලියාවේ සමහරු කටේ තොලේ නොගැවී එෆ්-පදය කියනවා හරිඟ ලස්සනට!

      Delete
  13. සිංහලෙන් කුණ්‍ර‍රුප නොකියවෙන හොඳ බබාලට වෙනත් භාෂා වලින් කුණුහරුප කියවෙන්නේ ඇයි?

    මට ඉංග්‍රිසි කු‍ණු හරුප කැලි දෙක තුණක් අවුලක් නැතුව කිය තෑකි, එ් කාලේ පදමට කුණු හරුප එකතුකරලයි රුසියන් කතා කරේ, එත් කවදාවත්ම සිංහලෙන් කුණුහරුපයක් කියා ගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. එයට හේතුව තමයි, ඒ ඉංග්ලිෂ් පද මූවීස්වලින් ඇසී හිතට කා වැදීම.

      සිංහල කුණුහරුප පොඩි කාලයේ සිට දැන ගත්තාට දෙමව්පිය වැඩිහිටි ගුරුවර අවවාද සහ ඔවුන් ඒවා පාවිච්චි නොකළ පරිසරයක ජීවත් වීම නිසා කියවෙන්නේ නෑ.

      ඉංග්ලිෂ් කුණුහරුපවලට කවුරුත් සිංහල අපට එහෙම තහංචි දැම්මේ නෑ. අනික තවත් වචනයක් හෝ ප්‍රකාශයක් මිස හිතට දැනෙන දෙයක් නොවෙන්නට ඇති!

      Delete
  14. මගේ යාලුවෙක් ඔස්ට්‍රේලියාවේදී කුණුහරපයක් කියලා මළා

    ReplyDelete
    Replies
    1. එක බොරු කතාවක්. ඇත්ත සිද්ධිය කුණුහරපෙ කියාගන්න බැරිව උගුරෙ හිරවෙලා. එහෙමයි මරණ පරීක්ෂණ වාර්තාවේ තියෙන්නේ.

      Delete
  15. සිරා,

    ඉරිදා හවස තුනට ගිහිල්ලා හොඳ කුණුහරප ටිකක් අහගන්න වෙයිද? එහෙම නැත්නම් ඕගන්යිසර්ලට කුණුහබ්බ ටිකක් කියල එන්න වෙයිද දන්නේ නෑ
    (මේ f... කියල ලියන්නේ ඉංග්‍රීසියෙන් fcuk වගේ වචනේද? එක සිරා මේ සුද්දෝ ජොලියට කරන වැඩක්නේ, කුණුහබ්බයක් නෙවේ මගේ හිතේ)

    හීන දකින්නී කියනවා වගේ සිරා (රසික) එක්ක ඕන දෙයක් කතා කරන්න පුළුවන්. ඒකම ලොකු දෙයක්.
    have a ගුඩායි මෙට්!

    ReplyDelete
    Replies
    1. Hi, Howzitgowin?

      ජූලි 31 ඉරිදා තියෙන්නේ ශාස්ත්‍රීය සංවාදයක්.

      FCUK කියන්නේ නිමි ඇඳුම් / මෝස්තර ව්‍යාපාරයක් නේද?
      https://en.wikipedia.org/wiki/French_Connection_(clothing)

      ?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. සිරා ,

      going good man. thanks for asking.
      this is the second season of the year (we have only two seasons. 1-snowmobile season, 2-non snowmobile season. LOL)

      ඒ නමින් ඇඳුම් වියාපාරයකුත් තියෙනවා. නමුත් එක මූලිකවම පාවිච්චි කරන්නේ slang එකක් විදියට 'අර' ක්‍රියා පදය වෙනුවෙන්. එතකොට සමහර ඉන්ටනෙට් ෆිල්ටර් වලින් බේරෙන්න පුළුවනි.

      Delete
  16. @*$*&^$&!%$@%$ !!!!
    ඔන්න දැන් කුණුහරුප!

    ReplyDelete
  17. අපේ අම්මයි තාත්තයිත් කිසිම දවසක මට ඇහෙන්න කුනුහබ්බයක් කියල නෑ.. මං මේ දැන් කල්පනා කරන්නේ මං උන්දලගේ දරුවෙක් නෙවෙයිද කියල.. මම වචන දහයක් කියුවොත් අට හමාරක් විතර කුනුහබ්බ. අටම විතරයි ඊට වැඩිය ලකුනු ගන්නේ. ඌ දහයෙන් නවයක් ගන්නව කටේ තොලේ නොගෑවී .. හැක්

    ReplyDelete
    Replies
    1. චික් විතරක්. කියන හැටි.

      Delete
    2. නරක ආශ්‍රය. මතකනේ කැප්ටන් හැඩොක්!

      Delete
  18. දුක් ගීයක් කියල කුණුහරපෙට නෙ එන්නෙ...
    හ්ම්ම් හ්ම්ම්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. දැන් කාලේ පිරිමි විරහ ගී ඇහුණාම නම් කුණුහරුඵ මතක් වෙනවා කියා හුඟ දෙනෙකු කියනවා!

