Friday 21 November 2014

ජනාධිපතිවරණයේ නැකත් බැලිල්ල නොහොත් රටට එදිරිව මම - Country Vs I


ඉහත ඡායාරූපය මා දුටුවේ අද උදයේ අන්තර්ජාලයේ සැරිසරද්දී ය.

එයින් දැක්වෙන්නේ ලංකාවේ ජනාධිපතිවරණය (නියමිත කාලයට කලින්) කැඳවීම සඳහා වූ ගැසට් නිවේදනයට අත්සන් තැබීම සඳහා සුභ මොහොත හෙවත් නැකත එලැබෙන තුරු සිය අත් ඔරලෝසුවලින් වේලාව බලමින් සිටින ජනාධිපති සහ ජනාධිපති ලේකම් ය.

මේ දර්ශනය දුටු විට මගේ හිතට නැගුණේ දැඩි දුකකි, කණගාටුවකි, අපුලකි.

එයට හේතුව නම්, ලංකාවේ සිදුවෙන දේ තීරණය වෙන්නේ කොහේවත් ඉන්නා නක්‍ෂත්‍රකරුවන් ගේ කැමැත්ත අනුව නොවේද කියා සිතට නැගුණු සිතුවිල්ලයි.

මේ ගැන මා මගේ ෆේස්බුක් පිටුවේ මෙසේ සටහන් කළෙමි.
ලංකාව දියුණු රටක් වීමට නම් (රාජ්‍යය සහ ආගම් පමණක් නොව) රාජ්‍යය සහ නක්ෂත්‍රය (ද) වෙන් විය යුතුය.
A country where the State is separated from (religion and) astrology is a developed country...!
මේ පුද්ගලික කටයුත්තක් නොවේ. රටටම බලපාන රාජකාරී කටයුත්තකි. ඔය ආකාරයට නැකතක් බැලිය යුතු යැයි කියා ව්‍යවස්ථාවේ කිසිසේත්ම සඳහන් නොවෙන බව අමුතුවෙන් කිව යුතුද?

මම නක්‍ෂත්‍රය විශ්වාස නොකරමි. බිරිඳ ද එසේම ය. අප තීරණ ගන්නා මගේ හෝ අපේ පවුලේ වෙනත් අයගේ කටයුතුවලට නැකැත් කිසිසේත්ම අදාල නොවේ.

මගේ අදහස අනුව නැකත එළැඹෙන තුරු ජනාධිපතිවරයා සහ ලේකම්වරයා කරන මේ විනාඩි කීපයක් හෝ කාලය මැරීම යනු මහා නාස්තියකි. මේ අයගේ සහ පිරිවර සේනාවේ පඩි නඩි සලකා බලන විට ඒ නාස්තිය රුපියල් ලක්‍ෂ ගණනක් වෙනු ඇත.

එසේ නැතුව නක්‍ෂත්‍රය නිවැරදි විද්‍යාවක් යැයි මොහොතකට සිතමු.

එසේ නම් මේ ජනාධිපතිවරයා කරන්නේ තමා ද අපේක්‍ෂකයෙක් ලෙස ඉදිරිපත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නීති උල්ලංඝනය කෙරෙන තමන්ට වාසිදායක පාක්‍ෂික ක්‍රියාවක් නොවේද? ඒ මේ නැකත සාදා ඇත්තේ අනිවාර්යෙන්ම ජනාධිපතිවරයා ගේ පුද්ගලික කේන්දරයට අනුව ඔහුට වාසිදායක වෙන පරිදි නිසාය.

සමහරවිට විරුද්ධ පක්‍ෂයෙන් ඉදිරිපත්වීමට නියමිත අයෙක් නිවරදිව දන්නේ නම් ඒ පුද්ගලායා ගේ කේන්දරයට අපල කාලයක්ම තෝරා ගන්නටද ඉඩ ඇත.

මා මිතුරෙකු සමග අද දවල් කාලයේ දී කතා බහ කරද්දී මේ ගැන සඳහන් කළෙමි.

"නැකත් කියන ඒවා නිවරදි විද්‍යාවක් නම්, ඔය අත්සන ගහන්න තිබුණේ ලංකාවේ කේන්දරය බලා, ඒ කේන්දරයට සුභ නැකතක් හොයා, ඒ අනුව නොවේද?" මම ඔහුට කීවෙමි.

