Thursday 22 September 2016

350. අජිත් පැරකුම් ජයසිංහ ගේ මිතුරු ජයතිලක බණ්ඩාරගෙන් මා නෑසූ ප්‍රශ්නය - An evening with Jayathilaka Bandara


සැප්තැම්බර් එකොළොස්වෙනි දා සවස් වරුවේ සිනුවර තදාසන්නයේ පිහිටි අනු නගරයක් වන පැරමටා හි දී පැවැත්වුණු ජයතිලක බණ්ඩාර සමග සන්ධ්‍යාවක් නම් සංගීත ප්‍රසංගය සහ සාකච්ඡාව අවසානයේ දී එළැඹි තේ පැන් සංග්‍රහය අතරතුර මා ඇමතු නාලිකා පද්මසේන කෝ රසික ඔය ජයතිලක බණ්ඩාරගෙන් ප්‍රශ්නයක් ඇහැව්වේ නෑ නේ, මං නං හිතුවේ රසික ප්‍රශ්නයක් අහවිය කියලා යැයි පැවසුවා ය.

මම මුවින් නොබැණ මද සිනහවක් පෑවෙමි.

ජාතික සමගිය වෙනුවෙන් තම ගායන ප්‍රතිභාව මුදා හරින ගායක ජයතිලක බණ්ඩාර ගේ ඕස්ටේ‍ර්ලියානු සංචාරය මෙන්ම සිනුවර ප්‍රසංගය ද සංවිධානය කර තිබුණේ ඕස්ට්‍රේලියාවේ පිහිටුවා ඇති ලංකාවේ ජාතික සමගිය සඳහා වූ සංවිධාන කිහිපයකිනි. ඔවුන් ගේ ඒ සද්කාර්යය නිසා මා එදා ඒ සෑදෑ වරුවේ පුරා පැය දෙකක් ගී සහ ඒ පිළිබඳ පූර්වකථන පුරෝකථන අසමින් ලැබුවේ වෙන කිසි දිනෙක නොලැබූ ආකාරයක වින්දනයකි.

අසූව දශකයේ පමණ සිට සිතාර් වාදකයෙකු, ගුවන් විදුලි ශිල්පියෙකු, ගුවන් විදුලි ශිල්පියෙකු, සහය ගායකයෙකු සහ නිවේදකයෙකු ලෙස කටයුතු කර ඇති ජයතිලක බණ්ඩාර වැනි ප්‍රවීණයෙකු පිළිබඳව මා මුලින් ම ඇසුවේ මෑතක දී බ්ලොග් හරහා ය. අජිත් පැරකුම් ජයසිංහ ගේ W3Lanka සහ දයානන්ද රත්නායක ගේ අස්වැන්න බ්ලොග් සටහන් අතර ජයතිලක බණ්ඩාර ගැන ලිපි තිබුණි (පහත ප/ලි කොටස බලන්න). ඒ හරහා මා ඔහු ගේ ගායනා කිහිපයක් ද අසා රස විඳ ඇත්තෙමි.

ඒ සමගම පසුගිය ජඩ දශක භීම සමය අවසානයේ ජනතාව පෙළ ගැස්සවීම සඳහා තම සාධු ජන රාව නම් ගී ප්‍රසංගය පවත්වමින් රටවටා ගිය ජයතිලක බණ්ඩාර ගායකයාට පසුගිය රෙජීමයේ බත් බැලයින් ගේ මෘග ප්‍රහාරයකට ලක්වීමට සිදුවුණු බව ද මම එකල ප්‍රවෘත්ති මාර්ගවලින් දැන ගත්තෙමි.

මා මේ ප්‍රසංගය නරඹන්නට ගියේ ඒ කාරණා නිසා මිස සංගීත රසයක් විඳීමේ මූලික අරමුණකින් නොවේ. මා කලින් දිනයක කියූ පරිදි පුටුවල වාඩි වී අමුවේ ම කරන සංගීත ශ්‍රවණය මම ප්‍රිය නොකරමි. ඒ පිළිවෙතේ එකම ව්‍යතිරේකය නම් වාහනයක් පදවමින් දුර ගමණක් යන අවස්ථාවයි.