      Delete
  19. http://rasikalogy.blogspot.com/2016/07/my-day-has-come.html

    වැඩ් අවුල් වෙලා මේ පබිලිස් උනාද නැත්නං අපි නොදන්න චැස් ගේමක්ද රසික මේ පෝස්ට් එක?

    ReplyDelete
    Replies
    1. දිනේ සතියෙන් සතිය කල් දමමිනුයි හිටියේ. සතියක් නිවාඩු ගිය නිසා අමතක වුණා!

      Delete
  20. රසික මැරුණු දවසට පබිලිස් වෙන්න දාපු එකේ දිනය වෙනස් කරන්න අමතකවෙලා. දැන් රිඩිරෙක්ට් වෙන්න දාලා. ඒක අයින් කරන්න කලින් මළොත් අර ලිපිය බලන්න වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. වෙන ටයිටලයකින් ඔටෝ පබ්ලිෂ් වෙන්න දාන්න ඕනෑ!

      Delete
  21. සිරා,

    ඕකට යන්න පුළුවන් උනොත් බෑ නොකියා පොඩි උදව්වක් කරන්නකෝ.
    සිනුවර ඉන්න කවි සිත් තියෙන මාත්තුරු අලුතින් කුනුහරුප එහෙමත් හදනවා ඇතිනේ.
    ඔය අලුත් කුණුහබ්බ එහෙම එලි දැක්කුවොත් එහෙම, හොඳ මහත්තය වගේ අපිටත් දැනගන්න දාන්නකෝ.
    ඔන්න තැන්කිව් කිව්වා කලින්ම.

    ගුඩායි මේට්!

    ReplyDelete
    Replies
    1. අපේ දේශනයේ මාත්‍යකාව කුණුහරුප, කලාව සහ සිංහල සමාජය යන්නයි.

      විහිළුවට ස්තුතියි. හරිම හිනා!

      Delete
  22. නිවසේදී හැරෙන්න අනිත් හැම තැනම f****වදන භාවිතා කරමි . එය කුනුහරපයක්ද රසික මහතාණනි ? ඒ හැර වෙනත් කුණුහරප තිබේද?

    ReplyDelete
    Replies
    1. මෙහේ පරම්පරාවාසී වැසියෝ බොහෝ දෙනෙකු ගේ කටේ තොලෝ නොගැවී එෆ් පදය පිටවෙනවා. විශේෂයෙන්ම පිටපලාත්වල කාර්යාලවලදී පවා මට ඇසී තියෙනවා.

      රුසියාවට ගිය සිංහල සිසුන් විශ්වවිද්‍යාලයේ විවිධ ප්‍රසංගයක දී ධීවර නැටුවක් කරමින් හොයියා හෝයියා ගීතය කියූ සිද්ධිය ගැන අසා ඇති නේද?

      Delete
    2. අහලා නැහැ වගේ. මතකයක් නැහැ. ලිව්වා නම්. මම දන්නා විධිහට හොයියා කියන්න ගියොත් ඉතින් සෙට් තමයි. වැඩි පුරම ගැහැණු ළමයි. හේ හේ හැබැයි ඕව ඉතින් පාර්ලිමේන්තුවේත් කියන එකේ කුනුහපරම නොවේ නේ.

      Delete
    3. දී නේ හුයියා නේ ෂ්නායු, තවාරිෂ්.

      Delete
    4. මම නම් අහලා තියෙන්නෙ රුසියාවේ 'විසිදැල' ද මොකක්ද කියන නාට්‍යය පෙන්වන්න ගිහින් එහෙම උනා කියලා. මම දැක්කා පත්තරයක තියෙනවා ඒ කාලෙ අපේ රාජ්‍ය නායිකාව වෙච්චි සිරිමාවෝ රුසියාවෙ ගිය වෙලේක එයාටත් ආරාධනා කරල තිබ්බලු ඒක බලන්න. කට්ටිය හූ තියද්දි ළඟ ඉන්න කට්ටියගෙන් ඇහුවලු ඇයි කියලා.

      Delete
    5. විසිදැල නොවෙයි එහෙනම් චිත්‍රසේන ගේ කරදිය ඔපෙරාව විය යුතුයි.

      Delete
  23. මම නම් සිංහල කුණු හරුප ඉගෙන ගත්තේ විශ්ව විද්‍යාලයේ නමුත් ඉග්රීසි කුණු හරුප හැමෝම ඉදිරිපිට කිසිම ගණනක් නැතිව කියන්නට පුරුදු වුනේ ඔස්ට්‍රෙලියාවෙදී ...

    ReplyDelete
    Replies
    1. ලයිව් රේඩියෝවල ඩිලේ එකක් සහ බීප්, බීප් ස්විච් එකක් තියෙන්නේ ඒ නිසා විය යුතුයි.

      Delete
  24. සයිබර් අවකාශයට පුක යනු කුණුහරපයක් නොවේ ය යන්න හදුන්වාදුන් පෙර ගමන්කරු ඔබ ය. එසේම පෝස්ටුවේ තර්කයේ ද කිසි වරදක් නැත.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.