"මෝඩ කතා කියන්න කියවන්න එපා රසික!" මිතුරා කීවේය. "රටට සුභ නැකතකින් අත්සන් කරන්න තරම් මෝඩ මොන ජනාධිපතිද? එහෙම ලංකාවට සුභ නැකතකින් අත්සන් කළොත් රට දිනනවා කියන්නේ මිනිහා පැරදෙනවා කියන එකනේ!"

මට කට උත්තර නැතිවිය.

-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)

ප/ලි:
රට දිනවමු!

47 comments:

  1. VERY GOOD POST. MARA THINKS ABOUT HIMSELF ONLY. NOT ABOUT THE COUNTRY

    ReplyDelete
    Replies
    1. කැප් අංකල් මොකෝ අද ෆුල් සීරියස්

      Delete
    2. රටේ ජනාධිපති ලා ගේ පොදු තේමාව
      රට දිනුවොත් මං පරාදයි
      මං දිනුවොත් රට පරාදයි!

      Delete
    3. මම අවබෝධ කරගත්ත දෙය නම් මොන පරයා මොන මාදිලියෙ බ්ලොගක් මොන මුහුනුවරින් ගෙනාවත් ඒ වට උඩගෙඩි දෙන්න, හෝයියා ගහන්න, ග්ලෝරිෆයි කරන්න කට්ටියක් මේ බ්ලොග් අවකාශයේ සැදී පැහැදී ඉන්නවාය කියන එක.

      Delete
  2. යාළුවා කියපු එක තමයි මටත් කියන්න තියෙන්නේ. අනික අපිට මේක විවේචනය කරන්න පුළුවන් මහින්ද වෙනුවට එන්න ඉන්න උන් මේවා පිලිගන්නේ නැත්නම්. ඒත් එයාලත් එකම බෝට්ටුවේ. ඕක මොකක්ද රසික සංඝ්‍යාවහන්සේ නමක් ජනාධිපති කරන්න යන බුද්ධිමතුන් යයි කියනා උන් ඉන්න රටකට. බෝල මිරීකීම අවඥාවට ලක් කරන උන් නෙමෙයි ඉන්නේ. පුළුවන් නම් ඒ ජාතියේ බෝලයක් තමන්ටත් ලබා ගන්න දත කන උන්.

    ReplyDelete
    Replies
    1. සංගයා වහන්සේ ජනාධිපති කරන්න උත්සහ කරන්නේ කවුද මාතලන්? භික්ෂුන් වහන්සේලා පොදු අපේක්ෂකයෙක් බලයට ගෙන ඒමේ ව්‍යාපාරයේ ඉන්නවා පමණයි .ඔබට ඇත්තේ මහින්ද රාජපක්ෂට එරෙහිව බලයක් ගොඩ නැගීම පිලිබඳ සිත් තැවුලක් මිස අන් යමක් නොවේ.

      Delete
    2. මේ මාතලන් කියන්නේ නිර්මාල් රංජිත් දේවසිරි ගැනයි. කෙසේ වෙතත් දැන් ඒ කේස් සේරම තීන්දුයි නේ! සංඝයා නොවෙයි එන්නේ මෙතේ බුදුන්!

      Delete
    3. මාතා දෙන්නේ වැරදි මතයක්. ඇනෝ කියන කතාව හරි. හාමුදුරුවෙක් හිටියේ ඒ ව්‍යාපාරය තුලින් ඒ අදහස තුල. දැන් ඒ කතාව ඉවරයිනේ. එකම දේ පට්ට ගහන්නේ මොන උවමනාවකින්ද කියන කාරනය මතුවෙනවා.

      Delete
  3. ඔය යාළුවා කිව්ව කතාව මීට කලින් ෙමාකක් හරි ඒකක ගියා මට මතක නෑ..

    ඔයැයි නැකැත් ෙනාබැලුවාට අපිට කමක් නෑ. ඒ්ත් අෙප් ෙලාක්කා සුමනකාමෙගන් නැකැත් ෙනාෙගන වැෙඩ්ට බහිනවට අපි විරුද්ධයි.. හැක්

    ReplyDelete
    Replies
    1. සති දෙකකින් අමතක වෙනවා නේන්නම්! ඒ මතක නැති දේවල් අමතක කරලා අද ඉඳන් මෙතැන මතක තියා ගන්න.