කරුණු එසේ වුවද, එදා ජයතිලක බණ්ඩාර සමග සැඳෑවේ ගත කළ දෙපැය නම් ඉතාමත් මනහර අත්දැකීමක් විය.

ඔහුගේ කටහඬ ඉතා ගැඹුරු ය. එසේම ඉතාමත් ලයාන්විතය. යම් ශෝචනීය ස්වරයක් ඒ කටහඬේ ගැබ් වී ඇත. නමුත් එය ගෙන දෙන්නේ ශෝක රසයක් ම නොවේ. යම් වීරත්වයක් ද එහි ඇත. බලාපොරොත්තුවක් ද සිත තුළ ජනිත කරවයි.

සාමාන්‍යයෙන් ගායක ගායිකාවන් තමන් ගේ ගී ගායනයට පෙර කෙරෙන විසුළු කතා එමට අසා ඇති මට, ජයතිලක බණ්ඩාර විසින් ඉදිරිපත් කළ තමන් ගේ ගීත පිළිබඳ පෙර කතා, කෙළින්ම අසන්නන් ගේ හදවත ඇමතු, සවන පිනවූ එසේම හදවත පිරවූ සාරගර්භ ආඛ්‍යාන ම විය.

ජීවිතයේ මුල්වරට දෝ මම කලාකරුවෙකු සමග ඡායාරූපයක් ගත්තෙමි!



ප්‍රසංගය අවසානයේ මට ඇති වූ එකම කනගාටුව නම්, ඔහු ගේ ඒ ගී ඇතුළත් තැටියක් මිල දී ගැනීමට නොතිබීමයි. එවැනි නිෂ්පාදනයක් තවමත් කෙරී නැති බව ජයතිලක බණ්ඩාර ඔහුගෙන් ඇසුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස පැවසී ය.

කෙසේ වෙතත් ගත වුණු දින කිහිපය තුළ යුටියුබයේ උදව්වෙන් ජයතිලක බණ්ඩාර ගේ ගී කිහිපයකටම යළිත් සවන් දීමට මට හැකි විය. එදා ප්‍රසංගයේ දී මට පටිගත කර ගන්නට ලැබුණු විනාඩි කිහිපයක හඬ පටයක් මම ද යූ ටියුබයට එක් කළෙමි.



ඒ විනාඩි කිහිපයේ දී, ජයතිලක බණ්ඩාර අපේ සහෘද බ්ලොග්කරු අජිත් පැරකුම් ජයසිංහ පිළිබඳව යම් සඳහනක් ද කරයි.

එදා මට පටිගත කර ගත නොහැකි වූ තෙන්නමරම් කලපුව නම් ගීතය යළි අසන්නට තවමත් සොයමි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
අජිත් පැරකුම් ජයසිංහ සහ දයානන්ද රත්නායක ලියූ මේ ලිපි ද එකතු කරමි.

1. සාම දේශපාලනය හා සමාජවාදය: සාදු ජන රාවයේ ජයතිලක බංඩාර නම් දේශපාලන සත්වයා - http://www.w3lanka.com/2013/11/blog-post_21.html

2. අප එක් විය යුත්තේ ජයතිලක බංඩාර වැනි මිනිසුන් සමග ය - http://www.w3lanka.com/2014/12/blog-post_22.html

3. ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා - මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා - http://www.w3lanka.com/2013/04/blog-post_7.html

4. හඬක් නැති මිනිසුන් වෙනුවෙන් නැගෙන ගී හඬ - http://aswanna.blogspot.com.au/2013/03/blog-post_20.html

37 comments:

  1. නාලිකා පද්මසේන කියන්නෙ කවුද කකා?

    ReplyDelete
    Replies
    1. සිනුවර වාසය කරන්නියක්. Nalika Padmasena කියා Google කර සොයා බලන්න

      Delete
    2. බොහොම ඉස්සර දැන අඳුනගෙන හිටියා. අවු 25 කින් විතර හමුවෙලා නෑ

      Delete
    3. Pra Jay - ඩ්‍රැකියුලා ඉස්කෝලේ දී නේද?

      Delete
    4. ගිනි විද්‍යාලයේ

      Delete
  2. ජයතිලක බණ්ඩාර සැබෑ ජනතාවාදී කලාකරුවෙක් බවයි අසා තිබෙන්නේ.

    ඔය පූර්වකථන/prologue (පුරෝකථන/forecast නෙවෙයි නේද ?) නම් ගොඩක් වෙලාවට ඝෝෂාවක් තමයි. ගීතයක (හෝ ලියවිල්ලක) අන්තරගතයට කෙලින්ම යොමු කෙරෙන විකාරරූපී නොවෙන හැදින්වීම් දකින්නට ලැබෙන්නේ කලාතුරකින්.

    ඔබේ සබැඳියෙන් දැක්වෙන්නේ අපූරු ගීතයක්.

    ReplyDelete
    Replies
    1. ගයන්නට නියමිත ගීත ගැන කෙරුණු මා අසා ඇති වඩාත්ම සිත් ගන්නා පුරෝකථන තමයි මේ!

      Delete
    2. එම භාවිතය ගැන දැන සිටියේ නෑ. ස්තුතියි.

      Delete
    3. සමාවෙන්න. ඔබ හරි මා වැරදියි, කෙතරම් වැරදි ද කියනවා නම්, ඔබේ මේ දෙවෙනි කමෙන්ටුව දකින තුරු මට ඔබෙ මුල් කමෙන්ටුවේ අදහස නිසි ලෙස වැටහුණේත් නෑ.

      බොහොම ස්තුතියි.

      පුරෝකථන නොව පූර්වකථන තමයි මෙතැනට අදාල වචනය.

      Delete
  3. රසවත්විස්තරයක්.. තෑන්ක්ස්

    ReplyDelete
    Replies
    1. ගී සැඳෑවේ රසයෙන් කොටසක්!

      Delete
  4. ඉස්තුති ඔහු ගැන කිව්වට :)

    ReplyDelete
  5. අද නම් හොඳ ලිපියක්. ජයතිලක බණ්ඩාර සෙල්ලම් පිස්තෝලයාගේද ප්‍රහාරයට ලක්වුන වග අසා තිබේ.

    ReplyDelete
    Replies
    1. ජයතිලක බණ්ඩාර අදටත් ජනතාව එක්ක පාරේද දන්නේ නැහැ. පිස්තෝලයා නම් ඔන්න දැන් බෙලිඅත්ත ආසනයේ නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක.

      Delete
    2. ස්තුතියි හැලපේ, ඊයේ මා ලියූ ජයලත් මනෝරත්න ගේ ගුරු තරුව ගැන සඳහන් ලිපියට හැලපේ කැමති නෑ වගේ?

      ලැබෙන අත්දැකීම් මත නේ ලියන්නේ.

      Delete
    3. සෙල්ලම් පිස්තෝලයා හැමදාම රජ මැදුරේ.

      ජයතිලක බණ්ඩාර හැමදාම මහමග!

      Delete
  6. ජයතිලක බණ්ඩාර ගැන මෙහෙමවත් ලියවෙන එක ලොකු දෙයක්. සාධු ජනරාව කරන්න ඉස්සෙල්ලා, කාලයේ රාවය කියලා වැඩ සටහනක් කරා කපුගේ සහ දිවුල්ගනේ සමග. මට මතක විදිහට ඒ නිසා වැඩ තහනමකටත් ලක්වුනා. හැමදාම අඩන්තේට්ටම් වලට ලක්වුනු මොහු තම ගමන අතහැරියේ නැහැ. සමාජ සාධාරනත්වය වෙනුවෙන් පෙනී සිටීම නිසාම ඔහුව මට වීරයෙක්.

    වංකගිරියේ විසල් අරණේ කියන ගීතයට මම හරිම කැමතියි.

    ජයතිලක බණ්ඩාර සහ දයානන්ද රත්නායක ඉන්න රූපවාහිණි වැඩ සටහනක් බැලුවා මීට ඉහතදි.ඒක හොඳ සාකච්ඡාවක්.

    ReplyDelete
    Replies
    1. සෙල්ලම් පිස්තෝලයා හැමදාම රජ මැදුරේ.

      ජයතිලක බණ්ඩාර හැමදාම මහමග!