      Delete
  4. අනේ කකෝ උඹත් මම හම්බ කරගෙන කන සාස්තරේට ගහන්න පටන් ගත්තා නේද? මීට කලියෙන් පැරා මගේ කුරුලු හදවතටයි මගේ ආදරණීය යක්ෂණීටයි දෙකටම ගහලා ඊට පස්සෙ අහනවා අනේ පැටියෝ මං උඹේ ෆේස්බුක් යාලුවෙක් නේද තරහ නෑ නේද කියලා. ඔන්න ඔය වෙලාවට තමයි මට උඹලාව සෙංකොට්ටං කරන්න හිතෙන්නෙ. මට ගැහුවත් කමක් නෑ උඹලාට මං හම්බු කරන් කන සාස්තරේට නොගහා ඉන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. මොන කාලසර්පයෙක් ද මේ?

      Delete
    2. මූ නම් පොත් සාප්පුවක අයිතිකාරයෙක්ද කොහෙද......රසිකත් පොතෙන්ම උත්තර දීලා තියෙන්නේ.

      Delete
  5. මොනව කරන්නද කේන්දරකාරයන් රජ කරන රට නෙව. මේව බලාපොරොත්තු වෙන්න ඕන දේවල්.
    අනිත් පැත්තට ලංකාවේ මැතිවරණ වලට තරග කරන ප්‍රතිවාදීන්ට සිදුවෙනව අවාසිය මැඩගෙන තරග කරන්න. මේක නිකං අර ඉන්දියාවෙදි ඉන්දියාවට ගහනව වගේ ගේමක්.

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් ගැන කිව්වෙ

      Delete
    2. ඉන්දියාවට ඉන්දියාවෙදීම ගැහිල්ල වගේම තමයි පක්‍ෂයේ ලේකම්ම නායකයා එක්ක තරග වැදීමත් නේද?

      Delete
    3. //ඉන්දියාවට ඉන්දියාවෙදීම ගැහිල්ල වගේම තමයි පක්‍ෂයේ ලේකම්ම නායකයා එක්ක තරග වැදීමත් නේද?//
      නෑ.. හොඳ ඉන්දියන් කාරයෙක්වම තමංගෙ පිලට දාගෙන ඉන්දියන් ටීම් එකට ඉන්දියාවෙදිම ගහනවා වගේ. (උදා: වර්ල්ඩ් කප් එකේදි ඉන්දියාවට එරෙහි ක්‍රිටිකල් මැච් එකකදි එංගලන්ත ටීම් එකට රවි බොපාරා දැමීම වගේ)

      Delete
  6. මේ ලඟදි අවනත ආටිගල ඇඳලා තිබ්බා මරු කාටුන් එකක්. මුළු රටම යන්නේ නැකත්කාරයෝ පස්සේ කියලා!

    ReplyDelete
  7. නිදහස් රටක් සහ නිවහල් රටක් යනු දෙකක් නේ?

    ReplyDelete
    Replies
    1. නිදහස් කියන්නේ free, නිවහල් කියන්නේ independent..!
      එහෙම බැලුවොත් දෙකෙන් එකක්වත් නෑ.

      Delete
  8. යාලුවා දුන්න උත්තරේ එල ද බ්‍රා

    ReplyDelete
  9. රසිකලොජිස්ට්, ලොජිකල් නොවන දේ ගැන වාද කල නොහැක. අන්ධවිශ්වාස / අර්ධ අන්ධවිශ්වාස/ මිත්යා විශ්වාස ආදියෙහි එල්බගෙන සිටින්නා සැමවිටම වාදයෙන් දිනයි. මක්නිසාදයත් වාද කල හැක්කේ තර්කකිරීමෙන් බැවිනි. අතාර්කියකෙක් සමග වාද කල නොහැක. අවසාන ආයුධය වන්නේ " ඕවගෙත් ඇත්තක් තියෙන්න පුලුවන්" . එතකොට අපි හ්ම්ම් කියල මාරුවෙන්න විතරයි තියෙන්නෙ. දුක හිතෙනවා, හිනහ යනවා, සමහරවිට තරහත් යනවා, ඒත් කරන්න දෙයක් නෑ

    ReplyDelete
    Replies
    1. රාවණාවාදී මීවනපලානේ ජයරත්න ගේ අහියෝගය තමයි, හොඳයි ඕවා බොරු නම් ඔප්පු කරල පෙන්වන්න කියන එක!