      Delete
  7. අවාසනාවට මා ජයතිලක බණ්ඩාර කියන ගායකයාගේ ගීත අසා නැති අතර ගීත ඇසූ අයකුද මෙතෙක් මට හමු නොවීය.

    ඔය ජයතිලක බණ්ඩාර සිංදු කිය කියා ඉන්නවා මිස රැකියාවක් කරන්නෙ නැද්ද? සමහරවිට දේවාර් සූරියසේන වැනි උපතින්ම ධනවතෙකු විය හැකිය.

    නැතිනම් පරකන්දෙනියේ ප්‍රාඥයා පවසන පරිද්දෙන් "පසුගිය ජඩ දශක භීම සමය අවසානයේ ජනතාව පෙළ ගැස්සවීම සඳහා තම සාධු ජන රාව නම් ගී ප්‍රසංගය පවත්වමින් රටවටා" ඔහු කොහොම යන්නද?

    සාධු! සාධු! සාධු!

    ReplyDelete
    Replies
    1. @ Anonymous22 September 2016 at 20:33,

      යකෝ මිනිස්සුන්ට ඔහොම සූක්ෂම විදියට මඩ ගහන්න එපා! උඹ විවිධ විධියට බ්ලොග් කමෙන්ට් වල යහපාලන වාදීන්ට මඩගහනවා. කමක් නෑ. මචං උඹට පට්ට විදියට subject ගානක් ගැන ලියන්න පුළුවන් එකෙක්. උඹ රාජපක්ෂ දේශපාලනය කරන ගමන් උඹේ talent එකෙන් ප්‍රයෝජන ගනින් හොඳ වැඩ වලට.

      Delete
    2. Anonymous22 September 2016 at 20:33,

      හරි මචං !,

      මචං ජයා ගැන එහෙම කියන්න එපා. ඌ කපුගෙ වගේම හිත හොඳ ගොනෙක්. ලොකු දේවල් ඌ තියා දිවුල්ගනයවත් දන්නවද බං ? ජයා හැමදාම කලේ කඩේ යන එක හැම විරුද්ධ පක්ෂේකටම.

      මචං ඒකාලේ ඔය කම්මල් - වීරය වගේ එවුන් ඔය 90 ගණන් වල මුල මැද හරියේ උගේ ඔලුවට දාපු අදසක් තමයි ඌ ලංකාවේ වික්ටර් හාරා කියන එක.මූ ඒ ඇන්දිල්ල අදත් ඇඳගෙන්නේ ඉන්නේ.

      හැබැයි ඉතින් මුව ඉස්සරහට දාල කම්මල් - වීරය හෙම හොඳට ගයිඩ් වැඩේ කල්ල සුද්දන්ගෙන් ගාන කපනව.

      මචං මේ ජයාල වගේ එවුන්ට නිකං ඔසී ට්‍රිප් එකක් වැදුනම ආයිත් අහල ගොඩයට මැජික් වගේ.

      ඉතිං ඔය ඔසී SL ඩයස්පෝර බුවාලත් එහෙ පොරවල් නෙමෙයින. එහෙ දෙමල ඩයස්පෝරාව ඉතා බලවත් හරියට ඇමරිකාවේ යුදෙව් ඩයස්පෝරාව වගේ.

      අපේ මහ ලොකු "සිංහල - දෙමල සංහිඳියා ක්‍රියාකාරීන්" වැඩි පිරිසක් වැඩ කරන්නේ දෙමල boss ලා යටතේ. ඉතින් උන්ටත් ඉවසගෙන රස්සාව බේරගන්න නම් සංහිඳියා පොරක් වෙන්න වෙනවා.

      ඉතින් මුන් කාලෙන් කාලෙට "ශ්‍රී ලාංකික වෙන්න වික්ටර් හාරලා එහෙ ගේනවා" සුද්දන්ට රැඩිකල් බව පෙන්වන්නත් දෙමල boss ලාගෙන් ලකුණු දාගන්න්නත්.ඒ ගැන බ්ලොග් පඩන්ගුත් ලියනවා අරුන්ට පෙන්නන්න.

      ඉතින් ජයතිලක බණ්ඩාර කියන්නේ හුදු විදේශ සංචාරයක ඉත්තෙක් වෙලා විදෙස්ගත අනුන්ගේ භෞතික යහපත වෙනුවෙන් කඩේ යවන සැලකියයුතු හැකියාවෙන් යුතු කලාකරුවෙක්.

      Delete
    3. @ Anonymous 22 September 2016 at 20:33

      ඇනෝ මිත්‍රයා,

      ජයතිලක බණ්ඩාර ඉපදී ඇත්තේ 1953 දී ය. ඔහු පාසල් සිසුවෙකු ලෙස 1971 කැරැල්ල කාලේ, දිවුල්ගනේ වැනි අය සමග අත්අඩංගුවේ සිටි අයෙකි.

      දැන් වයස 63 ක් නිසා, විශ්‍රාමිකයෙකි. කලින් රජරට සේවයේ සේවය කර ඇත.

      "සිංදු කිය කියා ඉන්නවා මිස රැකියාවක් කරන්නෙ නැද්ද?" යනුවෙන් ඔබ පවසන දේ වයස 63 අයෙකුට කිසි සේත් ම අදාල නැත.

      අමරදේවගෙන් එවැනි ප්‍රශ්නයක් 1970-77 හිටපු සංස්කෘතික ඇමති ඇසුවාලු!

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. වෙනත් බණ්ඩාර කෙනෙකු ගැන ලියවුණු අදාල නැති කමෙන්ටුවකින් උපුටා ගත් කොටසක් මෙහි යෙදා තිබී කපා හැරියෙමි.

      Delete
  8. රසික පුතේ,

    පුතා අර පින්තූරෙ දාගෙන ඉන්න තොප්පිය හරි ලස්සනයි. එව්වට කියන්නේ මොන තොප්පි කියලද? මටත් බැරිද එකක් එවන්න පුතාගේ ගානේ.

    මම මන්න පෝතලන් මාමා

    ReplyDelete
    Replies
    1. "_ _ පාර නවතන්න
      බිත්තියට තද කරල
      තොප්පියට වුනු හදිය
      මතකයි..."

      උපුටා ගැනීම "අපෙ පන්තියේ උන් දමයන්තිගේ _ _ _" ගීතයෙනි.

      Delete
    2. ඔව් ඔව් රසික පුතේ,
      තොප්පිය ආරක්සා කොරගන්න ඕන.තොප්පිය තව මොහොකින් හරි වහල පාවිච්චි කළොත් හොඳයි.
      -මීට කිරිඅප්පු මුත්ත

      Delete
  9. @ Anonymous22 September 2016 at 20:33,

    යකෝ මිනිස්සුන්ට ඔහොම සූක්ෂම විදියට මඩ ගහන්න එපා! උඹ විවිධ විධියට බ්ලොග් කමෙන්ට් වල යහපාලන වාදීන්ට මඩගහනවා. කමක් නෑ. මචං උඹට පට්ට විදියට subject ගානක් ගැන ලියන්න පුළුවන් එකෙක්. උඹ රාජපක්ෂ දේශපාලනය කරන ගමන් උඹේ talent එකෙන් ප්‍රයෝජන ගනින් හොඳ වැඩ වලට.