      Delete
    2. හැක්.. අනේ අම්මප හිනාව නවත්තගත්තේ අමාරුවෙන්..

      Delete
  10. ප්‍රේමදාස ඇරුනම මේ රටේ වැඩිපුරම නැකත් ගුරුකම් පස්සේ ගියපු නායකය තමා මහින්ද .සමහර විට ප්‍රේමදාසට එහා ගිහින් නැකත් ගුරුකම් නිසා කෝටි ගණන් නාස්ති කලත් මේ රටේ උන්ට වගක් වත් නැත්තේ මේ පොදු ජන වින්ඥනය නිසා.රෙන කකුස්සි කට තියන්නත් නැකත් බලන උන්ට නායකයා මන්තර මත්තේ දුවනා එකෙක් විම ආඩම්බරයක් .සුද්දා අපිට ගවුම් කලිසම් ඇන්දුවට ඒවා ඇඳන් ඉන්න විදි ඉගැන්නුවේ නැහැ.ඒ හින්දා අපි තාමත් කලිසං උඩින් සරොං අඳින කොමිටල්.කොටින්ම මේ බ්ලොග් අවකාශේ ලිබරල් භෞතිකවාදී ටෝක් වපුරන අයියලා කේන්දර බලන ඇඩ් ඒ අස්සෙම දාන්නේ එහෙවු කොමිටල් රටක් රසික මේ.ඒ ඒ බනිසට ඒ ඒ කෙහෙල් ගෙඩි!මෙහවු ජනයාට එහෙවු නායකයින්!

    ReplyDelete
    Replies
    1. පුද්ගලික ඇදහිලි ගැන මට ප්‍රශ්ණයක් නැත. රජයේ වැඩවලට ඒවා මතින් තීරණ ගැනීම තමයි බලය අයුතු ලෙස භාවිතා කිරීම වෙන්නේ. ආගම මෙන්ම නක්‍ෂත්‍රයත් රාජ්‍යයෙන් එකිනෙක ඉවත් කළ යුතුයි.

      Delete
  11. රටේ පළමු පුරවැසියාම මිත්‍යාවන් එක්ක ජිවත් වෙනකොට,රටේ සමාන්‍ය ජනයා ගැන කවර කතාද?මහින්ද ජෝතිෂ්‍ය විශ්වාස කරන,නොකරන එක ඔහුගේ පුද්ගලික දෙයක් නමුත් රසික කියනවා වගේ ඔහුගේ පුද්ගලික අවශ්‍යතා උදෙසා යට කරන්නේත් රටේ මහා ජනතාවගේ මුදල්.මේ මැදමුලනේ කුබුරු වලින්,පොල් වලින් එන සල්ලි නෙමේ.ලෝකයේ අනෙක් රටවල් ඉස්සරට යද්දී අපිට පස්සට යන්න වෙලා තියෙන්නේත් මේ මිත්‍යා කරපින්නාගෙන ඉන්න නිසා.

    ReplyDelete
    Replies
    1. පුද්ගලික ඇදහිලි ගැන මට ප්‍රශ්ණයක් නැත. රජයේ වැඩවලට ඒවා මතින් තීරණ ගැනීම තමයි බලය අයුතු ලෙස භාවිතා කිරීම වෙන්නේ. ආගම මෙන්ම නක්‍ෂත්‍රයත් රාජ්‍යයෙන් එකිනෙක ඉවත් කළ යුතුයි.

      Delete
  12. සුක්කානම මෙහෙම නම්..

    ReplyDelete
    Replies
    1. සුක්කානම කැරකෙන පැත්ත අනුවයි නැව යන්නේ, ඒත් මේ සුක්කානම නොවෙයි කතාව කප්පිත්තා ගැනයි.

      Delete
  13. Can you please add a wiget to subscribe through email

    ReplyDelete
  14. මොනවා වුනත් මේ සැරේ සුමනේ කාරය හදලා තියෙන්නේ "මාරක නැකතක්"

    අස්සන් කරලා පැය විසිහතරක් යනකොට තමුන්ගේම පක්ෂේ මහා ලේකම් තමුන්ට විරුද්ධව නැගී සිටින පට්ට නැකතක් මේක..