    ReplyDelete
  10. සිංහල බ්ලොග් අවකාශයට අනූපමේය සේවයක් සිදුකරන ඇනෝ වරුන්ගේ දායකත්වය අගැයීමට සුහද හමුවක් සංවිධානය කර ඇත. එය 25 ඉරිදා 6 සිට 11 දක්වා කොලඹ දිස්ත්‍රික්කය තුල ඇති හෝටලයකදී පැවැත්වේ. කිසිදු ප්‍රොෆයිල් කරුවකුට මේසඳහා ආරාධනා කර නැත. තවද ප්‍රොෆයිල් කරුවන් ඇනෝවරුන් කවුදැයි සොයාගැනීමට මෙම ස්ථානයට පැමිනීමේ ඉඩ කඩ අහුරනු වස් ස්ථානයේ නම ප්‍රසිද්ධියේ සටහන් නොකෙරේ. මේ සඳහා සහභාගීවීමට කැමති ඇනෝවරුන් වෙනත් ඇනෝවරයෙකුගෙන් අදාල ස්ථානය ගැන විස්තර ලබාගන්න. ඔබ ඇනෝ වරයෙකු ලෙස තහවුරුකිරීමට ඔබ දමන ලද ඇනෝ කමෙන්ට් කිහිපහයකවත් මුද්‍රිත පිටපත් රැගෙන එන ලෙසද කිසිලෙසක ජාතික හැඳුණුම්පත වෙන අනන්‍යතාව හෙළිවන දේවල් රැගෙන නො එන ලෙසද සංවිධායක මණ්ඩලය දන්වා සිටී. හමුවේදී ඡායාරූප ගැනීම සපුරා තහනම්ය. විදේශ වල සිට ස්කයිප් හරහා සහභාගී වීමට කැමති ඇනෝවරුන් ලංකාවේ ඉන්නා ඇනෝ කෙනෙකුගෙන් අදාල ස්කයිප් ලිපිනය ලබාගන්නා ලෙසද දන්වමු. මීට සංවිධායක මණ්ඩලය

    ReplyDelete
    Replies
    1. මම කලින් බ්ලොග් එකක් ලියුවා... බරට ඇනෝ කොමෙන්ට්ටුත් දැම්මා... කීප දෙනෙක් එක්ක ප්‍රොෆයිල් එකෙන් වලි දාගත්තා...

      මම පොර උනා.... මේ ලඟදී කෙහෙල් ගහකට කෙටුවා... හොට පැටලුනා.... "කොහොමද කෑම" කියලා අහන්නම කෑවා.... දැන් ඇනෝ කොමෙන්ට් හල හල යනවා....

      මට නිශ්චිත ආදායම් මාර්ගයක් නෑ... පාටියට දෙන්න සල්ලි නෑ... මට මේකට එන්න පුළුවන්ද?

      Delete
    2. සුභාවිත ගීතයේ බිඳවැටීමට වගකිවයුත්තේ ගායකයන් පමණක් නොවන අතර සංචාරක ව්‍යාපාරයේ බිඳවැටීමට වගකිවයුත්තේද සංචාරකයන් පමණක් නොවේ.

      Delete
    3. සංචාරක ව්‍යාපාරයේ බිඳවැටීමට වගකිවයුත්තේ ගයිඩ් ලාය.

      Delete
  11. ජයතිලක අයියා ගැන අපූරු සටහනක්. ස්තුතියි.

    ReplyDelete
  12. ජයතිලක අයියා කියන මේ කවිය මම ලිව්වේ 1995දීයි. ඒ කාලෙ මම ඒ පැත්තේ ලංකාදීප හා යුක්තිය පත්තරවල වාර්තාකරු. වැලිඔය කඳවුරට කොටින්ගේ කාන්තා බලකායේ සෙබළියන් එල්ල කළ ප්‍රහාරය අසාර්ථක වෙලා කොටි කාන්තා සෙබළියන් සිය ගණනක් (300-600?) මිය ගියා. ඒ මළ මිනී වැලිඔය ආරක්ෂක මූලස්ථානයට ගෙනැවිත් බාන වෙලාවේ මම එතන. එදා ඒ වාර්තාවත් අරගෙන මම එදා රෑ කෝච්චියෙන් කොළඹ ආවා. සීට් ලැබුණෙත් නැහැ. අනුරාධපුර දුම්රියපොළේ බිම වාඩි වෙලා මායි, සරත් ජයවර්ධන කියන මගේ යාලුවායි කෝච්චිය එනකල් ඉඳිද්දියි මේ මුල් පද හිතට ආවෙ. තරුණ ගැහැනු ළමයින්ගේ සුණු විසුණු වුණු මළ සිරුරු එච්චර ගොඩක් දැකපු එකෙන් හිත පුදුම විදියට තෝන්තු වෙලායි හිටියේ.

    ReplyDelete
  13. 'සීතලද බලන් මේ උණු කඳුළු යාපනේ' කියන්නෙ මෙයා නේද? අභිමංසල ගාවින් යනකොට මට ඒ සිංදුව මතක් වෙනවා.
    ජයවේවා..!!

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.