    අහෝ රට ට වාසනාවන්..

    ReplyDelete
  15. Sumanayath Anith paththa gahalada danena.

    ReplyDelete
  16. ලෝකෙම කීම නාහන මහින්ද මාමා නක්‍ෂත්‍රකරයෙක් කියන දේ අහනවා..

    ReplyDelete
  17. මේ පින්තූරෙ දැක්කම මට මුලිම්ම හිතුනෙ, රටේ ජනාධිපති වරය විශේෂ ලිප් ලේඛන අත්සන් කරන්න්නෙ පුද්ගලික තියටර් එකේද කියල! මොකද නිල කාර්‍යාල කාමරයක රූපවාහිනියක් තිබීම සාමාන්‍ය උනාට "හෝම් තියටර් සිස්ටම්" එකක් තිබීම අසාමාන්‍ය නිසා.

    ඔය සුභ වෙලාව ගැන තියෙන පින්තූරෙට තැන්ක් මාධ්‍යවල එන්නෙ, ලොක්ක කැමතිවාටත් වඩා රටේ බහුතර මිනිස්සු එහෙම දේට කැමති නිසා. කොටිම්ම අන්තර්ජාලෙ "වශී ගූරුකම්" ඇඩ් වෙන ලංකාවක්. එහෙව් රටක ලොක්ක "හරි වෙලාවට" අත්සන් නොකලයි කියල මිනිස්සු දැනගත්තොත් ලොක්ක ගැන "වැරදියට" හිතන්නත් ඉඩ තිබ්බ.

    ReplyDelete
  18. නැකත් පත ගැනද මේ කියන්නෙ?

    ReplyDelete
  19. නියම ලිපිය රසික. මේ වගේ බහුභූත මේ වගේ මිථ්‍යාදෘශ්ඨික නායකයෝ ඉන්න රටක ව්‍යවස්තාවට ඇතුල්වෙන්නත් බැරි නැහැ. සැලැස්මක් නැති තැන සැනසිල්ල තියෙන්නේ දෙයියොයි, ආගමෙයි, නැකත් පතෙයි විතරයි. මේ ඒ ජාතියේ රාජ්‍ය නායකයෝ.

    ReplyDelete
  20. ලොක්කත් කෝකටත් කියලා වෙලාව බලන්නේ, මේ ලේකමා වත් ෂුවර් නැද්ද දන්නේ නෑ

    ReplyDelete
  21. යාලුවා සමග සම්පුර්ණයෙන් එකඟයි.

    ReplyDelete
  22. අපි නියම සිංහලයෝ විදියට අපේ ජීවිත නැකත්, බෝධි පූජා, යන්තර, මන්තර වලට භාර දීලයි ජීවත් වෙන්නේ. ඉතිං රටේ ලොක්කත් එහෙම කරන කොට එතුමා අපිට ගොඩාක් සමීප අපේම කෙනෙක් කියලා දැනෙනවා. ඒ හින්දයි ලොක්කා මේ වගේ වැඩ අපිටත් පේන්න ප්‍ර‍චාරය කරන්නේ. නැත්නම් මේවා රෙද්දක් ඇඳන් රටටම පේන්න කරන්න පුළුවන් දේවල්ද බං...?

    ReplyDelete
  23. රසිකලොජි , අර ඔය ජි බි සේනානායක ගැන රුවන් දාපු ලිපියට කොමෙන්ට් කරපු එක බ්ලොග් ලිපියක් (උත්තරයක් ) හැටියට දාන්න බැරිද?

    ReplyDelete
  24. අම්මෝ දේශපාලනේ....ඔන්න මමනම් දන්නේ නෑ මුකුත්ම..

    ReplyDelete
  25. Kaatada subha? Kaatada asubha ? Graha- chaaraya methram awichaarada ?

    ReplyDelete
  26. ඔබේ ලිපිය ලංකානිව්ස්වෙබ් එකට යැව්වා. මට මේක දැනුම් දෙන්න පොඩ්ඩක් පමා වුණා. ඒකට සමාවෙන්න.
    http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/14596-country-vs-i

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.